Tuesday, June 11, 2013

පරිගණකයෙන් පොරොන්දම් පරීක්ෂාව ගැන පැණයක් මතින් අප පළ කළ අදහසක් ...

ප්‍රශ්නය
දෙන්නෙකුගේ උපන් වේලාව ඇතුලත් කර පොරොන්දම් ගැලපීම ජගන්නාත් එකෙන් කරන්න පුලුවන්ද ඉස්සර match කියන එකෙන් කරන්න පුලුවන්
පිළිතුර
අෂ්ඨ කූඨ ලකුණු ගැලපීම පමණක් ජගන්නාථ හෝරා එකෙන් කරන්න පුළුවන්.
මමත් තවම 20 පොරොන්දම් සඳහා පාවිච්චි කරන්නෙ match කියන එක.
 නමුත් පොරොන්දම් ගැලපීම පමණක් කේන්දර ගැලපීමට භාවිත කිරීම ප්‍රමාණවත් මදි.
හේතුව යම් කෙනෙකුගෙ කේන්දරේ තියෙන්න පුළුවන් විවාහ නාශක යෝග.
ඒ වගේම විෂ කන්‍යා දෝෂ ආදී විවාහය කඩාකප්පල් වෙන දෝෂ තත්වයන්.

ඒ දෝෂ තත්වයන් පොරොන්දම් පරීක්ෂාවේ දී අසුවෙන්නේ නෑ.
කේන්දර ගැලපීම සහ පොරොන්දම් ගැලපීම කියන්නෙ දෙකක්.
ඒ නිසා කේන්දර ගැළපීමයි අපි කළ යුත්තේ පොරොන්දම් බලන විට දී
අෂ්ඨ කූඨ පරීක්ෂාවත් දස පොරොන්දම් පරීක්ෂාවත් විසි පොරොන්දම් පරීක්ෂාවත්
කියන තුනමත් බැලිය යුතු අතර තවත් කේන්දරේ ගතවන දශාවන් අතුරු දශාවන්
වගේම විශේෂයෙන් ග්‍රහ පිහිටීම් අනුව විවාහයට අදාළව කරුණු සොයා බලන
නවාංශක කේන්දරය, උප පදය, ආරූඪ පාදයෙන් හත්වැන්න යන භාවයන් වගේම
ලග්න කේන්දරේ 2,7,12 යන භාවයන් සලකා බලා ඒවායේ අධීපතීන්, රාශිදෘෂ්ඨි,
බාධක, අරගලා ආදිය විමසා බලා තීරණයකට පැමිණිය යුතුය.

2 comments:

  1. කටක ලග්නයේ 2 හා 4 අධිපතීන් පරිවර්තනය වී සිටීම යෝගයක් ද??එහි පල මොනවාද??

    ReplyDelete
  2. ඇමරිකානු රාජ්‍ය නායක ආර්යාවක් වූ හිලරි ක්ලින්ටන්ටත් Ted Turner, media mogul නමැත් අයෙකුටත් පැහැදිළිවම දැකිය හැකිව තිබූ රවි සිකුරු සංයෝගය ලග්නයේ දී ඵල දෙන ආකාරය පිළිබඳ ඉතා පැහැදිළි අදහසක් වශයෙන් මෙසේ පිළිතුරක් එක් කළ හැකිය. මෙය ඇත්තෙන්ම පරිවර්තන යෝගකාරී තත්වයක් ලෙස දැක්විය හැකිය. නමුත් අන්‍යෝන්‍ය වශයෙන් අදාළ භාවයන්හි එනම් 2, 4 යන භාවයන්හි තැන්පත් තවත් ග්‍රහයින් සිටීද? නැතහොත් ඒ ග්‍රහයින්ට ග්‍රහ දෘෂ්ඨිමය වශයෙන් ඇතිවන වෙනත් ග්‍රහ දෘෂ්ඨීන් මොනවාද යන්න විමසා බැලිය යුතු කරුණු වශයෙන් පෙන්වා දිය හැකිය. මෙහි ඵල අපල දෙකම ඇතිවිය හැකි ග්‍රහ යෝගයක් වශයෙන් දැක්විය හැකි අතර මෙම ග්‍රහ යෝගය අන්‍යෝන්‍ය වශයෙන් සිටිය යුතු අංශක ප්‍රමාණයක් ද වන බව සැළකිය යුතුය. මෙය 2, හා 4 පමණක් අයිති තත්වයක් නොවන බව ද සැළකිය යුතු තවත් කරුණකි. රවිට නම් කටක ලග්නයේ දී 2 වැන්න පමණක් හිමිව පවතින නමුත් සිකුරු ග්‍රහයාට තුලාව වන 4 වැන්නත් වෘෂභය වන 11 වැන්නටත් අයිතිය ඇති බව ද සලකා බලා මෙම යෝගයේ පලාඵල පැවසිය යුතු බව කිව හැකිය.

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්