Monday, October 26, 2009

සතියේ කල දවස ... පිළිබද කතිකාව ගැන අපගේ අදහස ...



හිතවත් පාඨක අදහසක් අප වෙත යොමු කිරීම පිළිබද පළමුව Sheran සොයුරාට ස්තුතිය පළ කරමි.



Blogger Sheran said...



මට පොඩි අදහසක් ආවා ඒ තමයි පුලුවන්නම් සතියේ කල දවස ඒ ඒ ලග්න වල දැම්මොත් හොදයි හිතෙනවා..
ඒක හැමෝටම වැඩක් ඇතිවෙනවා.
October 26, 2009 1:01 AM



සතියේ කල දවස ඒ ඒ ලග්නවලට බලපාන ආකාරය ගැන පලාඵල කථනයක් ඉදිරිපත් කිරීමට අදහසක් අප වෙත කළින් තිබූ නමුත් ඒ පිළිබද වඩාත් පැහැදිළි අවබෝධයකින් යුතුව එය පළ නොකිරීමට අදහස් කළෙමු.  


මෙයට ප්‍රධාන හේතුව ලෙස අප දකින්නේ පාඨකයා තම තමන්ගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් සහ පුද්ගල කේන්ද්‍රයට අනන්‍ය වූ දෑ පිළිබද අවබෝධයෙන් යුතු නොවී ලෝකයේ පුද්ගලයින් දොළොස් දෙනෙකුගෙන් එක් අයෙකුට අත්විය හැකි සම්භාවිතා ප්‍රකාශයකින් තෘප්තිමත් කරවීමේ හුදු පාඨක පිනවීමේ ප්‍රචාරණ මාධ්‍යයන් ගණයට අප ඇතුළත් නොවීමට අදහස් කරන බැවින් මෙය අප බ්ලොග් අඩවියේ ඇතුළත් නොකිරීමට අදහස් කරනු ලබන බව කිව යුතුය.  




එසේම වාර්ෂිකව පුද්ගල අනන්‍යතාවයට ගැළපෙන විශ්ව ග්‍රහ සිතියමත් තම ‍උපන් දිනයේ පැවති විශ්ව ග්‍රහ සිතියමත් අනුව වාර්ෂිකව ජ්‍යෝතිර්වේදියෙකු ලවා කර ගනු ලබන පලාඵල කථනයක අවශ්‍යතාවය අවධාරණය කරන අතර ඒ සදහා අප වෙත පමණක් යොමුවිය යුතු නැති බව ද ප්‍රකාශ කරමි.  


අප ජ්‍යොතිර්විද්‍යාව ගුරු කොට සලකා කටයුතු කරන බැවින් එහි නියැලෙන ඕනෑම අයෙකුට එහි ප්‍රතිඵල අත්විදීමට හා ඥානාවබෝධය ලැබීමට සැමට අත්වේවායි ප්‍රාර්ථනා කරන බැවිනි.


Wisdom for All



අකුරු කියවීමට පෙර සරස්වතී සහ ගණ දෙවියන් උදෙසා පූජාව තබන පිළිවෙළ...





අකුරු කියවීමට පෙර සරස්වතී සහ ගණ දෙවියන් උදෙසා පූජාව තබන පිළිවෙළ නිර්මාංශව කළ යුතු මෙම පූජා පිළිවෙල තරමක් දුෂ්කර එකක් විය හැකිය. නමුත් උසස් ප‍්‍රතිඵල ලබාගැනීමට නම් කැපවීමෙන් නිර්මාශවම එය කළ යුතුය. සර්ස්වතී පූජාව තබන විට දී මූලිකව පිරිසිදු ආසනයක් පිළියෙළ කර එය යකඩ ඇණ නොගැසූ එකක් වීම අත්‍යවශ්‍ය කරුණකි. 


පළමුව සුදු රෙද්දක් එළා ඒ මත කෙසෙල් කොලයක් තබන්න. සරස්වතී පූජාව තැබීමේ දී සරස්වතී දේව මෑණියන්ගේ හා ගණ දෙවිඳුන්ගේ රූපයක් ඒ අසළ තැබීමෙන් උසස් ප‍්‍රතිඵල අත්කරගත හැකිය. එම ආසනයෙහි සමන් පිච්ච, ගැට පිච්ච හෝ දෑසමන් මල් හැකි තරමින් තැබීම අවශ්‍ය ‍වේ. 


මූලිකව මැටි පහනක් බුලත් කොලයක් මත තබන්න. එම බුලත් කොලයේ උරච්චිකරන ලද සුදු හඳුන් ටිකක් ගාන්න. එසේම තවත් බුලත් කොල 9ක් කෙසෙල් කොලය මත රවුම් හැලයට නැටි පිටතට සිටින සේ හා අගිස් මැදට සිටින සේ තබන්න. එම බුලත් කොල මත ද උරච්චි කරන ලද සුදු හඳුන් ටික ටික ගාන්න. සෑම බුලත් කොලයක් මතම පඩුරු කාසිය බැගින් තබන්න.  


අනතරුව එම බුලත් කොල මත දැ සමන් මල් ටික ටික අතුරා ගස්ලබු (පැපොල්) අතහැර ද අන්නාසි සමගින් පළතුරු 9ක් වන සේ තබන්න. කැවිලි වර්ග ද 9ක් තබන්න. ‍මෙම සියළු පළතුරු ගෙඩි පූජාව තබන විට දී මෙන් ගෙඩි පිටින් ඇස්ස පමණක් කපා තැබිය යුතුය.



පූර්වකෘත්‍ය 

  • දේවතාරාධනාව  
සග්ගේ කාමේ ච රූපේ ගිරි සිඛර තටේ චාන්තලික්ඛේ විමානේ දීපේ රට්ඨේ ච ගාමේ තර වන ගහනේ ගේහ වත්ථුම්හි කෙත්තේ භුම්මා’චායන්තු දේවා ජලතල විසමේ යක්‍ඛ ගන්ධබ්බ නාගා තිට්ඨන්තා සන්තිකේ දං මුණිවර වචනං සාධවෝ මේ සුනන්තු  



  • සර්ව ලෝක දේවාරාධනා දේව වරම් ගැනීමේ මන්ත‍්‍රය - 21 වර  

ඕං ගුරු වරං ගුරු පත‍්‍රකාලී වරං සුර වරං සුර පත‍්‍රකාලී වරං අසුර වරං අසුර පත‍්‍රකාලී වරං දේව වරං දේව පත‍්‍රකාලී වරං නාග වරං නාග පත‍්‍රකාලී වරං කෛලාසන වරං කෛලාසන ගුරු ධාරනේ වරං යන්ත‍්‍ර වරං යන්ත‍්‍ර මන්ත‍්‍ර වරං ශ‍්‍රී විෂ්ණු වරං ශ‍්‍රී විෂ්ණු නාරායනේ වරං ආකාශ වරං ආකාශ සූර්යානේ වරං චන්ද්‍ර වරං චන්ද්‍ර පත්ම කෛලාසනේ වරං භූම වරං භූම ජල මහීකාන්තා දේවගුරු දැපනේ වරං ඊශ්වර වරං ඊශ්වර මහේශ්වර වරං ක‍්‍රතේශ්වර නාථේශ්වර වරං ශ‍්‍රී විෂ්ණු වරං ශ‍්‍රී විෂ්ණු කන්දකුමාර වරං සත් පත්තිනි වරං සත්පත්තිනි ගිණි දෙවොල් වරං වෙසමුණි වරං වෙසමුණි දැඩිමුණ්ඩ වරං නවග‍්‍රහ වරං නවග‍්‍රහ නමදෙනා වරං හනුමා වරං හනුමා පත‍්‍රකාලී වරං සරස්වතී වරං සරස්වතී මෝහිනී වරං බහිරවී වරං බහිරවී ශ‍්‍රියාදේවී වරං ඔඞ්ඩියා වරං ඔඞ්ඩියා ඉරලා වරං යක්‍ෂයා වරං යක්‍ෂණී වරං හිමාල වරං හිමාල ජල වරං පර්වත වරං පර්වත වෘක්‍ෂ වරං සර්වාංග වරං සර්වාංග ප‍්‍රාණ වරං ඉරු රැස් වරං සඳු රැස් වරං බුද්ධ රශ්මීන් ආලෝක ජීවප‍්‍රාණ, සර්ව ලෝක දේවාරාධනා, නමස්කාර වර වර නමාමි, නම:  


