Monday, December 1, 2014

ඔබත් තවමත් උපන්දිනය සමරන්නේ Pope Gregory-XIIIගේ කැලැන්ඩරයට අනුවද?

ඔබත් තවමත් උපන් දිනය සමරන්නේ Pope Gregory XIII ගේ කැලැන්ඩරයට අනුව ද ? එසේ නම් නැවත සිතන්නට කාලය එළැඹ ඇත. 

ඔබේ කර්මය මත ගොඩනගන විපක ධාරාව ගලායන රටාව අනුව සැලකිල්ලට ගනිමින් ආත්මය හා සිත යන ජ්‍යෝතිර්විද්‍යාත්මක සංකල්ප මත ගොඩනැගෙන උපන්දිනයක් ඔබට ඇති බව ඔබ සිතුවාද? 

ඔබ උපන් වේලාවේ රවිගේ හා සඳුගේ පිහිටීම සලකා බලා තීරණය කරන චන්ද්‍ර දිනයක් ලෙස සලකන තිථිය පදනම් කරගෙන එම තිථිය යෙදුනේ සූර්යයා කවර රාශියක කිනම් භුක්තියක් වළඳිමින් සිටි අවස්ථවේ දැයි සොයා බලා ඒ කිනම් ග්‍රහයෙකුට අයත්ව තිබූ දිනයක් දැයි දිනාධිපතියා ද සලකා බලා මෙම උපන් දිනය තීරණය කරයි. 

මේ අනුව එය සම්මත කැලැන්ඩරයට අනුව සිදුවන්නක් නොවේ. එය ඔබ උපන් අවස්ථාවේ දී විශ්ව ග්‍රහ සිතියමේ පිහිටීම අනුව තීරණය කෙරෙන්නක් බැවින් මීලඟ වෛදික උපන් දිනය ඔබට යෙදෙන්නේ කවදාදැයි අපවෙතින් විමසා දැනගත හැකිය. 

එසේම ඒ අනුව කවර නම් වූ ආකාරයකින් මීලඟ තිථි ප්‍රවේශය තෙක් ඉදිරි වර්ෂය ඔබට ගෙවී යන්නේ දැයි මෙම වර්ෂයේ තිථි ප්‍රවේශයේ දී වූ විශ්ව ග්‍රහ සිතියම ඇසුරු කර සිදු කරන පලාඵල කථනයක් දැන ගැනීමට ඔබ අපේක්ෂාවෙන් පසුවන බව අපි දනිමු. 

එසේම ඔබගේ මීලඟ උපන් දිනය වන ඉදිරි වර්ෂයේ තිථි ප්‍රවේශය එළැඹෙන දිනය කවදාදැයි දැනගැනීමටත් ඔබ අපේක්ෂාවෙන් පසුවන බව ද අපි දනිමු.

එම ඔබගේ මීලඟ උපන් දිනය වන ඉදිරි වර්ෂයේ තිථි ප්‍රවේශය එළැඹෙන දිනයේ දී ඔබ විසින් අනුගමනය කළ යුතු කියා පිළිවෙත්, එළැඹිය යුතු දෙවි දේවතාවුන් හඳුනාගැනීම සිදු කළ යතු වන්නේය. 

තවද මේ අනුව ඉදිරි වර්ෂය සැලසුම් කර ගැනීම හා එහි පුරෝකථනය දැන ගැනීම සඳහා අප අමතන්න.

© M. M. Rohana Wasantha / +94714161082

Monday, October 27, 2014

Android මෙහෙයුම් පද්ධතියේ ඕෆ් ලයින් Offline වැඩ කිරීමට හැකියාව ඇති ජ්‍යෝතිෂ මෘදුකාංගයක්

Jaataka for Astrology
ජාතක ෆෝ ඇස්ට්‍රොෙලාජි

මෙම මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන ජංගම දුරකථනවල (ෆෝන්) සහ ටැබ්වල ක්‍රියාත්මක කළ හැකි ඕෆ් ලයින් Offline වැඩ කිරීමට හැකියාව ඇති ජ්‍යෝතිෂ මෘදුකාංගයක් වීම වඩාත් ප්‍රයෝජනවත් වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන ජංගම දුරකථන සහ ටැබ්ලට් පරිගණක භාවිත කරන 21 වන සියවසේ ජීවත්වන ජ්‍යෝතිර්වේදීන්ට යන එන ගමන් එදිනෙදා ජීවිතයේ දී දැන දැක ගත හැකි භාවිත කළ හැකි මෘදුකාංගයක් වශයෙන් පෙන්වා දිය හැකිය.

Jagannatha Hora 



මෘදුකාංගයෙන් වැඩ කළ ඔබට ජ්‍යෝතිෂ මූලික සිද්ධාන්ත මතකයේ 

තබාගෙන මෙම මෘදුකාංගයේ වැඩ කළ හැකි වීම වඩාත් 

පහසුකාරකයකි.


ලග්න කේන්දර සහ ප්‍රශ්න කේන්දර සැකසීම
උතුරු ඉන්දියානු හා දකුණු ඉන්දියානු කේන්දර සටහන් ආකෘති අනුව කේන්ද්‍ර සැකසීම
අෂ්ඨක වර්ග සහ වර්ග චක්‍ර, ප්ලැසිඩියස් ක්‍රමයට සැකසුන චක්‍ර භාවිතය
ව්ම්ශෝත්තරී දශා අන්තර් දශා සහ ප්‍රත්‍යාන්තර් දශා භාවිතය
ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට අධිපති ග්‍රහයින් සෙවීමාදී කටයුතු
කේන්දර සේව් කර මතකයේ තැන්පත් කර ගත හැකි වීම
පලාඵල දක්වනු නොලැබේ. ගණනය කිරීම් පමණක් භාවිත කළ හැකිය. පහත දැක්වෙන්නේ එහි අතුරු මුහුණත් කිහිපයකි

කේන්දර සටහන් මුහුණත
දශා මුහුණත
දත්ත ඇතුළත් කිරීමේ මුහුණත
ක්‍රිණමූර්ති පද්ධති මුහුණත
‍‍මෙන්න ලින්ක් එකhttps://play.google.com/store/apps/details?id=com.appspot.vedic&hl=en© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්