Thursday, November 25, 2010

තෙවන කොටස – ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි

ඉරණම නැමැති පරිගණක මෘදුකාංගයේ දෝෂහරණ ක්‍රමවේදය

Posted on November 25, 2010 by Wisdom For All| Leave a comment | Edit
Rate This

(තෙවන කොටස – ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි)

පරිගණක ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන මෘදුකාංගයන්ගේ පවතින දෝෂහරණ ක්‍රියාවලියක් ඇත. සාමාන්‍යයෙන් මෘදුකාංගයක පැවතිය හැකි දෝෂ වර්ගයන් කවරේදැයි ප්‍රථමයෙන් හඳුනාගත යුතුය.

වැඩි විස්තර ... කියවන්න
© M. M. Rohana Wasantha

Saturday, November 20, 2010

පුද්ගල ඉරණම නැමැති පරිගණක මෘදුකාංගය

Posted on November 20, 2010 by Wisdom For All| Leave a comment
Rate This

(දෙවන කොටස – ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි)

මෙම ක‍්‍රියාවලියට නතුු වන පරිගණකය සහ එහි ක‍්‍රියාත්මක මෘදුකාංග නිර්මාණය වී ඇති ආකාරය ඔබ මෙම ලිපියේ පළමු කොටසින් මනාව අවබෝධ කරගන්නට ඇතැයි ...

© M. M. Rohana Wasantha

Friday, November 12, 2010

අළුත් ඇඳුමක් ... සහ අළුත් නවාතැනක් ...

අළුත් ඇඳුමක් ... සහ අළුත් නවාතැනක් ...
දුක සැප බලල යන්න එන්න ... http://kendaralk.wordpress.com/
© M. M. Rohana Wasantha

ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි.

ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි.
පරිගණකයක් යනු ඉලෙක්ට්‍රොනිකව ක‍්‍රියාත්මක කරනු ලබන යන්ත‍්‍රයක් වශයෙන් හඳුන්වාදිය හැකිය. මෙම යන්ත‍්‍රය ප‍්‍රධාන වශයෙන් ක්‍ෂේත‍්‍ර තුනක ක‍්‍රියාත්මක වෙයි. එනම්, දෘඪාංග, මෘදුකාංග සහ සජීවී මැදිහත්කරුවකු වශයෙන් එය හසුරුවන්නා පෙන්වාදිය හැකිය.

x දෘඪාංග - පරිගණකයේ අතින් ඇල්ලිය හැකි උපාංග Hardware
x මෘදුකාංග - පරිගණකයේ ක‍්‍රියාකාරීත්වය Software
x සජීවී මැදිහත්කරු - එය හැසිරවීම Live-ware

මෙම ප‍්‍රධාන ක්‍ෂේත‍්‍ර තුනෙහි පළමු ක්‍ෂේත‍්‍රය වඩාත් පදනම් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එය ආදාන (Input), සැකසුම් (Processor) හා ප‍්‍රතිදාන (Output) වශයෙන් කොටස් තුනකින් යුතු වෙයි. මෙහි දී ආදාන ඒකකය දත්ත පරිගණකය වෙත ලාබදීමේ නැතහොත් ප‍්‍රවේශ කරවීමේ කාර්යයෙහි නියුතු වෙයි. සැකසුම් ඒකකය එම දත්ත විශේෂිත තර්කණ උපායයන් ඇසුරු කරගනිමින් සජීවී මැදිහත්කරු විසින් ලබාදෙන විධානයන් අනුව ක‍්‍රියාත්මක වෙයි. ප‍්‍රතිදාන ඒකකය මගින් එසේ සකසා ගනු ලබන දත්ත පදනම් තොරතුරු වශයෙන් නිෂ්පාදිතයන් ලෙසින් එළිදක්වයි.

පරිගණකයේ මෙම ආදාන ඒකකය විවිධ දත්ත පරිගණකය වෙත ප‍්‍රවේශ කරයි. ශ‍්‍රව්‍ය දත්ත නැතිනම් මිනිසාගේ ශ‍්‍රවනේන්ද්‍රිය මගින් ග‍්‍රහණය කළ හැකි දත්ත, දෘෂ්‍ය දත්ත නොහොත් මිනිස් ඇසින් ග‍්‍රහණය කරන වේදයිතය සහ මිනිස් මනසට ගෝචර වන ස්නායු ආව්ගi  හෝර්මෝනමය විද්‍යුත් ධාරා සංඥා වශයෙන් පවතින සෑම දත්තයක් ම ආදාන ඒකකය මගින් පරිගණකයට යොමුකළ හැකිය. ඇතැම් විට මනසේ හෝර්මෝනමය විද්‍යුත් ධාරා සංඥාවන් කේතනය කළ හැකිii  ද? යන පැණය ඔබට ඇතිවිය හැකිය.

ඇමරිකාවේ ෆෙඩරල් බුද්ධි අංශය මගින් අත්අඩංගුවට ගනු ලබන යම් සැකකරුවෙකු ප‍්‍රශ්න කිරීම සඳහා භාවිත කරන ප‍්‍රශ්න කිරීම් කුටිය ඇතුළතින් පිටත නොපෙනෙන වීදුරුවලින් ආවරණය කර ඇති එකකි. එහි පිටතින් සේවයෙහි නියුතු විශාල කණ්ඩායමක් වෙයි. එක් පුද්ගලයෙකු පමණක් ප‍්‍රශ්න කිරීම් සිදු කරන අතර තවත් පිරිසක් පරිගණයක් ආධාරයෙන් අධෝරක්ත කැමරා උපයෝග කර ගනිමින් ඔහුගේ හෝ ඇයගේ මොලයේ රසායනික ප‍්‍රතික‍්‍රියාවන් සැලකිල්ලට ගනිමින් ඒ අනුව ප‍්‍රක්ක්‍ෂේපිත දත්ත විශ්ලේශනය කිරීමෙන් ඔහු හෝ ඇය පවසන දෑ සත්‍ය තොරතුරු ද නැතිනම් අසත්‍ය තොරතුරු ද යන්න නිර්ණය කරනු ලබයි. මේ සමග අමුණා ඇති කෙටි වීඩියෝ ක්ලිපය නැරඹීමෙන් ඔබට එය සනාථ කර ගත හැකිය.

මෙම කෙටි වීඩියෝ ක්ලිපය ඔබට මනසේ හෝර්මෝනමය විද්‍යුත් ධාරා සංඥාවන් කේතනය කළ හැකි බව තේරුම් ගැනීමට කදිම නිදසුනකි.

ප‍්‍රධාන වශයෙන් පරිගණකයේ ඉලෙක්ට්‍රොනික උපාංග ක‍්‍රියාත්මක කරවීමට අවශ්‍ය විද්‍යුත් ධාරා සංඥා වශයෙන් ප‍්‍රධාන අවස්ථා දෙකකින් යුතුව ක‍්‍රියාත්මක වෙයි. ඒවා ඇත සහ නැත යන අවස්ථා දෙකෙහි පවතියි. මෙය, විද්‍යුත් ධාරා සංඥාව පැවතීම සහ බිඳවැටීම දක්වාලයි. පරිගණකයේ ක්‍ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික උපාංගයන්ට තේරුම් ගත හැකි එකම භාෂාව මෙම මූලික අවස්ථා දෙකiii  පමණක් බව සැලකිය යුතුය. නමුත් මෙම අවස්ථා දෙක උපයෝග කර ගනිමින් විවිධ තර්කණ උපායයන් මතින් ඔබ සජීවීව පරිගණක තිරය මත දකින සෑම අතුරු මුහුණතක්මiv  නිමැවී ඇති බව උදක් සිහියට ගත යුතුය.

පරිගණක තිරය මත මැවෙන පික්සලයක්v  නිමැවෙන තිතක් පවා විද්‍යුත් ධාරා සංඥාවන්හි ඇති ප‍්‍රධාන අවස්ථා දෙක අනුව ක‍්‍රියාත්මක වන බව පැහැදිළි කළ හැකිය.

පරිගණක භාෂාවක් යනු පරිගණකයට ආදාන දත්ත ප‍්‍රවේශ කරවීමේ දී යන්ත‍්‍ර භාෂාවvi  වන 0 සහ 1 නැතිනම් විද්‍යුත් ධාරා සංඥාව බිඳවැටීම සහ පැවතීම යන කේතයන් දෙක බවට පරිවර්තනය කිරීමේ ක‍්‍රියාවලිය (Encode-කේතනය) මෙන්ම යන්ත‍්‍ර භාෂාමය යෙදුමක අර්ථය සාමාන්‍ය ව්‍යාවහාරික භාෂානුයුක්තව අරුත් ගැන්වීම (Decode -විකේතනය) සඳහා හැකියාව ඇති මූලෝපායික සංජානන, ඉගෙනුම් හා තර්කන සිද්ධාන්ත පද්ධතියක් වශයෙන් පෙන්වාදිය හැකිය.

