Thursday, November 25, 2010

තෙවන කොටස – ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි

ඉරණම නැමැති පරිගණක මෘදුකාංගයේ දෝෂහරණ ක්‍රමවේදය

Posted on November 25, 2010 by Wisdom For All| Leave a comment | Edit
Rate This

(තෙවන කොටස – ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි)

පරිගණක ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන මෘදුකාංගයන්ගේ පවතින දෝෂහරණ ක්‍රියාවලියක් ඇත. සාමාන්‍යයෙන් මෘදුකාංගයක පැවතිය හැකි දෝෂ වර්ගයන් කවරේදැයි ප්‍රථමයෙන් හඳුනාගත යුතුය.

වැඩි විස්තර ... කියවන්න
© M. M. Rohana Wasantha

Saturday, November 20, 2010

පුද්ගල ඉරණම නැමැති පරිගණක මෘදුකාංගය

Posted on November 20, 2010 by Wisdom For All| Leave a comment
Rate This

(දෙවන කොටස – ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි)

මෙම ක‍්‍රියාවලියට නතුු වන පරිගණකය සහ එහි ක‍්‍රියාත්මක මෘදුකාංග නිර්මාණය වී ඇති ආකාරය ඔබ මෙම ලිපියේ පළමු කොටසින් මනාව අවබෝධ කරගන්නට ඇතැයි ...

© M. M. Rohana Wasantha

Friday, November 12, 2010

අළුත් ඇඳුමක් ... සහ අළුත් නවාතැනක් ...

අළුත් ඇඳුමක් ... සහ අළුත් නවාතැනක් ...
දුක සැප බලල යන්න එන්න ... http://kendaralk.wordpress.com/
© M. M. Rohana Wasantha

ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි.

ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි.
පරිගණකයක් යනු ඉලෙක්ට්‍රොනිකව ක‍්‍රියාත්මක කරනු ලබන යන්ත‍්‍රයක් වශයෙන් හඳුන්වාදිය හැකිය. මෙම යන්ත‍්‍රය ප‍්‍රධාන වශයෙන් ක්‍ෂේත‍්‍ර තුනක ක‍්‍රියාත්මක වෙයි. එනම්, දෘඪාංග, මෘදුකාංග සහ සජීවී මැදිහත්කරුවකු වශයෙන් එය හසුරුවන්නා පෙන්වාදිය හැකිය.

x දෘඪාංග - පරිගණකයේ අතින් ඇල්ලිය හැකි උපාංග Hardware
x මෘදුකාංග - පරිගණකයේ ක‍්‍රියාකාරීත්වය Software
x සජීවී මැදිහත්කරු - එය හැසිරවීම Live-ware

මෙම ප‍්‍රධාන ක්‍ෂේත‍්‍ර තුනෙහි පළමු ක්‍ෂේත‍්‍රය වඩාත් පදනම් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එය ආදාන (Input), සැකසුම් (Processor) හා ප‍්‍රතිදාන (Output) වශයෙන් කොටස් තුනකින් යුතු වෙයි. මෙහි දී ආදාන ඒකකය දත්ත පරිගණකය වෙත ලාබදීමේ නැතහොත් ප‍්‍රවේශ කරවීමේ කාර්යයෙහි නියුතු වෙයි. සැකසුම් ඒකකය එම දත්ත විශේෂිත තර්කණ උපායයන් ඇසුරු කරගනිමින් සජීවී මැදිහත්කරු විසින් ලබාදෙන විධානයන් අනුව ක‍්‍රියාත්මක වෙයි. ප‍්‍රතිදාන ඒකකය මගින් එසේ සකසා ගනු ලබන දත්ත පදනම් තොරතුරු වශයෙන් නිෂ්පාදිතයන් ලෙසින් එළිදක්වයි.

