Thursday, July 28, 2011

නැකැත් සත් විස්ස හා බැඳි විරැකියාව, අධ්‍යාපනය

උසස් පෙළ විභාගය සමත් වුවත්, උපාධියක් ගත්තත් අනුනට අත නොපාන රැකියාවක් කර ගන්නපුළුවන් මට්ටමකට ජීවිතය ගොඩනගා ගැනීම ඉතාමත් අපහසු කාලයකයි අපි අද ජීවත් වෙන්නෙ. බොහෝ තරුණ තරුණියන්ට ප‍්‍රධාන ගැටළුවක් වී ඇත්තේතමුන්ගේ නොසැළකිල්ල මත හෝ ආර්ථික දුෂ්කරතා මත හෝ ලැබූ අඩු අධ්‍යාපනය නිසා හෝ ”රැකියාවක් තෝරාගැනීමේ දී කවර අංශයකින් තමුන්ගේ වෘත්තීමය අනාගතය තීරණය කළ යුතුද?” යන්න විසඳාගැනීමකි.

වැඩි විස්තර කියවන්න

© M. M. Rohana Wasantha

Tuesday, July 19, 2011

Commented on ... Sound Horoscope... on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ



Wisdom for All said...



සවුන්ඩ් හොරස්කෝප් පිළිබඳ තත්වානුරූපී විග‍්‍රහයකට ඉදිරිපත් වුන අප සහෘදයාට ස්තුති වන්ත වෙන අතර මෙහි පවතින විද්‍යාත්මක විග‍්‍රහය සහ පලාඵල පැවසීමේ දී ඒවා භාවිත කරන ආකාරය පිළිබඳ විස්තරයක් අවශ්‍ය බව මට හැගෙනවා. මේකට ප‍්‍රධාන හේතුව ආලෝකයේ වේගයෙන් තාරකා අතර දුර මණින අතර මෙබඳු තත්වයක් පිළිබඳ ගණනය කිරීමක දී ආලෝකයේ වේගයෙහි සංඛ්‍යාතය ඇසුරෙන් අල්ට‍්‍රා ලයිට් ෆ‍්‍රිකුවෙන්සීස් ගණනයන් මත තත්වානුරූපී ගණනයන් නාසා ආයතනය වැනි ආයතන මගින් සිදු කරනු ලබයි.

මෙහිදී පරිගණක ඇසුරෙන් නිර්මිත උපකල්පිත සෞරග‍්‍රහ මණ්ඩලයක ග‍්‍රහයින්ගේ චලිතයන් අනුව සිදුවන කෝණික අගයන් ගණනය කිරීමක් සිදු වන බව සැලකිය යුතුය. නමුත් මෙය තත්ත්වානුරූපී අගයට බොහෝ දුරට සමීප බව අප විසින් කරන ලද සමීක්‍ෂණ වලින් පැහැදිළි වූ කරුණකි.

මෙහි දී ග‍්‍රහයින්ගේ සිදුවන සංයෝග වියෝග තාවන් මෙන්ම ඒ ඒ අවස්ථානූරූපී පැහැදිලි කිරීම් සඳහා ජ්‍යෝතිෂයේ දී මෙම කෝණික ගණනයන් අවශ්‍ය වෙනවා. එසේම, මෙම කෝණික ගණනයන් මත කරන පැහැදිළි කිරීම් බොහෝ විට සාර්ථක පලාඵල නිශ්චයන් වන අතර ඒවා පිළිබඳ පැහැදිළි කර ගැනීම් සඳහා වෙනත් ලිපියක අවශ්‍ය තාව පවතින බව පෙනී යයි. මේ සියළු කරුණු පිළිබඳ සැලකීමේ දී පෙනී යන්නේ කෝණික ගණනයන් මත කළ හැකි ප‍්‍රකාශන සඳහා අප විසින් සිංහල බ්ලොග් පාඨකයින් ට හඳුන්වා දුන් ජගන්නාත හෝරා මූදුකාංගයෙහි ස්ටෙ‍්‍රන්ත් පැනලයේ වන අදර් ස්ටෙ‍්‍රන්ත් යටතේ දක්වා ඇති යෝග පිළිබඳ විස්තරය තුළින් එය මනාව පැහැදිළි කර ගත හැකිය. ඒ පිළිබඳ විස්තරාත්මක ලිපියක් ඉදිරියේ අප ජගන්නාත් හෝරා මෘදුකාංග සිංහල පාඩම තුළින් ඉදිරිපත් කිරීමට අදහස් කර සිටින බව දන්වනු කැමැත්තෙමි.

