Sunday, September 15, 2013

Navakundaraja for purification - කිළි පහකිරීමට නවකුණ්ඩරාජය


මෙහි දැක්වෙන වචන අපහැදිළි බව ඇතැම් බ්‍රව්සරයන්හි දිස්විය හැකි අතර නිවැරදි දිස්වීමක් සඳහා මෙය ඩවුන්ලෝඩ්කර බැලිය යුතු බව කිව යුතුය.

© M. M. Rohana Wasantha

Sunday, June 23, 2013

සහාම්ස හා සහාම්ස ගණනය

සහාම්ස යනු යමෙකුගේ කේන්ද්‍රයෙහි ඉතා වැදගත් තීරණාත්මක සාධක සෙවීමේ ක්‍රමවේදයක් වන අතර උදාහරණයක් වශයෙන් රාජ්‍ය යනු රාජධානියට සම්බන්ධයක් පවතින අතර රාජ්‍ය සහාම්සය යනු රාජ්‍යත්වයට පත්වීම සඳහා තීරණාත්මකව බලපාන අවස්ථාව ගණනය කර ගන්නා ආකාරය වශයෙන් පෙන්වා දිය හැකිය.

පරදේශ යනු විදේශ රටවල් සඳහා යෙදෙන නාමයක් වන අතර පරදේශ සහාම්සය යමෙකුගේ විදේශ ගත වීම සම්බන්ධයෙන් තීරණාත්මකව බලපාන අවස්ථාව ගණනය කර ගන්නා ආකාරය වශයෙන් පෙන්වා දිය හැකිය. මෙකී සෑම ගණනය කිරීමක්ම සූත්‍රයක් වශයෙන් පෙන්වා දී ඇති අතර යථෝක්ථ සහාම්සයන් කවරේද යන්නත්, හා ඒවා ගණනය කිරීමේ සූත්‍ර කවරේද යන්නත් දක්වා ඇති බව මෙම ලිපියෙන් පැහැදිළි කෙරේ.

A – B + C ආදී වශයෙන් දක්වා ඇති යම් සහාම්සයක් වේ නම් A B සහ C යන ස්ඵුටයන් අප වෙත ඇති විටක දී අප සලකා බැලෙනුයේ A සිට B කෙතරම් දුරකින් පවතින්නේ ද යන්නත් සහ C වෙත ඇති දුර ඊට එක් කිරීමත් සලකා බලා ඇත. යම් ආකාරයකින් C ස්ඵුටය B සහ A අතර නොපවතී නම් රාශි වලය ගමන් ගන්නා දිශාවට ගණනයේ දී B සිට ගණනය කොට A හමුවන තෙක් පැමිණීමේ දී අතරතුර C හමු නොවේ නම් 30° අගයක් ඊට එකතු කිරීම සාමාන්‍ය ක්‍රමය වන බව පෙන්වා දී ඇත.

උදාහරණයක් වශයෙන් (සඳුරවි + ලග්න) යනු සූර්යාගේ සිට චන්ද්‍රයා කොපමණ දුරකින් සිටින්නේ ද යන්න සොයා සමාන දුරක් ලග්නයේ සිට ගත දුර සලකා බැලෙයි. රාශිවලය මේෂයේ සිට මීනය දක්වා ගණනය කිරීමේ දී අංශක 3600 ක පරිධියක් දක්වා මෙසේ ගණනය කිරීම් සඳහා සලකා බැලෙන බව පෙන්වා දිය යුතුය. මෙම උදාහරණයේ දී සූර්ය ස්ඵුටයේ සිට චන්ද්‍රස්ඵුඨය දක්වා ගමන් කළ දුර ඇතුළත දී ලග්න ස්ඵුටය හමු නොවන අවස්ථාවක දී අප අංශක 300 ක් ඊට එකතු කොට ගණනය කිරීම් සිදු කරන බව සැළකිය යුතුය. ඉතා වැදගත් සහාම්ස කිහිපයක් මතු දක්වා ඇති අතර බොහෝ සහාම්ස (A – B + C) ආදී වශයෙන් දිවා කාලයේ උපන් කේන්ද්‍ර සඳහා දක්වා ඇති අතර රාත්‍රී කාල කේන්ද්‍ර සඳහා (B – A + C) ආදී වශයෙන් ගණනය කිරීම් සිදු කරනු ලබන බව සැලකිය යුතුය.


