පරිගණක මෘදුකාංග වශයෙන් ද මෙම පරිගණක භාෂාවන් ක‍්‍රියාත්මක වෙයි. විශේෂිත කාර්යයන් ඉටුකරගැනීම සඳහා වෙනමම නිර්මාණය කරන ලද යෙදවුම් මෘදුකාගvii  නමින් ව්‍යවහාර කරනු ලබන මෘදුකාංග කොටසක් ද පරිගණක ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වෙයි. සමස්ථ යන්ත‍්‍රය පද්ධතියක් වශයෙන් අන්‍යෝන්‍ය සබැඳියාවකින් යුතුව ක‍්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය හැසිරීමේ පිළිවෙල නිර්ණය කරන ලබන පද්ධති මෘදුකාංගviii  නමින් ව්‍යවහාර කරන මෘදුකාංග කොටසක් ද පරිගණක ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වෙයි.

-------------------------------
notes:

[i] Neuron Impulse 
[ii] Encryption
[iii] Binary Code
[iv] Graphics
[v] Pixel
[vi] Machine Language
[vii] Application Software
[viii] System Software

- මතු සම්බන්ධයි -

© M. M. Rohana Wasantha

Thursday, November 4, 2010

ඉංග‍්‍රීසි ජ්‍යෝතිෂ පාඩම් එම්පී 3 ෆෝර්මැට් එකෙන්

ඉංග‍්‍රීසි ජ්‍යෝතිෂ පාඩම් එම්පී 3 ෆෝර්මැට් එකෙන් බාගන්න පුළුවන් මෙතනට ගියෝත්
© M. M. Rohana Wasantha

ජගන්නාත් ජ්‍යෝතිෂ මෘදුකාංගයෙන් වැඩ කරන විට අවශ්‍ය කරන වෙනත් දෑ

ජගන්නාත් ජ්‍යෝතිෂ මෘදුකාංගයෙන් වැඩ කරන විට අවශ්‍ය කරන වෙනත් දෑ, නැතිනම් එහිදී භාවිත කළ යුතු වෙනත් සම්පත් ඇති තැනකට පාර මෙකයි. ඔබට එහි ඇති සම්පත් භාවිත කළ හැක්කේ ඉංග‍්‍රීසි භාෂා ඥානය
ඇති නම් පමණක් බව කරුණාවෙන් සළකන්න.

Jyotish Writings of P.V.R. Narasimha Rao



      Vedic Astrology: An Integrated Approach (textbook published in 2000)   NEW
      Impact of Transit Conjunctions on Natal Points: A Research   NEW
      Transits and Vimsottari Dasa Progression: A Specific Correlation   NEW
      Padamsas and Tranits: A Research Finding   NEW
      Transit of Nakshatra Dasa Lord: A Specific Principle
      Stationary Planets in Transit (A Research)
      Parasara's Atma Karaka Kendradi Graha Dasa
      Parasara's Kala and Chakra Dasas
      Parasara's Sthira Dasa
      Parasara's Drigdasa
      Parasara's Chara Karakas




© M. M. Rohana Wasantha 0714161082/0755315682

බාගන්න ලින්ක් එක නැවතත් / ජගන්නාත හෝරා 7.4 ජ්‍යොතිෂ මෘදුකාංගය

සොෆ්ට්වෙයාර් එක බාගන්න ලින්ක් එක කළින් මම ලියපු පෝස්ට් එකට ගියා නම් සිම්පල්. එන්න ඒ පෝස්ට් එකට. එතනට ගිහින් ඒක බාගත්තෙ නැති අය බාගන්න. මෙන්න ඒ පෝස්ට් එකට පාර
Wednesday, August 25, 2010 දින ලියූ පෝස්ට් එක 'ජගන්නාත හෝරා 7.4 ජ්‍යොතිෂ මෘදුකාංගය'
© M. M. Rohana Wasantha 0714161082/0755315682

Wednesday, November 3, 2010

ජගන්නාත් හෝරා ජ්‍යෝතිෂ මෘදුකාංගය භාවිතා කොට කේන්ද්‍රයක් සෑදීම

පළමු පාඩම
ඔබ අප විසින් පෙන්වා දුන් අන්තර්ජාල ලිපිනයෙන් බාගත කරන ලද මෘදුකාංගය මේ වන විටත් ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ගෙන ඇතැයි සිතමු. අප මෙම පාඩම් මාලාව තුළින් එම මෘදුකාංගය භාවිත කොට කේන්ද්‍රයක් සාදා ගන්නා ආකාරය ඔබට කියා දීමට අදහස් කරමු.

ප‍්‍රථමයෙන්ම ඔබගේ පරිගණකයේ ආරම්භක මෙනුවෙන් ව්‍යාපෘති යටතේ දක්වා ඇති ජගන්නාත් හෝරා මෘදුකාංගය තෝරා ඒ මත වරක් කොටන්න.
From JH 7.4
අනතුරු පහත දැක්වෙන තිරය ඔබගේ පරිගණකය මත දිස්වෙයි.

From JH 7.4

මෙවන විට ඔබ පළමුව කළ යුත්තේ ඔබගේ භාෂාව තෝරාගැනීමයි. ඒ සඳහා පඑත රූප සටහනෙහි දැක්වෙන පරිදි ප්‍රෙෆරන්ස් මෙනුවේ රිලේටඞ් ඩිස්ප්ලේ යටතේ ඇති චාර්ට් ස්ටයිල් ඇන්ඞ් ලැන්ග්වේජ් යන්න තෝරාගන්න.

From JH 7.4

කේන්ද්‍ර සටහනෙහි ග‍්‍රහයින්ගේ නම් පෙන්විය යුතු භාෂාව පළමුවෙන්ම තෝරා ගන්න එය ඉංග‍්‍රීසි භාෂාව තෝරාගන්න.
කේන්ද්‍ර සටහන උතුරු ඉන්දියානු දියමන්ති හැඩයේ ආකාරය තෝරාගන්න.

From JH 7.4
ග‍්‍රහයින්ගේ නම් සංස්කෘත භාෂාවෙන් පෙන්වන ලෙස දක්වන්න.
From JH 7.4
රාශි දක්වන අවස්ථාවේ දී ද සංස්කෘත භාෂාව තෝරන්න. එවිට ඔබට හුරු පුරුදු සූර්ය, චන්ද්‍ර, මංගල, බුධ, ගුරු ආදී ග‍්‍රහ නාමත් මේෂ, වෘෂභ, මිථුන ආදී රාශි නාමත් නිසි ආකාරයට දිස්වෙයි.



අනතුරුව ඔබ කළ යුත්තේ කේන්ද‍්‍රය සාදා ගැනීමට අවශ්‍ය පියවර සළකා බැලීමයි' මෙහිදී පහත දැක්වෙන තිර සටහන් පෙළ ඔබට ඊට මග පෙන්වයි' 


From JH 7.4
එහි fâටා යනුවෙන් ඔරලෝසු මුහුණතක් ඇති බොත්තමක් දෙවන තීරුවෙහි දැක්වෙයි' එය මතට ඔබේ මවුසය ගෙන ගිය විට එඩිට් බර්ත් ඬේටා යනුවෙන් ටිප් එකක් දිස්වේවි' එය මත එබීමෙන් පහත තිරය ලබා ගත හැකිය'

From JH 7.4
© M. M. Rohana Wasantha

පාඨක අදහස් විමසීම!

අපගේ බ්ලොග් අඩවිය පිළිබඳ පාඨක ඔබගේ අදහස් දැනගැනීමේ කෙටි සමීක්‍ෂණයක් පැවැත්වීමට අදහස් කරන අතර ඔබගේ වටිනා කාලයෙන් බිඳක් ඊට යොමු කර අපගේ ගමනට දිරියක් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.


පාඨක අදහස් විමසීම!

© M. M. Rohana Wasantha/0714161082

Thursday, October 28, 2010

Commented on නැකැත් පාගා යන ගමන යමු. ජය සතුට ගෙන යළි ගෙදර එමු





Wisdom for All said...

ඇත්තටම මේක චූල නක්‍ෂත‍්‍රයට වැටෙන එක් ක‍්‍රමයක් තමයි. "මේකේ තව ප්‍රශ්නයක් තිබෙනවා,එදිනට නියමිත සුභ කකුල(වම,දකුණ) මොකක්ද කියල හොයා ගන්න ක්‍රමයක් දාලා නැති එක." විශේෂයෙන් චූල නක්‍ෂත‍්‍රයේ දී මේක කරන ආකාරය වෙනම දක්වා තිබෙනව. ඔයා දක්වල තියෙන විදියට සතියේ දින හතට අනුව මහා නක්‍ෂත‍්‍රයේ දී ඔක්තේ දිනවල දකූණු පයත් ඉරට්ටේ දිනවල වම් පයත් තබා යන ගමන මෙයට යොදාගන්න බැහැ. මොක ද මේක චූල නක්‍ෂත‍්‍රයට වැටෙන නැකැත් සාදාගන්නා ක‍්‍රමයක් නිසා. චූල නක්‍ෂත‍්‍රයට අනුව සතියේ දිනට අනුභවයට සුදුසු අහරක් ගෙන තමන්ගේ වම් සහ දකුණු නාස්පුටයන්ගෙන් වඩාත් හොඳින් හුස්ම වැටෙන පැත්තේ පය පෙරට තබා ගමන් ආරම්භය සුභ බව සළකන්න.චූල නක්‍ෂත‍්‍රයට අනුව සතියේ දිනට අනුභවයට සුදුසු ාහාර වර්ග මොනවාද යන්න පිළිබඳව සැළකීමේ දී දවසේ පාලනය භාර ග‍්‍රහදේවතාවාට සුදුසු ආහාරය ගත යුතු බව සිහිපත් කළ යුතුය.

