KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Monday, August 20, 2012
2012 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ජය ලබන්නට නිවසින් පිටවීමට මෙන්න අනඟි සුභ මුහුර්ථය...
Monday, June 25, 2012
සාම්පදායික නැටුම් කලාවේ බෙර නිර්මාණය පිළිබඳව කියැවෙන හෙන යෝගය පිළිබඳ ජ්යෝතිර්විද්යාතමක විග්‍රහයක්
© M. M. Rohana Wasantha
Friday, July 8, 2011
මොකක්ද මේ ග්‍රහ අපල වලට හේතුව?
~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~http://groups.google.com/
© M. M. Rohana Wasantha
Wednesday, November 24, 2010
ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි - ලිපියේ වීඩියෝ ක්ලිපය අප්ඬේට් කර ඇත...
Friday, October 15, 2010
අරිය පරියෙසන සූත‍්‍රය.
චතුරාර්ය සත්‍ය හා ජ්‍යෝතිෂය II
මක්‍ධ්ජිම නිකායේ අරිය පරියේසන සූත‍්‍ර දේශනාවට අනුව තථ, අවිතථ, අනඤ්ඤථ යන ස්ථිර, බොරු නොවන හා වෙනත් ආකාරයකින් පෙනී නොසිටින ලක්‍ෂණයන්ගෙන් යුතු පරීක්‍ෂාව වූ කලී පටිසෝතගාමී හෙවත් උඩුගං බලා යන ධර්ම මාර්ගයක් වශයෙන් පෙන්වා දී ඇත.
මෙම ධර්මතාවන් දෙස පරීක්‍ෂාවෙන් බැලීමේ දී පෙනී යන කරුණු කිහිපයක් වෙයි. පුද්ගලයාට බලපාන පුද්ගල ජීවිතය හා බද්ධ චතුර්විධ සම්පත්තීන් වන අර්ධ, ධර්ම, කාම සහ මෝක්‍ෂ යන ඒවා පිළිබඳ පිළිපැදීමේ ක‍්‍රමවේදය කුමන ආකාරයක් ගත යුත්තේ ද යන්න පැහැදිලි කර ගැනීම සඳහා අපට බුදුරදුන්ගේ ප‍්‍රථම ධර්ම දේශනාවට අප සිත් යොමු කළ යුතු වෙයි. ”ද්වේ මේ භික්‍ඛවේ ධම්මා පබ්බජිතේන න සේවිතබ්බා” යනුවෙන් පෙන්වා දී වදාළ උභය අන්ත දෙකම බැහැර කොට එකී පටිසෝතගාමී පටිපදාවෙහි නියැළිය යුතු බව බුදුරදුන් අවධාරණය කර පෙන්වා දී ඇති බව ද සිහිකට යුතුය.
මෙකී පටිසෝතගාමී පටිපදාව හෙවක් එහිලා අනුගමනය කළ යුතු ක‍්‍රමවේදය මැදුම් පිළිවෙතින් දක්වා ඇති
බව මක්‍ධ්ජිම නිකායේ ධම්මචක්ක පවත්වන සූත‍්‍රදේශනාව අනුව පැහැදිළි කර ගත හැකිය.
x සම්මා දිට්ඨි - යහපත් දැකීම
x සම්මා වාචා - යහපත් වචනය
- මුසාවාද වේරමණී
- ඵිසුනාවාච වේරමණී
- ඵරුසාවාච වේරමණී
- සම්පප්පලාප වේරමණී
x සම්මා සංකප්ප - යහපත් සිහි කල්පණාව
- නෙක්ඛම්ම
- අභිධ්‍යා
- ව්‍යාපාද
x සම්මා කම්මන්ත - යහපත් කර්මාන්ත
x සම්මා ආජීව - යහපත් දිවි පැවැත්ම
x සම්මා වායාම - යහපත් වීර්යය
x සම්මා සති - යහපත් සිහිය (එළඹ සිටි සිහිය)
x සම්මා සමාධි - යහපත් සමාධිය (ධ්‍යාන)
මේ ආදී වූ පටිසෝතගාමී ක‍්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් ඒකාන්තයෙන් නිව_ාණාවබෝධය ලැබිය හැකි බව බුදුරදුන් අරියපරියේසන සූත‍්‍රදේශනාවේ දී පැහැදිලි කරන ලදී.
අරියපරියේසන සූත‍්‍ර දේශනාවේදී බුද්ධත්වයට පත් වූ බෝසතුන්ට බුදුවීමේ දී අනුගමනය කරන ලද අධිකතර වීර්යය හේතුවෙන් ඇති වූ දම් දෙසීමෙහි ඇති වූ මන්දෝත්සාහී බව සහම්පතී මහ බඹුහුගේ ආරාධනයෙන් පසුව තුරන්විය. අනතුරුව බුදු ඇසින් ලොව බැලූ වේලෙහි පෙණීගිය සත්වයාගේ කෙළෙස් මද ධර්මාවබෝධයට සක්‍යතා ඇතියවුන්ගෙන් සමන්විත ලෝක සත්වයා උදෙසා ධර්මය දේශනා කිරීමට අදිටන් කරන ලදී.
