Monday, May 10, 2010

ධ්වනිය, ශබ්ධ විද්‍යාව හා ශාන්තිකර්ම

දෙවන කොටස

මෙම ලිපියේ පළමු කොටසේ දී අප ඔබට ඉදිරිපත් කළ ශරීරයේ ස්ථානයන් හතක් (7) ඇසුරු කර ගනිමින් ඇති ශක්ති චක‍්‍ර ( energy centers or chakras) සංගීතයේ දී භාවිත කරන සප්ත ස්වර හා බැඳි වර්ණාවලීන් සමග සහ සම්බන්ධිතව ක‍්‍රියාත්මක වන බව දැක් වූ සටහන දෙස නැවත හොඳින් බලන්න. ඔබේ සිත යොමු කොට මේ වගුවේ දැක්වෙන විෂය කරුණු සහසම්බන්ධිතව විමර්ශන බුද්ධියෙන් බැලීමට ආරාධනා කරමින් එම ලිපියේ දෙවන කොටස මෙසේ අරඹමු.

පුද්ගල ශරීරයේ ක‍්‍රියාත්මක වන  ඕරාව AURA නමින් හඳුන්වන ප‍්‍රභා මණ්ඩලයෙන් නිකුත්වන කිරණයන් විවිධ වූ මානසික තත්වයන් යටතේ විවිධ වර්ණාවලීන් සහිතව විවිධ මට්ටමින් විහිදෙන බවට ප‍්‍රධාන සාධකයන් වශයෙන් බුදුන්ගේ සිරුරෙන් බුද්ධත්වයෙන් සිව්වන සතියේ දී රුවන් ගෙයි වැඩ හිඳිමින් අවබෝධකර ගත් ධර්මය නැවත මෙනෙහි කිරීමේ දී සවණක් ඝන බුදුරැුස් විහිදුන බව දැක්වෙන ප‍්‍රකාශය තුළින් පැහැදිළි වෙයි.

එසේම බුදුරදුන් දේශනා කරන ලද සෑම ධර්ම දේශනයක් ම හා සදහම් පාඨයක්ම මනා සවර සුසංයෝජනයක් සහිතව දේශනා කරන ලද ඒවා වෙයි. අද ද පිරිත් දේශනාවන් තුළින් මිනිසා ලබන මානසික සුවය හා රෝග නිවාරණය සඳහා භාවිත කරනු ලබන බව බෞද්ධ අබෞද්ධ සෑම කෙනෙක්ම දන්නා කරුණකි.

මනා ස්වර සුසංයෝජනයකින් දේශනා කරන ලද පිරිත් සූත‍්‍ර සජ්ඣායනා කරන අවස්ථාවල දී භාවිත කරනු ලබන පිරිත් හුයේ නැතිනම් පිරිත් නූලෙහි ගැබ් වන ශක්තිය කවර ආකාරයක් ගනු ලබන්නේද යන්න පිළිබඳව අප කිසිදු කෙනෙක් විමර්ශනයට හෝ සම්පරීක්‍ෂණයකට එය ලක් කොට නැතිවාට සැකයක් නැත. එසේ නමුත් මෙම පිරිත් නූල සඳහා භාවිත කරනු ලබන නූල කපුවලින් නිර්මාණය කොට ඇති එකක් බව අප සැම හොඳින් දන්නා කරුණකි.

ශබ්ධස්වර අනුව කපු කැටියක ඇතිවන විද්‍යුත් ආරෝපණය කිරිලියන් කැමරාවකට Fabien Maman නැමති අප මීට කළින් පළ කරන ලද ලිපියේ දී හඳුන්වා දුන් තැනැත්තා විසින් හසුකර ගනු ලබූ අවස්ථාවක් පහත රූප සටහනෙහි දැක්වෙයි. එසේම ඔහු විසින් රචිත The Role of Music in the Twenty-First Century නැමති කෘතියෙහි පළ වූ මෙම ඡායාරූප Academy of Sound Healing හි වෙබ් අඩවිය වන http://Tama-Do, The Academy of Sound Healing, Color Therapy and Chi Movement3.htm   හි පළ වූ මෙම ඡායාරූපය අප බ්ලොග් අඩවියෙහි පළ කිරීමට අප විසින් අවසර ලබා නොගත් නමුත් හුදෙක් තොරතුරු දැනගැනීමේ අයිතිය මත ඔහුගේ ප්‍රකාශය එපරිද්දෙන්ම සඳහන් කරමින් එම ඡායාරූපය මෙහි පළ කරනු ලැබේ.



යාඥාවක් කිරීමට ප‍්‍රථමයෙන් කපු කැටියේ ස්වභාවය 115 ඡායාරූපයෙන් දක්වා ඇති අතර යාඥාවක් සමග කපුකැටියේ ආරෝපණය වන විද්‍යුත් ආලෝක ශක්ති ආරෝපිත භාවය 116 ඡායාරූපයෙන් පෙන්වා ඇත. තවද 118 ඡායාරූපයෙන් ඔවු පෙන්වා ඇත්තේ සංගීතය හා මුසු කරන ලද යාඥාවක් කරනු ලබන අවස්ථාවක දී ගනු ලැබූ එකකි.

මේ අනුව අපට පැහැදිළි වන එක් කරුණක් ඇත. පිරිත් සූත‍්‍ර දේශනා කිරීමට ප‍්‍රථමයෙන් සිදු කරන මගුල් බෙර වාදනය තුළ ජනිත කරනු ලබන ශබ්ධය තුළ කැටිවන අධික කම්පන ශක්තියක් ගැබ්වන බවය. වරක් අප දුටු ඒ සිදුවීමක් මේ සමග සිහියට එයි. මාගේ ගෙදර පැවති තුන්යම් රාත‍්‍රී පරිත‍්‍රාණ ධර්ම දේශනයකට සහභාගී වූ එක් පුංචි සාමණේර ස්වාමින් වහන්සේ නමක් මේ මගුල් බෙර වාදනය අතර තුර මේසය මත විසිරී තිබූ ලදපස්මල් ටිකක් තමුන්ගේ අතෙහි තිබූ වටාපත තිරස් අතට තබා ඒ මත විසිරුවන ලදී. ඒ ලද පස් මල් මගුල් බෙර වාදනයේ රිද්මයට අනුව වටාපත මත රංගනයක යෙදෙන ආකාරය දකිමින් අහිංසක වින්දනයක් ලබනු දුටුවෙමි.

ඇත්තෙන්ම මෙම සිදුවීම අපගේ මනසට හා මනුෂ්‍ය ශරීරයට කරනු ලබන බලපෑම කවර ආකාරයක් ගනු ලබන්නේ දැයි විමසීම තවම කිසිදු ලාංකිකයෙකු සිදු කොට නැතිවාට සැක නැත. නමුත් යම් අවස්ථාවක යමෙකු ඒ සඳහා ඉදිරිපත් වන්නේ නම් අපගේ පූර්ණ සහයෝගය එම පර්යේෂණය සාර්ථක කර ගැනීමට අප ලබා දීමට සූදානම් බව ද මෙතුළින් පෙන්වාදීමට කැමැත්තෙමු.

