Showing posts with label Manthara. Show all posts
Showing posts with label Manthara. Show all posts

Friday, March 27, 2015

ශ්‍රී නාරද ගණේෂ යන්ත්‍රය

මෙම යන්ත්‍රය ශ්‍රී නාරද මුණි විසින් නිර්මිත එකක් වන අතර ළමයින්ගේ අධ්‍යාපන කටයුතුවලට ඇතිවන මන්දගාමී සිතිවිලි කම්මැලිකම් මගහැරවීම සඳහා භාවිත කළ හැකි එකකි.


මෙය භාවිත කිරීම සම්බන්ධව තොරතුරු දැන ගැනීමට අවශ්‍ය කෙනෙක් වේ නම් අමතන්න.

© M. M. Rohana Wasantha 0714161082

Sunday, September 15, 2013

Navakundaraja for purification - කිළි පහකිරීමට නවකුණ්ඩරාජය


මෙහි දැක්වෙන වචන අපහැදිළි බව ඇතැම් බ්‍රව්සරයන්හි දිස්විය හැකි අතර නිවැරදි දිස්වීමක් සඳහා මෙය ඩවුන්ලෝඩ්කර බැලිය යුතු බව කිව යුතුය.

© M. M. Rohana Wasantha

Thursday, January 31, 2013

ගණපති මූල මන්ත්‍ර



ඕම් ශ්‍රීම් හ්‍රීම් ක්ලීම් ග්ලෞම් ගම් ගණපතයේ වර වරද සර්ව ජනම් මේ වසමානායස්වාහා ෴ 108 වරක් වත් අඩු තරමේ ගායනා කළ යුතුය.


© M. M. Rohana Wasantha

Monday, September 3, 2012

සූර්ය නමස්කාර ඉරියව් හා ද්වා දස සූර්ය දේවතා නමස්කාර පාඨ



සූර්ය නමස්කාර ඉරියව් Image Source: http://www.yugshaktiashram.org




ද්වා දස සූර්ය දේවතා නමස්කාර පාඨ Image Source: http://www.indif.com




සූර්‍ය්‍ය දේවතාවුන් Image Source:http://www.hindu-blog.com

සිංහලානු වාදය
  1. ඕම් මිත‍්‍රාය නමහඃ ෴
  2. ඕම් රවායේ නමහඃ ෴
  3. ඕම් සූර්යාය නමහඃ ෴
  4. ඕම් භානවේ නමහඃ ෴
  5. ඕම් ඛගාය නමහඃ ෴
  6. ඕම් පුෂ්නෛහ් නමහඃ ෴
  7. ඕම් හිරණ්‍යඝර්භාය නමහඃ ෴
  8. ඕම් මරිචයේ නමහඃ ෴
  9. ඕම් ආදිත්‍යාය නමහඃ ෴
  10. ඕම් සාවිත‍්‍රයේ නමහඃ ෴
  11. ඕම් අර්ක්‍යාය නමහඃ ෴
  12. ඕම් භාෂ්කරාය නමහඃ ෴
Courtesy ; http://www.youtube.com/watch?v=E12nC14NIUQ

සැලකිය යුතු - මේෂ ලග්න හිමියන් සූර්ය දේව නමස්කාරය කිරීමේ දී රවි ග්‍රහයාගේ ග්‍රහ නාමය වන ‘රවි‘ යන්න ප්‍රකාශ නොකට යුතුය. 

© M. M. Rohana Wasantha

Saturday, August 25, 2012

෴ දුම්මල මාලාව෴

නමෝ නමඃ ශ්‍රී ඝණාය නමෝ නමඃ ශ්‍රී ඝණාය නමෝ නමඃ ශ්‍රී ඝණාය නමෝ සද්ධර්ම වර චක්කවර්තී අප තිලෝගුරු භාග්‍යවත් අර්හත් සම්‍ය සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ වී දී දාස් වඩින්න ඕනයි අධිෂ්ඨානයක් සිතූසේක. එවිට අත්ති නම් මහා රුසියා කියන්නේ එසේ වී නම් ස්වාමීනී තමුන්නාන්සේට කවර කලෙක වත් පූජා නොකළ දෙයක් පූජා කරන්න ඕනැයි කියා දෙලක්ෂ හතලිස් දහස් උස ඇති ඝණකඩ මහා බොල් පොලව පලාගෙන ගොසින් නව ලක්ෂ අට දහස් යොදුන් උස ඇති ජල පොලව පලාගෙන ගොසින් මහකෙල නාග රජ්ජුරුවන්ගේ පෙන ගොබේ තිබුන සල් දුම්මල සත් මිටක් ගෙන අපගේ ස්වාමීන් වහන්සේ වැඩ සිටි මැණික් බැඳි වජ්‍රාසනේට පූජා කළ සල් දුම්මලයි අදත් මා මේ පුදන්නේ, ලොව්තුරු බුදුන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් එකී දුම්මල මහා බුද්ධ මාලාවෙන් ජීවම් කරමි, ජීවම් කරමී, ජීවම් කරමී, සිද්ධි සිද්ධී ඒස්වාහඃ ෴

© එම්. එම්. රෝහණ වසන්ත 071416082/ 0723430028/ wasantha2010@gmail.com
© M. M. Rohana Wasantha

