Saturday, October 6, 2012

Karakamsa Lagnaya - මොකක්ද මේ කාරකාම්ස ලග්නය?

යම් පුද්ගලයෙකුගේ ආත්මය පිළිබඳව පලාඵල කථනයේ දී ආත්ම කාරක ග‍්‍රහයා වැදගත් වෙයි. එබැවින් යම් කේන්ද්‍ර සටහනක ආත්මකාරක ග‍්‍රහයා වැදගත් මූලාශ‍්‍රයක් වශයෙන් ඉදිරිපත් වෙයි. යමෙකුගේ බාහිර ශරීරයේ පැවැත්ම හා පුද්ගලයා වටා ක‍්‍රියාත්මක වන බාහිර දෙයට වඩා අභ්‍යන්තර ආත්මකාරීත්වයෙන් ක‍්‍රියාත්මක වන පුද්ගලත්වය යම් පුද්ගලයෙකු පිළිබඳ තීරණයක් ගැනීමේ දී ඉතා වැදගත් කරුණක් වෙයි.


ආත්ම කාරකයා නවාම්ශ කේන්ද්‍ර සටහනේ වැදගත් මූලාශ‍්‍රයක් වශයෙන් ඉදිරිපත් වන ස්ථානයක් ගන්නා බව පෙන්වා දිය හැකිය. නවාම්ශ කේන්ද්‍ර සටහන අභ්‍යන්තර පුද්ගලත්වය දෙසට යොමුකරන ආලෝකය සමග එම ආත්මකාරක ග‍්‍රහයා නවාම්ශ කේන්ද්‍රයේ තැන්පත්ව හිඳින රාශිය කාරකාම්ස ලග්නය වශයෙන් අප හඳුන්වයි. කාරකාම්සය මුල්තැන තබා අපට නවාම්ශ කේන්ද්‍ර සටහන විග‍්‍රහ කළ හැකිය. කාරකාම්ශයෙන් දොළොස්වන භාවය ආත්මයේ විමුක්තිය පෙන්වා දෙන අතර කේතු ග‍්‍රහයාගේ පිහිටීම ජන්මියා මෝක්ෂය කරා යොමු කරන තත්වය දැකගත හැකිය.

මෝක්ෂය කරා යන ගමන නවාම්ශ කේන්ද්‍ර සටහනේ කාරකාම්ස ලග්නයෙන් දොළොස්වැන්නේ හිඳින බලවත් ග‍්‍රහයාට සාපේක්‍ෂව බලපවත්වන දෙවියන් ඇසුරු කොට එම දෙවියන් වෙතින් අනුග‍්‍රහශීලී දායකත්වයක් ලබාගත හැකි බව පෙන්වා දිය හැකිය.


© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්