Wednesday, June 10, 2009

ව්‍යාපාර හා පුද්ගල ණය නිකුත් කිරීමේ දී රාජ්‍ය හා වාණිජ බැංකු විසින් තම සේවාදායකයින්ගේ කේන්ද්‍ර සටහන් සැලකිල්ලට ගතයුත්තේ ඇයි?

රාජ්‍ය හා වාණිජ බැංකු ක්‍ෂේත‍්‍රය දෙස බලන විට දී එම අංශ වාණිජ ක්‍ෂේත‍්‍රයේ උප විෂයයක් යටතේ විකාශනය වන අංශයක් ලෙස පෙන්වා දිය හැකිය. මෙම අංශයෙන් රටක දල ජාතික නිශ්පාදනය කෙරෙහි හා ඒක පුද්ගල ආදායම කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරවන අංශයක් ලෙස හඳුනාගත හැකිය.  

විශේෂයෙන් රාජ්‍ය හා වාණිජ බැංකු විසින් ඒක පුද්ගල ආදායම හා නිෂ්පාදනයන්ගේ වටිනාකම් සංචිත කරන අතර එකී ආදායම් හා වටිනාකම් ව්‍යාපාර ක්‍ෂේත‍්‍රයෙහි ලා ආයෝජනය කිරීමට යොමු වෙයි. එතුළින් එකී සංචිත වර්ධනය කිරීමට අවස්ථාව ඇතිකරනු ලබයි. 

මෙසේ රාජ්‍ය හා වාණිජ බැංකු විසින් සිදු කරනු ලබන අයෝජනයන් ව්‍යාපාර හා පුද්ගල ණය වශයෙන් මහජනයාට නිකුත් කරන අතර නිකුත් කරන ලද ණය ආපසු අය කරගැනීමේ දී ලැබෙන පොලිය මත සංචිත වර්ධනයෙහි ලා පිටු බලයක් ලැබෙයි. පහත අංක 01 රූප සටහන බැලීමෙන් මෙම ක‍්‍රියාවලිය පහසුවෙන් අවබෝධ කරගත හැකිය.  

මෙම ක‍්‍රියාවලියෙහිලා බාධක වශයෙන් සෘජුව මතුවන ගැටළුවක් වන්නේ නිකුත් කරන ලද ණය ආපසු අය කරගැනීමේ දී ණය හිමියන් විසින් ගෙවීම් පැහැර හරිනු ලැබීමයි. මෙය මගහරවා ගැනීම සඳහා බැංකු විසින් දැනට අනුගමනය කරන්නේ සාක්‍ෂිකරුවන් දෙදෙනෙකුගේ අත්සන් ලබාගැනීමයි.  

නමුත් එය කෙතරම් දුරට ප‍්‍රතිඵලදායකදැයි සැක ඉපදවීමට සමත් වී ඇත්තේ වසරක් තුළ ගෙවීමට ඇති ණය ගෙවීමට නොහැකි වීමෙන් කපාහැරීමට සිදුවන අවස්ථාවන් දෙස විමසිලිමත්ව බැලීමෙනි. මෙහි ලා බලපානු ඇතැයි සමීක්‍ෂිතව හඳුනාගෙන ඇති සාධක රැුසක් ඇති බව පෙන්වා දිය හැකිය. ඒවා පහත දැක්වෙන අයුරින් පෙළගස්වාලිය හැකිය.

x ව්‍යාපාරය පාඩු ලැබීමෙන් 
x වෙළඳපොල සාධක මත
x විනිමය අනුපාතිකයේ අසමතුලිත බව
x තෙල්මිල උච්ඡුාවචනය වීම  
x උද්ධමනය මත 
x පුද්ගල සාධක මත 
x කළමණාකරණ දුර්වලතා 
x වංචා හා ¥ෂණ මත 
x සොර සතුරු උපද්‍රව ද ස්වාභාවික විපත්  
x තෝරාගනු ලැබූ ව්‍යාපාරය තමාට නොගැළපීම 
x ව්‍යාපාරය සඳහා තෝරාගත් සැලසුමෙහි ඇති දුර්වලතා 
x සිතාමතා සිදුකරන ණය ගෙවීම් පැහැරහැරීම් මෙහිලා දක්වන ලද හේතූන් විවිධ අයුරින් බලපානු ලැබීමෙන් ව්‍යාපාරයක් බිඳවැටිය හැකිය. එසේම පුද්ගල කේන්ද්‍ර සටහනක් ඇසුරින් යථෝක්ත සාධක විමර්ශනය කළ හැකි ද යන්න මෙම ලිපියේ දී අප විසින් සලකා බැලිය යුතු කරුණක් වශයෙන් පෙන්වා දිය හැකිය.  

ඉහත අංක 02 රූප සටහන මගින් පුද්ගල කේන්ද්‍රයේ ඒ ඒ භාව ඇසුරෙන් නිශ්චය කළ හැකි ද මොනවාදැයි ඔබට පහසුවෙන් අවබෝධ කර ගත හැකිය.  

මෙහිදී මෙම භාවයන්හි ඒ ඒ ග‍්‍රහයින් තැන්පත්වීම මත ඇතිවන වෙනස්කම් සැලකිල්ලට ගත යුතුය. මෙසේ සැලකිල්ලට ගත යුතු ග‍්‍රහ පිහිටීම් මොනවාදැයි විමසීමට ප‍්‍රථම ඒ ඒ ග‍්‍රහයින් නියෝජනය කරන සමාජ පුද්ගලයින් හා පුද්ගල කණ්ඩායම් කවුරුන්දැයි විමසා සිටය යුතු වෙයි. 

x රවි - රජය, රාජ්‍ය මැති ඇමතිවරුන් 
x චන්‍ද්‍ර - විරුද්ධ පක්‍ෂය, වැඩිහිටි කාන්තාවන්, ජලය ඇසුරුකර ජීවිකාව කරන්නන් 
x කුජ - අධිකරණය හා අධිකරණ නිලධාරීන්, රක්‍ෂණ සමාගම්, රාජ්‍ය බැංකු, ආරක්‍ෂක නිලධාරීන්, ත‍්‍රිවිධ හමුදාව හා පොලීසිය, ශල්‍ය වෛද්‍යවරුන්, රථවාහන හා අනතුරු, යකඩ, ආයුධ හා වෙනත් කාර්මික උපකරණ භාවිත කරන කර්මාන්තකරුවන්
x බුධ - පර්යේෂකයින්, විද්‍යාර්ථීන් (ඉගෙනීමෙහි යෙදෙන්නන්) 
x ගුරු - වාණිජ බැංකු, අධ්‍යාපනඥයින්, ගුරුවරුන්, උපදේශකයින්, වෛද්‍යවරුන් 
x ශුක‍්‍ර - ව්‍යාපාරික ප‍්‍රජාව, වාණිජ බැංකු, තරුණ කාන්තාවන්, යහපත් කාලගුණය 
x ශනි - කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රයේ නියුතුවූවන්, යාචකයින්, දරිද්‍රතාවන්ගෙන් පෙළෙන්නන්, මිණිරන් හා මැණික් පතල්කරුවන්, විදේශ රැකියා, 
x රාහු - ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රය, විදේශ රැුකියා, ස්වාභාවික විපත් හා අයහපත් කාලගුණය 
x කේතු - රෝගීන්, අධ්‍යාපනඥයින්, විශේෂඥයින් මේ අනුව යම් ණය ඉල්ලූම්කරුවෙකුගේ විවිධ වූ අධ්‍යාපනික මටටම්, හැකියාවන්, උරුමයන්, වැයවීම්, චාරිත‍්‍ර වාරිත‍්‍ර පිළිපැදීම්, හුරුපුරුදු හා වංචා ¥ෂණ ආදියට නතුවීමට ඇති ඉඩප‍්‍රස්ථා ආදිය පිළිබඳ අවබෝධයක් රාජ්‍ය හා වාණිජ බැංකු හිමියන්ට ලබාගත හැකිය.  