එපමණක් ද නොව, අළුතෙන් නිවසක් සෑදීමට බහිරව පූජාවක් තැබීමේ දී කපු නූලකින් තුන් පටක් වන සේ තුන්නූලක් බවට පත් කොට සීමාවේ සතර කොණ සාදනු ලබන පහන් පැල් හතර සම්බන්ධ කොට මධ්‍යයේ තබා කැප කරන බහිරව තටුවට සම්බන්ධ කරයි. බහිරව පූජාවක දී කරනු ලබන මන්ත‍්‍ර ජපය තුළින් ඇති කරනු ලබන ශක්තිය මෙම පිරිත් නූල ඔස්සේ ගමන් කරමින් පොළවේ පවතින ස්වාභාවික චුම්භක බල රේඛා පද්ධතිය හා මිශ‍්‍රවීමක් සිදුවෙයි. එම භූමි පරිශ‍්‍රය තුළ සිදු කරන අත්තිවාරම් කැපීම්, බැමි බැඳීම් ආදියෙන් වන ස්වාභාවික චුම්භක බල රේඛා, ඛණ්ඩනය ගොඩනගන නිවසේ පදිංචි වන තැනැත්තන් හට කිසිදු දොසක් හට නොගැනීම සඳහා බලපානු ලබයි.

මේ සිදුවීම කළින් සිදුවීම හා සන්සන්දනාත්මකව විමසා බැලීමේ දී පැහැදිලිවන කරුණු කිහිපයක් වෙයි. එනම්, බහිර පූජාවක් හෝ වෙන යම් පූජාවක දී නැතහොත් පිරිත් සජ්ඣායකයක දී බෙරහ`ඩ සමග ඒ අවකාශය තුළ ඇතිවන ශක්ති විභවීකරණය යම් වස්තුවක් වෙත ආරෝපණය කිරීමක් සිදු කරනු ලබයි.

ශබ්ධ නිශ්පත්ති ස්ථාන නැතහොත් ශබ්ධය උපදනා තැන් වශයෙන් මනුෂ්‍ය ශරීරය පමණක් ගෙනහැර දැක්විය නොහේ. මන්ද? මනුෂ්‍ය ශරීරය හැර ශබ්ධ නිශ්පත්ති ස්ථාන රැුසක් අප අවට අවකාශය තුළ පවතින බැවිනි. මෙයිනුදු පංචාංගික තුරිය නාද වශයෙන් සලකන ආතත, විතත, විතතාතත, සුසිරය හා ඝන යන උපකාරණ ආශ‍්‍රයෙන් මිනිසාගේ මැදිහත්කරණය සමගින් ශබ්ධ ඉපදීම සිදු වෙයි.


මෙයට ද අමතරව ස්වභාව ධර්මයා තුළ ස්වාභාවික ශබ්ධ නිශ්පත්තීන් නොයෙත් තන්හි හටගනී. හෙණ හ`ඩ හා නොයෙක් ආකාර වූ වස්තූන්ගේ ඝට්ඨනයෙන් විවිධ වූ ශබ්ධ හට ගන්නා බව ස්භාවධර්මයා අපට පෙන්වා දී ඇත. මුහුදේ රළ නැගෙන හ`ඩ ද වර්ෂාව පවතින අවස්ථාවක වැසි දිය පොළවට පතිත වන හ`ඩ ඒ අතර දැකිය හැකි අවස්ථාවන් ලෙස දැක්විය හැකිය. සුළඟ හමන විට සුළෙඟ් ශක්තියට අවනත වන ගස්වැල් ඒ මේ අත වැනෙමින් නඟන හ`ඩ තව ද එක් අවස්ථාවක් ලෙස පෙන්වාදිය හැකිය.


දැඩි හිරු රශ්මියෙන් පීඩනයට පත් වන පොළොව නඟන වියළි ශුෂ්ක ශබ්ධය පොළවෙන් ඇතිවන ශබ්ධයකි. මේ අතර පෘථිවි ඝර්භයේ වන පීඩනය තුළ පොළව මතුපිටට පැමිණීමට වෙර දරන ලෝදිය නැතහොත් ලාවා යනුවෙන් හඳුන්වන උණු වී කැකෑරෙන යපස්වල ඇතිවන පීඩනය තුළ තවද නෙක ශබ්ධ ඇති කරයි. මේ සියළු බාහිර පරිසරයේ ඇතිවන ශබ්ධ පිළිබඳ අපගේ අවධානය යොමු කර බලන විට දී පෙනී යන කරුණු රැසක් මෙතුළින් අපට ගෙනහැර දැක්විය හැකිය.

විශේෂයෙන් මනුෂ්‍යයාගේ මැදිහත්කරණය සමගින් පංචාංගික තූර්ය වාදන භාණ්ඩ මතින් බිහිවන ශබ්ධයන් දෙස බැලීමේ දී මෙම විෂයය පිළිබඳ නොයෙක් විශේෂඥ දැණුමින් යුතු පණ්ඩිත රත්නයන් විසින් මේ සම්බන්ධයෙන් ගෙන හැර දක්වන ලද කරුණු පිළිබඳ අපගේ අවධානය යොමු කර බැලීම ඉතාමත් වැදගත සේ අප සලකනු ලබයි.

ලෝක ධර්මතාවයන්හි පවතින සනාතන ධර්ම ස්වභාවය බුදුරදුන් දේශනා කොට වදාළේ සියළු සචේතනික හා අචේතනික සමස්ථය උප්පාද ඨිති භංග යන අවස්තා තුනට අවනත බවයි. මෙකී අවනත භාවයට අභියෝග කරමින් උග‍්‍ර ශිව භක්තිකයෙකු වූ ලංකාධීශ්වර පදවියෙන් පිදුම් ලද රාවණා රජු විනාශස්වභාවයට අධිපතිත්වය දැරූ ශිව දෙවියන් වෙතින් අමරණීයත්වය සඳහා වර ලද බව වාල්මිකී මුණිවරයා විසින් රචිත රාමායනය ග‍්‍රන්ථයේ දී පැහදිළි කොට ඇති බව ඔබට සිහි කට යුතුය. මන්ද? ශබ්ධය පිළිබඳ කරුණු සැළකීමේ දී රාවණා රජු ශබ්ධ විද්‍යාව අතින් පරප‍්‍රාප්ත වූවෙකු වූ අතර ඔහු වෙතින් ශබ්ධය හා බැඳි ඉතාමත් භාරදූර නිර්මාණ රැසක් නිර්මාණය වී ඇති බව පෙන්වාදිය හැකිය.

සියළු ශබ්ධ පරයා අමරණීයත්වය ලැබීම සඳහා ශබ්ධය උපයෝග කර ගත් ඔහු ඒ පිළිබඳ මනා කුසලතාවයකින් යුක්ත වූ අයෙකු බව ඔහු හා බැඳි පුරාණෝක්ති සාක්‍ෂ දරයි. නමුත් පංචාංගික තූර්ය ශබ්ධ පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙන විට දී පෙනී යන පරිදි කිතු වසින් සිව්වැනිි සියවසේ දී වික‍්‍රමාදිත්‍ය චන්ද්‍රගුප්ත රජුගේ රාජ සභාවෙහි සේවය කළ ධන්වන්තරී, ක්‍ෂපණක, අමරසිංහ, ශංකු, වේතාලභට්ඨ, ඝර, කර්පර, කාලිදාස, වරාහමිහිර යන නව රත්නයන් නැතහොත් පණ්ඩිත භාවයෙන් යුතු විශේෂඥ පුද්ගලයන් විසින් මෙම ශබ්ධ මාධුර්යයේ විවිධ අවස්ථාවන් භාවිත කරනු ලබන උපකරණ අනුව ප‍්‍රධාන අවස්ථා හතරකට බෙදා දක්වන ලද බවට අමරකෝෂය ශාක්‍ෂ දරයි.

