සිද්ධාර්ථ ගෞතමයන් බුදුවීමේ දී ඇසතු ගසක් මුලට ගියේ ඇයි? ද යන්න පිළිබඳ තොරතුරු විමසීමේ දී අපට පෙනී යන ජ්‍යෝතිර්වේදී කරුණු කිහිපයක් ඇත. එනම්, සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසා නැකතෙන් උපත ලැබුවේ නම් නැකැත් වෘක්ෂයට හිමි සපු ගසක් යටට නොගොස් ඇසතු ගසක් යයට ගියේ යම් කරුණක් අනුවය. සොළොස් හැවිරිදි වියේ දී ත්‍රිවේද පරප්‍රාප්ත වූ උන් වහන්සේ උගත් ජ්‍යෝතිර්වේදයේ කියැවෙන ජ්‍යෝතිෂ කරුණු ඉතා ප්‍රශස්ථ මට්ටමින් පිළිපැද ඇති බව ඉන් මනාව වැටහී යයි. එහිලා ඉස්මතුවන කරුණු මෙසේය.
- සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ජන්ම කේන්ද්‍ර සටහනට අනුව චන්ද්‍රයා තලා රාශියෙහිඅංශක 20ක් පසු කොට උපත ලබා තිබුණි
- චන්ද්‍රයා ගුරු හිමි විසා නැකතේ උපත ලබා තිබුණි.
- එසේම උන් වහන්සේගේ ජන්ම ලග්න රාශිය කටක රාශියෙහි පළමු අංශක 3 කලා 20ක් පසු කොට එළැඹි අංශක 13 කලා 20 තුළ පිහිටියේය.
- එබැවින් ජන්ම ලග්නස්ඵුටයට හිමි නැකත වූයේ පුෂ නැකතයි.
- පුෂ නැකතට හිමි වෘක්ෂය ඇසතු වෘක්ෂය වූ බැවින් උන් වහන්සේ ලොව්තුරු ඥානය උපදවා විශ්වීය ශක්තිය හා සමවැදීමට පහසුකාරක වූ ඇසතු ගසක් මුලටම ගොස් ඒ උතුම් පදවිය ලබාගත් සේක.
- මෙහි දී අට විසි බුදුවරුන් බුද්ධත්වයට පත්වීමේ දී ඇසතු වෘක්ෂයක් මුලට ගොස් බුද්ධත්වය ලබා තිබුනේ අප සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පමණි.
- අනෙක් බුදුවරුන් සම්බුද්ධ ඥානය ලැබීමේ දී ලොව්තුරු ඥානය උපදවා විශ්වීය ශක්තිය හා සමවැදීමට පහසුකාරක වූ වෙනත් වෘක්ෂ 27ක් යටට ගොස් ඒ තත්වයට පත් වූහ.
එබැවින් අපට පෙනී යන්නේ උප්පත්ති කේන්ද්‍ර යේ ජන්ම බාධක මගහරවා විශ්ව ශක්තීන් හා සමවැදීමට පහසුකාරක වෘක්ෂ කරා එළැඹීමේ දී උපන් ලග්න ස්ඵුටයට හිමි නැකතට අදාළ වෘක්ෂයක් වෙත යොමුවීම වඩාත් ඵලදායක බවයි.
© M. M. Rohana Wasantha
No comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha