Friday, June 12, 2009

දික්කසාද වීමේ ප‍්‍රවණතාවය වැඩි වකවානුවක පොරොන්දම් බැලීමේ උපයෝගීතාව නැතහොත් පොරොන්දම් බැලීම කෙසේ බලපානවාද? යන්න විමසීම

විවාහය නැමති සංස්කෘතික බැඳීමෙන් සමාජය තුළ ඇති වූ සමාජයීය ඒකකයක් වශයෙන් පවුල නැමති සමාජ සංස්ථාව පෙන්වාදිය හැකිය. එම සමාජ සංස්ථාව ගැටළුවකින් තොරව ක‍්‍රියාත්මක වීම ''කසාදය” යන ව්‍යවහාරයෙන් පැහැදිළි කරයි. එසේම ''දික්කසාදය” යන ව්‍යවහාරයෙන් යට කී සමාජ සංස්ථාවේ ගැටළුමය තත්වයක් ඇතිවීමක් පෙන්නුම් කරයි.

මෙම තත්වය නීතිමය දෘෂ්ඨිකෝණයෙන් පැහැදිලි කිරීමේ දී තවත් ආකාරයකින් පෙන්වාදිය හැකිය. යම් සමාජ සංස්ථාවක පැවැත්ම එකී සමාජය විසින් ම පණවාගනු ලැබූ නීති පද්ධතියකින් ලබාදෙන ආරක්‍ෂණයකින් ආවරණය කර ඇති අවස්ථාව කසාදය ලෙසින් පෙන්වා දිය හැකිය.  

එසේම දික්කසාදය, යම් සමාජ සංස්ථාවක පැවැත්ම අර්බුදකාරී තත්වයක් යටතේ තවදුරටත් පවත්වාගෙන යාමට අපොහොසත් වීමේ දී සමාජ ගත නීති පද්ධතියකින් ලබාදුන් රක්‍ෂණ ආවරණයෙන් වන්දිගෙවීමකට යටත්ව හෝ යටත් නොවී යථෝක්ත පුද්ගලයන් නිදහස් කිරීම ලෙසින් අර්ථ දැක්විය හැකිය.  

සංස්කෘතික බැඳීමකින් ඇතිවන සමාජ ඒකකයක ක‍්‍රියාකාරීත්වය ඓතිහාසික හා සමාජයීය විද්‍යාත්මක විමර්ශනයක් තුළින් පැහැදිළි කර ගත හැකිය. එබඳු සංස්කෘතික බැඳීමකින් යුතු සමාජ ඒකකයක ක‍්‍රියාකාරීත්වය ඉක්ම වූ යථාර්ථවාදී භාවිතාවක පැවැත්ම පිරික්සීම සඳහා ජ්‍යෝතිර් විද්‍යාත්මක විග‍්‍රහයක් සිදු කිරීමේ දී පවතින සමාජයීය විද්‍යාත්මක යයි පවසන එබඳු පර්යේෂණ විධික‍්‍රමයක් අනුගමනය කිරීම උගහට ය.  

සමාජයීය විද්‍යාවන්ගේ සීමාවන් ඉක්මව ලද ඉසව් හඳුනාගැනීම එහි දී අත්‍යවශ්‍ය වන බව අවධාරණය කළ යුතුය. සමාජයීය කතිකාව තුළ යථෝක්ත සන්දර්භය ක‍්‍රියාත්මක වන ආකාරය පැහැදිළි කිරීමේ දී ජ්‍යෝතිර් විද්‍යාත්මක සංකල්පයක් වන පොරොන්දම් බැලීම” යන්න ප‍්‍රධාන සාධකයක් ව පවතින බව පෙන්වා දිය යුතුය. 

ශ‍්‍රී ලාංකීය සමාජය, ඉන්දියාව ද ඇතුළත්ව ''පොරොන්දම් බැලීම” චාරිත‍්‍රයක් වශයෙන් අනුගමනය කරන බව කරුණු විමර්ශනයේ දී පැහැදිළි වෙයි. ලංකාවේ පලවන ජාතික පුවත්පත් දෙස බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ කේන්ද්‍රය මුල් කර ගත් පොරොන්දම් බැලීම ලාංකීය ජන විඥාණයේ මුල් බැස ඇති දෙයක් බවය.  

