Tuesday, September 18, 2012

කේන්ද්‍රයේ අටවැන්නෙන් පෙන්වන කේන්ද්‍ර හිමියාගේ මරණය

මරණය වූ කලී විවිධ දාර්ශනිකයන් මෙන්ම, විවිධ වූ පුද්ගලයන් විසින් විවිධ වූ අර්ථ කථන පෙන්වා ඇති මෙලොව උපන් සෑම ජීවීයෙකුටම පොදු සනාථන ධර්මතාවක් වශයෙන් පෙන්වා දිය හැකි අතර අජීවී තත්වයේ පසුවන සෑම ධර්මතාවයකටම ද පොදු විනාශ ස්වභාවයට පත්වීමේ තත්වයක් වශයෙන් පෙන්වාදිය හැකිය.

බෞද්ධ දර්ශනයට අනුව සචේතනික හා අචේතනික සෑම ධර්මතාවකටම පොදු ලොක ස්වභාවයක් වශයෙන් මෙම විනාශ ස්වභාවය පෙන්වා ඇත. එහි පෙන්වා දෙන්නේ තථ, අවිතථ, අනඤ්ඤථ යන මූලික ආර්ය ධර්මතාවන්ට අයත් නොවන්නා වූ සියළු සංස්කාර ධර්මයන්ට මෙම තත්වයට පත්වීම ස්වභාවය බවයි. තථ යනු ස්ථිර බවයි. අවිතථ යනු වෙනස් නොවන බවයි. අඤ්ඤථ යනු වෙනස් ආකාරයකට පෙනී නොසිටින බවයි. මෙම තත්වයේ පසු වන්නේ වෙනස් වීමේ ධර්මතාව හා සතර ආර්ය සත්‍ය පමණක් බව බෞද්ධ දර්ශනයේ දක්වා ඇත.

එසේම මෙම තත්වය හින්දු දර්ශනයට අනුව දේවත්වාරෝපණයක් සහිතව දක්වා ඇත. ත‍්‍රි මූර්තිය මෙහි දැක්වෙන එකී සනාතන දේවත්වය වශයෙන් හින්දු දර්ශනයේ දක්වා ඇත. එකී ධර්මතාවයට හිමි දේවත්වය ශිව හෙවත් ඊශ්වර යනුවෙන් එහි විස්තර වෙයි. ඒ අනුව විනාශ ස්වභාවයට අධිපතිත්වය දරන්නේ මෙම ශිව හෙවත් ඊශ්වර තත්වයයි. භගවත් ගීතාවේ දැක්වෙන අන්දමට මෙම ශිව දේවත්වය තත්වයක් වන අවස්ථාවක් වෙයි.

එම අවස්ථාවේ දී පුද්ගලත්වයක් හෝ දේවත්වයක් නොමැති බව කියැවෙයි.

වෛදික ජ්‍යෝතිෂයට අනුව කේන්ද්‍රයේ අටවන භාවය මරණය පිළිබඳව කරුණු අනාවරණය කෙරෙන ප‍්‍රධානතම ස්ථානය වශයෙන් දක්වා ඇත. ප‍්‍රධාන වශයෙන් කේන්ද්‍රයක අටවැන්නාධිපති ග‍්‍රහයාගේ තත්වය අනුව කේන්ද්‍ර හිමියගේ මරණය පිළිබඳ පලාඵල කථනය කෙරෙයි.

වරාහ මිහිර ආචාර්යවරයාට අනුව වෘහත් ජාතකයෙහි 25 වන පරිච්ෙඡ්දයේ 1 වන ශ්ලෝකයට අනුව
(වරාහ මිහිර , බෘහත් ජාතකය, 25 වන පරිච්ඡේදය අනුවාදක දොන් ඬේවිඞ් ජයමාන්න (1930), කේ. ඞී. පෙරේරා සහ පුත‍්‍රයෝ, කොළඹ) කේන්ද්‍රයක අටවන භාවය සම්බන්ධව මරණය පිළිබඳ කරුණු පැවසිය හැකි වෙයි. ඊට අනුව,

අටවැනි භාවයේ කිසිදු ග‍්‍රහයෙකු නොසිටී නම්, එය දකින්නා වූ බලවත් ග‍්‍රහයාගේ ධාතු කොපයකින් හටගත් රෝගයක් මුල්ව එම පුද්ගලයාගේ මරණය වන බව දක්වා ඇත. තවද ඒ අටවෙනි රාශිය කාල පුරුෂයාගේ යම් අවයවයකට අයත් වන්නේ ද ඒ අවයවයෙහි හටගත් රෝගයකින් මරණය පැමිණෙන බව දක්වා ඇත.

