KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Saturday, March 2, 2024
ද්වාදස සූර්යාදිත්ය නාම
Monday, September 18, 2023
Friday, April 7, 2023
නක්ඛත්ත ජාතකය හා ජ්‍යෝතිෂය අව භාවිතය
Tuesday, March 28, 2023
ආරූඪ ලග්නය සහ එයින් කියැවෙන ග්‍රහ පිහිටීම්!
ලග්න පාදයෙන් 11 වැන්නේ ග්‍රහයකු හෝ ග්‍රහයෙක් විසින් ග්‍රහණය කර ගෙන සිටීමෙන් ධනය ප්රදානය කරයි. ග්‍රහයා ශුභ නම් ධනය ලැබෙන්නේ ප්රශ්නකාරී මාර්ගයකින් නොවේ. එනම් ශීලයෙනි.ආරූඪ ලග්නයෙන් 7 වැන්නේ හෝ 2 වැන්නේ තැන්පත් වූ බ්‍රහස්පති, සිකුරු හෝ බුධ ධනය ලබා දෙයි.
ආරූඪ ලග්නයෙන් 7 වැන්නේ හෝ 2 වැන්නේ සිටින උච්ච ග්‍රහයන් පුද්ගලයා ප්‍රසිද්ධියට පත් කරයි.
ආරූඪ ලග්නයෙන් 12 වැන්නේ ග්‍රහයින් 1ක් හෝ වැඩි ගණනකින් දෘෂ්ටිගත වී ඇත්නම් එම පුද්ගලයා විශාල මුදලක් වැය කරයි.
ආරූඪ ලග්නයෙන් 2 වැනි භාවයේ සඳු, සිකුරු හෝ බ්‍රහස්පති තැන්පත්වුවහොත් එම පුද්ගලයා ධනවත් වෙයි.
ආරූඪ ලග්නයෙන් 7 වැන්නේ හෝ 12 වැන්නේ සිටින රාහු පුද්ගලයා ඉතා අධ්‍යාත්මික කරයි.
ආරූඪ ලග්නයේ සිටින බුධ පුද්ගලයාට බලය ලබා දෙයි, ආරූඪ ලග්නයේ සිටින බ්‍රහස්පති අතිශයින් දැනුමැති අයෙකු පෙන්වයි, ආරූඪ ලග්නයේ සිටින සිකුරු කාව්‍ය හැකියාවන් ගෙන එයි.
7 වැනි භාවයේ ආරූඪ පදය ලග්නයෙන් කේන්ද්‍ර (1, 4, 7, 10) හෝ ත්‍රිකෝණවල (1.5, 9) පිහිටා ඇත්නම් එම පුද්ගලයා ධනවත් වේ. ලග්නය සහ 7 වැනි භාවයේ ආරූඪ කෝණ හෝ කේන්ද්‍රයේ සිටී නම් අඹුසැමියන් අතර මිත්‍රත්වයක් ඇති වේ, ඔවුන් දුෂ්ටානය (6, 8, 12) නම් සබඳතාවලට බාධා ඇති විය හැකියSunday, July 11, 2021
පලාඵල කථනයට දශාඵල රහස් ෴ book review By Senior Lecturer Piyananda Rupasinghe
හම්බන්තොට දිස්ත්‍රික් ජ්‍යෝතිර්වේදීන්ගේ සංගමයෙහි ගරු උපදේශක
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය
එම්. එම්. රෝහණ වසන්ත මහතා
අභිනවයෙන් රචිත
පලාඵල කථනයට දශාඵල රහස්
නමැති කෘතිය වෛදික ජ්‍යෝතිෂ ශාස්ත්‍රය තුළ මෙතෙක් හෙළ බසින් දශා ඵල සම්බන්ධයෙන් ලියැවී ඇති කෘතීන් අතර පෙරමුණේ තැබිය හැකි ග්රන්ථයකි.
