Friday, August 31, 2012

෴ ශ්‍රී මහා ගණේෂ පඤ්චරත්නම්෴



Audio Source : http://www.vedamantram.com/

ක්‍රිෂ්තු වර්ෂ අටවන සියවසේ දී ශ්‍රී ශංකර භගවත් පාදයන් විසින් විරචිත


෴ ශ්‍රී මහා ගණේෂ පඤ්චරත්නම්෴


මුධාකරත්ත මෝධකම් සදා විමුක්ති සාධකම්

කලාධරාවතංසකම් විලාසි ලෝක රක්ෂකම්

අනායකෛක නායකම් විනාසිතේව දෛත්‍යකම්

නටාසුභාසු නාශකම් නමාමි තං විනායගම් ෴


නඨේතරාති භීකරම් නවෝදිතර්ක භාෂ්වරම්

නමත් සුරාරි නිර්ජරම් නටාදි කාප දුද්ධරම්

සුරේශ්වරම්, නිධීශ්වරම්, ගජේශ්වරම්, ගණේශ්වරම්

මහේශ්වරම් සමාශ්‍රයේ පරාත්පරම් නිරන්තරම් ෴


සමස්ථ ලෝක සංකරම් නිරස්ථ දෛත්‍ය කුඤ්ජරම්

දාරේදරෝදරම් වරම් වරේ භවක්ත්‍ර මක්ෂරම්

කෘපාකරම්, ක්ෂමාකරම්, මුදාකරම්, යයස්කරම්

නමස්කෘතම් නමස්කෘතම් නමස්කරෝමි භාස්වරම් ෴


අකිම්චනර්ථි මර්ජනම් චිරන්තනොක්ති භාජනම්

පුරාරිපුර්ව නන්දනම් සුරාරි ගර්ව චර්වනම්

ප්‍රපංචනාශ භීෂණම් ධනංජයාදි භූෂණම්

කපෝල දාන වාරනම් භජේ පුරාණ වාරණම් ෴


නිටන්තිකන්ත දන්තකන්ති මන්තකාන්ත කාත්මජම්

අචින්ත රූප මන්තකී නමන්තරාය කෘන්තනම්

හෘදන්තරේ නිරන්තරම් වසන්තමේව යෝගිනම්

තමේක දන්තමේව තම් විචින්තයාමි සන්තතම් ෴


මහා‍ ගණේෂ පඤ්චරන්තමාදරේන යොම්බගම්

ප්‍රජල්පති ප්‍රභාධකේ හෘදිශ්වරම් ගණේශ්වරම්

අරෝගතාම දෝෂතම් සුසාහිතිම් සුපුත්‍රතා

සමාහිතායුරෂතමූතිමඃ මෘපෛති ශෝචිරා ෴


ඉති ශ්‍රී පරමහම්ස පරිව්‍රාජකාචාර්යස්‍ය ශ්‍රී ගෝවින්ද භගවතු

පූජ්‍යපාද ශිෂ්‍යස්‍ය ශ්‍රී ශංකරභගවතඃ කෘතෞ ගණේෂ පඤ්චරත්නම් සම්පූර්ණම් ෴


සිංහලානුවාදය © M. M. Rohana Wasantha

Monday, August 27, 2012

෴ ... ශ්‍රී ගණපති ස්තෝත්‍රම් ...෴ ප්‍රණම්‍ය සිරසා දේවම්...

Video Source : http://www.youtube.com/watch?v=4G55juXnLVQ&feature=player_embedded