ස්තුතියි.
එම්. එම්. රෝහණ වසන්ත

© M. M. Rohana Wasantha

Friday, July 15, 2011

තෙවන පාඩම - ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගය අනුවාදය 7.51

ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගයෙහි 7.51 අනුවාදය සමගින් එහි මූලික තිරයේ ”බේසික්” පැනලය ඔස්සේ අප කළින් සාදා ගත් කේන්ද්‍ර සටහන උපයෝග කර ගනිමින් තෙවන පාඩමට පිවිසෙමු.
තෙවන පාඩම

© M. M. Rohana Wasantha

Tuesday, July 12, 2011

දෙවන පාඩම - ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගය අනුවාදය 7.51

ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගයෙහි 7.51 අනුවාදය සමගින් දෙවන පාඩම වෙතට අප යොමු වෙමු. දැන් ඔබ
විවෘත කර ගන්නා ලද මෘදුකාගයෙහි පහත වන මූලික තිරයේ සිට අප නැවත පාඩම පටන් ගනිමු.

දෙවන පාඩම

© M. M. Rohana Wasantha

දොරමඩළාව බුදු දහම හා ජ්‍යෝතිෂය

2011 ජූලි 11 වන දින ”බොරුව, කෙප්ප, කෙබර... ” යන මාතෘකාව යටතේ කරන ලද දොරමඩලාව සාකච්ඡුාව බලන ලද සුවහසක් ජනී ජනයා වෙත හා කේන්දර සිංහලෙන් බ්ලොග් අඩවියෙහි පාඨක ඔබ  වෙත සාදරයෙන් කරන පැහැදිළි කිරීමක් වශයෙන් මෙම ලිපිය පළ කරමි. මෙම ලිපිය දොරමඩළාවට පිළිතුරක් නොවේ. මෙය දොරමඩළාවට විරුද්ධ මත ප‍්‍රකාශ කිරීමක් ද නොවන බව සඳහන් කරනු කැමැත්තෙමි. එය පැහැදිළිවම ප‍්‍රකාශ කරමි. එහි පෙන්වා දුන් ජ්‍යෝතිෂය වවාගෙන කෑමක් සඳහා බුදු දහමේ ඇතුළත් දාර්ශනික සංකල්ප ඇසුරින් ජ්‍යෝතිෂ මතවාද ඉදිරිපත් කරන අය ඇතැයි කරන ලද ප‍්‍රකාශය තුළින් අප පාඨකයන් තුළ යම් සංකාවක් අප පළ කළ ලිපි සම්බන්ධයෙන් මතුවිය හැකි බැවින් අප විසින් පළ කරන ලද එකී ලිපි ලිවීමේ පරමාර්ථය පැහැදිළි කරමින් මෙම ලිපිය ලියමි.

හුදෙක් බුදු දහමේ ඇති උත්තරීතර භාවය හා එම ප‍්‍රතිපදා මාර්ගය පිළිබඳ කිසිදු සැකයක් අප තුළ නැත. බුදු රදුන් පවා මාලූක්‍ය පුත්ත භික්‍ෂුවට ”තථාගත තෙම සම්‍ය සම්බුද්ධ දැයි තම ශ‍්‍රාවකයන් විසින් විමසා බැලිය යුතු” බව වරක් ප‍්‍රකාශ කළ බව අප සිහිපත් කරමි. මූලිකව අප බුදු දහමේ ඇතුළත් දාර්ශනික සංකල්ප ඇසුරින් ජ්‍යෝතිෂය විග‍්‍රහ කිරීමට පෙළඹෙන ලද්දේ ”තථාගත තෙම සම්‍ය සම්බුද්ධ දැයි විමසා බැලීමට නොවේ”. තථාගතයන් වහන්සේ පෙන්වා දුන් කර්මය, කර්ම ඵලය යන කරුණු කෙරෙහි හුදෙක් පාඨකයා දැනුවත් කරලීමේ පරම චේතනාවෙන් බව පෙන්වා දිය යුතුය. මන්ද? කර්මය කර්ම ඵලය යන දෑ පිළිබඳ මනා වැටහීමකින් හා වරද කෙරෙහි භය ඇතිව කටයුතු කිරීමෙන් පුද්ගලයා විසින් කරනු ලබන ක‍්‍රියාවන්ගෙන් ඇතිවන ඵලය සතුට, ප‍්‍රීතිය හා චිත්ත සැනසීම සඳහා හේතු වෙයි.

