© M. M. Rohana Wasantha
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Tuesday, June 23, 2015
Tuesday, June 2, 2015
සිංහලෙන් හදන ජ්‍යෝතිෂ මෘදුකාංග
සිංහලෙන් හදන ජ්‍යෝතිෂ මෘදුකාංග වල තියෙන ගැටළුව මොකක්ද කියන ප්‍රශ්නය බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි. ඒක හොඳයි හදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නමුත් ගැටළුව තියෙන්නෙ එතන නෙමෙයි. ඒ මෘදුකාංගවල අපිට පෙන්නල දෙන්නෙ පැය ගාණක් තිස්සේ හෝ දින ගණනක් තිස්සේ හදන්න වෙන ගණිත කර්මයක් තත්පර ගණනකින් හදාගන්න උපකාර වෙන ක්‍රමයක් නම් ඉතා ප්‍රශස්ථයි.
නමුත් කේන්දර පලාඵල පවසන ජ්‍යෝතිෂ මෘදුකාංගයකින් ජ්‍යෝතිර්වේදී ඔබේ ජොබ් එකට කෙළවෙන පොටක් පාදගන්න පුළුවන්. මොකද එක්ස්ෆර්ට් කොම්පියුටර් ඔපරේටර් කෙනෙකුට ජ්‍යෝතිර්වේදියෙකු වෙන්න ඉතා පහසුයි අර වගේ කේන්දර පලාඵල පවසන ජ්‍යෝතිෂ මෘදුකාංගයකින්. නමුත් මේක කිව්වම හිතන්න පුළුවන් ජොබ් එකට කෙළවෙන නිසා කියපු කතාවක් කියල. නෑ එහෙම කිසිම බියක් ඇති කරගෙන කියපු කථාවක් නොවෙයි.
මොකද කේන්දර බලන මගේ කේන්දරේ මම නිතරම බලනව. මේක නොකරන අනුන්ගෙ කේන්දර පමණක් බලන කෙනෙකුට මේ කියමන අදාළ විය හැකිය. නමුත් ශාස්ත්‍රය නිවැරදිව දන්නා ජ්‍යෝතිර්වේදියෙකු නම් තමන්ගේ අය මාර්ගය කුමක් මත තීරණය වන්නේ ද හා තමාට විසඳීමට මේ මොහොතේ පැමිණෙන්නේ කවර පැණයක්ද ඒ කවරෙකු නිසා කුමන මාධ්‍යයක් හරහා ද යන්නත් දන්නා අයෙකි.
ඉතින් දැන් තේරෙනවනේ ශාස්තරේට මොකද වෙන්නෙ කියල,
මේ දෙකේ දි ම වෙන්නෙ තවත් ශාස්ත්‍රයට අහිතවත් කමක් ඇතිවන එකයි. ශාස්ත්‍රධාරීත්වය කියන්නෙ කුමක් ද යන්න වෙනම පැහැදිළි කළ යුතු කරුණකි. ඇත්තටම ශාස්ත්‍රයට අහිතක් ඇතිවෙන්නෙ පරිගණක දැනුම පමණක් ඇති අයෙකු යම් සිංහලෙන් ඇති පලාඵල ප්‍රින්ට්අවුට් එකක් ලබාදිය හැකි මෘදුකාංගයක් භාවිත කරන විට දී ජ්‍යෝතිර්වේදියාගේ දැනුම කොතැනක ස්ථාන ගත කරන්නේද? යන පැනයට පිළිතුරක් දිය නොහැකි වීමයි.
අනෙක් කරුණ නම් තවමත් පරිගණකයට සිතීමේ හැකියාව නොමැතිවීමයි. අත් දැකීම් මත අන ලද විධානයන් ඇසුරු කරමින් මතකයේ ගබඩාගොට ඇති දත්ත සංකලනාත්මකව විග්‍රහයක් කර ප්‍රතිඵලයක් ලබාදීම පමණක් පරිගණකයට කළ හැකිය. නමුත් අත්දැකීම් මත ගොඩ නැගෙන අන්තර්ඥානයක් පරිගණකයට ගොඩනගාගැනීමේ හැකියාවක් නොමැත.