ඕම් ශ්‍රී ගණේෂාය නමහඃ ෴ නාරද වුවාච ෴


ප්‍රණම්ය සිරසා දේවම් ෴ ගෞරී පුත්‍රම් විනායකම්෴

භක්තාවාසම් ස්මරේන්නිත්‍යම්෴ ආයුඃකාමාර්ථ සිද්ධයේ෴


ප්‍රථමං වක්‍රතුණ්ඩම් ච ෴ ඒකදන්තම් ද්විතීයකම්෴

තෘතීයම් කෘෂ්ණපිංගාක්ෂම්෴ ගජවක්ත්‍රම් චතුර්ථකම්෴


ලම්භෝදරම් පංචමම් ච ෴ ෂෂ්ටම් විකටමේව ච ෴

සප්තමම් විග්ණරාජම් ච ෴ ධූම්‍රවර්ණම් තථාෂ්ඨමම් ෴


නවමම් බාල චන්ද්‍රමම් ච ෴ දශමම් තු විනායකම් ෴

ඒකාදශම් ගණපතිම් ෴ ද්වාදශම් තු ගජාණනම් ෴


ද්වාදශයිස්ථානි නාමානි ෴ ත්‍රිසන්ධ්‍යම් යඃ පඨේත් නරඃ ෴

න ච විග්න භයං තස්‍ය ෴ සර්ව සිද්ධි කරම් පරම් ෴


විද්‍යාර්ථී ලභතේ විද්‍යාන් ෴ ධනාර්ථී ලභතේ ධනම් ෴

පුත්‍රාර්ථි ලභතේ පුත්‍රාන් ෴ මෝක්ෂාර්ථී ලභතේ ගතිම් ෴


ජපේ ගණපතිස්තෝත්‍රම් ෴ ෂඩ්භිර්මා සන් ඵලම් ලභේත් ෴

සංවත්සරේන සිද්ධිම් ච ෴ ලභතේ නාත්‍රා දශම්ශය ෴


අෂ්ඨභ්‍යෝ බ්‍රාහ්මණේභිෂ් ච ෴ ලිඛිත්වායඃ සමර්පයේත්

තස්‍ය විද්‍යා භවේත් සර්වාඃ ෴ ගණේෂස්‍ය ප්‍රසාදතා෴


ඉති ශ්රී‍ නාරද පුරාණෛඃ ෴ ශංකස්ථ නාශනම් ෴

නාම ශ්‍රී ගණපති ස්තෝත්‍රම් ... සම්පූර්ණම් ෴


© M. M. Rohana Wasantha

Saturday, August 25, 2012

෴ දුම්මල මාලාව෴

නමෝ නමඃ ශ්‍රී ඝණාය නමෝ නමඃ ශ්‍රී ඝණාය නමෝ නමඃ ශ්‍රී ඝණාය නමෝ සද්ධර්ම වර චක්කවර්තී අප තිලෝගුරු භාග්‍යවත් අර්හත් සම්‍ය සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ වී දී දාස් වඩින්න ඕනයි අධිෂ්ඨානයක් සිතූසේක. එවිට අත්ති නම් මහා රුසියා කියන්නේ එසේ වී නම් ස්වාමීනී තමුන්නාන්සේට කවර කලෙක වත් පූජා නොකළ දෙයක් පූජා කරන්න ඕනැයි කියා දෙලක්ෂ හතලිස් දහස් උස ඇති ඝණකඩ මහා බොල් පොලව පලාගෙන ගොසින් නව ලක්ෂ අට දහස් යොදුන් උස ඇති ජල පොලව පලාගෙන ගොසින් මහකෙල නාග රජ්ජුරුවන්ගේ පෙන ගොබේ තිබුන සල් දුම්මල සත් මිටක් ගෙන අපගේ ස්වාමීන් වහන්සේ වැඩ සිටි මැණික් බැඳි වජ්‍රාසනේට පූජා කළ සල් දුම්මලයි අදත් මා මේ පුදන්නේ, ලොව්තුරු බුදුන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් එකී දුම්මල මහා බුද්ධ මාලාවෙන් ජීවම් කරමි, ජීවම් කරමී, ජීවම් කරමී, සිද්ධි සිද්ධී ඒස්වාහඃ ෴

© එම්. එම්. රෝහණ වසන්ත 071416082/ 0723430028/ wasantha2010@gmail.com
© M. M. Rohana Wasantha

