Tuesday, September 15, 2009

ජ්‍යෝතිෂය සහ දූපත් මානසිකත්වය

ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම රටකම විවිධ වූ විෂයානුබද්ධ උප විෂයයන් මෙන්ම නව විෂය ධාරාවන් නව සොයාගැනීම් ඔස්සේ ද බිහිවෙයි. මෙම ප‍්‍රවේශය තුළ දැකගත හැකි කරුණු කිහිපයක් පෙන්වාදිය හැකිය.  


යම් විෂයයක් බිහිවීමේ දී ප‍්‍රධාන වශයෙන් නව සොයාගැනීමක් මත පදනම්ව එය බිහිවෙයි. නොඑසේ නම් යම් සංස්කෘතියක් හෝ යම් සන්දර්භයක් තුළ නව විෂයයක් බිහිවීම වෙයි. මේ තත්වය සෑම සමාජයීය විෂයයකට මෙන්ම සෑම විද්‍යාවකටම පොදු ධර්මතාවකි.  


නමුත් මෙම පොදු ධර්මතාව මත පිහිටා සන්දර්භය තේරුම් ගැනීමට යාමේ දී ගවේශකයාට එම විෂයයට අදාළ වපසරිය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස පෙන්වාදිය හැකිය. 


පැරණි ආප්තෝපදේශයක් වන ”ලිං මැඩියා වගෙයි” යන කියමන වෙත නොඑසේ නම් ”දූපත් මානසිකත්වය” යනුවෙන් ක්වොන්ටම්වාදී ගුරුකුල හා ඩෙරීඩාවන් සරණගියවුන් පෙන්වාදෙන න්‍යාය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව අවධාරණය කරනු කැමැත්තෙමි. 


 


යම් වස්තුවක් දෙස අප බලන ආකාරය ඉහත රූප සටහන් තුළින් පෙන්වා ඇත. මෙම උදාහාරණාත්මක රූප සටහන තුළ ඉහළ සිට පහළ බැලීමත්, පහළ සිට ඉහළ බැලීමත් පෙන්වා ඇත. මෙම රූපසටහන් දෙකෙහිම ඇස පිහිටි ස්ථානය සහ එම ඇසෙහි දෘෂ්ඨිය යොමුවන දිශාව සහ කෝණය පෙන්වා ඇත. 


මේ අනුව පළමු රූපයේ දී විෂයය වස්තුවේ සාර්වය දකින අතර දෙවන රූපයේ දී විෂයය වස්තුවේ පැතිකඩක් පමණක් දැකගැනීමට ලක් වන බව අපට පෙනන කරුණකි. ඉහතින් දැක් වූ ආප්තෝපදේශය පළමු රූපයට ආදේශ කළ නොහැකි අතර දෙවන රූපයට මැනවින් ගැළපෙන්නකි. මේ අනුව පහත දැක්වෙන පරිදි එම න්‍යාය විෂය බද්ධ කළ හැකිය.  


x පළමු ස්ථරය - ගෙදර සිට ගෙදරින් පිටත බැලීම  
x දෙවන ස්ථරය - පිටතට ගොස් ගෙදර දෙස බැලීම 
x තෙවන ස්ථරය - ගමේ සිට නගරය දෙස බැලීම 
x සිව්වන ස්ථරය - නගරයට ගොස් ගම දෙස බැලීම
x පස්වන ස්ථරය - රටක සිට විදේශයන් දෙස බැලීම 
x සයවන ස්ථරය - විදේශයකට ගොස් රට දෙස බැලීම 
x සත්වන ස්ථරය - පෘථිවියේ සිට විශ්වය දෙස බැලීම 
x අටවන ස්ථරය - විශ්වයට ගොස් පෘථිවිය දෙස බැලීම 
x නවවන ස්ථරය - මම විසින් අනුන් දැකීම 
x දසවන ස්ථරය - අනුන් මාව දකින අයුරින් මම අනුන් දැකීම 
x එකොළොස්වන ස්ථරය - අනුන් මාව දකින අයුරින් මම විසින් මා දැකීම  


මෙහි දක්වන ලද ස්ථර එකොළොසෙහි ක‍්‍රියාත්මක වන විෂයයන් රැසක් අපට දැකගත හැකිය. පුද්ගලයා හා මනස යන දෙවැදෑරුම් වස්තූන් මූලිකත්වයෙන් සංස්කෘතික ලෝකයක් ගොඩනගා ඇති අයුරුත්, එසේම එම සංස්කෘතික ලෝකය මත විෂයය ධාරාවන් ගොඩනගා ඇති අයුරුත් අපට මේ අනුව පෙන්වාදිය හැකිය.  