මෙම තත්වය තුළ ජනිත වන ඵලය අප විමසා සිටින අවස්ථාවේ දී අප විසින් කරන ලද අකුලසල කර්මයෙහි ස්වාභාවය මත ඇතිවන අනිටු ඵල මගහැර ඉදිරියට යාමට නිවැරදි මාවතක් බුදුරදුන් දේශනා කොට ඇත. නමුත් මෙම දේශනාවන් ක‍්‍රියාවට නැංවීමේ දී මහජනයාගේ පුහුදුන් භාවයන් හේතුවෙන් එම භාවිතයන් විවිධ මාර්ග ඔස්සේ ක‍්‍රියාත්මක වන බව පැවසිය යුතුය.

තිත්ත බෙහෙතක් පැණිරස ගල්වා බොන්නට දෙන්නාක් මෙන් අප බුදු දහමේ කියැවෙන දාර්ශනික සංකල්ප, මතවාද ආදියෙහි වන මූලික ප‍්‍රතිපදාවන් ජ්‍යෝතිෂයෙහි පෙන්වා දෙන සෙනසුරු අපලය හෝ රාහු අපලය මත පිහිටා ඉන් මිදීමට අවශ්‍ය ප‍්‍රතිපදාවන් වශයෙන් උපයුක්ත කරමින් පුද්ගලයාට, සත්වයාට අත්වන අනිටු ඉරණම්කාරී ප‍්‍රවණතාවන්ගෙන් අත්මිදීමට අවශ්‍ය උපදේශනය ලබාදීමේ අරමුණින් යුතුව අප විසින් කළ කරන ලද විග‍්‍රහ ඇතුළත් ජ්‍යෝතිෂ ලිපි ලියන ලද බව අප පාඨකයන් දැණුවත් කළ යුතුය.

එසේම අනෙක් කරුණ වශයෙන් පෙන්වා දිය හැක්කේ විශ්වය, ලෝකය තේරුම් ගැනීම සහ මිනිසා තේරුම් ගැනීම සඳහා නොයෙක් විෂයයන් ලෝකයෙහි පහළ වී ඇති අතර ජ්‍යෝතිෂය ද ඒ ආකාරයෙන් මිනිසා තේරුම් ගැනීමේ තවත් එක් විෂය ධාරාවක් වශයෙන් පැහැදිළි කිරීම පරමාර්ථ කොට උක්ත ලිපි ලියන ලද බව ද පෙන්වා දෙනු කැමැත්තෙමි.

ජ්‍යෝතිෂය පිළිබඳ භාවිතයන්ට වසර 22ක අත්දැකීම් මත පිහිටා නොයෙකුත් විෂය කරුණු පිළිබඳ සහ කුඩා කල පටන් මේ දක්වා අප විසින් ලබාගත් අන්තර් විෂයීක දැණුම එකිනෙකට ගලපමින් සත්‍ය කුමක් ද යන්න පිළිබඳ අප වටාගෙන ඇති යම් දෙයක් වේ නම් එකී වටහා ගැනීම් පිළිබඳ කේන්දර සිංහලෙන් අඩවියෙහි පාඨක ඔබ සමග උක්ත අත්දැකීම් බෙදාහදාගැනීමේ පරමාර්ථයෙන් මෙම ලිපි කෙන්දර සිංහලෙන් බ්ලොග් අඩවියෙහි පල කරන බව සහෘද පාඨක ඔබට පැවසිය යුතුය.

ඔබට තෙරුවන් සරණයි
එම්.එම්. රෝහණ වසන්ත 0714161082


© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්