© M. M. Rohana Wasantha
0714161082/0723430028

Tuesday, June 18, 2013

ගණේෂ්වර ස්තෝත්‍රය


ශුක්ලාම්භර ධරම් විෂ්ණුම් - ශෂි වර්ණම් චතුර්භුජම් ෴ ප්‍රසන්න වදනම් ධ්‍යායේත් - සර්ව විග්නෝප ශාන්තයේත් ෴ අගඥානම් පද්මාකාරම් - ගජනානම් මහාර්නිෂම් ෴ අනේක දන්තම් භක්තානාම් ඒක දන්තම් උපස්මහේ ෴ වක්‍රතුණ්ඩ මහා කාය - කෝටි සූර්ය සමප්‍රභඃ ෴ නිර්විග්නම් කුරු මේ දේව - සර්ව කාර්යේෂු සර්වදා ෴ ප්‍රණම්‍ය සිරසා දේවම් ගෞරී පුත්‍රං විනායගම් ෴ භක්තා වාසස්මරේන් නිත්‍යම් ආයුඃ කාමාර්ථ සිද්ධයේ ෴ ගජනානම් භූතඝනාදි සේවිතම් ෴ කපිත්ත ජම්බු ඵල සාර භක්ෂිතම් ෴ උමා සුතම් ශෝක විනාශකාරණම් ෴ නමාමි විග්නේශ්වර පාද පංකජම් ෴

 © M. M. Rohana Wasantha

Tuesday, June 11, 2013

පරිගණකයෙන් පොරොන්දම් පරීක්ෂාව ගැන පැණයක් මතින් අප පළ කළ අදහසක් ...

ප්‍රශ්නය
දෙන්නෙකුගේ උපන් වේලාව ඇතුලත් කර පොරොන්දම් ගැලපීම ජගන්නාත් එකෙන් කරන්න පුලුවන්ද ඉස්සර match කියන එකෙන් කරන්න පුලුවන්
පිළිතුර
අෂ්ඨ කූඨ ලකුණු ගැලපීම පමණක් ජගන්නාථ හෝරා එකෙන් කරන්න පුළුවන්.
මමත් තවම 20 පොරොන්දම් සඳහා පාවිච්චි කරන්නෙ match කියන එක.
 නමුත් පොරොන්දම් ගැලපීම පමණක් කේන්දර ගැලපීමට භාවිත කිරීම ප්‍රමාණවත් මදි.
හේතුව යම් කෙනෙකුගෙ කේන්දරේ තියෙන්න පුළුවන් විවාහ නාශක යෝග.
ඒ වගේම විෂ කන්‍යා දෝෂ ආදී විවාහය කඩාකප්පල් වෙන දෝෂ තත්වයන්.

ඒ දෝෂ තත්වයන් පොරොන්දම් පරීක්ෂාවේ දී අසුවෙන්නේ නෑ.
කේන්දර ගැලපීම සහ පොරොන්දම් ගැලපීම කියන්නෙ දෙකක්.
ඒ නිසා කේන්දර ගැළපීමයි අපි කළ යුත්තේ පොරොන්දම් බලන විට දී
අෂ්ඨ කූඨ පරීක්ෂාවත් දස පොරොන්දම් පරීක්ෂාවත් විසි පොරොන්දම් පරීක්ෂාවත්
කියන තුනමත් බැලිය යුතු අතර තවත් කේන්දරේ ගතවන දශාවන් අතුරු දශාවන්
වගේම විශේෂයෙන් ග්‍රහ පිහිටීම් අනුව විවාහයට අදාළව කරුණු සොයා බලන
නවාංශක කේන්දරය, උප පදය, ආරූඪ පාදයෙන් හත්වැන්න යන භාවයන් වගේම
ලග්න කේන්දරේ 2,7,12 යන භාවයන් සලකා බලා ඒවායේ අධීපතීන්, රාශිදෘෂ්ඨි,
බාධක, අරගලා ආදිය විමසා බලා තීරණයකට පැමිණිය යුතුය.

