Monday, June 4, 2012

Astrology

Astrology »
පරාද වූ ජීවිතය දිනන්නත්, කිසිදින නොපරදීමටත්, විශ්ව ශක්තියේ සැබෑ හැඩහුරුකම් දැන ඉදිරි ජීවිතය සාර්ථක කරගැනීමටත් කැමති සෑම කෙනෙකුම පැමිණිය යුතු එකම අඩවිය http://www.astrology.lk

come and like and join with facebook fan page

http://www.facebook.com/pages/Astrologylk/398906233486017

Astrology.lk | Facebook »
Facebook is a social utility that connects people with friends and others who work, study and live around them. People use Facebook to keep up with friends, upload an unlimited number of photos, post..

Thursday, May 31, 2012

නවරත්න මුදුව



නවරත්න මුදුවක් පැළඳීමට අප බොහෝ දෙනෙකු කැමති නමුත් මෙය සෑම කෙනෙකුටම එක සේ පැළඳීම හෝ දරා සිටීමට හැකියාව ඇත්තේ නොවේ. මන්ද පංච මහා පුරුෂ යෝග වලින් අඩු තරමේ ඉන් යෝග තුනක් වත් අඩුතරමින් යමෙකුගේ ජන්ම කේන්ද්‍ර සටහනෙහි ඇතිනම් පමණක් නවරත්න මුදුවක් ජන්මියාට පළඳා එය දරා සිටිය හැකි වෙයි. නොඑසේ නම් විවධ ගැටළු බාධක ලෙඩ රෝග ඇති වී ඔහුට හෝ ඇය ඉතා දුක්ඛිත තත්වයකට පත්වෙයි.

පංච මහා පුරුෂ යෝග මේසේ දැක්වීය හැකිය
රුචක,
භද්‍රා, ගුරු හංස,
මාලවී,
සස.

අප කළින් ලිපියේ දක්වන ලද ආකාරයට අදාළ පූජා විධීන් පැවැත්වීමට අවශ්‍ය මූලික සිද්ධාන්ත කිහිපයක් පහත දක්වා ඇත.



පූජාසනය දිශාගත කළ යුතු අයුරු සහ ඒ ඒ ග්‍රහයින්ට පිදිය යුතු ග්‍රහ දාන සහ ඔවුන්ගේ විමාන වෘක්ෂයන්



ඒ ඒ ග්‍රහයින්ට හිමි දිශාවන් හා අදාළ මැණික් වර්ග

රවි - නැගෙනහිර - රතුකැට/ පද්මරාග

චන්ද්‍ර - ගිණිකොණ - මුතු

කුජ - දකුණ - කොරල්

රාහු - නිරිත - ගෝමේද

ශනි - බටහිර - කාක නිල හෝ ඉන්ද්‍රනීල

බුධ - වයඹ - පච්ච

ගුරු - උතුර - පුෂ්පරාග

ශුක්‍ර - ඊසාන - දියමන්ති


සියළු ග්‍රහයින්ගේ ප්‍රධානත්වය මෝක්ෂ කාරක කේතුට හිමි වන අතර වෛරෝඩි මැණික අන් මැණික් පිරිවරා මැද සිටින්නේය. මේ බව වෛරොඩි වන්නම රචනා කරන ලද හෙළ කවියා මෙසේ පවසයි.

.





මැණික් පැළඳීම සඳහා යම් ආභරණයකට ගල් ඇල්ලිය යුතු නිවැරදි පිළිවෙළ පහත පෙන්ඩනයේ ගල් අල්ලා ඇති ආකාරයට දිශානුගතව ඇල්ලිය යුතුය.