එපමණක් ද නොව ඒ ඒ ග‍්‍රහයින්ට හිමි දශාවන් ගෙවන අවස්ථාවන්හි දී කළ යුතු ඵල දෙන ජීවිකාවෘත්තිය කුමක්ද යන්න විමසා සිටීම වැදගත් වෙයි. බොහෝ දුරට ඒරාශ්ඨක අපල කාලයන් ඇසුරේ දී යමෙකු ව්‍යාපාරික ණයක් අයදුම් කළහොත් ඔහුට ගත් ණය පියවීමට වඩා අති බැ?රුම් ප‍්‍රශ්න රැුසකට මුහුණ දීමට සිදුවෙයි.

තත්කාල ග‍්‍රහචාරානුකූලව ඒ ඒ ක්‍ෂේත‍්‍රයන් කෙරෙහි බලපාන ගැටළු විවිධ වූ මට්ටමින් ඇතිවෙයි. මෙකී සෑම කරණක් පිළිබඳවම අවබෝධය ලබාගැනීම තුළින් යථෝක්ත ගැටළු විසඳාගත හැකිබව පෙන්වා දිය යුතු කරුණකි. මෙම දැණුම ලබාගැනීමේ දී සිදුකළ යුතු ක‍්‍රියාවලියක් වෙයි. පිළිගත් පර්යේෂණ විධික‍්‍රම මාලාවක් ඇසුරුකොට බැංකුකරණය හා බද්ධව ජ්‍යෝතිෂ පර්යේෂණයක් සිදුකිරීම කාලෝචිත කියාවක් බව පෙන්වා දිය යුතුය.  

මන්ද රාජ්‍ය හා වාණිජ බැංකු ප‍්‍රධන වශයෙන් මුහුණ දෙන ප‍්‍රබල ගැටළුවක් විසඳීමට නිසි මාවතක් මෙතුළින් විවර කර ගත හැකි බැවිනි. සෑම බැංකුවකටම ජ්‍යෝතිර්වේදියෙකුගේ සේවාව අවශ්‍යවන බව පෙන්වාදීම මෙම ලිපියේ තවද අරමුණක් වශයෙන් මෙහිදී පෙන්වාදිය හැකිය.  

නමුත් ඒ සඳහා විශේෂිත ජ්‍යෝතිෂ පුහුණු පාඨමාලාවක් බැංකුකරණය හා බද්ධව බැංකු සේවකයින්ට ලබාදීම සිදුකළ හොත් අමතර පුද්ගලයෙකු වෙනුවෙන් සිදුකරනු ලබන වැටුප් ගෙවීම අඩුකරගත හැකි මාර්ගයක් වශයෙන් පෙන්වාදිය හැකිය. අඩුතරමින් බැංකුවල ණය අංශයේ සේවය කරන සේවකයින් හටවත් මෙම පාඨමාලාව හඳුන්වාදෙන්නේ නම් වඩාත් ප‍්‍රතිඵල දායක වනු ඇත.

Tuesday, June 9, 2009

ජ්‍යෝතිර්විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා

ජ්‍යෝතිර්විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා සියදිවි නසාගනු ලැබූ පුද්ගලයින් පිළිබඳ ඔබ දන්නවා නම් ඔබ කැමති නම් ඒ අය පිලිබඳ කෙටි විස්තරයක් ද සහිතව ඒ අයගේ උපන් දිනය, උපන් වේලාව සහ උපන් ස්ථානය සඳහන් කර wasantha2010@gmail.com නැමති විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. 

(සියළු තොරතුරුවල රහස්‍යභාවය සුරකින බවට සහතික වෙමි)
ස්තුතියි. එම්. එම්. රෝහණ වසන්ත 0714161082

Friday, June 5, 2009

මොකක් ද මේ බහිරව දෝෂය - විද්‍යාත්මක විග‍්‍රහයක්

පෘථිවිය පැතලි තැටියක් නොවන බව ඇරිස්ටෝටල් Aristotleහා ටොලමි tolamy විසින් ලොවට අනාවරණය කරන ලදී. පසුකාලීනව Nicolaus Copernicus සහ ගැලීලියෝ Galileo Galileiයන අය පෘථිවිය ස්ථාවර ගෝලීය හා කේන්ද්‍රීය ස්ථාවර වස්තුවක් ලෙස පෙන්වාදෙන ලදී. නිව්ටන් Sir Isaac Newton සහ අයින්ස්ටයින් Albert Einstein  විසින් එම අදහස ප‍්‍රශ්න කිරීමට ලක් කරන ලද නමුත් නිශ්චිත අදහසක් ඉදිරිපත් කිරීමට උත්සුක නොවූහ.Herbal  දුරේක්‍ෂය නිපදවීමත්, පරිගණකය නිපදවීමත් සමග සහ 1988 වර්ෂය වන විට ලබාගත් නූතන විද්‍යාත්ත්මක දියුණුවත් හේතුවෙන් පෘථිවිය තමා වටා භමණය වෙමින් සූර්යයා කේන්ද්‍ර කර ඉලිප්සීය ගමන් මගක් ඔස්සේ පරිභමණය වන ගෝලාකාර වස්තුවක් බව නවීන විද්‍යානුකූල නිශ්චිත නිගමනයකට සමස්ථ ලෝකයා පැමිණ තිබේ.  

මෙම නිගමණයට පැමිණීමේ දී පෘථිවියේ ගෝලාකාර බව, ආනතීය භ‍්‍රමණය, ඉලිප්සීය පරිභ‍්‍රමණය, භූකේන්ද්‍රීය ධ‍්‍රැව ක‍්‍රියාකාරීත්වය, ගුරුත්වය හා චුම්බක බල රේඛා නිර්ණය යන කරුණු පිළිබඳ සවිඥාණික දෘෂ්ඨියක් මිනිසා ඇති කරගත්තේය. ස්වභාවික විශ්ව ක‍්‍රියාකාරීත්වයට පරිබාහිරව මිනිස් ක‍්‍රියාකාරකම් ඉස්මතු වීම ඇරඹුනේ මානවයා ගින්දර සොයාගැනීමත් සමගය. එතැන් සිට රොකට්ටුවක නැග සඳ මතට පා තබන අවස්ථාව දක්වා මිනිසාගේ ක‍්‍රියාකාරකම් පිළිබඳ සමාලෝචනයක් කිරීම මෙහිදී අත්‍යවශය කරුණක් නොවේ.  

බෞද්ධාගමික පැහැදිළි කිරීම්වලට අනුව ආභස්සර බ‍්‍රහ්ම ලෝකයේ සිට පෘථිවිය කරා පැමිණි ජීවීන් රස පොළව අනුභව කළ අවස්ථාවේ ඔවුන් තුළ ඇති වූ රසයට ලොල් බව හේතුවෙන් තෘෂ්ණාව පහළ වූ බව මජ්ක්‍ධිම නිකායේ චක්කවත්ති සීහනාද සූත‍්‍රයෙන් බුදුරදුන් පෙන්වාදී ඇත. එතැන් සිට පොළව හා තව තවත් බැඳීම් ඇති කරගනිමින් සත්වයා භූමියේ ස්වාමිත්වය තහවුරු කිරීම සඳහා සීමා මායිම් නිර්ණය කරනු ලැබිණ. මෙම සීමා මායිම් නිර්ණය කිරීම හේතුවෙන් හා ආරක්‍ෂාව හා වාසය සඳහා ගෘහයන් නිර්මාණය කිරීම ආරම්භ විය.  