Sunday, March 24, 2013

    රෝහණ විහාරවංශය ඇරඹුන වගයි෴

කුඩාවැල්ල වාළුකාරාම පුරාණ මහා විහාරස්ථනය කේන්ද්‍ර කර ගනිමින් විහාරාධිපති ශාස්ත්‍රපති මාවැල්ලේ ජයසිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි "මහින්ද චින්තන" ජාතික ප්‍රතිපත්තියට අනුගතව යමින් දකුණු පළාත් සංස්කෘතික ගරු අමාත්‍ය ඩී.වී. රෝහණ ප්‍රිය උපුල් මැතිතුමාගේ සංකල්පයක් අනුව 2013 ක් වූ මාර්තු මස 23 වන ශනි දින සුභ මොහොතින් අන්තර්ජාල ගත කරන ලද නවතම වෙබ් අඩවියට පිවිසීමට කෙරෙන කාරුණික ආරයුමයි.


© M. M. Rohana Wasantha

Monday, February 25, 2013

පාචක/බෝධක/කාරක/වේධක ග්‍රහයින් හා ස්ථාන


පලාඵල පැවසීමේ දී අනිවාර්යයෙන්ම ජ්‍යෝතිර්වේදියෙකු දැන සිටිය යුතු ඒ ඒ ග්‍රහයින්ගේ සහයෝගීතා සහ බාධක තත්වයන් මෙසේ දැක්විය හැකිය.


ග්‍රහයින්
රවි
චන්ද්‍ර
කුජ
බුධ
ගුරු
සිකුරු
ශනි
ග්‍රහයා/භාවය
ග්‍රහයා/භාවය
ග්‍රහයා/භාවය
ග්‍රහයා/භාවය
ග්‍රහයා/භාවය
ග්‍රහයා/භාවය
ග්‍රහයා/භාවය
පාචක
ශනි/6
ශුක්‍ර/7
රවි/2
සඳු/2
ශනි/6
සඳු/2
ශුක්‍ර/3
බෝධක
කුජ/7
කුජ/9
ස‍ඳු/6
ගුරු/4
කුජ/5
බුධ/6
සඳු/11
කාරක
ගුරු/9
ශනි/11
ශනි/11
ශුක්‍ර/5
සඳු/7
රවි/12
ගුරු/6
වේධක
ශුක්‍ර/11
රවි/3
බුධ/12
කුජ/3
රවි/12
ශනි/4
කුජ/7

ග්‍රහයින්ගේ නිසර්ග තත්වයන් අනුව පාචක/බාධක/කාරක/වේධක තත්වයන් දක්වා ඇත. එසේම භාවයන් ඒ ඒ ග්‍රහයින්ට අනුරූපව දක්වා ඇත.
ස්වාර්ථ චින්තාමණියේ I -119 සිට I -124 දක්වා වූ ශ්ලෝක

© M. M. Rohana Wasantha

රාශි 12 බාධක රාශීන් හා බාධක ග්‍රහයින්

පලාඵල පැවසීමේ දී අනිවාර්යයෙන්ම ජ්‍යෝතිර්වේදියෙකු දැන සිටිය යුතු රාශි 12 න් උපන්නවුන් හට බාධක වශයෙන් ඉදිරිපත් වන  බාධක  රාශි සහ බාධක ග්‍රහයින්  කවුරුන්දැයි පහත වගුවෙන් දැක ගත හැකිය.