෴ මරු යකාගේ අට කොණ ෴

ඉඳුරු දිගේ සිට මට අත වනන්නා

වඳුරු වේසයෙන් ඇවිදින් පෙනෙන්නා

විදුරු කඩුව ගෙන මගෙ සිරසට ඇන්නා

රුදුරු මරු යකා ඇවිදින් පෙනෙන්නා


උපා සොයා අග්නිය කොණ සිටින්නා

පාප කන්ඩ කට ඇරියා සිටින්නා

පාපා යම කඩුව සුරතින් දරන්නා

කපා මගෙ බෙල්ල මරුවා ලේ බොන්නා


යම දිග සිට මරු යකු අත වනාපී

කම නැති රලු කමකි ඌ මට රවාපී

තම අත තිබුන කඩුවෙන් පපුවට ඇණපී

බිම හෙළමින් පුපත් මගේ ලේ බීපී


නිරිත කොණේ සිට මරුවා බලන ර‍ඟේ

සුරත යගදාව වමතින් රැගෙන කගේ

දෙහද කර කපා කඩුවෙන් ඇණපු උගේ

කැවුතු කැටිය කනවා මරු යකා ම‍ගේ


ඇවිදින් වයඹ කොණ මරු යකු සිටින්නේ

සුරතින් කඩුව ගෙන අමුසොහොනට යන්නේ

සරොසින් හරු යකා මට කඩුවෙන් ඇන්නේ

විගසින් ඇවිත් දෙකඩව මගෙ ලේ බොන්නේ


කන්ඩ මිණීසවුමේ පුර සිටින ර‍ඟේ

බොන්ඩ රීරි බිල්ලක් අත දරාගේ

ඉන්ඩ නොදී මරු යකු වද කරන ර‍ඟේ

කෙණ්ඩ පතුළ කනවා මරු යකා මගේ


ඊසාන් මරු යකු ඇවිදින් සිටිපී

ගසා මරු හඩක් අත්පොසන් දීපී

ගසා යමගුරෙන් ඌ මට වද කරපී

ලසා නොව ඇවිත් පදපතුලෙ ලේ බීපී


සක්වල ගල උඩට ඇවිත් මරු යකු මට අත වනපී

එක් අතකින් මිනියක් ගෙන බෙල්ල කඩා ලේ උරපී

දත් මිටි කන්නා ඉලව්වෙ නෙත් රතු කර බලාපී

දික් කර අත මට අනින්ඩ කඩුවක් ගෙන උරුක්කරපී


රොහොස් වෙලා ගොස් ඒ යකු අහස්තලේ ඉන්නා

අහස් වලාවෙන් ඇවිදින් මෙසක්වලට පැන්නා

දහස් ගණන් ගිණි ජාලා කටින් විහිදුවන්නා

දෙඇස් මගේ උපුට කන්ඩ හෙල්ල තලෙන් ඇන්නා


නපුරු මරු හඩක් ගසමින් අමු සොහොනට ආවා

උරිරු බොන්න මිනියක් ගෙන අන්න බෙල්ල කැඩුවා

විදුරු කඩුව අරන් අතට මා කපන්ඩ හැදුවා

කුරිරු මරු යකු අර ගං ඉම ළඟ එවනා


හපා කන්ඩ කට බලියා සොහොන ළඟට යන්නා

කපා කන්ඩ මිනී මාලු කඩුව අරන් ඉන්නා

එපා කියද්දී ඇවිදින් කඩුවෙන් මට ඇන්නා

අපොල් ඉලව්වෙයි මරු යකු කඩුල්ල මුල ඉන්නා


සැනෙකින් යති අමු සොහොනට මිනී කන්ඩ නිතරේ

රුදුවන් මරු හඩක් ගසා එන්නා යකු මෙවරේ

ඉතිකින් මොහු මිනී මරයි සිටගෙන ගන අඳුරේ

ඇවිදින් මරු යකා මෙන්න පාය පාමුල පැදුරේ


විකයි අල්ලගෙන මිනියක් බලා ඉන්න බැරුවා

සැකයි ඉන්න මුගෙ අවගති දුටුවම බය වෙනවා

කපයි බෙල්ල කඩුවක් ගෙන ළඟටම ළං වෙනවා

අපොල් ඔන්න හත් ඉලව්වේ මරු යකු මා මැරුවා


සොහොන් දණ්ඩ දිගට තියා තුන් පලකින් බැඳලා

අරන් යන්ඩ අමු සොහොනට දෙන්නෙක් කර ගහලා

වරෙන් යන්ඩ අමු සොහොනට ආතුර අත් හැරලා

ඉතින් මෙන්න බාරයි මා ආතුර අත් හැරලා


අඩාදොඩා අරගෙන ගොස් දාපල්ලා අමු සොහොනට

ලෙඩාට බුදු ගුණ පිහිටයි බැඳපල්ලා පිරිත් හුයට

වඩා මෙතන රැක නොසිටින් සිටියොත් දෙනවා තද බැට

ලෙඩා නමට මා බිලිගෙන ලෙඩ කළ මරු යකුනි තොපට


අඩමොරගා අරගෙන ගොස් අමු සොහොනට දාපල්ලා

ලෙඩාට බුදු ගුණ පිහිටයි පිරිත් හුයට බැඳපල්ලා

දිව බල ‍අපෙ මුණි උතුමන් අණසක සිහි කරපල්ලා

ලෙඩ ආතුර හට විගසින් පිරිත් නූල් බැඳපල්ලා


මරු යකාගේ අටකොණ සහ මේ කවි පෙළ වලදැරහැවේ සබරගමුවේ ඉපැරණි කඩතුරා හැරීමේ ක්‍රමයක් වශයෙන් අප්‍රචලිතව පැවත එයි.

