2011 ජූලි 11 වන දින ”බොරුව, කෙප්ප, කෙබර... ” යන මාතෘකාව යටතේ කරන ලද දොරමඩලාව සාකච්ඡුාව බලන ලද සුවහසක් ජනී ජනයා වෙත හා කේන්දර සිංහලෙන් බ්ලොග් අඩවියෙහි පාඨක ඔබ වෙත සාදරයෙන් කරන පැහැදිළි කිරීමක් වශයෙන් මෙම ලිපිය පළ කරමි. මෙම ලිපිය දොරමඩළාවට පිළිතුරක් නොවේ. මෙය දොරමඩළාවට විරුද්ධ මත ප‍්‍රකාශ කිරීමක් ද නොවන බව සඳහන් කරනු කැමැත්තෙමි. එය පැහැදිළිවම ප‍්‍රකාශ කරමි. එහි පෙන්වා දුන් ජ්‍යෝතිෂය වවාගෙන කෑමක් සඳහා බුදු දහමේ ඇතුළත් දාර්ශනික සංකල්ප ඇසුරින් ජ්‍යෝතිෂ මතවාද ඉදිරිපත් කරන අය ඇතැයි කරන ලද ප‍්‍රකාශය තුළින් අප පාඨකයන් තුළ යම් සංකාවක් අප පළ කළ ලිපි සම්බන්ධයෙන් මතුවිය හැකි බැවින් අප විසින් පළ කරන ලද එකී ලිපි ලිවීමේ පරමාර්ථය පැහැදිළි කරමින් මෙම ලිපිය ලියමි.
හුදෙක් බුදු දහමේ ඇති උත්තරීතර භාවය හා එම ප‍්‍රතිපදා මාර්ගය පිළිබඳ කිසිදු සැකයක් අප තුළ නැත. බුදු රදුන් පවා මාලූක්‍ය පුත්ත භික්‍ෂුවට ”තථාගත තෙම සම්‍ය සම්බුද්ධ දැයි තම ශ‍්‍රාවකයන් විසින් විමසා බැලිය යුතු” බව වරක් ප‍්‍රකාශ කළ බව අප සිහිපත් කරමි. මූලිකව අප බුදු දහමේ ඇතුළත් දාර්ශනික සංකල්ප ඇසුරින් ජ්‍යෝතිෂය විග‍්‍රහ කිරීමට පෙළඹෙන ලද්දේ ”තථාගත තෙම සම්‍ය සම්බුද්ධ දැයි විමසා බැලීමට නොවේ”. තථාගතයන් වහන්සේ පෙන්වා දුන් කර්මය, කර්ම ඵලය යන කරුණු කෙරෙහි හුදෙක් පාඨකයා දැනුවත් කරලීමේ පරම චේතනාවෙන් බව පෙන්වා දිය යුතුය. මන්ද? කර්මය කර්ම ඵලය යන දෑ පිළිබඳ මනා වැටහීමකින් හා වරද කෙරෙහි භය ඇතිව කටයුතු කිරීමෙන් පුද්ගලයා විසින් කරනු ලබන ක‍්‍රියාවන්ගෙන් ඇතිවන ඵලය සතුට, ප‍්‍රීතිය හා චිත්ත සැනසීම සඳහා හේතු වෙයි.
මෙම තත්වය තුළ ජනිත වන ඵලය අප විමසා සිටින අවස්ථාවේ දී අප විසින් කරන ලද අකුලසල කර්මයෙහි ස්වාභාවය මත ඇතිවන අනිටු ඵල මගහැර ඉදිරියට යාමට නිවැරදි මාවතක් බුදුරදුන් දේශනා කොට ඇත. නමුත් මෙම දේශනාවන් ක‍්‍රියාවට නැංවීමේ දී මහජනයාගේ පුහුදුන් භාවයන් හේතුවෙන් එම භාවිතයන් විවිධ මාර්ග ඔස්සේ ක‍්‍රියාත්මක වන බව පැවසිය යුතුය.
තිත්ත බෙහෙතක් පැණිරස ගල්වා බොන්නට දෙන්නාක් මෙන් අප බුදු දහමේ කියැවෙන දාර්ශනික සංකල්ප, මතවාද ආදියෙහි වන මූලික ප‍්‍රතිපදාවන් ජ්‍යෝතිෂයෙහි පෙන්වා දෙන සෙනසුරු අපලය හෝ රාහු අපලය මත පිහිටා ඉන් මිදීමට අවශ්‍ය ප‍්‍රතිපදාවන් වශයෙන් උපයුක්ත කරමින් පුද්ගලයාට, සත්වයාට අත්වන අනිටු ඉරණම්කාරී ප‍්‍රවණතාවන්ගෙන් අත්මිදීමට අවශ්‍ය උපදේශනය ලබාදීමේ අරමුණින් යුතුව අප විසින් කළ කරන ලද විග‍්‍රහ ඇතුළත් ජ්‍යෝතිෂ ලිපි ලියන ලද බව අප පාඨකයන් දැණුවත් කළ යුතුය.
එසේම අනෙක් කරුණ වශයෙන් පෙන්වා දිය හැක්කේ විශ්වය, ලෝකය තේරුම් ගැනීම සහ මිනිසා තේරුම් ගැනීම සඳහා නොයෙක් විෂයයන් ලෝකයෙහි පහළ වී ඇති අතර ජ්‍යෝතිෂය ද ඒ ආකාරයෙන් මිනිසා තේරුම් ගැනීමේ තවත් එක් විෂය ධාරාවක් වශයෙන් පැහැදිළි කිරීම පරමාර්ථ කොට උක්ත ලිපි ලියන ලද බව ද පෙන්වා දෙනු කැමැත්තෙමි.
ජ්‍යෝතිෂය පිළිබඳ භාවිතයන්ට වසර 22ක අත්දැකීම් මත පිහිටා නොයෙකුත් විෂය කරුණු පිළිබඳ සහ කුඩා කල පටන් මේ දක්වා අප විසින් ලබාගත් අන්තර් විෂයීක දැණුම එකිනෙකට ගලපමින් සත්‍ය කුමක් ද යන්න පිළිබඳ අප වටාගෙන ඇති යම් දෙයක් වේ නම් එකී වටහා ගැනීම් පිළිබඳ කේන්දර සිංහලෙන් අඩවියෙහි පාඨක ඔබ සමග උක්ත අත්දැකීම් බෙදාහදාගැනීමේ පරමාර්ථයෙන් මෙම ලිපි කෙන්දර සිංහලෙන් බ්ලොග් අඩවියෙහි පල කරන බව සහෘද පාඨක ඔබට පැවසිය යුතුය.
ඔබට තෙරුවන් සරණයි
එම්.එම්. රෝහණ වසන්ත 0714161082
© M. M. Rohana Wasantha

No comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha