Saturday, October 26, 2019

වෛදික ජ්‍යෝතිෂය : පලාඵල කියන හැටි


      පලාඵල කීමේ දී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු
Ø විනායක නමස්කාරය
Ø ඉෂ්ඨදේවතා, ධර්ම දේවතා, පාලන දේවතා, ගුරු දේව, සූර්ය, අග්නි, දක්‍ෂිණ මූර්තිය, ජ්‍යෝතිර් බ්‍රහ්ම
Ø පංචෝපචාර සහිතව දෝෂහරණ මාර්ග දර්ශනය සඳහා ප්‍රාර්ථනය
          v සේවාදායකයාගේ ආගමනය සමග තත්කාල විනිශ්චය
Ø තත්කාල විනිශ්චය ජාතක විනිශ්චයෙන් වෙනස් වන බැවින් මෙහි වෙනත් තැනක එය අර්ථ දැක්නීමට නියමිතය
v කේන්ද්‍රය හා එහි නිරවද්‍යතාව පරීක්‍ෂා කරගැනීම (Birth Time Rectification)
Ø තත්කාල විනිශ්චය අනුව කේන්ද්‍රයේ නිරවද්‍යතාව හා සේවාදායකයාගේ අවශ්‍යතාව හා දෛවඥයා කරා පැමිණීමේ පරමාර්ථය හඳුනාගන්නා බැවින් එහි දී තමාට ලැබෙන්නේ නිවැරදි දත්තයක් ද නැද්ද යන බව ද එයින් ම හඳුනාගැනීමට හැකියාව ඇත.
Ø නමුත් කේන්ද්‍රයක උපන් වේලාව විවිධ හේතූන් නිසා මතභේදයන්ට තුඩුදිය හැකි වීමට කරුණු යෙදීමට අවස්ථාව ඇති අතර එබඳු අවස්ථාවන්හි දී කේන්ද්‍රයක උපන් වේලාවේ නිරවද්‍යතාව පරීක්‍ෂා කරගැනීම (Birth Time Rectification) සඳහා ක්‍රමවේදයක් ජ්‍යෝතිර්වේදය තුළම අන්තර් ගත බැවින් එය හදාළ යුතු වෙයි.
Ø ඔබට ලැබෙන කේන්ද්‍රය සෑදීමට අවශ්‍ය මූලික දත්තයන් 3ක් ඇත.
§  උපන් දිනය
§  උපන් වේලාව
§  උපන් ස්ථානය
මෙම දත්තයන් සේවාදායකයා විසින් ලබාදෙන දත්තයන් ය.
Ø  ඔබට ලැබෙන කේන්ද්‍රය සෑදීමට අවශ්‍ය මූලික සම්පත් හදුනාගන්න
§  පළමුව ඔබේ දැනුම යාවත්කාල කරගන්න
·        කේන්ද්‍රයක් සාධනය කිරීමට ග්‍රහ ගණිතය හෝ ලිත් ගණිතය හෝ පරිගණක මෘදුකාංග භාවිතය හෝ ස්මාර්ට් ජංගම දුරකථන හෝ මගින් ඉටු කර ගත හැකි ය.

෴  මතු සබැඳි ෴
© M. M. Rohana Wasantha

1 comment:

  1. Dushan frm dehiwalaAug 8, 2020, 3:53:00 PM

    Api vagey duppath aya ta mey vayidika jothishya gana kiyala denawata. Bohoma pin.video magin youtube channel ak hara karanna puluvan num sir tath ganak anawa apith igena gannawa.video nisa rupa satahan saha animation ho chart valin thawath hodata pintura yoda gena kiya denna puluvan.sir jaya saha sathuta pathamee. Lipiyak livuwata isthutyi.

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්