© M. M. Rohana Wasantha

෴ යක්ෂ දෝෂ නිවාරණයට යාතුකර්ම විධීන් කිරීමේ දී කඩතුරාව හරින අන්දම ෴

වමත පන්දම දරා - දකුණ දුම්මල මතුරා

හරවමින් කඩතුරා - පිදේනි දක්වා එහිම සෙත් කරා


බෝධිය සත්තෙන් පා දහම් සෙත්පුරා - සෑසී තිලෝනා

සුගත්බෝධිය මුල වැඩ හිඳ මුරා පස් මරුන් - ලොව සෙත් කළා නම් යමෙක්


නාදිය දම් සඟු තුනුරුවන් තේජසින් මේ යක් පිසස් දුරහැරා

මේ විදි ලෙස මෙපිදේනි සරහා දැක්කුමෙන් - සෙත් කර හරින් කඩතුරා


උප ගත වූ උරුවෙල් දනව්වත් සයත් - හික්මන් සුජාතා ළඳුන්

කැප කර කිරි පිසූ වළඳමින් - මුනි තුමන් මුලදී මැරූ පස් මරුන්


අප සනරාමර ලෝ දිවාකර සියල් - දක්ෂකම් බුදුන්ගේ තේජසින්

ලොබ කර උවදුරු කඩතිර හැර යෙහෙන් - සෙත්කර හරින් කඩතිරා


ජටිල ජටිල කේෂාම් ලම්බ හස්ත්‍රං තිනේත්‍රං

කරක ලිතක පාල සූල පාසා කුසං ච

පුනරපිකර චත්‍රං කර්ග වේතාල ඝංඨං

සුනකමය වස්ත්‍රං - සිවවටුක යංත්‍රං - පැවත විෂ්ණූය හංත්‍රං


ඕං ශ්‍රීං ශ්‍රීං ශ්‍රීං ජං ජං ජර්ග රූපාන් දිං දිං දීර්ඝ රූපාන් දිසි වර්ග රූපාන් භූමි කම්පාය මානාං සං දීර්ඝ කොට වෙස්සන්තරාව ගුරු මීන රේවතිය නක්ෂත්‍ර ජල රාක්ෂයාට දා ව ආවා වූ යම් යක්ෂ රාක්ෂ භූත ප්‍රේතාදී කෙනෙක් ඇත්නම් වීර්යයෙන් කාර්යය සිද්ධ ‍කර දෙන්නා වූ සූර්ය දිව්‍ය රාජයා මස්තකයෙන් මෙම ශ්‍රී ලංකාද්වීපයට උදා වෙන්න පළමුවෙන් රං දොරේ - රිදී දොරේ - මුතු දොරේ - මැණික් දොරේ මෙසේ සිව් කවුලු දොරවල් ඉඩහරවා සක්වල දස දහසක් ඝණාන්ධකාර පිණිබින්දු විහත විද්වංසනය කරමින් මෙම සැන්දෑ සමයමේ නෙර්තය දක්වන්නට බැඳි යක්ෂ කඩතුරාව මුදාගන්න හොඳයි - පස්වාන් දහසක් - /// පස්වාන් දහසකට ආයු බොහෝ ‍වේවයි, බොහෝ වේවා ////


© M. M. Rohana Wasantha, එම්. එම්. රෝහණ වසන්ත 071416082/ 0723430028/ wasantha2010@gmail.com

Monday, August 20, 2012

2012 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ජය ලබන්නට නිවසින් පිටවීමට මෙන්න අනඟි සුභ මුහුර්ථය...

2012-අගෝස්තු මස - 26 වන දිනට යෙදී ඇති මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නිවසින් පිටත්වීම සඳහා ලාංකේය දුවා දරුවන්ට අනඟි සුභ මුහුර්ථයක් උදෑසන 07.06ට යෙදී ඇති බව සැළකරනු කැමැත්තෙමි.

මෙදින නිවසින් පිටත් වීමට පෙර තල හා උක් හකුරු මිශ්‍ර කිරිබතක් පිළියෙළ කරවා පළමු කොටස බුදුන්ටත් දෙවන කොටස සූර්ය දේවතාවුන්ට ගණ දෙවියන්ට හා සරස්වතී දේව මෑණියන්ට පුදා සූර්ය දේවතාවුන් නමස්කාර කොට සරස්වතී හා ගණ දෙවිඳුන් උදෙසා සමන්පිච්ච හෝ ගැට පිච්ච මල් දෙමිටක් පුදා ඉෂ්ට දේවතාවුන්ට පින් දී දෙමාපියන් පා වැඳ නැගෙනහිර දිශාභිමුකව දරුවාගේ දකුණත නැහැය ළඟට කරවා සාමාන්‍ය අයුරින් හුස්ම වඩාත් හොඳින් වැටෙන පැත්තේ පය පෙරට තබා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නිවසින් පිටත්වීම ජය කැන්දන්නට සමත් වන බව සඳහන් කරමි.

සූර්ය දේවතාවුන් නමස්කාරය

ජපා කුසුම ශංකාශම් - කාශ්‍යපේයං මහාද්‍යුතිම්
තමෝරිං සර්ව පාපාග්නාම් - ප්‍රණතෝස්මි දිවාකරම් (තෙවරක්)

ගණදෙවිඳුන් නමස්තාරය





















ඕං සමුඛාය නම: ඕං එක දන්තාය නම: ඕං කපිලාය නම:
ඕං ගජ කර්ණිකාය නම: ඕං ලම්බෝදරාය නම: ඕං විකටාය නම:
ඕං විග්නරාජාය නම: ඕං ගණපතියේ නම: ඕං ධූමකේතුවේ නම:
ඕං ගණාධ්‍යක්‍ෂාය නම: ඕං බාල චන්ද්‍රාය නම: ඕං ගජ ඝණාය නම:
ඕං චක‍්‍රතුන්ඩාය නම: ඕං ශුර්ප කර්ණාය නම: ඕං හේරම්භාය නම:
ඕං ස්කන්ධ පූර්වජාය නම:

චක්‍රතුණ්ඩ මහා කාය - කෝටී සූර්ය සමප්‍රභ: - නිර්විග්නම් කුරු මේ දේවං - සර්ව කාර්යේෂු සර්වදා...

සරස්වතී දේව මෑණියන් නමස්කාරය













image source: https://encrypted-tbn2.google.com/images?q=tbn:ANd9GcRejfbCi22zGByerHM5SAwpd1X9pcf1gb0dFDp6UmvdhGNeIWZa


ජගන් මෝහිනී මධුර භාෂිනී චාරු දේහිනී කමල වාචිනී
සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී වන්දේ...

සරස්වතී මහා දේවී වීණා පුස්තක ධාරිනී හංස වාහිනී සමායුත්තේ විද්‍යා දානං කුරූ මම ...
සරස්වතී භජම් මයිහං වර දේව කාම රූපනේ විද්‍යාරබ්බං කරිස්සාමී සරස්වතී භජම්තු මේ...

ඕම් කාලී බන්ධ, වර කාලී බන්ධ, මෙරහත් කාලී බන්ධ, දිව අගට ඉරු දෙවියන් බන්ධ,
දිව මුළට සඳ දෙවියන් බන්ධ, උගුරට සරස්වතී බන්ධ සිව්සැට ශිල්ප විද්‍යා කවි කියන
මාගේ මුඛයට යක්ෂ හඩ, රාක්ෂ හඩ, පංචනාද පසක් විහිදුවා වට සිටියන් දෙකණ් බිහිරි කරවා සරස්වතී බන්ධ බන්ධ ඒස්වාහ:

දරුවාගේ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කරවා අභියෝග ජය ගැනීමට හුරු කරවීමට කැමති සියළු දෙමව්පියන් වෙත මෙම තැකැත් පඩුර පුදකරමි.

සැලකිය යුතුයි-
මෙම වේලාව සකස් කර ඇත්තේ තංගල්ල නගරයට ඉර උදාවන වේලාව අනුව බැවින් තම තමුන්ගේ ග්‍රාමයට ඉර උදා වේලාව අනුව මෙම වේලාවෙන් අඩු හෝ එකතු කර ගත යුතුය.

© M. M. Rohana Wasantha - 0714161082/0723430028 wasantha2010@gmail.com

මෙම සුභ මුහුර්ථය සකස් කර ඇත්තේ ජගන්නාත හෝරා මෘදුකාගයට අනුව 7.62 අනුවාදය භාවිත කිරීමෙන් බව සළකනු මැණවි. මෙදින පඤ්චාංග විස්තරය ජගන්නාත හෝරා මෘදුකාගයට අනුව 7.62 අනුවාදයට අනුව මෙසේය.

August 26, 2012:
Sunday, Sukla Dasami till 2:20*, Jyeshtha till 9:16,
Vishkambha yoga till 15:44, Taitula karana till 15:19,
Garija karana till 2:20*, RahuK: 16:34 - 18:04,
GulikaK: 15:04 - 16:34, YamaG: 12:04 - 13:34,
Varjya: 16:53 - 18:25,
Durmuhurta: 16:36 - 17:24,
Sunrise at 6:05, Sunset at 18:13,
Moonrise at 13:43, Moonset at 1:51*,
Moon in Vrisch till 9:16

Horas: (End times)
Sy: 7:04 Sk: 8:04 Bu: 9:04 Ch: 10:04 Sa: 11:04 Gu: 12:04
Ma: 13:04 Sy: 14:04 Sk: 15:04 Bu: 16:04 Ch: 17:04 Sa: 18:04
Gu: 19:04 Ma: 20:04 Sy: 21:04 Sk: 22:04 Bu: 23:04 Ch: 0:04*
Sa: 1:04* Gu: 2:04* Ma: 3:04* Sy: 4:04* Sk: 5:04* Bu: 6:04*

Gouri Panchanga/Choghadiyas: (End times)
Udyoga: 7:35 Chala: 9:06 Laabha: 10:37 Amrita: 12:08
Kaala: 13:39 Shubha: 15:10 Roga: 16:41 Udyoga: 18:13
Shubha: 19:41 Amrita: 21:10 Chala: 22:39 Roga: 0:08*
Kaala: 1:37* Laabha: 3:06* Udyoga: 4:35* Shubha: 6:04*

