සුභ මුහුර්ථයක් සෑදීමේ දී ප්‍රථමයෙන්ම ඒ කවර නම් වූ කරුණක් උදෙසා භාවිත කරන්නේ ද යන්න සළකා බැලිය යුතුය. මෙහි දී සලකා බැලෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සහ ආකාශ යන පංච මහා භූත තත්වයන්ගේ සමවාය ජන්මියාට කවර නම් වූ තත්වයක් යටතේ බලපාන්නේ ද යන්න සලකා ඔහුගේ උප්පත්තියේ දී බලපාන ලද ජන්ම කේන්ද්‍රෙය් දැකගත හැකි වූ පංච අංගයට සීහෙන නැකතක් වේලාවක් යම් කිසි අභිවෘද්ධිදායක කටයුත්තක් සඳහා භාවිත කළ යුත්තේ ද යන්න සොයාගැනීමයි.
අප උදාහරණයක් වශයෙන් අකුරු කියවීමේ නැකතක් සෙවීම අරගනිමු .
මූලිකව ජන්මියා උපන් දිනයේ උපන් වේලාවේඋපන් ස්ථානයට බලපාන ලද පඞ්චාඤ්ගය නැවත උදාවන වේලාවක් ජන්මියාගේ ඕනෑම සුභ කටයුත්තක් සඳහා භාවිත කළ හැකිය.ඒ ජන්මියාට මෙලොව උපදීමට අවස්ථාව සැළසූ පඞ්චාඤ්ගය ඔහුට හිත අර්ථ දායක වීම අනිවාර්යය බැවිනි.
මෙයට අමතරව සරස්වතී යෝගය උදාවන වේලාවක් අකුරු කියවීම සඳහා ඊළඟට ප්‍රශස්ථ බව සැළකිය යුතුය.
මෙයට අමතරව චන්ද්‍ර ග්‍රහණ අවස්ථාවක අකුරු කියවීම සඳහා ඉතාමත් ප්‍රශස්ථ බව අපගේ අත්දැකීම් අනුව යහපත් බව සැළකිය යුතුය.
අකුරු කියවීමේ දී නැකතක් සඳහා මේෂ, මිථුන, කටක, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු සහ මීන යන රාශි සුභ රාශි වශයෙන් ජ්‍යෝතිෂයේ දී අපට හමුවේ.
අස්විද, රෙහෙණ, මුවසිරස, අද, පුනාවස, මා, පුෂ, හත, සිත, විසා, අනුර, සුවණ, දෙනට, සියාවස, රේවතී, උතුරුපල්, උතුරුසල්, උතුරුපුටුප යන නැකැත් සුභ නැකැත් වශයෙන් හමුවේ.
පුර පක්ෂයේ 2, 3, 5, 10, 11, 13 යන තිථීන් අකුරු කියවීමේ දී සුභ තිථීන් වශයෙන් ලෙන්වාදිය හැකිය.
මූලිකව නැකැත සඳහා සොයාගන්නා වේලාවට සාදා ගනු ලබන තත්කාල කේන්ද්‍රෙය් 7 වැන්නේ සහ 8 වැන්නේ ග්‍රහයින් නොසිටිය යුතු අතර සෙනසුරු ග්‍රහයා 4 වැන්නේ ද අඟහරු ග්‍රහයා 2 වැන්නේ ද 6, 7, 12 යන භාවයන්හි ග්‍රහයින් තැන්පත්ව නොහිඳිය යුතුය.
විශේෂයෙන් සළකා බැලිය යුත්තක් ඇත. නැතක සඳහා භාවිත කරන වේලාවේ දී සූර්යයා සිටි නැකතේ සිට චන්ද්‍රයා තැන්පත්ව සිටි නැකතට ඇති දුර 8, 9, 10, 11, 12, 13, 17, 18, 19, 20, 21 සහ 22 වන නැකතක් වී නම් වඩාත් සුභ දායක බව සැළකිය යුතුය.
මෙකී කරුණු හෝරාභරණය, ඵලදීපිකාව, හා වරාහමිහිර යන කෘතීන්ට අනුව කරුණු ගොණුකර ඇති බව සැළකිය යුතුය.
මෙම කරුණු ජගන්නාථ හෝරා මෘදුකාංගයෙන් සොයාගන්නා ආකාරය ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
© M. M. Rohana Wasantha