Sunday, December 21, 2014

ඉතා දුර්ලභ ජ්‍යෝතිෂ රහස් රැසක් හෙළිකරන රාහු පිම්ම සහ යම කාලය පිළිබඳ කෘතියක්

මුහුර්ථ සාධනය, නැකැත් සෙවීම, නිල ශාස්ත්‍රය,
ඉන්ද්‍ර ගුරුළුව ආදී ජ්‍යෝ්‍තිෂ ක්‍රමවේද රාශියකට අවශ්‍ය 
ඉතා දුර්ලභ ජ්‍යෝතිෂ රහස් රැසක් හෙළිකරන 









රාහු පිම්ම සහ යම කාලය
සයිරස් ඩී. එෆ්. අබේකෝන් විසින්
Rahu Pimma Yama Kalaya
bCyrus D. F Abayakoon

නැමති කෘතියේ සීමිත පිටපත් සංඛ්‍යාවක් පමණක් ඇති බැවින් 
ලබාගැනීමට කැමති පාඨකයින් 
දැන්ම අමතන්න.

0714161082

© M. M. Rohana Wasantha

Thursday, December 11, 2014

පිතෘ දෝෂ හා පිතෘ දෝෂ බලපාන ආකාරය

පිතෘ දෝෂ ඇතිවන ආකාර කිහිපයක් දැකගත හැකිය. අපගේ මුතුන්මිත්තන් අතර වූ හා අපගෙන් වෙන්ව ගිය පිය පස පිරිමි පාර්ශ්වයේ ඥාතීන් පහත දැක්වෙන හේතූන් නිසා ශාන්තිය නොලද අවස්ථාවන්හි දී ඇති කර ගනු ලබන තත්වයන් නිසා මෙසේ වූ පිතෘ දෝෂ ඇති වන බව විවිධ පුරාණ ග්‍රන්ථයන්ට අනුව පැහැදිළි කර ගත හැකිය.

1.     එකී මුතුන් මිත්තන් පූර්ව ආත්මභාවයන්හි දී දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන ලද අයහපත් ක්‍රියාවන් හේතුවෙන්
2.     මුතුන් මිත්තන් කෙරෙහි දරුවන්ගේ පැත්තෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු වූ අයහපත් ක්‍රියාවන් හේතුවෙන්
3.     මුතුන් මිත්තන්ගේ ආශාවන් දරුවන් කෙරෙන් ඉටුකරගත නොහැකි වූ අවස්ථාවන් හේතුවෙන්
4.     මුතුන් මිත්තන්ට පූර්ව ආත්මභාවයන්හි දී ඇති වූ හදිසි හා අස්වාභාවික මරණ හේතුවෙන්
5.     මුතුන් මිත්තන්ගේ දේපල හා ඇගයුම් පද්ධතීන් කෙරෙහි දරුවන් දක්වනු ලබන නොසැලකිල්ල

හත්මුතු පරම්පරාවක (පරම්පරා හතක) පියපසින් හා මව් පසින් පරම්පරා හතරක කර්ම මත පිතෘ දෝෂ ඇතිවිය හැකි බවත් ඒ හේතුකොට කුඩා කාලයේ දීම දරුවන් හදිසි හා අස්වාභාවික තත්වයන් නිසා මිය යාම සිදුවිය හැකි බවත් පුරාණ ග්‍රන්ථයන්හි දැක්වෙයි.

ඇතැම් විටෙක අපගේ මුතුන්මිත්තන් අපගේ පවුලේ ඥාතීන්ම නොවන අවස්ථාවන් ද දැකගත හැකිය. අපගේ ගුරුවරු, උපදේශකයින්, කාර්ය දර්ශකයින්, මිතුරන්, රැක බලාගන්නන් හො මොනයම් ආකාරයකින් හෝ අපගේ ජීවිතය සාර්ථක කරගැනීමට, වර්ධනයට අවශ්‍ය වන්නා වූ සම්පත් දායකත්වයෙන් පෙර භවයන්හි අප හා එක් වූවෙක් විය හැකිය. ඒ අනුව මෙහිදී පෙන්වා දෙන්නේ එම පුද්ගලයන්ගේ ජීවිත පෙරෙහි ඔවුන්ගේ දර්ශනයන් කෙරෙහි හා ඔවුන්ගේ විශ්වාස ඇගයුම් පද්ධතීන් කෙරෙහි අප වෙතින් ගෞරව දැක්වීම ඔවුහු අපේක්ෂා කරනු ලබන තත්වයක්ව පවතින බවත් ඒවා ඉටු නොවන අවස්තාවන්හි දී අප කෙරෙහි පිතෘ දෝෂ ඇතිවීමට හේතුවන බවත් කිව යුතුය.

යමෙකු පිතෘ දෝෂයකින් පෙළෙන බව අප හඳුනාගන්නේ කෙසේද?

වෛදික ජ්‍යෝතිෂ ශාස්ත්‍රය ඇසුරෙන් මෙය හඳුනාගත හැකිය. වෛදික ජ්‍යෝතිෂයට අනුව රවි හා සඳු ග්‍රහයින් රාහු කේතු යන ග්‍රහයින්ගෙන් පීඩාවට පත්ව තිබීම මත එය හඳුනාගත හැකිය.

