Tuesday, June 22, 2010

චතුරාර්ය සත්‍ය හා ජ්‍යෝතිෂය


"ඉමස්මිං යේව බ්‍යාමමත්තකේ කලේබරේ ලෝකං ච ලෝක සමුදයං ච ලෝක නිරෝධං ච පඤ්ඤපේමි” (අංගුත්තරනිකාය, චතුක්ක නිපාතය, ලෝක සූත‍්‍රය) යනුවෙන් දේශනා කරන ලද බුද්ධ භාෂිත දේශනා පාඨය දෙස විමසිල්ලෙන් බලන විට දී පෙනී යන ප‍්‍රධාන කරුණක් ඇත. එනම්, ලෝකය, ලෝකයේ සම්භවය, ලෝක විනාශය හා ලෝක විනාශයට මග යන කරුණු සතර බඹයක් පමණ වූ මනුෂ්‍යයාගේ ශරීරය පදනම් කර ක‍්‍රියාත්මක වන බව මෙහි පෙන්වා දී ඇති බවය. එසේම ජ්‍යොතිෂය දෙස බැලීමේ දී එහි ද මනුෂයාගේ ශරීරය පදනම් කර ගත් කරුණු විග‍්‍රහ කිරීමක් දක්වා ඇත. ඒ කාල පුරුෂයාගේ අවයව කේන්ද්‍රයේ කොටු දොළසින් නියෝජනය වන බව දැක්වෙන අවස්ථාවයි.

( කාලාඞගානි චරාඞග මානනමුරො - හෘතෙක‍්‍රාඩ වාසොභෘතො

වසතිර්ව්‍යංජනමුරුජානු යුගලෙ ජංෙඝ් තතොංඝ‍්‍රීද්වයම්

මේෂාශ්වි ප‍්‍රථමා නවකර්ෂ චරණ චක‍්‍රස්ථිතා රාශයො

රාශි ක්‍ෂෙත‍්‍ර ගෘහකර්ෂ භානි භවනං වෛකාර්ථ සමප‍්‍රත්‍යයා:

මේෂය අස්විදය ආදී කොට ඇත්තා වූ දොළොස් රාශීහු වනාහි අස්විදාදී නැකැත් පාද නවය ගෝචර කරගෙන චක‍්‍රාකාරව සිටිති. මේෂාදී රාශි පිළිවෙළින් කාල පුරුෂයාගේ හිසය, මුහුණය, උරය, හෘදය, බඩය, උකුලය, වස්තිය, ලිංගය, කළවා දෙකය, දෙදනය, කෙන්ඩා දෙකය, දෙපතුලය කියති. රාශිය ක්‍ෂෙෂ්ත‍්‍රය ගෘහය, සෘක්‍ෂය, භය, භවනය යන මේ නාම ඒකාර්ථදායක නාමයෝය. (එනම් මෙකී නාම සියල්ලම රාශිවලට සමානාර්ථ නාමයි)

Brihat Jataka of Varaha - Mihira (1930), Don David Jayamanna (ed.), Colombo: Don David Jayamanna, p.2 (Published in Sinhala and only Title page in English)&'

මේ අනුව පහත දැක්වෙන අයුරින් එය විග‍්‍රහ කර ඇති බව පෙන්වාදිය හැකිය.


1 මේෂ - හිස

2 වෘෂභ - මුහුණ

3 මිථුන - උරය

4 කටක - හෘදය

5 සිංහ - බඩ

6 කන්‍යා - උකුල

7 තුලා - වස්තිය

8 වෘශ්චික - ලිංගය

9 ධනු - කළවා දෙක

10 මකර - දෙදන

11 කුම්භ - කෙන්ඩා දෙක

12 මීන - දෙපතුල


මීළඟට අප විමසා බැලිය යුත්තේ මෙම කේන්ද්‍රයේ දැක්වෙන කොටු දොළසින් පෙන්වා දෙන කාල පුරුෂයාගේ අවයව හා ලෝක විභාගය කෙසේ අර්ථ විග‍්‍රහ කර ගත යුතු ද යන්නයි। ලෝක විභාගයට අනුව ලෝකය අවස්ථා හතරකින් සම්භවයත් විනාශයත් දක්වා ඇත.


1 ලෝකය

2 ලෝක සම්භවය

3 ලෝක විනාශය

4 ලෝක විනාශයට මග යනුවෙන් එය දක්වා ඇත।


මෙහි දක්වා ඇති අවස්ථා හතර අර්ථ, ධර්ම, කාම සහ මෝක්‍ෂ යන චතුර්විධ සංකල්පය හා බද්ධ කර විමසා බැලිය හැකිය।


1 ධර්ම ත‍්‍රිකෝණය 1 (මේෂ - හිස), 5 (සිංහ - බඩ), 9 (ධනු - කළවා දෙක)

2 අර්ථ ත‍්‍රිකෝණය 2 (වෘෂභ - මුහුණ), 6 (කන්‍යා - උකුල), 10 (මකර - දෙදන)

3 කාම ත‍්‍රිකෝණය 3 (මිථුන - උරය), 7 (තුලා - වස්තිය), 11 (කුම්භ - කෙන්ඩා දෙක)

4 මෝක්‍ෂ ත‍්‍රිකෝණය 4 (කටක - හෘදය), 8 (වෘශ්චික - ලිංගය), 12 (මීන - දෙපතුල)


මෙහි මෝක්‍ෂ ත‍්‍රිකෝණය සෘජුවම අපට ලෝක විනාශය හා සැසඳිය හැකිය। එසේම කාම ත‍්‍රිකෝණය ලෝකය ලෙසින් නැතහොත් ලෝකයේ පැවැත්ම ලෙසින් පෙන්වාදිය හැකිය. අර්ථ ත‍්‍රිකෝණය ලෝක සම්භවය වශයෙන් අරුත් ගැන්විය හැකිය. ධර්ම ත‍්‍රිකෝණය ලෝක විනාශයට මාවත පෙන්වන බව දැක ගත හැකිය.


1 ධර්ම ත‍්‍රිකෝණය 1 (මේෂ - හිස), 5 (සිංහ - බඩ), 9 (ධනු - කළවා දෙක) - ලෝක විනාශයට මග

2 අර්ථ ත‍්‍රිකෝණය 2 (වෘෂභ - මුහුණ), 6 (කන්‍යා - උකුල), 10 (මකර - දෙදන) - ලෝකය

3 කාම ත‍්‍රිකෝණය 3 (මිථුන - උරය), 7 (තුලා - වස්තිය), 11 (කුම්භ - කෙන්ඩා දෙක) - ලෝක සම්භවය

4 මෝක්‍ෂ ත‍්‍රිකෝණය 4 (කටක - හෘදය), 8 (වෘශ්චික - ලිංගය), 12 (මීන - දෙපතුල) - ලෝක විනාශය

මේ රාශි අනුව පෙන්වන විග‍්‍රහයයි।


අනතුරුව ක්‍ෂේත‍්‍ර හෙවත් භාව නියෝජනයන් අනුව අර්ථ, ධර්ම, කාම හා මෝක්‍ෂ ත‍්‍රිකෝණයන් විග‍්‍රහ කර ගත යුතු වෙයි।


1 ධර්ම ත‍්‍රිකෝණය 1 (ලග්න භාව - තනු), 5 (සිංහ - පුත‍්‍ර/ශිලපස්ථාන), 9 (ධනු - පුණ්‍යස්ථාන)

2 අර්ථ ත‍්‍රිකෝණය 2 (වෘෂභ - කුටුම්භ), 6 (කන්‍යා - අරිස්ථාන), 10 (මකර - කර්මස්ථාන)

3 කාම ත‍්‍රිකෝණය 3 (මිථුන - සහජස්ථාන), 7 (තුලා - පත්නිස්ථාන), 11 (කුම්භ - අයස්ථාන)

4 මෝක්‍ෂ ත‍්‍රිකෝණය 4 (කටක - බන්ධුස්ථාන), 8 (වෘශ්චික - මරණස්ථාන), 12 (මීන - වැයස්ථාන)

(Brihat Jataka of Varaha - Mihira (1930), Don David Jayamanna (ed.), Colombo: Don David Jayamanna, p.13 (Published in Sinhala and only Title page in English)'


ධර්ම ත‍්‍රිකෝණය තුළ භෞතික ශරීරය ද ප‍්‍රති නිශ්පාදනය හා ඊට අවශ්‍ය කරන ශිල්පීය දැණුම ද හා එහිලා බලපවත්වන්නා වූ පෙර කරන ලද හොඳ සහ නරක යන ක‍්‍රියාවන්ට අනුරූප විපාකයාගේ ස්වභාවය ද පෙන්නුම් කර ඇත।


අර්ථ ත‍්‍රිකෝණයෙහි සිය කුටුම්භය හෙවත් පවුල් සංස්ථාවෙහි ස්වභාවය, පවුල් සංස්ථාවෙහි පැවැත්මට බාධක සතුරු බලවේග කවරේද යන්න සහ කර්මානුරූප ජීවනෝපාය මාර්ගයෙහි ගමන් කිරීම හෙවත් ජන්මියාගේ ප‍්‍රභවයට බලපාන ලද කර්මයෙහි ගැටීම් ස්වභාවය නොඑසේ නම් පිතෘ සාධකය පෙන්වා දෙයි।


කාම ත‍්‍රිකෝණය සහජ හැකියාවන්ගේ ස්වභාවය, පසිඳුරන් පිනවීම හෙවත් කාම සේවා ආයතනය, ඒ සඳහා බලපවත්වන්නා වූ අය මාර්ග කවරේද යන්න පෙන්වා දෙයි।


මෝක්‍ෂ ත‍්‍රිකෝණය වනාහි බන්ධු හෙවත් මාතෘකාරකත්වය නැතහොත් ජන්මියාගේ ප‍්‍රභවයට බලපාන ලද කර්මයෙහි ඇලීම් ස්වභාවය සේම එහිලා බලපවත්වන ආහාර, වාසස්ථාන හා ඇඳුම් පැළඳුම් යන මූලික අවශ්‍යතා පූරණයට ඇති සක්‍යතාව ද භෞතික ශරීරයේ බිඳීයාම හෙවත් විනාශය ද භෞතිකත්වය ඉක්ම වූ ක්‍ෂයවීම ද පෙන්නුම් කරන ස්ථාන ලෙස පෙන්වාදිය හැකිය।


එසේම මෙම කේන්ද්‍ර කොටු දොළස චතුරස‍්‍ර තුනක් වශයෙන් ද අපන්වා ඇත। මෙම චතුරස‍්‍ර තුන පැහැදිළිව සතර මහා භූත තත්වයන් අනුව විග‍්‍රහ කොට ඇත.