කේන්ද්‍රයේ විවාහකස්ථානයේ (හත්වැන්නේ) පාපීන්ගෙන් (රවි, කුජ, බුධ, ශනි, රාහු, කේතු යන ග‍්‍රහයින්) තොර හෝ පාපීන්ගෙන් යුතු හෝ කේන්ද්‍රහිමි තරුණයින් හෝ තරුණියන් හෝ සොයන මංගල යෝජනා සහිත දැන්වීම් ප‍්‍රමාණය දෙස බැලීමේ දී විවාහ සංස්ථාව කෙරෙහි ඉතා විශාල බලපෑම් සහගත සාධකයක් බවට ජ්‍යෝතිෂය පත්ව ඇති බව පෙන්වා දෙන්නකි.  

විවාහය නැමති සංස්කෘතිකාංගය කවර පසුබිමක් තුළ ක‍්‍රියාත්මක වන්නක් දැයි විමසා බැලීම මෙහිදී ප‍්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි. විශේෂයෙන් හින්දු භක්තිකයන් සහ බෞද්ධයින් මෙම පොරොන්දම් බැලීම කෙරෙහි අවධානය යොමු කරන පිරිස වශයෙන් නැතහොත් අදාළ ගැටළුවේ ක්‍ෂේත‍්‍රගත නියැදි කාණ්ඩය වශයෙන් පෙන්වාදිය හැකිය.  

මේ නියැදිය අතරට මුස්ලිම්, ක‍්‍රිස්තියානි සහ කතෝලික භක්තිකයන් ඇතුළුවීමට ඇති ඉඩකඩ ඉතා සීමිතය. හේතුව ඔවුන් අදහන ආගම් විසින් මෙම විෂයය භාවිත කිරීමෙහිලා දැඩි නීතිමය තහංචි පණවා ඇති හෙයිනි.  

මෙම ආගම් තුළින් ශික්‍ෂණය කරන ලද හා ශික්‍ෂණය නොකරන ලද සේම ආගම යන සාධකය ක්වොන්ටම්වාදී අවිඤ්ඤාණික දෘෂ්ඨිකෝණයෙන් බැහැර කරන යන ලක්‍ෂණවලින් යුතු නූනත තරුණ පරපුර හා විවාහයට එළැඹෙන පිරිස් ඉතා බහුල වශයෙන් දික්කසාදයට ගොදුරුවන බව ලංකාවේ දික්කසාද නඩු ප‍්‍රමාණය පිළිබඳ සමීක්‍ෂණයක් කිරීමේ දී පැහැදිළි කර ගත හැකිය.  

මෙසේ දික්කසාදයට නැඹුරුවන පිරිස ‘වන්දිගෙවීමකට යටත්ව හෝ යටත් නොවී නීතිමය බැඳීමකින් නිදහස් වීම’ යන තැනට කාරණය ලඝු කොට අතපිසදා ගැනීමට පෙළඹී සිටීම සමාජ ගැටළුවකි. මෙම සමාජ ගැටළුව විසඳීමෙහි ලා ජ්‍යෝතිෂයය තුළින් සිදුකළ හැකි සේවයක් ලෙසින් ”පොරොන්දම් බැලීම” පෙන්වාදිය හැකිය.  

ලාංකීය සමාජයට කරුණු අවධාරණය කිරීමේ අදහසින් හා එම සේවයට විද්‍යානුකූල විවරණයක් සැපයීම තුළින් ජොරොන්දම් බැලීම සුජාතකරණයට ලක් කිරීමට ලංකාවේ විවිධ වූ ජ්‍යෝතිෂ පුවත්පත් සඟරා තුළින් ජ්‍යෝතිර්වේදීන් ගන්නා උත්සාහයන් පැසසිය යුතුය.  

දික්කසාද වීමේ ප‍්‍රවණතාවය වැඩි වකවානුවක ‘පොරොන්දම් බැලීම’ කෙරෙහි තත්ව සහතිකයක් දීම තරමක ප‍්‍රශ්න කිරීමට ලක්විය හැකි කරුණක් ලෙස ඇතැම් විට පෙනී යා හැකිය. නමුත් එහි ලා පවතින තත්වය හා එසේ ඇතිවන තත්වයන් කෙරෙහි බලපාන සාධක විමසීමේ දී එය ගැටළුවක් නොවන බව පෙන්වාදිය හැකිය.  