රවි හා රාහු ග්‍රහයින් 9 වැන්නේ දී සම්බන්ධ වී සිටීම යමෙකු හට පිතෘ දෝෂ ඇති බව හඳුනාගැනීමට හැකියාව ඇත.
9 වැන්න පියා නියෝජනය කරයි. රවි ග්‍රහයා නිසර්ග පිතෘකාරක ග්‍රහයා වශයෙන් හඳුනාගත හැකිය. එසේම වර්ධනය, වෘද්ධත්වය, උසස්වීම් සහ ආධ්‍යාත්මික තත්වයන් සඳහා ද නිසර්ග කාරකත්වය දරන්නේ රවි ග්‍රහයාය. ඡායා ග්‍රහයෙකු වන රාහු ග්‍රහයාගේ සම්බන්ධතාවක් මත 9වැන්නේ දී රවි ග්‍රහයා පීඩාවට පත් වුවහොත් යමෙකු හට ඔහුට හෝ ඇයට තම වාසනාව ලඟාකරගැනීම ප්‍රමාද වීමට හේතු වනු ඇත. කාර්ය සාධනයේ දී ඔහුට හෝ ඇයට ඉතා දැඩි වෙහෙසක් දැරීමට හේතුවන තත්වයක් මේ අනුව ඇතිවන බව දැකගත හැකිය.

වෛදික ජ්‍යෝතිෂයට අනුව මෙබඳු තත්වයන්ගෙන් දුර්වල වූවෙකු ප්‍රථමයෙන්ම තමා කාය වචී මනෝ කර්මයන්ගෙන් සංවරව තම කර්මයන් කෙරෙහි භක්තිවන්තව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව පෙන්වා දිය යුතුය. දෙවියන් පිදීම සඳහා තෝරාගත යුතු කාල වකවානුව වන්නේ වෛදික කැලැන්ඩරයට අනුව එළැඹෙන අස්විනී මාසයෙහි එනම් සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 07දක්වා වූ කාලයෙහි දී පැමිණෙන අමාවක තිථිය ලබන දිනයක දීය.

ඉදිරි ලිපියකින් සිදු කළ යුතු වතාවත් හා ක්‍රියාවන් කවරේදැයි සාකච්ඡා කරමු.

© M. M. Rohana Wasantha/ +94714161082/+94723430028

Tuesday, December 9, 2014

ජෛමිණි උපදේශ සූත්‍රයේ දැක්වෙන මරණකාරක ස්ථාන

ජෛමිණි උපදේශ සූත්‍රයේ දැන්වෙන අන්දමට කේන්දරයේ භාව දොළසට ඒ ඒ ග්‍රහයින් පැමිණ තැන්පත් වූ විට දී ඇති වන තත්වයක් වශයෙන් හඳුන්වා දී ඇති මරණකාරක ස්ථාන හඳුනාගන්න. රාව්‍යාදී නවග්‍රහයින් අදාළ ස්ථානවල තැන්පත් වූ විට දී එම භාවයට හා ග්‍රහයාට අදාළ ධර්මතාවන් මරණයට පත්වන බැවින් එම ස්ථාන මරණකාරක ස්ථාන වශයෙන් හඳුන්වයි. ඒවා මුලින්ම හඳුනාගන්න.

රවි - 12
චන්ද්‍ර - 8
කුජ - 4, 7
බුධ - 4*, 7 (* Jataka Parijata, Volume I, Adhyaya 2, (Grahakharupagunadhyaya), Shloka 52 & 72.)
ගුරු - 3
ශුක්‍ර - 6
ශනි - 1
රාහු - 9


ඇඩෝෆ් හිට්ලර්
සායි බාබා
පැමිලා ඇන්ඩර්සන් ආදීන්ගේ ගුරු ග්‍රහයා මරණකාරකස්ථාන ගත වී සිටි අතර ඔවුන්ගේ චරිතය හා බැඳි ධර්මතාවන් ප්‍රශ්නකිරීම්වලට භාජනය වූ බව ඔබ දන්නා කරුණකි.

ඔබගේ කේන්ද්‍රයේත් ග්‍රහයින් සිටිනා ස්ථාන අනුව ඔවුන් මරණකාරක ස්ථාන ගත වී සිටින්නේ දැයි නැවත බලන්න. මෙම මරණ කාරක ස්ථාන ගත වූ අදාළ ග්‍රහයින් වෙනුවෙන් වෙන වෙනම වූ ශාන්තිකර්ම පවතින බැවින් එකී ශාන්තිකර්ම සඳහා තම තමන්ගේ කේන්ද්‍ර සටහන් වෙන වෙනම පරීක්ෂා කර බලා මරණකාරක ස්ථාන ගත වූ ග්‍රහයින් සඳහා ශාන්තිකර්ම කළ යුතු වන්නේය.

© M. M. Rohana Wasantha/+94714161082

Monday, December 1, 2014

ඔබත් තවමත් උපන්දිනය සමරන්නේ Pope Gregory-XIIIගේ කැලැන්ඩරයට අනුවද?

ඔබත් තවමත් උපන් දිනය සමරන්නේ Pope Gregory XIII ගේ කැලැන්ඩරයට අනුව ද ? එසේ නම් නැවත සිතන්නට කාලය එළැඹ ඇත. 