1 ධර්ම ත‍්‍රිකෝණය 1 (ලග්න -මේෂ), 5 (සිංහ), 9 (ධනු) - තේජෝ (උෂ්ණත්වය)

2 අර්ථ ත‍්‍රිකෝණය 2 (වෘෂභ), 6 (කන්‍යා), 10 (මකර) - පඨවි (දැඩි)

3 කාම ත‍්‍රිකෝණය 3 (මිථුන), 7 (තුලා), 11 (කුම්භ) - වායෝ (විසිරෙන)

4 මෝක්‍ෂ ත‍්‍රිකෝණය 4 (කටක), 8 (වෘශ්චික), 12 (මීන) - ආපෝ (වැගිරෙන)


ධර්ම ත‍්‍රිකෝණය තුළ භෞතික ශරීරය ද ප‍්‍රති නිශ්පාදනය හා ඊට අවශ්‍ය කරන ශිල්පීය දැණුම ද හා එහිලා බලපවත්වන්නා වූ පෙර කරන ලද හොඳ සහ නරක යන ක‍්‍රියාවන්ට අනුරූප විපාකයාගේ ස්වභාවය ද පෙන්නුම් කර ඇති බව පෙර සඳහන් කළෙමු। එහිලා උෂ්ණත්වයේ සම විසමතාවන්ගේ බලපෑම මත ක‍්‍රියාකාරීත්වය රඳා පවතියි.


අර්ථ ත‍්‍රිකෝණයෙහි සිය කුටුම්භය හෙවත් පවුල් සංස්ථාවෙහි ස්වභාවය, පවුල් සංස්ථාවෙහි පැවැත්මට බාධක සතුරු බලවේග කවරේද යන්න සහ කර්මානුරූප ජීවනෝපාය මාර්ගයෙහි ගමන් කිරීම හෙවත් ජන්මියාගේ ප‍්‍රභවයට බලපාන ලද කර්මයෙහි ගැටීම් ස්වභාවය නොඑසේ නම් පිතෘ සාධකය පෙන්වා දෙයි. මේ සඳහා දැඩි, රළු, ස්වභාවයන්ගේ ක‍්‍රියාකාරීත්වය මත එම තත්වයන්ගේ පැවැත්ම තීරණය වෙයි।


විසිරෙන, පැතිරෙන හා චලනය යන අවස්ථානුගත ස්වභාවය මත කාම ත‍්‍රිකෝණයේ ක‍්‍රියාකාරීත්වය රඳා පවතී. සහජ හැකියාවන්ගේ ස්වභාවය, පසිඳුරන් පිනවීම හෙවත් කාම සේවා ආයතනය, ඒ සඳහා බලපවත්වන්නා වූ අය මාර්ග කවරේද යන්න යනාදිය සඳහා විසිරෙන, පැතිරෙන හා චලනය වීම අත්‍යාවශ්‍ය කරුණකි।


මෝක්‍ෂ ත‍්‍රිකෝණය වැගිරෙන ධර්මතාවන් අනුව යමින් බන්ධු හෙවත් මාතෘකාරකත්වය නැතහොත් ජන්මියාගේ ප‍්‍රභවයට බලපාන ලද කර්මයෙහි ඇලීම් ස්වභාවය සේම එහිලා බලපවත්වන ආහාර, වාසස්ථාන හා ඇඳුම් පැළඳුම් යන මූලික අවශ්‍යතා පූරණයට ඇති සක්‍යතාව ද භෞතික ශරීරයේ බිඳීයාම හෙවත් විනාශය ද භෞතිකත්වය ඉක්ම වූ ක්‍ෂයවීම ද යනාදිය ක‍්‍රියාත්මක කරන ස්ථාන ලෙස පෙන්වාදිය හැකිය।


එසේම මෙම භාවස්ථාන උප්පාද, ඨිති, භංග යන අවස්ථා තුන නියෝජනය කරන භාවස්ථාන වශයෙන් ද පෙන්වා දිය හැකිය।


උප්පාද ඨිති භංග

1 ධර්ම ත‍්‍රිකෝණය 1 (මේෂ - හිස ), 5 (සිංහ - බඩ), 9 (ධනු - කළවා දෙක)

2 අර්ථ ත‍්‍රිකෝණය 2 (වෘෂභ - මුහුණ), 6 (කන්‍යා - උකුල), 10 (මකර - දෙදන)

3 කාම ත‍්‍රිකෝණය 3 (මිථුන - උරය), 7 (තුලා - වස්තිය), 11 (කුම්භ - කෙන්ඩා දෙක)

4 මෝක්‍ෂ ත‍්‍රිකෝණය 4 (කටක - හෘදය), 8 (වෘශ්චික - ලිංගය), 12 (මීන - දෙපතුල)


මෙහිදී හිස, මුහුණ, උරය, හෘදය යන ස්ථාන යමක ඉපදීම සඳහා ක‍්‍රියාත්මක වශයෙන් බලපාන ධර්මතා වශයෙන් පෙන්වාදිය හැකිය. තවද බඩ, උකුළ, වස්තිය හා ලිංගය යන ස්ථාන පැවැත්ම නියෝජනය කරමින් එහිලා ක‍්‍රියත්මක වන බව දැකගත හැකිය।


භංග හෙවත් විනාශ ස්වභාවය දෙකළවාවලින් ද දෙදනෙන් ද දෙකෙන්ඩාවලින් ද සහ දෙපතුළෙන් ද යන ස්ථාන ඇසුරු කරමින් ක‍්‍රියාත්මක වන බව ද දැක ගත හැකිය।



මෙම අවස්ථා භාවස්ථාන සමග සන්සන්දනය කර බැලීමේ දී තවදුරටත් මෙම තත්වය පැහැදිළිව තේරුම් ගත හැකිවනු ඇත।


උප්පාද ඨිති භංග

1 ධර්ම ත‍්‍රිකෝණය 1 (ලග්න භාව - තනු), 5 (සිංහ - පුත‍්‍ර/ශිලපස්ථාන), 9 (ධනු - පුණ්‍යස්ථාන)

2 අර්ථ ත‍්‍රිකෝණය 2 (වෘෂභ - කුටුම්භ), 6 (කන්‍යා - අරිස්ථාන), 10 (මකර - කර්මස්ථාන)

3 කාම ත‍්‍රිකෝණය 3 (මිථුන - සහජස්ථාන), 7 (තුලා - පත්නිස්ථාන), 11 (කුම්භ - අයස්ථාන)

4 මෝක්‍ෂ ත‍්‍රිකෝණය 4 (කටක - බන්ධුස්ථාන), 8 (වෘශ්චික - මරණස්ථාන), 12 (මීන - වැයස්ථාන)


ධර්ම ත‍්‍රිකෝණයේ උප්පාද අවස්ථාව භෞතික ශරීරය ගොඩනැගීම සිදු කරයි। එසේම ප‍්‍රතිනිශ්පාදනය හා ශිල්පීය ඥාන ගවේශනය ධර්ම ත‍්‍රිකෝණයේ පැවැත්ම තහවුරු කරයි. තවදුරත් ධර්ම ත‍්‍රිකෝණයේ විනාශයට බලපාන පෙර කරන ලද පුණ්‍ය පාප ශක්තීන්ගේ ස්වභාවය භංගස්ථානගත භාවය පෙන්වා දෙයි.


අර්ථ ත‍්‍රිකෝණයේ ද හටගැන්ම කුටුම්භ ආයෝජන ධනය මත සිදුවෙයි। එහි පැවැත්ම ඊට ඇතිවන බාධක තුළින් ගොඩ නැගෙන බව එහි ස්ථාන ගත අරි නැතහොත් රෝග/ සතුරු භාව තුළින් පෙන්නුම් කරයි. අර්ථ ත‍්‍රිකෝණයේ විනාශය රඳා පවතින්නේ කර්මානුරූප ක‍්‍රියාකලාපයන් මත හෙවත් පිතෘ සාධකය මත බව පැහැදිළි කර ගත හැකිය.


කාම ත‍්‍රිකෝණයේ හටගැන්ම හැකියාවන් නැතහොත් කුලතාවන් තුළින් ගොඩ නැගෙයි। පසිඳුරන් පිනවීම සඳහා වන පංච කාම සේවනය දක්වන හත්වන භාවය තුළින් කාම ත‍්‍රිකෝණයේ පැවැත්ම තහවුරු කරයි. කාම ත‍්‍රිකෝණයේ විනාශය සඳහා බලපාන අයමාර්ග සහ දෙවන විවාහය පිළිබඳව කියවෙන එකොළොස්වන භාවය තුළ පෙනෙන නියෝජන අවස්ථාව තුළින් පැහැදිළිව වෙයි.


මෝක්‍ෂ ත‍්‍රිකෝණය හටගනු ලබන්නේ මාතෘකාරකත්වය හෙවත් ඇඳුම් පැළ\ුම්, ආහාරපාන, වාසස්ථාන සහ බෙහෙත් හේත් ආදිය හිමිව සිටීමෙහි ශක්‍යතාව මතයි. මූලිකව බුදුරදුන් චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිළානප‍්‍රත්‍ය යන සිව්පසය භික්‍ෂූන්ට මෝක්‍ෂ ගවේශනයේ දී මැදහත් ඉවසීමෙන් යුතුව පරිහරණයට අනුදැන වදාරන ලද්දේ මේ නිසාය।


එසේම මෝක්‍ෂ ත‍්‍රිකෝණය කාය භේදනය නැතහොත් මරණය යන අවස්ථාව සමගින් එහි පැවැත්ම තහවුරු කර ගනිමින් ක‍්‍රියාත්මක වෙයි। මෝක්‍ෂ ත‍්‍රිකෝණයේ විනාශ ස්වභාවය තීරණය වන්නේ ලෝකෝත්තර අධිගමයක් හෙවත් නිර්වාණාවබෝධය සමගිනි। ක්‍ෂයස්ථානය තුළ පවතින තත්වයන් මත මෙකී ලෝකෝත්ර මෝක්‍ෂ සාධනය හෙවන් සංස්කාරයාගේ පූර්ණ නිවීම සඳහා සත්වයාට බලපාන අයුරු පෙන්වා දෙයි।


යමෙකුගේ කේන්ද්‍ර සටහනෙහි දැක්වෙන භාව දොළස ලෝක සූත‍්‍ර ගත ලෝක විභාගයට අනුව විග‍්‍රහ කර ඔහු හෝ ඇයගේ අර්ථ ක‍්‍රියාවලියත්, ධර්ම ක‍්‍රියාවලියත්, කාම ක‍්‍රියාවලියත් හා මෝක්‍ෂ ක‍්‍රියාවලියත් යන ක‍්‍රියා අවස්ථා හතරෙහි උප්පාද, ථිති සහ භංග යන තත්වයන් කවර ආකාරයකට සිදුන්නේ ද යන්න පැහැදිළි කර ගැනීම සඳහා මෙම කාල පුරුෂයාගේ අවයවයන්ට අදාළ රාශි අධිපති ග‍්‍රහයන් ද ඔවුන් තැන්පත් වූ ස්ථාන අනුව ඔවුන්ගේ උච්ච, නීචා දී බල දුබලතාවන් ද හා ඔවුනොවුන්ගේ අරගලා දී (ග‍්‍රහ යුද්ධ) තත්වයන් මත පුද්ගලයාට අත්වන ඉරණම දෙස චතුරාර්ය සත්‍ය විශ්ලේෂණ ප‍්‍රවේශයක් සමගින් විග‍්‍රහ කර ගන්නේ නම් එය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස වන්නා වූ මැදුම් පිළිවෙතක් ලෙසින් පෙන්වා දිය හැකි අතර ජ්‍යොතිෂය එහිලා පිටිවහල් කර ගත හැකි බව ද මෙහි දී පෙන්වා දිය හැකිය।


එම්. එම්. රෝහණ වසන්ත

0714161082

wasantha2010@gmail.com

Thursday, June 17, 2010

මේ මස 26 දින සිදු වන චන්ද්‍රග්‍රහණය

මේ මස 26 දින සවස චණ්ද්‍රයා නැග එන විට සිදු වන චන්ද්‍රග්‍රහණය හා හා ඊට අදාළ තාරකා විද්‍යාත්මක දත්ත

තත්කාල කේන්ද‍්‍ර සටහන



උදාවන ග‍්‍රහයෝග



මෙම අවස්ථාවේ දී උදාවන යෝග අනුව ඒ මොහොතේ ඇතිවන ප‍්‍රතිඵල එහි දක්වා ඇති හෙයින් ඊට අදාළ ජ්‍යොතිෂ කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න.


හෝම පූජාවක් මේ සමග සිදු කර ඕනෑම මන්ත‍්‍රයක් ගායනා කිරීමෙන් එම මන්ත‍්‍රය ජීවිත කාලයටම සිද්ධි කර ගත හැකිය.

ශාස්ත‍්‍රාරම්භ කටයුතු සඳහා ඉතා ප‍්‍රශස්ථ බව ද පෙන්වා දෙනු කැමැත්තෙමි.

එම්. එම්. රෝහණ වසන්ත
0714161082

සිංහල කැඩුම් බිඳුම් වෙද පොත


ආයුර්වේද වෛද්‍යාචාර්ය ටී. පුංචිකිරා වෙද මහතාගේ

පාරම්පරික වෙදකම, (හන්දි වෙදකම)

එතුමාගේ මුණුපුරු ඩබ්. ජී. ජේමිස් වෙදමහතා
විසින්

පිරිසිදු සිතින් ම

ගල් කැටිගම පදිංචි ඩබ්. පී. ගණිතාවෙද මහතාට

ලියා දුන් වගයි

මෙම බෙහෙත්වර්ග පිළිබඳ අවබෝධය ඔබට නොමැතිනම් ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත මෙය යොමු කර ඔහු ළවා මෙම බෙහෙත් කරවාගැනීම සුදුසු බව ඔබට දැනුම් දෙමි.