මෙම පැහැදිලි කිරීමෙන් පෙනීයන ප‍්‍රබල කරුණක් වෙයි. අන්‍ය සිත්සතන් තුළ පවතින කෙලෙස් මළ මද, මධ්‍ය හා අධික භාවය බ‍්‍රහ්ම ඥානයෙන් දුටු පරිදි පුහුදුන් පෘතජ්ජන සත්වයාට අන්‍ය සිත්සතන් දැන, දැක ගැනීමේ හැකියාවක් නොමැත්තේය. බුදුන්ට ද බඹහුගේ ආරාධනයෙන් පසුව ඒ පිළිබඳව විමසීමේ දී පමණක් ලෝක සත්වයාගේ සිත් සතන් තුළ පවතින කෙලෙස් මළ මද, මධ්‍ය හා අධික භාවය දැක ගත හැකිවිය.
අන්‍ය සිත් සතන් දැන දැක ගැනීමෙහි සමත් විඤ්ඥාඤ්චායතන සමාධියට පිළිපන් යෝගාවචරයෙකුට පමණක් තම නුවණින්ම අන්‍ය සිත්සතන් තුළ පවතින කෙලෙස් මළ මද, මධ්‍ය හා අධික භාවය දැකිය හැකිය. මෙම තත්වය පෘතග්ජන කෙලෙස් මළ මද, මධ්‍ය හා අධික භාවයෙහි නිමග්නව සිටිනා වූ ලෝක සත්වයාට දැන දැක ගැනීමෙහිලා උගහට කරුණකි.
නමුත් අකිඤ්චඤ්ඤායතන, විඤ්ඤානඤ්චායතන හා නේවසඤ්ඤානාසඤ්ඤායතනාදී බ‍්‍රහ්ම විහරණයෙන් යුතුව වාසය කරන ලද යෝගාවචර මහාසෘෂිවරුන් සාමාන්‍ය පුහුදුනට මෙම සත්වයාගේ පවත්නා කෙලෙස් මළ ස්වභාවය අවබෝධ කර ගැනීමෙහි ලා උපකාර විය හැකි ක‍්‍රමවේදයක් නිර්මාණය කිරීමෙහි උත්සුක වූ අවස්ථාවෙහි වේද සාහිත්‍යයෙහි පංචම වේදය ලෙස සළකන ජ්‍යෝතිර්වේදය බිහි කරන ලදහ.
මෙතුළින් සාමාන්‍ය පුහුදුන් සත්වයා හට කෙලෙස් මළෙහි නොගැලී පටිසෝතගාමී මගක තම ජීවිකාව ගෙනයාමට භවගාමී සසර ගමනේ කරන ලද කර්මයාගේ විපාක ශක්තීන්හි ස්වභාවයන් දැන දැක ගැනීමට සමත් ආකාරයකින් මෙකී ජ්‍යෝතිර්වේදය නිර්මාණය කරන ලදහ.
විශ්ව වස්තූන්ගේ සැරිසරය නොහොත් අනිත්‍යතාවය ඇසුරෙන් ලොව පවත්නා ධර්මතාවන් හෙවත් නියමයන් කවරේද යන්න අවබෝධ කර ගැනීමෙහි මගක් වශයෙන් ජ්‍යෝතීර්වේදය හඳුන්වා දෙන ලදී. ‘තමසෝමාජ්‍යෝතීර්ගමය’ යනුවෙන් පෙන්වා දී ඇති පරිදි කෙළෙස් අන්ධකාරයෙහි ගැලී හිඳිනා ලෝක සත්වයා හට සම්‍ය දෘෂ්ඨියේ ආලෝකය දැන දැක ගැනීම සඳහා පිවිසුම් මාර්ගයක් වශයෙන් ජ්‍යෝතීර්වේදය පෙන්වාදී ඇති බව පැහැදිළි කළ හැකිය.