ඔබේ කර්මය මත ගොඩනගන විපක ධාරාව ගලායන රටාව අනුව සැලකිල්ලට ගනිමින් ආත්මය හා සිත යන ජ්‍යෝතිර්විද්‍යාත්මක සංකල්ප මත ගොඩනැගෙන උපන්දිනයක් ඔබට ඇති බව ඔබ සිතුවාද? 

ඔබ උපන් වේලාවේ රවිගේ හා සඳුගේ පිහිටීම සලකා බලා තීරණය කරන චන්ද්‍ර දිනයක් ලෙස සලකන තිථිය පදනම් කරගෙන එම තිථිය යෙදුනේ සූර්යයා කවර රාශියක කිනම් භුක්තියක් වළඳිමින් සිටි අවස්ථවේ දැයි සොයා බලා ඒ කිනම් ග්‍රහයෙකුට අයත්ව තිබූ දිනයක් දැයි දිනාධිපතියා ද සලකා බලා මෙම උපන් දිනය තීරණය කරයි. 

මේ අනුව එය සම්මත කැලැන්ඩරයට අනුව සිදුවන්නක් නොවේ. එය ඔබ උපන් අවස්ථාවේ දී විශ්ව ග්‍රහ සිතියමේ පිහිටීම අනුව තීරණය කෙරෙන්නක් බැවින් මීලඟ වෛදික උපන් දිනය ඔබට යෙදෙන්නේ කවදාදැයි අපවෙතින් විමසා දැනගත හැකිය. 

එසේම ඒ අනුව කවර නම් වූ ආකාරයකින් මීලඟ තිථි ප්‍රවේශය තෙක් ඉදිරි වර්ෂය ඔබට ගෙවී යන්නේ දැයි මෙම වර්ෂයේ තිථි ප්‍රවේශයේ දී වූ විශ්ව ග්‍රහ සිතියම ඇසුරු කර සිදු කරන පලාඵල කථනයක් දැන ගැනීමට ඔබ අපේක්ෂාවෙන් පසුවන බව අපි දනිමු. 

එසේම ඔබගේ මීලඟ උපන් දිනය වන ඉදිරි වර්ෂයේ තිථි ප්‍රවේශය එළැඹෙන දිනය කවදාදැයි දැනගැනීමටත් ඔබ අපේක්ෂාවෙන් පසුවන බව ද අපි දනිමු.

එම ඔබගේ මීලඟ උපන් දිනය වන ඉදිරි වර්ෂයේ තිථි ප්‍රවේශය එළැඹෙන දිනයේ දී ඔබ විසින් අනුගමනය කළ යුතු කියා පිළිවෙත්, එළැඹිය යුතු දෙවි දේවතාවුන් හඳුනාගැනීම සිදු කළ යතු වන්නේය. 

තවද මේ අනුව ඉදිරි වර්ෂය සැලසුම් කර ගැනීම හා එහි පුරෝකථනය දැන ගැනීම සඳහා අප අමතන්න.

© M. M. Rohana Wasantha / +94714161082

Monday, October 27, 2014

Android මෙහෙයුම් පද්ධතියේ ඕෆ් ලයින් Offline වැඩ කිරීමට හැකියාව ඇති ජ්‍යෝතිෂ මෘදුකාංගයක්

Jaataka for Astrology
ජාතක ෆෝ ඇස්ට්‍රොෙලාජි

මෙම මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන ජංගම දුරකථනවල (ෆෝන්) සහ ටැබ්වල ක්‍රියාත්මක කළ හැකි ඕෆ් ලයින් Offline වැඩ කිරීමට හැකියාව ඇති ජ්‍යෝතිෂ මෘදුකාංගයක් වීම වඩාත් ප්‍රයෝජනවත් වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන ජංගම දුරකථන සහ ටැබ්ලට් පරිගණක භාවිත කරන 21 වන සියවසේ ජීවත්වන ජ්‍යෝතිර්වේදීන්ට යන එන ගමන් එදිනෙදා ජීවිතයේ දී දැන දැක ගත හැකි භාවිත කළ හැකි මෘදුකාංගයක් වශයෙන් පෙන්වා දිය හැකිය.

Jagannatha Hora 



මෘදුකාංගයෙන් වැඩ කළ ඔබට ජ්‍යෝතිෂ මූලික සිද්ධාන්ත මතකයේ 

තබාගෙන මෙම මෘදුකාංගයේ වැඩ කළ හැකි වීම වඩාත් 

පහසුකාරකයකි.