ක‍්‍රිස්තියානි බයිබලයේ දැක්වෙන පෘථිවි උප්පත්ති හා මැවීම් කථාවලට අනුව ආදම් සහ ඒව යන පෘථිවියේ පළමු මානවයින් දෙදෙනා ඔවුනට කෑමට තහනම් කරනු ලැබූ ගසේ ගෙඩි කෑ අවස්ථාවේ සිට මනුෂ්‍ය වර්ගයා තුළ තෘෂ්ණාව හා කෲරත්වය ඇති වූ බව එහි කියැවේ. ඒ කරණ කොට ලෝකය විනාශ කිරීම සඳහා දෙවියන් වහන්සේ විසින් මහා ජල ගැලීමක් ඇති කරන ලදී. අනතුරු නෝවා නැමැත්තෙකු විසින් සාදන ලද නැවට නැගගත් ඔහු ප‍්‍රමුඛ සත්වයින් ජල ගැල්මෙන් බේරී ගත්තේය. එසේ මහා ජල ගැල්මෙන් බේරීගත් නොවා සහ ඔහුගේ පුතුන් තිදෙනා ඇතුළු සත්වයින් නැවත තෘෂ්ණාව හා කෲරත්වය කරා ඇදී ගියේය. මේ හේතුවෙන් දේවියන් වහන්සේ විසින් මවන ලද පොළවෙහි දෙවියන් විසින් ම මිනිසා ඇතුළු සත්වයා පරීක්‍ෂා කිරීමේ හා ඔවුනට ද`ඩුවම් දීමේ අරමුණින් විවිධ වූ ප‍්‍රතික‍්‍රියාවන් ඇති කරවන ලද බව කියැවේ.  

මේ ආදී වූ ආගමික දෘෂ්ඨීන්ගෙන් බැහැරව ඉහත කරුණු සලකා බැලීමේ දී නැවත එම සිදුවීම මෙසේ විස්තර කළ හැකිය. පෘථිවියේ යට කී ගෝලාකාර බව, භූකේන්ද්‍රීය ධ‍්‍රැව ක‍්‍රියාකාරීත්වය හෙවත් පෘථිවියේ කේන්ද්‍රාපසාරී ගුණය හේතුවෙන් ඇන්ටාටික් වෘතය හා ආක්ටික් වෘතය, දක්‍ෂිණ ධ‍්‍රැවය හා උත්තර ධ‍්‍රැවය වශයෙන් ක‍්‍රියාත්මක වීම, ආනතීය භ‍්‍රමණය හෙවත් මදක් ඇල වී (අංශක 23 1/2ක්) එහි උත්තර ධ‍්‍රැවය හා දක්‍ෂිණ ධ‍්‍රැවය අක්‍ෂය වශයෙන් ක‍්‍රියාත්මක වෙමින් තමා වටා කැරකීම, ඉලිප්සීය පරිභ‍්‍රමණය හෙවත් තමා වටා කැරකෙමින් ම සූර්යා කේන්ද්‍ර කර ගනිමින් සෞරග‍්‍රහ මණ්ඩලය සිසාරා ඉලිප්සීය ගමන් මගක යාම, ගුරුත්වය හෙවත් පෘථිවිය මත ඇති වස්තූන් සහ ජීවීන් විශ්වයට ඇදී යා නොදී රඳවා තබා ගැනීමේ ශක්තිය හා චුම්බක බල රේඛා නිර්ණය හෙවත් ගුරුත්වය නිසා පොළව මත ඇති වන චුම්බක ක්‍ෂේත‍්‍රය යන කරුණුවල පවතින ස්වාභාවිකත්වයට එරෙහිව මිනිස් ක‍්‍රියාකාරකම්වල බලපෑම එල්ලවන අවස්ථාවන්හි දී එය තුළම නැතහොත් ස්වාභාවිකත්වය විසින් සමස්ථ ජීවී පද්ධතියටම එරෙහිව විෂම බල පන්තීන් ක‍්‍රියාත්මක කිරීම ඇරඹෙයි. මෙසේ ඇතිවන විෂම බල පන්තීන් මර්ධනය කිරීමට විධික‍්‍රම සෙවීමෙහිලා මිනිසා නිරතවිය. ඇතැම් පිරිස් භෞතිකත්වය තුළින් ද තවත් පිරිසක් මිනිස් මනස දියුණු කිරීම තුළින් ද ඊට පිළියම් සෙවීමෙහි නිරත විය. අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් Para-Psychological Rituals පිළිබඳ විද්‍යානුකූල විමර්ෂනයක යෙදීමේ අවශ්‍යතාව හෙවත් වැඩදායී බව මෙහිදී අපට ඉස්මතු කර දැක්විය හැකිය.  

විද්‍යානුකූල විමර්ෂනයක යෙදීමෙහි අවශ්‍යතාවයට හා ඵලදායීතාවයට හේතුව වන්නේ ඉතා සරල ස්වාභාවිකත්වය හා බද්ධ වූ ප‍්‍රතිපදාවක්, ක‍්‍රියා පටිපාටියක් අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් තුළ අන්තර්ගත වී තිබෙන බැවිනි. ඉතා සරළ උදාහරණයක් මේ සඳහා ඔබට පෙන්වාදිය හැකිය.  



අනුරාධපුරයේ මහාවිහාර පුරාවිද්‍යා කැණීම් භූමියේ පිහිටි කැසිකිළියක් (මූත‍්‍රා කිරීම සඳහා භාවිත කෙරෙන ස්ථානයක්) හා එහි නිර්මාණාත්මක ව්‍යුහය පිළිබඳ සැකැස්මක් ගෙන බලමු. අංක 01 රූප සටහනෙහි දැක්වෙන එම නිර්මාණය මගින් ස්වභාවිකත්වයට කෙතරම් ගරු කර ඇත්ද යන්න විමසා බැලීම අගනේය. ප‍්‍රසිද්ධ නගරයක මහජන කැසිකිළියක් අසළින් ගමන් කරන විට දී අපට එය හ\ුනාගත හැකිය. හේතුව මූත‍්‍රාවලින් හමන දුර්ගන්ධයයි. එබඳු පවිත‍්‍ර නොකර ඇති කැසිකිළියක් නිරීක්‍ෂණයට භාජනය කිරීමෙන් එහි බිත්ති හා පොළව දිරායන ආකාරය දැකගත හැකිය.  

අනුරාධපුර මහාවිහාර පුරාවිද්‍යා කැණීම් භූමියේ කැසිකිළියත්, මහජන කැසිකිළියත් දෙකෙහි සෞඛ්‍යාරක්‍ෂිත භාවය පසෙක තබා ඉන් පරිසරයට වන හානිය විමසීමේ දී පෙනී යන්නේ මහාවිහාර කැසිකිලිය ඉතාමත් සෞඛ්‍යාරක්‍ෂිත මෙන්ම පරිසර හිතකාමී අන්දමින් නිර්මානය කර ඇති බවයි.  

මෙම උදාහරණ දෙකින් එනම් අනුරාධපුර පුරාවිද්‍යා කැණීම් භූමියෙන් සොයාගත් කැසිකිළිය හා වත්මන් මහජන කැසිකිළිය මගින් වර්තමානයේ සහ අතීතයේ වැසිකිළි හා කැසිකිළි නිර්මාණයේදී අනුගමනය කෙරී ඇති පාරිසරික සාධක පිළිබඳ තැකීම අපට වටහා ගත හැකිය. අතීත හා වර්තමාන කැසිකිළි නිර්මාණාත්මක ක‍්‍රියාවලියේ දී මිනිසා ස්වාභාවිකත්වයට ගරුකිරීම කෙතෙරම් පැහැර හැර ඇති ද යන්න මෙයින් වටහා ගත හැකිය.  

බහිරව දෝෂය හා බහිරව පූජාව පිළිබඳ විදු ඇසින් බැලීම පිළිබඳව කරුණු පවසන අතර අනුරාධපුර පුරාවිද්‍යා කැණීම් භූමියේ කැසිකිළියත් හා වත්මන් මහජන කැසිකිළියත් ගැන තොරතුරු දැක්වීමට අදහස් කළේ කරුණු දෙකක් හේතුවෙනි. ඉන් පළමුවැන්න, අතීත හා වර්තමාන මූලික මිනිස් අවශ්‍යතා සඳහා ඉදිකෙරෙන ගොඩනැගිලි තැනීමේ දී මිනිසා ඇතුළු සමස්ථ පාරිසරික හා ජීවි පද්ධතිය නොසළකා හැර ඇති බව පෙන්වා දීම ය. දෙවන කරුණ වන්නේ, එසේ මිනිසා ඇතුළු සමස්ථ පාරිසරික හා ජීවි පද්ධතිය නොසළකා හැරීම හේතුවෙන් අනිටු ඵල ඇතිවන බව පෙන්වා දීමය.  

