Wednesday, March 12, 2014

මුහුර්ථ සාධනයේ දී සොයා බැලිය යුතු ග්‍රහ බලය

මුහුර්ථ සාධනයේ දී සොයා බැලිය යුතු ග්‍රහ බලය[1]

රාශි චක්‍රය සේම වර්ග චක්‍රයන්හි බලවත් භාවය ද මුහුර්ථ සාධනයේ දී විමසා බැලිය යුතු කරුණක් වශයෙන් පෙන්වා දෙනු කැමැත්තෙමි. උදාහරණයක් වශයෙන් නව රැකියාවක් සඳහා සම්බන්ධ වීමේ දී දසාම්ශයේ (D-10) ලග්නය, 6වැන්න සහ 10 වන භාවය බලවත්ව තිබිය යුතුය. යම් ළදරුවෙකුගේ අධ්‍යාපනාදී කටයුතු ඇරඹීමේ දී රාශි චක්‍රෙයහි මෙන්ම සිද්ධාම්ශයේ (D-24) ද 1,2,4,5 යන ස්ථාන බලවත්ව තිබිය යුතුය. අළුත් වාහනයක් මිලදී ගැනීමේ දී රාශි චක්‍රයෙහි මෙන්ම ෂෝඩෂාම්ශයෙහි (D-16) ද 1, 4 සහ ආරූඪ සිව්වන පාදය (A4) බලවත් විය යතුය.

අළුත් නිවසකට ප්‍රවේශ වීමේ  දී ලග්නයේ සිට සහ සිකුරුගේ සිට 1 සහ 4 වන භාවය රාශි චක්‍රයේ මෙන්ම චතුර්තාම්ශයේ (D-4) දී ද බලවත් විය යුතුය. දේපල මිලදී ගැනීමක දී ලග්නයේ සිට සහ කුජගේ සිට 1 සහ 4 වන භාවය රාශි චක්‍රයේ මෙන්ම චතුර්තාම්ශයේ (D-4) දී ද බලවත් විය යුතුය.

ආරම්භ කරනා වැඩෙහි සාධනීයත්වය කාලානුරූපීව වර්ධනීය තත්වය මැණ බැලීම සඳහා භාවිත කරන මුහුර්ථයෙහි ආදාන කේන්ද්‍රයට අදාළ විම්ශෝත්තරී දශාව භාවිත කළ හැකි වෙයි. යම් කාර්යයක් සඳහා භාවිත කරන ලද මුහුර්ථයක කාලය මැනීමේ දී අදාළ කාර්යයට අනුරූප කාලය (එම වැඩය නිම කිරීම සඳහා ගත වන කාලය) නිශ්චිතවම දන්නේ නම් එම කාලයට අනුව විම්ශෝත්තරී දශාව හකුළුවා ගණනය කළ හැකිය. විම්ශෝත්තරී දශාව හකුළුවා ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව Narasimha Rao, P.V.R. (2000), Vedic Astrology: An Integrated Approach, 35.4 Mundane Astrology, p.464  හි අර්ථ දක්වා ඇත. යම් කාර්යයක් යම් මුහුර්ථයක දී ආරම්භ කළේ නම් ඊට අනුරූපී සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මැණ බැලීම සඳහා කාල රාමුව ගණනය කිරීම සම්බන්ධව නිශ්චිත කාල වකවානුවක් දීම අපහසුය. අපට විම්ශෝත්තරී දශාව අවුරුදු 120කට මැණ බැලිය හැකිය. අමතරව, ග්‍රහ බලය මත එම මුහුර්ථයේ විම්ශෝත්තරී දශාවට අනුව ගණනය කරමින් පළමු දශාවෙහි තත්වය ආදාන ග්‍රහ චක්‍රයේ ඵලදායී ග්‍රහයාගේ තත්වය මත පිහිටා තහවුරු කර ගත යුතු වෙයි. මුහුර්ථයේ බලපෑම මාස කිහිපයකට හෝ වර්ෂ කිහිපයකට බලපාන්නේ නම් දිගු ගමනක් යාම සඳහා අදාළ මුර්ථයේ ආදාන ලග්න සටහනෙහි ග්‍රහ බලය වඩාත් බලපෑම් සහගත වනු ඇත. විම්ශෝත්තරී දශා ක්‍රමයට අනුව පළමු දශාව ඉතා වැදගත් වනු ඇත. උදාහරණයක් වශයෙන් ගනු ලැබූ මුහුර්ථ ග්‍රහ සටහනක රාශි චක්‍රය යහපත් රාශියකට අනුව සලකා බලනු ලෑබූ විටෙක දී එමු මුහුර්ථය නව රැකියාවකට සම්බන්ධ වීම සඳහා භාවිත කළේ නම් එම රාශි සටහනේ දශාම්ශයේ (D-10) අටවැන්නාධිපතිට පළමු දශාව හිමිවූවහොත් ඔහුට හෝ ඇයට අසුභ ඵල එම රැකියාවේ මුල් කාලය තුළ අත්විඳීමට සිදුවනු ඇත.


[1] Narasimha Rao, P.V.R. (2000), Vedic Astrology: An Integrated Approach, 36.4 Planetary Strength, p.475

 © M. M. Rohana Wasantha

No comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්