එම්. එම්. රෝහණ වසන්ත 0714161082


© M. M. Rohana Wasantha

Wednesday, October 20, 2010

Shiva Purana ශිව පුරාණය ....

 ශිව පුරාණය ...

Introduction
First of all, sage shaunak expressed his desire to sutji about knowing the means, which could help a man in this era of kali to attainment lord shiva, by cleansing all the impurities of his mind and rectifying his inherent demonic tendencies. Sutji then described about shiv mahapuran - the supreme of all the puranas, which was narrated by lord shiva himself and which was later on retold by sage vyas with the permission of maharshi sanatkumar, for the benediction of common man. Sutji said, "by understanding the mysteries of shivmahapuran and singing its praises, a man attains greater virtues than that which could be attained by being charitable or by the performance of all the `yagyas'. Contemplating on the subject matters of  shivmahapuran give auspicious fruits just like a 'kalpa-taru' (a mythological tree which fulfills all the wishes). Shiv mahapuran contains twenty-four thousand shlokas and seven Samhitas which are as under:-
1) vidyeshwar samhita,
2) rudra samhita
3) shatrudra samhita
4) koti rudra samhita
5) uma samhita
6) kailash samhita
7) vayviya samhita

Shivmahapuran is the best means for man's liberation.


කියවන්න
ඉංග‍්‍රීසි භාෂාවෙන් ... ළඟදීම සිංහලෙන් ...

රාවණා සහ කෛකේසී...



When this issue of Meditation Times was planned by the Chief Editor it was decided to
make this issue related to Sri Rama the question was from where to start.
One and the simplest way was to present the usual way that you know, But that was not
going to help you in the process of transformation. And if everything is given in details it
will be difficult and that too is not possible. The role of Meditation Times is to present
deeper insights into life, living and all that is concerned with these. Therefore you are given
insight into various aspects of the Epic of Rama.
Without understanding the role of Ravana and Kaikeyi you will not know the relevance of
Rama and the epic Ramayana. These are the main negative characters around who the
storyline revolves.
...
Read more

කියවන්න
ඉංග‍්‍රීසි භාෂාවෙන් ... ළඟදීම සිංහලෙන් ...
A CRITICAL STUDY OF THE WORK
“VYMANIKA SHASTRA”
වෛමාණික ශාස්ත‍්‍රය” පිළිබඳ 
විචාරාත්මක විග‍්‍රහයක්
by
H.S. MUKUNDA, S.M. DESHPANDE, H.R. NAGENDRA,
A. PRABHU, AND S.P. GOVINDARAJU
එච්.එස්.මුකුන්දා" එස්' එම්' දේශ්පාණ්ඬේ" එච්' ආර්' නාගේන්ද්‍ර
ඒ' ප‍්‍රභූ" සහ එස්' පී' ගෝවින්දා රාජු

Indian Institute of Science, Bangalore‐560012 (Karnataka)
විද්‍යාවන් පිළිබඳ ඉන්දියානු ආයතනය, බැංගලෝර් - 560012 (කර්ණාටක)
ළඟදීම සිංහලෙන් බලාපොරොත්තු වන්න...

Friday, October 15, 2010

අරිය පරියෙසන සූත‍්‍රය.


3. , මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද ෙජ්තවනාරාමයෙහි වාසය කළහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ සිවුරු හා පාත‍්‍රය ගෙන සැවැත් නුවරට පිඩු පිණිස වැඩියහ. එකල්හි බොහෝ භික්‍ෂූහු ආනන්‍දස්ථවිරයන් වහන්සේ යම් තැනකද එහි පැමිණියහ. එහි පැමිණ ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේට මෙසේකීහ. , ඇවැත්නි, ආනන්‍දයෙනි, ...

චතුරාර්ය සත්‍ය හා ජ්‍යෝතිෂය II

 (දෙවන කොටස)
මක්‍ධ්ජිම නිකායේ අරිය පරියේසන සූත‍්‍ර දේශනාවට අනුව තථ, අවිතථ, අනඤ්ඤථ යන ස්ථිර, බොරු නොවන හා වෙනත් ආකාරයකින් පෙනී නොසිටින ලක්‍ෂණයන්ගෙන් යුතු පරීක්‍ෂාව වූ කලී පටිසෝතගාමී හෙවත් උඩුගං බලා යන ධර්ම මාර්ගයක් වශයෙන් පෙන්වා දී ඇත.

මෙම ධර්මතාවන් දෙස පරීක්‍ෂාවෙන් බැලීමේ දී පෙනී යන කරුණු කිහිපයක් වෙයි. පුද්ගලයාට බලපාන පුද්ගල ජීවිතය හා බද්ධ චතුර්විධ සම්පත්තීන් වන අර්ධ, ධර්ම, කාම සහ මෝක්‍ෂ යන ඒවා පිළිබඳ පිළිපැදීමේ ක‍්‍රමවේදය කුමන ආකාරයක් ගත යුත්තේ ද යන්න පැහැදිලි කර ගැනීම සඳහා අපට බුදුරදුන්ගේ ප‍්‍රථම ධර්ම දේශනාවට අප සිත් යොමු කළ යුතු වෙයි. ”ද්වේ මේ භික්‍ඛවේ ධම්මා පබ්බජිතේන න සේවිතබ්බා” යනුවෙන් පෙන්වා දී වදාළ උභය අන්ත දෙකම බැහැර කොට එකී පටිසෝතගාමී පටිපදාවෙහි නියැළිය යුතු බව බුදුරදුන් අවධාරණය කර පෙන්වා දී ඇති බව ද සිහිකට යුතුය.

මෙකී පටිසෝතගාමී පටිපදාව හෙවක් එහිලා අනුගමනය කළ යුතු ක‍්‍රමවේදය මැදුම් පිළිවෙතින් දක්වා ඇති
බව මක්‍ධ්ජිම නිකායේ ධම්මචක්ක පවත්වන සූත‍්‍රදේශනාව අනුව පැහැදිළි කර ගත හැකිය.

x සම්මා දිට්ඨි - යහපත් දැකීම
x සම්මා වාචා - යහපත් වචනය

  • මුසාවාද වේරමණී
  • ඵිසුනාවාච වේරමණී
  • ඵරුසාවාච වේරමණී
  • සම්පප්පලාප වේරමණී

x සම්මා සංකප්ප - යහපත් සිහි කල්පණාව

  • නෙක්ඛම්ම
  • අභිධ්‍යා
  • ව්‍යාපාද

x සම්මා කම්මන්ත - යහපත් කර්මාන්ත
x සම්මා ආජීව - යහපත් දිවි පැවැත්ම
x සම්මා වායාම - යහපත් වීර්යය
x සම්මා සති - යහපත් සිහිය (එළඹ සිටි සිහිය)
x සම්මා සමාධි - යහපත් සමාධිය (ධ්‍යාන)

මේ ආදී වූ පටිසෝතගාමී ක‍්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් ඒකාන්තයෙන් නිව_ාණාවබෝධය ලැබිය හැකි බව බුදුරදුන් අරියපරියේසන සූත‍්‍රදේශනාවේ දී පැහැදිලි කරන ලදී.

අරියපරියේසන සූත‍්‍ර දේශනාවේදී බුද්ධත්වයට පත් වූ බෝසතුන්ට බුදුවීමේ දී අනුගමනය කරන ලද අධිකතර වීර්යය හේතුවෙන් ඇති වූ දම් දෙසීමෙහි ඇති වූ මන්දෝත්සාහී බව සහම්පතී මහ බඹුහුගේ ආරාධනයෙන් පසුව තුරන්විය. අනතුරුව බුදු ඇසින් ලොව බැලූ වේලෙහි පෙණීගිය සත්වයාගේ කෙළෙස් මද ධර්මාවබෝධයට සක්‍යතා ඇතියවුන්ගෙන් සමන්විත ලෝක සත්වයා උදෙසා ධර්මය දේශනා කිරීමට අදිටන් කරන ලදී.

