Tuesday, July 19, 2011

Commented on ... Sound Horoscope... on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ



Wisdom for All said...



සවුන්ඩ් හොරස්කෝප් පිළිබඳ තත්වානුරූපී විග‍්‍රහයකට ඉදිරිපත් වුන අප සහෘදයාට ස්තුති වන්ත වෙන අතර මෙහි පවතින විද්‍යාත්මක විග‍්‍රහය සහ පලාඵල පැවසීමේ දී ඒවා භාවිත කරන ආකාරය පිළිබඳ විස්තරයක් අවශ්‍ය බව මට හැගෙනවා. මේකට ප‍්‍රධාන හේතුව ආලෝකයේ වේගයෙන් තාරකා අතර දුර මණින අතර මෙබඳු තත්වයක් පිළිබඳ ගණනය කිරීමක දී ආලෝකයේ වේගයෙහි සංඛ්‍යාතය ඇසුරෙන් අල්ට‍්‍රා ලයිට් ෆ‍්‍රිකුවෙන්සීස් ගණනයන් මත තත්වානුරූපී ගණනයන් නාසා ආයතනය වැනි ආයතන මගින් සිදු කරනු ලබයි.

මෙහිදී පරිගණක ඇසුරෙන් නිර්මිත උපකල්පිත සෞරග‍්‍රහ මණ්ඩලයක ග‍්‍රහයින්ගේ චලිතයන් අනුව සිදුවන කෝණික අගයන් ගණනය කිරීමක් සිදු වන බව සැලකිය යුතුය. නමුත් මෙය තත්ත්වානුරූපී අගයට බොහෝ දුරට සමීප බව අප විසින් කරන ලද සමීක්‍ෂණ වලින් පැහැදිළි වූ කරුණකි.

මෙහි දී ග‍්‍රහයින්ගේ සිදුවන සංයෝග වියෝග තාවන් මෙන්ම ඒ ඒ අවස්ථානූරූපී පැහැදිලි කිරීම් සඳහා ජ්‍යෝතිෂයේ දී මෙම කෝණික ගණනයන් අවශ්‍ය වෙනවා. එසේම, මෙම කෝණික ගණනයන් මත කරන පැහැදිළි කිරීම් බොහෝ විට සාර්ථක පලාඵල නිශ්චයන් වන අතර ඒවා පිළිබඳ පැහැදිළි කර ගැනීම් සඳහා වෙනත් ලිපියක අවශ්‍ය තාව පවතින බව පෙනී යයි. මේ සියළු කරුණු පිළිබඳ සැලකීමේ දී පෙනී යන්නේ කෝණික ගණනයන් මත කළ හැකි ප‍්‍රකාශන සඳහා අප විසින් සිංහල බ්ලොග් පාඨකයින් ට හඳුන්වා දුන් ජගන්නාත හෝරා මූදුකාංගයෙහි ස්ටෙ‍්‍රන්ත් පැනලයේ වන අදර් ස්ටෙ‍්‍රන්ත් යටතේ දක්වා ඇති යෝග පිළිබඳ විස්තරය තුළින් එය මනාව පැහැදිළි කර ගත හැකිය. ඒ පිළිබඳ විස්තරාත්මක ලිපියක් ඉදිරියේ අප ජගන්නාත් හෝරා මෘදුකාංග සිංහල පාඩම තුළින් ඉදිරිපත් කිරීමට අදහස් කර සිටින බව දන්වනු කැමැත්තෙමි.

ස්තුතියි.
එම්. එම්. රෝහණ වසන්ත

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්