Saturday, January 5, 2013

2015 දි විවාහ වෙන්න ඉන්න ඔබට නැකැත් දෙන්න විදියක් නෑ කිව්වද?

අපේ ජ්‍යෝතීර්වේදීන්ට දොසක් කියනව එහෙම  නෙවෙයි. මොකද උදව්වක් කරන්නයි බැලුවෙ. තරහ ගන්න ඕන නෑ ඕන් ඈ...ඈ... අපේ ලිත් ප්‍රකාශක මහත්වරුන්ටත් මම හිතන්නෙ උදව්වක් මේක. මොකද මුද්‍රණ වියදම් අධික නිසා ඉදිරියට අවුරුදු 10කට හෝ 20කට හරියන විදියට ඔබේ පාඨක දෛවඥ මහතුන්ට ග්‍රහස්ඵුට දැක්වෙන ලිතක් මුද්‍රණය කරල විකුණ ගන්න බැරි උනොත් මාර ලෙඩක් නේ. 

අපේ කෙන්දර සිංහලෙන් වෙබ් අඩවියට යන එන පාඨක ඔබට ජගන්නාථ හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගය කියන්නෙ අමුතුවෙන් හඳුන්වා දිය යුතු මෘදුකාංගයක් නොවන බව අප දන්නවා. ඒ අනුව අද ඉදිරියට ඕනෑම වසර ගණනක් සඳහා ග්‍රහස්ඵුට ගණනය කර ගන්නවා වාගේම එදිනෙදාට හෝ ඉදිරි ඕනෑම වසරක් සඳහා නැකැත් සාදා ගැනීමට ජගන්නාථ හෝරාවෙන් පඞ්චාඤ්ගය බලාගන්න හැකි කියා දෙන්න ඔනෑය යන අදහස හිතට ආ හෙයින් මෙම ලිපිය ලියන්නට සිත් විය.

ඔබට මතක ඇති  ජගන්නාථ හෝරා මෘදුකාංගයේ පැනල් සිලෙක්ෂන් ටැබ් එක මතක ඇති නේද?


මේ පැනල් සිලෙක්ෂන් ටැබ් එකේ ‘‘මිසලනි“ කියල කියෙනව නේද ටැබ් එකක්. අන්න එතනට යමුකො. ඒ මිසලනි කියන ටැබ් එකට ගියාම ඒ ටැබ් එකේ අදාළ දෑ විස්තර කරන පිටුවෙම පහළ ඇති ‘‘පඞ්චාඤ්ග“ කියල සබ් පැනල් සිලෙක්ෂන් ටැබ් එකක් තියනව පහළ රූපයේ දැක්වෙන ආකාරයට.

හැබැයි අපිට නැකත ගන්න ඕන කරන වර්ෂය ද අදාළ මාසය ද දිනය ද හා වෙලාව ද මූලික දත්ත ඇතුළත් කිරීමේ ප්‍රවේශ කවුළුවෙන් ඇතැළත් කොට සිටිය යුතු බව මතක තියාගන්න. මට 2025 අවුරුද්දෙ මැයි මාසෙට විවාහ නැකතක් දෙන්න තියෙනවා යැයි සිතන්න. එවිට මම 2025 වසර හා මැයි මාසය ලකුණු කොට මාසේ කුමන හෝ දිනයක් සහ ඕනෑම වේලාවක් ඇතුළත් කර සිටිය යුතුය.   
එවිට ඉහත රූපයේ දැක්වෙන ආකාරයට අප යෙදූ දිනයට අදාළ දිනයේ හා පසු දිනයේ පඞ්චාඤ්ගය දිස්වන අතර එම තිරයේම රයිට් ක්ලික් කළ විට ඉහත ආකාරයට උප මෙනුවක් දිස්වනු ඇත. එම උප මෙනුවේ ‘‘කොපි මන්ත්ලි පඞ්චාඤ්ග්“ යනුවෙන් දක්වා ඇති තැනට ගොස් ක්ලික් කළ විට ඔබට අවශ්‍ය මාසයේ පඞ්චාඤ්ග විස්තරය තාවකාලික මතකයේ ක්ලිප් බෝර්ඩයට කොපිවන අතර දැන් එක්සෙල් හෝ වර්ඩ් ගොණුවක් විවෘත කොට කොන්ට්‍රෝල් බටනය සහ වී අක්ෂරයන් එකවර එබීමෙන් හෝ රයිට් ක්ලික් කොට පැමිණෙන මෙනුවේ පේස්ට් ඔප්ෂණය තෝරාගැනීමෙන් අදාළ මාසයේම පඞ්චාඤ්ගය සවිස්තරව අදාළ වර්ඩ් හෝ එක්සෙල් ගොණුවට ලබාගත හැකි වේවි. 

ආයු වඩ්ඩකෝ... ධන වඩ්ඩකෝ ... සුඛ වඩ්ඩකෝ ... වණ්න වඩ්ඩකෝ හෝතු සබ්බදා!
එම්. එම්. රෝහණ වසන්ත 

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්