෴ මරු යකාගේ අට කොණ ෴

ඉඳුරු දිගේ සිට මට අත වනන්නා

වඳුරු වේසයෙන් ඇවිදින් පෙනෙන්නා

විදුරු කඩුව ගෙන මගෙ සිරසට ඇන්නා

රුදුරු මරු යකා ඇවිදින් පෙනෙන්නා


උපා සොයා අග්නිය කොණ සිටින්නා

පාප කන්ඩ කට ඇරියා සිටින්නා

පාපා යම කඩුව සුරතින් දරන්නා

කපා මගෙ බෙල්ල මරුවා ලේ බොන්නා


යම දිග සිට මරු යකු අත වනාපී

කම නැති රලු කමකි ඌ මට රවාපී

තම අත තිබුන කඩුවෙන් පපුවට ඇණපී

බිම හෙළමින් පුපත් මගේ ලේ බීපී


නිරිත කොණේ සිට මරුවා බලන ර‍ඟේ

සුරත යගදාව වමතින් රැගෙන කගේ

දෙහද කර කපා කඩුවෙන් ඇණපු උගේ

කැවුතු කැටිය කනවා මරු යකා ම‍ගේ


ඇවිදින් වයඹ කොණ මරු යකු සිටින්නේ

සුරතින් කඩුව ගෙන අමුසොහොනට යන්නේ

සරොසින් හරු යකා මට කඩුවෙන් ඇන්නේ

විගසින් ඇවිත් දෙකඩව මගෙ ලේ බොන්නේ


කන්ඩ මිණීසවුමේ පුර සිටින ර‍ඟේ

බොන්ඩ රීරි බිල්ලක් අත දරාගේ

ඉන්ඩ නොදී මරු යකු වද කරන ර‍ඟේ

කෙණ්ඩ පතුළ කනවා මරු යකා මගේ


ඊසාන් මරු යකු ඇවිදින් සිටිපී

ගසා මරු හඩක් අත්පොසන් දීපී

ගසා යමගුරෙන් ඌ මට වද කරපී

ලසා නොව ඇවිත් පදපතුලෙ ලේ බීපී


සක්වල ගල උඩට ඇවිත් මරු යකු මට අත වනපී

එක් අතකින් මිනියක් ගෙන බෙල්ල කඩා ලේ උරපී

දත් මිටි කන්නා ඉලව්වෙ නෙත් රතු කර බලාපී

දික් කර අත මට අනින්ඩ කඩුවක් ගෙන උරුක්කරපී


රොහොස් වෙලා ගොස් ඒ යකු අහස්තලේ ඉන්නා

අහස් වලාවෙන් ඇවිදින් මෙසක්වලට පැන්නා

දහස් ගණන් ගිණි ජාලා කටින් විහිදුවන්නා

දෙඇස් මගේ උපුට කන්ඩ හෙල්ල තලෙන් ඇන්නා


නපුරු මරු හඩක් ගසමින් අමු සොහොනට ආවා

උරිරු බොන්න මිනියක් ගෙන අන්න බෙල්ල කැඩුවා

විදුරු කඩුව අරන් අතට මා කපන්ඩ හැදුවා

කුරිරු මරු යකු අර ගං ඉම ළඟ එවනා


හපා කන්ඩ කට බලියා සොහොන ළඟට යන්නා

කපා කන්ඩ මිනී මාලු කඩුව අරන් ඉන්නා

එපා කියද්දී ඇවිදින් කඩුවෙන් මට ඇන්නා

අපොල් ඉලව්වෙයි මරු යකු කඩුල්ල මුල ඉන්නා


සැනෙකින් යති අමු සොහොනට මිනී කන්ඩ නිතරේ

රුදුවන් මරු හඩක් ගසා එන්නා යකු මෙවරේ

ඉතිකින් මොහු මිනී මරයි සිටගෙන ගන අඳුරේ

ඇවිදින් මරු යකා මෙන්න පාය පාමුල පැදුරේ


විකයි අල්ලගෙන මිනියක් බලා ඉන්න බැරුවා

සැකයි ඉන්න මුගෙ අවගති දුටුවම බය වෙනවා

කපයි බෙල්ල කඩුවක් ගෙන ළඟටම ළං වෙනවා

අපොල් ඔන්න හත් ඉලව්වේ මරු යකු මා මැරුවා


සොහොන් දණ්ඩ දිගට තියා තුන් පලකින් බැඳලා

අරන් යන්ඩ අමු සොහොනට දෙන්නෙක් කර ගහලා

වරෙන් යන්ඩ අමු සොහොනට ආතුර අත් හැරලා

ඉතින් මෙන්න බාරයි මා ආතුර අත් හැරලා