අපේ සිංහලයාගේ පවතින තවත් නොහොබිනාම සිරිතක් ව පවතින්නේ අනුකරණයයි. මොකද එකෙකු තෝසේ කඩයක් දමාගත් විට අනෙකා ද එතැනින්ම තවත් කඩ කාමරයක් කුලියට ගෙන තවත් තෝසේ කඩයක් දමාගැනීමට උත්සාහ කිරීමය. මේ ක්‍රියාවෙදි දෙන්නටම කෙළවෙන බව දන්නේ නැත.
කේන්දර හදනවානම් කමක් නැත. කේන්දර පලාඵල පවසන ජ්‍යෝතිෂ මෘදුකාංග වගේම තවත් දෙයක් තමයි ශාන්තිකර්ම සිදුකරන ජ්‍යෝතිෂ මෘදුකාංගත් හෙට අනිද්දට සයිබර් අවකාසයට ඒවි ලද පස්මල්, කට්ටකුමංජල්, කපුරු පිනිදය ටිකත් එක්කම සොෆ්ට්වෙයාර් එකක දමල ඒවි.
Labels:
Current Issues,
Kendara Sinhalen,
Wisdom for All,
කේන්දර සිංහලෙන්,
ජ්‍යෝතිෂ මෘදුකාංග,
සිංහල ලිපි
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
සංක්‍රාන්ති තොරතුරු සහ ග්රහණෝත්පාත තොරතුරු සඳහා මෙම දෙවන පින්තූරය මත ක්ලික් කරන්න. © M. M. Rohana Wasantha
-
වසර 30කට පසුව 2009 වසරේ සැප්සැම්බර් 09 වන දින කොළඹ වේලාවෙන් රාත්‍රී 10.35ට සිදුවන සෙනසුරු ග්‍රහයාගේ බුධ හිමි කන්‍යා රාශියට පිවිසීම මේෂාදී ලග...
-
Vedic Astrology Introduction (Sinhala) © M. M. Rohana Wasantha 0714161082
-
Reference : http://www.youtube.com/embed/btrI3X2HwkA නෛක ශ්‍රීන් විරාජමාන ශ්‍රී ලංකාවේ ඉතිහාස ගත දශ හිස් ඇති රාවණා රජු විසින් වි...
-
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන DKAD - 22162 අංකය යටතේ ක්‍රියාත්මක වෛදික ජ...
-
විවාහය නැමති සංස්කෘතික බැඳීමෙන් සමාජය තුළ ඇති වූ සමාජයීය ඒකකයක් වශයෙන් පවුල නැමති සමාජ සංස්ථාව පෙන්වාදිය හැකිය. එම සමාජ සංස්ථාව ගැටළුවකින් ...
-
මෙම පහත දැක්වෙන චක්රයන් ආධාරයෙන් ඔබට ඔබේ උපන් වේලාවට අනුව කවර ලග්නයක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවෙන් මතුවෙමින් පැවතියේද කියා දැන ගත හැකිය. ...
-
සත් මුහුදකට එපිට මහ මුහුද මැද කළු ගලෙන් යුත් දුපතක සෑදුන රන් විමනක රතු ගල් තලාවක උපන් කළු කුමරු විජිත නම් රුජුට දාව කර`ඩුමානා බිසවගේ...
-
සම්පූර්ණ ඉදිරිපත් කිරීම නැරඹීමට පින්තූරය මත click කරන්න. © M. M. Rohana Wasantha
-
https://drive.google.com/file/d/1YeXfgw3FN8pccph2EfLOOWH1gn7KFPnw/view?usp=drivesdk © M. M. Rohana Wasantha