Tuesday, February 9, 2010

විවාහය, ව්‍යභිචාරය හා ජ්‍යෝතිෂය

මෙම මාතෘකාව පිළිබඳ අපගේ අවධානය යොමුවීමට ප‍්‍රධාන හේතුවක් වූයේ නොබෝදා අප වෙත යොමු වූ එක් දුරකථන සංවාදයක ප‍්‍රධාන තේමාව මෙම මාතෘකාගත විෂය පථයේ අන්තර්ගත වීමය. එම දුරකථන සංවාදයේ එක් නැගණියක් අප වෙත කරුණු දක්වා සිටියේ ඇයගේ කේන්ද්‍ර සටහන පරීක්‍ෂා කර දෙන ලෙසයි. අප එම කේන්ද්‍ර සටහන පරීක්‍ෂා කොට බැලූව අවස්ථාවේ දී අපට පෙනී ගිය එම කේන්ද්‍ර සටහන මෙසේය.



බෘහත් පරාශර හෝරා ශාස්ත‍්‍ර ග‍්‍රන්ථයට අනුව එහි 20 වන පරිච්ෙඡ්දයේ 3 වන ශ්ලෝකයට අනුව සිකුරු යම් භාවයක දී සිය සතුරු ග‍්‍රහයෙකු සමග සංයෝග වූ විට එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සිය සැමියාගේ හෝ භාර්යාවගේ වියෝවකට හේතු වන බවයි. එසේම තවදුරටත් 4 වන සහ 5 වන ශ්ලෝකවලින් පෙන්වා දෙන අන්දමට සිකුරු සතුරු රාශියක හෝ දුබල රාශියක සංයෝග වී හෝ සිටියේ ද එවිට කලත‍්‍රයා බොහෝ ව්‍යාධින්ගෙන් පෙළෙන්නෙකු බව පෙන්වා දෙයි. 

තවද එහි 55 වන පරිච්ෙඡ්දයෙහි 1 සිට 6 දක්වා ශ්ලෝකයන්හි පෙන්වා දෙන අන්දමට සඳුගේ අන්තර් දශා මහ දශාවන් හි දී දෙවියන්ගේ ආශීර්වාදයෙන් ඇත් අස් වස්ත‍්‍රාභරණාදිය ලබන්නේ වුව ද සඳු ග‍්‍රහයා සතුරු ග‍්‍රහයින් හා සංයෝග වී ත‍්‍රිකෝණගවීම තුළ සඳුගේ අන්තර් දශාවන්හි හා මහ දශාවන් හි දී ධනය නැති වීම, තත්වයෙන් පහළ වැටීම, රජුගේ හා මැති ඇමතිවරුන්ගේ පීඩනයට ලක් වීම, මවට සිත් පීඩා ගෙන දීම, සිර ද`ඩුවම් ලැබීමට ලක් වීම, ඥතීන්ගෙන් වියෝ වීම සිදු වීමට නියමිතය. ධනස්ථානාධිපති කුජගේ දෘෂ්ඨියට හා වැයස්ථානාධිපති ශනි හා සඳු සංයෝග වූ විට අනිවාර්යයෙන් සිරුරට පීඩාගෙන දෙන වේදනාකාරී මරණයක්ට හිමිකම් කියයි. 

මරණයට කැප වූ වර්ණවත් එළ ගව දෙනුන් නිදහස් කර ඔවුන්ට රැුකවරණය සැළැස්වීම තුළින් මෙම පීඩාකාරී අපල තත්වයෙන් අත්මිදීමට හැකි බව එහි වැඩි දුරටත් පෙන්වා දෙනු ලබයි.

මේ උප්පත්ති ග‍්‍රහ පිහිටීම සහිත එම නැගණිය සිය පුංචි අම්මාගේ පුතා සමග පේ‍්‍රමයෙන් වෙලී මව් පියන්ට ද්‍රෝහි වෙමින් නිවසින් පැණ ගොස් විවාහ වීමට ඉටාගෙන සිටින බවත් ඇයගේ කේන්ද්‍ර සටහනෙහි වැඩි දුරටත් පෙන්වා දි ඇති පරිදි කාල සර්ප යෝගයෙන් පීඩා විඳීමට ඉරණම ලියැවී ඇති හෙයින් මෙය සිදු කිරීමට ඉටාගනු ලැබූ බවත් පවසා සිටියාය.

සමාජ සංස්ථාගත විවාහයත්, විවාහයේ සබඳතා නිර්ණායකයන් පිළිබඳවත්, ලේ ඥාතිත්වය ඇතියවුන් ඔවුනොවුන් හා විවාහය තුළින් ඇති වන ජීවවිද්‍යාත්මක පරිචිත ලක්‍ෂණ සම්පේ‍්‍රෂණයෙන් මන්ද බුද්ධික දරුවන් ඉපදීමට ඇති ප‍්‍රවණතාවත් පිළිබඳ සැලකිල්ලට ගනිමින් කරුණු විමර්ෂණය කිරීමේ දී පෙනී යන ප‍්‍රබල සමාජ ගැටළුවට විසඳුම කුමක් ද යන්න සෙවීමට පාඨක ඔබ සැමගේ ප‍්‍රතිචාර ලබා ගැනීමේ අදහසින් මෙම ලිපිය යොමු කරනු ලබන බව සැළකිය යුතු ය.

එම්. එම්. රෝහණ වසන්ත/0714161082-0755075182 wasantha2010@gmail.com






2 comments:

  1. As i have heard theres no such thing called "Kala sarpa yoga".At least this yoga isnt on the old astrology books.

    ReplyDelete
  2. And there are two gajakesari yogas and two neecha bhanga raja yogas on this horoscope.Which are so powerfull yogas.

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්