මේ අනුව පෙනීයන වැදගත් කරුණක් වන්නේ අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් Para-Psychological Rituals ස්වාභාවිකත්වය හා බද්ධ වූ ප‍්‍රතිපදාවක්, ක‍්‍රියා පටිපාටියක් අනුගමනය කරන බැවින් පාරිසරික සමබරතාව රැුකීමෙහිලා එය මහත් සේ දායක වේ. මිනිස් ක‍්‍රියාකාරකම් හේතුවෙන් පෘථිවියේ ක‍්‍රියාත්මක වන්නා වූ චුම්බක ක්‍ෂේත‍්‍රයෙහි ඇතිවන විෂම බල පන්තීන් විශ්ලේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. යම් භූමි භාගයක් පැළඉණි වැටකින් හෝ ප‍්‍රාකාරයකින් හෝ වෙන් කීරීම නිසා ඇතිවන විෂම බල පන්තීන් සමනය කිරීම සඳහා අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් Para-Psychological Rituals තුළ දැක ගැනීමට ඇති එක් ප‍්‍රතිකර්මයක් ලෙස ෙභෙරව පූජාව පෙන්වාදිය හැකිය.  

පෘථිවියේ චුම්භක උතුරු දිශාව හා සම්මත උතුරු දිශාව අතර පැහැදිළි වෙනසක් ඇති බව අප දනිමු. ධ‍්‍රැව මුල්කර පෘථිවියේ ආනතිය අනුව හා භ‍්‍රමණය වීමත් සූර්යයාගේ ගුරුත්වය හේතුවෙන් සූර්යයා වටා ඉලිප්සීය ගමන් මගක පෘථිවිය ගමන් කිරීමේ දී ඇතිවන ලප්පාවීම් ආදිය එම වෙනස ඇතිවීම කෙරෙහි බලපාන බව පෙන්වාදිය හැකිය.  

යට කී ආකාරයේ සීමා මායිම් නිර්ණය කිරීම්, පැළඉණි වැට ඉදිකිරීම්, ප‍්‍රාකාර බැඳීම් ආදිය හේතුවෙන් පෘථිවියේ චුම්භක බලරේඛා වෙනස්වීම නිසා ක‍්‍රියාත්මක වන්නා වූ විෂම බල පන්තීන් පොළවේ භූ ගර්භය තුළින් පමණක් නොව දස දිශාවෙන්ම ඇතිවන්නේ පෘථිවිය විශ්ව අවකාශය තුළ පවතින වස්තුවක් බැවිනි. මෙසේ දස දිශාව මුල්කර ඇතිවන විෂම චුම්භක බල පන්තීන් ෙභෙරව දෝෂ වශයෙන් අපට හඳුනාගත හැකිය.  

නමුත් ජ්‍යෝතිෂ විද්‍යාත්මකව හා මන්ත‍්‍ර විද්‍යාත්මකව මෙම දෝෂ සඳහා අධිපතීත්වය දරන විශේෂිත පුද්ගල කොට්ඨාශයක් වන බව සඳහන් වෙයි. එකී පුද්ගල කොට්ඨාශයන් දස දිග් පාල ෙභෙරවයන් ලෙස ජ්‍යෝතිෂයේ දී හා මන්ත‍්‍ර විද්‍යාවේදී පෙන්වා දෙයි. පොළවේ ඇතිවන භූ කම්පන, නායයෑම්, ගංවතුර, සුනාමි රළ නැගීම්, සුළි කුණාටු තත්වයන් මේ සෑම සිදුවීමක් ම මිනිස් ක‍්‍රියාකරකම්වල ප‍්‍රතිඵල ලෙස හෙවත් ප‍්‍රතික‍්‍රියා වශයෙන් ස්වාභාවිකත්වය තුළින් ඇතිවන තත්වයන් බව පිළිගැනීමට බටහිර පශ්චාත් නූතනවාදී සහ ඇතැම් ක්වොන්ටම්වාදී ගුරුකුළයන්ගේ සරණ ගියවුන් මැළි බවක් දක්වයි. ඇතැම් විටෙක ඔවුහු තම දැණුම සඳහා ලැබී ඇති සහතික හා සමාජ බුහුමන් නැමති පිටපොත්ත මෙම අදහස් පිළිගැනීමට යාමේ දී පළුදු වේ යැයි බියෙන් අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් ප‍්‍රතික්‍ෂේප කරන බව ඇඟවීමට උත්සාහ ගනී.  

බුදු වදනක ඇති ශ්‍රේෂ්ඨත්වය මෙහි දී පෙන්වා දිය යුතුය.   ‘‘බහුං චෙ සරණං යත්‍ති පබබතානි වනානි ච ආරම රුක්‍ඛ චෙත්‍යානි මනුස්සා භය තජක්‍ධිතා (මිනිසා භය සංත‍්‍රාසයට පත්වන අවස්ථාවන් හි දී පර්වත, වන ගහණ, ආරාමයන්, වෘක්‍ෂයන් හා චෛත්‍යස්ථානයන් පිහිට පතන’ බව ඤහෙවත් මානසික බිඳවැටීම්වල දී අධි මානුෂීය අභිචාර විධීන් අනුගමනය කිරීමට යොමුවන බව මින් කියැවේ)’’ එවැනි අවස්ථාවල දී යට කී ඇතැම් ද පිරිස් අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් හොර රහසේම අනුගමනයට පෙළඹෙන මුත් ඒ බව යම් අවස්ථාවක ප‍්‍රසිද්ධියට පත් වන්නේ යැයි හැඟී යන ඕනෑම විටෙක දී ඊට ඉතා තදින් පහර ගැසීමට ඔවුහු පෙළඹෙති. මෙම තත්වය ලාංකීය සමාජය තුළ ද පැහැදිළිව දැකගත හැකි කරුණකි.  

දස දිග් පාල ෙභෙරවයන් උදෙසා සිදුකරනු ලබන කන්නලව් කිරීම්, ඔවුන්ගේ වික‍්‍රමයන් වර්ණනා කිරීම්, පිදවිළි කැප කිරීම්, පිදවිළි හා බන්ධනය කිරීම් අවසානයේ ෙභෙරව ගොටු සමගින් තුම්මන්සලකින්, දිය බස්නා තැනකින් හෝ පාළු පිටියකින් තබා ඒ දෙසවත් නොබළා පැමිණ දස දිශා ආරක්‍ෂා කොට නිධන්වස්තු තැන්පත් කර ෙභෙරව පූජාව සිදු කරයි.  

අප විසින් ‘‘ජ්‍යෝතිෂය හා ධ්වනි ශක්තිය’’ පිළිබඳ ජ්‍යෝතිෂ සංග‍්‍රහයේ පළ කළ ලිපියේ දී පෙන්වා දුන් පරිදි ධ්වනි ශක්තිය අනෙකුත් උපචාර කළමණා සමග භාවිත කොට යට කී විෂම චුම්භක බල පන්තීන් මර්ධනය කිරීමට සමත් ප‍්‍රතිබලයක් නිපදවීම සිදු කරනු ලබයි. මෙහිදී ප‍්‍රස්ථාර ගත කරන ලද ධ්වනි රටා වැඩිවාර ගණනක් ගායනය කිරීම මගින් පුද්ගල චිත්ත ශක්තිය හා බද්ධ කර (සිද්ධි කරගත් මන්ත‍්‍ර, තන්ත‍්‍ර, අෂ්ටක හා යාදිනි භාවිතයෙන්) මෙම ප‍්‍රතිබලය නිපදවනු ලැබේ. මෙසේ නිපදවනු ලබන ප‍්‍රතිබලය දස දිශාවෙන් ක‍්‍රියාත්මක වන්නා වූ විෂම බල පන්තීන් වෙත යොමුකර චුම්භක නියාම ධර්ම භාවිත කොට එම විෂම බල පන්තීන් සමග බන්ධනය කිරීමක් සිදු කෙරෙයි. 