රාශිය
බාධක රාශි
අධිපති
මේෂ
කුම්භ
ශනි
වෘෂභ
මකර
ශනි
මිථුන
ධනු
ගුරු
කටක
වෘෂභ
සිකුරු
සිංහ
මේෂ
කුජ
කන්‍යා
මීන
ගුරු
තුලා
සිංහ
රවි
වෘශ්චික
කටක
චන්ද්‍ර
ධනු
මිථුන
බුධ
මකර
වෘශ්චික
කුජ
කුම්භ
තුලා
සිකුරු
මීන
කන්‍යා
බුධ

© M. M. Rohana Wasantha

සිද්ධාර්ථ ගෞතමයන් බුදුවීමේ දී ඇසතු ගසක් මුලට ගියේ ඇයි?...ඇනෝගේ චෝදනාවට පිළිතුරක්

ප.ලි
ඇතමුන් මෙම විග්‍රහය සමග එකඟ නොවීමට ඉඩ ඇති අතර මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අප විසින් බුදුදහම විකුණාගෙන ජ්‍යෝතිෂය මාර්කට් කරන බවට චෝදනාවක් එල්ලවී ඇති බව ද සඳහන් කරන අතර සත්‍යය එකක් මිස කිහිපයක් නොවන බව බුදුන් වහන්සේම දේශනා කොට ඇති බවත් යහපත් දේය කුමක් වුවත් එහි පාට, හා ලේබල කවර නම් දෙයක් කරන්නේ ද යන්න මාලුක්‍යපුත්ත භික්ෂුවට වරක් දේශනා කළ බව සිහිපත් කරමි.

යම් අසාධ්‍ය රෝගයකට දෙන බෙහෙත කවර නම් ජන්මියෙකු විසින් දෙන්නේ ද යන්න වැදගත් නොවන අතර එහි දී රෝගයට පිළියම් වශයෙන් දෙනු ලබන බෙහෙත එකී රෝගයට පත්‍යාපත්‍යතාව පමණක් වැදගත් බවත් පෙන්වා දෙනු කැමැත්තෙමි.

බුදුන් වහන්සේ විසින් ජ්‍යෝතිෂය පිළිකෙව් කළා නම් ඒ මනුෂ්‍ය හැකියාවන් නිලීන කරන ජ්‍යෝතිෂය පමණි. මනුෂ්‍ය හැකියාවන් උද්ධීපණය කිරීමට බලපාන ජ්‍යෝතිෂය උන් වහන්සේ කිසිවිටෙකත් පිළිකෙව් නොකළ බව සිහිපත් කළ යුතුය. භික්ෂූන් වහන්සේලාට පවා විනයකර්ම කිරීමේ දී අවශ්‍ය වන පොහොය ලැබීමේ ගෙවීමේ දින ගණනය කර ගැනීම සඳහා ජ්‍යෝතිෂය දැන සිටීම අවශ්‍ය කරුණක් බව අනුදැන වදාරා ඇති බව සිහිපත් කළ යුතුය. එසේම කාම චරිත, මෝහ චරිත, ද්වේශ චරිත හඳුනාගැනීම සඳහා දිව්‍යමය ඥාන උපදවා ගනු නොලැබූ නායක භික්ෂුවකට තම ගෝල භික්ෂූන් වහන්සේලා හික්මවා ගැනීම සඳහා උපදෙස් දීමේ දී ඔවුන්ගේ චරිත ස්වභාවයන් හඳුනාගෙන උපදෙස් දීම සඳහා ජ්‍යෝතිෂය දැන සිටීමේ වරදක් නොවන බව පෙන්වා දිය හැකිය.