ලග්න කේන්දර සහ ප්‍රශ්න කේන්දර සැකසීම
උතුරු ඉන්දියානු හා දකුණු ඉන්දියානු කේන්දර සටහන් ආකෘති අනුව කේන්ද්‍ර සැකසීම
අෂ්ඨක වර්ග සහ වර්ග චක්‍ර, ප්ලැසිඩියස් ක්‍රමයට සැකසුන චක්‍ර භාවිතය
ව්ම්ශෝත්තරී දශා අන්තර් දශා සහ ප්‍රත්‍යාන්තර් දශා භාවිතය
ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට අධිපති ග්‍රහයින් සෙවීමාදී කටයුතු
කේන්දර සේව් කර මතකයේ තැන්පත් කර ගත හැකි වීම
පලාඵල දක්වනු නොලැබේ. ගණනය කිරීම් පමණක් භාවිත කළ හැකිය. පහත දැක්වෙන්නේ එහි අතුරු මුහුණත් කිහිපයකි

කේන්දර සටහන් මුහුණත
දශා මුහුණත
දත්ත ඇතුළත් කිරීමේ මුහුණත
ක්‍රිණමූර්ති පද්ධති මුහුණත
‍‍මෙන්න ලින්ක් එකhttps://play.google.com/store/apps/details?id=com.appspot.vedic&hl=en© M. M. Rohana Wasantha

Saturday, May 10, 2014

ප්‍රේත සාප යෝග

රවි සහ ශනි 5 වැන්නේ තැන්පත්ව සිටිද්දී දුර්වල සඳු 7ත්, රාහු ලග්නයේත්, ගුරු 12ත් සිටියේ නම් එය ප්‍රේත සාපයක් සේ පෙන්වා දී ඇත. (Three Hundred Important Combinations by B. V. Raman, p.208 ) ප්‍රේත භූතාදීන් හේතුවෙන් දරුවන් මරණයට පත්වීම මෙම යෝගයේ ප්‍රතිඵල ලෙස දක්වා ඇත. ඉපදී දෙසතියක් අැතුළත මරණයක් දරුවකුට මෙහෙයින් ඇතිවන බව පෙන්වා දී ඇත.
.© M. M. Rohana Wasantha

Friday, April 11, 2014

අවුරුදු නැකැත් හදන හැටි බලා ගන්න ... මුහුර්ථ චින්තාමනිය 3 පරිච්ඡේදය

ඉස්සර කාලේ අවුුරුදු නැකැත් සීට්ටුව ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් තමයි බලවගත්තෙ.
ගමට ගැළපෙන විදියටයි ඒ නැකැත් හැදුවෙ.
නමුත් දැන් කාලෙ වෙනස්.
මුළු ලංකාවම එකම වෙලාවකට තමයි වැඩ කරන්නෙ. ඒක බොහොම හොඳයි.

මෙවර ලිප ගිණි මොලවමු අපේම ක්‍රමයට...

මේක මම මගේ ගෙදර ලිප ගිණි මොලවන වෙලාවයි. (10.10ට) දිශාව නම් දකුණම තමයි.

ලංකාවෙ විවිධ තැන්වලට සූර්ය උදාවෙ තිබෙන වෙනස්කම් වත් සැළකිල්ලට ගත්තොත් මේ සුළු වෙනස්කම් ඇයි කියල තෙරෙනවනේ.

ඒ වෙලාවට ලග්නය කුබේරාම්ශ ගතවෙලා.
ඊළඟ අවුරුද්ද පුරාවට සල්ලි ටිකක් වැඩිපුර ලැබෙන විදියට ලිප ගිණි මොලවමු ද?

© M. M. Rohana Wasantha

Wednesday, March 12, 2014

මුහුර්ථ සාධනයේ දී සොයා බැලිය යුතු ග්‍රහ බලය

මුහුර්ථ සාධනයේ දී සොයා බැලිය යුතු ග්‍රහ බලය[1]

රාශි චක්‍රය සේම වර්ග චක්‍රයන්හි බලවත් භාවය ද මුහුර්ථ සාධනයේ දී විමසා බැලිය යුතු කරුණක් වශයෙන් පෙන්වා දෙනු කැමැත්තෙමි. උදාහරණයක් වශයෙන් නව රැකියාවක් සඳහා සම්බන්ධ වීමේ දී දසාම්ශයේ (D-10) ලග්නය, 6වැන්න සහ 10 වන භාවය බලවත්ව තිබිය යුතුය. යම් ළදරුවෙකුගේ අධ්‍යාපනාදී කටයුතු ඇරඹීමේ දී රාශි චක්‍රෙයහි මෙන්ම සිද්ධාම්ශයේ (D-24) ද 1,2,4,5 යන ස්ථාන බලවත්ව තිබිය යුතුය. අළුත් වාහනයක් මිලදී ගැනීමේ දී රාශි චක්‍රයෙහි මෙන්ම ෂෝඩෂාම්ශයෙහි (D-16) ද 1, 4 සහ ආරූඪ සිව්වන පාදය (A4) බලවත් විය යතුය.

අළුත් නිවසකට ප්‍රවේශ වීමේ  දී ලග්නයේ සිට සහ සිකුරුගේ සිට 1 සහ 4 වන භාවය රාශි චක්‍රයේ මෙන්ම චතුර්තාම්ශයේ (D-4) දී ද බලවත් විය යුතුය. දේපල මිලදී ගැනීමක දී ලග්නයේ සිට සහ කුජගේ සිට 1 සහ 4 වන භාවය රාශි චක්‍රයේ මෙන්ම චතුර්තාම්ශයේ (D-4) දී ද බලවත් විය යුතුය.

