KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්යාත්මික ප්රඥාව සහ විශ්වීය විද්යාවේ ශාස්ත්රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Friday, April 17, 2015
Skanda Kumara Sahasra Namawali - ස්කන්ධ කුමාර සහස්ර නාමාවලී
Friday, March 27, 2015
ශ්රී නාරද ගණේෂ යන්ත්රය
Thursday, March 26, 2015
ග්රහ අපල සඳහා ප්රායෝගික යාතුකර්ම මිණුම් දඩු
Thursday, December 11, 2014
පිතෘ දෝෂ හා පිතෘ දෝෂ බලපාන ආකාරය
© M. M. Rohana Wasantha/ +94714161082/+94723430028
Tuesday, December 9, 2014
ජෛමිණි උපදේශ සූත්රයේ දැක්වෙන මරණකාරක ස්ථාන
රවි - 12
චන්ද්ර - 8
කුජ - 4, 7
බුධ - 4*, 7 (* Jataka Parijata, Volume I, Adhyaya 2, (Grahakharupagunadhyaya), Shloka 52 & 72.)
ගුරු - 3
ශුක්ර - 6
ශනි - 1
රාහු - 9
ඇඩෝෆ් හිට්ලර්
සායි බාබා
පැමිලා ඇන්ඩර්සන් ආදීන්ගේ ගුරු ග්රහයා මරණකාරකස්ථාන ගත වී සිටි අතර ඔවුන්ගේ චරිතය හා බැඳි ධර්මතාවන් ප්රශ්නකිරීම්වලට භාජනය වූ බව ඔබ දන්නා කරුණකි.
ඔබගේ කේන්ද්රයේත් ග්රහයින් සිටිනා ස්ථාන අනුව ඔවුන් මරණකාරක ස්ථාන ගත වී සිටින්නේ දැයි නැවත බලන්න. මෙම මරණ කාරක ස්ථාන ගත වූ අදාළ ග්රහයින් වෙනුවෙන් වෙන වෙනම වූ ශාන්තිකර්ම පවතින බැවින් එකී ශාන්තිකර්ම සඳහා තම තමන්ගේ කේන්ද්ර සටහන් වෙන වෙනම පරීක්ෂා කර බලා මරණකාරක ස්ථාන ගත වූ ග්රහයින් සඳහා ශාන්තිකර්ම කළ යුතු වන්නේය.
© M. M. Rohana Wasantha/+94714161082
Monday, December 1, 2014
ඔබත් තවමත් උපන්දිනය සමරන්නේ Pope Gregory-XIIIගේ කැලැන්ඩරයට අනුවද?
ඔබේ කර්මය මත ගොඩනගන විපක ධාරාව ගලායන රටාව අනුව සැලකිල්ලට ගනිමින් ආත්මය හා සිත යන ජ්යෝතිර්විද්යාත්මක සංකල්ප මත ගොඩනැගෙන උපන්දිනයක් ඔබට ඇති බව ඔබ සිතුවාද?
ඔබ උපන් වේලාවේ රවිගේ හා සඳුගේ පිහිටීම සලකා බලා තීරණය කරන චන්ද්ර දිනයක් ලෙස සලකන තිථිය පදනම් කරගෙන එම තිථිය යෙදුනේ සූර්යයා කවර රාශියක කිනම් භුක්තියක් වළඳිමින් සිටි අවස්ථවේ දැයි සොයා බලා ඒ කිනම් ග්රහයෙකුට අයත්ව තිබූ දිනයක් දැයි දිනාධිපතියා ද සලකා බලා මෙම උපන් දිනය තීරණය කරයි.
මේ අනුව එය සම්මත කැලැන්ඩරයට අනුව සිදුවන්නක් නොවේ. එය ඔබ උපන් අවස්ථාවේ දී විශ්ව ග්රහ සිතියමේ පිහිටීම අනුව තීරණය කෙරෙන්නක් බැවින් මීලඟ වෛදික උපන් දිනය ඔබට යෙදෙන්නේ කවදාදැයි අපවෙතින් විමසා දැනගත හැකිය.