චතුර්විධ සම්පත්තීන් ලෙස සලකන අර්ථ, ධර්ම, කාම සහ මෝක්‍ෂ යන සම්පත්තීන්ගේ ස්වභාවය පිරික්සීමේ ක‍්‍රමවේදයක් වශයෙන් මෙම ජ්‍යෝතීර්වේදය භාවිත කළ හැකිය. එහිලා පූර්වෝක්ත චතුරාර්ය සත්‍ය හා ජ්‍යෝතිෂය නමැති පළමුවෙන් දක්වන ලද කොටසෙහි දී පෙන්වා දුන් පරිදි යමෙකුගේ කේන්ද්‍ර සටහනෙහි දැක්වෙන භාව දොළස ලෝක සූත‍්‍ර ගත ලෝක විභාගයට අනුව විග‍්‍රහ කර ඔහු හෝ ඇයගේ අර්ථ ක‍්‍රියාවලියත්, ධර්ම ක‍්‍රියාවලියත්, කාම ක‍්‍රියාවලියත් හා මෝක්‍ෂ ක‍්‍රියාවලියත් යන ක‍්‍රියා අවස්ථා හතරෙහි උප්පාද, ථිති සහ භංග යන තත්වයන් කවර ආකාරයකට සිදුන්නේ ද යන්න පැහැදිළි කර ගැනීම සඳහා මෙම කාල පුරුෂයාගේ අවයවයන්ට අදාළ රාශි අධිපති ග‍්‍රහයන් ද ඔවුන් තැන්පත් වූ ස්ථාන අනුව ඔවුන්ගේ උච්ච,නීචා දී බල දුබලතාවන් ද හා ඔවුනොවුන්ගේ අරගලා දී (ග‍්‍රහ යුද්ධ) තත්වයන් මත පුද්ගලයාට අත්වන ඉරණම පිරික්සා දැන ගත හැකිය.
ඉතා සරළ උදාහරණයක් මෙහි දී පෙන්වාදිය හැකිය. ජ්‍යෝතිෂයෙහි දී අති ධාවන කාම යෝගයක් ලෙස සලකන කුජ, සිකුරු යෝගය සහිත කේන්ද්‍ර සටහනක හිමිකරුවෙකුට හෝ හිමිකාරියකට සිය මෝක්‍ෂගාමී පටිසෝගාමී ප‍්‍රතිපදාවෙහි දී අනුගමනය කළ යුතු අවවාද දීමේ ක‍්‍රමවේදය බුදුරදුන් අනුගමනය කරන ලද අවස්ථාවක් ලෙස ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය වෙනුවට දාන කථා, සීල කථා, සග්ගකථා, කාමානං ආදීනවානං යනාදී වශයෙන් දක්වා ඇති පිළිවෙල කථාවාවවාද ක‍්‍රමය පෙන්වාදිය හැකිය.
මේ ආකාරයට ජ්‍යෝතිෂයෙහි පෙන්වා දෙනු ලබන චතුර් විධ සම්පත්තීන්ගේ ස්වභාවය පිරික්සීමේ ක‍්‍රමවේදය පුද්ගලයාට සසර ගමන නැවැත්වීම පිණිස මෙන්ම එය දිගු කර ගැනීම සඳහා ද භාවිත කළ හැකි බව අපට පෙන්වා දිය හැකිය. ආෂිවිෂෝපම සූත‍්‍රදේශනාවෙහි දී බුදුරදුන් සිය ධර්මය පවා මෙලෙස උභය අන්තගාමී මගකට ගෙනයාමට හෝ අවිද්‍යාව හේතුවෙන් එසේ වීමට හැකියාව ඇති බව පෙන්වා දී ඇත. ධර්මය සර්පයෙකුට උපමා කොට කාම, භව, දිට්ඨි සහ අවිජ්ජා යන චතුර් ඕඝයන් තරණය සඳහා ධර්මය භාවිත කළ යුතු අන්දම එහි මැණවින් පෙන්වා දී ඇත. සර්පයෙකු ඇල්ලිය යුත්තේ සර්පයාගේ හිසෙනි. නැතහොත් ඌ අල්ලන්නාට දෂ්ට කොට පැනයාමට ඉඩ ඇති බව එහි වැඩි දුරටත් සඳහන් කොට ඇත. ජ්‍යෝතිර්වේදය ද එබඳු ආෂිවිෂෝපමාවෙන් දැක්විය හැකි ශාස්ත‍්‍ර ධර්මයක් වශයෙන් පෙන්වා දිය හැකිය. ජ්‍යෝතීර්වේදය ද පටිසෝතගාමී මගක් ඇසුරින් දත යුතු සේම අනුගමනය තුළින් උඩුගං බලා යෑමේ ගමනට අත්වැලක් සේම එය පිළිබඳව අඩු දැනුමක් සහිතව වැඩි දැනුමක් ඇති බව පෙන්වමින් අවිචාරශීලී අන්තගාමී ආර්ථික හා සමාජයීය ලාභ ලැබීමේ රැවටිලි සහගත ක‍්‍රමවේදයක් වශයෙන් අනුගමනයෙන් මෙලොව පරලොව දෙකටම අවැඩ පිණිස පවත්නා බව සිත් දරාගත යුතුය.
එම්. එම්. රෝහණ වසන්ත.