පරිගණකයේ මෙම ආදාන ඒකකය විවිධ දත්ත පරිගණකය වෙත ප‍්‍රවේශ කරයි. ශ‍්‍රව්‍ය දත්ත නැතිනම් මිනිසාගේ ශ‍්‍රවනේන්ද්‍රිය මගින් ග‍්‍රහණය කළ හැකි දත්ත, දෘෂ්‍ය දත්ත නොහොත් මිනිස් ඇසින් ග‍්‍රහණය කරන වේදයිතය සහ මිනිස් මනසට ගෝචර වන ස්නායු ආව්ගi  හෝර්මෝනමය විද්‍යුත් ධාරා සංඥා වශයෙන් පවතින සෑම දත්තයක් ම ආදාන ඒකකය මගින් පරිගණකයට යොමුකළ හැකිය. ඇතැම් විට මනසේ හෝර්මෝනමය විද්‍යුත් ධාරා සංඥාවන් කේතනය කළ හැකිii  ද? යන පැණය ඔබට ඇතිවිය හැකිය.

ඇමරිකාවේ ෆෙඩරල් බුද්ධි අංශය මගින් අත්අඩංගුවට ගනු ලබන යම් සැකකරුවෙකු ප‍්‍රශ්න කිරීම සඳහා භාවිත කරන ප‍්‍රශ්න කිරීම් කුටිය ඇතුළතින් පිටත නොපෙනෙන වීදුරුවලින් ආවරණය කර ඇති එකකි. එහි පිටතින් සේවයෙහි නියුතු විශාල කණ්ඩායමක් වෙයි. එක් පුද්ගලයෙකු පමණක් ප‍්‍රශ්න කිරීම් සිදු කරන අතර තවත් පිරිසක් පරිගණයක් ආධාරයෙන් අධෝරක්ත කැමරා උපයෝග කර ගනිමින් ඔහුගේ හෝ ඇයගේ මොලයේ රසායනික ප‍්‍රතික‍්‍රියාවන් සැලකිල්ලට ගනිමින් ඒ අනුව ප‍්‍රක්ක්‍ෂේපිත දත්ත විශ්ලේශනය කිරීමෙන් ඔහු හෝ ඇය පවසන දෑ සත්‍ය තොරතුරු ද නැතිනම් අසත්‍ය තොරතුරු ද යන්න නිර්ණය කරනු ලබයි. මේ සමග අමුණා ඇති කෙටි වීඩියෝ ක්ලිපය නැරඹීමෙන් ඔබට එය සනාථ කර ගත හැකිය.

මෙම කෙටි වීඩියෝ ක්ලිපය ඔබට මනසේ හෝර්මෝනමය විද්‍යුත් ධාරා සංඥාවන් කේතනය කළ හැකි බව තේරුම් ගැනීමට කදිම නිදසුනකි.

ප‍්‍රධාන වශයෙන් පරිගණකයේ ඉලෙක්ට්‍රොනික උපාංග ක‍්‍රියාත්මක කරවීමට අවශ්‍ය විද්‍යුත් ධාරා සංඥා වශයෙන් ප‍්‍රධාන අවස්ථා දෙකකින් යුතුව ක‍්‍රියාත්මක වෙයි. ඒවා ඇත සහ නැත යන අවස්ථා දෙකෙහි පවතියි. මෙය, විද්‍යුත් ධාරා සංඥාව පැවතීම සහ බිඳවැටීම දක්වාලයි. පරිගණකයේ ක්‍ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික උපාංගයන්ට තේරුම් ගත හැකි එකම භාෂාව මෙම මූලික අවස්ථා දෙකiii  පමණක් බව සැලකිය යුතුය. නමුත් මෙම අවස්ථා දෙක උපයෝග කර ගනිමින් විවිධ තර්කණ උපායයන් මතින් ඔබ සජීවීව පරිගණක තිරය මත දකින සෑම අතුරු මුහුණතක්මiv  නිමැවී ඇති බව උදක් සිහියට ගත යුතුය.

පරිගණක තිරය මත මැවෙන පික්සලයක්v  නිමැවෙන තිතක් පවා විද්‍යුත් ධාරා සංඥාවන්හි ඇති ප‍්‍රධාන අවස්ථා දෙක අනුව ක‍්‍රියාත්මක වන බව පැහැදිළි කළ හැකිය.