එසේම ඒ අනුව කවර නම් වූ ආකාරයකින් මීලඟ තිථි ප්රවේශය තෙක් ඉදිරි වර්ෂය ඔබට ගෙවී යන්නේ දැයි මෙම වර්ෂයේ තිථි ප්රවේශයේ දී වූ විශ්ව ග්රහ සිතියම ඇසුරු කර සිදු කරන පලාඵල කථනයක් දැන ගැනීමට ඔබ අපේක්ෂාවෙන් පසුවන බව අපි දනිමු.
එසේම ඔබගේ මීලඟ උපන් දිනය වන ඉදිරි වර්ෂයේ තිථි ප්රවේශය එළැඹෙන දිනය කවදාදැයි දැනගැනීමටත් ඔබ අපේක්ෂාවෙන් පසුවන බව ද අපි දනිමු.
එම ඔබගේ මීලඟ උපන් දිනය වන ඉදිරි වර්ෂයේ තිථි ප්රවේශය එළැඹෙන දිනයේ දී ඔබ විසින් අනුගමනය කළ යුතු කියා පිළිවෙත්, එළැඹිය යුතු දෙවි දේවතාවුන් හඳුනාගැනීම සිදු කළ යතු වන්නේය.
තවද මේ අනුව ඉදිරි වර්ෂය සැලසුම් කර ගැනීම හා එහි පුරෝකථනය දැන ගැනීම සඳහා අප අමතන්න.
© M. M. Rohana Wasantha / +94714161082
Monday, February 25, 2013
සිද්ධාර්ථ ගෞතමයන් බුදුවීමේ දී ඇසතු ගසක් මුලට ගියේ ඇයි?...ඇනෝගේ චෝදනාවට පිළිතුරක්
යම් අසාධ්ය රෝගයකට දෙන බෙහෙත කවර නම් ජන්මියෙකු විසින් දෙන්නේ ද යන්න වැදගත් නොවන අතර එහි දී රෝගයට පිළියම් වශයෙන් දෙනු ලබන බෙහෙත එකී රෝගයට පත්යාපත්යතාව පමණක් වැදගත් බවත් පෙන්වා දෙනු කැමැත්තෙමි.
බුදුන් වහන්සේ විසින් ජ්යෝතිෂය පිළිකෙව් කළා නම් ඒ මනුෂ්ය හැකියාවන් නිලීන කරන ජ්යෝතිෂය පමණි. මනුෂ්ය හැකියාවන් උද්ධීපණය කිරීමට බලපාන ජ්යෝතිෂය උන් වහන්සේ කිසිවිටෙකත් පිළිකෙව් නොකළ බව සිහිපත් කළ යුතුය. භික්ෂූන් වහන්සේලාට පවා විනයකර්ම කිරීමේ දී අවශ්ය වන පොහොය ලැබීමේ ගෙවීමේ දින ගණනය කර ගැනීම සඳහා ජ්යෝතිෂය දැන සිටීම අවශ්ය කරුණක් බව අනුදැන වදාරා ඇති බව සිහිපත් කළ යුතුය. එසේම කාම චරිත, මෝහ චරිත, ද්වේශ චරිත හඳුනාගැනීම සඳහා දිව්යමය ඥාන උපදවා ගනු නොලැබූ නායක භික්ෂුවකට තම ගෝල භික්ෂූන් වහන්සේලා හික්මවා ගැනීම සඳහා උපදෙස් දීමේ දී ඔවුන්ගේ චරිත ස්වභාවයන් හඳුනාගෙන උපදෙස් දීම සඳහා ජ්යෝතිෂය දැන සිටීමේ වරදක් නොවන බව පෙන්වා දිය හැකිය.
ශාසනය පිරිහීමට හේතුකාරක ක්රියා කරන යම් පුද්ගලයෙකු මහණ නොකිරීම ශාසනයේ උන්නතියට හේතුවන බව පෙන්වා දෙනු කැමති අතර එබඳු පුද්ගලයන්ගේ චරිත කළින් දැන, දැක ගැනීම භික්ෂුවකට ඉතාම අවශ්ය කරුණක් බව ද පෙන්වා දෙනු කැමැත්තෙමි. පන්සලට යම් කුල දරුවෙකු මහණ කිරීම සඳහා අතීතයේ භාරදෙනු ලැබූ අවස්ථාවන්හි ප්රථමයෙන්ම එම දරුවාගේ කේන්ද්ර සටහන සමගින් භාර දුන් බව අප හොඳින් දන්නා කරුණකි. පෙර ලංකාවේ විසූ වීදාගම, වෑත්තෑවේ හා තොටගමුවේ රාහුල, මුල්කිරිගල පන්සලේ පොඩි ස්වාමින් වහන්සේ වැනි ජ්යෝතිශ් ශාස්ත්රධාරී භික්ෂූන්ගේ ක්රියා කලාප බෞද්ධ සංස්කෘතියේ පෝෂණයට දක්වන ලද පිටිවහල දෙස බැලීමේ දී ඒ බව මොනවට සනාථ වන බව පැහැදිලි කරුණකි.
© M. M. Rohana Wasantha
Sunday, February 24, 2013
සිද්ධාර්ථ ගෞතමයන් බුදුවීමේ දී ඇසතු ගසක් මුලට ගියේ ඇයි?
සිද්ධාර්ථ ගෞතමයන් බුදුවීමේ දී ඇසතු ගසක් මුලට ගියේ ඇයි? ද යන්න පිළිබඳ තොරතුරු විමසීමේ දී අපට පෙනී යන ජ්යෝතිර්වේදී කරුණු කිහිපයක් ඇත. එනම්, සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසා නැකතෙන් උපත ලැබුවේ නම් නැකැත් වෘක්ෂයට හිමි සපු ගසක් යටට නොගොස් ඇසතු ගසක් යයට ගියේ යම් කරුණක් අනුවය. සොළොස් හැවිරිදි වියේ දී ත්රිවේද පරප්රාප්ත වූ උන් වහන්සේ උගත් ජ්යෝතිර්වේදයේ කියැවෙන ජ්යෝතිෂ කරුණු ඉතා ප්රශස්ථ මට්ටමින් පිළිපැද ඇති බව ඉන් මනාව වැටහී යයි. එහිලා ඉස්මතුවන කරුණු මෙසේය.
- සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ජන්ම කේන්ද්ර සටහනට අනුව චන්ද්රයා තලා රාශියෙහිඅංශක 20ක් පසු කොට උපත ලබා තිබුණි
- චන්ද්රයා ගුරු හිමි විසා නැකතේ උපත ලබා තිබුණි.
- එසේම උන් වහන්සේගේ ජන්ම ලග්න රාශිය කටක රාශියෙහි පළමු අංශක 3 කලා 20ක් පසු කොට එළැඹි අංශක 13 කලා 20 තුළ පිහිටියේය.
- එබැවින් ජන්ම ලග්නස්ඵුටයට හිමි නැකත වූයේ පුෂ නැකතයි.
- පුෂ නැකතට හිමි වෘක්ෂය ඇසතු වෘක්ෂය වූ බැවින් උන් වහන්සේ ලොව්තුරු ඥානය උපදවා විශ්වීය ශක්තිය හා සමවැදීමට පහසුකාරක වූ ඇසතු ගසක් මුලටම ගොස් ඒ උතුම් පදවිය ලබාගත් සේක.
- මෙහි දී අට විසි බුදුවරුන් බුද්ධත්වයට පත්වීමේ දී ඇසතු වෘක්ෂයක් මුලට ගොස් බුද්ධත්වය ලබා තිබුනේ අප සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පමණි.
- අනෙක් බුදුවරුන් සම්බුද්ධ ඥානය ලැබීමේ දී ලොව්තුරු ඥානය උපදවා විශ්වීය ශක්තිය හා සමවැදීමට පහසුකාරක වූ වෙනත් වෘක්ෂ 27ක් යටට ගොස් ඒ තත්වයට පත් වූහ.