මෙම පැහැදිලි කිරීමෙන් පෙනීයන ප‍්‍රබල කරුණක් වෙයි. අන්‍ය සිත්සතන් තුළ පවතින කෙලෙස් මළ මද, මධ්‍ය හා අධික භාවය බ‍්‍රහ්ම ඥානයෙන් දුටු පරිදි පුහුදුන් පෘතජ්ජන සත්වයාට අන්‍ය සිත්සතන් දැන, දැක ගැනීමේ හැකියාවක් නොමැත්තේය. බුදුන්ට ද බඹහුගේ ආරාධනයෙන් පසුව ඒ පිළිබඳව විමසීමේ දී පමණක් ලෝක සත්වයාගේ සිත් සතන් තුළ පවතින කෙලෙස් මළ මද, මධ්‍ය හා අධික භාවය දැක ගත හැකිවිය.
අන්‍ය සිත් සතන් දැන දැක ගැනීමෙහි සමත් විඤ්ඥාඤ්චායතන සමාධියට පිළිපන් යෝගාවචරයෙකුට පමණක් තම නුවණින්ම අන්‍ය සිත්සතන් තුළ පවතින කෙලෙස් මළ මද, මධ්‍ය හා අධික භාවය දැකිය හැකිය. මෙම තත්වය පෘතග්ජන කෙලෙස් මළ මද, මධ්‍ය හා අධික භාවයෙහි නිමග්නව සිටිනා වූ ලෝක සත්වයාට දැන දැක ගැනීමෙහිලා උගහට කරුණකි.

නමුත් අකිඤ්චඤ්ඤායතන, විඤ්ඤානඤ්චායතන හා නේවසඤ්ඤානාසඤ්ඤායතනාදී බ‍්‍රහ්ම විහරණයෙන් යුතුව වාසය කරන ලද යෝගාවචර මහාසෘෂිවරුන් සාමාන්‍ය පුහුදුනට මෙම සත්වයාගේ පවත්නා කෙලෙස් මළ ස්වභාවය අවබෝධ කර ගැනීමෙහි ලා උපකාර විය හැකි ක‍්‍රමවේදයක් නිර්මාණය කිරීමෙහි උත්සුක වූ අවස්ථාවෙහි වේද සාහිත්‍යයෙහි පංචම වේදය ලෙස සළකන ජ්‍යෝතිර්වේදය බිහි කරන ලදහ.

මෙතුළින් සාමාන්‍ය පුහුදුන් සත්වයා හට කෙලෙස් මළෙහි නොගැලී පටිසෝතගාමී මගක තම ජීවිකාව ගෙනයාමට භවගාමී සසර ගමනේ කරන ලද කර්මයාගේ විපාක ශක්තීන්හි ස්වභාවයන් දැන දැක ගැනීමට සමත් ආකාරයකින් මෙකී ජ්‍යෝතිර්වේදය නිර්මාණය කරන ලදහ.

විශ්ව වස්තූන්ගේ සැරිසරය නොහොත් අනිත්‍යතාවය ඇසුරෙන් ලොව පවත්නා ධර්මතාවන් හෙවත් නියමයන් කවරේද යන්න අවබෝධ කර ගැනීමෙහි මගක් වශයෙන් ජ්‍යෝතීර්වේදය හඳුන්වා දෙන ලදී. ‘තමසෝමාජ්‍යෝතීර්ගමය’ යනුවෙන් පෙන්වා දී ඇති පරිදි කෙළෙස් අන්ධකාරයෙහි ගැලී හිඳිනා ලෝක සත්වයා හට සම්‍ය දෘෂ්ඨියේ ආලෝකය දැන දැක ගැනීම සඳහා පිවිසුම් මාර්ගයක් වශයෙන් ජ්‍යෝතීර්වේදය පෙන්වාදී ඇති බව පැහැදිළි කළ හැකිය.

චතුර්විධ සම්පත්තීන් ලෙස සලකන අර්ථ, ධර්ම, කාම සහ මෝක්‍ෂ යන සම්පත්තීන්ගේ ස්වභාවය පිරික්සීමේ ක‍්‍රමවේදයක් වශයෙන් මෙම ජ්‍යෝතීර්වේදය භාවිත කළ හැකිය. එහිලා පූර්වෝක්ත චතුරාර්ය සත්‍ය හා ජ්‍යෝතිෂය නමැති පළමුවෙන් දක්වන ලද කොටසෙහි දී පෙන්වා දුන් පරිදි යමෙකුගේ කේන්ද්‍ර සටහනෙහි දැක්වෙන භාව දොළස ලෝක සූත‍්‍ර ගත ලෝක විභාගයට අනුව විග‍්‍රහ කර ඔහු හෝ ඇයගේ අර්ථ ක‍්‍රියාවලියත්ධර්ම ක‍්‍රියාවලියත්කාම ක‍්‍රියාවලියත් හා මෝක්‍ෂ ක‍්‍රියාවලියත් යන ක‍්‍රියා අවස්ථා හතරෙහි උප්පාදථිති සහ භංග යන තත්වයන් කවර ආකාරයකට සිදුන්නේ ද යන්න පැහැදිළි කර ගැනීම සඳහා මෙම කාල පුරුෂයාගේ අවයවයන්ට අදාළ රාශි අධිපති ග‍්‍රහයන් ද ඔවුන් තැන්පත් වූ ස්ථාන අනුව ඔවුන්ගේ උච්ච,නීචා දී බල දුබලතාවන් ද හා ඔවුනොවුන්ගේ අරගලා දී (ග‍්‍රහ යුද්ධ) තත්වයන් මත පුද්ගලයාට අත්වන  ඉරණම පිරික්සා දැන ගත හැකිය.

ඉතා සරළ උදාහරණයක් මෙහි දී පෙන්වාදිය හැකිය. ජ්‍යෝතිෂයෙහි දී අති ධාවන කාම යෝගයක් ලෙස  සලකන කුජ, සිකුරු යෝගය සහිත කේන්ද්‍ර සටහනක හිමිකරුවෙකුට හෝ හිමිකාරියකට සිය මෝක්‍ෂගාමී පටිසෝගාමී ප‍්‍රතිපදාවෙහි දී අනුගමනය කළ යුතු අවවාද දීමේ ක‍්‍රමවේදය බුදුරදුන් අනුගමනය කරන ලද අවස්ථාවක් ලෙස  ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය වෙනුවට දාන කථා, සීල කථා, සග්ගකථා, කාමානං ආදීනවානං යනාදී වශයෙන් දක්වා ඇති පිළිවෙල කථාවාවවාද ක‍්‍රමය පෙන්වාදිය හැකිය.

මේ ආකාරයට ජ්‍යෝතිෂයෙහි පෙන්වා දෙනු ලබන චතුර් විධ සම්පත්තීන්ගේ ස්වභාවය පිරික්සීමේ ක‍්‍රමවේදය පුද්ගලයාට සසර ගමන නැවැත්වීම පිණිස මෙන්ම එය දිගු කර ගැනීම සඳහා ද භාවිත කළ හැකි බව අපට පෙන්වා දිය හැකිය. ආෂිවිෂෝපම සූත‍්‍රදේශනාවෙහි දී බුදුරදුන් සිය ධර්මය පවා මෙලෙස උභය අන්තගාමී මගකට ගෙනයාමට හෝ අවිද්‍යාව හේතුවෙන් එසේ වීමට හැකියාව ඇති බව පෙන්වා දී ඇත. ධර්මය සර්පයෙකුට උපමා කොට කාම, භව, දිට්ඨි සහ අවිජ්ජා යන චතුර්  ඕඝයන් තරණය සඳහා ධර්මය භාවිත කළ යුතු අන්දම එහි මැණවින් පෙන්වා දී ඇත. සර්පයෙකු ඇල්ලිය යුත්තේ සර්පයාගේ හිසෙනි. නැතහොත් ඌ අල්ලන්නාට දෂ්ට කොට පැනයාමට ඉඩ ඇති බව එහි වැඩි දුරටත් සඳහන් කොට ඇත. ජ්‍යෝතිර්වේදය ද එබඳු ආෂිවිෂෝපමාවෙන් දැක්විය හැකි ශාස්ත‍්‍ර ධර්මයක් වශයෙන් පෙන්වා දිය හැකිය. ජ්‍යෝතීර්වේදය ද පටිසෝතගාමී මගක් ඇසුරින් දත යුතු සේම අනුගමනය තුළින් උඩුගං බලා යෑමේ ගමනට අත්වැලක් සේම එය පිළිබඳව අඩු දැනුමක් සහිතව වැඩි දැනුමක් ඇති බව පෙන්වමින් අවිචාරශීලී අන්තගාමී ආර්ථික හා සමාජයීය ලාභ ලැබීමේ රැවටිලි සහගත ක‍්‍රමවේදයක් වශයෙන් අනුගමනයෙන් මෙලොව පරලොව දෙකටම අවැඩ පිණිස පවත්නා බව සිත් දරාගත යුතුය.

එම්. එම්. රෝහණ වසන්ත.

071-4161082$wasantha2010@gmail.com


Thursday, October 14, 2010

විය නොහැක්ක : විද්‍යාවේ සීමාවන් සහ සීමාවේ විද්‍යාව

ඔබට කියවන්නට හොඳ කෘතියක් ...

