Wednesday, July 25, 2012

විවාහය සහ පොරොන්දම් බැලීම

විවාහය සහ පොරොන්දම් බැලීම පිළිබඳව කේන්දර සිංහලෙන් පාඨකයෙකු අප සමග සිදු කරන ලද සාකච්ඡාවක්

Rachitha Bandara

1:13 AM

mata ita kalin deyak danaganeemata awashyaii, samanyen apita wiwahyedi hamuwanne giya athmaye api wiwaha unu ayamada? dan budurajanan wahanse ge pera athma walath maupiyan birinda ekama kena nedha??

Mama kyewwe Wisiporndam gana lipiya

ආයුර්වේදය newai

විසි පොරොන්දම්වල විද්‍යාත්මක පැතිකඩ


me

1:14 AM

නෑ ඔබ අහන දේ පැහැදිලියි. ජාතක පොත දහි බැලුවම ඒ අය වෙනස් චරිත විදියට හමුවුන අවස්ථා අපිට හමුවෙනව. නමුත් බෝධිසත්වයෙකු නියත විවරණ ලැබුවට පස්සෙ ඒ චරිත වෙනස් වෙන තත්වය අඩු වෙනව කියන එක තමයි කාරණය.


Rachitha Bandara

1:16 AM

oba tuma warthamanye paryeshana kara thiyanwadha?? samanyen wiwahawana ayta hamu wennee pera athmayedii oun wiwaha uu ayamada kyala...


me

1:16 AM

හැබැයි මම ඇහුවෙත් ඒ ලිපියම ගැන තමයි.


Rachitha Bandara

1:16 AM

eya kendarya balimen soyagath hakida?


me

1:17 AM

ඒකට වෙන උපකරණයක් අවශ්‍ය වෙනව. සාමාන්‍යයෙන් මෝහනය හෝ අඳුනක් ‍වගේ


Rachitha Bandara

1:20 AM


mama jeewithya saha grahayoo kyana potha kyewwa..hettigoda mahatmayagee.. eke thibunaa ekama Nakathi upan aya kendra balima awasya nathi bawak.. eth ekama naktha kyanne ekama DNA da? athhatama ekama nakathen upan aya kendara balanna uwamanawak nadda wiwahaweddi??


me

1:20 AM

නමුත් සියයට 85ක පමණ ප්‍රතිශතයක් කේන්දරයෙන් සොයාගත හැකි නමුත් නිවැරදිව හොයාගන්න අර වගේ දෙයක් අවශය වෙනව. නැතිනම් චුතූපපාද ඥානය වගේ සෘධිවිධ , දිබ්බසෝත, දිබ්බ චක්ඛු වගේ ඥාන උපදවාගත්ත කෙනෙක් සමග හිඳ කළ යුතු දෙයක්. අපිට නිවැරදිවම ඒ දෙය දැනගන්න නම් කේන්දරෙන් පුළුවන් වුවත් සහතික කරගන්න නම් අර වගේ ඥාන උපදවාගත්ත ගකනෙක් අවශ්‍යම වෙනව


Rachitha Bandara

1:21 AM

isthuuthii..

85% kyanne loku pramanyak


me

1:24 AM

අනිවාර්යයෙන්ම කේන්දර බැලිය යුතුයි. එකම නැකතක උපන් විට බොහෝ දේ ගැළපුනත් වෙනස් වෙනව.

ඩීඑන් ඒ කියන්නෙ නැකත නෙවෙයි. නැකතේ කියවෙන ඉතා ක්ෂුද්‍ර පැතිකඩක් පමණයි. නමුත් එතනදි පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණ තත්වයන් නිසා එකම ඩීඑන්ඒ වල ගැටලු මතුවන අවස්ථා තියෙනව


Rachitha Bandara

1:26 AM

godak issthuthi obe karunu walata...mama welawa labena hatiyata obe anek lipith kyawannam..widyathmakawa karunu pahadili kirima thulin joythishhya pilibandawa unanduwa wadiunaa..


me

1:28 AM

සාමාන්‍යයෙන් නැකත විදියට අපි දකින්නෙ චන්ද්‍රයා සිටි නැකතයි. චන්ද්‍රයා සිතේ නියෝජිතයා බැවින් චන්ද්‍රයා සිටි නැකතට අනුව කේන්දර සීහුම් බැලීම සාමාන්‍ය දෙයක් පොරොන්දම් බැලීමත් කරන්නෙ චන්ද්‍රයා සිටින නැකත අනුවයි. නමුත් කේන්දරේ චන්ද්‍රයා කිය‍න්නෙ 1/9යි.තව 8/9ක් තියෙනව. ඒ 8ත් බැලිය යුතුයි. අනිවාර්යයෙන්ම