මෙසේ ගොඩනගන ලද දර්ශනය ඇතුළු සමාජයීය විෂයය ධාරාවන් මෙන් ම විද්‍යානුකූල පදනමක් ඇති සෑම විෂයය ධාරාවක් ම සහ විද්‍යානුකූල පදනමක් නැතැයි සලකන විෂයයන් සියල්ලම මෙම රාමුව තුළ අන්තර්ගත කොට ඇත. මෙම රාමුව තුළ ජ්‍යෝතිෂය විෂයය කවර ආකාරයකින් ගොඩනැගී ඇති ද යන්න මෙන් ම එය ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ව විමර්ෂණාත්මක අයුරින් විමසා බැලීම මෙම ලිපියේ ප‍්‍රධාන අරමුණ වශයෙන් පෙන්වාදිය හැකිය.  


ඉහත දක්වන ලද ස්ථර සටහනට අනුව එහි සත්වන ස්ථරයෙන් ඉහළට ගිය විෂයයක් ලෙස ප‍්‍රථමයෙන්ම ජ්‍යෝතිෂය විෂයය පෙන්වාදිය හැකිය. එහි ක‍්‍රියාකාරීත්වය පෘථිවියේ සිට විශ්වය දෙස බැලීමකින් ආරම්භ වෙයි.  


අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ලෝක සූත‍්‍රයේ පෙන්වා දී ඇති ආකාරයට ”ඉමස්මිං යේව බ්‍යාමමත්තකේ කලේබරේ ලෝකං ච ලෝක සමුදයං ච ලෝක නිරෝධං ච ලෝක නිරෝධගාමිණී පටිපදං ච පඤ්ඤපේමි” යන ලෝකය, ලෝක සම්භවය, ලෝක නිරෝධය සහ ලෝක නිරොධය සඳහා වන ප‍්‍රතිපදා මාර්ගය යන සතර කරුණු මෙම බඹයක් පමණ වන ශරීරය තුළ ම අන්තර්ගත වන බව බුදුරදුන් පෙන්වා දී ඇත.  


එම මූලික ප‍්‍රකාශය බැහැර නොකොට පුද්ගලයාගේ පසිඳුරන් තුළින් ග‍්‍රහණය කරනු ලබන විෂය වස්තූන් හා එකී විෂය වස්තූන් පිළිබඳව පුද්ගලයාගේ මනසෙහි ගොඩ නැගෙන සංස්කෘතික අත්දැකීම් තුළින් පුද්ගලයා ඉහත දක්වන ලද ස්ථර ගොඩනගා ගන්නා බව අපට පෙන්වාදිය හැකිය.  


මෙසේ ගොඩනගා ගන්නා ස්ථර එකිනෙක විශ්ලේෂණය කිරීමෙන් සමාජයක් ගොඩ නැගෙන අයුරුත්, එසේ ගොඩ නැගෙන සමාජය තුළ අන්තර්ක‍්‍රියාවන් ගොඩනැගෙන අයුරුත්, එම අන්තර් ක‍්‍රියාවන් පාදක කොට ආර්ථිකය දේශපාලනය සහ අනෙකුත් භෞතික විෂය පද්ධතීන් ගොඩ නගා ගන්නා අයුරුත් සහ සම්බන්ධතාත්මක දෘෂ්ඨියකින් බැලීමේ දී අවබෝධ කළ හැකිය.  


මේ ආකාරයට මූලිකව විෂයය ධාරාවන් ගොඩනැගෙන අතර එකී ගොඩනැගෙන විෂයය ධාරාවන් සංවර්ධනය කිරීමේ දී විවිධ සන්ධිස්ථාන පසුකර ඉදිරිය බලා ගමන් කරන බව ද අපට දැකගත හැකි ස්වාභාවික සිද්ධියකි. මෙම විෂය සංවර්ධන ක‍්‍රියාවලියේ දී දැකගත හැකි ලක්‍ෂණයක් වන්නේ ”උත්සාහ කිරීම් සහ වැරදීම්” තුළින් විෂය සංවර්ධනය කිරීමයි. එය මනොවිද්‍යානුකූල විග‍්‍රයන් තුළ පෙන්වා දී ඇති මානව සංජානනාත්මක ක‍්‍රියාවලියේ ස්වභාවය මත සිදුවන්නක් බව අපට පෙන්වාදිය හැකිය.  


