Monday, February 25, 2013

සිද්ධාර්ථ ගෞතමයන් බුදුවීමේ දී ඇසතු ගසක් මුලට ගියේ ඇයි?...ඇනෝගේ චෝදනාවට පිළිතුරක්

ප.ලි
ඇතමුන් මෙම විග්‍රහය සමග එකඟ නොවීමට ඉඩ ඇති අතර මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අප විසින් බුදුදහම විකුණාගෙන ජ්‍යෝතිෂය මාර්කට් කරන බවට චෝදනාවක් එල්ලවී ඇති බව ද සඳහන් කරන අතර සත්‍යය එකක් මිස කිහිපයක් නොවන බව බුදුන් වහන්සේම දේශනා කොට ඇති බවත් යහපත් දේය කුමක් වුවත් එහි පාට, හා ලේබල කවර නම් දෙයක් කරන්නේ ද යන්න මාලුක්‍යපුත්ත භික්ෂුවට වරක් දේශනා කළ බව සිහිපත් කරමි.

යම් අසාධ්‍ය රෝගයකට දෙන බෙහෙත කවර නම් ජන්මියෙකු විසින් දෙන්නේ ද යන්න වැදගත් නොවන අතර එහි දී රෝගයට පිළියම් වශයෙන් දෙනු ලබන බෙහෙත එකී රෝගයට පත්‍යාපත්‍යතාව පමණක් වැදගත් බවත් පෙන්වා දෙනු කැමැත්තෙමි.

බුදුන් වහන්සේ විසින් ජ්‍යෝතිෂය පිළිකෙව් කළා නම් ඒ මනුෂ්‍ය හැකියාවන් නිලීන කරන ජ්‍යෝතිෂය පමණි. මනුෂ්‍ය හැකියාවන් උද්ධීපණය කිරීමට බලපාන ජ්‍යෝතිෂය උන් වහන්සේ කිසිවිටෙකත් පිළිකෙව් නොකළ බව සිහිපත් කළ යුතුය. භික්ෂූන් වහන්සේලාට පවා විනයකර්ම කිරීමේ දී අවශ්‍ය වන පොහොය ලැබීමේ ගෙවීමේ දින ගණනය කර ගැනීම සඳහා ජ්‍යෝතිෂය දැන සිටීම අවශ්‍ය කරුණක් බව අනුදැන වදාරා ඇති බව සිහිපත් කළ යුතුය. එසේම කාම චරිත, මෝහ චරිත, ද්වේශ චරිත හඳුනාගැනීම සඳහා දිව්‍යමය ඥාන උපදවා ගනු නොලැබූ නායක භික්ෂුවකට තම ගෝල භික්ෂූන් වහන්සේලා හික්මවා ගැනීම සඳහා උපදෙස් දීමේ දී ඔවුන්ගේ චරිත ස්වභාවයන් හඳුනාගෙන උපදෙස් දීම සඳහා ජ්‍යෝතිෂය දැන සිටීමේ වරදක් නොවන බව පෙන්වා දිය හැකිය.

ශාසනය පිරිහීමට හේතුකාරක ක්‍රියා කරන යම් පුද්ගලයෙකු මහණ නොකිරීම ශාසනයේ උන්නතියට හේතුවන බව පෙන්වා දෙනු කැමති අතර එබඳු පුද්ගලයන්ගේ චරිත කළින් දැන, දැක ගැනීම භික්ෂුවකට ඉතාම අවශ්‍ය කරුණක් බව ද පෙන්වා දෙනු කැමැත්තෙමි. පන්සලට යම් කුල දරුවෙකු මහණ කිරීම සඳහා අතීතයේ භාරදෙනු ලැබූ අවස්ථාවන්හි ප්‍රථමයෙන්ම එම දරුවාගේ කේන්ද්‍ර සටහන සමගින් භාර දුන් බව අප හොඳින් දන්නා කරුණකි. පෙර ලංකාවේ විසූ වීදාගම, වෑත්තෑවේ හා තොටගමුවේ රාහුල, මුල්කිරිගල පන්සලේ පොඩි ස්වාමින් වහන්සේ වැනි ජ්‍යෝතිශ් ශාස්ත්‍රධාරී භික්ෂූන්ගේ ක්‍රියා කලාප බෞද්ධ සංස්කෘතියේ පෝෂණයට දක්වන ලද පිටිවහල දෙස බැලීමේ දී ඒ බව මොනවට සනාථ වන බව පැහැදිලි කරුණකි.

© M. M. Rohana Wasantha

Sunday, February 24, 2013

සිද්ධාර්ථ ගෞතමයන් බුදුවීමේ දී ඇසතු ගසක් මුලට ගියේ ඇයි?



සිද්ධාර්ථ ගෞතමයන් බුදුවීමේ දී ඇසතු ගසක් මුලට ගියේ ඇයි? ද යන්න පිළිබඳ තොරතුරු විමසීමේ දී අපට පෙනී යන ජ්‍යෝතිර්වේදී කරුණු කිහිපයක් ඇත. එනම්, සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසා නැකතෙන් උපත ලැබුවේ නම් නැකැත් වෘක්ෂයට හිමි සපු ගසක් යටට නොගොස් ඇසතු ගසක් යයට ගියේ යම් කරුණක් අනුවය.  සොළොස් හැවිරිදි වියේ දී ත්‍රිවේද පරප්‍රාප්ත වූ උන් වහන්සේ උගත් ජ්‍යෝතිර්වේදයේ කියැවෙන ජ්‍යෝතිෂ කරුණු ඉතා ප්‍රශස්ථ මට්ටමින් පිළිපැද ඇති බව ඉන් මනාව වැටහී යයි. එහිලා ඉස්මතුවන කරුණු මෙසේය.
  • සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ජන්ම කේන්ද්‍ර සටහනට අනුව චන්ද්‍රයා තලා රාශියෙහිඅංශක 20ක් පසු කොට උපත ලබා තිබුණි
  • චන්ද්‍රයා ගුරු හිමි විසා නැකතේ උපත ලබා තිබුණි.
  • එසේම උන් වහන්සේගේ ජන්ම ලග්න රාශිය කටක රාශියෙහි පළමු අංශක 3 කලා 20ක් පසු කොට එළැඹි අංශක 13 කලා 20 තුළ පිහිටියේය. 
  • එබැවින් ජන්ම ලග්නස්ඵුටයට හිමි නැකත වූයේ පුෂ නැකතයි. 
  • පුෂ නැකතට හිමි වෘක්ෂය ඇසතු වෘක්ෂය වූ බැවින් උන් වහන්සේ ලොව්තුරු ඥානය උපදවා විශ්වීය ශක්තිය හා සමවැදීමට පහසුකාරක වූ ඇසතු ගසක් මුලටම ගොස් ඒ උතුම් පදවිය ලබාගත් සේක.
  • මෙහි දී අට විසි බුදුවරුන් බුද්ධත්වයට පත්වීමේ දී ඇසතු වෘක්ෂයක් මුලට ගොස් බුද්ධත්වය ලබා තිබුනේ අප සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පමණි.
  • අනෙක් බුදුවරුන් සම්බුද්ධ ඥානය ලැබීමේ දී ලොව්තුරු ඥානය උපදවා විශ්වීය ශක්තිය හා සමවැදීමට පහසුකාරක වූ වෙනත් වෘක්ෂ 27ක් යටට ගොස් ඒ තත්වයට පත් වූහ.

එබැවින් අපට පෙනී යන්නේ උප්පත්ති කේන්ද්‍ර යේ ජන්ම බාධක මගහරවා විශ්ව ශක්තීන් හා සමවැදීමට පහසුකාරක වෘක්ෂ කරා එළැඹීමේ දී උපන් ලග්න ස්ඵුටයට හිමි නැකතට අදාළ වෘක්ෂයක් වෙත යොමුවීම  වඩාත් ඵලදායක බවයි.

© M. M. Rohana Wasantha

Sunday, February 17, 2013

චන්දුලාල් එස් පටෙල් විසින් රචිත නවාම්ස ඉන් ඇස්ට්‍රොලොජි

ජ්‍යෝතිෂයේ දී නවාම්ශ භාවිතය පිළිබඳව 72, JANPATH, YEO MANSION, NEW DELHI හි SAGAR PUBLICATION අයතනය විසින් පළ කරන ලද චන්දුලාල් එස් පටෙල් විසින් රචිත මෙම කෘතිය ජ්‍යෝතිෂයේ දී නවාම්ශය ඇසුරෙන් පලාඵල පැවසීම සඳහා ඉතා ප්‍රශස්ථ මට්ටමේ කෘතියක් බව පෙන්වා දෙනු කැමැත්තෙමි. මෙම පීඩීඑෆ් ගොණුව
ස්ක්‍රිබ්ඩ් වෙබ් අඩවියෙහි නොමිලයේ බාගත කරගත හැකි අයුරින් දක්වා ඇත.

© M. M. Rohana Wasantha

Thursday, January 31, 2013

ගණපති මූල මන්ත්‍ර



ඕම් ශ්‍රීම් හ්‍රීම් ක්ලීම් ග්ලෞම් ගම් ගණපතයේ වර වරද සර්ව ජනම් මේ වසමානායස්වාහා ෴ 108 වරක් වත් අඩු තරමේ ගායනා කළ යුතුය.


© M. M. Rohana Wasantha

Tuesday, January 29, 2013

ජගන්නාථ හෝරා මෘදුකාංගය මගින් සුභ මුහුර්ත සෑදීම 03


Image Source [http://festivals.iloveindia.com/ganesh-chaturti/pics/lord-ganesh.jpg]















Image Source [https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcQszSy7Z4gMyBKf0tdFERJoMR3diYkm8yKJ8gdvBBsQXFwxEdi69g]




ඇතැම් බ්‍රව්සරයන්ගේ පවතින ගැටළු සහගත තත්වයන් නිසා මෙම PDF ගොණුව ඩවුන්ලෝඩ් කරගැනීම අපහසු අවස්ථාවක දී පහත ඇමිණුම භාවිත කොට එය බාගත කරගත හැකිය.... බාගන්න මෙතනට එන්න...

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්