ඉන්ද්‍ර, වරුණ, යම, යමගණ්ඨ, ගුලික, අර්ධප්‍රහරණ, ඉන්ද්‍රචාප ආදී තවත් කරැණු තිබෙන බව කියන්නත් ඕන


Rachitha Bandara

1:31 AM

mage kendrayth mage pemwathiyage kendryath baluwa joythishya weediya Gana porondama mage Raksha lesth ayage Manushya lesath sadhan kota idiriyen Dosha Banga lesa dakwaa Subha lesa dakwa thibenawa.. eheth obage lipiyee eya ඉතාම අශූභ lesa dakwa thibunaa..karunakara eya pahada diya hakidha?


me

1:37 AM

සාමාන්‍යයෙන් ෆ්‍රොයීඩියානු ප්‍රභේදකරණයට අනුව ඉඩ්, ඊගෝ, සහ සුපර්ඊගෝ යන තුන තමයි දේව,මනුෂ්‍ය සහ රාක්ෂ කියල කියන්නෙ. මානසික ස්ථර අවස්ථා තුනක්. ඒ අනුව ඒවායේ ගැළපීම මිනිසෙක් මිනිසෙක් සමගත්, දෙවියෙක් දෙවියෙක් සමගත් රකුසෙකු රකුසෙකු සමගත් එක් වූ විට එය සුන්දර තත්වයක්. නමුත් අපචාරමය තිරිසන් වින්දනාත්මක තත්වයන් කරා යොමු වීම රාක්ෂ ගණ අවස්තාවල දැකිය හැකි තතිවයක්

වෙන්නෙ වෙනස් වූ විටයි

මෙය එක් අතකින් මානසික තත්වය විග්‍රහ කර බැලීමේ මනෝ විශ්ලේශක ක්‍රමයක් වශයෙන් පොරොන්දම් පරීක්ෂාව පෙන්වා දිය හැකිය.


Rachitha Bandara

1:39 AM

Esenam eya dosha banga lesa dakwa athath yamkisi balapamak weemata ida athhda? ese dosha banga wana awastha thibenawada??


me

1:42 AM

එපමණක් නොවෙයි. බුදුහාමුදුරුවො කිව්වෙ මනෝපුබ්බංගමාධම්මා කියලනේ. ඒ අනුව බැලුවොත් මනස මූලිකවන සඳුගේ තත්වයන් නිවැරදිව විශ්ලේශනය කර බැලිය හැකි පොරොන්දම් පරීක්ෂාව අත්‍යාවශ්‍ය දෙයක් වශයෙන් පෙන්වා දිය හැකිය.

ඔව් තිබෙනවා.

දෝෂ භංග වීමට බලපාන කරුණු ජ්‍යෝතිෂයේ දී පෙන්වා තිබෙනවා.

දෙදෙනාගේ එක් වීම නිසා ඕරාව වෙනස් වන අතර ශක්ති චක්‍රවල වෙනස්කම් ඇතිවෙනවා. එසේම මොලයේ ඇතැම් ස්නායු ආවේග ඇතිවීමට බලපාන එන්සයිමවල වෙනස්කම් දෙදෙනාගේ එක්වීම නිසා ඇතිවීමට ඉඩ තිබෙනවා. හරියට රසායනික ද්‍රව්‍යයන් දෙකක් එක් වීමෙන් ඇතිවන ප්‍රතික්‍රියා තත්වයක් වගේ.

1:48 AM

ලිංගික සේවනය මගින් වැළඳිය හැකි මාරාන්තික රෝගතිබෙන්නාක් මෙන් යම් පුද්ගලයෙකුගේ කේන්දරෙන් පෙන්වා දෙන සුවිශේෂ හෝර්මෝන, එන්සයිම හා වෙනත් ද්‍රව්‍යයන් ද ශරීර ගත රෝගාබාධයන් ද අනුව ඒ දෙදෙනාගේ එක් වීමෙන් ඇතිවන දෝෂ සහිත තත්වයන් සේම දෝෂ භංග වන අවස්ථා ද පවතින බව කේන්දරයේ ග්‍රහ පිහිටීම් මගින් දැකගත හැකිය. මම ලිපියේ දී පෙන්වා තිබෙන්නේ රාක්ෂ සහ මනුෂ්‍ය ගණ දෙකේ නොගැළපීම යම් වෙනත් තත්වයක් නිසා වෙනස් වීමට ඉඩ නැති බවක් නොවේ.


© M. M. Rohana Wasantha

Sunday, July 8, 2012

එදා ඇත්තටම එහෙම උනාද ?