නමුත් ඇතැම් විෂයය ධාරාවන් එහි ප‍්‍රතිවිරුද්ධ දිශාවේ සිට පැණ නැගෙන බව කිසිදු පුද්ගලයකු විශ්වාස නොකරන දෙයක් වශයෙන් කිව හැකිය. නමුත් සත්‍යය දකිනවුන් ඒ විශ්වාස කරති. සත්‍යය දැකීමට ආරාධනා කරමින් මානව සංජානනාත්මක ක‍්‍රියාවලියේ ප‍්‍රතිවිරුද්ධ දිශාවේ සිට පැණ නැඟුන ජ්‍යෝතිෂ විෂයය ධාරාව පිළිබඳ විමර්ෂණාත්මක දෘෂ්ඨියක් ඇතිකරගන්නා ලෙස ඉල්ලමින් මෙම ලිපිය තවදුරටත් ඉදිරිපත් කරමි.  


අවුරුදු 1805ක් වයසැති භාරත යෝගියා මහාවතාර් බබාජී යනුවෙන් 2009 මාර්තු 16 වැනි දින රිවිරිසි පත‍්‍රයේ පළ අසෝක මාලිමගේ ඇමරිකාවේ සිට ලියන ලද ලිපියට අනුව, යමෙකුට භාවනාව උපයෝග කරගෙන පුද්ගලයෙකුගේ මානසික සංවර්ධන ක‍්‍රියාවලියේ ඉහළ ස්ථරයකට ලඟාවිය හැකි බව ඔබ කියවන්නට ඇතැයි සිතමු. එතුළින් පුද්ගලයාගේ අයුෂය, ස්මරණය පමණක් නොව ජීව ශෛලයන්ගේ භෞතිකත්වය පවා පාලනය කිරීමේ ප‍්‍රබල හැකියාවක් දක්වා චිත්ත ශක්තිය කුළු ගැන්විය හැකි බව පෙන්වා දෙයි.  


මෙම තත්වය බුදුන් වහන්සේ ද මහා පරිනිබ්බාණ සූත‍්‍රයේ දී තහවුරු කරමින් අනඳ හිමියන්ට පවසා ඇත්තේ සතර සෘද්ධිපාදයන් වන චන්ද (සතර අගතියට නොයාම), චිත්ත (රාග ද්වේශ මොහාදියෙන් දමනය කරන ලද සිත), විරිය (උපන් අකුසල් මැඞීමටත්, නූපන් අකුසල් නොඉපැදවීමටත්, නූපන් කුසල් ඉපැදවීමටත්, උපන් කුසල් වැඩි දියුණු කිරීමටත් ගන්නා උත්සාහය), විමංසා (දස අව්‍යාකෘතාදියෙන් තොර කාලාමස සූත‍්‍රයේ දී පවසන ලද ආකාර වූ විමර්ශනයකින් යුතු විදර්ශනයට යොමු කරන ලද සිත) මනාව වඩන ලද්දෙකුට ආයු කල්පයක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් යමෙකු විසින් අවශ්‍ය නම් ජීවත් විය හැකි බවයි. නමුත් මාර දිව්‍යපුත‍්‍රාවේශව සිටි අනඳ හිමියන්ට ඒ පැවසූවේ කුමක් දැයි වටහා ගැනීමට සිහිකල්පනාව නොවූයෙන් බුදුන් වහන්සේට ආයු කල්පයක් ජීවත් වීමට ආරාධනා නොකරන ලද බැවින් පසුව දිව්‍ය පුත‍්‍ර මාරයාගේ පිරිණිවක් පෑමට කරන ලද ආරාධනය බුදුන් වහන්සේ විසින් පිළිගන්නා ලදී.  


මෙම නිදර්ශනය තුළින් පැහැදිළි වන යථාර්ථය තුළ පෙන්නුම් කෙරෙන්නේ යම් දැකීමක් අනුව මෙහෙවනු ලබන සිතකින් කළ හැකි විස්මිත ක‍්‍රියාවකි. නමුත් මෙආකාරම වූ විෂය දැනුමකින් යුතු වීම හෙවත් ස්වයංභු:ඥානයෙන් අවබෝධ කරන ලද ලෝක යථාර්ථයට අනුව මනාව සංවර්ධනය කරන ලද සිතකින් නව විෂය දැනුමක් භෞතික ලෝකයට දානය කිරීම සංකීර්ණ යයි අපට හැඟී ගිය ද ඉතාමත් සරල ක‍්‍රියාවලියක් බව ඒ දෙස මනාව විමර්ශනයේ දී පැහැදිළි වෙයි.