1998 ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස් හි ප‍්‍රකාශයට පත් කරන ලද කෘතියක්

විය නොහැක්ක : විද්‍යාවේ සීමාවන් සහ සීමාවේ විද්‍යාවජෝන් ඩී බරෝ
සසෙක්ස් විශ්ව විද්‍යාලයේ තාරකා මධ්‍යස්ථානය

Impossibility
The Limits of Science and
the Science of Limits
JOHN D. BARROW
Astronomy Centre
University of Sussex



බාගන්න ලින්ක් එක මෙන්න...
Click to open:

Google Docs makes it easy to create, store and share online documents, spreadsheets and presentations.
Logo for Google Docs

Wednesday, October 13, 2010

දිව්‍යමය අඳුන


මල් බුලත් හා කැවිලි 7 පළතුරු 7 තටුවේ තබා 108ක් දිෂ්ඨි කර 21 වරක් ශ‍්‍රී රාම දිෂ්ඨියෙන් ජීවම් කරන්න.

මන්ත‍්‍රය

 ඕම් ආතාල දිෂ්ඨී පාතාල දිෂ්ඨී කන්දකුමාර දිෂ්ඨී අංජන දේවී ශ‍්‍රියාකාන්තා වටුකපිල්ලි දේවී අහෝ අඳුන් සඳුන් දිව්‍ය දිෂ්ඨී අංජන දේවී දිෂ්ඨී ආකාශ භූමි පාතාල දිෂ්ඨී දිව්‍ය රාජ අඳුන් සහිත බල දේවතා දිෂ්ඨී චන්ද්‍ර සෞම්‍ය රැුස් මාලාවෙන් අඩංගු දිෂ්ඨී හනුමා දිෂ්ඨී නාග භහිරව ආකාශ බහිරව භූමි බහිරව අංජනම් දේවී හනුමා දිෂ්ඨී දිෂ්ඨී ඒස්වාහ:

Monday, September 27, 2010

ව්‍යාපෘති ක‍්‍රමවේදය In Search of Real Ravana

Title of the Project 
රාවණා

Aim of the Project 
රාවණා

Vision of the Project
රාවණා සහ සම්බන්ධිත විෂය ධාරාවන් හෙළි කර ගැනීම

Mission of the Projectරාවණා පිළිබඳව දැනට (අප සතු) (All what we have) පවතින දත්ත ඇසුරෙන් විෂය ධාරාවන් වර්ගීකරණය කොට ඒ පිළිබඳ විෂය දැණුම ඒකරාශීකරණය කිරීම

Value of the Project යථෝක්ත විෂය ධාරාවන් හෙළිකරගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ලාංකීය මෙන්ම, අන්තර්ජාතික වශයෙන් කතිකාවක් ඇති කිරීම ප‍්‍රධාන වශයෙන් මෙහිලා පෙන්වා දෙනු කැමැත්තෙමු. එසේම...

වැඩි විස්තර බලන්න මෙතනට යන්න...
http://sakvithiravana.blogspot.com/

Monday, September 13, 2010

පර්යේෂණයේ සුලමුල & ක‍්‍රමවේදය පිළිබඳ වගතුග | Details of the Research and Methodology

සක්විති රාවණයන් පිළිබඳ අප සිදුකරන්නට බලාපොරොත්තු වන පර්යේෂණයේ සුලමුල හා එය සිදුකරන්නට බලාපොරොත්තු වන ක‍්‍රමවේදය පිළිබඳ වගතුග ලඟදීම බලාපොරොත්තු වන්න... ඒ පිළිබඳ ඔබගේ අදහස් උදහස් ගල්මුල් බෙලිකැපිලි මල් පියළි හැකි පමණින් සිංහළෙන් හෝ ඉංග‍්‍රීසියෙන් ඉදිරිපත් කරන්න.
මෙන්න ලින්ක් එක...
http://sakvithiravana.blogspot.com/2010/09/deatails-of-research-and-methodology.html

Monday, September 6, 2010

අප විසින් සිදුකරන ලද නවතම පර්යේෂණ ග‍්‍රන්ථය

 ළග’දීම බලාපොරොත්තුවන්න.

එම කෘතියෙහි  අන්තර්ගතය පිළිබඳ කෙටි විස්තරයක් මෙසේ ඉදිරිපත් කළ හැකිය.

"ශාන්තිකර්මවල භාවිත කෙරන වර්ණ තෙරපුම්, ශබ්ධ තෙරපුම් හා මනෝචිකිත්සක ප‍්‍රතිකාර"

කර්තෘ
එම්. එම්. රෝහණ වසන්ත




ශාන්තිකර්මයක් යනු යම් ව්‍යාධිමය තත්වයක පසුවන පුද්ගලයෙකු වෙනුවෙන් සිදුකරනු ලබන දේශීය ප‍්‍රතිකාර ක‍්‍රමයක් වශයෙන් හැඳින්වීම යුක්ති යුක්ත යැයි කිව හැකිය. මේ සඳහා අප බොහෝවිට භාවිත කරනු ලබන ශාන්තිකර්ම රැුසක් උඩරට, පහතරට හා සබරගමු යන සම්ප‍්‍රදායයන්හි අන්තර්ගතව ඇත. ප‍්‍රධාන වශයෙන් ශාන්තිකර්මවල දී භාවිත කෙරෙන හා අනුගමනය කෙරෙන ක‍්‍රියා සම්ප‍්‍රදායයන් කිහිපයක් වෙයි. නමුත්, ප‍්‍රත්‍යේක අධ්‍යයනයක් මගින් එහි පවතින යථාරූපී සත්‍යතාව මතුකර ගැනීමට උත්සාහ දැරීම මෙහි පවතින ප‍්‍රධාන අරමුණ වශයෙන් පෙන්වාදිය හැකිය.
මේ සඳහා යම් පුද්ගලයෙකු වෙනුවෙන් සිදු කරනු ලබන දෙහි කැපීමේ ශාන්තිකර්මයක් ප‍්‍රත්‍යේක අධ්‍යයනය නැතිනම් සිද්ධි අධ්‍යයනය ලෙස තෝරාගනු ලැබේ. මෙම අධ්‍යයනයේ දී අධ්‍යයනයට ලක් කරනු ලබන අංග කවරේදැයි පැහැදිළි කළ යුතුය.
ප‍්‍රථමයෙන්ම මේ සඳහා භාවිත කරනු ලබන ද්‍රව්‍යයන් කවරේද යන් හඳුනාගැනීම සිදු කිරීමට අපේක්‍ෂා කරනු ලැබෙයි. එසේම අනතුරුව එසේ භාවිත කරනු ලබන ද්‍රව්‍යයන්ගේ මූල ද්‍රව්‍යාත්මක සැකසීම කවර ආකාරයක් ගන්නේ ද යන්න පැහැදිලි කිරීමට අපේක්‍ෂා කෙරේ.
මෙම ද්‍රව්‍යයන්ගේ මූලද්‍රව්‍යාත්මක සැකසීම ඝන, ද්‍රව, වායු සහ අග්නි තත්වයන් අනුව විශ්ලේෂණය කිරීම මෙම කොටසේ දී සිදු කරනු ලබයි. එසේම තවදුරටත් ක්‍ෂුද්‍ර විශ්ලේෂණ ක‍්‍රමවේදයක් අනුගමනය කරමින් එම ද්‍රව්‍යයන්ගේ රසායනික මූලද්‍රව්‍යාත්මක සැකසීම පිළිබඳව කරුණු සාකච්ඡුා කිරීමට අපේක්‍ෂිතය.
මීළඟ කොටසේ දී මෙහි සිද්ධි අධ්‍යයනයේ (දෙහි කැපීමේ ශාන්තිකර්මයේ* ක‍්‍රියාකාරීත්වය අනුව පියවර වශයෙන් සිදු කරනු ලබන තෙරපුම් ක‍්‍රියාවලීන් හඳුනාගැනීමට අදහස් කරනු ලබයි. ඒවා වර්ණ තෙරපුම්, ශබ්ධ තෙරපුම් හා භාෂ්මික ධූම තෙරපුම් වශයෙන් වර්ගීකරණකට ලක්කොට හ\ුනාගැනීමට උත්සාහ ගනු ලැබෙයි.
x දෙහි කැපීමේ ශාන්තිකර්මය සඳහා භාවිත කරනු ලබන ද්‍රව්‍යයන් කවරේද යන්න
x එකී භාවිත කරන ද්‍රව්‍යයන්ගේ මූල ද්‍රව්‍යාත්මක ස්වභාවය
ඝන, ද්‍රව, වායු, අග්නි තත්ව විශ්ලේෂණය
රසායනික මූලද්‍රව්‍යාත්මක විශ්ලේෂණය
x එය සිදු කරන පියවර කවරේද යන්න
වර්ණ තෙරපුම් ක‍්‍රියාවලීන්
ශබ්ධ තෙරපුම් ක‍්‍රියාවලීන්
භාෂ්මික ධූම තෙරපුම්
x දෙහි කැපීමේ ශාන්ති කර්මයේ පවතින භෞතික හා අභෞතික ක‍්‍රියාවලීන් හඳුනා ගැනීම
දෙහි කැපීමේ ශාන්ති කර්මයේ දී සිදු කරන භෞතික ක‍්‍රියාවලීන් තුළ බාහිර පරිසරයේ සිදුවන රසායනික ප‍්‍රතික‍්‍රියාවන්
වර්ණ, ශබ්ධ හා භාෂ්මික තෙරපුම් ක‍්‍රියාවලීන් හමුවේ ඇතිවන රසායනික ප‍්‍රතික‍්‍රියාවන්
දෙහි කැපීමේ ශාන්ති කර්මයේ දී සිදු කරන භෞතික ක‍්‍රියාවලීන් තුළ පුද්ගල ශරීරයේ ඇති වන භෞතචිකිත්සක වෙනස්කම්
පුද්ගල ශරීරයේ ශක්ති චක‍්‍ර ආශ‍්‍රිතව
දේශීය වෛද්‍ය ක‍්‍රමය අනුව පුද්ගල ශරීරයේ නිල ආශ‍්‍රිතව
හෝර්මෝන ක‍්‍රියාකාරීත්වය
පුද්ගල මශ්තිෂ්කය ආශ‍්‍රිතව
අතීන්ද්‍රිය ප‍්‍රතිකාර ක‍්‍රමයක් වශයෙන් දෙහි කැපීම මනෝචිකිත්සක ප‍්‍රතිකාරයක් ලෙස භාවිත කිරීමේ උපයෝගීතාවය

සැන්දෑ තේවා මුරය - මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරය

සූර්ය නමස්කාරය

කවුද කියල දන්නවද?


දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න කමෙන්ට් එකක්.

සෑ මළුවට පිවිසෙන්නට පෙර...


මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරය







Thursday, August 26, 2010

ජගන්නාත් හෝරා පරිගණක මෘදුකාංගය භාවිත කොට කේන්ද්‍රයක් සාදාගන්නා ආකාරය සහ එම කේන්ද්‍රය ඇසුරු කොට පලාඵල කථනය කිරීමේ පාඩම්මාලාවක් සහිත විශේෂ උපදෙස් ලබාදීමේ උපකාරක පන්තියක්

ශ‍්‍රී ලාංකේය ජ්‍යෝතිෂවේදයෙහි හසළ කීර්තිමත් දැණුමක් අපේක්‍ෂාවෙන් පසුවන ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරන ලද විශේෂ උපදෙස් ලබාදීමේ උපකාරක පන්තියක් ජ්‍යෝතිර්විද්‍යාව පිළිබඳ වසර 22 ක ක්‍ෂේත‍්‍රයෙහි පළපුරුද්ද ඇති අප විසින් පැවැත්වීමට කටයුතු සදානම් කොට ඇත.

මසකට දෙවරක් සෙනසුරාදා සහ ඉරිදා දිනවල කොළඹ නගර ආශ‍්‍රිත දේශන ශාලාවක පන්ති පැවැත්වෙයි.

ඔබ වෙනුවෙන්ම විශේෂ පෞද්ගලික අවධානය යොමුකොට ඔබගේ කේන්ද්‍ර සටහන සැකසීමේ සිට විද්‍යාත්මක ශෛලීගත විධික‍්‍රම ඇසුරු කර ගනිමින් පලාඵල කථනය කිරීම තෙක් උපදෙස් මාලාවක් පැවැත්වීමට නියමිතය.

මේ සඳහා සහභාගී වීමට කැමති ඔබ ලියාපදිංචිවීම සඳහා අදම අමතන්න.
(071-4161082-එම්. එම්. රෝහණ වසන්ත)

Wednesday, August 25, 2010

ජගන්නාත හෝරා ජ්‍යොතිෂ මෘදුකාංගය


වෛදික ජ්‍යෝතිෂයට අයත් සියළු වර්ග චක‍්‍ර, ගණනය කිරීම්, සියළු ග‍්‍රහයින්ගේ ස්ඵුට ගණනය, භාවස්ඵුට, සුදර්ශන චක‍්‍ර ගණනය විවිධ දශා වර්ග ගණනය, තත්කාල ග‍්‍රහ ගණනය ආදී ඉතා සරල හා අති සංකීර්ණ ජ්‍යෝතිෂ මෘදුකාංගයක් වශයෙන් හඳුනාගත හැකි මෘදුකාංගයක් වශයෙන් ජගන්නාත හෝරා මෘදුකාංගය හඳුන්වාදීමට පුළුවන. එසේම මෙම මෘදුකාගයෙන් පලාඵල කථනයක් සිදු නොකරන අතර ගණිතකර්මාදී කටයුතු සියල්ල පමණක් මින් සිදු කෙරේ. මෙම මෘදුකාංගය බාගත කරගැනීම සඳහා මෙම ලිපියේ මාතෘකාව මත වරක් ඔබන්න.

This tool can draw all divisional charts in vedic method, calculate all sublords of planets and cusps in K.P ,display Dasas according our choice of calender and Ayanamsa

Jagannatha Hora

Complete Horoscope Drawing tool for all methods by P.V.R. Narasimha Rao



Tuesday, June 22, 2010

චතුරාර්ය සත්‍ය හා ජ්‍යෝතිෂය


"ඉමස්මිං යේව බ්‍යාමමත්තකේ කලේබරේ ලෝකං ච ලෝක සමුදයං ච ලෝක නිරෝධං ච පඤ්ඤපේමි” (අංගුත්තරනිකාය, චතුක්ක නිපාතය, ලෝක සූත‍්‍රය) යනුවෙන් දේශනා කරන ලද බුද්ධ භාෂිත දේශනා පාඨය දෙස විමසිල්ලෙන් බලන විට දී පෙනී යන ප‍්‍රධාන කරුණක් ඇත. එනම්, ලෝකය, ලෝකයේ සම්භවය, ලෝක විනාශය හා ලෝක විනාශයට මග යන කරුණු සතර බඹයක් පමණ වූ මනුෂ්‍යයාගේ ශරීරය පදනම් කර ක‍්‍රියාත්මක වන බව මෙහි පෙන්වා දී ඇති බවය. එසේම ජ්‍යොතිෂය දෙස බැලීමේ දී එහි ද මනුෂයාගේ ශරීරය පදනම් කර ගත් කරුණු විග‍්‍රහ කිරීමක් දක්වා ඇත. ඒ කාල පුරුෂයාගේ අවයව කේන්ද්‍රයේ කොටු දොළසින් නියෝජනය වන බව දැක්වෙන අවස්ථාවයි.

( කාලාඞගානි චරාඞග මානනමුරො - හෘතෙක‍්‍රාඩ වාසොභෘතො

වසතිර්ව්‍යංජනමුරුජානු යුගලෙ ජංෙඝ් තතොංඝ‍්‍රීද්වයම්

මේෂාශ්වි ප‍්‍රථමා නවකර්ෂ චරණ චක‍්‍රස්ථිතා රාශයො

රාශි ක්‍ෂෙත‍්‍ර ගෘහකර්ෂ භානි භවනං වෛකාර්ථ සමප‍්‍රත්‍යයා:

මේෂය අස්විදය ආදී කොට ඇත්තා වූ දොළොස් රාශීහු වනාහි අස්විදාදී නැකැත් පාද නවය ගෝචර කරගෙන චක‍්‍රාකාරව සිටිති. මේෂාදී රාශි පිළිවෙළින් කාල පුරුෂයාගේ හිසය, මුහුණය, උරය, හෘදය, බඩය, උකුලය, වස්තිය, ලිංගය, කළවා දෙකය, දෙදනය, කෙන්ඩා දෙකය, දෙපතුලය කියති. රාශිය ක්‍ෂෙෂ්ත‍්‍රය ගෘහය, සෘක්‍ෂය, භය, භවනය යන මේ නාම ඒකාර්ථදායක නාමයෝය. (එනම් මෙකී නාම සියල්ලම රාශිවලට සමානාර්ථ නාමයි)

Brihat Jataka of Varaha - Mihira (1930), Don David Jayamanna (ed.), Colombo: Don David Jayamanna, p.2 (Published in Sinhala and only Title page in English)&'

මේ අනුව පහත දැක්වෙන අයුරින් එය විග‍්‍රහ කර ඇති බව පෙන්වාදිය හැකිය.


1 මේෂ - හිස

2 වෘෂභ - මුහුණ

3 මිථුන - උරය

4 කටක - හෘදය

5 සිංහ - බඩ

6 කන්‍යා - උකුල

7 තුලා - වස්තිය

8 වෘශ්චික - ලිංගය

9 ධනු - කළවා දෙක

10 මකර - දෙදන

11 කුම්භ - කෙන්ඩා දෙක

12 මීන - දෙපතුල


මීළඟට අප විමසා බැලිය යුත්තේ මෙම කේන්ද්‍රයේ දැක්වෙන කොටු දොළසින් පෙන්වා දෙන කාල පුරුෂයාගේ අවයව හා ලෝක විභාගය කෙසේ අර්ථ විග‍්‍රහ කර ගත යුතු ද යන්නයි। ලෝක විභාගයට අනුව ලෝකය අවස්ථා හතරකින් සම්භවයත් විනාශයත් දක්වා ඇත.