පරිගණක යතුරුලියනය සහ බ්ලොග් සැකසුම ।
රෝහණ
වසන්ත 071- 4161082

---භෙසජජගුරු නමසකාරාමි---

1 පළමුවෙන්ම ගහෙන් වැටුන මිනිසෙකුට ශරීරයට දෙන බෙහෙත් කැඳ
1 ගංසූරියා පොතුල මුරුංගා පොතු කොටා වතුර වක්කර අනා ඉස්ම මිරිකා අරගෙන එම
ඉස්මට ඉඟුරු, ගම්මිරිස්, සුදුළුනු අබ වදකහ මේවා එක තරමට ගෙන අඹරා කසායට
දියකර තණහාල් දමා ලිප තබා පැසවා කැඳ සාදා සහිඳ ලූණුල එක්‍ෂරු තෙල් දමා
දෙනුග (උදේ සවස*
2 බඩ පාචනයට දෙන බෙහෙත්
2 හීන් මෑ කරල් වගේ ඇති හීනුක් පලූ ගෙන කොටා පැනි වක්කර අනා මිරිකා ලිප
තියා පැසවාගෙන එම ඉස්මට හිරියල්ල ගෝකටු කිරිල දමා දෙනු (බඩ පාචනය වෙයි*
3 කොහිල ගෙන කොටා මිරිකා ලිප තියා පැසවා එම මාත්තු දමා දෙනු.
4 කොල පතොක් තොලල මුල් ගෙන කොටා උණු වතුර වත්කොට අනා ඉස්ම මිරිකා ගෙන පෙරා
තණ හාල් දමා පැසවා කැඳ හදා දෙනු. (පෙරාපු ගානට පාචනය වෙයි*.
5 දෙහි කොල පොතු ගෙන කොටා මිරිකා එම ඉස්මට ඉඟුරු, ගම්මිරිස්, අබ, නෙල්ලි,
සුදු’නු, වදකහ එක තරමට ගෙන අඹරා ඉස්මට දියකර තණහාල් දමා පැසවා දෙනු. (ගහෙන්
වැටුන අයගේ කඳට ලේ බැස්සාට, කරප්පනට සිය’ රිදුම් බඩ පිරුම් ගුණ වේ*.
6 තැල්මට
තැඹිළි පොල් මල් එක තරමට ගෙන කොටා පැන් වත්කර මිරිකා ඉස්ම ගෙන එම ඉස්මට
අර’ ගෙඩියක් කුඩුකර දමා හීනටි හාල් පිටි දමා තල තෙල් වත්කර පැසවා බොන්න
දෙනු.
පත්තුව
සියඹලා කොල, තැඹිළි පොල් මල් කොටා මිරිකා එම ඉස්මට අමුකහ, හීනටි හාල්
පිටි දමා දියකර පත්තුව පැසවා දමන්න. (ගහෙන් වැටුන අයගේ කඳට ලේ බැස්සාට,
තැල්මට යහපති.
7 කඳට ලේ බැස්සාට
කොල්ලූ දෝතක් ගෙන කබලෙන් බැද තම්බා දිය ගෙන එම ඉස්මට දෙහි මුල්, දොඩම්
මුල්, නික මුල්, කොහොඹ මුල්, කලූවෙල්ලංගිරිය මුල්, ෂත්සඳ මුල්, මුරුංඟා මල්
මේවා එක තරමට ගෙන කොටා උණු වතුර වත්කර අනා ඉස්ම මිරිකා එම කසයට දෙදුරු,
මොදගං, තිප්පිලි, කරාබු, වසාවාසි, සාදික්කා, ඉඟරු මිරිස් සුදු’නු, අබ,
වදකහ, අර’, ගොරකා යන මේවා අඹරා දෙකට බෙදා පංගුවකට ජාපාල කොල හැරදමා අඹරා
ගුලිය තියා ජාපාල දැම්මේ තැති ගුළිය කසායට දමා දියකර පැසවා හවසට පත්තියමට
දෙනු. (ගහෙන් වැටුන අයගේ කඳට ලේ බැස්සාට, ඇඟ රිදුමටද යහපති*.
8 අඩිස්සියට
අර’, ඉඟරු, හඳුන්, වැල්මී, සුදු’නු කුඩුකර දමා කුරුම්බා ගෙඩියේ පැසවා
දෙනු.
කල් ගිය ඒවාට දෙන බෙහෙත.
තිරස්ස වලලූ මුල් කුඩුයි, අර’, ගම්මිරිස් මේවා කුඩු කර එක තරමට ගෙන අඹරා
කුරුම්බා ගෙඩියට දමා පැසවා දෙනු.
9 ගහෙන් වැටී ඇට කැඩුනාට බඳින බෙහෙත
බෝ පොතු කොල ගෙන අමු කහ, ලූණු, පොල් දමා කොටා කබලෙන් මලවා බඳිනවා වේල්
හතරයි. (උයද සවස*
10 ඊටම
රිටි පොතුගෙන කහ, ලූණු දමා හොඳට රත්වෙන තුරු වනෙන් කොටෙ මලවා බඳිනු.
11 ඊටම
කොට කිඹුලා කොල පොතු ගෙන කහ ලූණු දමා කොටා පැහිච්ච පොල් දමා නැවත කොටා
කබලෙන් මලවා බඳිණු.
12 පොඩි ළමුන්ට
ඇට්ට මුඩංගා කොල, පොතු, අමුකහ, ලූණු, පොල් දමා කොටා මලවා බඳිනු.
13 හාතාවාරිය කොල, නවහන්දි, බැල තණ, අමුකහ, ලූණු පොල් දමා කොටා මලවා බඳිණු.
14 පුවක් මල්, ලූනු දමා කොටා මලවා බඳිනු.
15 ඊටම
හොක්‍ෂ අල කහ , ලූනු දමා කොටා මලවා බඳිනු.
16 ඊටම
වල් දෙහි කොල පොතු අමුකහ ලූනු දමා කොටා මලවා බඳිනු.
17 හන්දිවලට බඳින බෙහෙත
ලූනුවරණා කොල පොතු ගෙන අමු කහ ලූනු දමා කොටා ඊට එක්‍ෂරු තෙල් අනා තුන්
වරුවයි. මී තෙල් අනා තුන්වරුවයි. කබලෙන් මලවා බඳිනු.
18 ඊටම
මී කොල පොතු ගෙන කොටා මී තෙල් අනා කබලෙන් මලවා බඳිනු (වේල් හතරයි* උදය
සවස
19 කල් ගිය අමාරුවලට බඳින බෙහෙත/ ගල් වුන හන්දි පොඟන්ට පළමු බෙහෙත.
දැමුනු පොතු පහලට ගලවා ගෙන පිට පොත්ත කුරුටු ගා හොඳින් තලා අමුකහ ලූනු
අඹරා ඇතුල් පැත්තේ තවරා පොල් කිරෙන් තම්බා බඳිනවා.
20 ඊටම
දුනුකේ බොඩ වැටකේ බොඩ කහ ලූනු දමා කොටා හීනටි හාල් පානු වතුරෙන් තම්බා
බඳිනු.
21 ඊටම
කෙටල අල කහ ලූනු දමා කොටා පොල්කිරෙන් 4 වරුවයි. එල කිරෙන් 4 වරුවයි.
22 ඊටම
ලබු ගෙන කහ ලූනු දමා අඹරා 3 වරුවයි
මෙම බෙහෙත් වලින් මෙලෙක් වූ පසු සැර බෙහෙත් බඳිනවා.
23 ගොඩ කිරල පොතු ගෙන අමු කහ ලූනු දමා කොටා මලවා බඳිනු. (පැය 1 යි* මහ’ අයට
බෙහෙත් සැර විදියට තියන්න පැය 1 1/2 බෙහෙත් ලිහා මෙලෙක් බෙහෙත් තෙල් ගා
හොඳින් තවන්න
24 ෆෆෆෆෆෆ
25 ඊට පසු
කෑලිය පොතු ගෙන බත් කැඳෙන් නෑඹිළියේ ගා එම ඉස්මට හාල් පිටි දමා දිය කර
පත්තුව පැසවා දමනු (දවසයි*
26 දිය බුබු’වලට
සියඹලා කොල තැඹිළි පොල් මල් එක තරමට ගෙනකොටා ඊට පැහුණු උණුවතුර ඉස මිරිකා
එස ඉස්මට අමුකහ හාල් පිටි දමා නැවතත් පත්තුව පැසවා දමනු. (උදය - සවස*
27 ඊටම (දිය බුබු’වලට බඳින්නට*
ඉරමුසු අල සහ එම කොල අමු කහ දමා කොටා තල තෙලෙන් මලවා බඳිනු. (දිය බුබුල්
සුව වෙන තුරු*
දිය බුබුල්වල තුවාලවලට සහ පිළිස්සුන තුවාලවලට
28 තෙලක්
තෝර කොල අමු කහ පැහුන පොල් දමා කොටා උණුවතුර වත්කර අනු ඉස්ම මිරිකා ගෙන
එම ඉස්මට අමුකහ අඹරා දිය කර ලිපෙන් පැසවා තෙල් සිඳ තුවාලවලට ගානු.
(අත්දුටුවයි*
29 බත් ඉතිරෙන හන්දිය
ගෝන අං මුව අං මී අං ඇත් දත් මේවා කුඩු ඇරගෙන හිඟුරු පොතු නෙ’ම් අල මේ වා
එකට කොටා මලවා බඳිනු. (බත් ලිප තියා බඳිනු - ඉතිරෙන කොට හන්දි වදී*
30 ඊටම
කොහොඹ කොල පොතු පොඩා කොල බිං තඹුරු කොල ලබු කැන්ද කොල පොතු කහ ලූනු දමා
කොටා මලවා බඳිනු. මස් බැද්දවැල ඉරා එම පටෙන් බඳිනු පැයකින් හන්දි වදී.
කලූ ඇට්ටේරියා සුදු ඇට්ටේරියා ඇට්ටමුඩංගා කහ ලූනු දමා කොටා මලවා බඳිනු.
31 බාලයින්ට බඳින බෙහෙත.
නිතුල් පොත්ත අගින් මුලින් ගලවා බෙහෙත් පොත්ත තලා උණු අ’වේ තම්බා කහ ලූනු
අඹරා බෙහෙත් පොත්තේ ගා භාජනයක තියා පොල් කිරී මිරිකා අත් උණුහුං පදමට
බඳිනු
32 ඊටම
මී ගහේ බේඳුරු කහ ලූනු දමා කොටා මලවා බඳිනු. පැයෙන් හන්දි වේ.
33 ඊටම
තැල් කොල කහ ලූනු දමා කොටා මලවා බඳිනු. පසළොස් පැයට හන්දි වේ.
34 බෝ මී පොත්ත ගෙන දොඩං ඇඹුල් කොරහට වක්කර බෙහෙත් පොත්ත ගා එම ඉස්මට හාල්
පිටි අඹරා දියකර පත්තුව පැසවා ගානු. (තැල්මට රිදුමට*
35 අවහන්දියට
දඹ පොතු කටුකෑලිය පොතු බැල තණ පුස්වැලේ පොතු දමුන පොතු මේවා එක තරමට ගෙන
කපා කොටා පොල්කටු අඟුරු උණු බත් දමා කොටා එක්‍ෂරු තෙල් අව හන්දියේ ගා එම
බෙහෙත් එක්‍ෂරු තෙලෙන් මලවා බඳිනු ( බැඳ දවසකට පසුව මෙලෙක් වුන පදමට මුල
සිට බෙහෙත් බඳිනු*
36 අව හන්දියට