Natal Chart

Date: August 26, 2012
Time: 7:06:47
Time Zone: 5:30:00 (East of GMT)
Place: 80 E 44' 00", 5 N 59' 00"
tangalla, Sri Lanka
Altitude: 0.00 meters

Lunar Yr-Mo: Nandana - Adhika Bhadrapada
Tithi: Sukla Dasami (Ch) (87.27% left)
Vedic Weekday: Sunday (Sy)
Nakshatra: Jyeshtha (Bu) (9.53% left)
Yoga: Vishkambha (Sa) (40.51% left)
Karana: Taitula (Bu) (74.54% left)
Hora Lord: Sukra (5 min sign: Tula)
Mahakala Hora: Surya (5 min sign: Kark)
Kaala Lord: Surya (Mahakala: Surya)

Sunrise: 6:04:31
Sunset: 18:13:02
Janma Ghatis: 2.5944

Ayanamsa: 24-02-01.57
Sidereal Time: 5:18:35

සුභ මුහුර්ථය යෙදී ඇති වේලාවේ මරු සහ යෝගිනිය සිටින දිශාව දැකගන්න මෙම රූපය මත ක්ලික් කර බලන්න.











සුභ මුහුර්ථය යෙදී ඇති වේලාවේ අනෙකුත් ග්‍රහයින් සිටින දිශාවන්දැකගන්න මෙම රූපය මත ක්ලික් කර බලන්න.













2012 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ජය ලබන්නට නිවසින් පිටවීමට මෙන්න අනඟි සුභ මුහුර්ථය...යෙදී ඇති වේලාවට පිහිටා ඇති යෝග විස්තරය බලාගන්න.



Friday, May 18, 2012

අභිසම්භිදානෙ යන්ත‍්‍රය








ඉතා බලගතු බුද්ධ මන්ත‍්‍රයක් සේ සැළකෙන අභිසම්භිදානේ යන්ත‍්‍රය රත‍්‍රන් හෝ තඹ හෝ රිදී පත‍්‍රයක ඉහත දැක්වෙන පරිදි ඇඳගත යුතුය. කොන් සම විය යුතු අතර මුළු පරස් තිබිය නොහැකිය. ආතුරයාගේ නම යෙදීම හිස්තැනට විය යුතුය. ලියන විට අකුරු නොවරදවා අකුරකින් අකුරක් නොකපා බැඳි අකුරු බැඳ ම ලිවිය යුතුය.

මෙම යන්ත‍්‍ර විධියේ දී ද දිෂ්ඨි, පාණ, ජප, පලිප්පු, සිද්ධි, පුට යන පිළිවෙළට කළ යුතුය. ‘ජප’ යන තැනට අභිසම්භිදානේ පිරිත යොදා කළ යුතුය. ජපය 108, 1008, 10001, ආදී වශයෙන් වාර ගණන වැඩි වන තරමට ගුණ පිහිටයි. කිළි කුණුවලින් වැළකී, බ‍්‍රහ්මචාරීව හිඳ කළ යුතුවෙයි.

එම්. එම්. රෝහණ වසන්ත.
041-2255556/071-4161082/072-3430028

© M. M. Rohana Wasantha

Thursday, October 13, 2011

ද්වා දස මෘතුජය යන්ත‍්‍ර දොළස

මේෂ වෘෂභාදී ලග්න දොළසින් උපන්නවුන් හට රාව්‍යාදී නව ග්‍රහයින්ගෙන් පැමිණෙන මාරක අපල දුරු කිරීම සදහා පැළදිය යුතු යන්ත්‍ර දොළසක් ගර්ග සෘෂි විසින් අනුමත කොට ඇත. එම යන්ත්‍ර දොළස අද කේන්දර සිංහලෙන් පාඨක ඔබට ඉදිරිපත් කරන්නෙමු.


මෙම යන්ත්‍ර ඇදීමේ දී ද්වේත රේඛාවෙන් යුතුව එකකින් අනෙක් රේඛාව නොකැපෙන සේ ඇදිය යුතු අතර දකුණු පස කොටුවේ ඇති මන්ත්‍රය පහත ජීවම් මන්ත්‍රය යනුවෙන් දක්වා ඇත. එය සංස්කෘත දේවනාගර අකුරෙන් ප්‍රස්තාර කළ යුතු බව ද දක්වමි. මෙය සිංහල අකුරෙන් ප්‍රස්තාර කොට භාවිත කළ හැකි නමුත් නියම ප්‍රතිඵල ලබා ගැනීම සදහා අනිවාර්යයෙන්ම සංස්කෘත දේවනාර අකුරෙන්ම ප්‍රස්තාර කළ යුතු බව සිහි තබාගන්න.

මැද කොටුවේ ආතුරයාගේ කේන්ද්‍ර සටහන ප්‍රස්තාර කළ යුතු අතර හිස් කොටුවල රාශි සංකේත යෙදිය යුතු වෙයි. ග්‍රහයින් කොටුවලි ලිවීමේ දී ද ග්‍රහ සංකේතවලින් ලිවිය යුතුය.











