Wednesday, September 16, 2015

ගණිසුරු ජන්ම වාර හෙවත් ගණ දෙවිඳුන්ගේ ජන්ම දිනය

ගණිසුරු හෙවත් ගණ දෙවිඳුන්ගේ උපන් දිනය මෙම වර්ෂයේ (2015)
සැප්තැම්බර් මස 17 වන දිනයට යෙදී ඇත. 

සිංහ රවියේ භද්‍රපාද චන්ද්‍ර මාසයේ යෙදෙන චතුර්ථි තිථිය යෙදුනු දිනෙක 
ගණිසුරු හෙවත් බාල ගණේෂයන් 
ගෞරි මාතාවගේ නිර්මාණයක් ලෙසින් ජන්ම ලාභය ලද්දේය. 

ඔබත් ගණේෂ චතුර්ථි වෘත සමාදානයෙන් යුතුව හැකි නම් 
උපවාසයක යෙදී ගණේෂ් චතුර්ථි පූජාවක් සිදු කරන්නේ නම් 
ඔබට යෙදී ඇති සියළු කරදර බාධක කම්කටොළු මගහරවාගෙන 
ගණ දෙවිඳුන්ගේ ආශීර්වාදය ලබාගත හැකි වන්නේය.

මෙම පූජාවේ දී ගණේෂ් ද්වා දස නාම ස්තෝත්‍ර හෝ ෂෝඩෂ නාමාවලී හෝ අෂ්ටෝත්තර ශත නාමාවලී හෝ සහස්‍ර නාමාවලී හෝ ගැයීමෙන් 
වඩාත් ප්‍රශස්ථ ප්‍රතිඵල අත් කර ගත හැකි වන්නේය.

2016-09-05
2017-08-25
2018-09-13
2019-09-02
2020-08-22 යන දිනවල දී 
ඉදිරි වර්ෂයන්හි දී ගණේෂ ජන්ම දින යෙදෙන බව කේන්දර සිංහලෙන් පාඨක ඔබට ඉතා සතුටින් දන්වා සිටිමි

© M. M. Rohana Wasantha

Wednesday, September 9, 2015

වෛදික ජ්‍යෝතිෂයේ කියැවෙන අෂ්ඨ විධ විවාහයන්ගෙන් ඔබගේ විවාහය කවර විවාහයකට අයත්දැයි පරීක්ෂා කරගන්න



























වෛදික ජ්‍යෝතිෂයේ දී විවාහය සිදුවන ආකාර අටක් ගැන කියැවෙන අතර ධර්මාම්ශය හෙවත් නවාම්ශ කේන්ද්‍රය (D9) මුල්කර එහි 7 වැන්නාධිපතියා අනුව මෙම විවාහය සිදුවන ආකාරය පරීක්ෂා කරගත හැකිය. නමුත් සියයට 98%ක්ම පාහේ මෙම විවාහ වර්ග අටෙහි සංකලන ලෙසින් ක්‍රියාත්මක වන අතර ඔබගේ කේන්ද්‍රයෙහි ග්‍රහ පිහිටීම් අනුව එය අනාවරණය කර ගත හැකිය.

මෙහි විවාහය යනු ලියාපදිංචි කරන විවාහයක් අදහස් නොකරන අතර යම් පුද්ගලයෙකු හා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා මානසික බැඳීමකින් කටයුතු කිරීම ද විවාහ ධර්මතාවන් අනුගමනය කිරීම ද ප්‍රජාව බිහි කර පෝෂණය කිරීමේ කාර්යය ද අදහස් කර ඇත.

එම වර්ග අට මෙසේය.
           












            1.      බ්‍රහ්ම විවාහ
      2.      ප්‍රජාපත්‍ය විවාහ
      3.      දෛව විවාහ
      4.      අර්ෂ විවාහ
      5.      ගාන්ධර්ව විවාහ
      6.      අසුර විවාහ
      7.      රාක්ෂස විවාහ
      8.      පිසාච විවාහ

පළමු විවාහ වර්ග හතර අනුමත කරන ලද තත්වයන් යටතේ වන විවාහ ගණයට අයත්වෙයි. එයිනුදු බ්‍රහ්ම විවාහයට ප්‍රමුඛතාව අතින් ඉහළම ස්ථානය හිමි වෙයි. මෙය ඉන්දියාවේ අද ද සිදු වන දෙයකි.

*      බ්‍රහ්ම විවාහ  - 7 වැන්නාධිපති ගුරු
කිසිදු කොන්දේසියකට යටත් නොවී කිසිවක් ලබාපොරොත්තු නොවී මනාළිය විවාහයට පෙර දැක නැතිවම විවාහය තීන්දු කළ හැකිය. මෙය බොහෝ විට මනාළියගේ උගත්කම මත විවාහය තීරණය කරනු ලැබේ. සෑම අවස්ථාවක දීම කාන්තා පර්ශවය ගෞරවයට පාත්‍ර කරයි.