සූන්‍ය වූ අටවැනි භාවය බලවත් වූ බොහෝ ග‍්‍රහයින් දකියි නම් ඒ බොහෝ දොට අයිති ධාතු කිපීමෙන් අෂ්ටම ස්ථානයට අයිති රාශිය අයත් ශරීර කොටසෙහි (මෙය කාල පුරුෂයාට අනුව ගැණ දැක බලා ගත යුතු බව දක්වා ඇත. පහත දක්වා ඇති වගුවේ පෙන්වා දී ඇත්තේ සූන්‍ය වූ අටවැනි භාවය දකින ග‍්‍රහයා අනුව මරණය වන ස්ථානය දැන ගැනීමේ චක‍්‍රයකි













මෙයට අමතරව තවත් මරණයට හේතු කාරක වන යෝග රැුසක් එහි දක්වා තිබේ.
  • ගල් ගැසීමෙන්, දියේ ගිලීමෙන්, ලිංහි වැටීමෙන්
  • දිය උදරයෙන්, ගින්නෙන්, ආයුධයෙන්, ලේ දෝෂයෙන්, එල්ලීමෙන්
  • ගුද රෝගයෙන්
  • පක්ෂීන්ගෙන්, උසකින් වැටීමෙන්, හෙන අකුණු වැදීමෙන්, බිත්ති කඩා වැටීමෙන්
තවද ඉහත දක්වා නැති සෑම කරුණකට ම අදාළ නොවන අවස්ථාවන්හි දී අනුගමනය කළ යුතු සාමාන්‍ය ක‍්‍රමය කුමක් ද යන්නත් එහි පැහැදිළි කොට දක්වා ඇත.

මේ අතර මැරෙන ස්ථානය හා මරණයට පළමුවෙන් සිහිය ඇතිව සිටි කාලය දැන ගැනීමට ද මරණින් පසු මෘත ශරීරයට වන දේ දැන ගත හැකි ආකාරය ද හා යටගිය භවයේ සිටි තැන දැන ගැනීමේ ආකාරය ද එහි වැඩිදුරටත් දක්වා ඇත.

එම්. එම්. රෝහණ වසන්ත 071-4161082/072-3430028
© M. M. Rohana Wasantha

Monday, September 3, 2012

සූර්ය නමස්කාර ඉරියව් හා ද්වා දස සූර්ය දේවතා නමස්කාර පාඨ



සූර්ය නමස්කාර ඉරියව් Image Source: http://www.yugshaktiashram.org




ද්වා දස සූර්ය දේවතා නමස්කාර පාඨ Image Source: http://www.indif.com




සූර්‍ය්‍ය දේවතාවුන් Image Source:http://www.hindu-blog.com

සිංහලානු වාදය
  1. ඕම් මිත‍්‍රාය නමහඃ ෴
  2. ඕම් රවායේ නමහඃ ෴
  3. ඕම් සූර්යාය නමහඃ ෴
  4. ඕම් භානවේ නමහඃ ෴
  5. ඕම් ඛගාය නමහඃ ෴
  6. ඕම් පුෂ්නෛහ් නමහඃ ෴
  7. ඕම් හිරණ්‍යඝර්භාය නමහඃ ෴
  8. ඕම් මරිචයේ නමහඃ ෴
  9. ඕම් ආදිත්‍යාය නමහඃ ෴
  10. ඕම් සාවිත‍්‍රයේ නමහඃ ෴
  11. ඕම් අර්ක්‍යාය නමහඃ ෴
  12. ඕම් භාෂ්කරාය නමහඃ ෴
Courtesy ; http://www.youtube.com/watch?v=E12nC14NIUQ

සැලකිය යුතු - මේෂ ලග්න හිමියන් සූර්ය දේව නමස්කාරය කිරීමේ දී රවි ග්‍රහයාගේ ග්‍රහ නාමය වන ‘රවි‘ යන්න ප්‍රකාශ නොකට යුතුය. 

© M. M. Rohana Wasantha

Saturday, September 1, 2012

පොරොන්දම් පරීක්ෂාව පිළිබඳ ගැටළු තුනක්

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් පාඨක ඔබ විමසා සිටි පොරොන්දම් පරීක්ෂාව පිළිබඳ ගැටළු තුනක්.