ග්‍රහ සංකේත සටහන උපුටා ගැනීම http://www.omastrology.com/zodiacsignsymbols.php

මෙම යන්ත්‍ර දිෂ්ඨි කිරීම සදහා අනිවාර්යයෙන්ම පහත සදහන් නව ග්‍රහ දිෂ්ඨිය භාවිත කළ යුතු අතර පහත දක්වන මන්ත්‍ර අනුපිළිවෙලට අමතරව වෙනම තමුන් දන්නා දිෂ්ඨි, ප්‍රාණ, පුඨ, පලිප්පු ආදී මන්ත්‍ර භාවිත කරනු ලබූවට කම් නැති බව ද සදහන් කරමි.


x ඛුද්දක රාම දිෂ්ඨිය (මන්ත‍්‍ර දිෂ්ඨී ගැන්වීම සඳහා) - 21 වර  


ඕං ශ‍්‍රී රාම කදිරවේලා ශිව ශිව කන්දස්වාමී දීෂ්ඨි මන්ත‍්‍රරාජා දිෂ්ඨී ගුරුළු පත‍්‍රකාලී දිෂ්ඨී මහා බල මන්ත‍්‍ර රාජා දිෂ්ඨී සුර දිෂ්ඨී අසුර දිෂ්ඨී ගරු`ඩ දිෂ්ඨී දේව දිෂ්ඨී ශරීර දිෂ්ඨී යං යං භූම දිෂ්ඨී ප‍්‍රල ප‍්‍රල මහවිෂ්ණු දිෂ්ඨී මහවිෂ්ණු ධාරණී දිෂ්ඨී විරාජිත ගණපති ජය ජය සරස්වතී දිෂ්ඨී දිෂ්ඨී මන්ත‍්‍ර රාජයානේ දිෂ්ඨි දිෂ්ඨී ඒස්වාහ:  


x නවග‍්‍රහ දිෂ්ඨිය - 21 වර  

ඕං හ‍්‍රීං ආදිත්‍ය රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක‍්‍ර ශනි රාහු බඔපුත‍්‍ර දිෂ්ඨි දිෂ්ඨි වර වර නම:  

ඕං හ‍්‍රීං බ‍්‍රහ්මාණ්ඩ නවනාථ සුරේන්ද්‍ර ධවලචත‍්‍ර විචිත‍්‍රපත‍්‍ර බ‍්‍රහ්මානුභාවේන ඉන්ද්‍ර අග්නි තුරඟ හස්ථි වාරුණ්‍යං රවි ශුක‍්‍ර දිෂ්ඨි දිෂ්ඨි වර වර නම:  

ඕං හ‍්‍රීං විනිකුණ්ඩලාම් ශුක‍්‍රාං වෙසමුණි ආනුභාවේන යාම නෙර්ත මයුර ගරු`ඩ කුජපති දිෂ්ඨි දිෂ්ඨි වර වර නම:  

ඕං හ‍්‍රීං ඉන්ද්‍රනීල කංගාර ශ‍්‍රී විෂ්ණු ආනුභාවේන චර්තව්‍යත්වයං කාක හස්ථි ශනි චන්ද්‍ර දිෂ්ඨි දිෂ්ඨි වර වර නම:  

ඕං හ‍්‍රීං ගාන්ධර්ව ශංක කෛලාසනානුභාවේන මීන රවි බුධ ජීව දිෂ්ඨී දිෂ්ඨී වර වර නම:  

ඕං හ‍්‍රීං තාලඩිග්ගා බඹපුත් දිෂ්ඨී දිෂ්ඨී වර වර නම:  

ඕං හ‍්‍රීං බ‍්‍රහ්මාණ්ඩ නවනාථ සුරේන්ද්‍ර අවතාර අදත් මාගේ (මේ) මල් යහනට (යහනට) නවග‍්‍රහ දිෂ්ඨි දිෂ්ඨී වර වර නම:  

x නවග‍්‍රහ කවච  

ජපාකුසුම සංකාශං - කාෂ්‍යපේයං මහාද්‍යුතිං, තමෝරං සර්ව පාපාග්ණං - දිවාකරං ප‍්‍රණමාම්‍යහම්  

දදිශංඛ තුෂාරාහං - ක්‍ෂීරෝදාර්නව සම්භවං, නමාමි ශෂිණං සෞම්‍යං - ශම්භෝර් මකුටභූෂණං  

ධරණී ගර්භ සම්භූතං - විද්‍යුත් කාන්ති සම්ප‍්‍රභං, කුමාරං ශක්ති හස්තං ච - තං මංගලං ප‍්‍රණමාම්‍යහම්  

පියංගු කලිකාශ්‍යාමං - රූප්නෝ ප‍්‍රතිමං බුධං, සෞම්‍යං සෞම්‍ය ගුණෝපේතං - තං බුධං ප‍්‍රණමාම්‍යහම්  

දේවානං ච සෘෂිණාං ච - ගුරුං කාඤ්චන සන්නිභං, බුද්ධි භූතං ත‍්‍රිලෝකේෂං - තං නමාමි වෘහස්පතිං  

හිමකුන්ද මෘණාලාභං - දෛත්‍යනං පරමං ගුරුං, සර්වශාස්ත‍්‍රං ප‍්‍රචක්තාරං - භාර්ගවං ප‍්‍රණමාම්‍යහම්  

නීලාඤ්ජන සමාභාෂං - රවිපුත‍්‍රං යමාග‍්‍රජං, ඡුායා මාර්තණ්ඩ සම්භූතං - තං නමාමි ශනෛවරං  

අර්ධකායං මහාවීරං - චන්ද්‍රාදිත්‍ය විමර්ධනං, සිංගිකා ගති සම්භූතං තං - රාහු ප‍්‍රණමාම්‍යහං  

