KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Friday, August 23, 2019
Astro - Scientific aspect of Delay in marriage as a social problem
Wednesday, September 9, 2015
වෛදික ජ්‍යෝතිෂයේ කියැවෙන අෂ්ඨ විධ විවාහයන්ගෙන් ඔබගේ විවාහය කවර විවාහයකට අයත්දැයි පරීක්ෂා කරගන්න
2. ප්‍රජාපත්‍ය විවාහ
3. දෛව විවාහ
4. අර්ෂ විවාහ
5. ගාන්ධර්ව විවාහ
6. අසුර විවාහ
7. රාක්ෂස විවාහ
8. පිසාච විවාහ
Saturday, September 1, 2012
පොරොන්දම් පරීක්ෂාව පිළිබඳ ගැටළු තුනක්
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් පාඨක ඔබ විමසා සිටි පොරොන්දම් පරීක්ෂාව පිළිබඳ ගැටළු තුනක්.
1.නැකත් පොරොන්දම ගැලපෙන්නේ නැති හදහන් අනිවාර්යෙන්ම විවාහයට විපත් ද?
ජන්ම, අනු ජන්ම, ත්‍රි ජන්ම -පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණ දෝෂ ඇතිවිය හැකි තත්වයකි.
සම්පත්, අනු සම්පත් , ත්‍රි සම්පත් - හිතප්‍රත්‍ය සම්පත් දායකත්වය ඇති වේ.
විපත්, අනු විපත්, ත්‍රි විපත් - දුක්ඛ දෝමනස්සයන් ඇති වෙයි.
ක්ෂේම, අනු ක්ෂේම, ත්‍රි ක්ෂේම - මධ්‍යස්ථ ඵල දායක තත්වයකි.
ප්‍රත්‍යාරි, අනු ප්‍රත්‍යාරි, ත්‍රි ප්‍රත්‍යාරි - හිතප්‍රත්‍ය සම්පත් විනාශ මුඛයට වැටේ.
සාධක, අනු සාධක, ත්‍රි සාධක - සර්වාර්ථ සිද්ධි සාධන තත්වයක් ඇති වේ.
වධ, අනු වධ, ත්‍රි වධ - මානසික හා කායික වධය පිණිස හේතු වේ.
මෛත්‍රී, අනු මෛත්‍රී, ත්‍රි මෛත්‍රී - බ්‍රහ්ම විහාරී ගුණයෙන් යුතු වේ.
පරමෛත්‍රී, අනු පරමෛත්‍රී, ත්‍රි පරමෛත්‍රී - අති බ්‍රහ්ම විහාරී ගුණයෙන් යුතු වේ.
මෙම තත්වයන් යටතේ කවර ගණයකට වැටේ දැයි බලා තීරණය කළ යුත්තකි.
2. යෝනි, නාඩි, ලිංග පොරොන්දම් ගාලපුනොතින් එම නැකත් දෝෂය භංග වෙනවා කියන්නේ ඇත්තක්ද? එසේනම් මේ සියල්ලම ගැලපිය යුතුමද?
යෝනි පොරොන්දමලිංගික තෘප්තිය ද ලිංග පොරොන්දම ලිංගික හැසිරීම ද පෙන්වා දෙන බව විසිපොරොන්දම්වල විද්‍යාත්මක පැතිකඩ නමැති ලිපියේ පෙන්වා දුන් අතර
යෝනි පොරොන්දම - ලිංගික තෘප්තිය යහපත් විටෙක දී සහ
ලිංග පොරොන්දම - ලිංගික හැසිරීම යහපත් විටෙක දී ඉහත පෙන්වා දුන් පහත සඳහන් කරුණුවල ඇතිවිය හැකි ගැටළුමය තත්වයන් වැලකීමට ඇති ඉඩ ප්‍රස්ථා භංග වීමට නම් අනිවාර්යයෙන්ම ග්‍රහ පොරොන්දමේ පාපාංශක තත්වයන්ගේ අගයන් කවර මට්ටමක පවතීදැයි විමසා බලා තීරණයකට එළඹිය යුතුවෙයි.
