Wednesday, June 10, 2009

ව්‍යාපාර හා පුද්ගල ණය නිකුත් කිරීමේ දී රාජ්‍ය හා වාණිජ බැංකු විසින් තම සේවාදායකයින්ගේ කේන්ද්‍ර සටහන් සැලකිල්ලට ගතයුත්තේ ඇයි?

රාජ්‍ය හා වාණිජ බැංකු ක්‍ෂේත‍්‍රය දෙස බලන විට දී එම අංශ වාණිජ ක්‍ෂේත‍්‍රයේ උප විෂයයක් යටතේ විකාශනය වන අංශයක් ලෙස පෙන්වා දිය හැකිය. මෙම අංශයෙන් රටක දල ජාතික නිශ්පාදනය කෙරෙහි හා ඒක පුද්ගල ආදායම කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරවන අංශයක් ලෙස හඳුනාගත හැකිය.  

විශේෂයෙන් රාජ්‍ය හා වාණිජ බැංකු විසින් ඒක පුද්ගල ආදායම හා නිෂ්පාදනයන්ගේ වටිනාකම් සංචිත කරන අතර එකී ආදායම් හා වටිනාකම් ව්‍යාපාර ක්‍ෂේත‍්‍රයෙහි ලා ආයෝජනය කිරීමට යොමු වෙයි. එතුළින් එකී සංචිත වර්ධනය කිරීමට අවස්ථාව ඇතිකරනු ලබයි. 

මෙසේ රාජ්‍ය හා වාණිජ බැංකු විසින් සිදු කරනු ලබන අයෝජනයන් ව්‍යාපාර හා පුද්ගල ණය වශයෙන් මහජනයාට නිකුත් කරන අතර නිකුත් කරන ලද ණය ආපසු අය කරගැනීමේ දී ලැබෙන පොලිය මත සංචිත වර්ධනයෙහි ලා පිටු බලයක් ලැබෙයි. පහත අංක 01 රූප සටහන බැලීමෙන් මෙම ක‍්‍රියාවලිය පහසුවෙන් අවබෝධ කරගත හැකිය.  

මෙම ක‍්‍රියාවලියෙහිලා බාධක වශයෙන් සෘජුව මතුවන ගැටළුවක් වන්නේ නිකුත් කරන ලද ණය ආපසු අය කරගැනීමේ දී ණය හිමියන් විසින් ගෙවීම් පැහැර හරිනු ලැබීමයි. මෙය මගහරවා ගැනීම සඳහා බැංකු විසින් දැනට අනුගමනය කරන්නේ සාක්‍ෂිකරුවන් දෙදෙනෙකුගේ අත්සන් ලබාගැනීමයි.  

නමුත් එය කෙතරම් දුරට ප‍්‍රතිඵලදායකදැයි සැක ඉපදවීමට සමත් වී ඇත්තේ වසරක් තුළ ගෙවීමට ඇති ණය ගෙවීමට නොහැකි වීමෙන් කපාහැරීමට සිදුවන අවස්ථාවන් දෙස විමසිලිමත්ව බැලීමෙනි. මෙහි ලා බලපානු ඇතැයි සමීක්‍ෂිතව හඳුනාගෙන ඇති සාධක රැුසක් ඇති බව පෙන්වා දිය හැකිය. ඒවා පහත දැක්වෙන අයුරින් පෙළගස්වාලිය හැකිය.

x ව්‍යාපාරය පාඩු ලැබීමෙන් 
x වෙළඳපොල සාධක මත
x විනිමය අනුපාතිකයේ අසමතුලිත බව
x තෙල්මිල උච්ඡුාවචනය වීම  
x උද්ධමනය මත 
x පුද්ගල සාධක මත 
x කළමණාකරණ දුර්වලතා 
x වංචා හා ¥ෂණ මත 
x සොර සතුරු උපද්‍රව ද ස්වාභාවික විපත්  
x තෝරාගනු ලැබූ ව්‍යාපාරය තමාට නොගැළපීම 
x ව්‍යාපාරය සඳහා තෝරාගත් සැලසුමෙහි ඇති දුර්වලතා 
x සිතාමතා සිදුකරන ණය ගෙවීම් පැහැරහැරීම් මෙහිලා දක්වන ලද හේතූන් විවිධ අයුරින් බලපානු ලැබීමෙන් ව්‍යාපාරයක් බිඳවැටිය හැකිය. එසේම පුද්ගල කේන්ද්‍ර සටහනක් ඇසුරින් යථෝක්ත සාධක විමර්ශනය කළ හැකි ද යන්න මෙම ලිපියේ දී අප විසින් සලකා බැලිය යුතු කරුණක් වශයෙන් පෙන්වා දිය හැකිය.  

ඉහත අංක 02 රූප සටහන මගින් පුද්ගල කේන්ද්‍රයේ ඒ ඒ භාව ඇසුරෙන් නිශ්චය කළ හැකි ද මොනවාදැයි ඔබට පහසුවෙන් අවබෝධ කර ගත හැකිය.  