එසේ බන්ධනය කරන්නේ එහිලා භාවිත කෙරෙන තටුව නැතහොත් පූජාසනය සමගයි. අනතුරුව එම පූජාසනය තුම්මන්සලකින්, දිය බස්නා තැනකින් හෝ පාළු පිට්ටනියකින් තැබීම සිදු කරන්නේ දස දිශාවෙන් ක‍්‍රියාත්මක වන විෂම බල පන්තීන් නැවත මිනිසාට අහිතකර බලයන් ලෙස ක‍්‍රියා්ත්මක වීමට ඇති අවස්ථා වැළැක්වීමට ය.  

ඔබගේ විමර්ශන ඇස ෙභෙරව දෝෂය හා ෙභෙරව පූජාව කෙරෙහි යොමු කොට ඒ පිළිබඳව නව දෘෂ්ඨිකෝණයකින් බැලීමට මෙම ලිපියෙන් ඔබට ආරාධනා කරමි.

එම්. එම්. රෝහණ වසන්ත - 0714161072/0755075182

Thursday, June 4, 2009

අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව පාසල් පන්ති කාලසටහන් සැකසීමේ දී නක්‍ෂත‍්‍ර කාලහෝරාව විදුහල්පතිවරුන් සැලකිල්ලට ගත යුත්තේ ඇයි?

පුද්ගලයෙකුගේ සමාජානුයෝජන ක‍්‍රියාවලියේ දී පුද්ගල දැණුම, ආකල්ප, කුසලතා සංවර්ධනයෙහි ලා අවධානය ලක් කළ යුතු පුද්ගල මනස හා බැඳීගත් සිද්ධාන්ත හා විධික‍්‍රම අධ්‍යාපන මනෝවිද්‍යාව යනුවෙන් අර්ථ දැක්විය හැකිය.  

 
මෙහිදී සැලකිල්ලට ගත යුතු කරුණු රාශියක් වෙයි. ළමා මනස එහි ප‍්‍රධාන ස්ථානයක් ගනියි. ළමයා නොදන්නා වූ දෙයක් හැදෑරීම මෙහි දී සිදුවන දෙයකි. මනෝවිද්‍යාවේ මූලික සංකල්පයක් වන සංජානනය Perception හෙවත් පූර්ව අනුභූතීන් ඇසුරින් යමක් අළුතින් හඳුනාගැනීම පාසල් අධ්‍යාපනයට පමණක් සීමා වූ දෙයක් නොවේ. එය සෑම වයස් කාණ්ඩවලටම පොදු ධර්මතාවක් ලෙස පෙන්වාදිය හැකිය. හෙවත් පුද්ගල ඉගෙනුම් ක‍්‍රියාවලිය සංජානනය හෙවත් පූර්ව අනුභූතීන් නැතහොත් අත්දැකීම් ඇසුරින් එකී අත්දැකීම් මත පදනම් ව සිදු වන්නක් බැවිනි.  

මෙම අධ්‍යාපන ක‍්‍රියාවලිය නැතහොත් ඉගෙනුම් ක‍්‍රියාවලිය පුද්ගලයෙකුගේ සමාජානුයෝජන ක‍්‍රියාවලියේ මුල් අවධියේ දී සිදු කරනු ලබන්නේ පාසල තුළිනි. මේ ආකාරයට සිදු කරන ඉගෙනුම් ක‍්‍රියාවලිය තුළ ළමා මනස දැණුමින් පුරවනු ලබන අතර එසේ පුරවනු ලබන දැණුම අනුව ඔහු තුළ විවිධ දෘෂ්ඨීකෝණීය ආකල්ප ගොඩනගනු ලබයි. එසේ ගොඩනැගෙන ආකල්ප ඇසුරින් ඔහුගේ දක්‍ෂතාවන් හා හැකියාවන් භාවිතයට නැගේ. 

මෙහි දී සැලකිල්ල දැක්විය යුතු කරුණු රැුසක් වෙයි. විවිධ වූ සමාජ ස්ථරවලින් පාසලට පැමිණෙන විවිධ වූ ළමයින් විවිධ වූ ධාරණ හා ස්මරණ ශක්තීන් ඇතිව මෙම ක‍්‍රියාවලියට බඳුන් වෙති. පාසලෙහි දී අභියෝගතා ඇගයීම් පරීක්‍ෂණවලින් විවිධ වූ ලකුණු මට්ටම් ඔවුන් විසින් හිමිකරගනු ලබන්නේ ඔවුන්ගේ විවිධ වූ ධාරණ හා ස්මරණ ශක්ති මට්ටම් අනුවයි.  

නමුත් එකම විෂය මාලාවක් යටතේ එකම පාසලක හා එකම ශ්‍රේණියක සමාන පන්ති කිහිපයක (උදාහරණයක් ලෙස පන්ති පහක 05ක) ඉගෙනුම් ක‍්‍රියාවලියට නතු වන ළමයින් දස දෙනෙකු (10) බැගින් ගෙන සමීක්‍ෂණයකට ගත හොත් පාසලේ ගෙවන කාල පරිච්ෙඡ්දය තුළ විවිධ වූ කාල පරිච්ෙඡ්දවල එකම පාඩම අවබෝධ කරගැනීමේ හැකියාව ඔවුන් කෙරෙහි විවිධ මට්ටමින් බලපානු ලැබේ. මෙහි ලා බලපාන හේතු රැුසක් වෙයි.  

පුද්ගල බද්ධ හේතූන්ගෙන් වියුක්තව සමාජානුගත හේතූන් පමණක් මෙහිලා සැලකිය යුතු නොවේ. ඊටත් පරිබාහිරව කාලය නැමති වස්තු විෂයය තුළ ග‍්‍රහ තාරකාවන්ගේ බලපෑම මත ඇතිකරවන තත්වයක් ද වන බව මෙහි දී පෙන්වා දිය යුතු වෙයි.  

කාල මානන ඒකකයක් වශයෙන් සලකනු ලබන සතියේ දින හත (07) තුළ ග‍්‍රහ රාශීන්ගේ බලපෑම සහ ඒ ඒ දිනයන්හි හදාළ යුතු විෂයයන් මතු දැක්වෙයි.

x ඉරිදා - ආත්මය හෙවත් විඥාණ ධාතුවට අධිපති රවිගේ බලපෑම සහිත සහ රවිගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය 
x සඳුදා - සිතට අධිපති චන්ද්‍රයාගේ බලපෑම සහිත සහ චන්ද්‍රයාගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය
x අඟහරුවාදා - ලෙයට අධිපති අඟහරුගේ බලපෑම සහිත සහ අඟහරුගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය 
x බදාදා - බුද්ධියට අධිපති බුධගේ බලපෑම සහිත සහ බුධගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය 
x බ‍්‍රහස්පතින්දා - ඥානයට අධිපති ගුරුගේ බලපෑම සහිත සහ ගුරුගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය 
x සිකුරාදා - ලෞකිකත්වයට හා කලාවට හා සෞන්දර්යයට අධිපති සිකුරුගේ බලපෑම සහිත සහ සිකුරුගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය 
x සෙනසුරාදා - ලෝකෝතරත්වයට හා ආගම් දර්ශනාදියට අධිපති ශනිගේ බලපෑම සහිත සහ ශනිගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය  

එසේම ජ්‍යෝතිෂයට අනුව මෙම දිනවල දී උගත යුතු ශිල්පාදිය ද වර්ග කර ඇත. 
 
