මක්‍ධ්ජිම නිකායේ අරිය පරියේසන සූත‍්‍ර දේශනාවට අනුව තථ, අවිතථ, අනඤ්ඤථ යන ස්ථිර, බොරු නොවන හා වෙනත් ආකාරයකින් පෙනී නොසිටින ලක්‍ෂණයන්ගෙන් යුතු පරීක්‍ෂාව වූ කලී පටිසෝතගාමී හෙවත් උඩුගං බලා යන ධර්ම මාර්ගයක් වශයෙන් පෙන්වා දී ඇත.
මෙම ධර්මතාවන් දෙස පරීක්‍ෂාවෙන් බැලීමේ දී පෙනී යන කරුණු කිහිපයක් වෙයි. පුද්ගලයාට බලපාන පුද්ගල ජීවිතය හා බද්ධ චතුර්විධ සම්පත්තීන් වන අර්ධ, ධර්ම, කාම සහ මෝක්‍ෂ යන ඒවා පිළිබඳ පිළිපැදීමේ ක‍්‍රමවේදය කුමන ආකාරයක් ගත යුත්තේ ද යන්න පැහැදිලි කර ගැනීම සඳහා අපට බුදුරදුන්ගේ ප‍්‍රථම ධර්ම දේශනාවට අප සිත් යොමු කළ යුතු වෙයි. ”ද්වේ මේ භික්‍ඛවේ ධම්මා පබ්බජිතේන න සේවිතබ්බා” යනුවෙන් පෙන්වා දී වදාළ උභය අන්ත දෙකම බැහැර කොට එකී පටිසෝතගාමී පටිපදාවෙහි නියැළිය යුතු බව බුදුරදුන් අවධාරණය කර පෙන්වා දී ඇති බව ද සිහිකට යුතුය.
මෙකී පටිසෝතගාමී පටිපදාව හෙවක් එහිලා අනුගමනය කළ යුතු ක‍්‍රමවේදය මැදුම් පිළිවෙතින් දක්වා ඇති
බව මක්‍ධ්ජිම නිකායේ ධම්මචක්ක පවත්වන සූත‍්‍රදේශනාව අනුව පැහැදිළි කර ගත හැකිය.
x සම්මා දිට්ඨි - යහපත් දැකීම
x සම්මා වාචා - යහපත් වචනය
- මුසාවාද වේරමණී
- ඵිසුනාවාච වේරමණී
- ඵරුසාවාච වේරමණී
- සම්පප්පලාප වේරමණී
x සම්මා සංකප්ප - යහපත් සිහි කල්පණාව
- නෙක්ඛම්ම
- අභිධ්‍යා
- ව්‍යාපාද
x සම්මා කම්මන්ත - යහපත් කර්මාන්ත
x සම්මා ආජීව - යහපත් දිවි පැවැත්ම
x සම්මා වායාම - යහපත් වීර්යය
x සම්මා සති - යහපත් සිහිය (එළඹ සිටි සිහිය)
x සම්මා සමාධි - යහපත් සමාධිය (ධ්‍යාන)
මේ ආදී වූ පටිසෝතගාමී ක‍්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් ඒකාන්තයෙන් නිව_ාණාවබෝධය ලැබිය හැකි බව බුදුරදුන් අරියපරියේසන සූත‍්‍රදේශනාවේ දී පැහැදිලි කරන ලදී.
අරියපරියේසන සූත‍්‍ර දේශනාවේදී බුද්ධත්වයට පත් වූ බෝසතුන්ට බුදුවීමේ දී අනුගමනය කරන ලද අධිකතර වීර්යය හේතුවෙන් ඇති වූ දම් දෙසීමෙහි ඇති වූ මන්දෝත්සාහී බව සහම්පතී මහ බඹුහුගේ ආරාධනයෙන් පසුව තුරන්විය. අනතුරුව බුදු ඇසින් ලොව බැලූ වේලෙහි පෙණීගිය සත්වයාගේ කෙළෙස් මද ධර්මාවබෝධයට සක්‍යතා ඇතියවුන්ගෙන් සමන්විත ලෝක සත්වයා උදෙසා ධර්මය දේශනා කිරීමට අදිටන් කරන ලදී.