දැන් පන්සිල් දී ආතුරයින් සමග බුදුන් වඳින්න. ආතුරයින් බුදුන් සරණ ගියවුන් නොවේ නම් තමා, පන්සිල් සමාදන්ව මවුට පියාට ගුරුන්ට වැඳ දෙවියන්ට පින් දී කහදිය කොතලය ජීවම් කර තමා ද නළලේ ගල්වා සිටින ආතුරයින් ඇතුළු සෑම දෙනාගේ ද නළලේ ගල්වා සරස්වතී පූජාව ආරම්භ කරන්න.  


කහදිය කොතලය ජීවම් කිරීම සඳහා සිවවටුක මන්ත‍්‍රය  

ඕං චණ්ඩ ප‍්‍රචණ්ඩ මහා බහිරවාය භය භයානක උග‍්‍ර චණ්ඩ කෝපාග්නි වේච රූපාය ත‍්‍රිනේත‍්‍ර රුද්‍රාය දන්තෝත්කට දීර්ඝාය, විවෘත මුඛාය ජ්වල ජ්වලිතාය නක නක මේඛලාදාම විභූෂණාය සකල දෛත්‍යංග සංහාර සකලායුධ පරිපූර්ණ දශ හස්ථාය භෝ බහිරවාය ඕං රාං වං රීං විං රූං වඃ ශ‍්‍රී ක්ලින් බහිරවාය සර්ව යක්‍ෂ රාක්‍ෂ පිසාච කුම්භාණ්ඩ මහෝරග ප‍්‍රලාය, සර්ව පරව්ශද ප‍්‍රමන්ත‍්‍ර ප‍්‍රතන්ත‍්‍ර ප‍්‍රවිද්‍යා ෙඡ්දන කරාය ඕං හුං හුං පට් පට් ස්වාහඃ  


කහදිය කොතලය ජීවම් කිරීම සඳහා නවකුණ්ඩරාජ මන්ත‍්‍රය 

ඕං නමඃ ශ‍්‍රී ඝනාය නමඃ සර්වඥාය හරිහරාය රාග ද්වේශනාය හරිහරාය නව කුණ්ඩරාජයාය. ඕං හ‍්‍රීං දේවයෙන් නමඃ රතනත‍්‍රයෙන් නමඃ ඕං හ‍්‍රීං ඊශ්වර වජ‍්‍ර විෂ විනාසනී ඊශ්වරී නීශ්වරී කෝටි දෝෂනී වාරුණී වාරුණී ප‍්‍රකට ප‍්‍රකෝටි වීර භද්‍ර සිංහ නේක කාලී ඕං කාලී ඊශ්වර කාලී විකයණ්ඩි විරූපාක්‍ෂී ධ‍්‍රැතරාෂ්ඨී භුවනේශ්වරී බාලග‍්‍රී බලගන බලදේවී සිද්ධි යෝගී ඝනේශ්වරී චාමුණ්ඩි ලක්‍ෂ්මී සක‍්‍රීන් සැක්ක‍්‍රාන් මාතාංගී මාතාංග දේවී කාල රාත‍්‍රී උමා පතී ගුහාර දේවී පාතාල දේවී එන්මෝහිනී මහා මෝහිනී නාරායන වීරභද්‍ර දේවී වාතාජ්වර පිතාජ්වර ස්ලේශ්මාසාජ්වර සන්නිපාතාජ්වර දුෂ්ටපානාජ්වර සාදාරව හන හන දහන දහන මත මත චම්ප චම්ප විද්‍යාමනෝහාරය විද්‍යමනෝහාරය කර්ණ කර්ණ වර්ණ වර්ණ උච්ඡාටන උච්ඡාටන ත්‍රෝෂ්ටං ත්‍රෝෂ්ටං නව අරහං මෘග සූකර ව්‍යාඝ‍්‍ර සර්ප විෂ විනාසාය ප‍්‍රමන්ත‍්‍ර ෙඡ්දනාය ප‍්‍රවිද්‍යා ෙඡ්දනාය භගවතී භගවතී ගෝතමී ගෝතම මුණී යක්‍ෂ භය චෝර භය මාර භය විෂ විනාසනී තක්‍ෂලී තක්‍ෂලී තමට තමට චලිත චලිතතට තට නශ්ඨ නශ්ඨ ඕං ටඃ හ‍්‍රීං ටඃ ගෞ ටඃ චක‍්‍ර වාලාය චක‍්‍රවාලාය කපාලය කපාලය සූර්ය ප‍්‍රලයාය සරණාය නවන්දිනාය ජීව දේවනී අංගුලිමාල මහා කාලී නමෝ ඉන්ද්‍රනීල මහා බහිරවී ආදි බහිරවී ආමා බහිරවී ඊමා බහිරවී ප‍්‍රකට බහිරවී ඝෝර බහිරවී මාර බහිරවී බහිරව දේවී බහිරව රාක්‍ෂී නාලා ඉරත්තු පත්තේට්ටු විෂාදි විෂ සූනියං ප‍්‍රමන්ත‍්‍ර ප‍්‍රතන්ත‍්‍ර ප‍්‍රවිද්‍යා ෙඡ්දනකාරී ශ‍්‍රී නාරායන බ‍්‍රහ්මනී කෞමාරි දේවතාවී ප‍්‍රකෝටි විෂ විනාශනී ආඝෝර මුණිවර සරනි රාජ මන්ත‍්‍රී ශාන්ති කව්වේද මන්ත‍්‍ර භූවනී මහා මන්ත‍්‍ර ද්වේෂනී භ‍්‍රහ්මනී බ‍්‍රහ්මනී කෝටි ගුණ දේවේන්ද්‍ර නවකුණ්ඩ රාජයා සිද්ධි කර සිද්ධි සිද්ධී ඒස්වාහඃ  


කහදිය කොතලය  


ස්වස්ථි ශීර්ෂ ඉන්දි සසින්දු යනු: රම්‍ය කුල උදාහ දින ඉන්යෝ මරප‍්‍රිය තප‍්‍රමා කාන්ති දොරාමාන්ද්‍රි දාර හර කුමාර පිරන්දු දූර සෝ බ්‍රෙන් හෙනය අම්මා අදිනේ අඳුන් හෝ වැදූවැලකී මෙබන්දු කිය දිය කිය මන්ක‍්‍රී මන්ක‍්‍රී පර පර බාපිලා බාපිය හත්තන් සිකසී රං රං කිනි කිනි ක‍්‍රිති බ‍්‍රහ්ම ලංකාපතී සුර දේව අසුර ලෝක වසංකරානී සුධානි ජීවා රුක රුදුනා මන්ක‍්‍රී රාම සැරේ මෙකී ඉවරකී බහිර කීලං නහිරේ අමාරො රාජා ජේහේදනී ශ‍්‍රිගර බින්දු උදාලම් අක්කේ පදිනෙට්ටු සූනියං යක්‍ෂනී දහිරි මා දහිරි සිව ප‍්‍රමේශ්වරී ඕං හ‍්‍රීං නම: (සියළු ආරක්‍ෂාවට යහපති)  