එසේම කිතු වසින් හත, අට, නමවැනි සියවස් තුළ වාසය කරන ලදැයි සැලකෙන නාරද මුණිවරයා විසින් රචිත සංගීත මකරන්දයෙහි දී ඔහු විසින් එකී ශබ්ධ මාධුර්යය නිශ්පත්ති ස්ථාන පහකට බෙදා දක්වයි. ඒ පහ තුළ අමරකෝෂයේ දැක් වූ සිවුතුරිය ශබ්ධ මාධුර්යය නිශ්පත්ති ස්ථානවලට අමතරව දක්වනු ලබන්නේ මනුශ්‍යයාගේ කටහ`ඩයි.

නමුත් ආතත, විතත, ආතතවිතත , සුසිරය හා ඝන යන උපකාරණ ආශ‍්‍රයෙන් මිනිසාගේ මැදිහත්කරණය සමගින් ශබ්ධ ඉපිදවීම පිළිබඳ ප‍්‍රබල සඳහනක් මුල්වරට දැක්වෙන්නේ වංසත්තපකාසිනිය නම් වූ මහාවංශ ටීකාවෙහිය.

මේ සියළු කරුණු පිළිබඳ ගැඹුරු විග‍්‍රයක යෙදෙන විට දී පෙනී යන කරුණු රැුසක් වෙයි. ධ්වනිය, ඒ තුළ ශබ්ධ විද්‍යාව හා ශාන්තිකර්ම යන ක‍්‍රියා සමුදාය මිනිසාගේ මානසික සංවර්ධනයේ, තීරණාත්මක හා සංවර්ධනාත්මක අවධියක් සනිටුහන් කරන බව පෙන්වාදිය හැකිය. නමුත් මෙම වකවානුව මෙම වික‍්‍රමාදිත්‍ය චන්ද්‍රගුප්ත රජුගේ කාල වකවානුව තුළ පමණක් නොව ඊට පෙර ද මෙබඳු තත්වයන් මානව සමාජය තුළ නිර්මාණය වී ඇති බවට අනේක සාක්‍ෂි වෙයි.

එසේම මෙකී සියළු ශබ්ධ ග‍්‍රහණය කර ගන්නා මනුෂ්‍ය ශරීර ගත අවයවය නැතහොත් ශබ්ධ ග‍්‍රාහකය ලෙස මිනිසාගේ සවණේන්ද්‍රිය පෙන්වාදිය හැකිය. සවනේන්ද්‍රියෙහි ඇති සියුම් සමකින් නිර්මාණය වී ඇති කණ් බෙරය මත ඇතිවන කම්පණය මතින් ජනිත වන ස්නායු ආවේග හා මිශ‍්‍ර වී ඇති ඉලෙක්ට්‍රොණික ධාරාවන් සියුම් කේශ නාලිකා බඳු ස්නායු මගින් මොලය හා සම්බන්ධිත වී පූර්ව අනුභූතික ශබ්ධ රූප හා සැසඳීමක් කොට අදාළ ශබ්ධ කවරේදැයි හඳුනාගැනීම කරයි. ඒ අනුව ප‍්‍රතිචාර දක්වයි.

අප ඉතා සුළු කොට සලකන නමුත් මෙම ක‍්‍රියාවලිය මොලයේ පවතින ඉතා සංකීර්ණ ක‍්‍රියාවලීන්ගෙන් එකක් වශයෙන් පෙන්වාදිය හැකිය. මෙම ස්නායු ආවේග මොලය හා සම්බන්ධිත පූර්ව අනුභූතික ශබ්ධ රූප ගබඩා වී ඇති මොලයේ ශෛල දේහ හා සන්සන්දනය කරමින් සිදු කරනු ලබයි. නූතන විද්‍යාඥයන් පවා තවමත් පර්යේෂණ කරන පුද්ගල මතකය සම්බන්ධයෙන් හා මතක ගබඩාව සම්බන්ධයෙන් විවර කර ගනු නොලැබූ රහස් තවමත් හෙළි කර ගෙන නැත.

බුදුරදුන් වරෙක පෙන්වා දුන්නේ ‘සිත’ හෘදය වස්තුව ආශ‍්‍රය කරගත්  පතක් පමණ ලේ ධාතුව ඇසුරු කරගනිමින් රැුඳෙන ශක්ති විශේෂයක් බවයි. මෙහි ස්වභාවය පැහැදිළි කිරීමට උන් වහන්සේ ගත් උත්සාහය ධම්මපදය නමැති කෘතියේ දී පෙන්වා ඇති බොහෝ ධර්ම පාඨ වලින් පැහැදිළි වෙයි.

මතකය හා සිත පිළිබඳව කායික හා මානසික වෛද්‍යවරු විවිධ පර්යේෂණයන් සිදුකර ඇත. එසේ සිදුකරන ලද පර්යේෂණයන් මනෝවිද්‍යා විෂය ධාරාව ඔස්සේ ද සමාජ මනෝවිද්‍යා විෂය ධාරාව ඔස්සේ ද පැහැදිළි කර ඇත. විශේෂයෙන් ඉන්ද්‍රිය බද්ධ ප‍්‍රතිචාර දැක්වීම හා  කායික චාලක ක‍්‍රියා සම්බන්ධයෙන් හෝර්මෝනයන්ගේ බලපෑමක් හා රසායනික ක‍්‍රියාවලියක් බලපානු ලබන බව ඔවුහු අනාවරණය කරගෙන ඇත. මෙහි දී පුද්ගල මනසේ හෙවත් මොලයේ කේශ නාලිකා බඳු සියුම් ස්නායු පද්ධති විවිධ වූ වින්දනයන් ලබාගැනීම සඳහා නිර්මාණය වී ඇති බව හඳුනාගෙන ඇත.

සතුට, දුක, වේදනාව, සිනහව, හැ`ඞීම, කඳුළු වැගිරීම හා අවයවයන්හි චලනයන් ද සම මත සිදුවන ශ්පර්ශයන් ද ග‍්‍රහණය කර ගනිමින් කුඩා බිළිඳාගේ පටන් වියපත් මහල්ලා තෙක් පුද්ගලයින්ගේ වර්ධනයත් සමග පූර්ව අනුභූතික විෂය පරාසයන් ඔවුහු පුළුල් කර ගනිති.

මතු සම්බන්ධයි


Tuesday, March 23, 2010

ග‍්‍රහ අපල හා බලි ශාන්තිකර්ම

විශ්වවිද්‍යාල මට්ටමින් උගන්වන ඇතැම් විෂය ධාරාවන් දෙස බැලීමේ දී පෙනී යන කරුණු කිහිපයක් ඇත. ඉන් පළමු කරුණ නම්, පදනම් විෂය බැහැරක තබා අනු විෂයයක් ප‍්‍රධාන ධාරාවක් වශයෙන් ගෙන කරනු ලබන ඉගැන්වීමයි. නමුත් ඊට ද සාධාරණ හේතු දැක්විය හැකිය. ඒ නම්, අනු විෂය ධාරාව තවත් ප‍්‍රධාන විය ධාරාවක අනු විෂයයක් වශයෙන් පැවතීමයි. 

සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ ක‍්‍රියාත්මක බලි ශාන්තිකර්මය නැමති විෂය උදාහරණයක් වශයෙන් ගත හොත් එය උඩරට, පහතරට හා සබරගමු යන නර්තන විෂය ධාරාවේ ශාන්තිකර්ම කොටසට අයත් විෂයයක් වශයෙන් ක‍්‍රියාත්මක වීම නිසා එය වෙනමම විෂය ධාරාවක් වශයෙන් එහි ක‍්‍රියාත්මක වෙයි. 

නමුත් මෙහි පවතින මූල සත්තාව දෙස බැලීමේ දී පෙනී යන කරුණක් ඇත. ස්වභාව විද්‍යාව නැතහොත් ස්වභාව ධර්මයෙහි පවතින පුද්ගල කර්ම ශක්තිය මත ඊට අනුරූප වන විපාකයන් පුද්ගලයාට බලපාන කාල වකවානු විශ්වයේ පවතින ග‍්‍රහ වස්තූන්ගේ නාමයන් අනුව හඳුනාගැනීමට ජ්‍යොතිෂ විෂයයෙන් පිටිවහලක් ලැබෙයි. ඒවා නව ග‍්‍රහයින් යනුවෙන් පෙන්වා ඇති අතර එම නව ග‍්‍රහයින් මෙසේය. 
1. රවි 
2. චන්ද්‍ර
3. කුජ 
4. බුධ 
5. ගුරු 
6. ශුක‍්‍ර 
7. ශනි 
8. රාහු 
9. කේතු යනුවෙන් දක්වා ඇත. 

නමුත් පුද්ගල කර්ම ශක්තිය මත ඊට අනුරූප වන විපාකයන් පුද්ගලයාට බලපාන කාල වකවානු මැණ ගැනීමේ දී පුද්ගලයාට මෙම නව ග‍්‍රහයින් බලපානු ලබන ආකාරය විවිධය. එහි දී විංශෝත්තරී මහ දශා අනුරූප වන ආකාරයට කරන ලබන වර්ගීකරයක් දැකගත හැකිය. මෙම විංශෝත්තරී මහ දශා වර්ගීකරණයේ දී නව ග‍්‍රහයින්ගේ අනුපිළිවෙල මදක් වෙනස් අයුරින් දක්වා ඇත. 


1. රවි වර්ෂ 06 
2. චන්ද්‍ර වර්ෂ 10 
3. කුජ වර්ෂ 07 
4. රාහු වර්ෂ 18 
5. ගුරු වර්ෂ 16 
6. ශනි වර්ෂ 19 
7. බුධ වර්ෂ 17 
8. කේතු වර්ෂ 07 
9. ශුක‍්‍ර වර්ෂ 20 
එකතුව වර්ෂ 120 

පුද්ගලයාගේ පරම ආයුෂ වර්ෂ 120ක් වන අයුරින් සකස් කොට ඇති මෙම වර්ගීකරණයෙහි දී ඒ ඒ ග‍්‍රහයින්ගේ දශා කාලයන්හි මුල මැද අග යන කාලවල දී ඒ ඒ ග‍්‍රහයින්ගේ උප්පත්ති කේන්ද්‍රයේ තැන්පත් වූ රාව්‍යාදී නව ග‍්‍රහයින්ගේ බල දුබලතා අනුව මෙම ත‍්‍රිකාලයන්හි අපල ඇති වෙත්. 

මෙසේ ඇතිවන අපල දුරු කර ගැනීම සඳහා පැරණි සෘෂි ක‍්‍රමවේදයන්ට අනුව සකස් කරන ලද බලි ශාන්තිකර්ම රැසක් ගෙනහැර දක්වා ඇත. පුද්ගල කර්ම ශක්තිය මත ඊට අනුරූප වන විපාකයන් පුද්ගලයාට බලපාන කාල වකවානු මැණ ගැනීමේ දී පුද්ගලයාට මෙම නව ග‍්‍රහයින් බලපානු ලබන ආකාරය අනුව මෙම බලි ශාන්තිකර්ම මොනවාදැයි තොරාගැනීම මනා ප‍්‍රාගුණ්‍යයෙන් යුතු බලි ඇදුරා සමත් වෙයි. 

පුරාතනයෙහි බලි ඇදුරන් ජ්‍යොතිෂය, වෙදකම, මන්ත‍්‍ර ශාන්ත‍්‍රය, කාව්‍යකරණය, ශාන්තිකර්ම හා ශාන්තිකර්මයන් සිදු කිරීමේ දී අනුගමනය කරන නර්තනය ආදී හසල ශිල්ප රැුසක් දැන සිටි වියත් පිරිසක් වශයෙන් කටයුතු කරන ලදී. 

අද අවාසනාවකට මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කරගෙන යනු ලබන විෂය විශේෂීකරණ පිළිවෙත් හේතුවෙන් මෙම විෂයයන් එකිනෙකට වෙනස් හා එකිනෙකට කිසිදු සබඳතාවන්ගෙන් තොර හුදකලා විෂය ධාරාවන් බවට පත් වී ඇත. නමුත් උසස් අධ්‍යාපන ආයතනයක් වශයෙන් ශාස්ත‍්‍රීය විෂය පර්යේෂණාගාරයක් වන විශ්වවිද්‍යාලය තුළ මෙම තත්වය සකසාගැනීමට වෙර දරන බවක් පෙනීම ශාස්ත‍්‍ර උන්නතිකාමී ශාස්ත‍්‍රඥයින්ගේ පැසසුමට ලක්වන කරුණක් හැටියට පෙන්වාදිය හැකිය. 

ඉහත පෙන්වාදුන් ආකාරයෙන් පුද්ගල කර්ම ශක්තියේ අනුරූප විපාක හා ඒවා බලපාන කාලවකවානු අනුව සැකසී ඇති ග‍්‍රහ බල දුබලතා මත ඇතිවන අපල දුරු කර ගැනීම සඳහා පැරණි සෘෂි ක‍්‍රමවේදයන්ට අනුව සකස් කරන ලද බලි ශාන්තිකර්ම මෙසේ පෙන්වාදිය හැකිය. නමුත් ”ශාන්ති ප‍්‍රදීප” නම් වූ කෘතියෙහි මීට මදක් වෙනස් ආකාරයට බලි නියමය දක්වා තිබේ. 

1. රවි වර්ෂ 06 
අපල ඇති කරන අමනුෂ්‍යයින් ත‍්‍රිභුවන යක්‍ෂයා, ඕං කාලි යක්‍ෂණී
  • මුල් කොටසේ ඇතිවන අපල සඳහා සිරිකොත් බලිය 
  • මැද කොටසේ ඇතිවන අපල සඳහා වර්ෂාධිපති බලිය
  • අග කොටසේ ඇතිවන අපල සඳහා අභය කළ්‍යාණ බලිය 
2. චන්ද්‍ර වර්ෂ 10 
අපල ඇති කරන අමනුෂ්‍යයින් වජ‍්‍ර යක්‍ෂයා, ෙභෙරව කාලි යක්‍ෂයා 
  • මුල් කොටසේ ඇතිවන අපල සඳහා කාලමෘත්‍යු බලිය 
  • මැද කොටසේ ඇතිවන අපල සඳහා ශාන්ති මංගල බලිය 
  • අග කොටසේ ඇතිවන අපල සඳහා ශුභ මංගල බලිය 

3. කුජ වර්ෂ 07 
අපල ඇති කරන අමනුෂ්‍යයින් භූත යක්‍ෂයා, සෝනදන්ත යක්‍ෂණී 
  • මුල් කොටසේ ඇතිවන අපල සඳහා භූම නාග බලිය 
  • මැද කොටසේ ඇතිවන අපල සඳහා මහසොප් මංගල බලිය 
  • අග කොටසේ ඇතිවන අපල සඳහා මේෂ රකුසු බලිය 

4. රාහු වර්ෂ 18 අපල ඇති කරන අමනුෂ්‍යයින් අසුර යක්‍ෂයා, අසුර කාලි යක්‍ෂණී 
  • මුල් කොටසේ ඇතිවන අපල සඳහා අසුරගිරි රාක්‍ෂ බලිය 
  • මැද කොටසේ ඇතිවන අපල සඳහා නාග රාක්‍ෂ බලිය 
  • අග කොටසේ ඇතිවන අපල සඳහා සුට රකුසු බලිය 

5. ගුරු වර්ෂ 16 
අපල ඇති කරන අමනුෂ්‍යයින් අභිමාන යක්‍ෂයා, නීලකණ්ඨී යක්‍ෂණී 
  • මුල් කොටසේ ඇතිවන අපල සඳහා වර්ෂාධිපති බලිය 
  • මැද කොටසේ ඇතිවන අපල සඳහා අභය කළ්‍යාණ බලිය 
  • අග කොටසේ ඇතිවන අපල සඳහා විෂ්ණු රූප බලිය 

6. ශනි වර්ෂ 19 
අපල ඇති කරන අමනුෂ්‍යයින් අවර යක්‍ෂයා, අවරගිරි යක්‍ෂණී 
  • මුල් කොටසේ ඇතිවන අපල සඳහා දශ ක්‍රෝධ බලිය බලිය 
  • මැද කොටසේ ඇතිවන අපල සඳහා නිළඟ රාක්‍ෂ බලිය 
  • අග කොටසේ ඇතිවන අපල සඳහා ගෞඩි රාක්‍ෂ බලිය 

7. බුධ වර්ෂ 17 
අපල ඇති කරන අමනුෂ්‍යයින් බඹ යක්‍ෂයා, ගිණිකණ්ඨී යක්‍ෂණී 
  • මුල් කොටසේ ඇතිවන අපල සඳහා වර්ෂාධිපති බලිය 
  • මැද කොටසේ ඇතිවන අපල සඳහා පඤ්චයන්ත‍්‍ර බලිය 
  • අග කොටසේ ඇතිවන අපල සඳහා දේව කළ්‍යාණ බලිය 

8. කේතු වර්ෂ 07 
අපල ඇති කරන අමනුෂ්‍යයින් භද්‍රා යක්‍ෂයා, භද්‍රකාලි යක්‍ෂණී 
  • මුල් කොටසේ ඇතිවන අපල සඳහා බ‍්‍රහ්මරූප බලිය 
  • මැද කොටසේ ඇතිවන අපල සඳහා පක්‍ෂුවන් රාක්‍ෂ බලිය 
  • අග කොටසේ ඇතිවන අපල සඳහා නිළඟ රාක්‍ෂ බලිය 

9. ශුක‍්‍ර වර්ෂ 20 
අපල ඇති කරන අමනුෂ්‍යයින් මල්ලෝදර යක්‍ෂයා, මහේශ්වර යක්‍ෂණී 
  • මුල් කොටසේ ඇතිවන අපල සඳහා දේව මංගල බලිය
  • මැද කොටසේ ඇතිවන අපල සඳහා ශුභ මංගල බලිය 
  • අග කොටසේ ඇතිවන අපල සඳහා අත්ත කළ්‍යාණ බලිය 

මෙම බලි ශාන්තිකර්ම පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු තවත් දෑ රැුසක් වෙයි. එනම්, ඒ ඒ බලි ශාන්තිකර්මවල දී පිහිට පැතිය යුතු දෙවිවරු කවරහු ද යන්න, ග‍්‍රහ දාන, ස්නානයට ඖෂධ, පූජා කළ යුතු මල්, පැළඳිය යුතු පාෂාණ, පැළඳිය යුතු ලෝහ, පැළඳිය යුතු යන්ත‍්‍ර හා පූජාකටයුතු වෘක්‍ෂයන් ආදියයි. 

මේවා පිළිබඳ ඉදිරි ලිපියකින් විස්තර බලාපොරොත්තු වන්න. 

එම්. එම්. රෝහණ වසන්ත 0714161082/wasantha2010@gmail.com

Thursday, February 11, 2010

ධ්වනිය, ශබ්ධ විද්‍යාව හා ශාන්තිකර්ම

අප අවධානය පළමුවෙන්ම ලෝක සත්වයා වෙත යොමු කරමු. ලෝක සත්වයා ගණයෙහි ලා මේ පෘථිවි තලයේ වාසය කරන සෑම සත්වයෝම ඇතුළත් වෙති. මේ ලෝක සත්වයාගේ ස්වභාවය විමසීමේ දී බුදුරදුන් පෙන්වා දුන් පරිදි ඔවුහු ‘සුඛකාමා - දුක්‍ඛ පටික්‍කූලා’ ගණයට වැටෙන්නෝ වෙති. සැපය පමණක් සොයමින් දුක පිළිකෙව් කරන සමාජයක සාමාජිකයන් වශයෙන් නිරන්තර සැප සොයමින් දුක්ඛ දෝමනස්සයන් බැහැර කිරීමට වෙර දරති. ඒ අතරම දුක්ඛ දෝමනස්සයන් බැහැර කිරීම සඳහා නව සොයාගැනීම් ද කරති. එම සොයාගැනීම් සඳහා විවිධ විධික‍්‍රම උපයෝග කරමින්, විවිධ වූ විෂය ක්‍ෂේත‍්‍රයන් ඔස්සේ ක‍්‍රියාත්මක වෙති.

මේ අතර ඇතමෙක් දුක ප‍්‍රතික්‍ෂේප කිරීමට විවිධ මාධයයන් උපයෝග කරගනිමින් සිටිනා බව පැහැදිළි සත්‍යයකි. ඇතමෙක් තාක්‍ෂණය ඒ සඳහා භාවිත කරයි. දැඩි අවු රශ්මියෙන් යුතු දිනයක පවතින දාහය නිවා ගැනීම සඳහා තාක්‍ෂණය උපයෝග කරමින් නිපදවන ලද විදුලිපංකාව භාවිත කරයි. තවත් තෙකෙනෙක් ඒ සඳහා විදුලියෙන් ක‍්‍රියා කරවන වතුර මලක් අසළට විත් හිඳියි.

තවත් අයෙක් දුක පිළිකෙව් කිරීම සඳහා ආගම දහම වෙත නැඹුරු වන බව දැක ගත හැකිය. ආධ්‍යාත්මක සුවය තුළින් පුද්ගල ශරීරගත සියළු දොස් නැතිකිරීමට ඔවුහු සමත් වෙති.