*      පිසාච විවාහ - 7 වැන්නාධිපති රාහු/කේතු
මෙ විවාහ අටෙන් ඉතාම පහත් තත්වයේ ලා සලකනු ලබන්නේ පිසාච විවාහයයි. දැරිවියගේ කැමැත්තෙන් තොරව හා දැරිවියගේ දෙමව්පියන්ගේ කැමැත්තෙන් තොරව අනුදැනුමෙන් තොරව බලෙන් පැහැරගනිමින් සිදු කරන ක්‍රියාවලියක් ලෙස පෙන්වා ඇත. ඇතැම් විටෙක දැරිවිය මත්වීමට සලස්වා රවටා ගැනීම නිසා සිදුවන දෙයක් ලෙස පෙන්වා දිය හැකිය. මෙතුළින් ස්ත්‍රිය පීඩාවට පත්වෙයි. (දූෂණය වීම ද මෙමගින් පෙන්නුම් කරයි)

*      රාක්ෂස විවාහ - 7 වැන්නාධිපති ශනි
රාක්ෂස විවාහයේ දී දැරිවියගේ දෙමව්පියන්ගේ කැමැත්තෙන් තොරව අනුදැනුමෙන් තොරව නමුත් දැරිවියගේ කැමැත්තෙන් සිදු කරනු ලබන විවාහයක් ලෙස දැක්විය හැකිය. මනාළියගේ මාමාවරුන් හෝ ඥාතීන් මරුමුවට පත් කරමින් මෙම විවාහයන් සිදුවීමය හැකියාව පවතී. මේ අනුව මනාළිය ශෝකයෙන් (ශනි) ජීවිතය ගත කරනු ඇත.











*      අසුර විවාහ - 7 වැන්නාධිපති බුධ

අසුර විවාහයේ දී දෙමව්පියන් දැරිවිය ලබා දීමට කැමැත්ත පළ කරන්නේ මුදල් හෝ වෙන යම් දෙයක් ලබාගැනීමේ අපේක්ෂාවෙනි.

*      ගාන්ධර්ව විවාහ - 7 වැන්නාධිපති  ශුක්‍ර
ගාන්ධර්ව විවාහයේ දී කුල දරුවාත් දැරිවියත් දෙදෙනාගේම කැමැත්තෙන් එක්වීම මෙහි සිදුවන අතර ඇතැම් විටෙක දැරිවිය කැමැත්තෙන්ම නිවසින් බැහැර ගොස් මෙමෙ තත්වයට පත්වන අවස්ථා දැක ගත හැකිය. ආදරය මත දෙමව්පියන්ට රහසින් සිදුවන විවාහයක් මෙහිදී සිදුවිය හැකිය. මෙයින් ජන්මීන් උපදිය හැකි වුව ද පැවැත්මක් නැති වෙයි. පසුකාලීනව අමතක වීම් සිදුවීමට ද හැකිය.














*      දෛව විවාහ - 7 වැන්නාධිපති කුජ

දෛව විවාහයේ දී පියා විසින් දියණිය දේව දාසියක් බවට පත් කිරීමේ අදහසින් යම් පූජකවරයෙකුට සරණ පාවාදීමක් සිදු කරනු ලබයි. ඇතැම් විටෙක දෑවැදි රහිතව ගෞරව බහුමානයට පාත්‍රවන්නෙකු වෙත පියා විසින් දියණිය පාවාදීමක් සිදු වීමට ද මෙහිදී ඉඩකඩ පවතියි. මෙහි දී අග්නිය හෙවත් කාමය හේතුවෙන් ඇතිවන ප්‍රශ්න මුල්වන බව පෙනේ. කුජගේ ප්‍රශ්න මත දෙදෙනාගේ අසමගිකම් ඇතිවෙයි.

*      අර්ෂ විවාහ - 7 වැන්නාධිපති සඳු
අර්ෂ විවාහයේ දී දැරිවියගේ පියාට දේපල, මිල මුදල්, හරකාබාන ආදිය යාඥා කිරීම් සඳහා ලැබෙන අතර එහි දී ඔහුට (පියාට) ලැබෙන දෙය කන්‍යා දානය ලෙස නොසලකයි. ජල තත්වය මත මෙහි ඇතිවන ගැටලු සමනය ශාන්ත කළ හැකිය. පොකුණක් සෑදීම මගින් ගැටළු අවම කළ හැකිය.

*      ප්‍රජාපත්‍ය විවාහ - 7 වැන්නාධිපති රවි
ප්‍රජාපත්‍ය විවාහයේ දී දරුවන් හැදීම සඳහා පමණක් මූලික පරමාර්ථය වශයෙන් සලකා විවාහය සිදු කරනු ලබයි. (මහා භාරතයේ සත්‍යවතීගේ පියා භීෂ්මට සලකන ලද පරිද්දෙනි)

මෙහිදී විවාහය පිළිබඳව සළකා බැලීම 90 හරහා සිදු කළ යුතු අතර විවාහයේ දී පුද්ගලයන් විඳින පීඩාවන් වේදනාවන් ජන්ම පත්‍රය මගින් විමසා බැලීම සිදු කළ හැකිය.