1 ලෝකය

2 ලෝක සම්භවය

3 ලෝක විනාශය

4 ලෝක විනාශයට මග යනුවෙන් එය දක්වා ඇත।


මෙහි දක්වා ඇති අවස්ථා හතර අර්ථ, ධර්ම, කාම සහ මෝක්‍ෂ යන චතුර්විධ සංකල්පය හා බද්ධ කර විමසා බැලිය හැකිය।


1 ධර්ම ත‍්‍රිකෝණය 1 (මේෂ - හිස), 5 (සිංහ - බඩ), 9 (ධනු - කළවා දෙක)

2 අර්ථ ත‍්‍රිකෝණය 2 (වෘෂභ - මුහුණ), 6 (කන්‍යා - උකුල), 10 (මකර - දෙදන)

3 කාම ත‍්‍රිකෝණය 3 (මිථුන - උරය), 7 (තුලා - වස්තිය), 11 (කුම්භ - කෙන්ඩා දෙක)

4 මෝක්‍ෂ ත‍්‍රිකෝණය 4 (කටක - හෘදය), 8 (වෘශ්චික - ලිංගය), 12 (මීන - දෙපතුල)


මෙහි මෝක්‍ෂ ත‍්‍රිකෝණය සෘජුවම අපට ලෝක විනාශය හා සැසඳිය හැකිය। එසේම කාම ත‍්‍රිකෝණය ලෝකය ලෙසින් නැතහොත් ලෝකයේ පැවැත්ම ලෙසින් පෙන්වාදිය හැකිය. අර්ථ ත‍්‍රිකෝණය ලෝක සම්භවය වශයෙන් අරුත් ගැන්විය හැකිය. ධර්ම ත‍්‍රිකෝණය ලෝක විනාශයට මාවත පෙන්වන බව දැක ගත හැකිය.


1 ධර්ම ත‍්‍රිකෝණය 1 (මේෂ - හිස), 5 (සිංහ - බඩ), 9 (ධනු - කළවා දෙක) - ලෝක විනාශයට මග

2 අර්ථ ත‍්‍රිකෝණය 2 (වෘෂභ - මුහුණ), 6 (කන්‍යා - උකුල), 10 (මකර - දෙදන) - ලෝකය

3 කාම ත‍්‍රිකෝණය 3 (මිථුන - උරය), 7 (තුලා - වස්තිය), 11 (කුම්භ - කෙන්ඩා දෙක) - ලෝක සම්භවය

4 මෝක්‍ෂ ත‍්‍රිකෝණය 4 (කටක - හෘදය), 8 (වෘශ්චික - ලිංගය), 12 (මීන - දෙපතුල) - ලෝක විනාශය

මේ රාශි අනුව පෙන්වන විග‍්‍රහයයි।


අනතුරුව ක්‍ෂේත‍්‍ර හෙවත් භාව නියෝජනයන් අනුව අර්ථ, ධර්ම, කාම හා මෝක්‍ෂ ත‍්‍රිකෝණයන් විග‍්‍රහ කර ගත යුතු වෙයි।


1 ධර්ම ත‍්‍රිකෝණය 1 (ලග්න භාව - තනු), 5 (සිංහ - පුත‍්‍ර/ශිලපස්ථාන), 9 (ධනු - පුණ්‍යස්ථාන)

2 අර්ථ ත‍්‍රිකෝණය 2 (වෘෂභ - කුටුම්භ), 6 (කන්‍යා - අරිස්ථාන), 10 (මකර - කර්මස්ථාන)

3 කාම ත‍්‍රිකෝණය 3 (මිථුන - සහජස්ථාන), 7 (තුලා - පත්නිස්ථාන), 11 (කුම්භ - අයස්ථාන)

4 මෝක්‍ෂ ත‍්‍රිකෝණය 4 (කටක - බන්ධුස්ථාන), 8 (වෘශ්චික - මරණස්ථාන), 12 (මීන - වැයස්ථාන)

(Brihat Jataka of Varaha - Mihira (1930), Don David Jayamanna (ed.), Colombo: Don David Jayamanna, p.13 (Published in Sinhala and only Title page in English)'


ධර්ම ත‍්‍රිකෝණය තුළ භෞතික ශරීරය ද ප‍්‍රති නිශ්පාදනය හා ඊට අවශ්‍ය කරන ශිල්පීය දැණුම ද හා එහිලා බලපවත්වන්නා වූ පෙර කරන ලද හොඳ සහ නරක යන ක‍්‍රියාවන්ට අනුරූප විපාකයාගේ ස්වභාවය ද පෙන්නුම් කර ඇත।


අර්ථ ත‍්‍රිකෝණයෙහි සිය කුටුම්භය හෙවත් පවුල් සංස්ථාවෙහි ස්වභාවය, පවුල් සංස්ථාවෙහි පැවැත්මට බාධක සතුරු බලවේග කවරේද යන්න සහ කර්මානුරූප ජීවනෝපාය මාර්ගයෙහි ගමන් කිරීම හෙවත් ජන්මියාගේ ප‍්‍රභවයට බලපාන ලද කර්මයෙහි ගැටීම් ස්වභාවය නොඑසේ නම් පිතෘ සාධකය පෙන්වා දෙයි।


කාම ත‍්‍රිකෝණය සහජ හැකියාවන්ගේ ස්වභාවය, පසිඳුරන් පිනවීම හෙවත් කාම සේවා ආයතනය, ඒ සඳහා බලපවත්වන්නා වූ අය මාර්ග කවරේද යන්න පෙන්වා දෙයි।


මෝක්‍ෂ ත‍්‍රිකෝණය වනාහි බන්ධු හෙවත් මාතෘකාරකත්වය නැතහොත් ජන්මියාගේ ප‍්‍රභවයට බලපාන ලද කර්මයෙහි ඇලීම් ස්වභාවය සේම එහිලා බලපවත්වන ආහාර, වාසස්ථාන හා ඇඳුම් පැළඳුම් යන මූලික අවශ්‍යතා පූරණයට ඇති සක්‍යතාව ද භෞතික ශරීරයේ බිඳීයාම හෙවත් විනාශය ද භෞතිකත්වය ඉක්ම වූ ක්‍ෂයවීම ද පෙන්නුම් කරන ස්ථාන ලෙස පෙන්වාදිය හැකිය।


එසේම මෙම කේන්ද්‍ර කොටු දොළස චතුරස‍්‍ර තුනක් වශයෙන් ද අපන්වා ඇත। මෙම චතුරස‍්‍ර තුන පැහැදිළිව සතර මහා භූත තත්වයන් අනුව විග‍්‍රහ කොට ඇත.


1 ධර්ම ත‍්‍රිකෝණය 1 (ලග්න -මේෂ), 5 (සිංහ), 9 (ධනු) - තේජෝ (උෂ්ණත්වය)

2 අර්ථ ත‍්‍රිකෝණය 2 (වෘෂභ), 6 (කන්‍යා), 10 (මකර) - පඨවි (දැඩි)

3 කාම ත‍්‍රිකෝණය 3 (මිථුන), 7 (තුලා), 11 (කුම්භ) - වායෝ (විසිරෙන)

4 මෝක්‍ෂ ත‍්‍රිකෝණය 4 (කටක), 8 (වෘශ්චික), 12 (මීන) - ආපෝ (වැගිරෙන)


ධර්ම ත‍්‍රිකෝණය තුළ භෞතික ශරීරය ද ප‍්‍රති නිශ්පාදනය හා ඊට අවශ්‍ය කරන ශිල්පීය දැණුම ද හා එහිලා බලපවත්වන්නා වූ පෙර කරන ලද හොඳ සහ නරක යන ක‍්‍රියාවන්ට අනුරූප විපාකයාගේ ස්වභාවය ද පෙන්නුම් කර ඇති බව පෙර සඳහන් කළෙමු। එහිලා උෂ්ණත්වයේ සම විසමතාවන්ගේ බලපෑම මත ක‍්‍රියාකාරීත්වය රඳා පවතියි.


අර්ථ ත‍්‍රිකෝණයෙහි සිය කුටුම්භය හෙවත් පවුල් සංස්ථාවෙහි ස්වභාවය, පවුල් සංස්ථාවෙහි පැවැත්මට බාධක සතුරු බලවේග කවරේද යන්න සහ කර්මානුරූප ජීවනෝපාය මාර්ගයෙහි ගමන් කිරීම හෙවත් ජන්මියාගේ ප‍්‍රභවයට බලපාන ලද කර්මයෙහි ගැටීම් ස්වභාවය නොඑසේ නම් පිතෘ සාධකය පෙන්වා දෙයි. මේ සඳහා දැඩි, රළු, ස්වභාවයන්ගේ ක‍්‍රියාකාරීත්වය මත එම තත්වයන්ගේ පැවැත්ම තීරණය වෙයි।


විසිරෙන, පැතිරෙන හා චලනය යන අවස්ථානුගත ස්වභාවය මත කාම ත‍්‍රිකෝණයේ ක‍්‍රියාකාරීත්වය රඳා පවතී. සහජ හැකියාවන්ගේ ස්වභාවය, පසිඳුරන් පිනවීම හෙවත් කාම සේවා ආයතනය, ඒ සඳහා බලපවත්වන්නා වූ අය මාර්ග කවරේද යන්න යනාදිය සඳහා විසිරෙන, පැතිරෙන හා චලනය වීම අත්‍යාවශ්‍ය කරුණකි।