පලාෂ පුෂ්ප සංකාශං - තාරකා ග‍්‍රහ මස්තකං, රෞද්‍රං රෞද්‍රාත්මකං - ඝෝරං තං කේතු ප‍්‍රණමාම්‍යහං  

x නවග‍්‍රහ අෂ්ඨක 

භාෂ්වාන් කාශ්‍යප ගෝත‍්‍රජෝ රුණ රුචි: ය: සිංහ රාශිස්වර: ෂට් ත‍්‍රිංසාදස ශෝබනෝ ගුරු ශශි භෞ ද්වේෂ මිත‍්‍ර: සදා ශුක‍්‍රා මන්දිරිපු: කාලිංග ජනතාශ්වාංගනීශ්වරෝ දෙවතා මධ්‍යෙ වර්තුල පූර්වදිග් දිනකර: කුර්යාත් සදා මංගලම්  

චන්ද්‍ර: කරකට: ප‍්‍රභු: සීතනිගෂ්ටා ත්‍රේය ගොතද්භවස් වාගොයස් චතුරශ‍්‍රවාරුණ මුඛස් චාප්‍යෝප්‍යුමා ධීශ්වර: ෂට් තප්තාග්නි දේශෛක ශෝබන චලෝ ඥේරි: පිසෙර්කා ගුරු: ස්වාමිසාමුන දේසජෝ භියකර: කුර්යාත් සදා මංගලම්  

සෞමෙ දක්‍ෂිණ දිග් ත‍්‍රිකෝණ යසදිග් විනේස්වරෝ රක්තභා ස්වාමි වෘශ්චික මේෂයො: සුරගුරුශ්වාර්ක: ශනි සහෘද: යෞරි ෂද්ද්‍රිඵල ප‍්‍රද්ශ්ව විෂුධ: ස්කන්ධෞ ක‍්‍රමාත් දේවතෙ භාරද්වාර කුලෝද්භවාක්‍ෂිනී සුත: කුර්යාත් සදා මංගලම්  

සෞම්‍යො දද්මුක පීත වර්ණ මහදශ් වාත්‍රේස ගෝත්‍රෝද්භවා ඛ්‍යානේශාන දිශ: සුහෘච්ඡනී භ‍්‍රගු: ස්ත‍්‍ර: සදා ශීනභු: කන්‍යා යුග්ම පනීර් දශාෂ්ට චතුර: පන්තේත‍්‍රක: ශෝභනෝ විෂ්ණු: පෞරුෂ දෙවතේ ශශිසුත: කුර්යාත් සදා මංගලම්  

ජීශ්වාංශීර යෝත‍්‍ර ජෝත්තර මුඛෝ දීර්ඝෝත්තරා සංථිත: පීතෝශ්වාක්‍ෂය විච්ච සින්ධූ ජනකස් වා පෝථ මීනාධිප: සූර්යෝන් දක්‍ෂිතිජප‍්‍රියෝ බුධ ශිතෞ ශත‍්‍රං සමාශ්චාපරේ සාත: කංචි භවා ශුභ: සුරගුරු: කුර්යාත් සදා මංගලම්  

ශුකේ‍්‍ර භාර්ගව ගෝත‍්‍රජ: සිතනිභ: ප‍්‍රාතීමුඛා පූර්වදිග් පඤ්චඛ්‍යා වෘෂභස්තුල්‍යාධි: මහා රාශ්ටෝධිපෞ දිම්බර: ඉන්ද්‍රානි මඝතානු භෙ: බුධ ශනි මිත‍්‍රාර්ක චන්ද්‍රෙ: රිපු: ෂෂ්ටාදේවී දශ වර්ජිතෝ භ‍්‍රගු සුත: කුර්යාත් සදා මංගලම්  

මන්ද්‍ර: කුෂ්ණ නිභස්තු පශ්චිම මුඛ: සෞරාශ්ට‍්‍රක: කාශ්‍යප: ස්වාමීතිත‍්‍රභ කුම්භ සෝර්බුධසීතෞ චිත්‍රේ සශ්ාවිංගිර: ස්ථානං පශ්චිමදිග් ප‍්‍රජාපතිය මෞ දේවෞධනෂ්‍යා ඝන: සට්ත‍්‍රිස්ථ: ශුභ කෘච්ඡුතීර විසුත: කුර්යාත් සදා මංගලම්  

රාහුර් සීහල දේශජශ්ව නිර්සාති: තෘෂ්ණාංග සර්පපානො ය: පේඨීනසී ගෝත‍්‍ර සම්භව සම්ද් දුව_ා මුඛෝ දක්‍ෂිණ: ය: සප්‍යා ද්‍යධි දෛව තේව භිර්වාති: පුන්‍යාධි දේව: සදා සට්ත‍්‍රිස්ථ: ශුභ කෘච්ඡු සිංහිතෂත: කුර්යාත් සදා මංගලම්  

කේතුර් ජෛමිනි ගෝත‍්‍රජ: කුශ්සචිත් වායව්‍යා තේජෝත්ථිත: චිත‍්‍රාංග: ද්වජලං ජනෝභි මතුස: යෝදක්‍ෂිණාංශං මුඛ: බ‍්‍රහ්මා චෛව සචිත‍්‍ර චිත‍්‍ර සනිනප් පුන්‍යාධි දෙව: සදා සට්ත‍්‍රිස්ථ: ශුභ කෘච්ඡු ඛර්ඛරපති: කුර්යාත් සදා මංගලම්  