පරාශර මහ ඍෂිතුමන් මහා බ්‍රහ්මයා වෙතින් ලද ජ්‍යෝතිෂ ශාස්ත්‍රය මෛත්‍රී බ්‍රාහ්මණ ශිෂ්‍ය හට ලබාදුන් අවස්ථාවේ දී කලියුගයට වඩාත් උපයෝගාත්මකව භාවිත කළ හැකි නක්ෂත්ර දශාවක් ලෙස විම්ශෝත්තරී දශාව හඳුන්වා දෙන ලදී. එකී දශාවේ විවිධ වූ ව්‍යතිරේක අනුව සඳුගේ පිහිටීමට අමතරව වෙනත් ස්ථානීය ලක්ෂයන් රැසක් ඇසුරින් විම්ශෝත්තරී දශාව ගණනය කරන බව පෙන්වා දෙන ලද අතර එහිලා පී. වී. ආර්. නරසිම්හ රාවෝ මහතා විසින් සකසන ලද "ජගන්නාථ හෝරා මෘදුකාංගය," තත් සංකීර්ණ හා සංවිධිත ගණනය කිරීම් සඳහා උපකාරක මෙහෙයක් සිදුකරයි. කතුවරයා තත් මෘදුකාංගය හැසිරවීම ගැන සිංහල බසින් කෘතියක් ද එළි දක්වා ඇත.
විම්ශෝත්තරී දශාවට අමතරව ග්‍රහ පිහිටීම්වල ආවස්ථික කොන්දේසි අනුව ගණනය කළ යුතු දශාක්රම රැසක් ද වෙනත් දශාක්රම සතළිහකට අධිකව ද ක්‍රියාත්මක වන නමුත් ඒවායේ භාවිතය සම්බන්ධයෙන් පවතින රීතීන් හා පොදුවේ භාවිත කළ හැකි රීතීන් සියයකට අධිකව පැහැදිළි කරමින් කතුවරයා මෙම ගත සකසා ඇත. මෙම ගත සම්පාදනයේ දී වෛදික ජ්‍යෝතිෂ විෂයෙහිලා රෝහණ වසන්ත මහතා දරණ ලද ව්‍යායාමය ප්‍රශංසනීය එකක් බව උදක් ම කිව යුතුය.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පියනන්ද රූපසිංහ උඩරට නර්තන අධ්‍යයනාංශය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව.
Popular Posts
-
https://drive.google.com/file/d/1YeXfgw3FN8pccph2EfLOOWH1gn7KFPnw/view?usp=drivesdk © M. M. Rohana Wasantha
-
පූජා කිරීමේ ප්‍රධාන පරමාර්ථය දේව ආකර්ෂණය සහ පවිත්‍රතාවය: වෛදික සම්ප්‍රදායට අනුව පූන නූල (Upavita / Yajnopavita) යනු උසස් ආත්මික පවිත්...
-
දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න කමෙන්ට් එකක්.
-
සම්පූර්ණ ඉදිරිපත් කිරීම නැරඹීමට පින්තූරය මත click කරන්න. © M. M. Rohana Wasantha
-
date Thu, Oct 15, 2009 at 7:48 PM 7:48 PM (14 hours ago) subject A question on horoscope Dear Sir, I highly value your http:/...
-
ජ්‍යෝතිර්විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා සියදිවි නසාගනු ලැබූ පුද්ගලයින් පිළිබඳ ඔබ දන්නවා නම් ඔබ කැමති නම් ඒ අය පිලිබඳ කෙටි විස්තරයක් ද සහිතව ඒ අ...
-
Wisdom for All said... සවුන්ඩ් හොරස්කෝප් පිළිබඳ තත්වානුරූපී විග්රහයකට ඉදිරිපත් වුන අප සහෘදයාට ස්තුති වන්ත වෙන අතර මෙහි පවතින විද්‍යා...
-
මෙම කෙටි වීඩියෝ ක්ලිපය සම්පූර්ණයෙන්ම සිදු කරන ලද බහිරව පූජාවක කොටසක් වන අතර මෙය වීඩියෝ ගත කරන ලද්දේ ඔස්ටේ්රලියාවේ ආදි වාසීන් පිළිබඳ අධ්...