Image Source : http://purasanda.blogspot.com/2010/03/blog-post_30.html

1.නැකත් පොරොන්දම ගැලපෙන්නේ නැති හදහන් අනිවාර්යෙන්ම විවාහයට විපත් ද?

නැකැත් පොරොන්දම, පිළිබඳ පූර්ණ විස්තරයක් විසිපොරොන්දම්වල විද්‍යාත්මක පැතිකඩ නමැති ලිපයේ සඳහන් වෙනවා. වැඩිදුරටත් විමසා බැලීමේ දී පෙන්වාදිය හැක්කේ මෙයයි.

ජන්ම, අනු ජන්ම, ත්‍රි ජන්ම -පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණ දෝෂ ඇතිවිය හැකි තත්වයකි.

සම්පත්, අනු සම්පත් , ත්‍රි සම්පත් - හිතප්‍රත්‍ය සම්පත් දායකත්වය ඇති වේ.

විපත්, අනු විපත්, ත්‍රි විපත් - දුක්ඛ දෝමනස්සයන් ඇති වෙයි.

ක්ෂේම, අනු ක්ෂේම, ත්‍රි ක්ෂේම - මධ්‍යස්ථ ඵල දායක තත්වයකි.

ප්‍රත්‍යාරි, අනු ප්‍රත්‍යාරි, ත්‍රි ප්‍රත්‍යාරි - හිතප්‍රත්‍ය සම්පත් විනාශ මුඛයට වැටේ.

සාධක, අනු සාධක, ත්‍රි සාධක - සර්වාර්ථ සිද්ධි සාධන තත්වයක් ඇති වේ.

වධ, අනු වධ, ත්‍රි වධ - මානසික හා කායික වධය පිණිස හේතු වේ.

මෛත්‍රී, අනු මෛත්‍රී, ත්‍රි මෛත්‍රී - බ්‍රහ්ම විහාරී ගුණයෙන් යුතු‍ වේ.

පරමෛත්‍රී, අනු පරමෛත්‍රී, ත්‍රි පරමෛත්‍රී - අති බ්‍රහ්ම විහාරී ගුණයෙන් යුතු වේ.

මෙම තත්වයන් යටතේ කවර ගණයකට වැටේ දැයි බලා තීරණය කළ යුත්තකි.

2. යෝනි, නාඩි, ලිංග පොරොන්දම් ගාලපුනොතින් එම නැකත් දෝෂය භංග වෙනවා කියන්නේ ඇත්තක්ද? එසේනම් මේ සියල්ලම ගැලපිය යුතුමද?

යෝනි පොරොන්දමලිංගික තෘප්තිය ද ලිංග පොරොන්දම ලිංගික හැසිරීම ද පෙන්වා දෙන බව විසිපොරොන්දම්වල විද්‍යාත්මක පැතිකඩ නමැති ලිපියේ පෙන්වා දුන් අතර

යෝනි පොරොන්දම - ලිංගික තෘප්තිය යහපත් විටෙක දී සහ

ලිංග පොරොන්දම - ලිංගික හැසිරීම යහපත් විටෙක දී ඉහත පෙන්වා දුන් පහත සඳහන් කරුණුවල ඇතිවිය හැකි ගැටළුමය තත්වයන් වැලකීමට ඇති ඉඩ ප්‍රස්ථා භංග වීමට නම් අනිවාර්යයෙන්ම ග්‍රහ පොරොන්දමේ පාපාංශක තත්වයන්ගේ අගයන් කවර මට්ටමක පවතීදැයි විමසා බලා තීරණයකට එළඹිය යුතුවෙයි.

ජන්ම, අනු ජන්ම, ත්‍රි ජන්ම -පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණ දෝෂ ඇතිවිය හැකි තත්වයකි.

විපත්, අනු විපත්, ත්‍රි විපත් - දුක්ඛ දෝමනස්සයන් ඇති වෙයි.

ප්‍රත්‍යාරි, අනු ප්‍රත්‍යාරි, ත්‍රි ප්‍රත්‍යාරි - හිතප්‍රත්‍ය සම්පත් විනාශ මුඛයට වැටේ.

වධ, අනු වධ, ත්‍රි වධ - මානසික හා කායික වධය පිණිස හේතු වේ.


3. ග්‍රහ පොරොන්දමට අදාලව ගණනය කිරීම් කරන්නේ කොහොමද? සුබ අසුබ තීරණය වන්නේ කෙසේද? (පරිගණක මෘදුකාංගයෙන් එන ග්‍රහ පොරොන්දම් ප්‍රතිපලය ගැටළු සහිත)
ග්‍රහ පොරොන්දම ප්‍රදාන පොරොන්දමක් නොවුනත් බොහෝ විට නැකත් වලට පසුව එහි ගැලපීම බලන්නේ කුමක් නිසාද?