අඩාදොඩා අරගෙන ගොස් දාපල්ලා අමු සොහොනට

ලෙඩාට බුදු ගුණ පිහිටයි බැඳපල්ලා පිරිත් හුයට

වඩා මෙතන රැක නොසිටින් සිටියොත් දෙනවා තද බැට

ලෙඩා නමට මා බිලිගෙන ලෙඩ කළ මරු යකුනි තොපට


අඩමොරගා අරගෙන ගොස් අමු සොහොනට දාපල්ලා

ලෙඩාට බුදු ගුණ පිහිටයි පිරිත් හුයට බැඳපල්ලා

දිව බල ‍අපෙ මුණි උතුමන් අණසක සිහි කරපල්ලා

ලෙඩ ආතුර හට විගසින් පිරිත් නූල් බැඳපල්ලා


මරු යකාගේ අටකොණ සහ මේ කවි පෙළ වලදැරහැවේ සබරගමුවේ ඉපැරණි කඩතුරා හැරීමේ ක්‍රමයක් වශයෙන් අප්‍රචලිතව පැවත එයි.

© M. M. Rohana Wasantha

෴ යක්ෂ දෝෂ නිවාරණයට යාතුකර්ම විධීන් කිරීමේ දී කඩතුරාව හරින අන්දම ෴

වමත පන්දම දරා - දකුණ දුම්මල මතුරා

හරවමින් කඩතුරා - පිදේනි දක්වා එහිම සෙත් කරා


බෝධිය සත්තෙන් පා දහම් සෙත්පුරා - සෑසී තිලෝනා

සුගත්බෝධිය මුල වැඩ හිඳ මුරා පස් මරුන් - ලොව සෙත් කළා නම් යමෙක්


නාදිය දම් සඟු තුනුරුවන් තේජසින් මේ යක් පිසස් දුරහැරා

මේ විදි ලෙස මෙපිදේනි සරහා දැක්කුමෙන් - සෙත් කර හරින් කඩතුරා


උප ගත වූ උරුවෙල් දනව්වත් සයත් - හික්මන් සුජාතා ළඳුන්

කැප කර කිරි පිසූ වළඳමින් - මුනි තුමන් මුලදී මැරූ පස් මරුන්


අප සනරාමර ලෝ දිවාකර සියල් - දක්ෂකම් බුදුන්ගේ තේජසින්

ලොබ කර උවදුරු කඩතිර හැර යෙහෙන් - සෙත්කර හරින් කඩතිරා


ජටිල ජටිල කේෂාම් ලම්බ හස්ත්‍රං තිනේත්‍රං

කරක ලිතක පාල සූල පාසා කුසං ච

පුනරපිකර චත්‍රං කර්ග වේතාල ඝංඨං

සුනකමය වස්ත්‍රං - සිවවටුක යංත්‍රං - පැවත විෂ්ණූය හංත්‍රං


ඕං ශ්‍රීං ශ්‍රීං ශ්‍රීං ජං ජං ජර්ග රූපාන් දිං දිං දීර්ඝ රූපාන් දිසි වර්ග රූපාන් භූමි කම්පාය මානාං සං දීර්ඝ කොට වෙස්සන්තරාව ගුරු මීන රේවතිය නක්ෂත්‍ර ජල රාක්ෂයාට දා ව ආවා වූ යම් යක්ෂ රාක්ෂ භූත ප්‍රේතාදී කෙනෙක් ඇත්නම් වීර්යයෙන් කාර්යය සිද්ධ ‍කර දෙන්නා වූ සූර්ය දිව්‍ය රාජයා මස්තකයෙන් මෙම ශ්‍රී ලංකාද්වීපයට උදා වෙන්න පළමුවෙන් රං දොරේ - රිදී දොරේ - මුතු දොරේ - මැණික් දොරේ මෙසේ සිව් කවුලු දොරවල් ඉඩහරවා සක්වල දස දහසක් ඝණාන්ධකාර පිණිබින්දු විහත විද්වංසනය කරමින් මෙම සැන්දෑ සමයමේ නෙර්තය දක්වන්නට බැඳි යක්ෂ කඩතුරාව මුදාගන්න හොඳයි - පස්වාන් දහසක් - /// පස්වාන් දහසකට ආයු බොහෝ ‍වේවයි, බොහෝ වේවා ////


© M. M. Rohana Wasantha, එම්. එම්. රෝහණ වසන්ත 071416082/ 0723430028/ wasantha2010@gmail.com

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්