x ඉරිදා - ආත්මය හෙවත් විඥාණ ධාතුවට අධිපති රවිගේ බලපෑම සහිත දිනයේ රසායන, ජීව, සත්ව, භෞතික ආදී ශුද්ධ විද්‍යාවන් 
x සඳුදා - සිතට අධිපති චන්ද්‍රයාගේ බලපෑම සහිත දිනයේ චිත්ත ධර්ම විද්‍යාවන් 
x අඟහරුවාදා - ලෙයට, විද්‍යුතයට හා කර්මාන්තාදියට අධිපති අඟහරුගේ බලපෑම සහිත දිනයේ ශාරීරික අභ්‍යාස ඇතුළත් ශාරීරික සරඹ අධ්‍යාපනය, කාර්මික, විද්‍යුතය, ඉලෙක්ට්‍රොනිකාදී අධ්‍යාපනය 
x බදාදා - බුද්ධියට අධිපති බුධගේ බලපෑම සහිත දිනයේ බුද්ධි වර්ධන විදන්‍ාවන් 
x බ‍්‍රහස්පතින්දා - ඥානයට අධිපති ගුරුගේ බලපෑම සහිත දිනයේ ඥාන වර්ධන විදන්‍ාවන් 
x සිකුරාදා - කලාවට හා සෞන්දර්යයට අධිපති සිකුරුගේ බලපෑම සහිත දිනයේ චිත‍්‍ර, නැටුම්, සංගීතා දී සෞන්දර්ය විෂයයන් 
x සෙනසුරාදා - ලෝකෝතරත්වයට හා ආගම් දර්ශනාදියට අධිපති ශනිගේ බලපෑම සහිත දිනයේ ලෝකෝතර විෂයයන් හා ආගම් දර්ශනාදිය  

මෙය කියවන ඔබට දැන් ගැටළුවක් ඇතිව තිබේ. එනම් එක් දිනයක අනෙකුත් විෂයයන්ට අදාළ ඉගෙනුම් ක‍්‍රියාවලියනට ළමයා ලක් කළ හොත් එකී දැනුම ඔහුට නොලැබේද? නැතහොත් මෙතෙක් කලක් පාසල් කාලසීමාව තුළ පන්ති කාලපරිච්ෙඡ්දයන්හි දී ළමයින් විවිධ වූ විෂයයන් ඉගෙනගත්තේ කෙසේද? නො එසේ නම් මෙය විහිළුවක් ද?  

ඔබ නිවැරදි ප‍්‍රශ්නයක් වෙත පැමිණ තිබේ. එසේ නම් එක් දිනයක විවිධ වූ විෂයයන් හැදෑරීමට ළමයෙකුට හෝ වැඩිහිටියෙකුට හැකියාවක් ඇති බව කෙසේ නම් පැහැදිළි කර ගත හැකිද? ඊට අපට උපකාර වන්නේ නක්‍ෂත‍්‍ර කාලහෝරාවයි. නක්‍ෂත‍්‍ර කාල හෝරාව දවසේ පැය විසි හතර තුළ පැයකට එක් ග‍්‍රහයෙකුගේ පාලනයට නතු වන කාල සීමාවක් බැගින් ග‍්‍රහයින් නම දෙනාගෙන් රාහු සහ කේතු හැර සත් දෙනෙකු හට පහත දක්වා ඇති අයුරින් බෙදී ඇත.

මෙම කාල සීමාවන් තුළ දී ඒ ඒ ග‍්‍රහයාට අයිති විෂය ධාරවන් හැදෑරීමේ දී එකී ග‍්‍රහයින්ගේ පූර්ණ දෘෂ්ඨි සහ බලපෑම් ලැබීම හේතුවෙන් විවිධ ග‍්‍රහ පිහිටීම් සහිතව උපදින විවිධ පුද්ගලයන් කවරකුට වුවත් ශාස්ත‍්‍ර ධාරණය මැනවින් සිදුවෙයි. මෙසේ විෂයයන් බෙදා ඉගැන්වීමේ දී තවත් කරුණක් අවධාරණය කළ යුතු ව ඇත. ඒ ඒ සෑම හෝරාවකට ම ආවේණික ග‍්‍රහයින් හා ඔවුන්ට අදාළ විෂයයන් උගැන්වීමේ දී ළමයාගේ අවධානය යොමු වීමේ ප‍්‍රවණතාව අඩුවන යම් කාලයක් වෙයි. එය නක්‍ෂත‍්‍ර කාල හෝරාව තුළ විෂ පංචම කාල හෝරාව වශයෙන් හඳුන්වනු ලබයි.
මෙම විෂ පංච කාල හෝරාව යෙදීම ඒ ඒ හෝරාව අනුව වෙනස් වෙයි. එනම් පැයක් සමාන කොටස් පහකට (05) බෙදනු ලැබේ. එනම් පැයක් තුළ නිශ්චිතව දක්වා ඇති විනාඩි දොළසක කාලයක දී ළමයාගේ අවධානය යෙදීමේ හැකියාව වෙනතක යාම කෙරෙහි එම කාලය බලපානු ඇත. 
එය නක්‍ෂත‍්‍ර කාල හෝරාවේ දී පහත දැක්වෙන පරිදි පෙන්වා ඇත.


නැතිනම් එම විෂ පංචම කාල හෝරාව තුළ ළමයා අදාළ විෂයයේ අශුභදායී පැත්ත ඉගෙන ගනී. උදාහරණයක් වශයෙන් ආත්ම කාරක රවි ග‍්‍රහයාගේ විෂ පංචමය අයිතිව ඇත්තේ ගුරු ග‍්‍රහයාටයි. රවි ග‍්‍රහයාට හිමි රසායන, ජීව, සත්ව, භෞතික ආදී ශුද්ධ විද්‍යාවන් තුළ ගුරුට අයිති පංචම හෝරාවේ දී ළමයාගේ සිදවන ඥාන වර්ධනය වැරදි අතට යොමු කරවයි. හේ එහි නිශේධ ගුණයක් ග‍්‍රහණය කිරීමට ඇති ඉඩකඩ වැඩිය. අධ්‍යාපන මනෝවිද්‍යානුකූලව සකස් කරන එක් පාසල් කාල පරිච්ෙඡ්දයක ප‍්‍රමාණය විනාඩි හතළිස් පහකට (45) සීමා කිරීමේ රහස මේ අනුව වටහා ගත යුතුය. නමුත් සෑම කාල පරිච්ෙඡ්දයක දී ම එළැඹෙන මෙම විෂ පංචමය හඳුනාගැනීමේ දී එකී අශුභ දෘෂ්ඨි වැටෙනා කාල සීමාවන් තුළ ළමයින්ගේ අවධානය නිසිමගට ගැනීමට ගුරුවරුන්ට හැකියාව ලැබෙනු ඇත. කාල හෝරාවන් පිළිබඳ නිසි අධ්‍යයනයක් හා අවබෝධයක් ගුරුවරුනට ලබාදීම අධ්‍යාපන මනෝවිද්‍යානුකූල ගුරු පුහුණුවක් තුළ අන්තර්ගත කිරීමට යථෝක්ත බලධාරීන් දැනුවත් විය යුතුය. එසේම සතියේ පාසල් දින වශයෙන් සැලකෙන සඳුදා දිනයේ සිට සිකුරාදා දිනය තෙක් දින පහ (05) තුළ පාසල පැවැත්වෙන කාලයේ දී රාහු කාලය යෙදෙන ආකාරය පිළබඳ දැනුවත්වීම ද මෙහි දී සැලකිය යුතු කරුණකි. මන්ද රාහු කාලය තුළ දී ද පාසල් ළමුන්ගේ අවධානය හෝ යථෝක්ත පාසල් අධ්‍යාපනය වැරදි මාධ්‍යන් වෙත යොමු වීමට ඇති ඉඩ කඩ බොහෝය. සඳුදා, බදාදා සහ සිකුරාදා යන දින තුනෙහි දී පමණක් පාසල් පැවැත්වෙන දින පහ (05) තුළ රාහු කාලය යෙදී ඇති දිනයන් බව පහත දැක්වෙන වගුවෙන් ඔබට බලාගත හැකිය.