එම්. එම්. රෝහණ වසන්ත
0714161082/0723430028
© M. M. Rohana Wasantha

Tuesday, June 2, 2015

සිංහලෙන් හදන ජ්‍යෝතිෂ මෘදුකාංග

සිංහලෙන් හදන ජ්‍යෝතිෂ මෘදුකාංග වල තියෙන ගැටළුව මොකක්ද කියන ප්‍රශ්නය බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි. ඒක හොඳයි හදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නමුත් ගැටළුව තියෙන්නෙ එතන නෙමෙයි. ඒ මෘදුකාංගවල අපිට පෙන්නල දෙන්නෙ පැය ගාණක් තිස්සේ හෝ දින ගණනක් තිස්සේ හදන්න වෙන ගණිත කර්මයක් තත්පර ගණනකින් හදාගන්න උපකාර වෙන ක්‍රමයක් නම් ඉතා ප්‍රශස්ථයි. 

නමුත් කේන්දර පලාඵල පවසන ජ්‍යෝතිෂ මෘදුකාංගයකින් ජ්‍යෝතිර්වේදී ඔබේ ජොබ් එකට කෙළවෙන පොටක් පාදගන්න පුළුවන්. මොකද එක්ස්ෆර්ට් කොම්පියුටර් ඔපරේටර් කෙනෙකුට ජ්‍යෝතිර්වේදියෙකු වෙන්න ඉතා පහසුයි අර වගේ කේන්දර පලාඵල පවසන ජ්‍යෝතිෂ මෘදුකාංගයකින්. නමුත් මේක කිව්වම හිතන්න පුළුවන් ජොබ් එකට කෙළවෙන නිසා කියපු කතාවක් කියල. නෑ එහෙම කිසිම බියක් ඇති කරගෙන කියපු කථාවක් නොවෙයි. 

මොකද කේන්දර බලන මගේ කේන්දරේ මම නිතරම බලනව. මේක නොකරන අනුන්ගෙ කේන්දර පමණක් බලන කෙනෙකුට මේ කියමන අදාළ විය හැකිය. නමුත් ශාස්ත්‍රය නිවැරදිව දන්නා ජ්‍යෝතිර්වේදියෙකු නම් තමන්ගේ අය මාර්ගය කුමක් මත තීරණය වන්නේ ද හා තමාට විසඳීමට මේ මොහොතේ පැමිණෙන්නේ කවර පැණයක්ද ඒ කවරෙකු නිසා කුමන මාධ්‍යයක් හරහා ද යන්නත් දන්නා අයෙකි. 

ඉතින් දැන් තේරෙනවනේ ශාස්තරේට මොකද වෙන්නෙ කියල, 

මේ දෙකේ දි ම වෙන්නෙ තවත් ශාස්ත්‍රයට අහිතවත් කමක් ඇතිවන එකයි. ශාස්ත්‍රධාරීත්වය කියන්නෙ කුමක් ද යන්න වෙනම පැහැදිළි කළ යුතු කරුණකි. ඇත්තටම ශාස්ත්‍රයට අහිතක් ඇතිවෙන්නෙ පරිගණක දැනුම පමණක් ඇති අයෙකු යම් සිංහලෙන් ඇති පලාඵල ප්‍රින්ට්අවුට් එකක් ලබාදිය හැකි මෘදුකාංගයක් භාවිත කරන විට දී ජ්‍යෝතිර්වේදිය‍ාගේ දැනුම කොතැනක ස්ථාන ගත කරන්නේද? යන පැනයට පිළිතුරක් දිය නොහැකි වීමයි. 

අනෙක් කරුණ නම් තවමත් පරිගණකයට සිතීමේ හැකියාව නොමැතිවීමයි. අත් දැකීම් මත අන ලද විධානයන් ඇසුරු කරමින් මතකයේ ගබඩාගොට ඇති දත්ත සංකලනාත්මකව විග්‍රහයක් කර ප්‍රතිඵලයක් ලබාදීම පමණක් පරිගණකයට කළ හැකිය. නමුත් අත්දැකීම් මත ගොඩ නැගෙන අන්තර්ඥානයක් පරිගණකයට ගොඩනගාගැනීමේ හැකියාවක් නොමැත. 

අපේ සිංහලයාගේ පවතින තවත් නොහොබිනාම සිරිතක් ව පවතින්නේ අනුකරණයයි. මොකද එකෙකු තෝසේ කඩයක් දමාගත් විට අනෙකා ද එතැනින්ම තවත් කඩ කාමරයක් කුලියට ගෙන තවත් තෝසේ කඩයක් දමාගැනීමට උත්සාහ කිරීමය. මේ ක්‍රියාවෙදි දෙන්නටම කෙළවෙන බව දන්නේ නැත.

කේන්දර හදනවානම් කමක් නැත. කේන්දර පලාඵල පවසන ජ්‍යෝතිෂ මෘදුකාංග වගේම තවත් දෙයක් තමයි ශාන්තිකර්ම සිදුකරන ජ්‍යෝතිෂ මෘදුකාංගත් හෙට අනිද්දට සයිබර් අවකාසයට ඒවි ලද පස්මල්, කට්ටකුමංජල්, කපුරු පිනිදය ටිකත් එක්කම සොෆ්ට්වෙයාර් එකක දමල ඒවි.

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්