''සිංහල බ්ලොග් කියවනය'' බ්ලොග් සින්ඩිකේටරයක් වශයෙන් අපක්ෂපාතීව කලක් තිබූ නමුත් ඇතැම් විෂයධාරාවන්ට අදාළ බ්ලොග් ඉන් හිතුමතයේ ඉවත් කර තිබීම පෞද්ගලිකව මාගේ අසතුට මෙයින් ප්‍රකාශ කර සිටිමි. කේන්දර සිංහලෙන් බ්ලොගය බ්ලොග් රෝල්වලින් ද ඉවත් කර තිබීම හේතුවෙන් ඒ කෙරෙහි තිබූ ප්‍රසන්න චිත්තය අප්‍රසන්න වූ බව ප්‍රකාශ කළ යුතුය.

එම්. එම්. රෝහණ වසන්ත


දැන් ලිපියට පැමිණෙමු.

පුරුද්දට මෙන් සිංහල බ්ලොග් කියවනයේ සැරිසරනු ලැබූ අවස්ථාවක දුටු එක් බ්ලොග් ලිපියක් මෙසේ අරඹා තිබුනි.ඒ දුටු මා හට සිතුනේ එදා ඇත්තටම එහෙම උනාද යන කරුණයි. ඒ පිළිබබඳ ජ්‍යෝතිෂයෙන් විමසා බැලිය හැකි බව කල්පණාවට ඒමෙන් පසු මෙම ලිපිය ලිවීමට සිත්විය.

http://blogkasun.blogspot.com/2012/07/blog-post_08.html

පෘතුගීසි ලේඛකයා දුටු ලංකාවේ පළමු භූමිකම්පාව

copyright by lankadeepa.lk
සිංහල අලූත් අවුරුද්ද උදාවූයේ රටපුරා මහත් උනන්දුවකින් සහ උත්සවශ්‍රීයකිනි. එයට හේතු වූයේ වෙනදා නොවූ විරූ තරම් සරුසාර අස්වැන්නක් ලැබී ගම ගෙවල අටු කොටු පිරී ඉතිරී යාම නිසාය.
ඒ ක‍්‍රිස්තුවර්ෂ 1615 අපේ‍්‍රල් 14 වැනිදාය. පරංගි ආක‍්‍රමණයෙන් වසර 110 ක් ගිය තැන උදාවූ සිංහල අලූත් අවුරුදුදා පසුවී පසුදාට පහන් වූයේ ජනතාව තවමත් අවුරුදු ප‍්‍රීතිය භුක්ති විඳිමින් සිටියදීය. එහෙත් ඒ ප‍්‍රීතිය පැවතුනේ හෝරා කිහිපයකි. පසුදාට පහන්ව, හිරු උදාවන ඒ අසිරිය දැක ගැනීමට, විඳගැනීමට මේ බොහෝ දෙනෙකුට වාසනාව නොතිබුණ සේය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුම යුගයක් උදාකළ ඒ අපේ‍්‍රල් 14 වැනිදා සිදුවූ ඒ මහා ව්‍යසනය ගැන එදා මෙරට විසූ පෘතුගීසි ජාතිකයකු වූ ජෝර්ජ් රොඩි‍්‍රගස් නමැත්තා වර්ෂ 1616 දී පෘතුගාලයේ ලිස්බන් අගනුවරදී මුද්‍රණයකොට ඇති පිටු 4 කින් යුතු පත‍්‍රිකාවක සවිස්තර වාර්තාවක් වෙයි. ....
මෙදින මෙම වේලාවට ජගන්නාත හෝරා මෘදුකාංගය ඇසුරින් සකසන ලද කේන්ද්‍ර සටහන මෙසේ වූ බව පෙන්වා දිය හැකිය.
මේ අනුව එහි අංක කලා ප්‍රමාණයන් මෙසේ දැක්වා තිබුණි.
තුජ හිමි වෘශ්චික රාශිය උදාව පැවති අතර ලග්නයේ ගුරු ග්‍රහයා වක්‍රව සිටියේය. මේ අතර පස්වැන්නේ එනම් මීන රාශියෙහි ශනි හා රාහු ගමන් ගනිමින් සිටියේය. මේ අතරම කුජ ග්‍රහයා ජල රාශියක් වූ කටකයෙහි එනම් නමවැන්නේ බලවත්ව සිටියේය. මේ අතර සඳු ග්‍රහයා දොළොස්වැන්නට පිවිස රාහුගේ නැකතක ගමන් ගනිමින් සිටියේය.
මූල ත්‍රිකෝණය වශයෙන් සලකන 1,5,9 යන භාවයන්හි තැන්පත් යථෝක්ථ ග්‍රහ සංයෝග අනුව පොළවෙහි කම්පණයක් ඇතිවීමට තරම් ග්‍රහ බලයක් වර්ධනය වී තිබූ බව පැහැදිළිය.
ඉදිරි භූමි කම්පා දැක දැන ගැනීමට මෙය ද උදාහරණ කේන්ද්‍රයක් වශයෙන් පෙන්වාදිය හැකිය.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්