ශාසනය පිරිහීමට හේතුකාරක ක්‍රියා කරන යම් පුද්ගලයෙකු මහණ නොකිරීම ශාසනයේ උන්නතියට හේතුවන බව පෙන්වා දෙනු කැමති අතර එබඳු පුද්ගලයන්ගේ චරිත කළින් දැන, දැක ගැනීම භික්ෂුවකට ඉතාම අවශ්‍ය කරුණක් බව ද පෙන්වා දෙනු කැමැත්තෙමි. පන්සලට යම් කුල දරුවෙකු මහණ කිරීම සඳහා අතීතයේ භාරදෙනු ලැබූ අවස්ථාවන්හි ප්‍රථමයෙන්ම එම දරුවාගේ කේන්ද්‍ර සටහන සමගින් භාර දුන් බව අප හොඳින් දන්නා කරුණකි. පෙර ලංකාවේ විසූ වීදාගම, වෑත්තෑවේ හා තොටගමුවේ රාහුල, මුල්කිරිගල පන්සලේ පොඩි ස්වාමින් වහන්සේ වැනි ජ්‍යෝතිශ් ශාස්ත්‍රධාරී භික්ෂූන්ගේ ක්‍රියා කලාප බෞද්ධ සංස්කෘතියේ පෝෂණයට දක්වන ලද පිටිවහල දෙස බැලීමේ දී ඒ බව මොනවට සනාථ වන බව පැහැදිලි කරුණකි.

© M. M. Rohana Wasantha

Sunday, February 24, 2013

සිද්ධාර්ථ ගෞතමයන් බුදුවීමේ දී ඇසතු ගසක් මුලට ගියේ ඇයි?



සිද්ධාර්ථ ගෞතමයන් බුදුවීමේ දී ඇසතු ගසක් මුලට ගියේ ඇයි? ද යන්න පිළිබඳ තොරතුරු විමසීමේ දී අපට පෙනී යන ජ්‍යෝතිර්වේදී කරුණු කිහිපයක් ඇත. එනම්, සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසා නැකතෙන් උපත ලැබුවේ නම් නැකැත් වෘක්ෂයට හිමි සපු ගසක් යටට නොගොස් ඇසතු ගසක් යයට ගියේ යම් කරුණක් අනුවය.  සොළොස් හැවිරිදි වියේ දී ත්‍රිවේද පරප්‍රාප්ත වූ උන් වහන්සේ උගත් ජ්‍යෝතිර්වේදයේ කියැවෙන ජ්‍යෝතිෂ කරුණු ඉතා ප්‍රශස්ථ මට්ටමින් පිළිපැද ඇති බව ඉන් මනාව වැටහී යයි. එහිලා ඉස්මතුවන කරුණු මෙසේය.
  • සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ජන්ම කේන්ද්‍ර සටහනට අනුව චන්ද්‍රයා තලා රාශියෙහිඅංශක 20ක් පසු කොට උපත ලබා තිබුණි
  • චන්ද්‍රයා ගුරු හිමි විසා නැකතේ උපත ලබා තිබුණි.
  • එසේම උන් වහන්සේගේ ජන්ම ලග්න රාශිය කටක රාශියෙහි පළමු අංශක 3 කලා 20ක් පසු කොට එළැඹි අංශක 13 කලා 20 තුළ පිහිටියේය. 
  • එබැවින් ජන්ම ලග්නස්ඵුටයට හිමි නැකත වූයේ පුෂ නැකතයි. 
  • පුෂ නැකතට හිමි වෘක්ෂය ඇසතු වෘක්ෂය වූ බැවින් උන් වහන්සේ ලොව්තුරු ඥානය උපදවා විශ්වීය ශක්තිය හා සමවැදීමට පහසුකාරක වූ ඇසතු ගසක් මුලටම ගොස් ඒ උතුම් පදවිය ලබාගත් සේක.
  • මෙහි දී අට විසි බුදුවරුන් බුද්ධත්වයට පත්වීමේ දී ඇසතු වෘක්ෂයක් මුලට ගොස් බුද්ධත්වය ලබා තිබුනේ අප සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පමණි.
  • අනෙක් බුදුවරුන් සම්බුද්ධ ඥානය ලැබීමේ දී ලොව්තුරු ඥානය උපදවා විශ්වීය ශක්තිය හා සමවැදීමට පහසුකාරක වූ වෙනත් වෘක්ෂ 27ක් යටට ගොස් ඒ තත්වයට පත් වූහ.

එබැවින් අපට පෙනී යන්නේ උප්පත්ති කේන්ද්‍ර යේ ජන්ම බාධක මගහරවා විශ්ව ශක්තීන් හා සමවැදීමට පහසුකාරක වෘක්ෂ කරා එළැඹීමේ දී උපන් ලග්න ස්ඵුටයට හිමි නැකතට අදාළ වෘක්ෂයක් වෙත යොමුවීම  වඩාත් ඵලදායක බවයි.

© M. M. Rohana Wasantha

Sunday, February 17, 2013

චන්දුලාල් එස් පටෙල් විසින් රචිත නවාම්ස ඉන් ඇස්ට්‍රොලොජි

ජ්‍යෝතිෂයේ දී නවාම්ශ භාවිතය පිළිබඳව 72, JANPATH, YEO MANSION, NEW DELHI හි SAGAR PUBLICATION අයතනය විසින් පළ කරන ලද චන්දුලාල් එස් පටෙල් විසින් රචිත මෙම කෘතිය ජ්‍යෝතිෂයේ දී නවාම්ශය ඇසුරෙන් පලාඵල පැවසීම සඳහා ඉතා ප්‍රශස්ථ මට්ටමේ කෘතියක් බව පෙන්වා දෙනු කැමැත්තෙමි. මෙම පීඩීඑෆ් ගොණුව
ස්ක්‍රිබ්ඩ් වෙබ් අඩවියෙහි නොමිලයේ බාගත කරගත හැකි අයුරින් දක්වා ඇත.

© M. M. Rohana Wasantha

Thursday, January 31, 2013

ගණපති මූල මන්ත්‍ර



ඕම් ශ්‍රීම් හ්‍රීම් ක්ලීම් ග්ලෞම් ගම් ගණපතයේ වර වරද සර්ව ජනම් මේ වසමානායස්වාහා ෴ 108 වරක් වත් අඩු තරමේ ගායනා කළ යුතුය.


© M. M. Rohana Wasantha

Tuesday, January 29, 2013

ජගන්නාථ හෝරා මෘදුකාංගය මගින් සුභ මුහුර්ත සෑදීම 03


Image Source [http://festivals.iloveindia.com/ganesh-chaturti/pics/lord-ganesh.jpg]















Image Source [https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcQszSy7Z4gMyBKf0tdFERJoMR3diYkm8yKJ8gdvBBsQXFwxEdi69g]




ඇතැම් බ්‍රව්සරයන්ගේ පවතින ගැටළු සහගත තත්වයන් නිසා මෙම PDF ගොණුව ඩවුන්ලෝඩ් කරගැනීම අපහසු අවස්ථාවක දී පහත ඇමිණුම භාවිත කොට එය බාගත කරගත හැකිය.... බාගන්න මෙතනට එන්න...

© M. M. Rohana Wasantha

Monday, January 28, 2013

ජගන්නාථ හෝරා මෘදුකාංගය මගින් සුභ මුහුර්ත සෑදීම 02

Image Source [http://festivals.iloveindia.com/ganesh-chaturti/pics/lord-ganesh.jpg]















Image Source [https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcQszSy7Z4gMyBKf0tdFERJoMR3diYkm8yKJ8gdvBBsQXFwxEdi69g]


ඇතැම් බ්‍රව්සරයන්ගේ පවතින ගැටළු සහගත තත්වයන් නිසා මෙම PDF ගොණුව ඩවුන්ලෝඩ් කරගැනීම අපහසු අවස්ථාවක දී පහත ඇමිණුම භාවිත කොට එය බාගත කරගත හැකිය....බාගන්න මෙතනට එන්න...
© M. M. Rohana Wasantha

Friday, January 25, 2013

සුභ මුහුර්ථ සාධනය - ජගන්නාථ හෝරා - 01

සුභ මුහුර්ථයක් සෑදීමේ දී ප්‍රථමයෙන්ම ඒ කවර නම් වූ කරුණක් උදෙසා භාවිත කරන්නේ ද යන්න සළකා බැලිය යුතුය. මෙහි දී සලකා බැලෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සහ ආකාශ යන පංච මහා භූත තත්වයන්ගේ සමවාය ජන්මියාට කවර නම් වූ තත්වයක් යටතේ බලපාන්නේ ද යන්න සලකා ඔහුගේ උප්පත්තියේ දී බලපාන ලද ජන්ම කේන්ද්‍රෙය් දැකගත හැකි වූ පංච අංගයට සීහෙන නැකතක් වේලාවක් යම් කිසි අභිවෘද්ධිදායක කටයුත්තක් සඳහා භාවිත කළ යුත්තේ ද යන්න සොයාගැනීමයි.

