Monday, September 3, 2012

සූර්ය නමස්කාර ඉරියව් හා ද්වා දස සූර්ය දේවතා නමස්කාර පාඨ



සූර්ය නමස්කාර ඉරියව් Image Source: http://www.yugshaktiashram.org




ද්වා දස සූර්ය දේවතා නමස්කාර පාඨ Image Source: http://www.indif.com




සූර්‍ය්‍ය දේවතාවුන් Image Source:http://www.hindu-blog.com

සිංහලානු වාදය
  1. ඕම් මිත‍්‍රාය නමහඃ ෴
  2. ඕම් රවායේ නමහඃ ෴
  3. ඕම් සූර්යාය නමහඃ ෴
  4. ඕම් භානවේ නමහඃ ෴
  5. ඕම් ඛගාය නමහඃ ෴
  6. ඕම් පුෂ්නෛහ් නමහඃ ෴
  7. ඕම් හිරණ්‍යඝර්භාය නමහඃ ෴
  8. ඕම් මරිචයේ නමහඃ ෴
  9. ඕම් ආදිත්‍යාය නමහඃ ෴
  10. ඕම් සාවිත‍්‍රයේ නමහඃ ෴
  11. ඕම් අර්ක්‍යාය නමහඃ ෴
  12. ඕම් භාෂ්කරාය නමහඃ ෴
Courtesy ; http://www.youtube.com/watch?v=E12nC14NIUQ

සැලකිය යුතු - මේෂ ලග්න හිමියන් සූර්ය දේව නමස්කාරය කිරීමේ දී රවි ග්‍රහයාගේ ග්‍රහ නාමය වන ‘රවි‘ යන්න ප්‍රකාශ නොකට යුතුය. 

© M. M. Rohana Wasantha

Saturday, September 1, 2012

පොරොන්දම් පරීක්ෂාව පිළිබඳ ගැටළු තුනක්

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් පාඨක ඔබ විමසා සිටි පොරොන්දම් පරීක්ෂාව පිළිබඳ ගැටළු තුනක්.









Image Source : http://purasanda.blogspot.com/2010/03/blog-post_30.html

1.නැකත් පොරොන්දම ගැලපෙන්නේ නැති හදහන් අනිවාර්යෙන්ම විවාහයට විපත් ද?

නැකැත් පොරොන්දම, පිළිබඳ පූර්ණ විස්තරයක් විසිපොරොන්දම්වල විද්‍යාත්මක පැතිකඩ නමැති ලිපයේ සඳහන් වෙනවා. වැඩිදුරටත් විමසා බැලීමේ දී පෙන්වාදිය හැක්කේ මෙයයි.

ජන්ම, අනු ජන්ම, ත්‍රි ජන්ම -පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණ දෝෂ ඇතිවිය හැකි තත්වයකි.

සම්පත්, අනු සම්පත් , ත්‍රි සම්පත් - හිතප්‍රත්‍ය සම්පත් දායකත්වය ඇති වේ.

විපත්, අනු විපත්, ත්‍රි විපත් - දුක්ඛ දෝමනස්සයන් ඇති වෙයි.

ක්ෂේම, අනු ක්ෂේම, ත්‍රි ක්ෂේම - මධ්‍යස්ථ ඵල දායක තත්වයකි.

ප්‍රත්‍යාරි, අනු ප්‍රත්‍යාරි, ත්‍රි ප්‍රත්‍යාරි - හිතප්‍රත්‍ය සම්පත් විනාශ මුඛයට වැටේ.

සාධක, අනු සාධක, ත්‍රි සාධක - සර්වාර්ථ සිද්ධි සාධන තත්වයක් ඇති වේ.

වධ, අනු වධ, ත්‍රි වධ - මානසික හා කායික වධය පිණිස හේතු වේ.

මෛත්‍රී, අනු මෛත්‍රී, ත්‍රි මෛත්‍රී - බ්‍රහ්ම විහාරී ගුණයෙන් යුතු‍ වේ.

පරමෛත්‍රී, අනු පරමෛත්‍රී, ත්‍රි පරමෛත්‍රී - අති බ්‍රහ්ම විහාරී ගුණයෙන් යුතු වේ.

මෙම තත්වයන් යටතේ කවර ගණයකට වැටේ දැයි බලා තීරණය කළ යුත්තකි.

2. යෝනි, නාඩි, ලිංග පොරොන්දම් ගාලපුනොතින් එම නැකත් දෝෂය භංග වෙනවා කියන්නේ ඇත්තක්ද? එසේනම් මේ සියල්ලම ගැලපිය යුතුමද?

