Saturday, June 30, 2012

කුඩා දරුවන්ට වැළඳෙන බාලගිරි දෝෂ සමනයට ප්‍රශස්ථ දස දිග පිරිත හෙවත් ඛුද්දක ජිනපඤ්ජරය


[ඡායාරූපය budurashmiya.net වෙතිනි]
දිසාසු දසභාගේසු ඨිතා බුද්ධානු භාවතෝ - වේරාදි අන්තරායාපී විනස්සන්තු අසේසතෝ
ඒවමාදි ගුනෝපේතං පරිත්තං තං භණාමහේ

පදුමුත්තරො පුරත්ථිමායං අග්ගිනේචේව රේවතෝ දක්ඛිනේ කස්සපෝ බුද්ධෝ නිරිතේච සුමංගලෝ පච්ඡිමේව සිඛී බුද්ධෝ වායබ්‍යා මේධංකරෝ උත්තරේ පියදස්සීච ඊසානේ දීපංකරෝ පඨවියං කකුසන්ධෝ ච ආකාසේ සරණංකරෝ

ඒවං දස දිසාචේව සබ්බේ බුද්ධා පතිට්ඨිතා අච්ඡන්තරායා සබ්බේ මේ (අනුන්ට කියන විට මෙතැනට “තේ“ යන්වෙන් කිව යුතුය) සෝක රෝග භයාපි ච විනස්සන්තු සදා මයිහං (අනුන්ට කියන විට මෙතැනට “තුයිහං“ යන්වෙන් කිව යුතුය) සබ්බීරියා පථේසුච යක්ඛාදි දේවතාහීච රාජ චෝරාදි අග්ගිහී, අමනුස්සේහි සබ්බේහි තිරච්ඡාන ගතෙසු ච සබ්බේ උපද්දවා ජාතා විනස්සන්තු අසේසතෝ

(මෙය පාලි භාෂාවෙන් රචිත බුද්ධ මන්ත්‍රයක් වශයෙන් භාවිත කළ හැකි පිරිත් සූතුයක් වන අතර කියවීමේ පහසුව තකා හල් අක්ෂර යොදා ඇති බව සළකන්න)


මෙම දස දිග පිරිත හෙවත් ඛද්දක ජිනපඤ්ජරය ළදරුවන්ට වැළඳෙන බාල ගිරිදෝෂ සහ සියළුම උපද්‍රවයන් සමනය කිරීමට ඉතා ප්‍රත්‍යක්ෂ දිව ඔසුවක් බඳු පිරිත් සූත්‍රයකි.

අධික ලෙස උණ සෑදී ඇති විටක හෝ අධික ලෙස දරුවන් නොනවත්වා අඩන විට දී මෙම පිරිත 21වරක් පිරිසිදු පීරිසියකට තල තෙල් හෝ පිරිසිදු පොල් තෙල් ටිකක් දමා ඊට කහ සහ අබ ඇට ස්වල්පයක් ද දමා තම වෙදඟිල්ලෙන් කවලම් කරමින් පිරිත් කොට ළදරුවාගේ නළළෙහි ගල්වන්න. නෙළුම් පතක රැඳි දිය බිඳක් සේ වේදනා වහා සමනය වෙයි.

මෙය ළදරුවන්ට පමණක් නොව ඔනෑම කෙනෙකුට සිද්ධි වූ විට ඉතා බලගතු ආරක්ෂක මන්ත්‍රයක් වශයෙන් ද සහ දෙහි කැපීමට කැපුම් මන්ත්‍රයක් වශයෙන් ද භාවිත කළ හැකි ඉතා වටිනා මන්ත්‍රයක් වශයෙන් පෙන්වා දිය හැකිය.


© M. M. Rohana Wasantha 0714161082

Monday, June 4, 2012

Astrology

Astrology »
පරාද වූ ජීවිතය දිනන්නත්, කිසිදින නොපරදීමටත්, විශ්ව ශක්තියේ සැබෑ හැඩහුරුකම් දැන ඉදිරි ජීවිතය සාර්ථක කරගැනීමටත් කැමති සෑම කෙනෙකුම පැමිණිය යුතු එකම අඩවිය http://www.astrology.lk

come and like and join with facebook fan page

http://www.facebook.com/pages/Astrologylk/398906233486017

Astrology.lk | Facebook »
Facebook is a social utility that connects people with friends and others who work, study and live around them. People use Facebook to keep up with friends, upload an unlimited number of photos, post..

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්