ආරම්භ කරනා වැඩෙහි සාධනීයත්වය කාලානුරූපීව වර්ධනීය තත්වය මැණ බැලීම සඳහා භාවිත කරන මුහුර්ථයෙහි ආදාන කේන්ද්‍රයට අදාළ විම්ශෝත්තරී දශාව භාවිත කළ හැකි වෙයි. යම් කාර්යයක් සඳහා භාවිත කරන ලද මුහුර්ථයක කාලය මැනීමේ දී අදාළ කාර්යයට අනුරූප කාලය (එම වැඩය නිම කිරීම සඳහා ගත වන කාලය) නිශ්චිතවම දන්නේ නම් එම කාලයට අනුව විම්ශෝත්තරී දශාව හකුළුවා ගණනය කළ හැකිය. විම්ශෝත්තරී දශාව හකුළුවා ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව Narasimha Rao, P.V.R. (2000), Vedic Astrology: An Integrated Approach, 35.4 Mundane Astrology, p.464  හි අර්ථ දක්වා ඇත. යම් කාර්යයක් යම් මුහුර්ථයක දී ආරම්භ කළේ නම් ඊට අනුරූපී සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මැණ බැලීම සඳහා කාල රාමුව ගණනය කිරීම සම්බන්ධව නිශ්චිත කාල වකවානුවක් දීම අපහසුය. අපට විම්ශෝත්තරී දශාව අවුරුදු 120කට මැණ බැලිය හැකිය. අමතරව, ග්‍රහ බලය මත එම මුහුර්ථයේ විම්ශෝත්තරී දශාවට අනුව ගණනය කරමින් පළමු දශාවෙහි තත්වය ආදාන ග්‍රහ චක්‍රයේ ඵලදායී ග්‍රහයාගේ තත්වය මත පිහිටා තහවුරු කර ගත යුතු වෙයි. මුහුර්ථයේ බලපෑම මාස කිහිපයකට හෝ වර්ෂ කිහිපයකට බලපාන්නේ නම් දිගු ගමනක් යාම සඳහා අදාළ මුර්ථයේ ආදාන ලග්න සටහනෙහි ග්‍රහ බලය වඩාත් බලපෑම් සහගත වනු ඇත. විම්ශෝත්තරී දශා ක්‍රමයට අනුව පළමු දශාව ඉතා වැදගත් වනු ඇත. උදාහරණයක් වශයෙන් ගනු ලැබූ මුහුර්ථ ග්‍රහ සටහනක රාශි චක්‍රය යහපත් රාශියකට අනුව සලකා බලනු ලෑබූ විටෙක දී එමු මුහුර්ථය නව රැකියාවකට සම්බන්ධ වීම සඳහා භාවිත කළේ නම් එම රාශි සටහනේ දශාම්ශයේ (D-10) අටවැන්නාධිපතිට පළමු දශාව හිමිවූවහොත් ඔහුට හෝ ඇයට අසුභ ඵල එම රැකියාවේ මුල් කාලය තුළ අත්විඳීමට සිදුවනු ඇත.


[1] Narasimha Rao, P.V.R. (2000), Vedic Astrology: An Integrated Approach, 36.4 Planetary Strength, p.475

 © M. M. Rohana Wasantha

Sunday, January 12, 2014

භාව ආරූඪ භාවිතය

ද්‍රව්‍යාත්මක ලෝකයේ මායාව ආරූඪ පාද මගින් දැකගත හැතිය. යම් භාවයක ආරූඪ පාදය එම භාවය නියෝජනය කරන දැයෙහි මායාව දැකගත හැකිය.

උදාහරණයක් වශයෙන් යම් පුද්ගලයෙකුගේ ආත්මීය තලය හා පුද්ගල පෞරුෂය පළමුවන භාවය නියෝජනය කරයි. එසේම ලග්නයෙන් (Lg) පළමු භාවය ඔහුගේ හෝ ඇයගේ සැබෑ ආත්මීය තලය හා සැබෑ පුද්ගල පෞරුෂය විදහා පාන අතර එහි ආරූඩය (AL) ඔහුගේ හෝ ඇයගේ ආත්මීය තලයෙහි මායාව හා පුද්ගල පෞරුෂයෙහි මායාව නියෝජනය කරයි. එය ද්‍රව්‍යාත්මක බාහිර සමාජය ඔහු හෝ ඇය දකින්නේ කෙසේද යන්න හෙවත් ඔහුගේ හෝ ඇයගේ තත්වයෙහි (status) සමාජ දැක්ම පෙන්නුම් කරයි.

ෂෝඩශාම්ෂයෙහි (D-16) සිව්වන භාවය වාහන හිමිකාරීත්වය මගින් යමෙකු ලබන  සතුට දැකගත හැකිය.  යමෙකු Bajaj Pulser වර්ගයේ මෝටර් සයිකලයක හිමිකාරීත්වය මගින් සතුටට පත්වනවා විය හැකිය. නැතිනම් Mercedes Benz වර්ගයේ කාර් තුන හතරක හිමිකාරීත්වය ඇත්තෙකු ඒ පිළිබඳ අසතුටින් පසුවන අතර තවත් හොඳ වර්ගයේ වාහනයක් ලබාගැනීමේ සිහිනයක පසුවිය හැකිය.

