Thursday, October 28, 2010

Commented on නැකැත් පාගා යන ගමන යමු. ජය සතුට ගෙන යළි ගෙදර එමු





Wisdom for All said...

ඇත්තටම මේක චූල නක්‍ෂත‍්‍රයට වැටෙන එක් ක‍්‍රමයක් තමයි. "මේකේ තව ප්‍රශ්නයක් තිබෙනවා,එදිනට නියමිත සුභ කකුල(වම,දකුණ) මොකක්ද කියල හොයා ගන්න ක්‍රමයක් දාලා නැති එක." විශේෂයෙන් චූල නක්‍ෂත‍්‍රයේ දී මේක කරන ආකාරය වෙනම දක්වා තිබෙනව. ඔයා දක්වල තියෙන විදියට සතියේ දින හතට අනුව මහා නක්‍ෂත‍්‍රයේ දී ඔක්තේ දිනවල දකූණු පයත් ඉරට්ටේ දිනවල වම් පයත් තබා යන ගමන මෙයට යොදාගන්න බැහැ. මොක ද මේක චූල නක්‍ෂත‍්‍රයට වැටෙන නැකැත් සාදාගන්නා ක‍්‍රමයක් නිසා. චූල නක්‍ෂත‍්‍රයට අනුව සතියේ දිනට අනුභවයට සුදුසු අහරක් ගෙන තමන්ගේ වම් සහ දකුණු නාස්පුටයන්ගෙන් වඩාත් හොඳින් හුස්ම වැටෙන පැත්තේ පය පෙරට තබා ගමන් ආරම්භය සුභ බව සළකන්න.චූල නක්‍ෂත‍්‍රයට අනුව සතියේ දිනට අනුභවයට සුදුසු ාහාර වර්ග මොනවාද යන්න පිළිබඳව සැළකීමේ දී දවසේ පාලනය භාර ග‍්‍රහදේවතාවාට සුදුසු ආහාරය ගත යුතු බව සිහිපත් කළ යුතුය.

එම්. එම්. රෝහණ වසන්ත 0714161082


© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්