පොරොන්දම් බැලීමට ප‍්‍රථම පාරිභෝගිකයන් විසින් පොරොන්දම් බැලීම සිදු කරන ජ්‍යෝතිර්වේදීන්ගේ දැණුම පිළිබඳ තත්ව සහතිකය විමසා සිටීම ඉතා වැදගත් කරුණකි. මෙහිලා ජ්‍යෝතිර්වේදයෙහි පවතින සාරධර්ම හා ප‍්‍රඥප්තීන්ට අනුකූලව කටයුතු කරන කිසිදු ජ්‍යෝතිර්වේදියෙකු අතින් වැරදි පොරොන්දම් ප‍්‍රකාශයක් බලාපොරොත්තු විය නොහැකිය.  


ජ්‍යෝතිෂයෙහි උන්නතිය සඳහා සහ එහි භාවිතාව සුකර කිරීමේ පරම අරමුණින් එළි දක්වන පඕචාඤ්ග ලිත්වල දක්වා ඇති පොරොන්දම් පරීක්‍ෂාව නැමති උධෘතය යටතේ පොරොන්දම් විස්සක් දක්වා ඇත. එහිම ග‍්‍රහ පොරොන්දමේ දී සැලකිල්ලට ගත යුතු ග‍්‍රහ පිහිටීම් ඇතැම් ලිත් පොතක විස්තර කර ඇත.  

යූජී වර්ග විභාගය, සුදර්ශන චක‍්‍රය, පාපාංශක චක‍්‍රය, අත්‍යාවශ්‍ය එකොළොස් පොරොන්දම්, දස පොරොන්දම් හා අට පොරොන්දම් හෙවත් අෂටකූඨය යන කරුණු ද ගරු`ඩාදී අෂ්ඨ යෝනි විභාගය, ගරු`ඩාදී අෂ්ඨ යෝනි නාමාක්‍ෂර ගණිත ක‍්‍රමය, එම ලිත් පොත්වල දක්වා ඇත.  

නමුත් අනුවේදනීය ව පැවසීමට සිදු වී ඇති කරුණක් ඇත. එනම් මේ තත්වය වංචනික කූඨ පුද්ගලයින් ජ්‍යෝතිර්වේදීන් යයි තමුන් ම කියා ගනිමින් ලිත් පොත්වල ඇති විසි පොරොන්දම් පමණක් යන්තම් බලා සුභ වශයෙන් එහි දී ගැණෙන පොරොන්දම් ගණන 10ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක අගයක් පැමිණේ නම් විවාහයට සුභ බව නැතහොත් අසුභ බව දක්වා සිටිති.  

විවාහයෙහි සුභ අසුභ අයනයන්, නැකැත්, තිථි, කරණ, යෝග සහ ලග්නාදිය, අසුභ තිථි වාර හා දෙර්කාණ අංශක, අසුභ ග‍්‍රහ තත්වයන් යටතේ සිදු කළ යුතු ශාන්ති කර්මාදිය, විවාහයෙහි සුභ අසුභ දෛවඥයන්ගෙන් විමසා සිටිය යුතු බව හා දෛවඥයන් කරා එළැඹිය යුතු නැතහොත් යායුතු ආකාරය, දෛවඥයා විසින් තත්කාල ග‍්‍රහචාරානුකූලව විවාහයෙහි සුභ අසුභ විසඳිය යුතු ආකාරය, අපුත‍්‍රී වෛධව්‍ය යෝග නොහොත් දරුවන් හට නොගන්නා යෝග, අඹුසැමි දෙදෙනාගේ භාග්‍ය සම්පත් දක්වන යෝග, ස්වාමියාගේ හෝ භාර්යාවගේ නැසීම දක්වන යෝග, ස්වාමියාගේ හෝ භාර්යාවගේ මව්පියන් නැතිවීම කෙරෙහි බලපාන යෝග, අඹුසැමි දෙදෙනාගේ ජීවත්වන නොවන බව දැක්වෙන යෝග, ස්වාමියාගේ හෝ භාර්යාවගේ නින්දිත බව විමසන යෝග, ශාරීරික බෙලහීනතාවන් හෝ විකලාංග සහිත තත්වයන් විමසන යෝග, දික්කසාදයෙහි චූදිතයා බවට ස්වාමියා හෝ භාර්යාව පත්වන යෝග, බාල වියෙහි දීම වැන්දඹු වීම හෝ බාල අපචාරයන්ට ලක්වන යෝග, පංචකාම සම්පත් නැතහොත් රූප, ශබ්ධ, ගන්ධ, රස සහ ශ්පර්ෂ යන සම්පත් නොලබන යෝග, කන්‍යාංග විභාගය, විෂ කන්‍යා ග‍්‍රහ යෝග, ප‍්‍රථම ආර්තවයේ නැකැත් ඵල, දින ඵල, ඉරියාපථ ඵල සහ රුධිර ඵල ද විවාහයක් සිදු කිරීමට ප‍්‍රමාණවත් පොරොන්දම් ගණන ද ස්ත‍්‍රීන්ටම අනුකූලව නැතහොත් ආර්තවය මුල්කර විවාහ නැකැත් සෑදිය යුතු බව ද යන අති විශාල ක්‍ෂේත‍්‍රයක විහිදී ඇති පොරොන්දම් පරීක්‍ෂාවේ දී විමසා බැලිය යුතු ප‍්‍රධාන කරුණු කෙරෙහි මෙම ප‍්‍රයෝගකාරී වංචනික පුද්ගලයන් අවධානය යොමු නොකරති.  