අප උදාහරණයක් වශයෙන් අකුරු කියවීමේ නැකතක් සෙවීම අරගනිමු . 

මූලිකව ජන්මියා උපන් දිනයේ උපන් වේලාවේඋපන් ස්ථානයට බලපාන ලද පඞ්චාඤ්ගය නැවත උදාවන වේලාවක් ජන්මියාගේ ඕනෑම සුභ කටයුත්තක් සඳහා භාවිත කළ හැකිය.ඒ ජන්මියාට මෙලොව උපදීමට අවස්ථාව සැළසූ  පඞ්චාඤ්ගය ඔහුට හිත අර්ථ දායක වීම අනිවාර්යය බැවිනි.

මෙයට අමතරව සරස්වතී යෝගය උදාවන වේලාවක් අකුරු කියවීම සඳහා ඊළඟට ප්‍රශස්ථ බව සැළකිය යුතුය. 


මෙයට අමතරව චන්ද්‍ර ග්‍රහණ අවස්ථාවක අකුරු කියවීම සඳහා ඉතාමත් ප්‍රශස්ථ බව අපගේ අත්දැකීම් අනුව යහපත් බව සැළකිය යුතුය.

අකුරු කියවීමේ දී නැකතක් සඳහා  මේෂ, මිථුන, කටක, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු සහ මීන යන රාශි සුභ රාශි වශයෙන් ජ්‍යෝතිෂයේ දී අපට හමුවේ.  

අස්විද, රෙහෙණ, මුවසිරස, අද, පුනාවස, මා, පුෂ, හත, සිත, විසා, අනුර, සුවණ, දෙනට, සියාවස, රේවතී, උතුරුපල්, උතුරුසල්, උතුරුපුටුප යන නැකැත් සුභ නැකැත් වශයෙන් හමුවේ. 

පුර පක්ෂයේ 2, 3, 5, 10, 11, 13 යන තිථීන් අකුරු කියවීමේ දී සුභ තිථීන් වශයෙන් ලෙන්වාදිය හැකිය.

මූලිකව නැකැත සඳහා සොයාගන්නා වේලාවට සාදා ගනු ලබන තත්කාල කේන්ද්‍රෙය් 7 වැන්නේ සහ 8 වැන්නේ ග්‍රහයින් නොසිටිය යුතු අතර සෙනසුරු ග්‍රහයා 4 වැන්නේ ද අඟහරු ග්‍රහයා 2 වැන්නේ ද 6, 7, 12 යන භාවයන්හි ග්‍රහයින් තැන්පත්ව නොහිඳිය යුතුය.

විශේෂයෙන් සළකා බැලිය යුත්තක් ඇත. නැතක සඳහා භාවිත කරන වේලාවේ දී සූර්යයා  සිටි නැකතේ සිට චන්ද්‍රයා තැන්පත්ව සිටි නැකතට ඇති දුර 8, 9, 10, 11, 12, 13, 17, 18, 19, 20, 21 සහ 22 වන නැකතක් වී නම් වඩාත් සුභ දායක බව සැළකිය යුතුය.

මෙකී කරුණු හෝරාභරණය, ඵලදීපිකාව, හා වරාහමිහිර යන කෘතීන්ට අනුව කරුණු ගොණුකර ඇති බව සැළකිය යුතුය.

මෙම කරුණු ජගන්නාථ හෝරා මෘදුකාංගයෙන් සොයාගන්නා ආකාරය ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්