තරණ ගහේ කොල පොතු දෙවණක් පමණ කොටා පැන් වත්කර තම්බා ගෙන ඒ ඉස්මට ලූනු කැට
මිටක් විතර දමා කකාරා ගානු. (ලූනු බෙහෙත් පැණිය*
37 අව හන්දියට බෙහෙත්
ඇත් පෝඩා කොල හීරැුස්ස බැලතණ පොල් පලා හීන් බුහුටිය කොල කොබ්බෑ කොල පොතු
බිංතඹුරු මෙකී කොල ගෙන පැහිච්ච පොල් දමා කොටා බේසමකට දමා උණුවතුර ඉස හොඳට
අනා තැටියකට මිරිකා අවුවෙන් පැසවා තෙල් කිරි ගානු. තෙල් කිරි පැසෙන තුරු
මිරිකූ බෙහෙත් රොඩු වණ්ඩුවෙන් තම්බා බඳිනු. (දින තුනයි*
38 අව හන්දියට
ඇත් පෝඩා කොල වරකා පොතු එක තරමට ගෙන කහ ලූනු දමා කොටා තතියා ගොන් කැකිරි
කොල පොල් බෑවක පොල් දමා කොටා ඉස්ම මිරිකාගෙන තෙල් කිරි දමා තවා බැවත බෙහෙත්
බඳිනු. (හන්දි වදී*
39 ඉදිමුමට
පලූ කාඩි කරණ මෙකී පොතු කොටා මිරිකා පැසවා ගානු.
40 ඊටම
කලූ ඇට්ටේරියා සුදු ඇට්ටේරියා කොල පොතු කහ ලූනු දමා කොටා කබලෙන් මලවා
බඳිනු.
41 ගෑමට බෙහෙතක්
අඹ පොතු දඹ පොතු කහට පොතු හුලංහික් පොතු කෑලිය පොතු දමන පොතු මේවා එක
තරමට ගෙන කොටා භාජනයකට දමා පැන් වත්කර තම්බාගෙන ඉස්ම මිරිකා එම ඉස්මට අර’
බු’ නෙල්ලි ඉඟුරු ගම්මිරිස් අබ සුදු’නු වදකහ අඹරා දියකරනු. හාල් පිටි
කුරහන් පිටි බඹර පැණි මී පැණි දක්‍ෂුවැල්ල පැණි කිතුල් හකුරු තල් හකුරු දමා
දිය කර පත්තුව පැසවා දමනු. (තැල්මට ඉදිමුමට හොඳයි* පැනි පත්තුව
42 ඊටම
බෝම් පොතු ගෙන ඇඹුල් දොඩම් ඉස්මෙන් නෑඹිළියේ ගා එම ඉස්මට යබර ගල් පු’ස්සා
කුඩුකර දමනු. ඉරිගොන්පස් කුඩුකර දමනු. හාල් පිටි කුරහන් පිටි අබරල අලයක්
පු’ස්සා අඹරා දිය කර කුලංබුව හදා දමනු. (ඉදිමුමට තැල්මටඇට තදවීමට හොඳයි*
43 ඊටම
හුලං හීන් පොතු ප’ පොතු කැටකාල පොතු දඹ පොතු මේවා එක තරමට ගෙන කොටා
උණූවතුර දමා අනා එම ඉස්මට මී පැණි කිතුල් පැණි වත්කර පැසවා ගානු.
44 තෙල් කිර
නවහන්දි හාතාවාරිය කොල බැලතණ පොල්පලා හීරැුස්ස පෝඩා කොල කොබ්බෑ කොල තරණ
කොල පනං පෙති කුප්පමේනිය වේලා කොල අමු කහ අරං කහ අමු ඉඟුරු වදකහ රතු’නු
සුදු’නු මේවා එක තරමට ගෙන දෙවනුව තැඹිලි පොල් දමා කොටා භාජනයක දමා උණුවතුර
වත් කර අනා මිරිකා තඹ තැටියේ අවුවේ පැසවා තේල පෑදෙන විට ඊට ක’ දුරු සිදුරු
අසමෝදගම් පල්ලමානික්කම් කබලෙන් බැද කුඩු කර දමා තෙල් හොඳින් පැහෙන විට
ගානු. එම බෙහෙත් රොඩු වණ්ඩුවෙන් තම්බා තෙල් පැහෙන තුරු තුන් වරුවක් පමණ
බඳින්න. (නහර මොලොක් වී හන්දිය හරියයි*
45 අතපය කොර දිගෑරෙන තෙල
හාතාවාරිය කොල ඉරමුසු අල සහ කොල නව හන්දි බැල තණ මේවා එක තරමට ගෙන කොටා
භාජනයකට දමා පැන් වත්කර ලිප තියා රත් කර තුන් දිනකට පසුව බෙහෙත් රත් කර
ඉස්ම මිරිකා එම ඉස්මට සරක්කු ක’දුරු සුදුදුරු අසමොදගං පල්ලමානික්කම්
තිප්පිලි කරාබුනැටි වසාවාසි සාදික්කා අමුකහ අරංකහ ඉඟුරු රතු’ණු සුදු’නු
ගුලියක් අඹරා තියා එක්‍ෂරු තෙල් වත්කර කකාරා තෙල පදමට එන විට සරක්කු ගුලිය
දමා පැසවා දිය නැතිව සිඳගෙන ගානු. (නහර තදවීමට පරන ගල් වුන හන්දිවලට
තුවාලවලටද ගින්දරෙන් වුන තුවාලවලටද හොඳයි*
46 මහා හන්දි තෙල
ගොඩ කිරල කොල පොතු ක’වෙල්ලංගිරිය කොල පොතු බෝකොල පොතු වල් දෙහි කොල පොතු
කෙතාට කිඹුලා කොල පොතු හැකිරිල්ල කොල පොතු අහු බුකුන්ද කොල පොතු ගොනුකෑවැල්
නව හන්දි සිවිය අල කොල සම්දාන කහටකොල පොතු අංකෙන්ද කොල පොතුකැටකාල කොල
පොතු ලූණුවරණා කොල පොතු මී කොල පොතු පෝඩා කොල බැල තණ පොල් පලා ඇට්ටේරිය කොල
පොතුවලට සරක්කු ක’දුරු සුදුදුරු අසමෝදගං තිප්පිලි කරාබු නැටි වසාවාසිය
සාදික්කා අර’ බු’ නෙල්ලි එනසල් ඉඟරු ගම්මිරිස් අබ වදකහ සුදු’නු අමුකහ අරංකහ
කොහොඹ ද’ කුබද’ වේලා ද’ මුරුන්ගා ද’ අමු කහ එක තරමට ගෙන ආරා ගානු.
47 පෙනෙල කොල ගෙන අමු කහ ලූනු සමග අඹරා තල තෙලෙන් උයා ගානු (වේල් හයයි උදේ
සවස*
48 ඊටම
බෝ කොල පොතු නවහන්දි ගෙන අමුකහ ලූනු දමා කොටා තල තෙලෙන් මලවා බඳින්න. (වේල්
6 යි උදේ සවස*
49 ඊටම
බෝමි පොතු ගෙන අමුකහ ලූනු දමා අඹරා තල තෙලෙන් උයා බඳින්න. (වේල් 4යි*
50 ඉදිමුමට කෙවුමට රිදුමුට පත්තුව
කරන කොල ගෙන කොටා වතුර වත්කර තම්බා මිරිකා රොඩු අයින් කර එම ඉස්මට හීනැටි
හාල් පිටි අමු කහ ලූනු කැට දමා දිය කර පත්තුව පැසවා ගාන්න. (වේල් 6 යි*
51 බඩ යෑමට
අර’ කලං 6යි පිටිසීනි කලං 6යි දෙකම එකට අඹරා උණු වතුරටදිය කර වසා
තැන්බූතැන් පසු එක්‍ෂරු තෙල් කළඳක් දමා දෙනු. බඩ යෑම වැඩි උනොත් රත් තැඹිලි
වතුර දෙන්න ඊටම සුදු හඳුන් දෙහි ඇඹුලට දමා දෙන්න.
52 තැවුම් කිහිපයක්
ලූණුවරණා කොල පොතු අමුකහ ලූණු දමා කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තවනු.
(තෙල් රත්කර ගා හොඳට සමන්හැර තවනු* තැල්මටයි.
53 වාතයට
මුරුංගා පොතු ඉඟරු සුදු’නු අබ ගම්මිරිස් කහ ලූනු දමා කොටා පොට්ටනි බැඳ
වණ්ඩුවේ තම්බා තවනු.
54 බත් ඉතිරෙන හන්දියට
ලූනුවරණා පොතු අට්ටික්කා පොතු කහට පොතු අහු පොතු ටික්කා පොතු කහට පොතු
අහු පොතු මේවා එක තරමට ගෙන කහ ලූනු දමා කොටා කබලෙන් මලවා බඳිනු (බත් ඉතිරෙන
විට බිඳුනු හන්දි වදී*
55 තිස් පෑ හන්දියට
කොතලහිඹටු කොල පොතු කහ ලූනු පොල් දමා කොටා කබලේ මලවා බඳිනු (අත් දුටුවයි*
56 දෙවන බෙහෙත
කල් ගිය කෑලිය වැලක පොතු ඇත්පෝඩා කොල කොබ්බෑකොල පොතු බැලතණ මේවා එක තරමට
ගෙන පොල්කටු අඟරු බත් කැඳ වත්කොට කොටා මලවා බඳිනු (පැය 6ක් හැර මුදනු හන්දි
වෙයි*
57 ඊටම
ඇට මුරුවා කොල පොතු කහ ලූනු දමා කොටා මලවා බඳිනු තිස්පැයකින් හන්දි වෙයි.
58 ඊටම
බොරදමුන පොතු උගුරැුස්ස පොතු සුඹු’ හැර කොටා පැන් වත්කර ලිප තියා තම්බා
ගෙන මස්බැද්ද පොතු හිරමණෙන් ගා ඒවාට දමා කිතුල් හකුරු ලියා දමා අනා කබලෙන්
උණුගන්වා බඳිනු. (තිස්පැයයි අත්දුටුවයි*
59 ඊටම
ගුරුලද’ බත්තිඹිරි මදමේවා ගෙන අඹරා උණු ගන්වා බඳිනු
60 ඊටම
ගුරුල පොතු පොලු් කහ ලූනු දමා කොටා මලවා බඳිනු
61 ඊටම
බැලතන දඹ පොතු පැහුන හීන් බටු එලබිංතඹුරු මිදැල්ල පොතු මේවා ගෙන පොල්
පොලුකටු අඟුරුදමා කහ ලූනු දමා කොටා උණුගන්වා බඳිනු (තැල්මට කෙවුමට බිඳුමට*
62 ඊටම
අට්ටික්කා පොතු කහ ලූනු දමා කොටා මලවා බඳිනු (තිස් පැයට හන්දි වෙයි*
63 හත් පෑ හන්දියට
නව හන්දි කහ ලූනු පොල් දමා කොටා කබලෙන් මලවා බඳිනු
64 තිස් පෑ හන්දියට
පුවක් ගොබ එම බොඩ දුනුකෙයියා ගොබ සහ එම බොඩ කහ ලූනු දමා කොටා මලවා බඳනු
65 පැනි තෙල