Sunday, January 20, 2013
ජ්යෝතිර් විද්යා පසු විපරම් වැඩමුළුවේ ... සැමරුම් සටහන්
සෞන්දර්යය හා කලා විශ්වවිද්යාලයේ සමාජ මානවවිද්යා විෂය බාහිර කථිකාචාර්ය්ය,
යාතුකර්ම උපදේශන සේවයෙහි විධායක අධ්යක්ෂ,
ප්රවීණ ජ්යෝතීර්වේදී එම්. එම්. රෝහණ වසන්ත මහතා
සිය දේශනය මෙහෙයවමින් සිටියදී වීඩියෝගත කරන ලද ක්ලිපයකි.
Friday, August 31, 2012
෴ ශ්රී මහා ගණේෂ පඤ්චරත්නම්෴
Audio Source : http://www.vedamantram.com/
ක්රිෂ්තු වර්ෂ අටවන සියවසේ දී ශ්රී ශංකර භගවත් පාදයන් විසින් විරචිත
෴ ශ්රී මහා ගණේෂ පඤ්චරත්නම්෴
මුධාකරත්ත මෝධකම් සදා විමුක්ති සාධකම්
කලාධරාවතංසකම් විලාසි ලෝක රක්ෂකම්
අනායකෛක නායකම් විනාසිතේව දෛත්යකම්
නටාසුභාසු නාශකම් නමාමි තං විනායගම් ෴
නඨේතරාති භීකරම් නවෝදිතර්ක භාෂ්වරම්
නමත් සුරාරි නිර්ජරම් නටාදි කාප දුද්ධරම්
සුරේශ්වරම්, නිධීශ්වරම්, ගජේශ්වරම්, ගණේශ්වරම්
මහේශ්වරම් සමාශ්රයේ පරාත්පරම් නිරන්තරම් ෴
සමස්ථ ලෝක සංකරම් නිරස්ථ දෛත්ය කුඤ්ජරම්
දාරේදරෝදරම් වරම් වරේ භවක්ත්ර මක්ෂරම්
කෘපාකරම්, ක්ෂමාකරම්, මුදාකරම්, යයස්කරම්
නමස්කෘතම් නමස්කෘතම් නමස්කරෝමි භාස්වරම් ෴
අකිම්චනර්ථි මර්ජනම් චිරන්තනොක්ති භාජනම්
පුරාරිපුර්ව නන්දනම් සුරාරි ගර්ව චර්වනම්
ප්රපංචනාශ භීෂණම් ධනංජයාදි භූෂණම්
කපෝල දාන වාරනම් භජේ පුරාණ වාරණම් ෴
නිටන්තිකන්ත දන්තකන්ති මන්තකාන්ත කාත්මජම්
අචින්ත රූප මන්තකී නමන්තරාය කෘන්තනම්
හෘදන්තරේ නිරන්තරම් වසන්තමේව යෝගිනම්
තමේක දන්තමේව තම් විචින්තයාමි සන්තතම් ෴
මහා ගණේෂ පඤ්චරන්තමාදරේන යොම්බගම්
ප්රජල්පති ප්රභාධකේ හෘදිශ්වරම් ගණේශ්වරම්
අරෝගතාම දෝෂතම් සුසාහිතිම් සුපුත්රතා
සමාහිතායුරෂතමූතිමඃ මෘපෛති ශෝචිරා ෴
ඉති ශ්රී පරමහම්ස පරිව්රාජකාචාර්යස්ය ශ්රී ගෝවින්ද භගවතු
පූජ්යපාද ශිෂ්යස්ය ශ්රී ශංකරභගවතඃ කෘතෞ ගණේෂ පඤ්චරත්නම් සම්පූර්ණම් ෴
සිංහලානුවාදය © M. M. Rohana Wasantha
Saturday, August 25, 2012
෴ දුම්මල මාලාව෴
නමෝ නමඃ ශ්රී ඝණාය නමෝ නමඃ ශ්රී ඝණාය නමෝ නමඃ ශ්රී ඝණාය නමෝ සද්ධර්ම වර චක්කවර්තී අප තිලෝගුරු භාග්යවත් අර්හත් සම්ය සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ වී දී දාස් වඩින්න ඕනයි අධිෂ්ඨානයක් සිතූසේක. එවිට අත්ති නම් මහා රුසියා කියන්නේ එසේ වී නම් ස්වාමීනී තමුන්නාන්සේට කවර කලෙක වත් පූජා නොකළ දෙයක් පූජා කරන්න ඕනැයි කියා දෙලක්ෂ හතලිස් දහස් උස ඇති ඝණකඩ මහා බොල් පොලව පලාගෙන ගොසින් නව ලක්ෂ අට දහස් යොදුන් උස ඇති ජල පොලව පලාගෙන ගොසින් මහකෙල නාග රජ්ජුරුවන්ගේ පෙන ගොබේ තිබුන සල් දුම්මල සත් මිටක් ගෙන අපගේ ස්වාමීන් වහන්සේ වැඩ සිටි මැණික් බැඳි වජ්රාසනේට පූජා කළ සල් දුම්මලයි අදත් මා මේ පුදන්නේ, ලොව්තුරු බුදුන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් එකී දුම්මල මහා බුද්ධ මාලාවෙන් ජීවම් කරමි, ජීවම් කරමී, ජීවම් කරමී, සිද්ධි සිද්ධී ඒස්වාහඃ ෴
© එම්. එම්. රෝහණ වසන්ත 071416082/ 0723430028/ wasantha2010@gmail.com෴ මරු යකාගේ අට කොණ ෴
ඉඳුරු දිගේ සිට මට අත වනන්නා
වඳුරු වේසයෙන් ඇවිදින් පෙනෙන්නා
විදුරු කඩුව ගෙන මගෙ සිරසට ඇන්නා
රුදුරු මරු යකා ඇවිදින් පෙනෙන්නා
උපා සොයා අග්නිය කොණ සිටින්නා
පාප කන්ඩ කට ඇරියා සිටින්නා
පාපා යම කඩුව සුරතින් දරන්නා
කපා මගෙ බෙල්ල මරුවා ලේ බොන්නා
යම දිග සිට මරු යකු අත වනාපී
කම නැති රලු කමකි ඌ මට රවාපී
තම අත තිබුන කඩුවෙන් පපුවට ඇණපී
බිම හෙළමින් පුපත් මගේ ලේ බීපී
නිරිත කොණේ සිට මරුවා බලන රඟේ
සුරත යගදාව වමතින් රැගෙන කගේ
දෙහද කර කපා කඩුවෙන් ඇණපු උගේ
කැවුතු කැටිය කනවා මරු යකා මගේ
ඇවිදින් වයඹ කොණ මරු යකු සිටින්නේ
සුරතින් කඩුව ගෙන අමුසොහොනට යන්නේ
සරොසින් හරු යකා මට කඩුවෙන් ඇන්නේ
විගසින් ඇවිත් දෙකඩව මගෙ ලේ බොන්නේ
කන්ඩ මිණීසවුමේ පුර සිටින රඟේ
බොන්ඩ රීරි බිල්ලක් අත දරාගේ
ඉන්ඩ නොදී මරු යකු වද කරන රඟේ
කෙණ්ඩ පතුළ කනවා මරු යකා මගේ
ඊසාන් මරු යකු ඇවිදින් සිටිපී
ගසා මරු හඩක් අත්පොසන් දීපී
ගසා යමගුරෙන් ඌ මට වද කරපී
ලසා නොව ඇවිත් පදපතුලෙ ලේ බීපී
සක්වල ගල උඩට ඇවිත් මරු යකු මට අත වනපී
එක් අතකින් මිනියක් ගෙන බෙල්ල කඩා ලේ උරපී
දත් මිටි කන්නා ඉලව්වෙ නෙත් රතු කර බලාපී
දික් කර අත මට අනින්ඩ කඩුවක් ගෙන උරුක්කරපී
රොහොස් වෙලා ගොස් ඒ යකු අහස්තලේ ඉන්නා
අහස් වලාවෙන් ඇවිදින් මෙසක්වලට පැන්නා
දහස් ගණන් ගිණි ජාලා කටින් විහිදුවන්නා
දෙඇස් මගේ උපුට කන්ඩ හෙල්ල තලෙන් ඇන්නා
නපුරු මරු හඩක් ගසමින් අමු සොහොනට ආවා
උරිරු බොන්න මිනියක් ගෙන අන්න බෙල්ල කැඩුවා
විදුරු කඩුව අරන් අතට මා කපන්ඩ හැදුවා
කුරිරු මරු යකු අර ගං ඉම ළඟ එවනා
හපා කන්ඩ කට බලියා සොහොන ළඟට යන්නා
කපා කන්ඩ මිනී මාලු කඩුව අරන් ඉන්නා
එපා කියද්දී ඇවිදින් කඩුවෙන් මට ඇන්නා
අපොල් ඉලව්වෙයි මරු යකු කඩුල්ල මුල ඉන්නා
සැනෙකින් යති අමු සොහොනට මිනී කන්ඩ නිතරේ
රුදුවන් මරු හඩක් ගසා එන්නා යකු මෙවරේ
ඉතිකින් මොහු මිනී මරයි සිටගෙන ගන අඳුරේ
ඇවිදින් මරු යකා මෙන්න පාය පාමුල පැදුරේ
විකයි අල්ලගෙන මිනියක් බලා ඉන්න බැරුවා
සැකයි ඉන්න මුගෙ අවගති දුටුවම බය වෙනවා
කපයි බෙල්ල කඩුවක් ගෙන ළඟටම ළං වෙනවා
අපොල් ඔන්න හත් ඉලව්වේ මරු යකු මා මැරුවා
සොහොන් දණ්ඩ දිගට තියා තුන් පලකින් බැඳලා
අරන් යන්ඩ අමු සොහොනට දෙන්නෙක් කර ගහලා
වරෙන් යන්ඩ අමු සොහොනට ආතුර අත් හැරලා
ඉතින් මෙන්න බාරයි මා ආතුර අත් හැරලා
අඩාදොඩා අරගෙන ගොස් දාපල්ලා අමු සොහොනට
ලෙඩාට බුදු ගුණ පිහිටයි බැඳපල්ලා පිරිත් හුයට
වඩා මෙතන රැක නොසිටින් සිටියොත් දෙනවා තද බැට
ලෙඩා නමට මා බිලිගෙන ලෙඩ කළ මරු යකුනි තොපට
අඩමොරගා අරගෙන ගොස් අමු සොහොනට දාපල්ලා
ලෙඩාට බුදු ගුණ පිහිටයි පිරිත් හුයට බැඳපල්ලා
දිව බල අපෙ මුණි උතුමන් අණසක සිහි කරපල්ලා
ලෙඩ ආතුර හට විගසින් පිරිත් නූල් බැඳපල්ලා
මරු යකාගේ අටකොණ සහ මේ කවි පෙළ වලදැරහැවේ සබරගමුවේ ඉපැරණි කඩතුරා හැරීමේ ක්රමයක් වශයෙන් අප්රචලිතව පැවත එයි.
෴ යක්ෂ දෝෂ නිවාරණයට යාතුකර්ම විධීන් කිරීමේ දී කඩතුරාව හරින අන්දම ෴
වමත පන්දම දරා - දකුණ දුම්මල මතුරා
හරවමින් කඩතුරා - පිදේනි දක්වා එහිම සෙත් කරා
බෝධිය සත්තෙන් පා දහම් සෙත්පුරා - සෑසී තිලෝනා
සුගත්බෝධිය මුල වැඩ හිඳ මුරා පස් මරුන් - ලොව සෙත් කළා නම් යමෙක්
නාදිය දම් සඟු තුනුරුවන් තේජසින් මේ යක් පිසස් දුරහැරා
මේ විදි ලෙස මෙපිදේනි සරහා දැක්කුමෙන් - සෙත් කර හරින් කඩතුරා
උප ගත වූ උරුවෙල් දනව්වත් සයත් - හික්මන් සුජාතා ළඳුන්
කැප කර කිරි පිසූ වළඳමින් - මුනි තුමන් මුලදී මැරූ පස් මරුන්
අප සනරාමර ලෝ දිවාකර සියල් - දක්ෂකම් බුදුන්ගේ තේජසින්
ලොබ කර උවදුරු කඩතිර හැර යෙහෙන් - සෙත්කර හරින් කඩතිරා
ජටිල ජටිල කේෂාම් ලම්බ හස්ත්රං තිනේත්රං
කරක ලිතක පාල සූල පාසා කුසං ච
පුනරපිකර චත්රං කර්ග වේතාල ඝංඨං