Tuesday, June 22, 2010
චතුරාර්ය සත්‍ය හා ජ්‍යෝතිෂය
"ඉමස්මිං යේව බ්‍යාමමත්තකේ කලේබරේ ලෝකං ච ලෝක සමුදයං ච ලෝක නිරෝධං ච පඤ්ඤපේමි” (අංගුත්තරනිකාය, චතුක්ක නිපාතය, ලෝක සූත‍්‍රය) යනුවෙන් දේශනා කරන ලද බුද්ධ භාෂිත දේශනා පාඨය දෙස විමසිල්ලෙන් බලන විට දී පෙනී යන ප‍්‍රධාන කරුණක් ඇත. එනම්, ලෝකය, ලෝකයේ සම්භවය, ලෝක විනාශය හා ලෝක විනාශයට මග යන කරුණු සතර බඹයක් පමණ වූ මනුෂ්‍යයාගේ ශරීරය පදනම් කර ක‍්‍රියාත්මක වන බව මෙහි පෙන්වා දී ඇති බවය. එසේම ජ්‍යොතිෂය දෙස බැලීමේ දී එහි ද මනුෂයාගේ ශරීරය පදනම් කර ගත් කරුණු විග‍්‍රහ කිරීමක් දක්වා ඇත. ඒ කාල පුරුෂයාගේ අවයව කේන්ද්‍රයේ කොටු දොළසින් නියෝජනය වන බව දැක්වෙන අවස්ථාවයි.
( කාලාඞගානි චරාඞග මානනමුරො - හෘතෙක‍්‍රාඩ වාසොභෘතො
වසතිර්ව්‍යංජනමුරුජානු යුගලෙ ජංෙඝ් තතොංඝ‍්‍රීද්වයම්
මේෂාශ්වි ප‍්‍රථමා නවකර්ෂ චරණ චක‍්‍රස්ථිතා රාශයො
රාශි ක්‍ෂෙත‍්‍ර ගෘහකර්ෂ භානි භවනං වෛකාර්ථ සමප‍්‍රත්‍යයා:
මේෂය අස්විදය ආදී කොට ඇත්තා වූ දොළොස් රාශීහු වනාහි අස්විදාදී නැකැත් පාද නවය ගෝචර කරගෙන චක‍්‍රාකාරව සිටිති. මේෂාදී රාශි පිළිවෙළින් කාල පුරුෂයාගේ හිසය, මුහුණය, උරය, හෘදය, බඩය, උකුලය, වස්තිය, ලිංගය, කළවා දෙකය, දෙදනය, කෙන්ඩා දෙකය, දෙපතුලය කියති. රාශිය ක්‍ෂෙෂ්ත‍්‍රය ගෘහය, සෘක්‍ෂය, භය, භවනය යන මේ නාම ඒකාර්ථදායක නාමයෝය. (එනම් මෙකී නාම සියල්ලම රාශිවලට සමානාර්ථ නාමයි)
Brihat Jataka of Varaha - Mihira (1930), Don David Jayamanna (ed.), Colombo: Don David Jayamanna, p.2 (Published in Sinhala and only Title page in English)&'
මේ අනුව පහත දැක්වෙන අයුරින් එය විග‍්‍රහ කර ඇති බව පෙන්වාදිය හැකිය.
1 මේෂ - හිස
2 වෘෂභ - මුහුණ
3 මිථුන - උරය
4 කටක - හෘදය
5 සිංහ - බඩ
6 කන්‍යා - උකුල
7 තුලා - වස්තිය
8 වෘශ්චික - ලිංගය
9 ධනු - කළවා දෙක
10 මකර - දෙදන
11 කුම්භ - කෙන්ඩා දෙක
12 මීන - දෙපතුල
මීළඟට අප විමසා බැලිය යුත්තේ මෙම කේන්ද්‍රයේ දැක්වෙන කොටු දොළසින් පෙන්වා දෙන කාල පුරුෂයාගේ අවයව හා ලෝක විභාගය කෙසේ අර්ථ විග‍්‍රහ කර ගත යුතු ද යන්නයි। ලෝක විභාගයට අනුව ලෝකය අවස්ථා හතරකින් සම්භවයත් විනාශයත් දක්වා ඇත.
1 ලෝකය
2 ලෝක සම්භවය
3 ලෝක විනාශය
4 ලෝක විනාශයට මග යනුවෙන් එය දක්වා ඇත।
මෙහි දක්වා ඇති අවස්ථා හතර අර්ථ, ධර්ම, කාම සහ මෝක්‍ෂ යන චතුර්විධ සංකල්පය හා බද්ධ කර විමසා බැලිය හැකිය।
1 ධර්ම ත‍්‍රිකෝණය 1 (මේෂ - හිස), 5 (සිංහ - බඩ), 9 (ධනු - කළවා දෙක)
2 අර්ථ ත‍්‍රිකෝණය 2 (වෘෂභ - මුහුණ), 6 (කන්‍යා - උකුල), 10 (මකර - දෙදන)
3 කාම ත‍්‍රිකෝණය 3 (මිථුන - උරය), 7 (තුලා - වස්තිය), 11 (කුම්භ - කෙන්ඩා දෙක)
4 මෝක්‍ෂ ත‍්‍රිකෝණය 4 (කටක - හෘදය), 8 (වෘශ්චික - ලිංගය), 12 (මීන - දෙපතුල)
මෙහි මෝක්‍ෂ ත‍්‍රිකෝණය සෘජුවම අපට ලෝක විනාශය හා සැසඳිය හැකිය। එසේම කාම ත‍්‍රිකෝණය ලෝකය ලෙසින් නැතහොත් ලෝකයේ පැවැත්ම ලෙසින් පෙන්වාදිය හැකිය. අර්ථ ත‍්‍රිකෝණය ලෝක සම්භවය වශයෙන් අරුත් ගැන්විය හැකිය. ධර්ම ත‍්‍රිකෝණය ලෝක විනාශයට මාවත පෙන්වන බව දැක ගත හැකිය.
1 ධර්ම ත‍්‍රිකෝණය 1 (මේෂ - හිස), 5 (සිංහ - බඩ), 9 (ධනු - කළවා දෙක) - ලෝක විනාශයට මග
2 අර්ථ ත‍්‍රිකෝණය 2 (වෘෂභ - මුහුණ), 6 (කන්‍යා - උකුල), 10 (මකර - දෙදන) - ලෝකය
3 කාම ත‍්‍රිකෝණය 3 (මිථුන - උරය), 7 (තුලා - වස්තිය), 11 (කුම්භ - කෙන්ඩා දෙක) - ලෝක සම්භවය
4 මෝක්‍ෂ ත‍්‍රිකෝණය 4 (කටක - හෘදය), 8 (වෘශ්චික - ලිංගය), 12 (මීන - දෙපතුල) - ලෝක විනාශය
මේ රාශි අනුව පෙන්වන විග‍්‍රහයයි।
අනතුරුව ක්‍ෂේත‍්‍ර හෙවත් භාව නියෝජනයන් අනුව අර්ථ, ධර්ම, කාම හා මෝක්‍ෂ ත‍්‍රිකෝණයන් විග‍්‍රහ කර ගත යුතු වෙයි।
1 ධර්ම ත‍්‍රිකෝණය 1 (ලග්න භාව - තනු), 5 (සිංහ - පුත‍්‍ර/ශිලපස්ථාන), 9 (ධනු - පුණ්‍යස්ථාන)
2 අර්ථ ත‍්‍රිකෝණය 2 (වෘෂභ - කුටුම්භ), 6 (කන්‍යා - අරිස්ථාන), 10 (මකර - කර්මස්ථාන)
3 කාම ත‍්‍රිකෝණය 3 (මිථුන - සහජස්ථාන), 7 (තුලා - පත්නිස්ථාන), 11 (කුම්භ - අයස්ථාන)
4 මෝක්‍ෂ ත‍්‍රිකෝණය 4 (කටක - බන්ධුස්ථාන), 8 (වෘශ්චික - මරණස්ථාන), 12 (මීන - වැයස්ථාන)
(Brihat Jataka of Varaha - Mihira (1930), Don David Jayamanna (ed.), Colombo: Don David Jayamanna, p.13 (Published in Sinhala and only Title page in English)'
ධර්ම ත‍්‍රිකෝණය තුළ භෞතික ශරීරය ද ප‍්‍රති නිශ්පාදනය හා ඊට අවශ්‍ය කරන ශිල්පීය දැණුම ද හා එහිලා බලපවත්වන්නා වූ පෙර කරන ලද හොඳ සහ නරක යන ක‍්‍රියාවන්ට අනුරූප විපාකයාගේ ස්වභාවය ද පෙන්නුම් කර ඇත।
අර්ථ ත‍්‍රිකෝණයෙහි සිය කුටුම්භය හෙවත් පවුල් සංස්ථාවෙහි ස්වභාවය, පවුල් සංස්ථාවෙහි පැවැත්මට බාධක සතුරු බලවේග කවරේද යන්න සහ කර්මානුරූප ජීවනෝපාය මාර්ගයෙහි ගමන් කිරීම හෙවත් ජන්මියාගේ ප‍්‍රභවයට බලපාන ලද කර්මයෙහි ගැටීම් ස්වභාවය නොඑසේ නම් පිතෘ සාධකය පෙන්වා දෙයි।
කාම ත‍්‍රිකෝණය සහජ හැකියාවන්ගේ ස්වභාවය, පසිඳුරන් පිනවීම හෙවත් කාම සේවා ආයතනය, ඒ සඳහා බලපවත්වන්නා වූ අය මාර්ග කවරේද යන්න පෙන්වා දෙයි।
මෝක්‍ෂ ත‍්‍රිකෝණය වනාහි බන්ධු හෙවත් මාතෘකාරකත්වය නැතහොත් ජන්මියාගේ ප‍්‍රභවයට බලපාන ලද කර්මයෙහි ඇලීම් ස්වභාවය සේම එහිලා බලපවත්වන ආහාර, වාසස්ථාන හා ඇඳුම් පැළඳුම් යන මූලික අවශ්‍යතා පූරණයට ඇති සක්‍යතාව ද භෞතික ශරීරයේ බිඳීයාම හෙවත් විනාශය ද භෞතිකත්වය ඉක්ම වූ ක්‍ෂයවීම ද පෙන්නුම් කරන ස්ථාන ලෙස පෙන්වාදිය හැකිය।
එසේම මෙම කේන්ද්‍ර කොටු දොළස චතුරස‍්‍ර තුනක් වශයෙන් ද අපන්වා ඇත। මෙම චතුරස‍්‍ර තුන පැහැදිළිව සතර මහා භූත තත්වයන් අනුව විග‍්‍රහ කොට ඇත.