ඇටමුරුවා පොතු කොටා උණු වතුර වත්කර අනා ඉස්ම මිරිකාගෙන පැසවා ගානු
(බිඳුනු තැන් හන්දි වෙයි*
66 එක් පෑ හන්දියට
පොඩි හනස්ස ඳ’ හිඟරු පට නිතුල් මුල් දියලබු වැල් නික පොතු කලහ පොතු ගස්
කැප්පෙටියා මුල් පිල මුල් නවහන්දි මේවා කහ ලූනු දමා කොටා මලවා බඳිනු. (පැයට
හන්දි වෙයි*
67 ඊටම
පොල් මල් තල් ගහේ පොතු බෝ මී පොතු මෙකී දේ කොටා උණුවතුර ඉස අනා මිරිකා
පැසවා ගානු.
68 තව තෙල් කිරක්
පැපොල් ද’ කිරි අඟුන කොල පොල් ගෙඩියක පොල් දමා කොටා උණු වතුර ඉස අනා ඉස්ම
මිරිකා එම ඉස්මට දේදුරු මොදගං වදකහ පල්ලමානික්කං මේවා කුඩුකර දමා පොල්
කිරි තැටියට දමා අවුවේ පැසවා ගානු (බිඳුනාට තැල්මට කෙවුමට පේන්දුවට යහපති
අත්දුටුවයි*
69 ඊටම
බැලතණ අමුකහ ලූනු දම කොටා මලවා බඳිනු (හන්දි වෙයි*
70 හැටපෑ හන්දියට
නවහන්දි හාතාවාරිය කොල එලබිංතඹුරු කොල ඔලිඳ කොල කොබ්බෑ කොල මේවා ගෙන පොල්
දමා කහ ලූනු දමා කොටා මලවා බඳිනු (හැටපැයට හන්දි වෙයි අත්දුටුවයි*
71 හන්දිවුන තැන කෙවුමට
වැල් පෙනෙල කොල ඔලිඳ කොල අඳුන් තැල් කොල හීරැුස්ස ඳ’අමු කහ ලූනු දමා කොටා
මලවා බඳිනු. එම බෙහෙත් බැඳ උණු දිය වත්කරනු.
72 තෙලට - තුවාලවලට
ඇඹුල් නැති දෙහි පිංචි සිහිනිවට ලියා තලා තෙලට දමා ඉඟුරු සුදු’නු
ගම්මිරිස් මෙකී දේ චූර්ණ කර තෙලට දමා දිය නැතිව සිඳ තෙල් ගානු. උණු වතුරෙන්
සෝදනු කැපුන් කෙටුන් තුවාල ගුණ වෙයි – අත්දුටුවයි*
73 ඊටම බොල්පනා මුලේ පොතුයි ඉඟුරු කුඩුයි පොල්බෑවේ පිට කුරුටුයි මෙකී දේ එක
හරියට කුඩුකර තුවාලවලට දමනු (ලේ හිටියි තුවාල පෑහෙයි අත්දුටුවයි*
74 ඊටම
තිබ්බටු මුල් දෙහි ඳ’ කුඩු කර තුවාල වලට දමනු
75 තුවාල තෙල
කරඳ පොතු කටුකෑලිය පොතු හීං දඹල කොල පොතු ගොන් කැකිරි කොල ඉරමුසු කලාඳුරු
නුගඅර’ ඇහැටුඅර’ රසකිඳඅර’ මේවා එක තරමට ගෙන කොටා පැන් ඉස ඉස්ම මිරිකා ගෙන
හැලියකට වත්කර පොල් කිරි දමා පැසවා ඊට පල්ලමානික්කං බිංදුම්මල පිඹුරු ඇට
මේවා අඹරා තෙලට දම දිය නැතිව සිඳ තුවාලයට දමනු තෙල් තුවාලයට පිඹිනු.
(අත්දුටුවයි*
76 තිස්පෑ හන්දියට
හොක්‍ෂඅල හිරමණෙන් ගාගෙන කහ ලූනු පොල් දමා කොටා මලවා බඳිනු (හන්දිවෙයි*
77 පත්තුව
මානෙල් මල් කොල කොටා පැන් වත්කර අනා ඉස්ම මිරිකාගෙන හීනටි හාල්පිටි දියකර
පැසවා ගානු
78 ඊටම - තෙලට
හීන්දඹළ කොල පොතු ලේ වැරැුල්ල සහමුලින්ම ලෙන මොණරකුඩුම්බිය හොක්‍ෂඅල මෙකී
දේ එක පමණ ගෙන ෙඉස්ම ගෙන පොල් කිරි වත්කර තැටියකට දමා අවුවෙන් පැසවා ගානු
(තැල්මට කෙවුමට රිදුමට පේන්දුවට*
79 කරේ බඳින බෙහෙතට
අන්දර කොල පොතු ගෙන කහ ලූනු දමා කොටා මලවා එම පටෙන් කරේ බඳිනු (හන්දි
වෙයි*
80 තුවාලයට
වෙම්බඩංගා ඳ’ පුපුල ඳ’ අමු කහ දමා අඹරා තල තෙලෙන් මලවා බඳිනු (ගුණ වේ*
81 ඊටම
දෙමට ඳ’ මුල් කරඳ ඳ’ මුල් අමු කහ දමා තලා මී තෙලෙන් මලවා බඳිනු.
82 ඊටම
කෝවක්කා කොල අමුකහ දමා තලා බඳිනු
83 තැල්මට
මී පොතු කෑලිය පොතු එක තරමට ගෙන වනෙන් කොටා වතුර ඉස මිරිකා හීනටි
හාල්පිටි දමා කැඳහදා පොවනු (තැල්මට රිදුමට ඇවිළිල්ලට කඳරිදුමට යහපති*
84 ඊටම
කිරිය පොතු හික් පොතු මෙකී දේ එක පමණ ගෙන කොටා උණු වතුර ඉස අනා ඉස්ම ගෙන
පැසවා ගානු. (බිඳුමට තුවාලෙට යහපති*
85 තුවාල තෙල
ඔළිඳ කුඹුරු පිල ගොන්කැකිරි සේරු කැප්පෙටිය තිබ්බටු මදුරු මේවා ඳ’ එක
තරමට ගෙන අඹරා පොල්තෙලට දියකර ලිප තියා ඊට දෙදුරු මොදගං තිප්පිලි කරාබුනැටි
වසාවාසි සාදික්කා අබිං ලූනු වේලූනකහ මෙකී දේ අඹරා තෙලට දියකර දිය නැතිව
සිඳ ගානු. (තුවාල ඔඩු ගුණ වෙයි*
86 තිස්පෑ හන්දියට
ලූනුවරණා කොල පොතු ගෙන කහ ලූනු දමා කොටා මී තෙලෙන් තුන් වරුවයි. එක්‍ෂරු
තෙලෙන් තුන් වරුවයි. (උයද සවස*
87 ඊටම
මස්බැද්ද පොතු කහ ලූනු දමා කොටා මලවා බඳිනු
88 තුවාල වූ අයගේ සිහි නැතිවූ විට
කරල්සැබ්බ කොල මුල් ගෙන කොටා ඉස්ම මිරිකා ගෙන නස්න කරනු සිහිය එයි.
89 බිඳුන තැන ලේ යනවාට
කැහිපිත්තන් කොල ගැඩුඹ කොල අර’ ඉඟුරු සුදු’නු වියළි කහ ගෙන කොටා මලවා
බඳිනු සන්දි වෙයි. ලේ හිටියි
90 වනයට
කුඩුමිරිස් ඳ’ පොඩිහීරැුස්ස ඳ’ පුපුල ඳ’තොලබෝ අල මේවා එක තරම ගෙන උණු
වතුර ඉස මිරිකාගෙන ලිප තියා ඊට පොල් තෙල් එක්‍ෂරු තෙල් දමා දිය නැතිව සිඳ
ගානු කුඩු තියා ඔතනු (සුව වන තුරු* අත්දුටුවයි
91 තුවාලවල ලේ සිටුවීමට
ඉඳිබොඩ කරල්සැබ්බ පොල්පලා හාතාවාරිය කොල බේඳුරු අල ඇහුටු කොල පොතු කිරි
අඟුන මදුවැල් කොල මේවා එක තරමට ගෙන බැලතණ ඒ තරමට ගෙන කහලූනු දමා කොටා මලවා
බඳිනු (තුවාල ගුණ වේ. හන්දි වෙයි* හන්දි නොවැදුනේ නම් ගැඩුඹපටෙන් බේත්
බඳිනු.
92 ඊටම
පොඩිහීරැුස්ස පුපුල කොල දිවුල් කොල තිබ්බටු කොල දෙමලපිලල කෑලියපිලල
මිල්ලපිලල මේවා කහ ලූනු දමා කොටා මලවා බඳිනු (තැල්මට අවහන්දියට*
93 ගැටකනමිල්ල පොතු කොටා ඉස්ම මිරිකා පැසවා ගානු (තැල්මට සිය’ තුවාලවලට
යහපති*
94 ඊටම
බටහිර දිසාවෙන් බෝපොතු ගෙන කොටා ඉස්ම මිරිකා එම ඉස්මට ඉගුරු මිරිස් වදකහ
අඹරා දියකර හීනටි හාල්පිටි දමා ලිප තියා පැසවා කිකිළිබිජු සෝරස දමා පොවනු
(ගහෙන් වැටුන අයගේ තැල්මට බඩරිදුමට යහපති*
95 ඊටම
ගම්මිරිස් පතක් පමණ ගෙන බැද අඹරා කිකිළිබිජු සාරු සමග දෙනු (තැල්මට
රිදුමට බඩ පිපුමට අත්දුටුවයි*
96 ඊටම තෙලට
හීංදඹල මුල් සතුරුසම්මට්ටිය මුල් දෙමට මුල් කරඳ මුල් ඇහැටු අර’ ඇහැල මුල්
මේවා එක පමණ ගෙන කොටා උණු පැන් වත්කර අනා ලිපතියා දුන්තෙල් නැලියක් දමා ඊඨ
දෙදුරු මෝදගං වදකහ සුදු’නු ඉඟුරු ගම්මිරිස් පල්ලමානික්කම් මේවා චූණ_කර
අඹරා තෙලට දමා දිය නැතිව සිඳ තුවාලවලට දමනු. (බිඳුනතැන තුවාලවලට යහපති*
97 තෙල් කිරට
කෑල පොතු දඹ පොතු ඇහැල පොතු මේවා එක පමණ ගෙන කොටා උණූ පැන් ඉස අනා ලිපෙන්
පැසවා ගානු. (අවහන්දි ඇරෙයි කෙටුම් රිදුම් ඇරෙයි*
98 ඊටම පැණියට/ පත්තුව
කීරිය පොතු දඹ පොතු පලූ පොතු ඇහැල පොතු ඇට්ටමුඩංගා පොතු කහට පොතු හික්
පොතු කෑලිය පොතු ගෙන කොටා මිරිකා එම ඉස්මට තල් හකුරු කිතුල් හකුරු අක්මල්
පැණි දියකර පැසවා ගානු. (හන්දි වෙයි* අත්දුටුවයි
99 හන්දි උන තැන කෙවුමට
පලූඅරටු අන්දරඅරටු මිල්ලඅරටු කෑලිය පොතු ගෙන කොටා මිරිකා පැසවා ගානු.
(ඉදිමුනටද යහපති*
100 ඊටම
නවහන්දි පොල් එක්ක කොටා තැටියකට මිරිකා අමුවෙන් පැසවා ගානු (අවහන්දි
ඇරෙයි කෙවුමට රිදුමට*
තුවාලයට: සුදුනයිකොල පොඩිකර ලේ හිටී.