මෙම පැහැදිලි කිරීමෙන් පෙනීයන ප‍්‍රබල කරුණක් වෙයි. අන්‍ය සිත්සතන් තුළ පවතින කෙලෙස් මළ මද, මධ්‍ය හා අධික භාවය බ‍්‍රහ්ම ඥානයෙන් දුටු පරිදි පුහුදුන් පෘතජ්ජන සත්වයාට අන්‍ය සිත්සතන් දැන, දැක ගැනීමේ හැකියාවක් නොමැත්තේය. බුදුන්ට ද බඹහුගේ ආරාධනයෙන් පසුව ඒ පිළිබඳව විමසීමේ දී පමණක් ලෝක සත්වයාගේ සිත් සතන් තුළ පවතින කෙලෙස් මළ මද, මධ්‍ය හා අධික භාවය දැක ගත හැකිවිය.
අන්‍ය සිත් සතන් දැන දැක ගැනීමෙහි සමත් විඤ්ඥාඤ්චායතන සමාධියට පිළිපන් යෝගාවචරයෙකුට පමණක් තම නුවණින්ම අන්‍ය සිත්සතන් තුළ පවතින කෙලෙස් මළ මද, මධ්‍ය හා අධික භාවය දැකිය හැකිය. මෙම තත්වය පෘතග්ජන කෙලෙස් මළ මද, මධ්‍ය හා අධික භාවයෙහි නිමග්නව සිටිනා වූ ලෝක සත්වයාට දැන දැක ගැනීමෙහිලා උගහට කරුණකි.
නමුත් අකිඤ්චඤ්ඤායතන, විඤ්ඤානඤ්චායතන හා නේවසඤ්ඤානාසඤ්ඤායතනාදී බ‍්‍රහ්ම විහරණයෙන් යුතුව වාසය කරන ලද යෝගාවචර මහාසෘෂිවරුන් සාමාන්‍ය පුහුදුනට මෙම සත්වයාගේ පවත්නා කෙලෙස් මළ ස්වභාවය අවබෝධ කර ගැනීමෙහි ලා උපකාර විය හැකි ක‍්‍රමවේදයක් නිර්මාණය කිරීමෙහි උත්සුක වූ අවස්ථාවෙහි වේද සාහිත්‍යයෙහි පංචම වේදය ලෙස සළකන ජ්‍යෝතිර්වේදය බිහි කරන ලදහ.
මෙතුළින් සාමාන්‍ය පුහුදුන් සත්වයා හට කෙලෙස් මළෙහි නොගැලී පටිසෝතගාමී මගක තම ජීවිකාව ගෙනයාමට භවගාමී සසර ගමනේ කරන ලද කර්මයාගේ විපාක ශක්තීන්හි ස්වභාවයන් දැන දැක ගැනීමට සමත් ආකාරයකින් මෙකී ජ්‍යෝතිර්වේදය නිර්මාණය කරන ලදහ.
විශ්ව වස්තූන්ගේ සැරිසරය නොහොත් අනිත්‍යතාවය ඇසුරෙන් ලොව පවත්නා ධර්මතාවන් හෙවත් නියමයන් කවරේද යන්න අවබෝධ කර ගැනීමෙහි මගක් වශයෙන් ජ්‍යෝතීර්වේදය හඳුන්වා දෙන ලදී. ‘තමසෝමාජ්‍යෝතීර්ගමය’ යනුවෙන් පෙන්වා දී ඇති පරිදි කෙළෙස් අන්ධකාරයෙහි ගැලී හිඳිනා ලෝක සත්වයා හට සම්‍ය දෘෂ්ඨියේ ආලෝකය දැන දැක ගැනීම සඳහා පිවිසුම් මාර්ගයක් වශයෙන් ජ්‍යෝතීර්වේදය පෙන්වාදී ඇති බව පැහැදිළි කළ හැකිය.
