Thursday, October 15, 2009

ඔබේ ලග්නය ඔබටම සොයාගත හැකි පහසු මගක්...



මෙම පහත දැක්වෙන චක‍්‍රයන් ආධාරයෙන් ඔබට ඔබේ උපන් වේලාවට අනුව කවර ලග්නයක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවෙන් මතුවෙමින් පැවතියේද කියා දැන ගත හැකිය. 


එසේම මෙම චක‍්‍රය ආධාරයෙන් සොයාගනු ලබන ලග්නය ඕනෑම වසරකට පොදු චක‍්‍රයක් බැවින් වසර භේදයකින් තොරව මෙම චක‍්‍රය ආධාරයෙන් නිශ්චිත දිනයක නිශ්චිත වේලාවක උදාවෙමින් පවතින ලග්න රාශින සෙවීමට හැකිය.  


මෙය ලංකාවට පමණක් මෙම චක‍්‍රයෙන් උදා ලග්නය සෙවිය හැකි අතර විදේශ රටවල් සඳහා කොළඹ වේලාව සමග ඇති කාල වෙනස අඩු වැඩි කිරීමෙන් එය ලබා ගත හැකිය.


(සමහර කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන් මෙම වගුව ප‍්‍රින්ට් කරගන්නග එහෙම අය මෙම වගුව උඩ වරක් ක්ලික් කරන්න. එවිට එය විශාලනය වී දර්ශනය වෙයි. අනතුරුව එය මත රයිට් ක්ලික් කර ‘‘සේව් ඉමේජ් ඈස්’’ යන විකල්පය තෝරාගෙන එම ඉමේජය (පින්තූරය) බාගන්න. එසේ බාගත කරගත් පින්තූරය වෙනම විවෘත කර ප‍්‍රින්ට් කරගන්න.)

3 comments:

  1. පොඩි ගැටළුවක් තියෙනවා.

    අපි හිතමු කෙනෙක් පැය 1350 ට උපන්නා කියල. එතකොට ඔය සටහනේ තියෙන දෙවෙනි වගුවෙන් අපි තෝරගන්නේ පැය 14.00 - 16.00 ට අදාළ ලග්නයද?

    සටහනේ තියෙන උදාහරණය හොඳ මදි. 24 වෙනි පැය කියන්නෙ උදාහරණයකට ගන්න සුදුසු එකක් නෙමෙයි. :)

    ReplyDelete
  2. ශාකුන්තල, ඔබේ පළමු ගැටළුවට පිළිතුර ඔවු යන්නය. නමුත් රවි සිටින රාශියට අදාළ මාසයට හිමි වගුවේ පැය 14 - 16 කොටස තොරාගෙන හිරු උදාව අනුව එය සකස් කර ඟගත යුතුය. 24 පැය යන්න උදාහරණයකට ගත නොයුතු එකක් සෙ ඇති වරදක් ඒ අනුව සිතා ගත නොහැකිය. මෙම චක්‍රය දවසේ ඕනෑම වේලාවකට අදාළ බැවින් 24 පැයෙහි උපන්නෙකුට එය අදාළ නොවන එකක් නොවේ. මදක් මෙය සිතන්න.
    එම්. එම්. රෝහණ වසන්ත 0714161082

    ReplyDelete
  3. පැය 1350 තියන්නේ 1200 - 1400 කොටසෙනේ...

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්