මේ අතර අනාදිමත් කාලයක සිට ලෝකයේ මූල ධාතූන් සහ ලෝකයේ ශක්තීන් කෙරෙහි විශේෂයෙන් මිනිසාගේ අවධානය යොමු විය. මෙසේ විවිධ මාවත් වෙත යොමු වූ මිනිසා විසින් සොයාගනු ලැබූ ශක්තීන් අතුරෙන් මිනිසාගේ සවනේන්ද්‍රිය පාදක කරගත් ශබ්ධය නැතහොත් ධ්වනිය ප‍්‍රධාන ස්ථානයක් ගනී.

සවන නැතහොත් කණ ධ්වනිය සඳහා ද්වාරයක් ලෙස ග‍්‍රාහකයක් ලෙස භාවිත කරයි. මේ අතර පුද්ගලයාගේ මුඛය නැතහොත් කට ධ්වනි නිශ්පාදනාගාරයක් නැතහොත් ධ්වනි නිශ්පත්ති ස්ථානයක් වශයෙන් පෙන්වා දිය හැකිය. මුඛයෙන් උපදනා සියළු ශබ්ධ, ධ්වනි ගුණයෙන් යුක්තය.

ඇත්තෙන්ම ශබ්ධය එකකි. ධ්වනිය අනෙකකි. ශබ්ධයේ දී ඇතිවන්නේ චලනයක් සමග ඇතිවන ශක්තියකි. මෙම ශක්තිය විද්‍යුත් ශක්තිය ලෙස සරලව පෙන්වාදිය හැකිය. එම ශක්තියෙහි ධ්වනි ග‍්‍රාහකයට හසුවන සංඥාව ධ්වනි ගුණය ලෙස පෙන්වාදිය හැකිය.

පහත රූප සටහනෙහි දැක්වෙන්නේ ඉහත සඳහන් කරන ලද චලනයන් මුඛයේ සිදුවන ස්ථරයන්ය. මෙම ස්ථරයන්හි ඇති පේශීන්ගේ චලනයන් හේතුවෙන් උපදනා විද්‍යුත් ශක්තීන් වාතයට මුසුවීමේ දී ධ්වනි ගුණයෙන් යුක්තව බිහිවෙයි.


මේ සමග වන ධ්වනි ගුණය පුද්ගල අවශ්‍යතා අනුව විවිධ වූ රටාවන් ඇසුරු කරමින් නිපදවයි. එම විවිධ රටාවන් පුද්ගලයාගේ සවනේන්ද්‍රිය ඇසුරු කරමින් ස්නායු අවේගයන් මගින් මනසට ලබාදෙන සංඥාව අනුව පුද්ගලයා ධ්වනිය අර්ථවත් කර ගනියි.



මෙසේ ධ්වනිය නැතහොත් ශබ්ධය මුල්කර සමස්ථ ලෝකය අරුත් ගන්වා ඇත. එය වෙනත් අයුරකින් පවසන්නේ නම්, ලෝකයේ සියළු සවිඥාණික හා අවිඥාණික ද්‍රව්‍යයන් හෝ පුද්ගලයන් ශබ්ධ රූප මගින් වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැකි ආකාරයට සම්මත කර ඇත. නැතහොත් ලේබල්කරණයට ලක්කොට ඇත.

මෙසේ ලේබල්කරණයට ලක්කොට සම්මත කොට ඇති සමස්ථ ලෝක ධාතුව ද ඇතුළත් වන්නා වූ මුළු විශ්වයට ම පවා අළුත් ලේබල් අලවමින් අවබෝධ කරගැනීමට උත්හාස දරමින් සිටින බව ලෝකයේ බිහි වී ඇති අතිමහත් ඥාණ සම්භාරය දෙස බැලීමෙන් තේරුම්ගත හැකිය.

මෙසේ ලෝකයේ බිහි වී ඇති සමස්ථ ඥාණ සම්භාරය පෙරදිග හා අපරදිග යනුවෙන් වෙන් වෙන් වශයෙන්
ලේබල් අලවා ඇති බව ප‍්‍රථමයෙන් ම අවබෝධ කට යුතු කරුණකි.

සමස්ථ පද්ධතියේ විවිධ වූ කරුණු ඉටු කරගැනීම සඳහා ශබ්ධය නැතහොත් ධ්වනිය උපයෝග කරගන්නා ආකාරය මන්ත‍්‍ර විද්‍යාව දෙස බැලීමේ දී පැහැදිලි කරගත හැකිය.

කොළඹ වේල්ල වීදියේ රත්නාකර පොත් වෙළඳ ශාලාව මගින් ප‍්‍රකාශයට පත් කරන ලද ආශ්‍යමානස සෘෂිවරයා විසින් රචනා කරන ලද යන්ත‍්‍ර කක්‍ෂ නම් කෘතියෙහි පෙන්වාදෙන ආකාරයට මන්ත‍්‍රවිද්‍යාව හා බැඳි විශේෂ ක‍්‍රියා අට ආකාරයක් ගනියි.

  1. වෂී කර්ම
  2. ආකර්ශන කර්ම
  3. විද්වේශන කර්ම
  4. පේසන කර්ම
  5. ස්ථම්භන කර්ම
  6. උච්ඡුාටන කර්ම
  7. මාරණ කර්ම
  8. මෝහන කර්ම


මෙයාකාර වූ විවිධ ක‍්‍රියාවන් ප‍්‍රස්ථාර ගත කරන ලද ශබ්ධයේ විවිධ රටාවන් උපයෝග කරගනිමින් ඉටු කරගැනීමට අතීතයේ විසූ පුද්ගලයින් සමත් වූ බව නොරහසකි. බටහිර ලෝකයේ අළුතින් බිහි වූ ශාස්ත‍්‍ර හා විද්‍යාවන් ඇසුරු කරගනිමින් මෙම ශබ්ධයේ නැතහොත් ධ්වනියේ විවිධ වූ ශක්තීන් නැතහොත් හැකියාවන් කවරේදැයි නවතම පර්යේෂණවල නියැලෙන විද්වතුන් විද්‍යාත්මකව ඒ බව තහවුරු කරගනිමින් සිටියි.
මේ අතර Fabien Maman  නැමැත්තා විසින් රචිත The Role of Music in the Twenty-First Century හ නමැති කෘතියේ දී පිලිකා ශෛලවල ප‍්‍රතිදේහයන් ඛණ්ඩනය සඳහා විවිධ සංගීත භාණ්ඩයන්ගෙන් මෙන්ම මනුෂ්‍ය කටහ`ඩින් නිපදවන ශබ්ධ උපයෝග කරගත හැකි බව පර්යේෂණාත්මකව ඔප්පු කර ඇති බව පෙන්වා දෙයි. එසේම ශබ්ධ සහ වර්ණ සහසම්බන්ධිත භාවිතයේ දී රෝග නිධානයන් ඒ ඒ ශරීරාවයවයන් හි ඇති කරවන බවත්, ශරීරයේ ස්ථානයන් හතක් (7) ඇසුරු කර ගනිමින් ඇති ශක්ති චක‍්‍ර (energy centers or chakras) සංගීතයේ දී භාවිත කරන සප්ත ස්වර හා බැඳි වර්ණාවලීන් සමග සහ සම්බන්ධිතව ක‍්‍රියාත්මක වන බවත් පෙන්වා දෙයි.
එම විස්තර පහත දැක්වෙන වගුවෙන් පෙන්වා දී ඇත.

Energy Center
ශක්ති ස්ථාන
Location
ශරීරාවයව
Element
මූල ද්‍රව්‍ය
Issues
භාවිතයන්
Right
භාවිතයන් ක‍්‍රියාත්මක වන අයුරු
Color
වර්ණ
Note
ස්වර
1 st Root
Base of spine
Earth
Physical needs
To have
Red
C
2nd Sacral
Lower abdomen
Water
Sexuality, emotions
To feel
Orange
D
3rd Solar Plexus
Solar plexus
Fire
Power, vitality
To act
Yellow
E
4th Heart
Heart
Air
Love
To love
Green
F
5th Throat
Throat
Sound
Communication
To speak
Blue
G
6th Third Eye
Brow
Light
Intuition
To see
Indigo
A
7th Crown
Top of Head
Thought
Understanding
To know
Violet
B


මෙලෙස පැහැදිලි කර ඇති ශබ්ධ හා වර්ණ මනුෂ්‍ය ශරීරයේ ඒ ඒ ශක්ති චක‍්‍ර ස්ථාන හා බැඳී ඇති අයුරු පහත දැක්වෙන රූප සටහනෙන් ඔබට දැකගත හැකිය.


මේ අතර අප කළින් පෙන්වාදුන් මන්ත‍්‍ර විද්‍යාව හා බැඳි අෂ්ට කර්මයේ සඳහන් ක‍්‍රියාවලීන් ඉටු කරගැනීම සඳහා සප්ත ස්වර භාවිත කරන ආකාරය අප විමසිලිමත් විය යුතු කරුණකි. 

උදාහරණයක් ලෙස ජ්‍යෝතිෂ විද්‍යාවේ දී පෙන්වාදෙන සෙනසුරු ඒරාශ්ඨක අපලය සලකන්න. මෙම සෙනසුරු ඒරාශ්ඨකයෙන් අත්මිදීම සඳහා සිදුකරන ශාන්තිකර්මයක් වන මහා මෘතුංජය යන්ත‍්‍රය ජීවම් කරන මහා මන්ත‍්‍රය පහත දක්වා ඇත්තෙමු.

 ඕම් ත‍්‍රියම්භකම් යජාමහේ - සුගන්ධිං පුෂ්ඨි වර්ධනං
ඌර්වාරුකමිව බන්ධනාම් - මෘත්‍යෝර් මුක්‍ෂීය මාමෘතාත්

මෙම මහා මන්ත‍්‍රයේ සංඛ්‍යාත ප‍්‍රස්ථාරය පහතින් දක්වා ඇත්තෙමු.


මතු සම්බන්ධයි -  


Wednesday, February 10, 2010

ජ්‍යෝතිෂය කාන්තාව සහ යුගදිවිය


ජ්‍යෝතිෂය පිළිබඳ පමණක් නොව ලෝකයේ සෑම කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමේ දී  සිහියට නැගෙන කරුණු අතරින් ප‍්‍රධාණ තැනක් ගන්නා එක් අයෙකි කාන්තාව. දරු උපතේ සිට මරණ මඤ්චකය දක්වා මනුෂ්‍ය ජීවිතය දෙකට බෙදුව හොත් පුරුෂයෙකු නම් එක් භාගයක් තනිවමත් අනෙක් භාගය කාන්තාවක හා එක්ව ද නැතිනම් ගැහැණියක නම් ඉතිරි භාගය පුරුෂයෙකු සමග ද ගත කරණු ලබයි.

මෙහි දී ප‍්‍රධාන වශයෙන් මනුෂ්‍යයාගේ ප‍්‍රති නිෂ්පාදන කටයුත්ත කෙරෙනුයේ ස්ත‍්‍රිය හා පුරුෂයා යන දෙදෙනාගේම සංකලනයෙනි, එකතුවෙනි. මෙම ප‍්‍රති නිෂ්පාදන ක‍්‍රියාවලියට එක් නොවන පුරුෂයන් මෙන්ම ස්ත‍්‍රීන් ද වෙයි. නමුත් මෙම ප‍්‍රති නිෂ්පාදන ක‍්‍රියාවලියට උසස් මනසකින් යුතු මනුෂ්‍යයා එක් වීමේ දී ඔහු හෝ ඇය විසින් සිදු කරනු ලබන දායකත්වය වටා ගොඩ නැගුණ ආචාර සමාචාර ධර්ම පද්ධතියක් නැතහොත් සංස්කෘතියක් වෙයි. මෙම චර්යා රටාවන් සමූහය එක් සංස්ථාවක් ලෙස අර්ථ දැක්වීමේ දී සමාජ මානව විද්‍යාඥයන් විසින් හඳුනාගනු ලැබූ නීති රීතීන් සමුදායක් ද මේ අතර වෙයි.

අභිචාර හා ව්‍යභිචාර වශයෙන් මෙම නීති රීති සමුදාය සංස්කෘතිය තුළ සංස්ථාපිතව අර්ථ දක්වා ඇත. ලේ ඥාතීන් අතර විවාහ කටයුතු නැතහොත් මානව ප‍්‍රති නිෂ්පාදන ක‍්‍රියාවලිය සංස්කෘතික වශයෙන් අනුමත කොට නැති එකක් වන අතරම එය ව්‍යාභිචාර ගණයට ඇතුළත් කොට ඇත. මෙහි ව්‍යාභිචාර වශයෙන් සලකන ලේ ඥාතීන් අතර විවාහ කටයුතු ජීව විද්‍යාත්මක පදනමක් ඔස්සේ විග‍්‍රහ කොට බලන විට දී ද නිෂ්පාදන ක‍්‍රියාවලියේ දුබලතා ඇති වීමට හා නිෂ්පාදනයන්ගේ (උපදින දරුවන්ගේ* දෝෂ ඇතිවීමට ද එය බලපාන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත.

මෙම තත්වය මනුෂ්‍ය හැඟීම් හා විග‍්‍රහ කිරීමේ දී මානව චර්යාවන් මත ව්‍යභිචාරය ලෙස අර්ථ දක්වා ඇති මානව ප‍්‍රතිනිෂ්පාදන ක‍්‍රියාවලිය ඔවුනොවුන් විසින් වින්දනය කිරීමේ දී ඔවුනොවුන් විසින් මුහුණ දෙනු ලබන සමාජ සන්දර්භයන්ට අනුව විවිධ වූ හේතු යුක්තීන් යට කී ව්‍යාභිචාරය සුජාතකරණයට ඉදිරිපත් කරයි.

යුග දිවිය හා කාන්තාව යන කරුණු දෙක ව්‍යාහාත්මකව විමර්ශනය කිරීමේ දී ඉදිරිපත් වන යට කී විශ්ලේෂණය ඔස්සේ ජ්‍යෝතිර්විද්‍යාත්මක පදනමකින් කරුණු විමසා බැලූව හොත් මතුවන කරුණු කවරේ ද?

අප විසින් 2010 පෙබරවාරි 08 වන දින ලියන ලද ”විවාහය, ව්‍යභිචාරය හා ජ්‍යෝතිෂය” නමැති ලිපියෙන් ව්‍යාභිචාරයට නැඹුරුවීමේ දැඩි ප‍්‍රවණතාවක් සහිත කේන්ද්‍ර සටහනක් ඉදිරිපත් කළෙමු. කාල සර්ප යෝගයක් හා කුජ භෞම දෝෂයක් එම කේන්ද්‍ර සටහනෙහි සෘජුවම දැකගත හැකි විය. එසේම ආත්ම කාරක මෙන්ම ලග්නාධිපති ගුරු ග‍්‍රහයා දුෂ්ඨ ස්ථාන නැත හොත් වැයස්ථාන ගතවීම තව ද පවතින දුර්වල තත්වයකි. දාර කාරක හෙවත් කලත‍්‍රයා නියෝජනය කරන ග‍්‍රහයා වන රාහු පිතෘකාරක අඟහරු හා එක්ව ලග්නස්ථානයේ සංයෝග වී (එක් රාශියක දී අන්‍යෝන්‍ය වශයෙන් අංශක 6ක දුරස්ථර බවකින් හෝ දෘෂ්ඨි ලැබීමෙන්) සිටීමෙන් විවාහයේ දී පියාට ද්‍රෝහි වීමක් ඇති කරවන ග‍්‍රහ පිහිටීමක් වශයෙන් පෙන්වා දිය හැකිය. මාතෘකාරක හා සත්වැන්නාධිපති වන බුධ එකොළොස්වැන්නේ දී සත්වැන්නේ සිටි කේතුගේ පංචම දෘෂ්ඨිය ලැබීම ද මවගෙන් ලබන ශාපයකට හේතු වන පිහිටීමක් වශයෙන් පෙන්වාදිය හැකිය.

මෙම තත්වයන් දෙස බැලීමේ දී කාන්තාව, යුග දිවිය හා ජ්‍යෝතිෂය යන කරුණු සමාජ ප‍්‍රගමනය සඳහා ස්වභාව ධර්මයා විසින් ඇති කරන ලද දෑ ලෙසත්, ඒවා සමාජ, සංස්කෘතික හා සංස්ථාපිත අයුරින් ගොඩ නගන ලද ආචාර සමාචාර ධර්ම පද්ධතීන් ලෙසත් අප විසින් අවබෝධ කට යුතු බව පෙන්වාදිය හැකිය.

එම්. එම්. රෝහණ වසන්ත/0714161082-0755075182,wasantha2010@gmail.com


Tuesday, February 9, 2010

විවාහය, ව්‍යභිචාරය හා ජ්‍යෝතිෂය

මෙම මාතෘකාව පිළිබඳ අපගේ අවධානය යොමුවීමට ප‍්‍රධාන හේතුවක් වූයේ නොබෝදා අප වෙත යොමු වූ එක් දුරකථන සංවාදයක ප‍්‍රධාන තේමාව මෙම මාතෘකාගත විෂය පථයේ අන්තර්ගත වීමය. එම දුරකථන සංවාදයේ එක් නැගණියක් අප වෙත කරුණු දක්වා සිටියේ ඇයගේ කේන්ද්‍ර සටහන පරීක්‍ෂා කර දෙන ලෙසයි. අප එම කේන්ද්‍ර සටහන පරීක්‍ෂා කොට බැලූව අවස්ථාවේ දී අපට පෙනී ගිය එම කේන්ද්‍ර සටහන මෙසේය.



බෘහත් පරාශර හෝරා ශාස්ත‍්‍ර ග‍්‍රන්ථයට අනුව එහි 20 වන පරිච්ෙඡ්දයේ 3 වන ශ්ලෝකයට අනුව සිකුරු යම් භාවයක දී සිය සතුරු ග‍්‍රහයෙකු සමග සංයෝග වූ විට එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සිය සැමියාගේ හෝ භාර්යාවගේ වියෝවකට හේතු වන බවයි. එසේම තවදුරටත් 4 වන සහ 5 වන ශ්ලෝකවලින් පෙන්වා දෙන අන්දමට සිකුරු සතුරු රාශියක හෝ දුබල රාශියක සංයෝග වී හෝ සිටියේ ද එවිට කලත‍්‍රයා බොහෝ ව්‍යාධින්ගෙන් පෙළෙන්නෙකු බව පෙන්වා දෙයි. 

තවද එහි 55 වන පරිච්ෙඡ්දයෙහි 1 සිට 6 දක්වා ශ්ලෝකයන්හි පෙන්වා දෙන අන්දමට සඳුගේ අන්තර් දශා මහ දශාවන් හි දී දෙවියන්ගේ ආශීර්වාදයෙන් ඇත් අස් වස්ත‍්‍රාභරණාදිය ලබන්නේ වුව ද සඳු ග‍්‍රහයා සතුරු ග‍්‍රහයින් හා සංයෝග වී ත‍්‍රිකෝණගවීම තුළ සඳුගේ අන්තර් දශාවන්හි හා මහ දශාවන් හි දී ධනය නැති වීම, තත්වයෙන් පහළ වැටීම, රජුගේ හා මැති ඇමතිවරුන්ගේ පීඩනයට ලක් වීම, මවට සිත් පීඩා ගෙන දීම, සිර ද`ඩුවම් ලැබීමට ලක් වීම, ඥතීන්ගෙන් වියෝ වීම සිදු වීමට නියමිතය. ධනස්ථානාධිපති කුජගේ දෘෂ්ඨියට හා වැයස්ථානාධිපති ශනි හා සඳු සංයෝග වූ විට අනිවාර්යයෙන් සිරුරට පීඩාගෙන දෙන වේදනාකාරී මරණයක්ට හිමිකම් කියයි. 

මරණයට කැප වූ වර්ණවත් එළ ගව දෙනුන් නිදහස් කර ඔවුන්ට රැුකවරණය සැළැස්වීම තුළින් මෙම පීඩාකාරී අපල තත්වයෙන් අත්මිදීමට හැකි බව එහි වැඩි දුරටත් පෙන්වා දෙනු ලබයි.

මේ උප්පත්ති ග‍්‍රහ පිහිටීම සහිත එම නැගණිය සිය පුංචි අම්මාගේ පුතා සමග පේ‍්‍රමයෙන් වෙලී මව් පියන්ට ද්‍රෝහි වෙමින් නිවසින් පැණ ගොස් විවාහ වීමට ඉටාගෙන සිටින බවත් ඇයගේ කේන්ද්‍ර සටහනෙහි වැඩි දුරටත් පෙන්වා දි ඇති පරිදි කාල සර්ප යෝගයෙන් පීඩා විඳීමට ඉරණම ලියැවී ඇති හෙයින් මෙය සිදු කිරීමට ඉටාගනු ලැබූ බවත් පවසා සිටියාය.

සමාජ සංස්ථාගත විවාහයත්, විවාහයේ සබඳතා නිර්ණායකයන් පිළිබඳවත්, ලේ ඥාතිත්වය ඇතියවුන් ඔවුනොවුන් හා විවාහය තුළින් ඇති වන ජීවවිද්‍යාත්මක පරිචිත ලක්‍ෂණ සම්පේ‍්‍රෂණයෙන් මන්ද බුද්ධික දරුවන් ඉපදීමට ඇති ප‍්‍රවණතාවත් පිළිබඳ සැලකිල්ලට ගනිමින් කරුණු විමර්ෂණය කිරීමේ දී පෙනී යන ප‍්‍රබල සමාජ ගැටළුවට විසඳුම කුමක් ද යන්න සෙවීමට පාඨක ඔබ සැමගේ ප‍්‍රතිචාර ලබා ගැනීමේ අදහසින් මෙම ලිපිය යොමු කරනු ලබන බව සැළකිය යුතු ය.

එම්. එම්. රෝහණ වසන්ත/0714161082-0755075182 wasantha2010@gmail.com






Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්