ජන්ම, අනු ජන්ම, ත්‍රි ජන්ම -පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණ දෝෂ ඇතිවිය හැකි තත්වයකි.
විපත්, අනු විපත්, ත්‍රි විපත් - දුක්ඛ දෝමනස්සයන් ඇති වෙයි.
ප්‍රත්‍යාරි, අනු ප්‍රත්‍යාරි, ත්‍රි ප්‍රත්‍යාරි - හිතප්‍රත්‍ය සම්පත් විනාශ මුඛයට වැටේ.
වධ, අනු වධ, ත්‍රි වධ - මානසික හා කායික වධය පිණිස හේතු වේ.
3. ග්‍රහ පොරොන්දමට අදාලව ගණනය කිරීම් කරන්නේ කොහොමද? සුබ අසුබ තීරණය වන්නේ කෙසේද? (පරිගණක මෘදුකාංගයෙන් එන ග්‍රහ පොරොන්දම් ප්‍රතිපලය ගැටළු සහිත)
ග්‍රහ පොරොන්දම ප්‍රදාන පොරොන්දමක් නොවුනත් බොහෝ විට නැකත් වලට පසුව එහි ගැලපීම බලන්නේ කුමක් නිසාද?
නැකැත් පොරොන්දම යනු ජන්මියා උපන් නැකත අනුව විමසා බැලෙන තත්වයකි. උපන්නැකත යනු උපතේ දී චන්ද්‍රයා සිටි නක්ෂත්‍ර කාණ්ඩයයි. චන්ද්‍රයා යනු මිනිස් සිතට අධිපතිත්වය දරන ග්‍රහයාය. මිනිස් සිත සියළුම ධර්මතාවන්ට බලපාන ප්‍රධානතම සාධකය බව බුදුරදුන් ද "මනෝපුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා..." යනුවෙන් දක්වා ලූ කල නැකැත් පොරොන්දමේ පවතින අද්විතීය වැදගත්කම හා අත්‍යාවශ්‍යතාව පැහැදිළි වෙයි.
ග්‍රහ පොරොන්දමට අදාළ ගණනය කිරීම් සඳහා ලග්නය, චන්ද්‍රයා, හා සිකුරු යන ග්‍රහයින්ගෙන් 1,2,7,8 යන භාවයන්හි දී තැන්පත් ග්‍රහයින් අනුව ඒ ඒ තැන්පත් ග්‍රහයින්ගේ තත් රාශියට තිබූ සම, මිත්‍ර, අමිත්‍ර, ස්වක්ෂේත්‍ර, උච්ඡ යන උප්පත්ති නිසර්ග තත්වයන් මත ලබාදෙන ඇගයීම් ලකුණු පාපංශක වශයෙන් ගණනය කෙරේ. මීට අමතරව ස්තී පුරුෂ දෙදෙනාගේම කේන්ද්‍රවල පවතින විෂ දෝෂ, වැන්දඹු දෝෂ, විකලාංග දෝෂ, මාතුල හා පිතු නාශ දෝෂ, දාරක නාශ දෝෂ , භාතෘ නාෂ දෝෂ, කුල නාශ දෝෂ, ව්‍යාභිචාර දෝෂ ආදී විශේෂිත ග්‍රහ පිහිටීම් කවර මට්ටමක පවතීදැයි විමසීම ද ග්‍රහ පොරොන්දමේ දී විමසා බැලිය යුතු කරුණු වශයෙන් පෙන්වාදිය හැකිය.