සුනකමය වස්ත්රං - සිවවටුක යංත්රං - පැවත විෂ්ණූය හංත්රං
ඕං ශ්රීං ශ්රීං ශ්රීං ජං ජං ජර්ග රූපාන් දිං දිං දීර්ඝ රූපාන් දිසි වර්ග රූපාන් භූමි කම්පාය මානාං සං දීර්ඝ කොට වෙස්සන්තරාව ගුරු මීන රේවතිය නක්ෂත්ර ජල රාක්ෂයාට දා ව ආවා වූ යම් යක්ෂ රාක්ෂ භූත ප්රේතාදී කෙනෙක් ඇත්නම් වීර්යයෙන් කාර්යය සිද්ධ කර දෙන්නා වූ සූර්ය දිව්ය රාජයා මස්තකයෙන් මෙම ශ්රී ලංකාද්වීපයට උදා වෙන්න පළමුවෙන් රං දොරේ - රිදී දොරේ - මුතු දොරේ - මැණික් දොරේ මෙසේ සිව් කවුලු දොරවල් ඉඩහරවා සක්වල දස දහසක් ඝණාන්ධකාර පිණිබින්දු විහත විද්වංසනය කරමින් මෙම සැන්දෑ සමයමේ නෙර්තය දක්වන්නට බැඳි යක්ෂ කඩතුරාව මුදාගන්න හොඳයි - පස්වාන් දහසක් - /// පස්වාන් දහසකට ආයු බොහෝ වේවයි, බොහෝ වේවා ////
Monday, August 20, 2012
2012 වසරේ ශිෂ්යත්ව විභාගයෙන් ජය ලබන්නට නිවසින් පිටවීමට මෙන්න අනඟි සුභ මුහුර්ථය...
Popular Posts
-
සංස්කෘත භාෂා උපකාරක අත්වැල දැන් පීඩීඒෆ් ගොණුවක් ලෙස සබා ගත හැකිය. ඒ් සඳහා මෙම පින්තූරය මත ක්ලික් කරන්න. © M. M. Rohana Wasantha
-
පොහොය හතරේම සියළු පොහොය ලබන වේලාවන් සඳහා මෙම පින්තූරය මත ක්ලික් කරන්න. මෙම සියලු ගණනය කිරීම් සූර්ය සිද්ධාන්ත හා ද්රික් ගණිත සිද්ධාන්ත අනුව...
-
📚 පාඩම 04: බැඳි අක්ෂර සහ හලන්ත ලකුණ (Conjunct Consonants - संयुक्त व्यंजन) සංස්කෘත භාෂාවේ ව්යංජන දෙකක් හෝ කිහිපයක් අතර ස්වරයක් (අ, ඉ, උ ආද...
-
පාඩම 01: ස්වර අක්ෂර (Vowels - स्वर) සහ සිංහල උච්චාරණ විධි සංස්කෘත ස්වර අක්ෂර 13 කි. ඒවායේ දේවනාගරී රූපය, සිංහල අක්ෂරය, ශබ්ද උච්චාරණය සහ උච්ච...
-
සංක්රාන්ති තොරතුරු සහ ග්රහණෝත්පාත තොරතුරු සඳහා මෙම දෙවන පින්තූරය මත ක්ලික් කරන්න. © M. M. Rohana Wasantha
-
date Thu, Oct 15, 2009 at 7:48 PM 7:48 PM (14 hours ago) subject A question on horoscope Dear Sir, I highly value your http:/...
-
Reference : http://www.youtube.com/embed/btrI3X2HwkA නෛක ශ්රීන් විරාජමාන ශ්රී ලංකාවේ ඉතිහාස ගත දශ හිස් ඇති රාවණා රජු විසින් වි...
-
2015 වසර ආරම්භ වීමට හෝරා කිහිපයකට පෙර ‘ජගන්නාථ හෝරා වෛදික ජ්යෝතිර්විද්යා මෘදුකාගය’ නිර්මාණය කරන ලද පී. වී. ආර්. නරසිංහ රාවෝ මැතිඳුන් විස...