මී ලගට ස්වර්ථ සිද්ධි මන්ත්‍රයෙන් පළමුව මන්ත්‍ර සිද්ධිය ලබාගන්න



  • සර්වාර්ථ සිද්ධි මන්ත‍්‍රය  

ඕං නමෝ සර සහර සර්වාර්ථ සිද්ධි සර්ව විද්‍යා ධාරණී සූලනී වේදනී අමරගුරු සරස්වතී මාමුඛ ධාරණී අං ඉං උං ඒං ඕං ඕකාස තරවන ගහනේ නම: ශ‍්‍රීං ශ‍්‍රීං ශ‍්‍රීං නම: ඕං කාලී භද්‍රකාලී මමුඛ ධාරණී ඒස්වාහ: ඕං ශ‍්‍රී වෛකුණ්ඩ දේව රාජානේ සර්ව යන්ත‍්‍ර මන්ත‍්‍ර ඖෂධ සිද්ධි සිද්ධි ශ‍්‍රී සිද්ධි සාධකම් ස්වස්ථි ශ‍්‍රී මංගලම් ඕං ශ‍්‍රී කාම ඔඞ්ඩි දේව රාජා වා වා ඕං ශ‍්‍රී විෂ්ණු දෙවොල් දැඩිමුණ්ඩ අමරගුරු සරස්වතී දේවී වා වා ඊශ්වර කන්දකුමාර දිෂ්ඨී වා වා දහසක් බුදුවරයන්ගෙන් සිද්ධ වරම්ගත් සිද්ධි බිසෝවරු හත්දෙනා වා වා මෙකී දේවතාවියෝ මේ තිස් පැයට මා රක්‍ෂන්තු සර්වාර්ථ සිද්ධි සාධනාය ජයමංගල නමෝ නමෝ නම:



ඕං හ‍්‍රිං හ‍්‍රීං උන් ඌන් ඔන් ඕන් වින් වීන් එන් ඓන් අං ආං ආරූඪ මන්ත‍්‍රකාලියේ පංචාක්‍ෂර මාලාවට දිෂ්ඨි වැටී එන් එන් සලිත සලිත අදත් මාගේ මන්ත‍්‍ර විද්‍යාවට සැනෙන් දිෂ්ඨි දිෂ්ඨී වර වර සිද්ධිගත් ජප ජප සාධවෝ නම: 


දැන් පළමුව ෂෝඩෂ නාම ඝණපති නමස්කාරයෙන් පූජාව ආරම්භ කරන්න. එසේ ආරම්භ කරන විට දී කළින් කී සමන් පිච්ච හෝ ගැටපිච්ච මල් එකින් එක ගණ දෙවි රූපයට වැටෙන සේ ඉදිරියට දමන්න.



  • ශෝඩෂ නාම ගණපති නමස්කාරය  

ඕං සමුඛාය නම:  ඕං එක දන්තාය නම:  ඕං කපිලාය නම: ඕං ගජ කර්ණිකාය නම: ඕං ලම්බෝදරාය නම: ඕං විකටාය නම: ඕං විග්නරාජාය නම: ඕං ගණපතියේ නම: ඕං ධූමකේතුවේ නම: ඕං ගණාධ්‍යක්‍ෂාය නම: ඕං බාල චන්ද්‍රාය නම: ඕං ගජ ඝණාය නම: ඕං චක‍්‍රතුන්ඩාය නම: ඕං ශුර්ප කර්ණාය නම: ඕං හේරම්භාය නම: ඕං ස්කන්ධ පූර්වජාය නම:  



අනතුරැව හැකි තරම් වාර ගණනක් ගණ දෙවියන්ට හා සරස්වතී දේව මෑණියන්ට ස්තෝත්‍ර ගායනා කරන්න.


ගණ දේවියන්ට ශ්ලෝක 

ඕම් ඕම් ඕම්  

ගණපති පරිවාරං චාරු කේයූර භාරං ගිරිධර වර සාරං යෝගිනී චක‍්‍ර වාරම් භව භය පරිහාරං දුක්ඛ දාරිද්‍ය දූරං ගණපති භජමාහං චක‍්‍රතුණ්ඩාවතාරං  

අඛිල මල විනාසං පර්ණනා හස්ථ පාශං කණකගිරි නිකාශං සූර්ය කෝටී නිකාශම් භජභව ගිරි නාශම් මාලතී තීර වාසං ගණපති භජමාහං මානසේ රාජ හංසං  

ත‍්‍රිනයන යුත භාලේ ශෝභමානේ විශාලේ මකුට මණි සුඩාලේ මොක්තකානංච ජාලේ ධවල කුසුම මාලේ යස්‍ය ශීර්ෂනස්ථතාලේ ගණපති භජමාහං සර්වදා චක‍්‍රපාණිම්  

සරස්වතී දේව මෑණියන්ට ශ්ලෝක 

ඕම් ඕම් ඕම්  

සරස්වතී මහා දෙවී වීණා පුස්ථක ධාරිනී හංසවාහිනී සමායුත්තේ විද්‍යා දානං කුරූ මම(තව) සරස්වතී භජං මයිහං (තුයිහං) වරදේව කාමරූපනේ විද්‍යාරබ්බං කරිස්සාමී (කරිස්සතී තේ) සරස්වතී භජම්ස්තු මේ (තේ)  

මෙම පහත මන්ත්‍රයෙන් 108 වරක් තැඹිලි ගෙඩියක් මතුරා බීමට ගන්න.



ඕම් කාලී බන්ධ වර කාලී බන්ධ මෙරහත් කාලී බන්ධ දිව අගට ඉරු දෙවියන් බන්ධ දිව මුලට සන්ද දෙවියන් බන්ධ උගුරට සරස්වතී බන්ධ සිව්සැට ශිල්ප විද්‍යා කවි මන්ත්‍ර කියනා මාගේ මුඛයට යඣෂ හඩ, රාක්ෂ හඩ, පංච නාද පසක් විහිදුවා වට සිටියන් දෙකණ් බිහිරි කරවා මාගේ මුඛයට සරස්වතී බන්ධ බන්ධ ඒස්වාහ...


දැන් ඊහ්වර විෂ්ණු කතරගම දෙවිවරැ උදෙසා තමන් දන්නා ශ්ලෝක කිහිපයක් ගායනා කර දෙවියන්ට පින් දී පූජාව හමාර කරන්න.