යන්ත‍්‍ර මන්ත‍්‍ර ප‍්‍රාණ මන්ත‍්‍රය - 21 වර  

ඕං යන්ත‍්‍ර ප‍්‍රාණ මන්ත‍්‍ර ප‍්‍රාණ ජීව ප‍්‍රාණ අජීව ප‍්‍රාණ ඉන්ද්‍ර ප‍්‍රාණ ප‍්‍රාණ ප‍්‍රාණ ජීව ජීව දිෂ්ඨි දිෂ්ඨී වර වර ඒස්වාහ:  

x ඉෂ්ඨප‍්‍රවර මන්ත‍්‍රය - 21 වර නම් වඩාත් සුදුසුය නැතිනම් අඩුම තරමින් 7 වර  

නමෝ සර්ව සූර්ය වාරුං සූර්යදේවී වාරුං නමෝ භජම් නමෝ චන්ද්‍ර වාරුං චන්ද්‍රදේවී වාරුං නමෝ භජම් නමෝ සර්ව වාරුං සර්ව දේවී වාරුං සර්වදේවී නමෝ භජම් නමෝ සර්ව යෝගංදානී වාරුං යෝගංදානී නමෝ භජම් නමෝ මස්තායලං කීර්තී මූලධාරී වරදේවී නමෝ භජම් නමෝ සන්දගනී පුෂ්පරූපී වරදේවී නමෝ භජම් නමෝ සර්ව සූනියම් තාපී කාම රූපී වරදේවී නමෝ භජම් ඕං නමෝ තුලා මණ්ඩලේස්වාහ: ඕං නමෝ ඉර රාජ මණ්ඩලේස්වාහ: ඕං නමෝ සඳ මණ්ඩලේස්වාහ: ඕ නමෝ සුර රාජ දේවතාවා වරදේව මණ්ඩලේස්වාහ: ඕං නමෝ අහස බැලී නම් අහස ගුගුරවන්නේය පොලොව බැලී නම් පොලොව ගුගුරවන්නේය දල කේ‍්‍රම යක්‍ෂනීගේ ආනුභාවයෙන් පට්ටපුලේස්වාහ: ඕං කනේරිජාලේ සින්ධූරං නමෝ භජම් ඕං නමෝ එදා තථාගතයන් වහන්සේ වජ‍්‍රාසනේ වැදහිඳ දස මරුන් බිඳුවා ජය ගත් ආනුභාවයයි අදත් මම මේ සිහි කරන්නේ එයින් මේ සබෙන් (තමන් කරන කාර්යය මෙතැනට යොදන්න) මට ජය ජය ඒස්වාහ:  

x ජීවම් මන්ත‍්‍රය - 21 වර  

ඕං හ‍්‍රීං ශ්වාය (උපන් නැකත) නක්‍ෂත‍්‍ර (උපන් ලග්නය) රාශ්‍ය ජාතස්‍ය (ආතුරයාගේ නම) නාම දේහස්‍ය වාත පිත්ත ශ්ලේශ්මාජ්වරාදී සර්වාගගත සමස්ථ රෝග දෝෂාන් හර හර නාසය නාසය ජීව දේහං රක්‍ෂ්‍ය රක්‍ෂ්‍ය සර්ව මංගලම් කුරු කුරුස්වාහ:  


x පලිප්පු මන්ත‍්‍රය - 21 වර  

ඕං නමෝ සුරවර නාරායනේ ගිණි සැර ඉඩත්තුං ශර ගුරුළු මන්ත‍්‍ර කාලී පලිප්පු ජීවප‍්‍රාණ වර වර සිටිං සිටිං අං ආං ඉං ඊං උං ඌං එං ඒං ඔං ඕං ඖ අං අ: ප‍්‍රාණ වර වර පලිප්ප දේවී සර්ව සිද්ධී ප‍්‍රාණ වර වර නම:  

x සිද්ධි මන්ත‍්‍රය - 21 වර  

ඕං හ‍්‍රීං ගෞරාඩියානේ සිද්ධී පත‍්‍රකාලියානේ සිද්ධී චාමුණ්ඩි කාලියානේ සිද්ධී මන්ත‍්‍රදේවී ඉෂ්ඨ සිද්ධී දස මෝහිනී විෂ්ණු සිද්ධී ජලධාරී යක්‍ෂ සිද්ධී අංකාර කාලියානේ ශ‍්‍රීං සිද්ධී මංශ කාලී සිද්ධී සිද්ධී ජය ජය හර හර සුරම්පි අම්මා සිද්ධී සිද්ධී ඒස්වාහ:  

x පුඨ මන්ත‍්‍රය-- (වසන) - 21 වර  

ඕං හ‍්‍රාං හ‍්‍රීං සර්ව යන්ත‍්‍ර මන්ත‍්‍රස්පුඨං කුරු කුරු සර්ව සිද්ධිකරාය සිද්ධි: සාධ්‍යං ස්පුඨං කුරු කුරුස්වාහ: (අරින) - 21 වර ඕං නමෝ ශිව ශිව ගණපතියේ සර්ව යන්ත‍්‍ර මන්ත‍්‍රස්පුඨං කුරු කුරුස්වාහ:


© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්