ඇත්තෙන්ම ඔවුහු එබඳු දෑ ජ්‍යෝතිෂයෙහි ඇති බව වත් දන්නේ නැත.  

දික්කසාද වීමේ ප‍්‍රවණතාව වැඩි වකවානුවක් එළැඹීම කෙරෙහි ද මෙම වංචනික ප‍්‍රයෝගකාරී දෛවඥයන් යයි තමුන් ම කියාගන්නා පුද්ගලයන්ගේ ක‍්‍රියා කලාපයන් සෘජුව බලපා ඇති බව පෙන්වා දිය යුතුය.  

පොරොන්දම් බැලීමේ දී දැකිය හැකි පාරිභෝගිකයන් අතින් සිදුවන වැරදි ද යම් පමණකට දික්කසාද වීමේ ප‍්‍රවණතාව වැඩි වීමට බලපානු ලබයි.  

එහිලා උපන් දිනය, වේලාව හා ස්ථානය වැරදියට ජ්‍යෝතිර්වේදියා වෙත සැපයීමෙන් සකසනු ලබන කේන්ද්‍ර භාවිත කිරීම. සමාජ තත්වයන්, බලයන්, මිලමුදල් හා බලපුවන්කාරකම් මුල්කර සිදුකරන විවාහයන්හි දී මෙන්ම පේ‍්‍රම සබඳතා මත සිදුකරන විවාහයන්හි දී ඇතැම් විට කේන්ද්‍ර ගැලපීම නොසලකා දෙමව්පියන් විසින් විවාහ කටයුතු සිදු කරනු ලබති.  

නැතිනම් හිතුමතයට විවාහ යෝජක තරුණ තරුණියන් තම තමුන් ම විවාහයට එළැඹෙති. එහිදී ඇතිවන තත්වන් හමුවේ වන දික්කසාදයකට යොමු වීමකදී ජ්‍යෝතිෂඥයා වෙත දෝෂාරෝපණ එල්ල කළ හැකි නමුත් එම දෝෂාරෝපණ අර්ථ විරහිත ඒවා බව පැවසිය යුතු වෙයි.  

දික්කසාද වීමේ ප‍්‍රවණතාව වැඩි වකවානුවක දී සාමාන්‍ය මහජනයා සතු ප‍්‍රබල වගකීමක් ඇත. එනම් ජ්‍යෝතිෂඥයෙකුගේ දැණුම, අත්දැකීම හා ජ්‍යෝතිෂ දැණුමෙහි ප‍්‍රාගුන්‍යය ඇති දෛවඥ මහතෙකු ලවා පොරොන්දම් පරීක්‍ෂා කිරීම කළ යුතු බව ය.  

මෙහිදී ජ්‍යෝතිෂයට අළුතින් පිවිසෙන නවකයින් ඇතැම් විටෙක චෝදනාවක් එල්ල කළ හැකිය.  