නමුත් ඇතැම් තැනක වෛදික ජ්‍යෝතිෂයේම මෙම ගල් ඇල්ලිය යුතු දිශාව පිළිබඳ වෙනස් ආකාරයකට දක්වා ඇති බව ද පෙන්වා දිය යුතුය.















































මුදුව පැළඳිය යුත්තේ දකුණත මැදඟිල්ලටයි -

© M. M. Rohana Wasantha

Sunday, May 27, 2012

මැණික් පළඳින්නේ බලාගෙනයි


මැණික් යනු ලොව ඉතා අගනා ඛණිජ විශේෂයක් වශයෙන් පෙන්වා දිය හැකි අතර විවධ රසායනික සංයුතීන්වලින් සමන්විත විවිධ ප‍්‍රමාණයේ මැණික් අපරටෙහි දැකගත හැකිය.

නමුත් වඩා හොඳ තත්වයේ මැණික් සොයාගැනීම දුර්ලභ අතර විවිධ ග‍්‍රහ අපල සඳහා මෙම මැණික් පැළඳීම සිදු කරයි.

නමුත් මෙම මැණික් පැළඳීම පිළිබඳ සමාජ රටාව තුළ දැකගත හැකි එක් කරුණක් වන්නේ කරන්නන් වාලේ මැණික් පැළඳීමයි. මෙම මැණික්වල ස්වාභාවිකව මිනිසාට යහපත් සේම අයහපත් කිරණ විශේෂ සෑම මැණික් ගලකම පවතින අතර මිනිසාට යහපත් කිරණ පමණක් අප ලබාගන්නේ කෙසේදැයි විමසා බැලිය යුතුය.

සෑම මැණිකක් ම සඳහා හිමිකාරීත්වය ඇත්තේ සියළු රත්න ස්වාමිත්වය ඇති ගුරු ග‍්‍රහයාටයි. හෙවත් බ‍්‍රහස්පතී ග‍්‍රහයාටයි. මෙම හිමිකාරීත්වය මත ගුරු ග‍්‍රහයාට මානස පූජාවක් නෙළුම් මල් සහිතව පැවැත්විය යුතු අතර අනතුරුව අදාළ ග‍්‍රහයාට හිමි ග‍්‍රහ කවචවලින් එම ගල් අල්ලන ලද ආභරණ ජීවම් කළ යුතුය.
අනතුරුව එම ආභරණය පළඳින ආතුරයාගේ නමට සිද්ධි කළ යුතුය. අනතුරුව ආතුරයාගේ ශරීරයේ තුන්දොස් සමනය කිරීම සඳහා දෙහි කැපීම සිදු කර යථෝක්ථ ආභරණ පැළඳීම කළ යුතු වන්නේය.

එම්. එම්. රෝහණ වසන්ත

© M. M. Rohana Wasantha

Friday, May 18, 2012

අභිසම්භිදානෙ යන්ත‍්‍රය








ඉතා බලගතු බුද්ධ මන්ත‍්‍රයක් සේ සැළකෙන අභිසම්භිදානේ යන්ත‍්‍රය රත‍්‍රන් හෝ තඹ හෝ රිදී පත‍්‍රයක ඉහත දැක්වෙන පරිදි ඇඳගත යුතුය. කොන් සම විය යුතු අතර මුළු පරස් තිබිය නොහැකිය. ආතුරයාගේ නම යෙදීම හිස්තැනට විය යුතුය. ලියන විට අකුරු නොවරදවා අකුරකින් අකුරක් නොකපා බැඳි අකුරු බැඳ ම ලිවිය යුතුය.

මෙම යන්ත‍්‍ර විධියේ දී ද දිෂ්ඨි, පාණ, ජප, පලිප්පු, සිද්ධි, පුට යන පිළිවෙළට කළ යුතුය. ‘ජප’ යන තැනට අභිසම්භිදානේ පිරිත යොදා කළ යුතුය. ජපය 108, 1008, 10001, ආදී වශයෙන් වාර ගණන වැඩි වන තරමට ගුණ පිහිටයි. කිළි කුණුවලින් වැළකී, බ‍්‍රහ්මචාරීව හිඳ කළ යුතුවෙයි.

එම්. එම්. රෝහණ වසන්ත.
041-2255556/071-4161082/072-3430028

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්