KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Friday, September 25, 2015
Wednesday, September 16, 2015
ගණිසුරු ජන්ම වාර හෙවත් ගණ දෙවිඳුන්ගේ ජන්ම දිනය
ගණිසුරු හෙවත් ගණ දෙවිඳුන්ගේ උපන් දිනය මෙම වර්ෂයේ (2015)
සැප්තැම්බර් මස 17 වන දිනයට යෙදී ඇත.
සිංහ රවියේ භද්‍රපාද චන්ද්‍ර මාසයේ යෙදෙන චතුර්ථි තිථිය යෙදුනු දිනෙක
ගණිසුරු හෙවත් බාල ගණේෂයන්
ගෞරි මාතාවගේ නිර්මාණයක් ලෙසින් ජන්ම ලාභය ලද්දේය.
ඔබත් ගණේෂ චතුර්ථි වෘත සමාදානයෙන් යුතුව හැකි නම්
උපවාසයක යෙදී ගණේෂ් චතුර්ථි පූජාවක් සිදු කරන්නේ නම්
ඔබට යෙදී ඇති සියළු කරදර බාධක කම්කටොළු මගහරවාගෙන
ගණ දෙවිඳුන්ගේ ආශීර්වාදය ලබාගත හැකි වන්නේය.
මෙම පූජාවේ දී ගණේෂ් ද්වා දස නාම ස්තෝත්‍ර හෝ ෂෝඩෂ නාමාවලී හෝ අෂ්ටෝත්තර ශත නාමාවලී හෝ සහස්‍ර නාමාවලී හෝ ගැයීමෙන්
වඩාත් ප්‍රශස්ථ ප්‍රතිඵල අත් කර ගත හැකි වන්නේය.
2016-09-05
2017-08-25
2018-09-13
2019-09-02
2020-08-22 යන දිනවල දී
ඉදිරි වර්ෂයන්හි දී ගණේෂ ජන්ම දින යෙදෙන බව කේන්දර සිංහලෙන් පාඨක ඔබට ඉතා සතුටින් දන්වා සිටිමි
Labels:
Ganesh Janma Vara,
Kendara Sinhalen,
M. M. Rohana Wasantha,
Sthothra and Manthra,
Theory of Astrology,
ගණේෂ චතුර්ථි පූජා.Ganesh chathurthi
Sunday, September 13, 2015
ශ්‍රී අධී ශංකරාචාර්යයන් විසින් විරචිත අච්ඡුතාශ්ඨකය
Labels:
Kendara Sinhalen,
Sound,
Sthothra and Manthra,
स्तोत्रं,
කේන්දර සිංහලෙන්,
සිංහල ලිපි,
ස්තෝත්‍රම්
Wednesday, September 9, 2015
වෛදික ජ්‍යෝතිෂයේ කියැවෙන අෂ්ඨ විධ විවාහයන්ගෙන් ඔබගේ විවාහය කවර විවාහයකට අයත්දැයි පරීක්ෂා කරගන්න
වෛදික
ජ්‍යෝතිෂයේ දී විවාහය සිදුවන ආකාර අටක් ගැන කියැවෙන අතර ධර්මාම්ශය හෙවත් නවාම්ශ
කේන්ද්‍රය (D9) මුල්කර එහි 7 වැන්නාධිපතියා අනුව
මෙම විවාහය සිදුවන ආකාරය පරීක්ෂා කරගත හැකිය. නමුත් සියයට 98%ක්ම පාහේ මෙම විවාහ වර්ග
අටෙහි සංකලන ලෙසින් ක්‍රියාත්මක වන අතර ඔබගේ කේන්ද්‍රයෙහි ග්‍රහ පිහිටීම් අනුව එය
අනාවරණය කර ගත හැකිය.
මෙහි විවාහය යනු ලියාපදිංචි කරන විවාහයක් අදහස් නොකරන
අතර යම් පුද්ගලයෙකු හා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා මානසික බැඳීමකින් කටයුතු කිරීම ද
විවාහ ධර්මතාවන් අනුගමනය කිරීම ද ප්‍රජාව බිහි කර පෝෂණය කිරීමේ කාර්යය ද අදහස් කර ඇත.
එම වර්ග
අට මෙසේය.
1. බ්‍රහ්ම විවාහ
2. ප්‍රජාපත්‍ය විවාහ
3. දෛව විවාහ
4. අර්ෂ විවාහ
5. ගාන්ධර්ව විවාහ
6. අසුර විවාහ
7. රාක්ෂස විවාහ
8. පිසාච විවාහ
2. ප්‍රජාපත්‍ය විවාහ
3. දෛව විවාහ
4. අර්ෂ විවාහ
5. ගාන්ධර්ව විවාහ
6. අසුර විවාහ
7. රාක්ෂස විවාහ
8. පිසාච විවාහ
පළමු
විවාහ වර්ග හතර අනුමත කරන ලද තත්වයන් යටතේ වන විවාහ ගණයට අයත්වෙයි. එයිනුදු බ්‍රහ්ම
විවාහයට ප්‍රමුඛතාව අතින් ඉහළම ස්ථානය හිමි වෙයි. මෙය ඉන්දියාවේ අද ද සිදු වන
දෙයකි.
කිසිදු කොන්දේසියකට යටත් නොවී කිසිවක් ලබාපොරොත්තු නොවී මනාළිය විවාහයට පෙර
දැක නැතිවම විවාහය තීන්දු කළ හැකිය. මෙය බොහෝ විට මනාළියගේ උගත්කම මත විවාහය තීරණය
කරනු ලැබේ. සෑම අවස්ථාවක දීම කාන්තා පර්ශවය ගෞරවයට පාත්‍ර කරයි.
මෙ විවාහ අටෙන් ඉතාම පහත් තත්වයේ ලා සලකනු ලබන්නේ පිසාච විවාහයයි.
දැරිවියගේ කැමැත්තෙන් තොරව හා දැරිවියගේ දෙමව්පියන්ගේ කැමැත්තෙන් තොරව අනුදැනුමෙන්
තොරව බලෙන් පැහැරගනිමින් සිදු කරන ක්‍රියාවලියක් ලෙස පෙන්වා ඇත. ඇතැම් විටෙක
දැරිවිය මත්වීමට සලස්වා රවටා ගැනීම නිසා සිදුවන දෙයක් ලෙස පෙන්වා දිය හැකිය.
මෙතුළින් ස්ත්‍රිය පීඩාවට පත්වෙයි. (දූෂණය වීම ද මෙමගින් පෙන්නුම් කරයි)
රාක්ෂස විවාහයේ දී දැරිවියගේ දෙමව්පියන්ගේ කැමැත්තෙන් තොරව අනුදැනුමෙන්
තොරව නමුත් දැරිවියගේ කැමැත්තෙන් සිදු කරනු ලබන විවාහයක් ලෙස දැක්විය හැකිය. මනාළියගේ
මාමාවරුන් හෝ ඥාතීන් මරුමුවට පත් කරමින් මෙම විවාහයන් සිදුවීමය හැකියාව පවතී. මේ
අනුව මනාළිය ශෝකයෙන් (ශනි) ජීවිතය ගත කරනු ඇත.
අසුර විවාහයේ දී දෙමව්පියන් දැරිවිය ලබා දීමට කැමැත්ත පළ කරන්නේ මුදල් හෝ
වෙන යම් දෙයක් ලබාගැනීමේ අපේක්ෂාවෙනි.
ගාන්ධර්ව විවාහයේ දී කුල දරුවාත් දැරිවියත් දෙදෙනාගේම කැමැත්තෙන් එක්වීම
මෙහි සිදුවන අතර ඇතැම් විටෙක දැරිවිය කැමැත්තෙන්ම නිවසින් බැහැර ගොස් මෙමෙ තත්වයට
පත්වන අවස්ථා දැක ගත හැකිය. ආදරය මත දෙමව්පියන්ට රහසින් සිදුවන විවාහයක් මෙහිදී
සිදුවිය හැකිය. මෙයින් ජන්මීන් උපදිය හැකි වුව ද පැවැත්මක් නැති වෙයි. පසුකාලීනව
අමතක වීම් සිදුවීමට ද හැකිය.
දෛව විවාහයේ දී පියා විසින් දියණිය දේව දාසියක් බවට පත් කිරීමේ අදහසින් යම්
පූජකවරයෙකුට සරණ පාවාදීමක් සිදු කරනු ලබයි. ඇතැම් විටෙක දෑවැදි රහිතව ගෞරව
බහුමානයට පාත්‍රවන්නෙකු වෙත පියා විසින් දියණිය පාවාදීමක් සිදු වීමට ද මෙහිදී ඉඩකඩ
පවතියි. මෙහි දී අග්නිය හෙවත් කාමය හේතුවෙන් ඇතිවන ප්‍රශ්න මුල්වන බව පෙනේ. කුජගේ
ප්‍රශ්න මත දෙදෙනාගේ අසමගිකම් ඇතිවෙයි.