යෝනි පොරොන්දමලිංගික තෘප්තිය ද ලිංග පොරොන්දම ලිංගික හැසිරීම ද පෙන්වා දෙන බව විසිපොරොන්දම්වල විද්‍යාත්මක පැතිකඩ නමැති ලිපියේ පෙන්වා දුන් අතර

යෝනි පොරොන්දම - ලිංගික තෘප්තිය යහපත් විටෙක දී සහ

ලිංග පොරොන්දම - ලිංගික හැසිරීම යහපත් විටෙක දී ඉහත පෙන්වා දුන් පහත සඳහන් කරුණුවල ඇතිවිය හැකි ගැටළුමය තත්වයන් වැලකීමට ඇති ඉඩ ප්‍රස්ථා භංග වීමට නම් අනිවාර්යයෙන්ම ග්‍රහ පොරොන්දමේ පාපාංශක තත්වයන්ගේ අගයන් කවර මට්ටමක පවතීදැයි විමසා බලා තීරණයකට එළඹිය යුතුවෙයි.

ජන්ම, අනු ජන්ම, ත්‍රි ජන්ම -පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණ දෝෂ ඇතිවිය හැකි තත්වයකි.

විපත්, අනු විපත්, ත්‍රි විපත් - දුක්ඛ දෝමනස්සයන් ඇති වෙයි.

ප්‍රත්‍යාරි, අනු ප්‍රත්‍යාරි, ත්‍රි ප්‍රත්‍යාරි - හිතප්‍රත්‍ය සම්පත් විනාශ මුඛයට වැටේ.

වධ, අනු වධ, ත්‍රි වධ - මානසික හා කායික වධය පිණිස හේතු වේ.


3. ග්‍රහ පොරොන්දමට අදාලව ගණනය කිරීම් කරන්නේ කොහොමද? සුබ අසුබ තීරණය වන්නේ කෙසේද? (පරිගණක මෘදුකාංගයෙන් එන ග්‍රහ පොරොන්දම් ප්‍රතිපලය ගැටළු සහිත)
ග්‍රහ පොරොන්දම ප්‍රදාන පොරොන්දමක් නොවුනත් බොහෝ විට නැකත් වලට පසුව එහි ගැලපීම බලන්නේ කුමක් නිසාද?

නැකැත් පොරොන්දම යනු ජන්මියා උපන් නැකත අනුව විමසා බැලෙන තත්වයකි. උපන්නැකත යනු උපතේ දී චන්ද්‍රයා සිටි නක්ෂත්‍ර කාණ්ඩයයි. චන්ද්‍රයා යනු මිනිස් සිතට අධිපතිත්වය දරන ග්‍රහයාය. මිනිස් සිත සියළුම ධර්මතාවන්ට බලපාන ප්‍රධානතම සාධකය බව බුදුරදුන් ද "මනෝපුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා..." යනුවෙන් දක්වා ලූ කල නැකැත් පොරොන්දමේ පවතින අද්විතීය වැදගත්කම හා අත්‍යාවශ්‍යතාව පැහැදිළි වෙයි.

ග්‍රහ පොරොන්දමට අදාළ ගණනය කිරීම් සඳහා ලග්නය, චන්ද්‍රයා, හා සිකුරු යන ග්‍රහයින්ගෙන් 1,2,7,8 යන භාවයන්හි දී තැන්පත් ග්‍රහයින් අනුව ඒ ඒ තැන්පත් ග්‍රහයින්ගේ තත් රාශියට තිබූ සම, මිත්‍ර, අමිත්‍ර, ස්වක්ෂේත්‍ර, උච්ඡ යන උප්පත්ති නිසර්ග තත්වයන් මත ලබාදෙන ඇගයීම් ලකුණු පාපංශක වශයෙන් ගණනය කෙරේ. මීට අමතරව ස්තී පුරුෂ දෙදෙනාගේම කේන්ද්‍රවල පවතින විෂ දෝෂ, වැන්දඹු දෝෂ, විකලාංග දෝෂ, මාතුල හා පිතු නාශ දෝෂ, දාරක නාශ දෝෂ , භාතෘ නාෂ දෝෂ, කුල නාශ දෝෂ, ව්‍යාභිචාර දෝෂ ආදී විශේෂිත ග්‍රහ පිහිටීම් කවර මට්ටමක පවතීදැයි විමසීම ද ග්‍රහ පොරොන්දමේ දී විමසා බැලිය යුතු කරුණු වශයෙන් පෙන්වාදිය හැකිය.

පරිගණක මෘදුකාංග කෙතරම් මෙම අවකාශය තුළ කටයුතු කරනවාද යන්න පිළිබඳ පවතින්නේ එක් අදහසක් පමණි. පරාශර ලයිට් 7 මෘදුකාංගය මෙම මෘදුකාංග අතරින් ඉහළම තැන සිටින අතර ඇස්ට්‍රොවිෂන් ලයිෆ් සයින් මෘදුකාංගයේ නවතම සංස්කරණයක් මෙකී අවකාශය තුළ යම් තැනක හිඳින බව පැවසිය හැකිය. නමුත් මෙම මෘදුකාංග දෙකම ඉතා ඉහළ මිල ගණන් කැප කළ යුතු මෘදුකාංග වශයෙන් පෙන්වා දිය හැකිය. එසේම ගෝරාවනී නමින් යුතු මෘදුකාංගයක් ද මේ පමණකට අවකාශය තුළ සම්පත් දායකත්වයක් සපුරා ඇති බව පැවසිය යුතුය.

සාමාන්‍ය පාඨක ඔබ කොළඹ විශ්ව විද්‍යාලයේ සරත් සෝමසිරි නමින් හඳුනන පරිගණක විද්‍යාව පිළිබඳ කථිකාචාර්‍ය්‍යවරයා විසින් 1995 වසරේ දී "සී පරිගණක භාෂාවෙන්" මුලින්ම සරල නමුත් නිරවද්‍යතාව අනුව ඉහළ අගයක පැවැති Fortune Teller.exe , Astro.exe හා Match.exe නමින් අප සමාජයේ පැවති මෘදුකාංග යම් පමණකට අවශ්‍යතාව සපුරාලූව ද යථෝක්ත කරුණු කවර පදනමකින් පසුරාලන්නේ ද යන්න අපට ද ගැටලුවකි.

© M. M. Rohana Wasantha 0714161082/ 0723430028/ wasantha2010@gmail.com

Friday, August 31, 2012

෴ ශ්‍රී මහා ගණේෂ පඤ්චරත්නම්෴



Audio Source : http://www.vedamantram.com/

ක්‍රිෂ්තු වර්ෂ අටවන සියවසේ දී ශ්‍රී ශංකර භගවත් පාදයන් විසින් විරචිත


෴ ශ්‍රී මහා ගණේෂ පඤ්චරත්නම්෴


මුධාකරත්ත මෝධකම් සදා විමුක්ති සාධකම්

කලාධරාවතංසකම් විලාසි ලෝක රක්ෂකම්

අනායකෛක නායකම් විනාසිතේව දෛත්‍යකම්

නටාසුභාසු නාශකම් නමාමි තං විනායගම් ෴


නඨේතරාති භීකරම් නවෝදිතර්ක භාෂ්වරම්

නමත් සුරාරි නිර්ජරම් නටාදි කාප දුද්ධරම්

සුරේශ්වරම්, නිධීශ්වරම්, ගජේශ්වරම්, ගණේශ්වරම්

මහේශ්වරම් සමාශ්‍රයේ පරාත්පරම් නිරන්තරම් ෴


සමස්ථ ලෝක සංකරම් නිරස්ථ දෛත්‍ය කුඤ්ජරම්

දාරේදරෝදරම් වරම් වරේ භවක්ත්‍ර මක්ෂරම්

කෘපාකරම්, ක්ෂමාකරම්, මුදාකරම්, යයස්කරම්

නමස්කෘතම් නමස්කෘතම් නමස්කරෝමි භාස්වරම් ෴


අකිම්චනර්ථි මර්ජනම් චිරන්තනොක්ති භාජනම්

පුරාරිපුර්ව නන්දනම් සුරාරි ගර්ව චර්වනම්

ප්‍රපංචනාශ භීෂණම් ධනංජයාදි භූෂණම්

කපෝල දාන වාරනම් භජේ පුරාණ වාරණම් ෴


නිටන්තිකන්ත දන්තකන්ති මන්තකාන්ත කාත්මජම්

අචින්ත රූප මන්තකී නමන්තරාය කෘන්තනම්

හෘදන්තරේ නිරන්තරම් වසන්තමේව යෝගිනම්

තමේක දන්තමේව තම් විචින්තයාමි සන්තතම් ෴


මහා‍ ගණේෂ පඤ්චරන්තමාදරේන යොම්බගම්

ප්‍රජල්පති ප්‍රභාධකේ හෘදිශ්වරම් ගණේශ්වරම්

අරෝගතාම දෝෂතම් සුසාහිතිම් සුපුත්‍රතා

සමාහිතායුරෂතමූතිමඃ මෘපෛති ශෝචිරා ෴


ඉති ශ්‍රී පරමහම්ස පරිව්‍රාජකාචාර්යස්‍ය ශ්‍රී ගෝවින්ද භගවතු

පූජ්‍යපාද ශිෂ්‍යස්‍ය ශ්‍රී ශංකරභගවතඃ කෘතෞ ගණේෂ පඤ්චරත්නම් සම්පූර්ණම් ෴


සිංහලානුවාදය © M. M. Rohana Wasantha

Monday, August 27, 2012

෴ ... ශ්‍රී ගණපති ස්තෝත්‍රම් ...෴ ප්‍රණම්‍ය සිරසා දේවම්...