එය සාධාරණය.  

නමුත් යමෙකු ජ්‍යෝතිෂයට අළුතින් පිවිසෙන නවකයෙකු ලවා පොරොන්දම් පරීක්‍ෂා කර ගන්නේ නම් අනිවාර්යයෙන් ම ජ්‍යෝතිෂයෙහි ප‍්‍රවීණයෙකු ලවා නැවත එම කේන්ද්‍ර පරීක්‍ෂා කර ගත යුතු බව අවධාරණය කළ යුතුය.  

ඊට සරළ උදාහරණයක් පැවසිය හැකිය. ඔබ යම් කිසි කායික ආබාධයකින් පෙලෙන විට වෛද්‍ය උපාධිය අළුතින් ගත් වෛද්‍යවරයෙකු වෙත යන අවස්ථාවක් සිහියට නගා ගන්න. ඔබට ඇති රෝගයට සරල වෛද්‍ය උපදෙසක් හෝ සරල ප‍්‍රතිකාරයක් නියම කරන ඔහු ඔබට ඇති රෝගයට අනුව නිශ්චිත ප‍්‍රතිකාරයක් ලබාගැනීම සඳහා විශේෂඥ දැණුමක් ඇති විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත අනිවාර්යයනේම ඔබව යොමු කරනු ඇත.  

මේ පරිද්දෙන් ආධුනික ජ්‍යෝතිර්වේදියෙකු ලවා සිදුකරන පොරොන්දම් පරීක්‍ෂාව ප‍්‍රවීණ ජ්‍යෝතිර්වේදියෙකු කරා යොමු කරවිය යුතුය. තමන්ගේ ආධුනිකත්වය පිළිබඳ නිහතමානීත්වයෙන් පිළිගන්නා ආධුනික ජ්‍යෝතිර්වේදියා හට අනිවාර්යයෙන් ම ශාස්ත‍්‍රය පිහිටන අතර ශාස්ත‍්‍රධාරී කෘතහස්ත භාවය නැමති වස්තු සම්පත් කරා ලඟාවීමට එය යාත‍්‍රාවක් කරගත හැකිය.

4 comments:

  1. පොරොන්දම් බලා සිදු කරන විවාහ දික්කසාද ලෙස අවසන් වීම අඩු බව පෙන්වීමට ඔබට ඇති සාක්ෂි මොනවාද? මට අවැසි වන්නේ පොරොන්දම් බලා කළ විවාහ වල දික්කසාද අනුපාතය එසේ නොකර කරන ලද විවාහ වලට වඩා සංඛයාන විදායාත්මකව (statistically significant) වැඩි බව පෙන්වන පරීක්ෂණයකි. තනි තනි අවස්ථා හා උදාහරණගෙන කරන්නා වූ අර්ථ දැක්වීම් නිෂ්ඵල බව සලකන්න.

    ReplyDelete
  2. හිතවත් මිගාර සොයුරා වෙත,

    මවිසින් පළ කරන ලද ‘‘දික්කසාද වීමේ ප‍්‍රවණතාවය වැඩි වකවානුවක පොරොන්දම් බැලීමේ උපයෝගීතාව නැතහොත් පොරොන්දම් බැලීම කෙසේ බලපානවාද? යන්න විමසීම’’ නැමැති ලිපිය අරබයා ඔබ විමසීමක් කර තිබුනා ‘‘පොරොන්දම් බලා සිදු කරන විවාහ දික්කසාද ලෙස අවසන් වීම අඩු බව පෙන්වීමට ඔබට ඇති සාක්ෂි මොනවාද?‘‘ යනුවෙන්.