  • දෙවියන්ට පින් දීම  
සබ්බේසු චක්ඛවාලේසු යක්ඛා දේවාච බ‍්‍රහ්මුනෝ යං අම්හේහි කතං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං සබ්බේතං අනුමෝදිත්වා සමග්ගා සාසනේ රතා පමාද රහිතා හොන්තු ආරක්‍සාසු විසේසතෝ සාසනස්ස ච ලෝකස්ස වුද්ධී භවතු සබ්බදා සාසනස්ස ච ලෝකං ච දේවා රක්‍ඛන්තු සබ්බදා සද්ධිං හොන්තු සුඛී සබ්බේ පරිවාරෙහි අත්තනෝ අනීඝා සුමනා හොන්තු සහ සබ්භේහි ඤාතිභි රාජතෝ වා චෝරතෝ වා මනුස්සතෝ වා අමනුස්සතෝ වා අග්ගිතෝ වා උදකතෝ වා කාකුකතෝවා කණ්ඨකතෝ වා නක්‍ඛත්තතෝ වා අසද්දම්මතෝ වා අසන්දිට්ඨිතෝ වා අසප්පුරිසතෝ වා චණ්ඩ හත්ථි අස්ස මිග ගෝණ කුක්කුර අහිවිච්ඡික මණි සප්පි දීපී අච්ඡ තරච්ඡ සූඛර මහිස යක්‍ඛ රක්‍ඛසාදීහී නා නා භයතෝ වා නා නා රෝගතෝ වා නා නා උපද්දවතෝ වා අරක්‍ඛං ගන්හන්තු

එම්. එම්. රෝහණ වසන්ත
0714161082/0755075182


Friday, October 16, 2009

ධර්ම කර්මාධිපති යෝගය සහ එය යෙදෙන ආකාරය


date Thu, Oct 15, 2009 at 7:48 PM 7:48 PM (14 hours ago)


subject
 A question on horoscope

Dear Sir,

I highly value your http://kendaralk.blogspot.com/  blog which is dedicated to share your knowledge online. I want to know about "Dharmakarmadhipathi" raja yoga. What is this yogaya and what are specialties of a person with this Raja Yoga? It would be appreciated if you can describe it.

Thank you.

Your truly
Dilantha
නමවැන්නාධිපති දහයේත්, දහවැන්නාධිපති නමයේත් සිටිවිට මෙම යෝගය යෙදේ. එසේම නමය, දහය අධිපතීන් යෝගව නැතිනම් අන්‍යෝන්‍ය දුරස්තර බවින් අංශක 6ක දුරකින් මේ දෙදෙනාම යට කී එක් රාශියක සිටි විට ද මෙම යෝගය යෙදේ. 

මෙය පංච මහා පුරුෂ යෝගයන්ගෙන් එකක් ලෙස ද සැලකෙයි. පුද්ගලයින් දහසකට පංච මහා පුරුෂ යෝග සහිතව උපදිනා පුද්ගලයන් පස් දෙනෙක් වෙයි.  

මෙහි ප‍්‍රතිඵල නමය සහ දහය අධිපතීන් කවරහුද යන්න තුළින් වෙනස් වන අතර වඩාත්ම ශුභඵල දෙනුයේ කටක ලග්න හිමියන්ටය.  

මෙය රාජ යෝගයක් ලෙස ද ඇතැම් තැනක විස්තර කොට දක්වා ඇත.


මේ පිළිබඳ වඩාත් සවිස්තර ලිපියක් ඉදිරියේ දී පළ කිරීමට අදහස් කරන්නෙමු.

Thursday, October 15, 2009

ජ්‍යොතිෂ පාඩම් මාලාව/ විෂය නිර්දේශය හැඳින්වීම

මෙය තරමක් ප‍්‍රමාද වීමට හේතු වූයේ YouTube හි ඉඩකඩ මෙම වීඩියෝ ක්ලිපයට ප‍්‍රමාණවත් නොවීම හේතුවෙනි.

ඔබටත් තරමක් ලොකු වීඩියෝ ක්ලිපයක් ජාලගත කිරීමට අවශ්‍ය නම් http://www.motionbox.com වෙත පිවිසෙන්න.

විශ්වයේ රාශි, නවාංශක සහ නැකැත් වලල්ල සිතියම් ගත වී ඇති අයුරු...

අප වෙසෙන පෘථිවියේ සිට බැලූ විට පෙනෙන සෞරග‍්‍රහ මණ්ඩලය ඇතුළු සමස්ථ විශ්වයේ රාශි තාරකා සහ නක්‍ෂත‍්‍ර තාරකා වන් සිතියම් ගත කර ඇති සම්මත ආකාරය මෙහි දැක්වෙයි. ඒ ඇතුරුන් ඔබට ඔබේ උපන් ලග්නයත් චන්ද‍්‍රයාගේ පිහිටීම අනුව ගණනය කරනු ලබන නැකතේ පිහිටීමත් කවර ආකාරයෙන් සිතියම් ගත වී ඇති දැයි විමසා බැලිය හැකිය.

(සමහර කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන් මෙම වගුව ප‍්‍රින්ට් කරගන්නග එහෙම අය මෙම වගුව උඩ වරක් ක්ලික් කරන්න. එවිට එය විශාලනය වී දර්ශනය වෙයි. අනතුරුව එය මත රයිට් ක්ලික් කර ‘‘සේව් ඉමේජ් ඈස්’’ යන විකල්පය තෝරාගෙන එම ඉමේජය (පින්තූරය) බාගන්න. එසේ බාගත කරගත් පින්තූරය වෙනම විවෘත කර ප‍්‍රින්ට් කරගන්න.)

ඔබේ ලග්නය ඔබටම සොයාගත හැකි පහසු මගක්...



මෙම පහත දැක්වෙන චක‍්‍රයන් ආධාරයෙන් ඔබට ඔබේ උපන් වේලාවට අනුව කවර ලග්නයක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවෙන් මතුවෙමින් පැවතියේද කියා දැන ගත හැකිය. 


එසේම මෙම චක‍්‍රය ආධාරයෙන් සොයාගනු ලබන ලග්නය ඕනෑම වසරකට පොදු චක‍්‍රයක් බැවින් වසර භේදයකින් තොරව මෙම චක‍්‍රය ආධාරයෙන් නිශ්චිත දිනයක නිශ්චිත වේලාවක උදාවෙමින් පවතින ලග්න රාශින සෙවීමට හැකිය.  


මෙය ලංකාවට පමණක් මෙම චක‍්‍රයෙන් උදා ලග්නය සෙවිය හැකි අතර විදේශ රටවල් සඳහා කොළඹ වේලාව සමග ඇති කාල වෙනස අඩු වැඩි කිරීමෙන් එය ලබා ගත හැකිය.


(සමහර කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන් මෙම වගුව ප‍්‍රින්ට් කරගන්නග එහෙම අය මෙම වගුව උඩ වරක් ක්ලික් කරන්න. එවිට එය විශාලනය වී දර්ශනය වෙයි. අනතුරුව එය මත රයිට් ක්ලික් කර ‘‘සේව් ඉමේජ් ඈස්’’ යන විකල්පය තෝරාගෙන එම ඉමේජය (පින්තූරය) බාගන්න. එසේ බාගත කරගත් පින්තූරය වෙනම විවෘත කර ප‍්‍රින්ට් කරගන්න.)

Tuesday, October 13, 2009

දිරිය මවකගෙන් අපේ ගමනට ... දිරියක් ...


සසර අවිද්‍යාවෙන් ඒ මේ අත දුවන අප වැනි ග‍්‍රහ තාරකාවන් ගැන හරි වැටහීමක් නැති, ජීවිතේ ලිස්සන සුලු තැනක දී හෙමින් යන්නත්, කරුවල තැනක දී ආලෝකයක් ඇතිව යන්නත් ‘‘ජ්‍යොතිෂය විද්‍යාත්මක පැතිකඩකින් බලන්නට’’ ඔබේ වෙබ් අඩවියෙන් හා ඔබේ ඥානයෙන් අප ලබන පිටුවහලටත් ඔබේ දිවි ගමනටත් අපෙන් දිරිය ශක්තිය!... nilanthi

Friday, October 9, 2009

බලමු ද ?... බහිරව පූජාවක කොටසක් ...