පරිගණක භාෂාවක් යනු පරිගණකයට ආදාන දත්ත ප‍්‍රවේශ කරවීමේ දී යන්ත‍්‍ර භාෂාවvi  වන 0 සහ 1 නැතිනම් විද්‍යුත් ධාරා සංඥාව බිඳවැටීම සහ පැවතීම යන කේතයන් දෙක බවට පරිවර්තනය කිරීමේ ක‍්‍රියාවලිය (Encode-කේතනය) මෙන්ම යන්ත‍්‍ර භාෂාමය යෙදුමක අර්ථය සාමාන්‍ය ව්‍යාවහාරික භාෂානුයුක්තව අරුත් ගැන්වීම (Decode -විකේතනය) සඳහා හැකියාව ඇති මූලෝපායික සංජානන, ඉගෙනුම් හා තර්කන සිද්ධාන්ත පද්ධතියක් වශයෙන් පෙන්වාදිය හැකිය.

පරිගණක මෘදුකාංග වශයෙන් ද මෙම පරිගණක භාෂාවන් ක‍්‍රියාත්මක වෙයි. විශේෂිත කාර්යයන් ඉටුකරගැනීම සඳහා වෙනමම නිර්මාණය කරන ලද යෙදවුම් මෘදුකාගvii  නමින් ව්‍යවහාර කරනු ලබන මෘදුකාංග කොටසක් ද පරිගණක ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වෙයි. සමස්ථ යන්ත‍්‍රය පද්ධතියක් වශයෙන් අන්‍යෝන්‍ය සබැඳියාවකින් යුතුව ක‍්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය හැසිරීමේ පිළිවෙල නිර්ණය කරන ලබන පද්ධති මෘදුකාංගviii  නමින් ව්‍යවහාර කරන මෘදුකාංග කොටසක් ද පරිගණක ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වෙයි.

-------------------------------
notes:

[i] Neuron Impulse 
[ii] Encryption
[iii] Binary Code
[iv] Graphics
[v] Pixel
[vi] Machine Language
[vii] Application Software
[viii] System Software

- මතු සම්බන්ධයි -

© M. M. Rohana Wasantha

Thursday, November 4, 2010

ඉංග‍්‍රීසි ජ්‍යෝතිෂ පාඩම් එම්පී 3 ෆෝර්මැට් එකෙන්

ඉංග‍්‍රීසි ජ්‍යෝතිෂ පාඩම් එම්පී 3 ෆෝර්මැට් එකෙන් බාගන්න පුළුවන් මෙතනට ගියෝත්
© M. M. Rohana Wasantha

ජගන්නාත් ජ්‍යෝතිෂ මෘදුකාංගයෙන් වැඩ කරන විට අවශ්‍ය කරන වෙනත් දෑ

ජගන්නාත් ජ්‍යෝතිෂ මෘදුකාංගයෙන් වැඩ කරන විට අවශ්‍ය කරන වෙනත් දෑ, නැතිනම් එහිදී භාවිත කළ යුතු වෙනත් සම්පත් ඇති තැනකට පාර මෙකයි. ඔබට එහි ඇති සම්පත් භාවිත කළ හැක්කේ ඉංග‍්‍රීසි භාෂා ඥානය
ඇති නම් පමණක් බව කරුණාවෙන් සළකන්න.

Jyotish Writings of P.V.R. Narasimha Rao



      Vedic Astrology: An Integrated Approach (textbook published in 2000)   NEW
      Impact of Transit Conjunctions on Natal Points: A Research   NEW
      Transits and Vimsottari Dasa Progression: A Specific Correlation   NEW
      Padamsas and Tranits: A Research Finding   NEW
      Transit of Nakshatra Dasa Lord: A Specific Principle
      Stationary Planets in Transit (A Research)
      Parasara's Atma Karaka Kendradi Graha Dasa
      Parasara's Kala and Chakra Dasas
      Parasara's Sthira Dasa
      Parasara's Drigdasa
      Parasara's Chara Karakas




© M. M. Rohana Wasantha 0714161082/0755315682

බාගන්න ලින්ක් එක නැවතත් / ජගන්නාත හෝරා 7.4 ජ්‍යොතිෂ මෘදුකාංගය

සොෆ්ට්වෙයාර් එක බාගන්න ලින්ක් එක කළින් මම ලියපු පෝස්ට් එකට ගියා නම් සිම්පල්. එන්න ඒ පෝස්ට් එකට. එතනට ගිහින් ඒක බාගත්තෙ නැති අය බාගන්න. මෙන්න ඒ පෝස්ට් එකට පාර
Wednesday, August 25, 2010 දින ලියූ පෝස්ට් එක 'ජගන්නාත හෝරා 7.4 ජ්‍යොතිෂ මෘදුකාංගය'
© M. M. Rohana Wasantha 0714161082/0755315682