101 ඊටම පුපුල කොල කහ ලූනු දමා කොටා අරක්කු දමා අනා කබලෙන් රත්කර ගානු.
(තුවාලයට තැල්මට අත්දුටුවයි*
102 ඊටම - තුවාලයට
පොඩිහීරැුස්ස හැකිරිල්ලා කොල පොල්කුඩු පලා කොල පුපුල කොල යකිනාරං කොල
දෙහි කොල දොඩං කොල මලබුදු කොල හාතාවාරිය කොල යකුහනස්ස කොල යක්බේරිය කොල මී
කොල කරපිංචා කොල එරමිනියා කොල මේවා එක පමණ ගෙන අඹරා තුවාලයට බඳිනු
103 ඊටම
කහරු පොතු උණලීයේ කුරුටු පොල්පිත්තේ පිට කුරුටු ඉඟරු මේවා චූර්ණ කර අඹරා
තුවාල වලට කුඩු දමනු (තුවාල ගුණ වෙයි*
104 තුවාලවල ලේ යනවාට
කරල්සැබ්බ කොල කහ ලූනු දම කොටා මලවා බඳිනු. (ලේහිටී*
105 ඊටම
සියඹලා පොතු පු’ස්සා අ’ ගෙන තුවාලයට දමනු (ලේ ර’වෙයි*
106 ඊටම
කඩුපහර ඳ’ උඳුපියලිය මයිලඳ’ අමුකහ දමා තලා බඳිනු. (වලහ කෑ තුවාලේ ලේ
හිටී*
107 ඊටම ලේ වැරැුල්ල කොල කරල්සැබ්බ කොල හාතාවාරිය කොල අමුකහ දමා අඹරා ගානු
(ගුණ වෙයි*
108 මිටි බේතට
කහරු ඳ’ මොණරකුඩුම්බිය ඳ’ නික ඳ’ අමු කහ දමා අඹරා ගානු (සිය’ තුවාල ගුණ
වෙයි*
109 හීංදඹල කොල වල්කැර කොල කොටා මිරිකා තුවාලයට වත්කරනු (තුවාල පෑහෙයි ලේ
හිටියි*
110 ඊටම
උඳුපියළි කොල යුෂ නැලියයි. පොල් කිරි නැලියයි. පිලතියා සිඳෙන පදමට
හීංබිලිං මුල් පතක් පමණ කොටා එම තෙලට දමා පදමට සිඳ තෙල් ගානු. තෙල් ගසනු
(සිය’ තුවාල ගුණ වේ*
111 ඊටම - තුවාල ඔඩු ගියවිට
කරඳ කිරි පිඹිනු ඔඩු හිටී.
112 තෙලට
දෙමට ගෙඩි ඉස්ම පතයි වැල් පෙනෙල ඉස්ම පතයි කරඳපොතු ඉස්ම පතයි ඊට තල තෙල්
එක් කර මේවා ලිපතියා දෙදුරු සුදු’නු පල්ලමානික්කම් අසමෝදගං සහිඳලූනු කුඩුකර
දමා දියනැතිව පදමට හිඳ සිය’ම තුවාලවලටද ඔඩුවලටද යහපති.
113 කෙවුමට
ඇත්පෝඩා කොඩ කෑලිය පොතු මේවා කොටා ඉස්ම ගෙන පොල් කිරි එක්කර පැසවා ගෙන
ගානු. (හන්දිවුන තැන් කෙවුමට රිදුමට*
114 ඊටම
ඇට්ටමුඩංගා පොතු බැලතණ ඇහැලපොතු මස්බැද්දපොතු වෙල්ලංගිරිය පොතු එක පමණ
ගෙන කොටා උණූපැන් ඉස අනා මිරිකා පැසවා ගානු (පේන්දු අවහන්දියට*
115 තිස්පෑ හන්දියට
ගෝණ අං කුඩු කහ ලූනු දමා කොටා මලවා බඳිනු.
116 ඊටම
උල්කැන්ද පොතු ගම්බිරියා පොතු බොමිකොල පොතු කහ ලූනු දමා කොටා මලවා බඳිනු
(හන්දි වෙයි*
117 ඊටම
තැඹිලි පොල් මැඩිය කොල එක්‍ෂරු ඇට කුරහන් පිටි මේවා එක පමණ ගෙන කහ ලූනු
දමා කොටා මලවා බඳිනු. (තැල්මට රිදුමට පේන්දුවට අවහන්දියට යහපති*
118 ඊටම
කරවැලේ පොතු අත්තන කොල කුරුඳු මුල් කොල පොතු කහ ලූනු දමා කොටා මලවා බඳිනු
119 ඊටම
වවුලෑටිය කොල මිදෙල්ල කොල අඟුණකොල පුපුල ඳ’ හෙකී දේ අඹරා ගානු (මිටි
බෙහෙතයි*
120 ඊටම
හික් පොතු කහ ලූනු දමා කොටා මලව බඳිනු (අවහන්දියටයි*
121 පේන්දුවට
බෝකොල පොතු කහ ලූනු දමා ඊට උණු අ’ දමා කොටා මලවා බඳිනු
122 දෙහි තිබ්බටු වැල් කොල පොතු ගස් කැප්පෙටියා කොල පොතු තොලබෝ අල
හීරැුස්සපලූ ඳ’ක්පලූ නියඳපලූ තුඹ වෙල්ලංගිරිය කොල තිත්ත වැටකොලූ කොල
බිංතඹුරු කොල කහ ලූනු දමා කොටා මලවා බඳිනු. (පේන්දුවට තැල්මට විසාදිවලට
යහපති*
123 හංදියට
ගුරුල ගහේ මද ඇටමුරුවා පොතු තැඹිළි පොල් මල් හීනටි හාලේ බත් එක්ක කහ ලූනු
දමා කොටා මලවා බඳිනු.
124 ඊටම
සේරු කොල පොතු කැප්පෙටියා කොල පොතු කහ ලූනු දමා කොටා තල තෙලෙන් මලවා
බඳිනු. (හැට පැයට හන්දි වෙයි*
125 මස් බැද්ද කොල පොතු කැටකලහ පොතු බත් දමුන පොතු නවහන්දි මේවා සමසමව ගෙන
කොටා මිරිකා ලිප තියා අඹු මුලක් පෙරංගා මිරිකා පැසවා කුලංබුව හරිගස්සා
ගානු. (තැල්මට*
126 ඊටම
සුදු වෙල්ලංගිරිය පොතු ගුරුල මද හාතාවාරිය කොල මේවා එක පමණ ගෙන පැහිච්ච
පොල් ගෙඩියක් දමා කොටා මිරිකා හීං එක්‍ෂරු ඇට එම වද පතයි අමුකහ පතයි මේවා
අඹරා දිය කර පැවසා කුලංබුව හදා ගානු. (තැල්මට පේන්දුවට රෙදුමට බිඳුනාට
යහපති*
127 පසළොස් පෑ හන්දියට
කොට කිඹුලා ගහේ කොල පොතු කොට්ට පොල් ගෙඩියක මිටි කිරි මිරිකා පසෙක තියා
එම බෙහෙත් කහ ලූනු දමා කොටා කිරි වත්කර අනා කබලෙන් රත් කර බඳිනු (හන්දි
වෙයි පේන්දු ඇරෙයි*
128 වෙඩි වැදුන තුවාලයටකරඳ මුල් දෙමට මුල් ගම්බිරියා මුල් රණවරා මුල් කොහොඹ
මුල් මේවා කොටා පැන් වත්කර තම්බා මිරිකා පෙරා ලිප තියා තල තෙල් වත්කර ඊට
කයිප්පු කරුංකා පුවක් පල්ල්මානික්කම් සතකුප්පමෙකී දේ කුඩු කර දමා මෙකී දේ
දෙකට බෙදා පංගුවක් තෙලට දමා පැසවා ඉටි පදමට දිය නැති සිඳ බිමට ගෙන අනික්
සරක්කු පංගුව තෙලට දමා තියා සිය’ තුවාලවලටද කල් ගිය තුවාලවලටද පනු කැවිලි
රුදාවලටද බබළා කෑ තුවාලවලටද යහපති. (අත්දුටුවයි*
129 තවත් තුවාල තෙලක්
කුඩු මිරිස් මුල් බොල්පනා මුල් හීන් දඹල මුල් මේවා ගෙන ඊට ඉබොල්පනා මුල්
හීන් දඹල මුල් මේවා ගෙන ඊට ඉඟුරු ගම්මිරිස් සුදු’නු මෙකී දේ චූර්ණ කර තබා
පළමු කී අවුසදත් කොටා ඉස්ම මිරිකා ගෙන ඒ ඉස්මට දුන්තෙල් දමා සරක්කු දමා
පැසවා පු’න් වලින් තෙල් තුවාල වලට දමනු (උණු වතුරෙන් සෝදනු සිය’ තුවාල
අවහන්දි පේන්දු ගුණවෙයි - අත්දුටුවයි*
130 හැම ඔඩුවට
නික කොල ඔලිඳ කොල කරල්සැබ්බ කොල දෙහි ඇඹුලෙන් අඹරා ගානු (හැම ඔඩුවටම
යහපති*
131 ඊටම
හීරැුස්ස ඳ’ ලියා අමු කහ ලූනු දමා කොටා පොල් කිරෙන් තම්බා බඳිනු (ඔඩුවටම
යහපති*
132 ඔඩු තැවුමට
කරල්සැබ්බ කොල කොලපතොක් කොල පොතු ඉරමුසු අමුකහ ලූනු දමා කොටා පොට්ටනි බැඳ
මී තෙල් කබලකට වත් කර ලිපේ තියා රත් කර බෙහෙත් පොට්ටනිය තේලවල ඔබා අත්
උනුසුම් පදමට තවනු. (උදේ සවස*
133 ඔඩු මැල්ලූමට
වවුලෑටිය කොල පොතු තෙල් එක්‍ෂරු කොල පොතු පුපුල ඳ’ අමු කහ දමා අඹරා තල
තෙලෙන් මලවා බඳිනු මී තෙලෙන් තුන් දවසයි.
134 ඊටම
ගිණිටිල්ලා කොල ලියා අමු කහ දමා කොටා තල තෙලෙන් හෝ මීතෙලෙන් මලවා බඳිනු.
135 ඊටම
හැකිරිල්ලා කොල අමු කහ දමා කොටා තල තෙලෙන් මලවා බඳිනු (ඔඩු තුවාල ර’
වෙයි* ඔඩු සුද්ද වෙයි. තුවාල හොඳවෙයි. කැපුන තුවාලයක නම් එම කොල අමු කහ දමා
අඹරා ඉස්ම මිරිකා බෙහෙත් රොඩු බඳිනු. (අත්දුටුවයි*
136 පරණ තුවාලවල කුණ කැපෙන්නට
කරඳ මුල් ගෙන සුද්ද කර කුරුටු ගා අමු කහ දමා තලා මී පැණියෙන් මළවා බඳිනු.
එම බෙහෙත්ම තල තෙලෙන් මලවා බඳිනු තුවාලය සුද්ද වෙයි. තෙල් පිඹිනු ගුණ
වෙයි.
137 තුවාල ඔඩු රොටියට
හීරැුස්ස ද’ තිබ්බටු ඳ’ රතු’නු අමු කහ දමා කොටා උණු වතර දමා වඅනා ඉස්ම
මිරිකා ගෙන හීනටි හාල් පිටි දියකර කබලකට වත්කර රොටී උයාගනු. එම රොටී
තුවාලවලට බඳිනු. (ඔඩු තුවාල හොඳවෙයි*
138 ඊටම