නමුත් සෑම පාසල් දිනකම උදෑසන ආගම සිහිකර පාසල් අධ්‍යාපනය ඇරඹෙන බැවින් එහිලා ඇතිවිය හැකි අහිතකර ඵල අඩුවිය හැකි බව ද අවධාරණය කළ යුතුය. එසේම තවත් අවධාරණය කළ යුතු කරුණක් වන්නේ මෙම රාහු කාලයත්, නක්‍ෂත‍්‍ර කාල හෝරාවත් යන අංග දෙකම සූර්ය උදාවේ සිට ගණනය කළ යුතු බවයි. වසරේ සෑම දිනකම සූර්ය උදාව පෙරවරු 06.00ට සිදුවනවා යන අනුමානයේ සිට මෙම කාල හෝරාවන් සටහන් සකස් කර ඇති අතර ප‍්‍රාදේශීය වශයෙන් සූයය_ උදාවේ සිදුවන වෙනස අනුව ද මෙම කාලහෝරාවන් යෙදෙන ආකාරය සහ සකස් කර ගත යුතු වෙයි. භූකේන්ද්‍රීය අක්‍ෂාංශ හා දේශාංශ අනුව සූර්ය උදාවේ වෙනස ඇති වන ආකාරය පිළිබඳ අවබෝධයක් ඕනෑම දෛවඥ මහතකු වෙතින් ලබාගත හැකිය. මෙහි දී පාසල් කාලසටහන් සකසන විදුහල්පතිවරුන් ජ්‍යෝතිෂය පිළබඳ දැනුමෙන් යුතු වීම අනිවාර්ය නැත. නමුත් ඔවුන් එය දැන සිටීම වඩාත් මෙම කාර්යය පහසු කරවන්නක් බව අවධාරණය කළ යුතු ය. නිසි දැනුම, නිසි ආකල්ප සහ නිසි කුසලතා යන අංගයන්ගෙන් පිරිපුන් පරපුරක් බිහිකිරීමේ පරම චේතනාවෙන් යුතු සෑම විදුහල්පතිවරයෙක්ම මෙම නක්‍ෂත‍්‍ර කාලහෝරාවට අනුව පාසල් කාල සටහන් සැකසීමට ඉදරි නව වසරේ සිට යොමු වන්නේ නම් ඒ ජාතියේ පිනක් බව සඳහන් කළ යුතුය.  

එම්. එම්. රෝහණ වසන්ත

සමාජ ගැටළුවක් ලෙස ‘විවාහය ප‍්‍රමාද වීම’ විදු ඇසින්

සමාජ ගැටළුවක් යනු, යම් භූගෝලීය සීමාවක වාසය කරන ජන කොටසක් කෙරෙහි එම ජන කොට්ඨාශයේ පැවැත්මට (සමාජ සතත්වය) බාධා ඇති කරවන සේම එහි ගලායාම (සමාජ ගතිකත්වය) අඩපණ කරවන යම් ක‍්‍රියාවලියක් හැඳින්වීම සඳහා සමාජ මානව විද්‍යාඥයින් විසින් භාවිත කරන ලද පර්යාය පදයකි. යථෝක්ත සංසිද්ධිය හඳුනාගෙන එකී සංසිද්ධිමය වටාපිටාව වෙනස් කිරීමෙහි ලා ක‍්‍රියාකාරී වන්නන්ට තත්වය පැහැදිළි කිරීම සඳහා භාවිත කරන පර්යාය පදය සාමාන්‍යකරණයකට ලක් වීම අද්‍යතන සමාජය තුළ දැකිය හැකිය. 

සමාජ මානව විද්‍යාඥයින් සමාජය තුළ ඇතිවන විවිධ වූ සමාජ ප‍්‍රශ්න කෙරෙහි සිය දෘෂ්ඨි කෝණයෙන් විවිධ විමර්ෂණයන් කරමින් එහි ලා පිළිතුරු සෙවීමෙහි යෙදී සිටිති. මේ අතර දේශපාලනඥයින් තමුන් පාලනය කරන භූගෝලීය සීමාව තුළ වෙසෙන ජනතාවගේ යට කී ආකාරයෙන් පැණ නැගෙන විවිධ වූ ගැටළු නිරාකරණය සඳහා දේශපාලනමය විසඳුම් සෙවීමෙහි නිරතව සිටිති. මෙබඳු සමාජ ගැටළු විටෙක ඉතා බැරැරුම් අවස්ථාවන් කරා යොමු කරවීමට පවා හේතුවන බව අපට නොරහසකි. මිනිසා ප‍්‍රාග් ඓතිහාසික යුගයේ පටන්ම සමාජය තුළ කායික අවශ්‍යතා පිළිබඳ සංකල්පයත්, ආරක්‍ෂාව පිළිබඳ සංකල්පයත් යන අවශ්‍යතා දෙක කෙරෙහි පමණක් සීමා වූ තත්වයක් දැකගත හැකිව තිබූ බව පෙන්වාදිය හැකිය.  

 පිරිසිදු වාතය, 
 ජලය, 
 ආහාර, 
 වස්ත‍්‍ර, 
 ඖෂධ, 
 නිවාස, යන මූලික යන මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙහිලා ප‍්‍රාග් ඓතිහාසිත සමාජගත මිනිසා යොමු වූ අතර,  
 ඉඩකඩ (ජීවත් වීමට සහ ආහාර සපයාගැනීමට), 
 නීරෝගීභාවය, 
 ශරීර ක‍්‍රියාකාරීත්වයේ නිසි පැවැත්ම තහවුරුකරණයට අවශ්‍ය ව්‍යායාම් ආදිය, 
 ලිංගික තෘප්තිය, 
 විවේකය යන අවශ්‍යතා කෙරෙහි දෙවනුව යොමුවන මිනිසා එකී අවශ්‍යතා පූර්ණත්වයට පත්කරගැනීම සඳහා ශිෂ්ට සම්මත ක‍්‍රියාමාර්ගවලට එළැඹීමත් සමග මිනිසා ශිෂ්ටාචාරගත වූවා යයි සමාජය විසින් පෙන්වාදෙනු ලබයි. මේ සමගම ආරක්‍ෂාව පිළිබඳ අවශ්‍යතාවය ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මිනිසා සතු කරගැනීමට යොමු වූ අතර එහි මූලික පියවර ලෙසින් විවාහය නැමති සමාජ සංස්ථාව ගොඩනැගීම දැකිය හැකිය. 

මෙම ද්වි අවශ්‍යතාත්මක තත්වයන් නොමැති කල මිනිසා ප‍්‍රාථමික වශයෙන් පමණක් නොව ශිෂ්ටාචාරගත වර්ථමාන ලෝකය තුළද මිනිසාගේ මනුෂ්‍යත්වයේ සීමාවන් ඉක්මවා යන තත්වයක් දැකිය හැකි වීම මෙහිදී අවධාරණය කළ යුතු කරුණකි. අනතුරුව මිනිසාගේ තෙවන, සිව්වන සහ පස්වන අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම යනු පුද්ගලයාගේ මානසික ආකල්ප මත ගොඩ නැගෙනු ලබන අවශ්‍යතාත්මක තත්වයක් ලෙස පෙන්වාදිය හැකිය. මෙබඳු වූ සමාජ පසුතලයක පුද්ගලබද්ධව පවතින්නා වූ අසහනකාරී වාතාවරණමය තත්වයන් සමාජ ගැටළු බවට පත්වන බව මෙහිදී අපට පැහැදිළි කර ගත හැකිය.  

මෙම සමාජ මානව විද්‍යාත්මක පූර්විකාව ඔබට ඉදිරිපත් කිරීමට අදහස් කරන ලද්දේ විවාහය නැමති සමාජමය සංසිද්ධිය වටා ගොණු වී ඇති කරුණු පිළිබඳ චිත‍්‍රයක් ඔබේ සිතෙහි මවා ගැනීමට පහසු ඉඩක් විවර කර දීමටය. විවහය නැමති සමාජ සංසිද්ධිය මූලිකවම කේන්ද්‍ර ගත වන ක‍්‍රියා මාලාවක් වෙයි. මෙම සමාජ ක‍්‍රියා මාලාව මූලිකව පහද දැක්වෙන වර්ගීකරණයට ලක් කළ හැකිය.  

