Monday, May 9, 2011

මිනිස් සිරුරේ විෂ හා අමෘත කලාව පිහිටන ක‍්‍රමය

ආයුර්වේද විෂ වෛද්‍ය ක‍්‍රමයේ දී සහ ආයුර්වේද රසායනික බෙහත් සෑදීමේ දී මෙන්ම ආයුර්වේද ප‍්‍රතිකාර දීමේ දී සහ ළදැරියන්ගේ කණ් විදීමේ දී විමසා සිටිය යුතු සහ සලකා බැලිය යුතු සඳුගේ කලාව පුද්ගල ශරීර ගතව පිහිටන ආකාරය හෙවත් විෂ කලාව සහ අමෘත කලාව පිහිටන ක‍්‍රමය දැන එම කාර්යයන් සිදු කළ යුතුය.

මෙම කලාව පිහිටන ක‍්‍රමය අනුව දැන අංගම් ශාස්ත‍්‍රකරුවන් සිය ආත්මාරක්‍ෂක සටන්වල දී පහර එල්ල කිරීමත්, සර්ප විෂ ශරීර ගත වූ විට දී ඒ සුව කිරීමට හැකියාව පවතීද නැද්ද යන්න විමසා බැලීම සඳහාත්, ආයුර්වේද රසායන තර්පණවල දී ඒ ඒ තර්පණ සිදු කිරීමත්, ඇස අඳුන් ගැල්වීමත්,  චීන කටු චිකිත්සා දී කටයුතුවල දීත් අතීත ලක් වැසියන් කටයුතු කළ බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

වර්තමානයේ සිදු කෙරෙන සීසර් ශලකර්ම සිදු කිරීම සඳහා නැකැත් වේලාවන් ශුද්ධ කිරීමේ දීත්  ඕනෑම ශල්‍ය කර්මයක් සඳහා වේලාවක් නියම කර ගැනීමේ දීත් ශල්‍ය කර්මය කිරීමට නියමිත ශරීරාවයව ඡෙදන කළ යුතු හා නොකළ යුතු වේලාවන් මෙම කලලාව පිහිටන ක‍්‍රමය අනුව වැළඳී ඇති රෝගාබාධය සුව වේද නැතිනම් උග‍්‍රවේද යන්න තීරණය කළ හැකිය.

මෙම කලාව පිහිටන ක‍්‍රමය යනු සඳුගේ හා හිරුගේ දුරස්තරභාවය මත ගණනය කරනු ලබන තිථිය මත පදනම්ව ඒ ඒ තිථීන්හි දී පුද්ගල ශරීරයේ ආසාත්මිකභාවයන් වර්ධනය වීම සඳහා බලපාන ඍජු විශ්වීය සුභ සහ අසුභ කිරණ බලපානු ලබන කාලයක් වශයෙන් පෙන්වාදිය හැකිය.



එම්. එම්. රෝහණ වසන්ත / 0714161082
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්