තොලබෝ අල කොලපතොක් කොලඅමු කහ දමා කොටා එළෙසම මිරිකාගෙන හීනටි හාල් පිටි
දියකර රොටී උයා බඳිනු.
139 වතුකහඹිළියා කොල කොලබෝ අල දෙහි ඇඹුලෙන් අඹරා ගානු (හැම විසාදියටම
යහපති*
140 ඔඩුවට බෙහෙත්
නාමිරිත්තා ඳ’වෙම්බඩංගා ඳ’වල් තම්පලාකොල සියඹලා කොල රත්මල් දෙමට මුලේ
පොතු රණවරා ඳ’ හීරැුස්ස ඳ’ පෙනෙල කොල ගොඩකිරලා ඳ’ කරකොල කුප්පමේනියා
දෙහිගැට මේවා එක තරමට ගෙන අමුකහ ලූනු දමා අඹරා දොඩම් ඇඹුල් දමා අඹරා ගානු
(හැම විසාදියම හොඳවෙයි*
141 ඊටම
දොඩම් ලෙලි නාරං ලෙලි අල්ල ගෙඩි මේවා දෙහි ඇඹුලෙන් අඹරා ගානු.
142 පිටි අල්ලේ විසාදියට
පැහිච්ච හීං බටු දෙමට ගෙඩි මේවා කොටා මිරිකා පැසවා ගානු.
143 දම් පොතු දමුන පොතු කරඳපොතු කහට පොතු දෙමට පොතු රත්මල් කොල පොතු සියඹලා
පොතු බිංතඹරු කොල දියමිත්ත තුන්පත් කුරුඳු මෙකී කොල කාටා මිරිකා එම ඉස්මට
පොල් කිරි වත්කර කකාරා ඊට පල්ලමානික්කං බිම් දුම්මල සීන්නක්කාරං නෙල්ලික්කා
ගෙන්දගං සුදු’නු අබ මේවා අඹරා දමා තෙල් පදමට දිය නැතිව සිඳ පෙරා තබා ඔඩුවට
තෙල් පිඹිනු (ගුණවෙයි*
144 ඊටම
දෙමට පොතු කරඳ පොතු මුදුරු කොල කොටා මිරිකා කසායට තලතෙල් එක්‍ෂරු තෙල්
වත්කර කකාරා ඊට හඳුන් මීඉටි දුම්මල මේවා අඹරා තෙලට දිය කර දිය නැතිව සිඳගෙන
ගානු ඔඩුවට කැපුං කෙටුං වලට යහපති.
145 ඊටම
රත්මල් පොතු අන්කෙන්ද පොතු කැප්පෙටියා පොතු මඩිතිය පොතු කොල ලූණුවරණා කොල
පොතු මුරුවා කොල පොතු ඇවරිය මුල් මදුරුතලා කොල වෙල්ලංගිරිය කොල මුල් මෙකී
ඉස්ම පත බැගින් ගෙන පොල් කිරි පමණ බලා වත්කර ලිප තබා ඊට ක’දුරු සුදුදුරු
තිප්පිලි කරාබු වසාවාසි සාදික්ක වැල් මී පෙරුංකායං සීන්නක්කාරං
පල්ලමානික්කං කැකුණමල බිංදුම්මල ගලිස්ස පරණ කොහොල්ලෑ හොරලෑලි මෙකී දේ අඹරා
තෙලට දිය කර පළමු කී පදමට පෙරා ගානු (සිය’ ගෙඩි ඉහිරෙයි ඔඩුවට යහපති*
146 ඊටම
අබරල අල නියඟලා අල අමු කහ ලූනු ගම්මිරිස් එකට අඹරා කබලෙන් පැසවා ගානු.
(පතුල් පිලිකා අත් පිලිකා කටු පිලිකා ගුන වෙයි* උණුදිය නෑම යහපති -
අත්දුටුවයි
147 ඊටම
රත්නිතුල් මුල් දෙහි ඇඹුලෙන් අඹරා ගානු නලල් ගැට වාතගැට සිය’ පිළිකා ගුණ
වෙයි අත්දුටුවයි
148 ඊටම
ගම්මිරිස් සුදු’නු ඉඟුරු කලූදුරු සුදුදුරු අසමෝදගං පෙරුංකායං සහිඳලූණු
කොගරක මේවා අඹරා පොල්තෙලට දියකර අවුවෙන් පැසවාගෙන ෂතියක් බොන්ට දෙනු
තම්බාපු හාලේ බත් දෙනු. ලූණු ඇඹුල් නොකනු.
149 ගඩුවේ ඉදිමුමට
මුරුංගා පොතු සුදු’නු එනසල් හී ඉඟුරු මේවා මූත‘ා දියෙන් අඹරා ගානු.
150 පතුල් පිළිකාවලට
කිරිවානා ගල් කුඩුකර අඹරා ඊට සුදුදුරු අසමෝදගං උ‘හාල් මේවා තරමට අබිං ගෙන
කයිප්පු නෙල්ලික්කා ගෙන්දගං ගෙන ටික ටික ගෙන අඹරා කිකිළි බිත්තර පොතු
සුදුවෙල්ලංගිරිය පොතු කරඳ පොතු ඇවරි පොතු එරබදු පොතු මෙකී දේ එකට කොටා
රුක්අත්තන පොතු ඉස්මෙන් හීනටි හාල් පිටි අඹරා රොටී උයා බඳිනු.
151 ඊටම
වල් කිඩාරම් අල නියඟලා අල හබරල අල වල්ඉඟුරු අල තොලබෝ අල ඕලූ අල බේඳුරු අල
ගිණිටිල්ලා අල මදුරු මුල් කුඹුරු ඳ’ මේවා දොඩම් ඇඹුලෙන් අඹරා ගානු. ගෙඩි
ගුණවෙයි.
152 පළමු කොට මස් කැඞීමට ලේහිටවීමට
කුඹුක් ඳ’ නාරං ඳ’වෙම්බඩංගා ඳ’අමුකහ හාල් ඇට අමු ඉඟුරු මේවා තලා ඉස්ම
මිරිකා කුඩු බඳිනු.
153 ඊටම
ගොරඩිය ඳ’ පුස්වැන්න ඳ’ උඳුපියලිය අමුකහ දමා තලා මිරිකා කුඩු බඳිනු.
154 ඊටම
කරපිංචා ඳ’ බුලත්පලා ඳ’ කෑලිය ඳ’ ඉඟුරු ගම්මිරිස් වදකහ සමග තලා ඉස්ම
තුවාලයට මිරිකා ඔතනු.
155 ඊටම
පුස්වැල් ඳ’තෙලබේරිය ඳ’ අමුකහ එකට තලා මිරිකා බඳිනු.
156 ඊටම
දඹ ඳ’ පොල්පලා පුපුල කොල ඉඟුරු ගම්මිරිස් එකට තලා කුඩු බඳිනු
157 ලේ විදිනවාට නහර කැපුනාට
අරළු බු’ නෙල්ලි ඉඟුරු මිරිස් වදකහ අමුකහ ඉඟුරු පියලි කලාඳුරු සුදුදුරු
මාදුරු වියල් දුඹුටු හඳුන් තනකිරි මීපැනි කැකු’ බත් දමා අඹරා ඔතනු.
158 ලේ නොසිටියා නම්
ඉඟිනි හඳුන් වැල්මී දෙහි ඇඹුලෙන් ගලකා තනකිරි සමග දියකර පොවා ඉස ගල්ලනු.
නස්න කරනු. (වෑයෙන් පොරවෙන් නියං කටුවෙන් ඊතලයෙන් කඩුවෙන් කැපුනාට යහපති*
159 උල් ඇණුනාට
අස්වැන්න පුස්වැන්න රත්මල් ඳ’ පොතු ත‘ිපල් සමග අඹරා කැකු’ බත් සමගද අඹරා
පළමුව මිරිකා දෙවනුව ගිතෙල් මීපැනි සමග අඹරා අලවනු. (අත්දුටුවයි*
160 ඊටම
රත්තැල් සහමුලින් ගෙන එලබින්තඹුරු රතු’නු ලූනු ටිකක් දමා අඹරා එලකිරෙන්
අඹරා ගානු.
161 නහර කැපුනාට
හීරැුස්ස ඳ’ මුල් ඉඟුරු අර’ රස ඔලිඳබත් තලතෙල් දමා අඹරා ගානු
162 ඊටම
පුවක් ගොබ ඳ’ මුල් ගෙන කොටා කිකිළි බිජු සෝරස ද හීනටි හාල් පිටි දියකර
රොටි උයා හත් දිනක් බඳිනු.
162 හැම විස උල් ඇදෙන්නට
මහතැල් හබරල අල හීනුක්පලූ ගෙන අමු කහ වද කහ අරං කහ අබ වෙඩි ලූනු සුදු’නු
එකට තලා උණු අ’වෙන් තම්බා ඔතනු. හකුරු හඳුන් තනකිරි දෙහි ඇඹුල් වක්කර ගා
වැඩියෙන් හිස ගල්වනු (ඇල් පැන් නොදෙනු*
පස් ලෝ රන් රිදී මී ඉටි ලාකඩ හීනටි පිටි සමව අඹරා ගුලිකර තබා ගිතෙලින් හෝ
මී පැනියෙන් ලේ යන වණවලට අළවනු. (ලූනු ඇඹුල් තුන් දිනක් වලකිනු*
163 බේත් දුම
ගොන් කැකිරි කොල පොල් පලා තුම මදුරු බෙලි නික ඉත්ත පඟුරු කොහොඹ කුඹුරු
මුරුංගා මෙකී කොල පොතු මීමුරුවට සුන්සහල් දමා කොටා හැලියකට දමා දිය වක්කර
කෝපතක් වසා බැඳ පැසවා මැස්සක් ගසා ලෙඩා මැස්ස උඩ හිඳුවා උඩින් වසා දුම්
පානු. (ඇඟරුදා කුෂ්ඨ රෝග ගුණ වෙයි*
කැකු’ බත් මිහ මීඉටි තඹයහුනු පස්ලෝයහුනු අඹරා රෙදි කඩක ලා හත් දවසක්
බඳිනු.
අර’ බු’ නෙල්ලි ඉඟුරු ගම්මිරිස් අබ පෙරුංකායං අරං කහ වදකහ ඉඟුරු පියළි
සුදු’නු අබිං ක’දුරු සුදුදුරු කරාබු වසාවාසි ඇත් දත් කුඩු කයිප්පු අත්තන
කංසා ඇට කැකු’ බත් කිකිළිබිජු සොරස අඹරා සුදු රෙදි කැබැල්ලක ගා අලවනු තල
තෙල් ගානු (තුන් දවසයි*
164 ඊටම
පල් මානික්කං සීන්නක්කාරං සහිඳලූනු අබිං කයිප්පු පෙරුංකායං වලඟසාල් මීඉටි
බත් මී පැනියෙන් තැටියක අඹරා ඊයං තට්ටුවේ ගා අලවනු. බෝ කොල පොතු දුම්මල
එකට කොටා දුම් අල්ලනු.
165 ආරක්‍ෂා බඳිනු
1*. ඕං නමෝ ශ‍්‍රී රාම රජ්ජුරුවන්ගේ ධම_යයි. ලේ ලේට ඇලීයං මස්වලට ඇලීයං
ලේ මසට මස් ලේවලට ඇලීයං හන්දි ඕට්ටු නහර ඕට්ටු ලේ ඕට්ටු පූට්ටු පූට්ටු
ඒස්වාහ:
2*. ඕං නමෝ ශ‍්‍රී රාම රජ්ජුරුවන්ගේ අතකඩා මුක බැන්දෙන් පය කඩා පය මුක
බැන්දෙන් ලේ ලේට ඇලීයං හන්දි ඕට්ටු පූට්ටු පූට්ටු ඒස්වාහ:

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්