අයිතිය ඇති වාහනයේ වර්ගය වාහනයක් මගින් ලබන සත්‍ය සතුට හා වින්දනයෙන් වෙනස් වෙයි. මෙය ද්‍රව්‍යාත්මක ලෝකයෙහි වාහනයක් මගින් ලබන සතුට හා වින්දනයෙහි මායාව වෙයි. එය සිව්වන ආරූඪ පාදයෙන් විස්තර වෙයි.

සෞම්‍ය ග්‍රහයෙකුගෙන් ෂෝඩශාම්ෂයෙහි දී සිව්වැන්න පෙන්නුම් කරන්නේ ඔහුගේ වාහනයෙන් හෝ වාහනවලින් ඔහු ලබන සතුටයි. නමුත් ෂෝඩශාම්ෂයෙහි ආරූඪ සිවුවන භාවය පෙන්නුම් කරන්නේ ලෝකයා විසින් ඔහු ලබන්නේ යැයි සිතන ඔහුගේ වාහනයෙන් හෝ වාහනවලින් ඔහු ලබන සතුටයි. එසේම මායාව තුළ දැකිය හැකි ව්‍යුත්පන්න යථාර්ථය ෂෝඩශාම්ෂයෙහි ආරූඪ සිවුවන භාවයට (A4 in D-16) ලැබෙන ග්‍රහ බලපෑම මත දැකගත හැකිවන්නේය. යමෙකුගේ ජන්ම කේන්ද්‍ර සටහනේ ෂෝඩශාම්ෂයෙහි ආරූඪ සිවුවන භාවයෙහි (A4 in D-16) තැන්පත් සිකුරු ග්‍රහයා තමාගේම රාශියෙහි සිටිනා විට දී ෂෝඩශාම්ෂයෙහි සිව්වැන්නේ (4Hs in D-16) සෙනසුරු ග්‍රහයා තැන්පත් වූ විට දී සුඛෝපභෝගී වාහනයක හිමිකාරීත්වය ලබයි. එවිට ඔහු සුඛෝපභෝගී වාහනයක් නිසා ලැබෙන ගරුත්වයකින් යුතු පුද්ගලයෙකු ලෙස ලෝකයා විසින් සංවේදනය කරනු ඇත. ඇත්තෙන්ම ඔහු ඉන් සතුටට පත්වන්නේ නොවෙයි. යමෙකුගේ ෂෝඩශාම්ෂයෙහි ආරූඪ සිවුවන භාවයෙහි (A4 in D-16) සෙනසුරු තැන්පත්ව හිඳිනා විට  දී සිකුරු සහ ගුරු ග්‍රහයා ෂෝඩශාම්ෂයෙහි සිව්වැන්නේ තැන්පත්ව හිඳින්නේ නම් කුඩා වාහනයක හිමිකාරීත්වය ලබයි. එවිට සුඛෝපභෝගී වාහනයක් නිසා ලැබෙන ගරුත්වයකින් යුතු පුද්ගලයෙකු ලෙස ලෝකයා විසින් සංවේදනය කරන්නේ නැති මුත් ඉන් ඔහු තෘප්තිමත්ව හිඳියි.

ඉහත පෙන්වා දුන් පරිදි වාහන මගින් ලබන තෘප්තිමත්භාවය ෂෝඩශාම්ෂයෙහි සිව්වැන්න මගින් පෙන්නුම් කරයි. එයාකාරයට ම සිද්ධාම්ෂයෙහි (D-24) සිව්වැන්න ඉගෙනීම හා අධ්‍යාපනය පිළිබඳ තොරතුරු විමසිය හැකිය. මේ අතර සිද්ධාම්ෂයෙහි (D-24) ආරූඪ සිව්වැන්න (A4) ඉගෙනීම පිළිබඳ මායාව හෙවත් ලෝකයා යමෙකුගේ අධ්‍යාපනය සංවේදනය කරනු ලබන අයුරු දැකගත හැකිය.

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසලෙහි හෝ මාළඹේ පරිගණක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුවෙකුගේ පරිගණක විද්‍යාව පිළිබඳ දැනුම හා රුහුණු විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ පරිගණක විෂය හදාරන ලද සිසුවෙකුගේ පරිගණක විද්‍යාව පිළිබඳ දැනුම පිළිබඳ බාහිර සමාජයේ සංවේදනයෙහි ඇතිවිය හැකි වෙනස මෙහිදී උදාහරණයක් වශයෙන් පෙන්වා දිය හැකිය.