Video Source : http://www.youtube.com/watch?v=4G55juXnLVQ&feature=player_embedded

ඕම් ශ්‍රී ගණේෂාය නමහඃ ෴ නාරද වුවාච ෴


ප්‍රණම්ය සිරසා දේවම් ෴ ගෞරී පුත්‍රම් විනායකම්෴

භක්තාවාසම් ස්මරේන්නිත්‍යම්෴ ආයුඃකාමාර්ථ සිද්ධයේ෴


ප්‍රථමං වක්‍රතුණ්ඩම් ච ෴ ඒකදන්තම් ද්විතීයකම්෴

තෘතීයම් කෘෂ්ණපිංගාක්ෂම්෴ ගජවක්ත්‍රම් චතුර්ථකම්෴


ලම්භෝදරම් පංචමම් ච ෴ ෂෂ්ටම් විකටමේව ච ෴

සප්තමම් විග්ණරාජම් ච ෴ ධූම්‍රවර්ණම් තථාෂ්ඨමම් ෴


නවමම් බාල චන්ද්‍රමම් ච ෴ දශමම් තු විනායකම් ෴

ඒකාදශම් ගණපතිම් ෴ ද්වාදශම් තු ගජාණනම් ෴


ද්වාදශයිස්ථානි නාමානි ෴ ත්‍රිසන්ධ්‍යම් යඃ පඨේත් නරඃ ෴

න ච විග්න භයං තස්‍ය ෴ සර්ව සිද්ධි කරම් පරම් ෴


විද්‍යාර්ථී ලභතේ විද්‍යාන් ෴ ධනාර්ථී ලභතේ ධනම් ෴

පුත්‍රාර්ථි ලභතේ පුත්‍රාන් ෴ මෝක්ෂාර්ථී ලභතේ ගතිම් ෴


ජපේ ගණපතිස්තෝත්‍රම් ෴ ෂඩ්භිර්මා සන් ඵලම් ලභේත් ෴

සංවත්සරේන සිද්ධිම් ච ෴ ලභතේ නාත්‍රා දශම්ශය ෴


අෂ්ඨභ්‍යෝ බ්‍රාහ්මණේභිෂ් ච ෴ ලිඛිත්වායඃ සමර්පයේත්

තස්‍ය විද්‍යා භවේත් සර්වාඃ ෴ ගණේෂස්‍ය ප්‍රසාදතා෴


ඉති ශ්රී‍ නාරද පුරාණෛඃ ෴ ශංකස්ථ නාශනම් ෴

නාම ශ්‍රී ගණපති ස්තෝත්‍රම් ... සම්පූර්ණම් ෴


© M. M. Rohana Wasantha

Saturday, August 25, 2012

෴ දුම්මල මාලාව෴

නමෝ නමඃ ශ්‍රී ඝණාය නමෝ නමඃ ශ්‍රී ඝණාය නමෝ නමඃ ශ්‍රී ඝණාය නමෝ සද්ධර්ම වර චක්කවර්තී අප තිලෝගුරු භාග්‍යවත් අර්හත් සම්‍ය සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ වී දී දාස් වඩින්න ඕනයි අධිෂ්ඨානයක් සිතූසේක. එවිට අත්ති නම් මහා රුසියා කියන්නේ එසේ වී නම් ස්වාමීනී තමුන්නාන්සේට කවර කලෙක වත් පූජා නොකළ දෙයක් පූජා කරන්න ඕනැයි කියා දෙලක්ෂ හතලිස් දහස් උස ඇති ඝණකඩ මහා බොල් පොලව පලාගෙන ගොසින් නව ලක්ෂ අට දහස් යොදුන් උස ඇති ජල පොලව පලාගෙන ගොසින් මහකෙල නාග රජ්ජුරුවන්ගේ පෙන ගොබේ තිබුන සල් දුම්මල සත් මිටක් ගෙන අපගේ ස්වාමීන් වහන්සේ වැඩ සිටි මැණික් බැඳි වජ්‍රාසනේට පූජා කළ සල් දුම්මලයි අදත් මා මේ පුදන්නේ, ලොව්තුරු බුදුන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් එකී දුම්මල මහා බුද්ධ මාලාවෙන් ජීවම් කරමි, ජීවම් කරමී, ජීවම් කරමී, සිද්ධි සිද්ධී ඒස්වාහඃ ෴

© එම්. එම්. රෝහණ වසන්ත 071416082/ 0723430028/ wasantha2010@gmail.com
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්