Monday, August 1, 2011

භාවාධිපතිත්වය

ඒ ඒ ලග්නවලින් උපන් අයගේ භාවාධිපතිත්වය  ඔබටම බලාගන්න පහසු
වගුවක්

© M. M. Rohana Wasantha 

ශ‍්‍රී මහා ලක්‍ෂ්මී පූජාව


අවශ්‍ය ද්‍රව්‍යයන්
රතු නෙළුම් මල් 7
පුන් කලස් 1
පොල් ගෙඩි 1
තුල්සි කොල මාලා 1
බෙලි කොල මාලා 1
නිල් මල් වට්ටි 1
රත් මල් වට්ටි 1
එළඟිතෙල් පහන් 1
සුදු හඳුන් කුඩු ග‍්‍රෑම් 50
රත් හඳුන් කුඩු ග‍්‍රෑම් 50
කපුරු පැකට් 5

 ඕම් ශුක්ලාම්භරම් ධරම් විෂණුම් ෂෂී වර්ණම් චතුර්භුජම් - ප‍්‍රසන්නම් වදනම් ධ්‍යායේත් සර්ව විග්නෝප ශාන්තයේත්
අගඥානම් පද්මාකාරම් ගජනානම් මහාර්නිෂම් - අනේකදන්තම් භක්තානාම් ඒක දන්තම් උපස්මහේ
චක‍්‍රතුණ්ඩ මහා කාය කෝටී සූර්ය සමප‍්‍රභා නිර්විග්නම් කුරු මේ දේව - සර්ව කාර්යේෂු සර්වදා


© M. M. Rohana Wasantha

Thursday, July 28, 2011

සිව්වන පාඩම - ජගන්නාත හෝරා : වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගය - අනුවාදය 7.51


ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගයෙහි 7.51 අනුවාදය සමගින් එහි මූලික තිරයේ ‘‘බේසික්” පැනලයෙහි අප තෙවන පාඩමේ දී නවත්වන්නට යෙදුන ස්ථානයේ සිට සිව්වන පාඩමට පිවිසෙමු.


වැඩි විස්තර කියවන්න
© M. M. Rohana Wasantha

නැකැත් සත් විස්ස හා බැඳි විරැකියාව, අධ්‍යාපනය

උසස් පෙළ විභාගය සමත් වුවත්, උපාධියක් ගත්තත් අනුනට අත නොපාන රැකියාවක් කර ගන්නපුළුවන් මට්ටමකට ජීවිතය ගොඩනගා ගැනීම ඉතාමත් අපහසු කාලයකයි අපි අද ජීවත් වෙන්නෙ. බොහෝ තරුණ තරුණියන්ට ප‍්‍රධාන ගැටළුවක් වී ඇත්තේතමුන්ගේ නොසැළකිල්ල මත හෝ ආර්ථික දුෂ්කරතා මත හෝ ලැබූ අඩු අධ්‍යාපනය නිසා හෝ ”රැකියාවක් තෝරාගැනීමේ දී කවර අංශයකින් තමුන්ගේ වෘත්තීමය අනාගතය තීරණය කළ යුතුද?” යන්න විසඳාගැනීමකි.

වැඩි විස්තර කියවන්න

© M. M. Rohana Wasantha

Tuesday, July 19, 2011

Commented on ... Sound Horoscope... on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ



Wisdom for All said...



සවුන්ඩ් හොරස්කෝප් පිළිබඳ තත්වානුරූපී විග‍්‍රහයකට ඉදිරිපත් වුන අප සහෘදයාට ස්තුති වන්ත වෙන අතර මෙහි පවතින විද්‍යාත්මක විග‍්‍රහය සහ පලාඵල පැවසීමේ දී ඒවා භාවිත කරන ආකාරය පිළිබඳ විස්තරයක් අවශ්‍ය බව මට හැගෙනවා. මේකට ප‍්‍රධාන හේතුව ආලෝකයේ වේගයෙන් තාරකා අතර දුර මණින අතර මෙබඳු තත්වයක් පිළිබඳ ගණනය කිරීමක දී ආලෝකයේ වේගයෙහි සංඛ්‍යාතය ඇසුරෙන් අල්ට‍්‍රා ලයිට් ෆ‍්‍රිකුවෙන්සීස් ගණනයන් මත තත්වානුරූපී ගණනයන් නාසා ආයතනය වැනි ආයතන මගින් සිදු කරනු ලබයි.

මෙහිදී පරිගණක ඇසුරෙන් නිර්මිත උපකල්පිත සෞරග‍්‍රහ මණ්ඩලයක ග‍්‍රහයින්ගේ චලිතයන් අනුව සිදුවන කෝණික අගයන් ගණනය කිරීමක් සිදු වන බව සැලකිය යුතුය. නමුත් මෙය තත්ත්වානුරූපී අගයට බොහෝ දුරට සමීප බව අප විසින් කරන ලද සමීක්‍ෂණ වලින් පැහැදිළි වූ කරුණකි.

මෙහි දී ග‍්‍රහයින්ගේ සිදුවන සංයෝග වියෝග තාවන් මෙන්ම ඒ ඒ අවස්ථානූරූපී පැහැදිලි කිරීම් සඳහා ජ්‍යෝතිෂයේ දී මෙම කෝණික ගණනයන් අවශ්‍ය වෙනවා. එසේම, මෙම කෝණික ගණනයන් මත කරන පැහැදිළි කිරීම් බොහෝ විට සාර්ථක පලාඵල නිශ්චයන් වන අතර ඒවා පිළිබඳ පැහැදිළි කර ගැනීම් සඳහා වෙනත් ලිපියක අවශ්‍ය තාව පවතින බව පෙනී යයි. මේ සියළු කරුණු පිළිබඳ සැලකීමේ දී පෙනී යන්නේ කෝණික ගණනයන් මත කළ හැකි ප‍්‍රකාශන සඳහා අප විසින් සිංහල බ්ලොග් පාඨකයින් ට හඳුන්වා දුන් ජගන්නාත හෝරා මූදුකාංගයෙහි ස්ටෙ‍්‍රන්ත් පැනලයේ වන අදර් ස්ටෙ‍්‍රන්ත් යටතේ දක්වා ඇති යෝග පිළිබඳ විස්තරය තුළින් එය මනාව පැහැදිළි කර ගත හැකිය. ඒ පිළිබඳ විස්තරාත්මක ලිපියක් ඉදිරියේ අප ජගන්නාත් හෝරා මෘදුකාංග සිංහල පාඩම තුළින් ඉදිරිපත් කිරීමට අදහස් කර සිටින බව දන්වනු කැමැත්තෙමි.

ස්තුතියි.
එම්. එම්. රෝහණ වසන්ත

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්