නැකැත් පොරොන්දම යනු ජන්මියා උපන් නැකත අනුව විමසා බැලෙන තත්වයකි. උපන්නැකත යනු උපතේ දී චන්ද්‍රයා සිටි නක්ෂත්‍ර කාණ්ඩයයි. චන්ද්‍රයා යනු මිනිස් සිතට අධිපතිත්වය දරන ග්‍රහයාය. මිනිස් සිත සියළුම ධර්මතාවන්ට බලපාන ප්‍රධානතම සාධකය බව බුදුරදුන් ද "මනෝපුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා..." යනුවෙන් දක්වා ලූ කල නැකැත් පොරොන්දමේ පවතින අද්විතීය වැදගත්කම හා අත්‍යාවශ්‍යතාව පැහැදිළි වෙයි.

ග්‍රහ පොරොන්දමට අදාළ ගණනය කිරීම් සඳහා ලග්නය, චන්ද්‍රයා, හා සිකුරු යන ග්‍රහයින්ගෙන් 1,2,7,8 යන භාවයන්හි දී තැන්පත් ග්‍රහයින් අනුව ඒ ඒ තැන්පත් ග්‍රහයින්ගේ තත් රාශියට තිබූ සම, මිත්‍ර, අමිත්‍ර, ස්වක්ෂේත්‍ර, උච්ඡ යන උප්පත්ති නිසර්ග තත්වයන් මත ලබාදෙන ඇගයීම් ලකුණු පාපංශක වශයෙන් ගණනය කෙරේ. මීට අමතරව ස්තී පුරුෂ දෙදෙනාගේම කේන්ද්‍රවල පවතින විෂ දෝෂ, වැන්දඹු දෝෂ, විකලාංග දෝෂ, මාතුල හා පිතු නාශ දෝෂ, දාරක නාශ දෝෂ , භාතෘ නාෂ දෝෂ, කුල නාශ දෝෂ, ව්‍යාභිචාර දෝෂ ආදී විශේෂිත ග්‍රහ පිහිටීම් කවර මට්ටමක පවතීදැයි විමසීම ද ග්‍රහ පොරොන්දමේ දී විමසා බැලිය යුතු කරුණු වශයෙන් පෙන්වාදිය හැකිය.

පරිගණක මෘදුකාංග කෙතරම් මෙම අවකාශය තුළ කටයුතු කරනවාද යන්න පිළිබඳ පවතින්නේ එක් අදහසක් පමණි. පරාශර ලයිට් 7 මෘදුකාංගය මෙම මෘදුකාංග අතරින් ඉහළම තැන සිටින අතර ඇස්ට්‍රොවිෂන් ලයිෆ් සයින් මෘදුකාංගයේ නවතම සංස්කරණයක් මෙකී අවකාශය තුළ යම් තැනක හිඳින බව පැවසිය හැකිය. නමුත් මෙම මෘදුකාංග දෙකම ඉතා ඉහළ මිල ගණන් කැප කළ යුතු මෘදුකාංග වශයෙන් පෙන්වා දිය හැකිය. එසේම ගෝරාවනී නමින් යුතු මෘදුකාංගයක් ද මේ පමණකට අවකාශය තුළ සම්පත් දායකත්වයක් සපුරා ඇති බව පැවසිය යුතුය.

සාමාන්‍ය පාඨක ඔබ කොළඹ විශ්ව විද්‍යාලයේ සරත් සෝමසිරි නමින් හඳුනන පරිගණක විද්‍යාව පිළිබඳ කථිකාචාර්‍ය්‍යවරයා විසින් 1995 වසරේ දී "සී පරිගණක භාෂාවෙන්" මුලින්ම සරල නමුත් නිරවද්‍යතාව අනුව ඉහළ අගයක පැවැති Fortune Teller.exe , Astro.exe හා Match.exe නමින් අප සමාජයේ පැවති මෘදුකාංග යම් පමණකට අවශ්‍යතාව සපුරාලූව ද යථෝක්ත කරුණු කවර පදනමකින් පසුරාලන්නේ ද යන්න අපට ද ගැටලුවකි.

© M. M. Rohana Wasantha 0714161082/ 0723430028/ wasantha2010@gmail.com

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්