Sunday, June 23, 2013

සහාම්ස හා සහාම්ස ගණනය

සහාම්ස යනු යමෙකුගේ කේන්ද්‍රයෙහි ඉතා වැදගත් තීරණාත්මක සාධක සෙවීමේ ක්‍රමවේදයක් වන අතර උදාහරණයක් වශයෙන් රාජ්‍ය යනු රාජධානියට සම්බන්ධයක් පවතින අතර රාජ්‍ය සහාම්සය යනු රාජ්‍යත්වයට පත්වීම සඳහා තීරණාත්මකව බලපාන අවස්ථාව ගණනය කර ගන්නා ආකාරය වශයෙන් පෙන්වා දිය හැකිය.

පරදේශ යනු විදේශ රටවල් සඳහා යෙදෙන නාමයක් වන අතර පරදේශ සහාම්සය යමෙකුගේ විදේශ ගත වීම සම්බන්ධයෙන් තීරණාත්මකව බලපාන අවස්ථාව ගණනය කර ගන්නා ආකාරය වශයෙන් පෙන්වා දිය හැකිය. මෙකී සෑම ගණනය කිරීමක්ම සූත්‍රයක් වශයෙන් පෙන්වා දී ඇති අතර යථෝක්ථ සහාම්සයන් කවරේද යන්නත්, හා ඒවා ගණනය කිරීමේ සූත්‍ර කවරේද යන්නත් දක්වා ඇති බව මෙම ලිපියෙන් පැහැදිළි කෙරේ.

A – B + C ආදී වශයෙන් දක්වා ඇති යම් සහාම්සයක් වේ නම් A B සහ C යන ස්ඵුටයන් අප වෙත ඇති විටක දී අප සලකා බැලෙනුයේ A සිට B කෙතරම් දුරකින් පවතින්නේ ද යන්නත් සහ C වෙත ඇති දුර ඊට එක් කිරීමත් සලකා බලා ඇත. යම් ආකාරයකින් C ස්ඵුටය B සහ A අතර නොපවතී නම් රාශි වලය ගමන් ගන්නා දිශාවට ගණනයේ දී B සිට ගණනය කොට A හමුවන තෙක් පැමිණීමේ දී අතරතුර C හමු නොවේ නම් 30° අගයක් ඊට එකතු කිරීම සාමාන්‍ය ක්‍රමය වන බව පෙන්වා දී ඇත.

උදාහරණයක් වශයෙන් (සඳුරවි + ලග්න) යනු සූර්යාගේ සිට චන්ද්‍රයා කොපමණ දුරකින් සිටින්නේ ද යන්න සොයා සමාන දුරක් ලග්නයේ සිට ගත දුර සලකා බැලෙයි. රාශිවලය මේෂයේ සිට මීනය දක්වා ගණනය කිරීමේ දී අංශක 3600 ක පරිධියක් දක්වා මෙසේ ගණනය කිරීම් සඳහා සලකා බැලෙන බව පෙන්වා දිය යුතුය. මෙම උදාහරණයේ දී සූර්ය ස්ඵුටයේ සිට චන්ද්‍රස්ඵුඨය දක්වා ගමන් කළ දුර ඇතුළත දී ලග්න ස්ඵුටය හමු නොවන අවස්ථාවක දී අප අංශක 300 ක් ඊට එකතු කොට ගණනය කිරීම් සිදු කරන බව සැළකිය යුතුය. ඉතා වැදගත් සහාම්ස කිහිපයක් මතු දක්වා ඇති අතර බොහෝ සහාම්ස (A – B + C) ආදී වශයෙන් දිවා කාලයේ උපන් කේන්ද්‍ර සඳහා දක්වා ඇති අතර රාත්‍රී කාල කේන්ද්‍ර සඳහා (B – A + C) ආදී වශයෙන් ගණනය කිරීම් සිදු කරනු ලබන බව සැලකිය යුතුය.


















© M. M. Rohana Wasantha
0714161082/0723430028

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්