චතුර්විධ සම්පත්තීන් ලෙස සලකන අර්ථ, ධර්ම, කාම සහ මෝක්‍ෂ යන සම්පත්තීන්ගේ ස්වභාවය පිරික්සීමේ ක‍්‍රමවේදයක් වශයෙන් මෙම ජ්‍යෝතීර්වේදය භාවිත කළ හැකිය. එහිලා පූර්වෝක්ත චතුරාර්ය සත්‍ය හා ජ්‍යෝතිෂය නමැති පළමුවෙන් දක්වන ලද කොටසෙහි දී පෙන්වා දුන් පරිදි යමෙකුගේ කේන්ද්‍ර සටහනෙහි දැක්වෙන භාව දොළස ලෝක සූත‍්‍ර ගත ලෝක විභාගයට අනුව විග‍්‍රහ කර ඔහු හෝ ඇයගේ අර්ථ ක‍්‍රියාවලියත්, ධර්ම ක‍්‍රියාවලියත්, කාම ක‍්‍රියාවලියත් හා මෝක්‍ෂ ක‍්‍රියාවලියත් යන ක‍්‍රියා අවස්ථා හතරෙහි උප්පාද, ථිති සහ භංග යන තත්වයන් කවර ආකාරයකට සිදුන්නේ ද යන්න පැහැදිළි කර ගැනීම සඳහා මෙම කාල පුරුෂයාගේ අවයවයන්ට අදාළ රාශි අධිපති ග‍්‍රහයන් ද ඔවුන් තැන්පත් වූ ස්ථාන අනුව ඔවුන්ගේ උච්ච,නීචා දී බල දුබලතාවන් ද හා ඔවුනොවුන්ගේ අරගලා දී (ග‍්‍රහ යුද්ධ) තත්වයන් මත පුද්ගලයාට අත්වන ඉරණම පිරික්සා දැන ගත හැකිය.
ඉතා සරළ උදාහරණයක් මෙහි දී පෙන්වාදිය හැකිය. ජ්‍යෝතිෂයෙහි දී අති ධාවන කාම යෝගයක් ලෙස සලකන කුජ, සිකුරු යෝගය සහිත කේන්ද්‍ර සටහනක හිමිකරුවෙකුට හෝ හිමිකාරියකට සිය මෝක්‍ෂගාමී පටිසෝගාමී ප‍්‍රතිපදාවෙහි දී අනුගමනය කළ යුතු අවවාද දීමේ ක‍්‍රමවේදය බුදුරදුන් අනුගමනය කරන ලද අවස්ථාවක් ලෙස ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය වෙනුවට දාන කථා, සීල කථා, සග්ගකථා, කාමානං ආදීනවානං යනාදී වශයෙන් දක්වා ඇති පිළිවෙල කථාවාවවාද ක‍්‍රමය පෙන්වාදිය හැකිය.
මේ ආකාරයට ජ්‍යෝතිෂයෙහි පෙන්වා දෙනු ලබන චතුර් විධ සම්පත්තීන්ගේ ස්වභාවය පිරික්සීමේ ක‍්‍රමවේදය පුද්ගලයාට සසර ගමන නැවැත්වීම පිණිස මෙන්ම එය දිගු කර ගැනීම සඳහා ද භාවිත කළ හැකි බව අපට පෙන්වා දිය හැකිය. ආෂිවිෂෝපම සූත‍්‍රදේශනාවෙහි දී බුදුරදුන් සිය ධර්මය පවා මෙලෙස උභය අන්තගාමී මගකට ගෙනයාමට හෝ අවිද්‍යාව හේතුවෙන් එසේ වීමට හැකියාව ඇති බව පෙන්වා දී ඇත. ධර්මය සර්පයෙකුට උපමා කොට කාම, භව, දිට්ඨි සහ අවිජ්ජා යන චතුර් ඕඝයන් තරණය සඳහා ධර්මය භාවිත කළ යුතු අන්දම එහි මැණවින් පෙන්වා දී ඇත. සර්පයෙකු ඇල්ලිය යුත්තේ සර්පයාගේ හිසෙනි. නැතහොත් ඌ අල්ලන්නාට දෂ්ට කොට පැනයාමට ඉඩ ඇති බව එහි වැඩි දුරටත් සඳහන් කොට ඇත. ජ්‍යෝතිර්වේදය ද එබඳු ආෂිවිෂෝපමාවෙන් දැක්විය හැකි ශාස්ත‍්‍ර ධර්මයක් වශයෙන් පෙන්වා දිය හැකිය. ජ්‍යෝතීර්වේදය ද පටිසෝතගාමී මගක් ඇසුරින් දත යුතු සේම අනුගමනය තුළින් උඩුගං බලා යෑමේ ගමනට අත්වැලක් සේම එය පිළිබඳව අඩු දැනුමක් සහිතව වැඩි දැනුමක් ඇති බව පෙන්වමින් අවිචාරශීලී අන්තගාමී ආර්ථික හා සමාජයීය ලාභ ලැබීමේ රැවටිලි සහගත ක‍්‍රමවේදයක් වශයෙන් අනුගමනයෙන් මෙලොව පරලොව දෙකටම අවැඩ පිණිස පවත්නා බව සිත් දරාගත යුතුය.
එම්. එම්. රෝහණ වසන්ත.
071-4161082$wasantha2010@gmail.com
No comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha