අළුත් ඇඳුමක් ... සහ අළුත් නවාතැනක් ...
දුක සැප බලල යන්න එන්න ... http://kendaralk.wordpress.com/
© M. M. Rohana Wasantha
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. Also providing the knowledge of Astrology to the general public. ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීම මූලික පරමාර්ථය වශයෙන් සලකන අප මෙම බ්ලොග් අඩවියේ විවිධ මාතෘකා ඔස්සේ ජ්‍යෝතිෂ කරුණු පිළිබඳව සාකච්චා කිරීමට අදහස් කරන්නෙමු. මේ අතර ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත ලබාදීමේ කටයුත්තට ද දායක වී සිටී...
Friday, November 12, 2010
අළුත් ඇඳුමක් ... සහ අළුත් නවාතැනක් ...
ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි.

පරිගණකයක් යනු ඉලෙක්ට්‍රොනිකව ක්‍රියාත්මක කරනු ලබන යන්ත්‍රයක් වශයෙන් හඳුන්වාදිය හැකිය. මෙම යන්ත්‍රය ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර තුනක ක්‍රියාත්මක වෙයි. එනම්, දෘඪාංග, මෘදුකාංග සහ සජීවී මැදිහත්කරුවකු වශයෙන් එය හසුරුවන්නා පෙන්වාදිය හැකිය.
x දෘඪාංග - පරිගණකයේ අතින් ඇල්ලිය හැකි උපාංග Hardware
x මෘදුකාංග - පරිගණකයේ ක්‍රියාකාරීත්වය Software
x සජීවී මැදිහත්කරු - එය හැසිරවීම Live-ware
මෙම ප්‍රධාන ක්ෂේත්‍ර තුනෙහි පළමු ක්ෂේත්රය වඩාත් පදනම් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එය ආදාන (Input), සැකසුම් (Processor) හා ප්‍රතිදාන (Output) වශයෙන් කොටස් තුනකින් යුතු වෙයි. මෙහි දී ආදාන ඒකකය දත්ත පරිගණකය වෙත ලාබදීමේ නැතහොත් ප්‍රවේශ කරවීමේ කාර්යයෙහි නියුතු වෙයි. සැකසුම් ඒකකය එම දත්ත විශේෂිත තර්කණ උපායයන් ඇසුරු කරගනිමින් සජීවී මැදිහත්කරු විසින් ලබාදෙන විධානයන් අනුව ක්‍රියාත්මක වෙයි. ප්‍රතිදාන ඒකකය මගින් එසේ සකසා ගනු ලබන දත්ත පදනම් තොරතුරු වශයෙන් නිෂ්පාදිතයන් ලෙසින් එළිදක්වයි.
පරිගණකයේ මෙම ආදාන ඒකකය විවිධ දත්ත පරිගණකය වෙත ප්‍රවේශ කරයි. ශ්‍රව්‍ය දත්ත නැතිනම් මිනිසාගේ ශ්රවනේන්ද්රිය මගින් ග්‍රහණය කළ හැකි දත්ත, දෘෂ්‍ය දත්ත නොහොත් මිනිස් ඇසින් ග්‍රහණය කරන වේදයිතය සහ මිනිස් මනසට ගෝචර වන ස්නායු ආව්ගi හෝර්මෝනමය විද්‍යුත් ධාරා සංඥා වශයෙන් පවතින සෑම දත්තයක් ම ආදාන ඒකකය මගින් පරිගණකයට යොමුකළ හැකිය. ඇතැම් විට මනසේ හෝර්මෝනමය විද්‍යුත් ධාරා සංඥාවන් කේතනය කළ හැකිii ද? යන පැණය ඔබට ඇතිවිය හැකිය.
ඇමරිකාවේ ෆෙඩරල් බුද්ධි අංශය මගින් අත්අඩංගුවට ගනු ලබන යම් සැකකරුවෙකු ප්‍රශ්න කිරීම සඳහා භාවිත කරන ප්‍රශ්න කිරීම් කුටිය ඇතුළතින් පිටත නොපෙනෙන වීදුරුවලින් ආවරණය කර ඇති එකකි. එහි පිටතින් සේවයෙහි නියුතු විශාල කණ්ඩායමක් වෙයි. එක් පුද්ගලයෙකු පමණක් ප්‍රශ්න කිරීම් සිදු කරන අතර තවත් පිරිසක් පරිගණයක් ආධාරයෙන් අධෝරක්ත කැමරා උපයෝග කර ගනිමින් ඔහුගේ හෝ ඇයගේ මොලයේ රසායනික ප්‍රතික්‍රියාවන් සැලකිල්ලට ගනිමින් ඒ අනුව ප‍්‍රක්ක්‍ෂේපිත දත්ත විශ්ලේශනය කිරීමෙන් ඔහු හෝ ඇය පවසන දෑ සත්‍ය තොරතුරු ද නැතිනම් අසත්‍ය තොරතුරු ද යන්න නිර්ණය කරනු ලබයි. මේ සමග අමුණා ඇති කෙටි වීඩියෝ ක්ලිපය නැරඹීමෙන් ඔබට එය සනාථ කර ගත හැකිය.
මෙම කෙටි වීඩියෝ ක්ලිපය ඔබට මනසේ හෝර්මෝනමය විද්‍යුත් ධාරා සංඥාවන් කේතනය කළ හැකි බව තේරුම් ගැනීමට කදිම නිදසුනකි.
ප්‍රධාන වශයෙන් පරිගණකයේ ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය විද්‍යුත් ධාරා සංඥා වශයෙන් ප්‍රධාන අවස්ථා දෙකකින් යුතුව ක්‍රියාත්මක වෙයි. ඒවා ඇත සහ නැත යන අවස්ථා දෙකෙහි පවතියි. මෙය, විද්‍යුත් ධාරා සංඥාව පැවතීම සහ බිඳවැටීම දක්වාලයි. පරිගණකයේ ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික උපාංගයන්ට තේරුම් ගත හැකි එකම භාෂාව මෙම මූලික අවස්ථා දෙකiii පමණක් බව සැලකිය යුතුය. නමුත් මෙම අවස්ථා දෙක උපයෝග කර ගනිමින් විවිධ තර්කණ උපායයන් මතින් ඔබ සජීවීව පරිගණක තිරය මත දකින සෑම අතුරු මුහුණතක්මiv නිමැවී ඇති බව උදක් සිහියට ගත යුතුය.
පරිගණක තිරය මත මැවෙන පික්සලයක්v නිමැවෙන තිතක් පවා විද්‍යුත් ධාරා සංඥාවන්හි ඇති ප්‍රධාන අවස්ථා දෙක අනුව ක්‍රියාත්මක වන බව පැහැදිළි කළ හැකිය.
පරිගණක භාෂාවක් යනු පරිගණකයට ආදාන දත්ත ප්‍රවේශ කරවීමේ දී යන්ත්‍ර භාෂාවvi වන 0 සහ 1 නැතිනම් විද්‍යුත් ධාරා සංඥාව බිඳවැටීම සහ පැවතීම යන කේතයන් දෙක බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය (Encode-කේතනය) මෙන්ම යන්ත්‍ර භාෂාමය යෙදුමක අර්ථය සාමාන්‍ය ව්‍යාවහාරික භාෂානුයුක්තව අරුත් ගැන්වීම (Decode -විකේතනය) සඳහා හැකියාව ඇති මූලෝපායික සංජානන, ඉගෙනුම් හා තර්කන සිද්ධාන්ත පද්ධතියක් වශයෙන් පෙන්වාදිය හැකිය.
පරිගණක මෘදුකාංග වශයෙන් ද මෙම පරිගණක භාෂාවන් ක්‍රියාත්මක වෙයි. විශේෂිත කාර්යයන් ඉටුකරගැනීම සඳහා වෙනමම නිර්මාණය කරන ලද යෙදවුම් මෘදුකාගvii නමින් ව්‍යවහාර කරනු ලබන මෘදුකාංග කොටසක් ද පරිගණක ආශ්‍රිතව ක්‍රියාත්මක වෙයි. සමස්ථ යන්ත්‍රය පද්ධතියක් වශයෙන් අන්‍යෝන්‍ය සබැඳියාවකින් යුතුව ක්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය හැසිරීමේ පිළිවෙල නිර්ණය කරන ලබන පද්ධති මෘදුකාංගviii නමින් ව්‍යවහාර කරන මෘදුකාංග කොටසක් ද පරිගණක ආශ්‍රිතව ක්‍රියාත්මක වෙයි.
-------------------------------
notes:
- මතු සම්බන්ධයි -

[i] Neuron Impulse
[ii] Encryption
[iii] Binary Code
[iv] Graphics
[v] Pixel
[vi] Machine Language
[vii] Application Software
[viii] System Software- මතු සම්බන්ධයි -
© M. M. Rohana Wasantha
Subscribe to:
Comments (Atom)
Popular Posts
-
Image Source [http://festivals.iloveindia.com/ganesh-chaturti/pics/lord-ganesh.jpg] Image Source [ https://encrypted-tb...
-
ගුරු ගෝරක්නාත්ගේ උපන්දිනය පෙබරවාරි 25 විශේෂ 4 මිනිස් දේශකයෙකුට වඩා, ශ්‍රී ගෝරක්ෂනාත් සාමාන්‍ය කාල නියමයන්ට එහා ගිය අවතාරයක් ලෙස සලකනු ලැබ...
-
පලාඵල කීමේ දී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු Ø විනායක නමස්කාරය Ø ඉෂ්ඨදේවතා, ධර්ම දේවතා, පාලන දේවතා, ගුරු දේව, සූර්ය, අග්නි...
-
පෘථිවිය පැතලි තැටියක් නොවන බව ඇරිස්ටෝටල් Aristotle හා ටොලමි tolamy විසින් ලොවට අනාවරණය කරන ලදී. පසුකාලීනව Nicolaus Copernicus සහ ගැලී...
-
47-48. සෘෂිවරුන් සූර්ය දෙවියන්ගේ අනන්‍යතාවය හෙළි කරන සාම, ඍග්- සහ යජුර් වේද ගීතිකා වලින් ඔහුව මහිමයට පත් කරන අතරේ ගාන්ධර්වයන් ද ඔහුගේ ප්‍රශං...
-
අප වෙසෙන පෘථිවියේ සිට බැලූ විට පෙනෙන සෞරග්‍රහ මණ්ඩලය ඇතුළු සමස්ථ විශ්වයේ රාශි තාරකා සහ නක්ෂත්ර තාරකා වන් සිතියම් ගත කර ඇති සම්මත ආකාරය ම...
-
අපේ ජ්‍යෝතීර්වේදීන්ට දොසක් කියනව එහෙම නෙවෙයි. මොකද උදව්වක් කරන්නයි බැලුවෙ. තරහ ගන්න ඕන නෑ ඕන් ඈ...ඈ... අපේ ලිත් ප්‍රකාශක මහත්වරුන්ටත් මම ...
-
(මෙම ලිපිය පහත දැක්වෙන අන්තර්ජාතික ධ්වනි චිකිත්සාව පිළිබද සගරාවේ පළ වූ ලිපියක සිංහල පිරිවර්තනයකි) ධ්වනි චිකිත්සාව යනු කුමක් ද? - සයිමන් ...
-
date Thu, Oct 15, 2009 at 7:48 PM 7:48 PM (14 hours ago) subject A question on horoscope Dear Sir, I highly value your http:/...