Saturday, May 10, 2014

ප්‍රේත සාප යෝග

රවි සහ ශනි 5 වැන්නේ තැන්පත්ව සිටිද්දී දුර්වල සඳු 7ත්, රාහු ලග්නයේත්, ගුරු 12ත් සිටියේ නම් එය ප්‍රේත සාපයක් සේ පෙන්වා දී ඇත. (Three Hundred Important Combinations by B. V. Raman, p.208 ) ප්‍රේත භූතාදීන් හේතුවෙන් දරුවන් මරණයට පත්වීම මෙම යෝගයේ ප්‍රතිඵල ලෙස දක්වා ඇත. ඉපදී දෙසතියක් අැතුළත මරණයක් දරුවකුට මෙහෙයින් ඇතිවන බව පෙන්වා දී ඇත.
.© M. M. Rohana Wasantha

Friday, April 11, 2014

අවුරුදු නැකැත් හදන හැටි බලා ගන්න ... මුහුර්ථ චින්තාමනිය 3 පරිච්ඡේදය

ඉස්සර කාලේ අවුුරුදු නැකැත් සීට්ටුව ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් තමයි බලවගත්තෙ.
ගමට ගැළපෙන විදියටයි ඒ නැකැත් හැදුවෙ.
නමුත් දැන් කාලෙ වෙනස්.
මුළු ලංකාවම එකම වෙලාවකට තමයි වැඩ කරන්නෙ. ඒක බොහොම හොඳයි.

මෙවර ලිප ගිණි මොලවමු අපේම ක්‍රමයට...

මේක මම මගේ ගෙදර ලිප ගිණි මොලවන වෙලාවයි. (10.10ට) දිශාව නම් දකුණම තමයි.

ලංකාවෙ විවිධ තැන්වලට සූර්ය උදාවෙ තිබෙන වෙනස්කම් වත් සැළකිල්ලට ගත්තොත් මේ සුළු වෙනස්කම් ඇයි කියල තෙරෙනවනේ.

ඒ වෙලාවට ලග්නය කුබේරාම්ශ ගතවෙලා.
ඊළඟ අවුරුද්ද පුරාවට සල්ලි ටිකක් වැඩිපුර ලැබෙන විදියට ලිප ගිණි මොලවමු ද?

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්