සිද්ධාම්ෂයෙහි (D-24) ආරූඪ සිව්වැන්න (A4) යමෙකුගේ පාසල, විශ්වවිද්‍යාලය හෝ ඉගෙනුම් පරිසරය පැහැදිළි කරයි. සාමාන්‍යයෙන් එය යමෙකුගේ ඉගෙනීම පිළිබඳව ලෝකයාගේ සංජානනය විදහා පානු ලබයි. මේ ආකාරයටම දශාම්ෂයෙහි (D-10) ආරූඪ දසවන පාදය (A10) යමෙකුගේ කර්මය හෙවත් වෘත්තීය ජීවිතයෙහි මායාව දැකගත හැකි ස්ථානයක් ලෙස පෙන්වාදිය හැකිය. යමෙකුගේ වෘත්තීය ජීවිතයෙහි ඔහු හෝ ඇය සේවය කරන සේවා ස්ථානය හා සේවා පරිසරය මත ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය තත්වය පිළිබඳ ලෝකයා විසින් දකින චිත්‍රය තීරණය වෙයි. යමෙකුගේ සේවා ස්ථානය හා සේවා පරිසරය දශාම්ෂයෙහි (D-10) ආරූඪ දසවන පාදය (A10) මගින් දැකගත හැකිය. යමෙකුගේ දශාම්ෂයෙහි (D-10) ආරූඪ දසවන පාදයෙහි (A10) අඟහරු හෙවත් කුජ තැන්පත්ව හිඳින්නේ නම් විවිධ තැන්වල කටයුතු කරන ඉංජිනේරු සමාගමක සේවය කරන්නෙකු ලෙස කටයුතු කරන්නෙක් දැකගත  හැකිය. එසේම යමෙකුගේ දශාම්ෂයෙහි (D-10) ආරූඪ දසවන පාදයෙහි (A10) ගුරු ග්‍රහයා තැන්පත්ව හිඳියි නම් විශ්වවිද්‍යාලයක, උසස් පාඨශාලාවක, පූජනීයස්ථානයක හෝ උසාවියක හෝ හෙතෙම සේවය කරයි.

ජ්‍යෝතිර්විද්‍යාවේ දී වැදගත් ආරූඪ පාදයක් ලෙස දොළොස්වන ආරූඪ පාදය හෙවත් උපපාද ලග්නය (UL) හැඳින්විය හැකිය.  මෙය යමෙකුගේ විවාහය හා සහකරු හෝ සහකාරිය පෙන්නුම් කරයි. උපපාද ලග්නයෙහි (UL) තැන්පත් ග්‍රහයින් කරණ කොට කවර ආකාරයේ  විවාහයක් සිදුවන්නේ ද යන්න සහ කවර ආකාරයේ සහකරුවෙකු හෝ සහකාරියක හෝ ලබන්නේ ද යන්න පැහැදිළි කරගත හැකිය.

උදාහරණයක් වශයෙන් උපපාද ලග්නයෙහි (UL) බුධ ග්‍රහයා තැන්පත් වූ විට දී බුධගේ තත්වය හෙවත් බල දුබලතා අනුව යහපත් හෝ අයහපත් ප්‍රතිඵල නේවිය හැකිය. එහි දී යහපත් තත්වයක් යටතේ බුද්ධිමත් සහකරුවෙකු හෝ සහකාරියක ලැබිය හැකි අතර අයහපත් තත්වයක් යටතේ බුද්ධිමත් සහකරුවෙකු හෝ සහකාරියක ලැබිය හැකි තීරණයක් ගත නොහැකි පෞරුෂ තත්වයකින් යුතු සහකරුවෙකු හෝ සහකාරියක ලැබිය හැකිය. උපපාද ලග්නයෙහි (UL) කේතු ග්‍රහයා වූ විට දී යහපත් තත්වයක් යටතේ ආධ්‍යාත්මික මට්ටමේ සහකරුවෙකු හෝ සහකාරියක ලැබිය හැකිය. නමුත් උපපාද ලග්නයෙහි (UL) කේතු ග්‍රහයා අයහපත් තත්වයක් යටතේ සුළු දෙයින් පවා කිපෙන ගති ඇති සහකරුවෙකු හෝ සහකාරියක ලැබිය හැකිය. උපපාද ලග්නයෙහි (UL) රවි ග්‍රහයා ඉතා ප්‍රසන්න ගින්දර මෙන් චාම් ගති ඇති වැදගත් පවුලක අධිකාරී ආධිපත්‍යයක් තමන් වෙත පතුරුවන සහකරුවෙකු හෝ සහකාරියක ලැබිය හැකිය. එහි කුජ ග්‍රහයා වූ විට දී දැඩි එඩි ඇති ප්‍රතාපවත් සහකරුවෙකු හෝ සහකාරියක ලැබිය හැකිය. නමුත් නිතර කිපෙන ගති ඇති වන්නේ කුජ අයහපත් තත්වයක් යටතේ තැන්පත් වූ විටය.

උපපාද ලග්නයෙන් (UL) 8වැන්න විවාහයේ ආයුෂය පෙන්නුම් කරයි. එසේම උපපාද ලග්නයෙන් (UL) 2 සහ 7 වන භාවයන් විවාහයේ අවසානය පෙන්නුම් කරයි. කුජ, ශනි, රාහු වැනි කෘෘර ග්‍රහයෙකු යටතේ මෙම තත්වය විවාහයේ ගැටුම් ඇති කිරීමට මෙන්ම දික්කසාද වීමට පවා තත්වයන් ඇතිකරන බව දැකගත හැකිය.
විවාහ සහකරුගේ හෝ සහකාරියගේ ස්වභාවය හා විවාහයේ ආයුෂය යනු පැහැදිළි වෙනස් කරුණු දෙකකි. කුජ හා ශනි උපපාද ලග්නයේ (UL)තැන්පත්ව හිඳිනා විට දී ගුරු ග්‍රහයා උපපාද ලග්නයෙන් (UL) 8වැන්නේ තැන්පත් වූ විට ගැටුම් හා කරදර මැදින් ගමන් කරනා දිගු විවාහ ජීවිතයකට හිමිකම් කියනු ලබයි. නමුත් උපපාද ලග්නයේ (UL)තැන්පත්ව සිටියේ ගුරු ග්‍රහයා වුවත් උපපාද ලග්නයෙන් (UL) 8වැන්නේ කුජ හා ශනි තැන්පත් වුවහොත් උසස් උත්තම බිරිඳක් ලැබුනේ වුවත් දික්කසාදයෙන් විවාහය කෙළවර වීමට එය හේතුවක් වනු ඇත.