අර්ෂ විවාහයේ දී දැරිවියගේ පියාට දේපල, මිල මුදල්, හරකාබාන ආදිය යාඥා
කිරීම් සඳහා ලැබෙන අතර එහි දී ඔහුට (පියාට) ලැබෙන දෙය කන්‍යා දානය ලෙස නොසලකයි. ජල
තත්වය මත මෙහි ඇතිවන ගැටලු සමනය ශාන්ත කළ හැකිය. පොකුණක් සෑදීම මගින් ගැටළු අවම කළ
හැකිය.
ප්‍රජාපත්‍ය විවාහයේ දී දරුවන් හැදීම සඳහා පමණක් මූලික පරමාර්ථය වශයෙන්
සලකා විවාහය සිදු කරනු ලබයි. (මහා භාරතයේ සත්‍යවතීගේ පියා භීෂ්මට සලකන ලද
පරිද්දෙනි)
මෙහිදී
විවාහය පිළිබඳව සළකා බැලීම 90 හරහා සිදු කළ යුතු අතර විවාහයේ දී
පුද්ගලයන් විඳින පීඩාවන් වේදනාවන් ජන්ම පත්‍රය මගින් විමසා බැලීම සිදු කළ හැකිය.
එම්.
එම්. රෝහණ වසන්ත
0714161082/0723430028
Labels:
Ashta Vidha Vivaha,
Kendara Sinhalen,
M. M. Rohana Wasantha,
Man,
Marriage and Divorces,
Theory of Astrology,
Woman,
අෂ්ඨ විධ විවාහ,
කේන්දර සිංහලෙන්
Subscribe to:
Comments (Atom)
Popular Posts
-
රතනමාලා සහ රතන යන්ත්‍රය සමග රතන සූත්‍ර ආරක්ෂා බන්ධනය එතෙන සච්ච වජ්ජෙන දුක්ඛා වූපසමෙන්තු මෙ (තෙ) එතෙන සච්ච වජ්ජෙන භයා වූපසමෙන්තු මෙ (...
-
2026 මාර්තු 6 වන දින ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ අප පළ කරන ලද ලිපිය සංරක්ෂණ උපායමාර්ගයක් ලෙස නැවත පළ කිරීමකි෴ Facebook link: https://www.fac...
-
හය,අට සහ දොළහ යන භාවයන් සාමාන්‍යයෙන් අප සලකනුයේ සතුරු භාවයන් වශයෙනි. එසේ අප සලකනුයේ එම භාවයන් කේන්ද්‍රයක නියෝජනය කරන දැයෙහි ස්වභාවයන් අනුවය...
-
පලාඵල කීමේ දී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු Ø විනායක නමස්කාරය Ø ඉෂ්ඨදේවතා, ධර්ම දේවතා, පාලන දේවතා, ගුරු දේව, සූර්ය, අග්නි...
-
විශ්වවිද්‍යාල මට්ටමින් උගන්වන ඇතැම් විෂය ධාරාවන් දෙස බැලීමේ දී පෙනී යන කරුණු කිහිපයක් ඇත. ඉන් පළමු කරුණ නම්, පදනම් විෂය බැහැරක තබා අනු විෂයය...
-
පලාඵල පැවසීමේ දී අනිවාර්යයෙන්ම ජ්‍යෝතිර්වේදියෙකු දැන සිටිය යුතු ඒ ඒ ග්රහයින්ගේ සහයෝගීතා සහ බාධක තත්වයන් මෙසේ දැක්විය හැකිය. ග...
-
මෙම පහත දැක්වෙන චක්රයන් ආධාරයෙන් ඔබට ඔබේ උපන් වේලාවට අනුව කවර ලග්නයක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවෙන් මතුවෙමින් පැවතියේද කියා දැන ගත හැකිය. ...
-
Kuber Kunji key Lord Kuber is worshipped and propitiated for quick financial gains, unexpected gain of money through lotteries etc and ...








.jpg)