මෙම කෙටි වීඩියෝ ක්ලිපය සම්පූර්ණයෙන්ම සිදු කරන ලද බහිරව පූජාවක කොටසක් වන අතර මෙය වීඩියෝ ගත කරන ලද්දේ ඔස්ටේ‍්‍රලියාවේ ආදි වාසීන් පිළිබඳ අධ්‍යයනායතනයේ අධ්‍යක්‍ෂ අනුර කුලතුංග සොහොයුරාය. මෙය නිර්මාණය කර සංස්කරණය කිරීමෙන් අනතුරුව යූටියුබ් වෙත යොමු කර සිය වෙබ් අඩවියේ ද පළ කිරීම පිළිබඳ නොමඳ කෘතඥතාව පළකරමු.

ඔහුගේ වෙබ් අඩවිටත් ගොඩ වෙලා බලන්න. ඒකෙත් හොඳ හොඳ දේවල් තියනව.
http://www.anurakulatunga.com/anura/content/ceremonies%20and%20rituals%20in%20Sri%20Lanka.aspx

ඔබත් අළුතෙන් නිවසක් සෑදීමට සූදානම් වන විට දී අප වෙතින් බහිරව පූජාවක් කර ගැනීමට කැමති නම් අප අමතන්න
එම්. එම්. රෝහණ වසන්ත 0094714161082/0094755075182

Tuesday, September 15, 2009

ජ්‍යෝතිෂය සහ දූපත් මානසිකත්වය

ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම රටකම විවිධ වූ විෂයානුබද්ධ උප විෂයයන් මෙන්ම නව විෂය ධාරාවන් නව සොයාගැනීම් ඔස්සේ ද බිහිවෙයි. මෙම ප‍්‍රවේශය තුළ දැකගත හැකි කරුණු කිහිපයක් පෙන්වාදිය හැකිය.  


යම් විෂයයක් බිහිවීමේ දී ප‍්‍රධාන වශයෙන් නව සොයාගැනීමක් මත පදනම්ව එය බිහිවෙයි. නොඑසේ නම් යම් සංස්කෘතියක් හෝ යම් සන්දර්භයක් තුළ නව විෂයයක් බිහිවීම වෙයි. මේ තත්වය සෑම සමාජයීය විෂයයකට මෙන්ම සෑම විද්‍යාවකටම පොදු ධර්මතාවකි.  


නමුත් මෙම පොදු ධර්මතාව මත පිහිටා සන්දර්භය තේරුම් ගැනීමට යාමේ දී ගවේශකයාට එම විෂයයට අදාළ වපසරිය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස පෙන්වාදිය හැකිය. 


පැරණි ආප්තෝපදේශයක් වන ”ලිං මැඩියා වගෙයි” යන කියමන වෙත නොඑසේ නම් ”දූපත් මානසිකත්වය” යනුවෙන් ක්වොන්ටම්වාදී ගුරුකුල හා ඩෙරීඩාවන් සරණගියවුන් පෙන්වාදෙන න්‍යාය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව අවධාරණය කරනු කැමැත්තෙමි. 


 


යම් වස්තුවක් දෙස අප බලන ආකාරය ඉහත රූප සටහන් තුළින් පෙන්වා ඇත. මෙම උදාහාරණාත්මක රූප සටහන තුළ ඉහළ සිට පහළ බැලීමත්, පහළ සිට ඉහළ බැලීමත් පෙන්වා ඇත. මෙම රූපසටහන් දෙකෙහිම ඇස පිහිටි ස්ථානය සහ එම ඇසෙහි දෘෂ්ඨිය යොමුවන දිශාව සහ කෝණය පෙන්වා ඇත. 


මේ අනුව පළමු රූපයේ දී විෂයය වස්තුවේ සාර්වය දකින අතර දෙවන රූපයේ දී විෂයය වස්තුවේ පැතිකඩක් පමණක් දැකගැනීමට ලක් වන බව අපට පෙනන කරුණකි. ඉහතින් දැක් වූ ආප්තෝපදේශය පළමු රූපයට ආදේශ කළ නොහැකි අතර දෙවන රූපයට මැනවින් ගැළපෙන්නකි. මේ අනුව පහත දැක්වෙන පරිදි එම න්‍යාය විෂය බද්ධ කළ හැකිය.  


x පළමු ස්ථරය - ගෙදර සිට ගෙදරින් පිටත බැලීම  
x දෙවන ස්ථරය - පිටතට ගොස් ගෙදර දෙස බැලීම 
x තෙවන ස්ථරය - ගමේ සිට නගරය දෙස බැලීම 
x සිව්වන ස්ථරය - නගරයට ගොස් ගම දෙස බැලීම
x පස්වන ස්ථරය - රටක සිට විදේශයන් දෙස බැලීම 
x සයවන ස්ථරය - විදේශයකට ගොස් රට දෙස බැලීම 
x සත්වන ස්ථරය - පෘථිවියේ සිට විශ්වය දෙස බැලීම 
x අටවන ස්ථරය - විශ්වයට ගොස් පෘථිවිය දෙස බැලීම 
x නවවන ස්ථරය - මම විසින් අනුන් දැකීම 
x දසවන ස්ථරය - අනුන් මාව දකින අයුරින් මම අනුන් දැකීම 
x එකොළොස්වන ස්ථරය - අනුන් මාව දකින අයුරින් මම විසින් මා දැකීම  


මෙහි දක්වන ලද ස්ථර එකොළොසෙහි ක‍්‍රියාත්මක වන විෂයයන් රැසක් අපට දැකගත හැකිය. පුද්ගලයා හා මනස යන දෙවැදෑරුම් වස්තූන් මූලිකත්වයෙන් සංස්කෘතික ලෝකයක් ගොඩනගා ඇති අයුරුත්, එසේම එම සංස්කෘතික ලෝකය මත විෂයය ධාරාවන් ගොඩනගා ඇති අයුරුත් අපට මේ අනුව පෙන්වාදිය හැකිය.  


මෙසේ ගොඩනගන ලද දර්ශනය ඇතුළු සමාජයීය විෂයය ධාරාවන් මෙන් ම විද්‍යානුකූල පදනමක් ඇති සෑම විෂයය ධාරාවක් ම සහ විද්‍යානුකූල පදනමක් නැතැයි සලකන විෂයයන් සියල්ලම මෙම රාමුව තුළ අන්තර්ගත කොට ඇත. මෙම රාමුව තුළ ජ්‍යෝතිෂය විෂයය කවර ආකාරයකින් ගොඩනැගී ඇති ද යන්න මෙන් ම එය ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ව විමර්ෂණාත්මක අයුරින් විමසා බැලීම මෙම ලිපියේ ප‍්‍රධාන අරමුණ වශයෙන් පෙන්වාදිය හැකිය.  


ඉහත දක්වන ලද ස්ථර සටහනට අනුව එහි සත්වන ස්ථරයෙන් ඉහළට ගිය විෂයයක් ලෙස ප‍්‍රථමයෙන්ම ජ්‍යෝතිෂය විෂයය පෙන්වාදිය හැකිය. එහි ක‍්‍රියාකාරීත්වය පෘථිවියේ සිට විශ්වය දෙස බැලීමකින් ආරම්භ වෙයි.  


අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ලෝක සූත‍්‍රයේ පෙන්වා දී ඇති ආකාරයට ”ඉමස්මිං යේව බ්‍යාමමත්තකේ කලේබරේ ලෝකං ච ලෝක සමුදයං ච ලෝක නිරෝධං ච ලෝක නිරෝධගාමිණී පටිපදං ච පඤ්ඤපේමි” යන ලෝකය, ලෝක සම්භවය, ලෝක නිරෝධය සහ ලෝක නිරොධය සඳහා වන ප‍්‍රතිපදා මාර්ගය යන සතර කරුණු මෙම බඹයක් පමණ වන ශරීරය තුළ ම අන්තර්ගත වන බව බුදුරදුන් පෙන්වා දී ඇත.  


එම මූලික ප‍්‍රකාශය බැහැර නොකොට පුද්ගලයාගේ පසිඳුරන් තුළින් ග‍්‍රහණය කරනු ලබන විෂය වස්තූන් හා එකී විෂය වස්තූන් පිළිබඳව පුද්ගලයාගේ මනසෙහි ගොඩ නැගෙන සංස්කෘතික අත්දැකීම් තුළින් පුද්ගලයා ඉහත දක්වන ලද ස්ථර ගොඩනගා ගන්නා බව අපට පෙන්වාදිය හැකිය.  


මෙසේ ගොඩනගා ගන්නා ස්ථර එකිනෙක විශ්ලේෂණය කිරීමෙන් සමාජයක් ගොඩ නැගෙන අයුරුත්, එසේ ගොඩ නැගෙන සමාජය තුළ අන්තර්ක‍්‍රියාවන් ගොඩනැගෙන අයුරුත්, එම අන්තර් ක‍්‍රියාවන් පාදක කොට ආර්ථිකය දේශපාලනය සහ අනෙකුත් භෞතික විෂය පද්ධතීන් ගොඩ නගා ගන්නා අයුරුත් සහ සම්බන්ධතාත්මක දෘෂ්ඨියකින් බැලීමේ දී අවබෝධ කළ හැකිය.  


මේ ආකාරයට මූලිකව විෂයය ධාරාවන් ගොඩනැගෙන අතර එකී ගොඩනැගෙන විෂයය ධාරාවන් සංවර්ධනය කිරීමේ දී විවිධ සන්ධිස්ථාන පසුකර ඉදිරිය බලා ගමන් කරන බව ද අපට දැකගත හැකි ස්වාභාවික සිද්ධියකි. මෙම විෂය සංවර්ධන ක‍්‍රියාවලියේ දී දැකගත හැකි ලක්‍ෂණයක් වන්නේ ”උත්සාහ කිරීම් සහ වැරදීම්” තුළින් විෂය සංවර්ධනය කිරීමයි. එය මනොවිද්‍යානුකූල විග‍්‍රයන් තුළ පෙන්වා දී ඇති මානව සංජානනාත්මක ක‍්‍රියාවලියේ ස්වභාවය මත සිදුවන්නක් බව අපට පෙන්වාදිය හැකිය.  


නමුත් ඇතැම් විෂයය ධාරාවන් එහි ප‍්‍රතිවිරුද්ධ දිශාවේ සිට පැණ නැගෙන බව කිසිදු පුද්ගලයකු විශ්වාස නොකරන දෙයක් වශයෙන් කිව හැකිය. නමුත් සත්‍යය දකිනවුන් ඒ විශ්වාස කරති. සත්‍යය දැකීමට ආරාධනා කරමින් මානව සංජානනාත්මක ක‍්‍රියාවලියේ ප‍්‍රතිවිරුද්ධ දිශාවේ සිට පැණ නැඟුන ජ්‍යෝතිෂ විෂයය ධාරාව පිළිබඳ විමර්ෂණාත්මක දෘෂ්ඨියක් ඇතිකරගන්නා ලෙස ඉල්ලමින් මෙම ලිපිය තවදුරටත් ඉදිරිපත් කරමි.  


අවුරුදු 1805ක් වයසැති භාරත යෝගියා මහාවතාර් බබාජී යනුවෙන් 2009 මාර්තු 16 වැනි දින රිවිරිසි පත‍්‍රයේ පළ අසෝක මාලිමගේ ඇමරිකාවේ සිට ලියන ලද ලිපියට අනුව, යමෙකුට භාවනාව උපයෝග කරගෙන පුද්ගලයෙකුගේ මානසික සංවර්ධන ක‍්‍රියාවලියේ ඉහළ ස්ථරයකට ලඟාවිය හැකි බව ඔබ කියවන්නට ඇතැයි සිතමු. එතුළින් පුද්ගලයාගේ අයුෂය, ස්මරණය පමණක් නොව ජීව ශෛලයන්ගේ භෞතිකත්වය පවා පාලනය කිරීමේ ප‍්‍රබල හැකියාවක් දක්වා චිත්ත ශක්තිය කුළු ගැන්විය හැකි බව පෙන්වා දෙයි.  


මෙම තත්වය බුදුන් වහන්සේ ද මහා පරිනිබ්බාණ සූත‍්‍රයේ දී තහවුරු කරමින් අනඳ හිමියන්ට පවසා ඇත්තේ සතර සෘද්ධිපාදයන් වන චන්ද (සතර අගතියට නොයාම), චිත්ත (රාග ද්වේශ මොහාදියෙන් දමනය කරන ලද සිත), විරිය (උපන් අකුසල් මැඞීමටත්, නූපන් අකුසල් නොඉපැදවීමටත්, නූපන් කුසල් ඉපැදවීමටත්, උපන් කුසල් වැඩි දියුණු කිරීමටත් ගන්නා උත්සාහය), විමංසා (දස අව්‍යාකෘතාදියෙන් තොර කාලාමස සූත‍්‍රයේ දී පවසන ලද ආකාර වූ විමර්ශනයකින් යුතු විදර්ශනයට යොමු කරන ලද සිත) මනාව වඩන ලද්දෙකුට ආයු කල්පයක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් යමෙකු විසින් අවශ්‍ය නම් ජීවත් විය හැකි බවයි. නමුත් මාර දිව්‍යපුත‍්‍රාවේශව සිටි අනඳ හිමියන්ට ඒ පැවසූවේ කුමක් දැයි වටහා ගැනීමට සිහිකල්පනාව නොවූයෙන් බුදුන් වහන්සේට ආයු කල්පයක් ජීවත් වීමට ආරාධනා නොකරන ලද බැවින් පසුව දිව්‍ය පුත‍්‍ර මාරයාගේ පිරිණිවක් පෑමට කරන ලද ආරාධනය බුදුන් වහන්සේ විසින් පිළිගන්නා ලදී.  


මෙම නිදර්ශනය තුළින් පැහැදිළි වන යථාර්ථය තුළ පෙන්නුම් කෙරෙන්නේ යම් දැකීමක් අනුව මෙහෙවනු ලබන සිතකින් කළ හැකි විස්මිත ක‍්‍රියාවකි. නමුත් මෙආකාරම වූ විෂය දැනුමකින් යුතු වීම හෙවත් ස්වයංභු:ඥානයෙන් අවබෝධ කරන ලද ලෝක යථාර්ථයට අනුව මනාව සංවර්ධනය කරන ලද සිතකින් නව විෂය දැනුමක් භෞතික ලෝකයට දානය කිරීම සංකීර්ණ යයි අපට හැඟී ගිය ද ඉතාමත් සරල ක‍්‍රියාවලියක් බව ඒ දෙස මනාව විමර්ශනයේ දී පැහැදිළි වෙයි.

Wednesday, September 9, 2009

සෙනසුරු කන්‍යා රාශි ගතවීම ලග්න දොළසෙන් උපන් ඔබට බලපාන හැටි

වසර 30කට පසුව 2009 වසරේ සැප්සැම්බර් 09 වන දින කොළඹ වේලාවෙන් රාත්‍රී 10.35ට සිදුවන සෙනසුරු ග්‍රහයාගේ බුධ හිමි කන්‍යා රාශියට පිවිසීම මේෂාදී ලග්න දොළසෙන් උපන් ඔබට බලපාන ආකාරය මෙසේය.