- මතු සම්බන්ධයි -

 © M. M. Rohana Wasantha

ආරූඪ ලග්න භාවිතය

 යම් ජන්මියෙකුගේ ලග්න (Lg) භාවය ප්‍රකෘතිය නැතිනම් යථාර්ථය විදහාපාන අතර ආරූඪ ලග්නය (AL) ඔහුගේ ප්‍රතිරූපය නැතහොත් මායාව විදහා පානු ලබයි. එය ද්‍රව්‍යාත්මක ලෝකයා විසින් එම ජන්මියා දකිනු ලබන ආකාරය දැකගත හැකිය. එය ජන්මියෙකුගේ තත්වය (the status)පෙන්නුම් කරයි.  උත්සාහය අඩු ආත්ම විශ්වාසයෙන් තොර වූ යම් පුද්ගලයෙකු ඔහුගේ දුර්වල තත්වයන් වෙනුවට ශක්තිමත් පෞරුෂයකින් හෙබි  නායකයෙකු ලෙස ඔහු ලෝකයා දකින්නේ මෙබැවිනි. මායාව හා යථාර්ථය අතර වෙනස එය වන අතර ආරූඪ ලග්නය (AL) මගින් එම මායාව දැකගත  හැකිය.

මෙයට හේතුව වන්නේ මායාව, ප්‍රතිබිම්බය, සංජානනය, ප්‍රතිරූපය යන දෑ ද්‍රව්‍යාත්මක ලෝකය තුළ  විනිශ්චය කිරීමේ දී අපට ආරූඪ ලග්නය (AL) උපකාරවන බැවිනි. උදාහරණයක් වශයෙන් මහාසෘෂි පරාශර හා ජෛමිණි විසින් පෙන්වා දෙන කරුණක් මේ සඳහා ඉදිරිපත් කළ හැකිය. ඔවුන්ට අනුව ආරූඪ ලග්නයෙන් 11වන හා 12 වන භාවයන් යමෙකුගේ ආර්ථික අය මාර්ග හා වියදම් පක්ෂය පෙන්නුම් කරයි (JUS-1.3.2). නිසර්ග කෘරයෙකු හෝ කිහිපදෙනෙකු යමෙකුගේ ආරූඪ ලග්නයෙන් (AL) 3 වන හා 6 වන භාවයක තැන්පත්ව හිඳින්නේ නම් ඔහු ඉතා තදින් සතුරන් නැසීමේ ශක්තියෙන් යුතු නිර්භීත අයෙකු බව ලෝකයා සංජානනය කරයි. ද්‍රව්‍යාත්මකව සමෘද්ධිමත් වන පුද්ගලයෙකුගේ ආරූඪ ලග්නයෙන් (AL) 3 වන හා 6 වන භාවයේ නිසර්ග කෘෘරයින් තැන්පත්ව හිඳිනු දක්නට ලැබිය හැකිය. එසේම යම් පුද්ගලයෙකුගේ කේන්ද්‍රයක ආරූඪ ලග්නයෙන් (AL) 3 වන හා 6 වන භාවයේ නිසර්ග සෞම්‍යෙයකු තැන්පත්ව හිඳින්නේ නම් ඔහු හෝ ඇය මහත්මා ගති පෙන්නුම් කරන යම් බඳු කලබලකාරී ස්වභාවයන්ගෙන් මිදුන සටන්කාරීත්වයෙන් තොර පුද්ගලයෙකු බව ලෝකයා සංජානනය කරනු ලබයි. මධ්‍යස්ථ පුද්ගලයින්ගේ කේන්ද්‍ර සටහන්වල මෙම ග්‍රහ පිහිටීම් ලක්ෂණ දැකගත හැකිය.   

තවද යමෙකුගේ වර්ගචක්‍රයන්ට අයත් දශාම්ශ ලග්න (Lg of D-10)  භාවයෙන් 10 වැන්න යම් පුද්ගලයෙකුගේ සමාජයීය ප්‍රකෘති හැසිරීම පෙන්නුම් කරනු ලබයි. මේ ආකාරයටම යමෙකුගේ වර්ගචක්‍රයන්ට අයත් දශාම්ශයේ ආරූඪ ලග්නයෙන් (AL) 10 වන භාවය (10 Bhava from AL in D-10)  ඔහුගේ හෝ ඇයගේ සමාජයීය හැසිරීම බාහිර ලොකයා විසින් දකින්නේ කවර ආකාරයකට දැයි දැකගත හැකිය. එය ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය තත්වය විදහාපානු ලබයි.

© M. M. Rohana Wasantha/ 0714161082 wasantha2010@gmail.com

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්