මෙහිදී මෙම භාවයන්හි ඒ ඒ ග‍්‍රහයින් තැන්පත්වීම මත ඇතිවන වෙනස්කම් සැලකිල්ලට ගත යුතුය. මෙසේ සැලකිල්ලට ගත යුතු ග‍්‍රහ පිහිටීම් මොනවාදැයි විමසීමට ප‍්‍රථම ඒ ඒ ග‍්‍රහයින් නියෝජනය කරන සමාජ පුද්ගලයින් හා පුද්ගල කණ්ඩායම් කවුරුන්දැයි විමසා සිටය යුතු වෙයි. 

x රවි - රජය, රාජ්‍ය මැති ඇමතිවරුන් 
x චන්‍ද්‍ර - විරුද්ධ පක්‍ෂය, වැඩිහිටි කාන්තාවන්, ජලය ඇසුරුකර ජීවිකාව කරන්නන් 
x කුජ - අධිකරණය හා අධිකරණ නිලධාරීන්, රක්‍ෂණ සමාගම්, රාජ්‍ය බැංකු, ආරක්‍ෂක නිලධාරීන්, ත‍්‍රිවිධ හමුදාව හා පොලීසිය, ශල්‍ය වෛද්‍යවරුන්, රථවාහන හා අනතුරු, යකඩ, ආයුධ හා වෙනත් කාර්මික උපකරණ භාවිත කරන කර්මාන්තකරුවන්
x බුධ - පර්යේෂකයින්, විද්‍යාර්ථීන් (ඉගෙනීමෙහි යෙදෙන්නන්) 
x ගුරු - වාණිජ බැංකු, අධ්‍යාපනඥයින්, ගුරුවරුන්, උපදේශකයින්, වෛද්‍යවරුන් 
x ශුක‍්‍ර - ව්‍යාපාරික ප‍්‍රජාව, වාණිජ බැංකු, තරුණ කාන්තාවන්, යහපත් කාලගුණය 
x ශනි - කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රයේ නියුතුවූවන්, යාචකයින්, දරිද්‍රතාවන්ගෙන් පෙළෙන්නන්, මිණිරන් හා මැණික් පතල්කරුවන්, විදේශ රැකියා, 
x රාහු - ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රය, විදේශ රැුකියා, ස්වාභාවික විපත් හා අයහපත් කාලගුණය 
x කේතු - රෝගීන්, අධ්‍යාපනඥයින්, විශේෂඥයින් මේ අනුව යම් ණය ඉල්ලූම්කරුවෙකුගේ විවිධ වූ අධ්‍යාපනික මටටම්, හැකියාවන්, උරුමයන්, වැයවීම්, චාරිත‍්‍ර වාරිත‍්‍ර පිළිපැදීම්, හුරුපුරුදු හා වංචා ¥ෂණ ආදියට නතුවීමට ඇති ඉඩප‍්‍රස්ථා ආදිය පිළිබඳ අවබෝධයක් රාජ්‍ය හා වාණිජ බැංකු හිමියන්ට ලබාගත හැකිය.  

එපමණක් ද නොව ඒ ඒ ග‍්‍රහයින්ට හිමි දශාවන් ගෙවන අවස්ථාවන්හි දී කළ යුතු ඵල දෙන ජීවිකාවෘත්තිය කුමක්ද යන්න විමසා සිටීම වැදගත් වෙයි. බොහෝ දුරට ඒරාශ්ඨක අපල කාලයන් ඇසුරේ දී යමෙකු ව්‍යාපාරික ණයක් අයදුම් කළහොත් ඔහුට ගත් ණය පියවීමට වඩා අති බැ?රුම් ප‍්‍රශ්න රැුසකට මුහුණ දීමට සිදුවෙයි.

තත්කාල ග‍්‍රහචාරානුකූලව ඒ ඒ ක්‍ෂේත‍්‍රයන් කෙරෙහි බලපාන ගැටළු විවිධ වූ මට්ටමින් ඇතිවෙයි. මෙකී සෑම කරණක් පිළිබඳවම අවබෝධය ලබාගැනීම තුළින් යථෝක්ත ගැටළු විසඳාගත හැකිබව පෙන්වා දිය යුතු කරුණකි. මෙම දැණුම ලබාගැනීමේ දී සිදුකළ යුතු ක‍්‍රියාවලියක් වෙයි. පිළිගත් පර්යේෂණ විධික‍්‍රම මාලාවක් ඇසුරුකොට බැංකුකරණය හා බද්ධව ජ්‍යෝතිෂ පර්යේෂණයක් සිදුකිරීම කාලෝචිත කියාවක් බව පෙන්වා දිය යුතුය.  

මන්ද රාජ්‍ය හා වාණිජ බැංකු ප‍්‍රධන වශයෙන් මුහුණ දෙන ප‍්‍රබල ගැටළුවක් විසඳීමට නිසි මාවතක් මෙතුළින් විවර කර ගත හැකි බැවිනි. සෑම බැංකුවකටම ජ්‍යෝතිර්වේදියෙකුගේ සේවාව අවශ්‍යවන බව පෙන්වාදීම මෙම ලිපියේ තවද අරමුණක් වශයෙන් මෙහිදී පෙන්වාදිය හැකිය.  

නමුත් ඒ සඳහා විශේෂිත ජ්‍යෝතිෂ පුහුණු පාඨමාලාවක් බැංකුකරණය හා බද්ධව බැංකු සේවකයින්ට ලබාදීම සිදුකළ හොත් අමතර පුද්ගලයෙකු වෙනුවෙන් සිදුකරනු ලබන වැටුප් ගෙවීම අඩුකරගත හැකි මාර්ගයක් වශයෙන් පෙන්වාදිය හැකිය. අඩුතරමින් බැංකුවල ණය අංශයේ සේවය කරන සේවකයින් හටවත් මෙම පාඨමාලාව හඳුන්වාදෙන්නේ නම් වඩාත් ප‍්‍රතිඵල දායක වනු ඇත.

No comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්