    ඇත්තෙන්ම විසි පොරොන්දම්වල විද්‍යාත්මක සත්‍යයක් ඇති බව මවිසින් පළ කරන ලද ‘‘විසිපොරොන්දම්වල විද්‍යාත්මක පැතිකඩ’’ නැමැති ලිපියෙහි පැහැදිලි කර තිබේ. නමුත් එම පොරොන්දම් පමණක් බලා සිදු කරන විවාහය අසාර්ථක වීමට තිබෙන ඉඩප‍්‍රස්ථාවන් වැඩි බව ඔබ විසින් කමෙන්ට් කරන ලද ලිපියේම අන්තර්ගත වෙයි. ඒ මෙසේයි. ‘‘විවාහයෙහි සුභ අසුභ අයනයන්, නැකැත්, තිථි, කරණ, යෝග සහ ලග්නාදිය, අසුභ තිථි වාර හා දෙර්කාණ අංශකල අසුභ ග‍්‍රහ තත්වයන් යටතේ සිදු කළ යුතු ශාන්ති කර්මාදිය, විවාහයෙහි සුභ අසුභ දෛවඥයන්ගෙන් විමසා සිටිය යුතු බව හා දෛවඥයන් කරා එළැඹිය යුතු නැතහොත් යායුතු ආකාරය, දෛවඥයා විසින් තත්කාල ග‍්‍රහචාරානුකූලව විවාහයෙහි සුභ අසුභ විසඳිය යුතු ආකාරය, අපුත‍්‍රී වෛධව්‍ය යෝග නොහොත් දරුවන් හට නොගන්නා යෝග, අඹුසැමි දෙදෙනාගේ භාග්‍ය සම්පත් දක්වන යෝග, ස්වාමියාගේ හෝ භාර්යාවගේ නැසීම දක්වන යෝග, ස්වාමියාගේ හෝ භාර්යාවගේ මව්පියන් නැතිවීම කෙරෙහි බලපාන යෝග, අඹුසැමි දෙදෙනාගේ ජීවත්වන නොවන බව දැක්වෙන යෝග, ස්වාමියාගේ හෝ භාර්යාවගේ නින්දිත බව විමසන යෝග, ශාරීරික බෙලහීනතාවන් හෝ විකලාංග සහිත තත්වයන් විමසන යෝග, දික්කසාදයෙහි චූදිතයා බවට ස්වාමියා හෝ භාර්යාව පත්වන යෝග, බාල වියෙහි දීම වැන්දඹු වීම හෝ බාල අපචාරයන්ට ලක්වන යෝග, පංචකාම සම්පත් නැතහොත් රූප, ශබ්ධ, ගන්ධ, රස සහ ශ්පර්ෂ යන සම්පත් නොලබන යෝග, කන්‍යාංග විභාගය, විෂ කන්‍යා ග‍්‍රහ යෝග, ප‍්‍රථම ආර්තවයේ නැකැත් ඵල, දින ඵල, ඉරියාපථ ඵල සහ රුධිර ඵල ද විවාහයක් සිදු කිරීමට ප‍්‍රමාණවත් පොරොන්දම් ගණන ද ස්ත‍්‍රීන්ටම අනුකූලව නැතහොත් ආර්තවය මුල්කර විවාහ නැකැත් සෑදිය යුතු බව...’’ යනාදී කරුණු ගණනාවක් විවාහයේ දී විමසිය යුතු බව එහි දී මවිසින් අවධාරණය කර ඇත. නමුත් ඒ මාගේ අවධාරණයක් පමණක් නොවන බවත් ඒ පූර්වාචාරීන්ගේ ද මතය වන බවත් සැලකුව මනාය.

    සංඛ්‍යාන විදායාත්මක පර්යේෂණ ජ්‍යෝතිර්විද්‍යා පර්යේෂනවලින් වෙනස් වෙයි. හේතුව සංඛ්‍යාන විද්‍යාත්මක පර්යේෂණ මගින් ගොඩ වැඩි වූ තරමට ප‍්‍රතිශතය අඩු වැඩි කර දැක්විය හැකි ක‍්‍රමවේදයකි. නමුත් ජ්‍යෝතිර් විද්‍යාත්මක පර්යේෂණ එසේ නොවේ. පූර්වාචාරී සෘෂි භාෂිතයන් හා සිදුවීම්වල ගැලපීම් කරමින් කළ යුතු එකකි.

    ReplyDelete
    Replies
    1. apita ape hadahanen api badina kena gana wistara dnagnna plwnda??? e wagema e kna koi kale mna wdyta hmbenwda kylth dngnna plwnda???

      Delete
    2. පුළුවන්. ගුරු පඩුරු එහෙම තැන්පත් කරල පිළිවෙලකට ඒවා කරගන්න පුළුවන් වැඩි විස්තර සඳහා අමතන්න 0714161082

      Delete

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්