1 ධර්ම ත‍්‍රිකෝණය 1 (ලග්න -මේෂ), 5 (සිංහ), 9 (ධනු) - තේජෝ (උෂ්ණත්වය)
2 අර්ථ ත‍්‍රිකෝණය 2 (වෘෂභ), 6 (කන්‍යා), 10 (මකර) - පඨවි (දැඩි)
3 කාම ත‍්‍රිකෝණය 3 (මිථුන), 7 (තුලා), 11 (කුම්භ) - වායෝ (විසිරෙන)
4 මෝක්‍ෂ ත‍්‍රිකෝණය 4 (කටක), 8 (වෘශ්චික), 12 (මීන) - ආපෝ (වැගිරෙන)
ධර්ම ත‍්‍රිකෝණය තුළ භෞතික ශරීරය ද ප‍්‍රති නිශ්පාදනය හා ඊට අවශ්‍ය කරන ශිල්පීය දැණුම ද හා එහිලා බලපවත්වන්නා වූ පෙර කරන ලද හොඳ සහ නරක යන ක‍්‍රියාවන්ට අනුරූප විපාකයාගේ ස්වභාවය ද පෙන්නුම් කර ඇති බව පෙර සඳහන් කළෙමු। එහිලා උෂ්ණත්වයේ සම විසමතාවන්ගේ බලපෑම මත ක‍්‍රියාකාරීත්වය රඳා පවතියි.
අර්ථ ත‍්‍රිකෝණයෙහි සිය කුටුම්භය හෙවත් පවුල් සංස්ථාවෙහි ස්වභාවය, පවුල් සංස්ථාවෙහි පැවැත්මට බාධක සතුරු බලවේග කවරේද යන්න සහ කර්මානුරූප ජීවනෝපාය මාර්ගයෙහි ගමන් කිරීම හෙවත් ජන්මියාගේ ප‍්‍රභවයට බලපාන ලද කර්මයෙහි ගැටීම් ස්වභාවය නොඑසේ නම් පිතෘ සාධකය පෙන්වා දෙයි. මේ සඳහා දැඩි, රළු, ස්වභාවයන්ගේ ක‍්‍රියාකාරීත්වය මත එම තත්වයන්ගේ පැවැත්ම තීරණය වෙයි।
විසිරෙන, පැතිරෙන හා චලනය යන අවස්ථානුගත ස්වභාවය මත කාම ත‍්‍රිකෝණයේ ක‍්‍රියාකාරීත්වය රඳා පවතී. සහජ හැකියාවන්ගේ ස්වභාවය, පසිඳුරන් පිනවීම හෙවත් කාම සේවා ආයතනය, ඒ සඳහා බලපවත්වන්නා වූ අය මාර්ග කවරේද යන්න යනාදිය සඳහා විසිරෙන, පැතිරෙන හා චලනය වීම අත්‍යාවශ්‍ය කරුණකි।
මෝක්‍ෂ ත‍්‍රිකෝණය වැගිරෙන ධර්මතාවන් අනුව යමින් බන්ධු හෙවත් මාතෘකාරකත්වය නැතහොත් ජන්මියාගේ ප‍්‍රභවයට බලපාන ලද කර්මයෙහි ඇලීම් ස්වභාවය සේම එහිලා බලපවත්වන ආහාර, වාසස්ථාන හා ඇඳුම් පැළඳුම් යන මූලික අවශ්‍යතා පූරණයට ඇති සක්‍යතාව ද භෞතික ශරීරයේ බිඳීයාම හෙවත් විනාශය ද භෞතිකත්වය ඉක්ම වූ ක්‍ෂයවීම ද යනාදිය ක‍්‍රියාත්මක කරන ස්ථාන ලෙස පෙන්වාදිය හැකිය।
එසේම මෙම භාවස්ථාන උප්පාද, ඨිති, භංග යන අවස්ථා තුන නියෝජනය කරන භාවස්ථාන වශයෙන් ද පෙන්වා දිය හැකිය।
උප්පාද ඨිති භංග
1 ධර්ම ත‍්‍රිකෝණය 1 (මේෂ - හිස ), 5 (සිංහ - බඩ), 9 (ධනු - කළවා දෙක)
2 අර්ථ ත‍්‍රිකෝණය 2 (වෘෂභ - මුහුණ), 6 (කන්‍යා - උකුල), 10 (මකර - දෙදන)
3 කාම ත‍්‍රිකෝණය 3 (මිථුන - උරය), 7 (තුලා - වස්තිය), 11 (කුම්භ - කෙන්ඩා දෙක)
4 මෝක්‍ෂ ත‍්‍රිකෝණය 4 (කටක - හෘදය), 8 (වෘශ්චික - ලිංගය), 12 (මීන - දෙපතුල)
මෙහිදී හිස, මුහුණ, උරය, හෘදය යන ස්ථාන යමක ඉපදීම සඳහා ක‍්‍රියාත්මක වශයෙන් බලපාන ධර්මතා වශයෙන් පෙන්වාදිය හැකිය. තවද බඩ, උකුළ, වස්තිය හා ලිංගය යන ස්ථාන පැවැත්ම නියෝජනය කරමින් එහිලා ක‍්‍රියත්මක වන බව දැකගත හැකිය।
භංග හෙවත් විනාශ ස්වභාවය දෙකළවාවලින් ද දෙදනෙන් ද දෙකෙන්ඩාවලින් ද සහ දෙපතුළෙන් ද යන ස්ථාන ඇසුරු කරමින් ක‍්‍රියාත්මක වන බව ද දැක ගත හැකිය।
මෙම අවස්ථා භාවස්ථාන සමග සන්සන්දනය කර බැලීමේ දී තවදුරටත් මෙම තත්වය පැහැදිළිව තේරුම් ගත හැකිවනු ඇත।
උප්පාද ඨිති භංග
1 ධර්ම ත‍්‍රිකෝණය 1 (ලග්න භාව - තනු), 5 (සිංහ - පුත‍්‍ර/ශිලපස්ථාන), 9 (ධනු - පුණ්‍යස්ථාන)
2 අර්ථ ත‍්‍රිකෝණය 2 (වෘෂභ - කුටුම්භ), 6 (කන්‍යා - අරිස්ථාන), 10 (මකර - කර්මස්ථාන)
3 කාම ත‍්‍රිකෝණය 3 (මිථුන - සහජස්ථාන), 7 (තුලා - පත්නිස්ථාන), 11 (කුම්භ - අයස්ථාන)
4 මෝක්‍ෂ ත‍්‍රිකෝණය 4 (කටක - බන්ධුස්ථාන), 8 (වෘශ්චික - මරණස්ථාන), 12 (මීන - වැයස්ථාන)
ධර්ම ත‍්‍රිකෝණයේ උප්පාද අවස්ථාව භෞතික ශරීරය ගොඩනැගීම සිදු කරයි। එසේම ප‍්‍රතිනිශ්පාදනය හා ශිල්පීය ඥාන ගවේශනය ධර්ම ත‍්‍රිකෝණයේ පැවැත්ම තහවුරු කරයි. තවදුරත් ධර්ම ත‍්‍රිකෝණයේ විනාශයට බලපාන පෙර කරන ලද පුණ්‍ය පාප ශක්තීන්ගේ ස්වභාවය භංගස්ථානගත භාවය පෙන්වා දෙයි.
අර්ථ ත‍්‍රිකෝණයේ ද හටගැන්ම කුටුම්භ ආයෝජන ධනය මත සිදුවෙයි। එහි පැවැත්ම ඊට ඇතිවන බාධක තුළින් ගොඩ නැගෙන බව එහි ස්ථාන ගත අරි නැතහොත් රෝග/ සතුරු භාව තුළින් පෙන්නුම් කරයි. අර්ථ ත‍්‍රිකෝණයේ විනාශය රඳා පවතින්නේ කර්මානුරූප ක‍්‍රියාකලාපයන් මත හෙවත් පිතෘ සාධකය මත බව පැහැදිළි කර ගත හැකිය.
කාම ත‍්‍රිකෝණයේ හටගැන්ම හැකියාවන් නැතහොත් කුලතාවන් තුළින් ගොඩ නැගෙයි। පසිඳුරන් පිනවීම සඳහා වන පංච කාම සේවනය දක්වන හත්වන භාවය තුළින් කාම ත‍්‍රිකෝණයේ පැවැත්ම තහවුරු කරයි. කාම ත‍්‍රිකෝණයේ විනාශය සඳහා බලපාන අයමාර්ග සහ දෙවන විවාහය පිළිබඳව කියවෙන එකොළොස්වන භාවය තුළ පෙනෙන නියෝජන අවස්ථාව තුළින් පැහැදිළිව වෙයි.