පරිගණක මෘදුකාංග කෙතරම් මෙම අවකාශය තුළ කටයුතු කරනවාද යන්න පිළිබඳ පවතින්නේ එක් අදහසක් පමණි. පරාශර ලයිට් 7 මෘදුකාංගය මෙම මෘදුකාංග අතරින් ඉහළම තැන සිටින අතර ඇස්ට්‍රොවිෂන් ලයිෆ් සයින් මෘදුකාංගයේ නවතම සංස්කරණයක් මෙකී අවකාශය තුළ යම් තැනක හිඳින බව පැවසිය හැකිය. නමුත් මෙම මෘදුකාංග දෙකම ඉතා ඉහළ මිල ගණන් කැප කළ යුතු මෘදුකාංග වශයෙන් පෙන්වා දිය හැකිය. එසේම ගෝරාවනී නමින් යුතු මෘදුකාංගයක් ද මේ පමණකට අවකාශය තුළ සම්පත් දායකත්වයක් සපුරා ඇති බව පැවසිය යුතුය.
සාමාන්‍ය පාඨක ඔබ කොළඹ විශ්ව විද්‍යාලයේ සරත් සෝමසිරි නමින් හඳුනන පරිගණක විද්‍යාව පිළිබඳ කථිකාචාර්‍ය්‍යවරයා විසින් 1995 වසරේ දී "සී පරිගණක භාෂාවෙන්" මුලින්ම සරල නමුත් නිරවද්‍යතාව අනුව ඉහළ අගයක පැවැති Fortune Teller.exe , Astro.exe හා Match.exe නමින් අප සමාජයේ පැවති මෘදුකාංග යම් පමණකට අවශ්‍යතාව සපුරාලූව ද යථෝක්ත කරුණු කවර පදනමකින් පසුරාලන්නේ ද යන්න අපට ද ගැටලුවකි.
© M. M. Rohana Wasantha 0714161082/ 0723430028/ wasantha2010@gmail.com
Popular Posts
-
පූජා කිරීමේ ප්‍රධාන පරමාර්ථය දේව ආකර්ෂණය සහ පවිත්‍රතාවය: වෛදික සම්ප්‍රදායට අනුව පූන නූල (Upavita / Yajnopavita) යනු උසස් ආත්මික පවිත්...
-
රතනමාලා සහ රතන යන්ත්‍රය සමග රතන සූත්‍ර ආරක්ෂා බන්ධනය එතෙන සච්ච වජ්ජෙන දුක්ඛා වූපසමෙන්තු මෙ (තෙ) එතෙන සච්ච වජ්ජෙන භයා වූපසමෙන්තු මෙ (...
-
සත් මුහුදකට එපිට මහ මුහුද මැද කළු ගලෙන් යුත් දුපතක සෑදුන රන් විමනක රතු ගල් තලාවක උපන් කළු කුමරු විජිත නම් රුජුට දාව කර`ඩුමානා බිසවගේ...
-
විවාහය නැමති සංස්කෘතික බැඳීමෙන් සමාජය තුළ ඇති වූ සමාජයීය ඒකකයක් වශයෙන් පවුල නැමති සමාජ සංස්ථාව පෙන්වාදිය හැකිය. එම සමාජ සංස්ථාව ගැටළුවකින් ...
-
නාරද පුරාණය (Narada Purana) යනු හින්දු ආගමික සාහිත්‍යයේ එන ප්‍රධාන මහා පුරාණ 18න් එකකි. මෙය ප්‍රධාන වශයෙන් වෛෂ්ණව සම්ප්‍රදායට (විෂ්ණු භක්තිය...
-
https://drive.google.com/file/d/1YeXfgw3FN8pccph2EfLOOWH1gn7KFPnw/view?usp=drivesdk © M. M. Rohana Wasantha
-
ජ්‍යෝතිර්විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා සියදිවි නසාගනු ලැබූ පුද්ගලයින් පිළිබඳ ඔබ දන්නවා නම් ඔබ කැමති නම් ඒ අය පිලිබඳ කෙටි විස්තරයක් ද සහිතව ඒ අ...
-
සම්පූර්ණ ඉදිරිපත් කිරීම නැරඹීමට පින්තූරය මත click කරන්න. © M. M. Rohana Wasantha
-
මුධාකරත්ත මෝධකම් සදා විමුක්ති සාධකම් කලාධරාවතංසකම් විලාසි ලෝක රක්ෂකම් අනායකෛක නායකම් විනාසිතේව දෛත්යකම් නටාසුභාසු නායකම් නමාම...