Wednesday, September 9, 2009

සෙනසුරු කන්‍යා රාශි ගතවීම ලග්න දොළසෙන් උපන් ඔබට බලපාන හැටි

වසර 30කට පසුව 2009 වසරේ සැප්සැම්බර් 09 වන දින කොළඹ වේලාවෙන් රාත්‍රී 10.35ට සිදුවන සෙනසුරු ග්‍රහයාගේ බුධ හිමි කන්‍යා රාශියට පිවිසීම මේෂාදී ලග්න දොළසෙන් උපන් ඔබට බලපාන ආකාරය මෙසේය.

මේෂ
චන්ද්‍රයා ලග්න ගතව ගුරු රාහු දස වැන්නේත්, අඟහරු තුන්වැන්නේත්, කේතු සහ සිකුරු හතර වැන්නේත්, රවි පස්වැනි භාවයේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ හය වැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

මේ තත්වය තුළ නිරන්තර කැළඹිලි ස්වභාවයකින් පසුවන අතර නිතර අදහස් වෙනස් කිරීමට යොමුවන බවක් පෙන්වයි. එසේම තමුන්ගේ වෘත්තියෙහි නැතිනම් රැුකියාවේ තම අණසක පැතිරීමට හැකි වාතාවරණයක් පැවතිය ද වරින් වර කඩාකප්පල්කාරී සිදුවීම් ඇතිවීමට හේතු ඇතිවෙයි. විශේෂයෙන් සතුරන්ට අවාසිදායක තත්වයක් ඇති බව පෙනෙන්නට තිබේ. නමුත් මූත‍්‍රා දෝෂ, හා යටිබඩෙහි අදික ඌෂ්ණය හේතුවෙන් හටගන්නා රෝගාබාධවලින් පීඩාවට පත් කරවයි. ආදායම් තත්වය මධ්‍යස්ථ බවක් පෙන්වයි.

වෘෂභ
චන්ද්‍රයා දොළොස්වැන්නේත් ගුරු රාහු නව වැන්නේත්, අඟහරු දෙවැන්නේත්, කේතු සහ සිකුරු තුන්වැන්නේත්, රවි සිව්වැනි භාවයේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ පස්වැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

ඔබට මෙම ග‍්‍රහ මාරුව තරමක මධ්‍යස්ථ ප‍්‍රතිඵල ඇතිකරන එකක් වන අතර ඔබගේ අධ්‍යාපන කටයුතුවල වෙනසක් ඇති කරන බවක් පෙන්වයි. හදිසි ධනලාභ ඇතිකරවිය හැකි තත්වයක් පෙන්වන්නේ මූලත‍්‍රිකෝණ ගතව සිටිනා ගුරු සහ රාහුගේ ත‍්‍රිකෝණ දෘෂ්ඨියට සෙනසුරු පස්වැන්නේ බුධ සමග සිටිමින් හසුවීම තුළිනි. දරුවන් ඇති අයට තරමක් ඔවුන් වෙනුවෙන් වෙහෙසීමට හා ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයන් වෙනුවෙන් සැලකිලිමත් වීමට සිදුවන කාලයක් සේ පෙන්විය හැකිය.

මිථුන
චන්ද්‍රයා එකොළොස්වැන්නේත් ගුරු රාහු අට වැන්නේත්, අඟහරු ලග්න ගතවත්, කේතු සහ සිකුරු දෙවැන්නේත්, රවි තුන්වැනි භාවයේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ සිව්වැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

කාලයක් පැවති බාධක කිහිපයක් ඉවත්වීම නිසා තමන්ගේ ආදායම් මාර්ගයන්ගේ අභිවෘද්ධිදායක වෙනසක් ඇතිවන කාලයකි. මවුට තරමක් අපලදායක වන අතර පපුවේ සෙම කරවීම සමග ඇතිවන වාත අමාරු තත්වයක් ඇතිවීමට හේතු යෙදෙයි. හදිසි විදෙස් ගමන් ඇතිවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දු සහගතව කටයුතු කිරීම වඩාත් ඵලදායකය. පොදුවේ පවසන විට මිථුන ලග්ත හිමියන්ට මෙම සෙනසුරු මාරුව සුභදායක බව පැවසිය හැකිය.