 මිනිසාගේ මූලික අවශ්‍යතා පූරණය (ලිංගික ක‍්‍රියාවලිය හා ලිංගික තෘප්තිය ලැබීම)
 වර්ගයාගේ පැවැත්ම තහවුරු කිරීම 
 වර්ගයාගේ ප‍්‍රති නිෂ්පාදන ක‍්‍රියාව මෙම ක‍්‍රියාදාමයන් ඔස්සේ විවාහයට එළැඹෙන මානවයා ඊට නතුවන වයස් කාණ්ඩයක් සම්මත කර ඇත. 

මෙම වයස් කාණ්ඩයේ පසුවන සාමාජිකයන් විවාහයට යොමුවීම මූලිකව ස්ත‍්‍රියකගේ මුල් ආර්තවය පදනම් කර ඇති බව දැකගත හැකි කරුණකි. ස්ත‍්‍රියක් තමුන් වර්ගයාගේ ප‍්‍රතිනිෂ්පාදන ක‍්‍රියාවලියට යෝග්‍යතාවය පළමු ආර්තවයෙන් ලබන අතර ආර්තවහරණය දක්වා කාල වකවානුව විවාහය සඳහා සම්මත වයස් කාණ්ඩය ලෙස ජීව විද්‍යාත්මක පනදමකින් යුතුව අපට පෙන්වාදිය හැකිය.  

සාමාන්‍යයෙන් ස්ත‍්‍රියකගේ වයස අවුරුදු 10 සිට 20 දක්වා වූ දශකය (අසාමාන්‍ය තත්වයන් යටතේ මීට ප‍්‍රථමයෙන් පළමු ආර්තවය සිදුවන අවස්ථා ඇති බව සමාජය තුළ දැකගත හැකි කරුණකි) පළමු ආර්තවය දක්වන අතර වයස අවුරුදු 40 සිට 50 දක්වා වූ දශකය (අසාමාන්‍ය තත්වයන් යටතේ ආර්තවහරණය ද මීට පසු කාලයක් දක්වා පැවතීම ද සිදුවන අවස්ථා ඇති බව සමාජය තුළ දැකගත හැකි තව ද කරුණකි) තුළ ආර්තවහරණය වීම දැකගත හැකිය. මෙම කාලය තුළ පළමු ආර්තවය හා ආර්තවහරණය අතර කාල වකවානුව අවුරුදු 40ක කාලයක් ස්ත‍්‍රියකගේ සරු කාලය ලෙස දැක්විය හැකිය. මෙම සරු කාලයෙන් අර්ධයක් නැතහොත් අවුරුදු 20ක් ගත වූ වයස ලෙස අවුරුදු 30 දැක්විය හැකිය. මෙම කාලය තෙක් විවාහයකට එළැඹීම ප‍්‍රමාදවීම විවාහය ඇත්තෙන්ම ප‍්‍රමාද වන තත්වයක් ලෙස පෙන්වාදිය හැකිය.  

මෙහිලා බලපාන හේතු සාධක විවිධය. පවුල් පසුබිම, අධ්‍යාපන රටාව, ආර්ථිකය, සමාජ පරිසරය ආදී විවිධ කරුණු මෙහිලා බලපෑම් සහගතව ක‍්‍රියාත්මක වන බව නොරහසකි. නමුත් මෙම තත්වය ජ්‍යෝතිර්විද්‍යානුකූල පදනමකින් විග‍්‍රහ කර ගැනීම තුළ අපට ඒ සඳහා ප‍්‍රතිකර්ම කෙරෙහි යොමු වීමට තවත් ඉඩක් පෙන්වාදෙන බව කිව යුතුය. පුද්ගලයා විසින් සිදුකරනු ලබන ක‍්‍රියාවන්ට අනුරූප විපාකයන් නියෝජනය කරමින් පුද්ගල ජන්ම පත‍්‍රයක ග‍්‍රහ පිහිටීම් ඇතිවෙයි. 

විශ්ව ග‍්‍රහ තාරකා සිතියම වශයෙන් හැඳින්විය හැකි පුද්ගල ජන්ම පත‍්‍රයකින් යථෝක්ත ක‍්‍රියා විපාක හඳුනාගත හැකි අතර එහිලා අනුයුක්ත කිරීමෙහි අභිප්‍රෙරිත ප‍්‍රතිකර්ම ජ්‍යෝතිර්විද්‍යානුකූලව යාතුකර්ම ගණයට ඇතුළත් වන බව පෙන්වාදිය හැකිය. නමුත් මූලික සමාජ තත්වයන් හා ආර්ථික දේශපාලනික හේතුසාධක මෙහිදී විමර්ෂණයට ලක් නොකරන බව අවධාරණය කළ යුතුය.  

විශ්ව ග‍්‍රහ තාරකා සිතියමකින් හඳුනාගන්නා පුද්ගල ක‍්‍රියා විපාකයන්ගේ තත්වයන් වෙනස් කිරීම සඳහා ජ්‍යෝතිර්විද්‍යානුකූල යාතුකර්මවල පදනමක් ඇත. විශ්ව ශක්තීන් උපයෝග කර ගනිමින් පුද්ගල ක‍්‍රියා විපාකයන්ගේ තත්වයන් වෙනස් කිරීමට හැකියාවක් ඇත්තේ ද යන ප‍්‍රශ්නය මෙහිදී මතු වන්නකි. විශ්ව ශක්තීන් යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ සහ ආකාශ යන පංච මහා භූතයන්ය. නමුත් මෙහිලා පංච මහා භූතයන්ගෙන් තොර යමක් ඇති බව පෙන්වා දිය යුතුය. 

එය පුද්ගල මනස නැතහොත් පුද්ගල විඥාන ධාතුවයි. මෙම පුද්ගල විඥාන ධාතුව මුල්කර පංච මහා භූතයන්ට අනුරූපව රූප, ශබ්ධ, ගන්ධ, රස, ශ්පර්ෂ හා ධර්ම යනුවෙන් ද්විතීයික විශ්ව ශක්තියක් ඇති වෙයි. පුද්ගල ක‍්‍රියා විපාකයන් ඇතිවන්නේ මෙකී පුද්ගල මනස නැතහොත් පුද්ගල විඥාන ධාතුව මුල්කර ද්විතීයිකව ඇතිවන තත්වයන්ගෙන් බැවින් ඊට ප‍්‍රතිකර්ම යාතුකර්මාදියෙන් එසේත් නැතහොත් විශ්ව ශක්තීන්ගෙන් ඇති කරගන්නා ශක්තියකින් ඇත්තෙන්ම හැකියාවක් ඇත. 

එහි දී පුද්ගල මනසම ඊට මුල්වන බව මෙහිදී අවධාරණය කළ යුතු සත්‍යයකි. විවාහය ප‍්‍රමාද වීම කෙරෙහි මෙම ජ්‍යෝතිර් විද්‍යානුකූල සන්දර්භය උපයෝගාත්මකව විග‍්‍රහයට ලක් කළ හැකිය. විවාහ ප‍්‍රමාදයට පිළියම් වශයෙන් ජ්‍යෝතිර් විද්‍යානුකූලව සිදු කරන ප‍්‍රතිකර්ම ලෙස සෙත්කවි, යන්ත‍්‍ර දැමීම, මන්ත‍්‍ර භාවිතය හා වෙනත් ශාන්තිකර්ම භාවිත කිරීම පෙන්වාදිය හැකිය. ඉදිරියේ දී පළ කරන ලිපි තුළින් විවාහය ප‍්‍රමාද වීමහිලා බලපාන ග‍්‍රහ පිහිටීම් පිළිබඳ විස්තරයක් ගෙන ඒමට බලාපොරොත්තු වන වතර එහිලා ක‍්‍රියාවට නැගෙන ජ්‍යෝතිර්විද්‍යානුකූල ප‍්‍රතිකර්මාදිය පිළිබඳව ද එහි දී සාකච්චාවට බඳුන් කෙරෙනු ඇත.  

එම්. එම්. රෝහණ වසන්ත 
එම්. ඒ. (කොළඹ), බී. ඒ. ගෞරව (කොළඹ) 
071-4161082/ 0755075182 (දවසේ ඕනෑම වේලාවක)

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්