මේෂ
චන්ද්‍රයා ලග්න ගතව ගුරු රාහු දස වැන්නේත්, අඟහරු තුන්වැන්නේත්, කේතු සහ සිකුරු හතර වැන්නේත්, රවි පස්වැනි භාවයේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ හය වැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

මේ තත්වය තුළ නිරන්තර කැළඹිලි ස්වභාවයකින් පසුවන අතර නිතර අදහස් වෙනස් කිරීමට යොමුවන බවක් පෙන්වයි. එසේම තමුන්ගේ වෘත්තියෙහි නැතිනම් රැුකියාවේ තම අණසක පැතිරීමට හැකි වාතාවරණයක් පැවතිය ද වරින් වර කඩාකප්පල්කාරී සිදුවීම් ඇතිවීමට හේතු ඇතිවෙයි. විශේෂයෙන් සතුරන්ට අවාසිදායක තත්වයක් ඇති බව පෙනෙන්නට තිබේ. නමුත් මූත‍්‍රා දෝෂ, හා යටිබඩෙහි අදික ඌෂ්ණය හේතුවෙන් හටගන්නා රෝගාබාධවලින් පීඩාවට පත් කරවයි. ආදායම් තත්වය මධ්‍යස්ථ බවක් පෙන්වයි.

වෘෂභ
චන්ද්‍රයා දොළොස්වැන්නේත් ගුරු රාහු නව වැන්නේත්, අඟහරු දෙවැන්නේත්, කේතු සහ සිකුරු තුන්වැන්නේත්, රවි සිව්වැනි භාවයේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ පස්වැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

ඔබට මෙම ග‍්‍රහ මාරුව තරමක මධ්‍යස්ථ ප‍්‍රතිඵල ඇතිකරන එකක් වන අතර ඔබගේ අධ්‍යාපන කටයුතුවල වෙනසක් ඇති කරන බවක් පෙන්වයි. හදිසි ධනලාභ ඇතිකරවිය හැකි තත්වයක් පෙන්වන්නේ මූලත‍්‍රිකෝණ ගතව සිටිනා ගුරු සහ රාහුගේ ත‍්‍රිකෝණ දෘෂ්ඨියට සෙනසුරු පස්වැන්නේ බුධ සමග සිටිමින් හසුවීම තුළිනි. දරුවන් ඇති අයට තරමක් ඔවුන් වෙනුවෙන් වෙහෙසීමට හා ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයන් වෙනුවෙන් සැලකිලිමත් වීමට සිදුවන කාලයක් සේ පෙන්විය හැකිය.

මිථුන
චන්ද්‍රයා එකොළොස්වැන්නේත් ගුරු රාහු අට වැන්නේත්, අඟහරු ලග්න ගතවත්, කේතු සහ සිකුරු දෙවැන්නේත්, රවි තුන්වැනි භාවයේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ සිව්වැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

කාලයක් පැවති බාධක කිහිපයක් ඉවත්වීම නිසා තමන්ගේ ආදායම් මාර්ගයන්ගේ අභිවෘද්ධිදායක වෙනසක් ඇතිවන කාලයකි. මවුට තරමක් අපලදායක වන අතර පපුවේ සෙම කරවීම සමග ඇතිවන වාත අමාරු තත්වයක් ඇතිවීමට හේතු යෙදෙයි. හදිසි විදෙස් ගමන් ඇතිවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දු සහගතව කටයුතු කිරීම වඩාත් ඵලදායකය. පොදුවේ පවසන විට මිථුන ලග්ත හිමියන්ට මෙම සෙනසුරු මාරුව සුභදායක බව පැවසිය හැකිය.

කටක
චන්ද්‍රයා දසවැන්නේත් ගුරු රාහු හත්වැන්නේත්, අඟහරු දොළොස්වැන්නේත්, කේතු සහ සිකුරු ලග්න ගතවත්, රවි දෙවැනි භාවයේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ තුන්වැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

වසර හතහමාරක් තිස්සේ පැවති ලග්න ඒරාශ්ඨකය අවසන් කරමින් සෙනසුරුගේ මෙම ග‍්‍රහමාරුව සිදුවී ඇත. විශේෂ අභිවෘද්ධියක් ඇති කරවන කාලයක් උදාවන නමුත් මාස දෙකක් පමණ ගතවන තුරු පැවති ඒරාශ්ඨක අපලයේ උණුසුම පවතින බැවින් එකවර ලොකු වැඩ සඳහා අතගැසීම නොකළ යුතුය. නමුත් විවාහ ජීවිතය සම්බන්ධයෙන් තරමක් දුරට ගැටළුකාරී වාතාවරණයක් ඇති නමුත් නොවැම්බර් 16 වනදායින් පසු එය මගහැරී යනු ඇත.

සිංහ
චන්ද්‍රයා නවවැන්නේත් ගුරු රාහු හයවැන්නේත්, අඟහරු එකොළොස්වැන්නේත්, කේතු සහ සිකුරු දොළොස්වැන්නේත්, රවි ලග්න ගතවත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ දෙවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

මෙම කාල වකවානුව පැවති ලග්න ඒරාශ්ඨකයේ තරමත් තදබල කොටසට පැමිණීමක් සනිටුහන් කරමින් ලොකු පාඩුවක් විඳීමට සිදුවිය හැකිය. වෙහෙසකර නිශ්ඵල දුරගමන් ඇතිකරවිය හැකිය. ලේ විෂවීමක් පෙන්නුම් කරන බැවින් ආහාරපානාදියෙහි දී වඩාත් සැලකිළිමත් වන්න. ආදායම් මාර්ග වරින් වර උච්ඡාවචනයන්ට ලක්වෙයි. දැඩි ලෝභකමක් හිතේ ඇතිවන නමුත් කාන්තාවන් වෙනුවෙන් රහස් වියදම් ඇතිකරවීමක් පෙන්වයි. අධික කාමාශක්ත හැඟීම් ඇතිකරවන කාලයක් බැවින් ආගමික නැඹුරුතාවයෙන් යුතුව කටයුතු කිරීම වඩාත් ශුභය.

කන්‍යා
චන්ද්‍රයා අටවැන්නේත් ගුරු රාහු පස්වැන්නේත්, අඟහරු දසවැන්නේත්, කේතු සහ සිකුරු එකොළොස්වැන්නේත්, රවි දොළොස්වැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ ලග්නාධිපති බුධ ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

පැවති ලග්න ඒරාශ්ඨක අපලයේ කටුකත්වය තරමක් මධ්‍යස්ථභාවයට පත්කරවන වාතාවරණයක් මෙම සෙනසුරු මාරුව හේතුවෙන් ඇතිකරවයි. එසේම හදිසියේ ඇතිවන තදබල සෙම් රෝගාබාධාදියෙන් පීඩා ඇති කරවයි. ආමාශගතව අම්ලකර වාතය හේතුවෙන් ගැස්ට‍්‍රයිටීස් වැනි රෝගාබාධ වැඩි කරවයි. බොහෝ ඇවිදීම් සහත කාලයක් වශයෙන් පෙන්වාදිය හැකිය. නින්දයාම අඩු කරවයි. එසේම දැඩි වියදම් ඇති කරන වකවානුවකි.

තුලා
චන්ද්‍රයා හත්වැන්නේත් ගුරු රාහු හතර වැන්නේත්, අඟහරු නවවැන්නේත්, කේතු සහ සිකුරු දසවැන්නේත්, රවි එකොළොස්වැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ දොළොස්වැනිවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

මෙම වකවානුව ඔබට වසර හතහමාරක කාලයකට බලපාන ලග්න ඒරාශ්ඨකයක් ආර්භ වීම මෙම සෙනසුරු මාරුව සමග සිදු වෙයි. පපුවේ ආබාධ ඇති කරවිය හැකි කාලයක් බැවින් පපුවේ අමාරු ඇති අය මෙම වකවානුව තුළ තම සෞඛ්‍යය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරවීම වඩාත් ගුණදායකය. එසේම ආගම දහමට දැඩි නැඹුරුතාවක් මෙම කාලවකවානුව තුළ ඇති කරවයි. එසේම අනවශ්‍ය වියදම් ඇතිකරන කාලයකි.

වෘශ්වික
චන්ද්‍රයා හයවැන්නේත් ගුරු රාහු තුන්වැන්නේත්, අඟහරු අටවැන්නේත්, කේතු සහ සිකුරු නවවැන්නේත්, රවි දසවැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ එකොළොස්වැනිවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

විශේෂයෙන් ජලය හේතුවෙන් බියක් ඇති වීමට හේතුවන කාලයක් බැවින් ප‍්‍රවේශම් සහිතව කාලය ගත කිරීම ගුණදායක වන අතර ජලයේ බැස නෑම වැසි අනතුරුදායක කටයුතු වලින් වැලකිම ද සුභයි. විශේෂයෙන් එකොළොස්වැනි භාවයේ සිදුවන මෙම ග‍්‍රහ මාරුව ඔබට විශේෂ ආර්ථික වාසි ඇති කරවන බවක් පෙන්වයි. දැඩි මාන්නාධික කමක් හිතේ ඇති කරවන කාලයක් උදා කරවන අතර හදිසි අනතුරුවලට භාජනය වීමට බොහෝ ඉඩ ප‍්‍රස්ථා ඇති කරවයි. විශේෂයෙන් තම හැකියාවන් පාවිච්චි කර පියාගේ හා රජයෙන් වාසි අත් කරගැනීමට ඇති ඉඩ බොහෝය.

ධනු
චන්ද්‍රයා පස්වැන්නේත් ගුරු රාහු දෙවැන්නේත්, අඟහරු හත්වැන්නේත්, කේතු සහ සිකුරු අටවැන්නේත්, රවි නවවැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ දසවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

සෙම් රෝගාබාධ වඩාත් දැඩිකරන ගතියක් සේම දැඩි කාමාශක්ත හැඟීම් දනවන කාලයක් බැවින් අවකල්ක‍්‍රියාවන්ට යොමුවීමේ ප‍්‍රවණතාවක් පෙන්වයි. එබැවින් ආගම දහමට නැඹුරුව කල් ගත කිරීම වඩාත් ගුණදායක බව සිහිපත් කළ යුතුය. විශේෂයෙන්ම අඟහරු ග‍්‍රහයා හත්වැනි භාවයේ ගොචරවීම විවාහ දිවියේ ගැටළු මතුකරවන පිහිටීමක් පෙන්වයි. කර්මස්ථාන ගතව සිදුවන ග‍්‍රහමාරු අවස්ථාවේ දී කර්මානුරූපව තමුන් පෙර භවයක කරන ලද අකුසල කර්මයක් විපාක දීමේ ඉඩප‍්‍රස්ථාවක් පෙන්වන බැවින් වඩාත් ප‍්‍රවේශම් වීම මැණවි. තැන්පත් ධනයේ වර්ධනයක් පෙන්වයි.

මකර
චන්ද්‍රයා හතරවැන්නේත් ගුරු රාහු ලග්න ගතවත්, අඟහරු හයවැන්නේත්, කේතු සහ සිකුරු හත්වැන්නේත්, රවි අට වැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ නවවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

විශේෂයෙන් මතර ලග්න හිමියන්ට මෙම සෙනසුරු මාරුව යම් ගුණදායක බවක් පෙන්වයි. රවි අටවැනි භාව ගතව වි සිටිය දී සිදුවන මෙම ශනි බුධ යෝගය නව වැන්නේ ඇති කරවමින් මෙම සෙනසුරු මාරුව සිදුවෙයි. ලොතරැුයි දිණුමක් හෝ නිධන්ගත ධනයකට උරුමකම් ඇතිකරවන තත්වයක් පෙන්වයි. එසේම සතුරුබලවේග පිළිබඳ බියකින් පසු වූයේ නම් ඒ සියළු බාධක මගහැරී සිතට සහනයක් ඇති කරවයි. නමුත් පපුවේ සෙම් රෝග ඇතිවීම තරමක් වෙනදාට වඩා වැඩි බවක් පෙන්වයි. නමුත් නොවැම්බර් 16 පසුවන තෙක් වරින් වර හදිසි කැළඹීම් ඇතිවිය හැකි බැවින් සිතෙහි සාමකාමී බව පවත්වාගැනීමට නිතර සිහිපත් කළ යුතු වෙයි.

කුම්භ
චන්ද්‍රයා තුන්වැන්නේත් ගුරු රාහු දොළොස්වැන්නේත්, අඟහරු නවවැන්නේත්, කේතු සහ සිකුරු හයවැන්නේත්, රවි හත්වැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ අෂ්ටමාධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

මෙම කාල වකවානුව බොහෝ දුරට කරදරකාරී සහ දැඩි වියදම්කාරී එකක් වීමට ඇති ඉඩප‍්‍රස්ථා බොහෝය. රහස් රෝගපීඩාවන් ඇති කරවන කාලයක් වන අතර දැඩි අවකල්ක‍්‍රියාවන් කෙරෙහි සිතේ නැමියාවක් පෙන්වයි. ආත්මාභිමානය හේතුවෙන් සහ අවකල් ක‍්‍රියාවන්ට ඇදීයාම හේතුවෙන් විවාහ ජීවිත ගත කරන අයගේ විවාහ ජීවිතවලට සෙනසුරුගේ බලපෑම දැඩිව බලපාන අතර ඒ තුළින් නින්දා අවමන් ලැබීමට හේතු යොදවයි.

මීන
චන්ද්‍රයා දෙවැන්නේත් ගුරු රාහු එකොළොස් වැන්නේත්, අඟහරු හතරවැන්නේත්, කේතු සහ සිකුරු පස්වැන්නේත්, රවි හයවැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ හත්වැනිවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

ඔබගේ පෙම් සබඳතාවට හා විවාහ දිවියට කණකොකා හ`ඩන්නට පටන්ගන්නා බව සිහියේ තබාගෙන සිටිය යුතු කාලයකි. විශේෂයෙන් ආදායම් මාර්ග වැඩි කරන තත්වයක් පෙන්වන නමුත් අයුතු මාර්ග කෙරෙහි යොමුවීමෙන් කරදර ඇත කරවිය හැකි කාල වකවානුවකි. බොහෝ දුරට ආමාශගතව පැවති අජීර්ණ රෝග තත්වයක් උත්සන්න වීමෙන් දැඩි අපහසුතාවයකට පත්විය හැකිය. පපුවේ ශල්‍යකර්මයකට ඉඩකඩ ඇති බැවින් වඩාත් ප‍්‍රවේශම් සහිතව කටයුතු කරන්න. දූදරුවන්ගේ ඉගෙනීම් කටයුතුවලට ශුභදායක කාලයකි.

එම්. එම්. රෝහණ වසන්ත
0714161082/0755075182

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්