මෝක්‍ෂ ත‍්‍රිකෝණය වැගිරෙන ධර්මතාවන් අනුව යමින් බන්ධු හෙවත් මාතෘකාරකත්වය නැතහොත් ජන්මියාගේ ප‍්‍රභවයට බලපාන ලද කර්මයෙහි ඇලීම් ස්වභාවය සේම එහිලා බලපවත්වන ආහාර, වාසස්ථාන හා ඇඳුම් පැළඳුම් යන මූලික අවශ්‍යතා පූරණයට ඇති සක්‍යතාව ද භෞතික ශරීරයේ බිඳීයාම හෙවත් විනාශය ද භෞතිකත්වය ඉක්ම වූ ක්‍ෂයවීම ද යනාදිය ක‍්‍රියාත්මක කරන ස්ථාන ලෙස පෙන්වාදිය හැකිය।


එසේම මෙම භාවස්ථාන උප්පාද, ඨිති, භංග යන අවස්ථා තුන නියෝජනය කරන භාවස්ථාන වශයෙන් ද පෙන්වා දිය හැකිය।


උප්පාද ඨිති භංග

1 ධර්ම ත‍්‍රිකෝණය 1 (මේෂ - හිස ), 5 (සිංහ - බඩ), 9 (ධනු - කළවා දෙක)

2 අර්ථ ත‍්‍රිකෝණය 2 (වෘෂභ - මුහුණ), 6 (කන්‍යා - උකුල), 10 (මකර - දෙදන)

3 කාම ත‍්‍රිකෝණය 3 (මිථුන - උරය), 7 (තුලා - වස්තිය), 11 (කුම්භ - කෙන්ඩා දෙක)

4 මෝක්‍ෂ ත‍්‍රිකෝණය 4 (කටක - හෘදය), 8 (වෘශ්චික - ලිංගය), 12 (මීන - දෙපතුල)


මෙහිදී හිස, මුහුණ, උරය, හෘදය යන ස්ථාන යමක ඉපදීම සඳහා ක‍්‍රියාත්මක වශයෙන් බලපාන ධර්මතා වශයෙන් පෙන්වාදිය හැකිය. තවද බඩ, උකුළ, වස්තිය හා ලිංගය යන ස්ථාන පැවැත්ම නියෝජනය කරමින් එහිලා ක‍්‍රියත්මක වන බව දැකගත හැකිය।


භංග හෙවත් විනාශ ස්වභාවය දෙකළවාවලින් ද දෙදනෙන් ද දෙකෙන්ඩාවලින් ද සහ දෙපතුළෙන් ද යන ස්ථාන ඇසුරු කරමින් ක‍්‍රියාත්මක වන බව ද දැක ගත හැකිය।



මෙම අවස්ථා භාවස්ථාන සමග සන්සන්දනය කර බැලීමේ දී තවදුරටත් මෙම තත්වය පැහැදිළිව තේරුම් ගත හැකිවනු ඇත।


උප්පාද ඨිති භංග

1 ධර්ම ත‍්‍රිකෝණය 1 (ලග්න භාව - තනු), 5 (සිංහ - පුත‍්‍ර/ශිලපස්ථාන), 9 (ධනු - පුණ්‍යස්ථාන)

2 අර්ථ ත‍්‍රිකෝණය 2 (වෘෂභ - කුටුම්භ), 6 (කන්‍යා - අරිස්ථාන), 10 (මකර - කර්මස්ථාන)

3 කාම ත‍්‍රිකෝණය 3 (මිථුන - සහජස්ථාන), 7 (තුලා - පත්නිස්ථාන), 11 (කුම්භ - අයස්ථාන)

4 මෝක්‍ෂ ත‍්‍රිකෝණය 4 (කටක - බන්ධුස්ථාන), 8 (වෘශ්චික - මරණස්ථාන), 12 (මීන - වැයස්ථාන)


ධර්ම ත‍්‍රිකෝණයේ උප්පාද අවස්ථාව භෞතික ශරීරය ගොඩනැගීම සිදු කරයි। එසේම ප‍්‍රතිනිශ්පාදනය හා ශිල්පීය ඥාන ගවේශනය ධර්ම ත‍්‍රිකෝණයේ පැවැත්ම තහවුරු කරයි. තවදුරත් ධර්ම ත‍්‍රිකෝණයේ විනාශයට බලපාන පෙර කරන ලද පුණ්‍ය පාප ශක්තීන්ගේ ස්වභාවය භංගස්ථානගත භාවය පෙන්වා දෙයි.


අර්ථ ත‍්‍රිකෝණයේ ද හටගැන්ම කුටුම්භ ආයෝජන ධනය මත සිදුවෙයි। එහි පැවැත්ම ඊට ඇතිවන බාධක තුළින් ගොඩ නැගෙන බව එහි ස්ථාන ගත අරි නැතහොත් රෝග/ සතුරු භාව තුළින් පෙන්නුම් කරයි. අර්ථ ත‍්‍රිකෝණයේ විනාශය රඳා පවතින්නේ කර්මානුරූප ක‍්‍රියාකලාපයන් මත හෙවත් පිතෘ සාධකය මත බව පැහැදිළි කර ගත හැකිය.


කාම ත‍්‍රිකෝණයේ හටගැන්ම හැකියාවන් නැතහොත් කුලතාවන් තුළින් ගොඩ නැගෙයි। පසිඳුරන් පිනවීම සඳහා වන පංච කාම සේවනය දක්වන හත්වන භාවය තුළින් කාම ත‍්‍රිකෝණයේ පැවැත්ම තහවුරු කරයි. කාම ත‍්‍රිකෝණයේ විනාශය සඳහා බලපාන අයමාර්ග සහ දෙවන විවාහය පිළිබඳව කියවෙන එකොළොස්වන භාවය තුළ පෙනෙන නියෝජන අවස්ථාව තුළින් පැහැදිළිව වෙයි.


මෝක්‍ෂ ත‍්‍රිකෝණය හටගනු ලබන්නේ මාතෘකාරකත්වය හෙවත් ඇඳුම් පැළ\ුම්, ආහාරපාන, වාසස්ථාන සහ බෙහෙත් හේත් ආදිය හිමිව සිටීමෙහි ශක්‍යතාව මතයි. මූලිකව බුදුරදුන් චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිළානප‍්‍රත්‍ය යන සිව්පසය භික්‍ෂූන්ට මෝක්‍ෂ ගවේශනයේ දී මැදහත් ඉවසීමෙන් යුතුව පරිහරණයට අනුදැන වදාරන ලද්දේ මේ නිසාය।


එසේම මෝක්‍ෂ ත‍්‍රිකෝණය කාය භේදනය නැතහොත් මරණය යන අවස්ථාව සමගින් එහි පැවැත්ම තහවුරු කර ගනිමින් ක‍්‍රියාත්මක වෙයි। මෝක්‍ෂ ත‍්‍රිකෝණයේ විනාශ ස්වභාවය තීරණය වන්නේ ලෝකෝත්තර අධිගමයක් හෙවත් නිර්වාණාවබෝධය සමගිනි। ක්‍ෂයස්ථානය තුළ පවතින තත්වයන් මත මෙකී ලෝකෝත්ර මෝක්‍ෂ සාධනය හෙවන් සංස්කාරයාගේ පූර්ණ නිවීම සඳහා සත්වයාට බලපාන අයුරු පෙන්වා දෙයි।


යමෙකුගේ කේන්ද්‍ර සටහනෙහි දැක්වෙන භාව දොළස ලෝක සූත‍්‍ර ගත ලෝක විභාගයට අනුව විග‍්‍රහ කර ඔහු හෝ ඇයගේ අර්ථ ක‍්‍රියාවලියත්, ධර්ම ක‍්‍රියාවලියත්, කාම ක‍්‍රියාවලියත් හා මෝක්‍ෂ ක‍්‍රියාවලියත් යන ක‍්‍රියා අවස්ථා හතරෙහි උප්පාද, ථිති සහ භංග යන තත්වයන් කවර ආකාරයකට සිදුන්නේ ද යන්න පැහැදිළි කර ගැනීම සඳහා මෙම කාල පුරුෂයාගේ අවයවයන්ට අදාළ රාශි අධිපති ග‍්‍රහයන් ද ඔවුන් තැන්පත් වූ ස්ථාන අනුව ඔවුන්ගේ උච්ච, නීචා දී බල දුබලතාවන් ද හා ඔවුනොවුන්ගේ අරගලා දී (ග‍්‍රහ යුද්ධ) තත්වයන් මත පුද්ගලයාට අත්වන ඉරණම දෙස චතුරාර්ය සත්‍ය විශ්ලේෂණ ප‍්‍රවේශයක් සමගින් විග‍්‍රහ කර ගන්නේ නම් එය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස වන්නා වූ මැදුම් පිළිවෙතක් ලෙසින් පෙන්වා දිය හැකි අතර ජ්‍යොතිෂය එහිලා පිටිවහල් කර ගත හැකි බව ද මෙහි දී පෙන්වා දිය හැකිය।


එම්. එම්. රෝහණ වසන්ත

0714161082

wasantha2010@gmail.com

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්