කටක
චන්ද්‍රයා දසවැන්නේත් ගුරු රාහු හත්වැන්නේත්, අඟහරු දොළොස්වැන්නේත්, කේතු සහ සිකුරු ලග්න ගතවත්, රවි දෙවැනි භාවයේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ තුන්වැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

වසර හතහමාරක් තිස්සේ පැවති ලග්න ඒරාශ්ඨකය අවසන් කරමින් සෙනසුරුගේ මෙම ග‍්‍රහමාරුව සිදුවී ඇත. විශේෂ අභිවෘද්ධියක් ඇති කරවන කාලයක් උදාවන නමුත් මාස දෙකක් පමණ ගතවන තුරු පැවති ඒරාශ්ඨක අපලයේ උණුසුම පවතින බැවින් එකවර ලොකු වැඩ සඳහා අතගැසීම නොකළ යුතුය. නමුත් විවාහ ජීවිතය සම්බන්ධයෙන් තරමක් දුරට ගැටළුකාරී වාතාවරණයක් ඇති නමුත් නොවැම්බර් 16 වනදායින් පසු එය මගහැරී යනු ඇත.

සිංහ
චන්ද්‍රයා නවවැන්නේත් ගුරු රාහු හයවැන්නේත්, අඟහරු එකොළොස්වැන්නේත්, කේතු සහ සිකුරු දොළොස්වැන්නේත්, රවි ලග්න ගතවත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ දෙවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

මෙම කාල වකවානුව පැවති ලග්න ඒරාශ්ඨකයේ තරමත් තදබල කොටසට පැමිණීමක් සනිටුහන් කරමින් ලොකු පාඩුවක් විඳීමට සිදුවිය හැකිය. වෙහෙසකර නිශ්ඵල දුරගමන් ඇතිකරවිය හැකිය. ලේ විෂවීමක් පෙන්නුම් කරන බැවින් ආහාරපානාදියෙහි දී වඩාත් සැලකිළිමත් වන්න. ආදායම් මාර්ග වරින් වර උච්ඡාවචනයන්ට ලක්වෙයි. දැඩි ලෝභකමක් හිතේ ඇතිවන නමුත් කාන්තාවන් වෙනුවෙන් රහස් වියදම් ඇතිකරවීමක් පෙන්වයි. අධික කාමාශක්ත හැඟීම් ඇතිකරවන කාලයක් බැවින් ආගමික නැඹුරුතාවයෙන් යුතුව කටයුතු කිරීම වඩාත් ශුභය.

කන්‍යා
චන්ද්‍රයා අටවැන්නේත් ගුරු රාහු පස්වැන්නේත්, අඟහරු දසවැන්නේත්, කේතු සහ සිකුරු එකොළොස්වැන්නේත්, රවි දොළොස්වැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ ලග්නාධිපති බුධ ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

පැවති ලග්න ඒරාශ්ඨක අපලයේ කටුකත්වය තරමක් මධ්‍යස්ථභාවයට පත්කරවන වාතාවරණයක් මෙම සෙනසුරු මාරුව හේතුවෙන් ඇතිකරවයි. එසේම හදිසියේ ඇතිවන තදබල සෙම් රෝගාබාධාදියෙන් පීඩා ඇති කරවයි. ආමාශගතව අම්ලකර වාතය හේතුවෙන් ගැස්ට‍්‍රයිටීස් වැනි රෝගාබාධ වැඩි කරවයි. බොහෝ ඇවිදීම් සහත කාලයක් වශයෙන් පෙන්වාදිය හැකිය. නින්දයාම අඩු කරවයි. එසේම දැඩි වියදම් ඇති කරන වකවානුවකි.

තුලා
චන්ද්‍රයා හත්වැන්නේත් ගුරු රාහු හතර වැන්නේත්, අඟහරු නවවැන්නේත්, කේතු සහ සිකුරු දසවැන්නේත්, රවි එකොළොස්වැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ දොළොස්වැනිවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

මෙම වකවානුව ඔබට වසර හතහමාරක කාලයකට බලපාන ලග්න ඒරාශ්ඨකයක් ආර්භ වීම මෙම සෙනසුරු මාරුව සමග සිදු වෙයි. පපුවේ ආබාධ ඇති කරවිය හැකි කාලයක් බැවින් පපුවේ අමාරු ඇති අය මෙම වකවානුව තුළ තම සෞඛ්‍යය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරවීම වඩාත් ගුණදායකය. එසේම ආගම දහමට දැඩි නැඹුරුතාවක් මෙම කාලවකවානුව තුළ ඇති කරවයි. එසේම අනවශ්‍ය වියදම් ඇතිකරන කාලයකි.

වෘශ්වික
චන්ද්‍රයා හයවැන්නේත් ගුරු රාහු තුන්වැන්නේත්, අඟහරු අටවැන්නේත්, කේතු සහ සිකුරු නවවැන්නේත්, රවි දසවැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ එකොළොස්වැනිවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

විශේෂයෙන් ජලය හේතුවෙන් බියක් ඇති වීමට හේතුවන කාලයක් බැවින් ප‍්‍රවේශම් සහිතව කාලය ගත කිරීම ගුණදායක වන අතර ජලයේ බැස නෑම වැසි අනතුරුදායක කටයුතු වලින් වැලකිම ද සුභයි. විශේෂයෙන් එකොළොස්වැනි භාවයේ සිදුවන මෙම ග‍්‍රහ මාරුව ඔබට විශේෂ ආර්ථික වාසි ඇති කරවන බවක් පෙන්වයි. දැඩි මාන්නාධික කමක් හිතේ ඇති කරවන කාලයක් උදා කරවන අතර හදිසි අනතුරුවලට භාජනය වීමට බොහෝ ඉඩ ප‍්‍රස්ථා ඇති කරවයි. විශේෂයෙන් තම හැකියාවන් පාවිච්චි කර පියාගේ හා රජයෙන් වාසි අත් කරගැනීමට ඇති ඉඩ බොහෝය.

ධනු
චන්ද්‍රයා පස්වැන්නේත් ගුරු රාහු දෙවැන්නේත්, අඟහරු හත්වැන්නේත්, කේතු සහ සිකුරු අටවැන්නේත්, රවි නවවැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ දසවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

සෙම් රෝගාබාධ වඩාත් දැඩිකරන ගතියක් සේම දැඩි කාමාශක්ත හැඟීම් දනවන කාලයක් බැවින් අවකල්ක‍්‍රියාවන්ට යොමුවීමේ ප‍්‍රවණතාවක් පෙන්වයි. එබැවින් ආගම දහමට නැඹුරුව කල් ගත කිරීම වඩාත් ගුණදායක බව සිහිපත් කළ යුතුය. විශේෂයෙන්ම අඟහරු ග‍්‍රහයා හත්වැනි භාවයේ ගොචරවීම විවාහ දිවියේ ගැටළු මතුකරවන පිහිටීමක් පෙන්වයි. කර්මස්ථාන ගතව සිදුවන ග‍්‍රහමාරු අවස්ථාවේ දී කර්මානුරූපව තමුන් පෙර භවයක කරන ලද අකුසල කර්මයක් විපාක දීමේ ඉඩප‍්‍රස්ථාවක් පෙන්වන බැවින් වඩාත් ප‍්‍රවේශම් වීම මැණවි. තැන්පත් ධනයේ වර්ධනයක් පෙන්වයි.

මකර
චන්ද්‍රයා හතරවැන්නේත් ගුරු රාහු ලග්න ගතවත්, අඟහරු හයවැන්නේත්, කේතු සහ සිකුරු හත්වැන්නේත්, රවි අට වැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ නවවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

විශේෂයෙන් මතර ලග්න හිමියන්ට මෙම සෙනසුරු මාරුව යම් ගුණදායක බවක් පෙන්වයි. රවි අටවැනි භාව ගතව වි සිටිය දී සිදුවන මෙම ශනි බුධ යෝගය නව වැන්නේ ඇති කරවමින් මෙම සෙනසුරු මාරුව සිදුවෙයි. ලොතරැුයි දිණුමක් හෝ නිධන්ගත ධනයකට උරුමකම් ඇතිකරවන තත්වයක් පෙන්වයි. එසේම සතුරුබලවේග පිළිබඳ බියකින් පසු වූයේ නම් ඒ සියළු බාධක මගහැරී සිතට සහනයක් ඇති කරවයි. නමුත් පපුවේ සෙම් රෝග ඇතිවීම තරමක් වෙනදාට වඩා වැඩි බවක් පෙන්වයි. නමුත් නොවැම්බර් 16 පසුවන තෙක් වරින් වර හදිසි කැළඹීම් ඇතිවිය හැකි බැවින් සිතෙහි සාමකාමී බව පවත්වාගැනීමට නිතර සිහිපත් කළ යුතු වෙයි.

කුම්භ
චන්ද්‍රයා තුන්වැන්නේත් ගුරු රාහු දොළොස්වැන්නේත්, අඟහරු නවවැන්නේත්, කේතු සහ සිකුරු හයවැන්නේත්, රවි හත්වැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ අෂ්ටමාධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

මෙම කාල වකවානුව බොහෝ දුරට කරදරකාරී සහ දැඩි වියදම්කාරී එකක් වීමට ඇති ඉඩප‍්‍රස්ථා බොහෝය. රහස් රෝගපීඩාවන් ඇති කරවන කාලයක් වන අතර දැඩි අවකල්ක‍්‍රියාවන් කෙරෙහි සිතේ නැමියාවක් පෙන්වයි. ආත්මාභිමානය හේතුවෙන් සහ අවකල් ක‍්‍රියාවන්ට ඇදීයාම හේතුවෙන් විවාහ ජීවිත ගත කරන අයගේ විවාහ ජීවිතවලට සෙනසුරුගේ බලපෑම දැඩිව බලපාන අතර ඒ තුළින් නින්දා අවමන් ලැබීමට හේතු යොදවයි.

මීන
චන්ද්‍රයා දෙවැන්නේත් ගුරු රාහු එකොළොස් වැන්නේත්, අඟහරු හතරවැන්නේත්, කේතු සහ සිකුරු පස්වැන්නේත්, රවි හයවැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ හත්වැනිවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

ඔබගේ පෙම් සබඳතාවට හා විවාහ දිවියට කණකොකා හ`ඩන්නට පටන්ගන්නා බව සිහියේ තබාගෙන සිටිය යුතු කාලයකි. විශේෂයෙන් ආදායම් මාර්ග වැඩි කරන තත්වයක් පෙන්වන නමුත් අයුතු මාර්ග කෙරෙහි යොමුවීමෙන් කරදර ඇත කරවිය හැකි කාල වකවානුවකි. බොහෝ දුරට ආමාශගතව පැවති අජීර්ණ රෝග තත්වයක් උත්සන්න වීමෙන් දැඩි අපහසුතාවයකට පත්විය හැකිය. පපුවේ ශල්‍යකර්මයකට ඉඩකඩ ඇති බැවින් වඩාත් ප‍්‍රවේශම් සහිතව කටයුතු කරන්න. දූදරුවන්ගේ ඉගෙනීම් කටයුතුවලට ශුභදායක කාලයකි.

එම්. එම්. රෝහණ වසන්ත
0714161082/0755075182

සෙනසුරු මාරුව - ඔබට


වසර 30 කට පසු කන්‍යා රාශියේ අධිපතියා වන බුධ ග්‍රහයා සිය භවනේ සිටිමින් තම ගෙට අද දින (2009-09-09) රාත‍්‍රී 10.35ට කුලවදින සෙනසුරු පිළිගැනීමට සැරසෙන අද දවසේ ගිතෙල් පහනක් පත්තු කර ශනි ස්තෝත‍්‍රයක් ගායනා කොට මහා මෘතුංජය මන්ත‍්‍රය ගායනා කිරීමෙන් තමුනට බලපාන අනිටු ඵල දුරුකර ගැනීමෙන් ලබන්නා වූ වසර දෙකහමාරක කාලය (2011-11-14) ජීවිතයේ ස්වර්ණමය කාලයක් බවට පත් කර ගන්න.

ශනි ස්තෝත‍්‍රය

නීලාංජන සමාභාෂම් - රවි පුත‍්‍රං යමාග‍්‍රජං

ඡායා මාර්තණ්ඩ සම්භූතං - තං නමාමි ශනෛශ්වරං


මහා මෘතුංජය මන්ත‍්‍රය

ඕම් ත‍්‍රියම්භකම් යජාමහේ - සුගන්ධිං පුෂ්ඨි වර්ධනං

උර්වාරුකමිව බන්ධනාං - මෘත්‍යෝර් මුක්ක්‍ෂීය මාමෘතාත්

එම්. එම්. රෝහණ වසන්ත 0714161082/0755075182

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්