මෝක්‍ෂ ත‍්‍රිකෝණය හටගනු ලබන්නේ මාතෘකාරකත්වය හෙවත් ඇඳුම් පැළ\ුම්, ආහාරපාන, වාසස්ථාන සහ බෙහෙත් හේත් ආදිය හිමිව සිටීමෙහි ශක්‍යතාව මතයි. මූලිකව බුදුරදුන් චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිළානප‍්‍රත්‍ය යන සිව්පසය භික්‍ෂූන්ට මෝක්‍ෂ ගවේශනයේ දී මැදහත් ඉවසීමෙන් යුතුව පරිහරණයට අනුදැන වදාරන ලද්දේ මේ නිසාය।
එසේම මෝක්‍ෂ ත‍්‍රිකෝණය කාය භේදනය නැතහොත් මරණය යන අවස්ථාව සමගින් එහි පැවැත්ම තහවුරු කර ගනිමින් ක‍්‍රියාත්මක වෙයි। මෝක්‍ෂ ත‍්‍රිකෝණයේ විනාශ ස්වභාවය තීරණය වන්නේ ලෝකෝත්තර අධිගමයක් හෙවත් නිර්වාණාවබෝධය සමගිනි। ක්‍ෂයස්ථානය තුළ පවතින තත්වයන් මත මෙකී ලෝකෝත්ර මෝක්‍ෂ සාධනය හෙවන් සංස්කාරයාගේ පූර්ණ නිවීම සඳහා සත්වයාට බලපාන අයුරු පෙන්වා දෙයි।
යමෙකුගේ කේන්ද්‍ර සටහනෙහි දැක්වෙන භාව දොළස ලෝක සූත‍්‍ර ගත ලෝක විභාගයට අනුව විග‍්‍රහ කර ඔහු හෝ ඇයගේ අර්ථ ක‍්‍රියාවලියත්, ධර්ම ක‍්‍රියාවලියත්, කාම ක‍්‍රියාවලියත් හා මෝක්‍ෂ ක‍්‍රියාවලියත් යන ක‍්‍රියා අවස්ථා හතරෙහි උප්පාද, ථිති සහ භංග යන තත්වයන් කවර ආකාරයකට සිදුන්නේ ද යන්න පැහැදිළි කර ගැනීම සඳහා මෙම කාල පුරුෂයාගේ අවයවයන්ට අදාළ රාශි අධිපති ග‍්‍රහයන් ද ඔවුන් තැන්පත් වූ ස්ථාන අනුව ඔවුන්ගේ උච්ච, නීචා දී බල දුබලතාවන් ද හා ඔවුනොවුන්ගේ අරගලා දී (ග‍්‍රහ යුද්ධ) තත්වයන් මත පුද්ගලයාට අත්වන ඉරණම දෙස චතුරාර්ය සත්‍ය විශ්ලේෂණ ප‍්‍රවේශයක් සමගින් විග‍්‍රහ කර ගන්නේ නම් එය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස වන්නා වූ මැදුම් පිළිවෙතක් ලෙසින් පෙන්වා දිය හැකි අතර ජ්‍යොතිෂය එහිලා පිටිවහල් කර ගත හැකි බව ද මෙහි දී පෙන්වා දිය හැකිය।
එම්. එම්. රෝහණ වසන්ත
0714161082
wasantha2010@gmail.com
Popular Posts
-
සංක්‍රාන්ති තොරතුරු සහ ග්රහණෝත්පාත තොරතුරු සඳහා මෙම දෙවන පින්තූරය මත ක්ලික් කරන්න. © M. M. Rohana Wasantha
-
වසර 30කට පසුව 2009 වසරේ සැප්සැම්බර් 09 වන දින කොළඹ වේලාවෙන් රාත්‍රී 10.35ට සිදුවන සෙනසුරු ග්‍රහයාගේ බුධ හිමි කන්‍යා රාශියට පිවිසීම මේෂාදී ලග...
-
Vedic Astrology Introduction (Sinhala) © M. M. Rohana Wasantha 0714161082
-
Reference : http://www.youtube.com/embed/btrI3X2HwkA නෛක ශ්‍රීන් විරාජමාන ශ්‍රී ලංකාවේ ඉතිහාස ගත දශ හිස් ඇති රාවණා රජු විසින් වි...
-
විවාහය නැමති සංස්කෘතික බැඳීමෙන් සමාජය තුළ ඇති වූ සමාජයීය ඒකකයක් වශයෙන් පවුල නැමති සමාජ සංස්ථාව පෙන්වාදිය හැකිය. එම සමාජ සංස්ථාව ගැටළුවකින් ...
-
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන DKAD - 22162 අංකය යටතේ ක‍්‍රියාත්මක වෛදික ජ...
-
මෙම පහත දැක්වෙන චක්රයන් ආධාරයෙන් ඔබට ඔබේ උපන් වේලාවට අනුව කවර ලග්නයක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවෙන් මතුවෙමින් පැවතියේද කියා දැන ගත හැකිය. ...
-
සත් මුහුදකට එපිට මහ මුහුද මැද කළු ගලෙන් යුත් දුපතක සෑදුන රන් විමනක රතු ගල් තලාවක උපන් කළු කුමරු විජිත නම් රුජුට දාව කර`ඩුමානා බිසවගේ...
-
සම්පූර්ණ ඉදිරිපත් කිරීම නැරඹීමට පින්තූරය මත click කරන්න. © M. M. Rohana Wasantha
-
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම රටකම විවිධ වූ විෂයානුබද්ධ උප විෂයයන් මෙන්ම නව විෂය ධාරාවන් නව සොයාගැනීම් ඔස්සේ ද බිහිවෙයි. මෙම ප්‍රවේශය ත...