Wednesday, November 3, 2010

ජගන්නාත් හෝරා ජ්‍යෝතිෂ මෘදුකාංගය භාවිතා කොට කේන්ද්‍රයක් සෑදීම

පළමු පාඩම
ඔබ අප විසින් පෙන්වා දුන් අන්තර්ජාල ලිපිනයෙන් බාගත කරන ලද මෘදුකාංගය මේ වන විටත් ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ගෙන ඇතැයි සිතමු. අප මෙම පාඩම් මාලාව තුළින් එම මෘදුකාංගය භාවිත කොට කේන්ද්‍රයක් සාදා ගන්නා ආකාරය ඔබට කියා දීමට අදහස් කරමු.

ප‍්‍රථමයෙන්ම ඔබගේ පරිගණකයේ ආරම්භක මෙනුවෙන් ව්‍යාපෘති යටතේ දක්වා ඇති ජගන්නාත් හෝරා මෘදුකාංගය තෝරා ඒ මත වරක් කොටන්න.
From JH 7.4
අනතුරු පහත දැක්වෙන තිරය ඔබගේ පරිගණකය මත දිස්වෙයි.

From JH 7.4

මෙවන විට ඔබ පළමුව කළ යුත්තේ ඔබගේ භාෂාව තෝරාගැනීමයි. ඒ සඳහා පඑත රූප සටහනෙහි දැක්වෙන පරිදි ප්‍රෙෆරන්ස් මෙනුවේ රිලේටඞ් ඩිස්ප්ලේ යටතේ ඇති චාර්ට් ස්ටයිල් ඇන්ඞ් ලැන්ග්වේජ් යන්න තෝරාගන්න.

From JH 7.4

කේන්ද්‍ර සටහනෙහි ග‍්‍රහයින්ගේ නම් පෙන්විය යුතු භාෂාව පළමුවෙන්ම තෝරා ගන්න එය ඉංග‍්‍රීසි භාෂාව තෝරාගන්න.
කේන්ද්‍ර සටහන උතුරු ඉන්දියානු දියමන්ති හැඩයේ ආකාරය තෝරාගන්න.

From JH 7.4
ග‍්‍රහයින්ගේ නම් සංස්කෘත භාෂාවෙන් පෙන්වන ලෙස දක්වන්න.
From JH 7.4
රාශි දක්වන අවස්ථාවේ දී ද සංස්කෘත භාෂාව තෝරන්න. එවිට ඔබට හුරු පුරුදු සූර්ය, චන්ද්‍ර, මංගල, බුධ, ගුරු ආදී ග‍්‍රහ නාමත් මේෂ, වෘෂභ, මිථුන ආදී රාශි නාමත් නිසි ආකාරයට දිස්වෙයි.



අනතුරුව ඔබ කළ යුත්තේ කේන්ද‍්‍රය සාදා ගැනීමට අවශ්‍ය පියවර සළකා බැලීමයි' මෙහිදී පහත දැක්වෙන තිර සටහන් පෙළ ඔබට ඊට මග පෙන්වයි' 


From JH 7.4
එහි fâටා යනුවෙන් ඔරලෝසු මුහුණතක් ඇති බොත්තමක් දෙවන තීරුවෙහි දැක්වෙයි' එය මතට ඔබේ මවුසය ගෙන ගිය විට එඩිට් බර්ත් ඬේටා යනුවෙන් ටිප් එකක් දිස්වේවි' එය මත එබීමෙන් පහත තිරය ලබා ගත හැකිය'

From JH 7.4
© M. M. Rohana Wasantha

පාඨක අදහස් විමසීම!

අපගේ බ්ලොග් අඩවිය පිළිබඳ පාඨක ඔබගේ අදහස් දැනගැනීමේ කෙටි සමීක්‍ෂණයක් පැවැත්වීමට අදහස් කරන අතර ඔබගේ වටිනා කාලයෙන් බිඳක් ඊට යොමු කර අපගේ ගමනට දිරියක් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.


පාඨක අදහස් විමසීම!

© M. M. Rohana Wasantha/0714161082

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්