Tuesday, June 2, 2015

සිංහලෙන් හදන ජ්‍යෝතිෂ මෘදුකාංග

සිංහලෙන් හදන ජ්‍යෝතිෂ මෘදුකාංග වල තියෙන ගැටළුව මොකක්ද කියන ප්‍රශ්නය බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි. ඒක හොඳයි හදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නමුත් ගැටළුව තියෙන්නෙ එතන නෙමෙයි. ඒ මෘදුකාංගවල අපිට පෙන්නල දෙන්නෙ පැය ගාණක් තිස්සේ හෝ දින ගණනක් තිස්සේ හදන්න වෙන ගණිත කර්මයක් තත්පර ගණනකින් හදාගන්න උපකාර වෙන ක්‍රමයක් නම් ඉතා ප්‍රශස්ථයි. 

නමුත් කේන්දර පලාඵල පවසන ජ්‍යෝතිෂ මෘදුකාංගයකින් ජ්‍යෝතිර්වේදී ඔබේ ජොබ් එකට කෙළවෙන පොටක් පාදගන්න පුළුවන්. මොකද එක්ස්ෆර්ට් කොම්පියුටර් ඔපරේටර් කෙනෙකුට ජ්‍යෝතිර්වේදියෙකු වෙන්න ඉතා පහසුයි අර වගේ කේන්දර පලාඵල පවසන ජ්‍යෝතිෂ මෘදුකාංගයකින්. නමුත් මේක කිව්වම හිතන්න පුළුවන් ජොබ් එකට කෙළවෙන නිසා කියපු කතාවක් කියල. නෑ එහෙම කිසිම බියක් ඇති කරගෙන කියපු කථාවක් නොවෙයි. 

මොකද කේන්දර බලන මගේ කේන්දරේ මම නිතරම බලනව. මේක නොකරන අනුන්ගෙ කේන්දර පමණක් බලන කෙනෙකුට මේ කියමන අදාළ විය හැකිය. නමුත් ශාස්ත්‍රය නිවැරදිව දන්නා ජ්‍යෝතිර්වේදියෙකු නම් තමන්ගේ අය මාර්ගය කුමක් මත තීරණය වන්නේ ද හා තමාට විසඳීමට මේ මොහොතේ පැමිණෙන්නේ කවර පැණයක්ද ඒ කවරෙකු නිසා කුමන මාධ්‍යයක් හරහා ද යන්නත් දන්නා අයෙකි. 

ඉතින් දැන් තේරෙනවනේ ශාස්තරේට මොකද වෙන්නෙ කියල, 

මේ දෙකේ දි ම වෙන්නෙ තවත් ශාස්ත්‍රයට අහිතවත් කමක් ඇතිවන එකයි. ශාස්ත්‍රධාරීත්වය කියන්නෙ කුමක් ද යන්න වෙනම පැහැදිළි කළ යුතු කරුණකි. ඇත්තටම ශාස්ත්‍රයට අහිතක් ඇතිවෙන්නෙ පරිගණක දැනුම පමණක් ඇති අයෙකු යම් සිංහලෙන් ඇති පලාඵල ප්‍රින්ට්අවුට් එකක් ලබාදිය හැකි මෘදුකාංගයක් භාවිත කරන විට දී ජ්‍යෝතිර්වේදිය‍ාගේ දැනුම කොතැනක ස්ථාන ගත කරන්නේද? යන පැනයට පිළිතුරක් දිය නොහැකි වීමයි. 

අනෙක් කරුණ නම් තවමත් පරිගණකයට සිතීමේ හැකියාව නොමැතිවීමයි. අත් දැකීම් මත අන ලද විධානයන් ඇසුරු කරමින් මතකයේ ගබඩාගොට ඇති දත්ත සංකලනාත්මකව විග්‍රහයක් කර ප්‍රතිඵලයක් ලබාදීම පමණක් පරිගණකයට කළ හැකිය. නමුත් අත්දැකීම් මත ගොඩ නැගෙන අන්තර්ඥානයක් පරිගණකයට ගොඩනගාගැනීමේ හැකියාවක් නොමැත. 

අපේ සිංහලයාගේ පවතින තවත් නොහොබිනාම සිරිතක් ව පවතින්නේ අනුකරණයයි. මොකද එකෙකු තෝසේ කඩයක් දමාගත් විට අනෙකා ද එතැනින්ම තවත් කඩ කාමරයක් කුලියට ගෙන තවත් තෝසේ කඩයක් දමාගැනීමට උත්සාහ කිරීමය. මේ ක්‍රියාවෙදි දෙන්නටම කෙළවෙන බව දන්නේ නැත.

කේන්දර හදනවානම් කමක් නැත. කේන්දර පලාඵල පවසන ජ්‍යෝතිෂ මෘදුකාංග වගේම තවත් දෙයක් තමයි ශාන්තිකර්ම සිදුකරන ජ්‍යෝතිෂ මෘදුකාංගත් හෙට අනිද්දට සයිබර් අවකාසයට ඒවි ලද පස්මල්, කට්ටකුමංජල්, කපුරු පිනිදය ටිකත් එක්කම සොෆ්ට්වෙයාර් එකක දමල ඒවි.

© M. M. Rohana Wasantha

Friday, March 27, 2015

ශ්‍රී නාරද ගණේෂ යන්ත්‍රය

මෙම යන්ත්‍රය ශ්‍රී නාරද මුණි විසින් නිර්මිත එකක් වන අතර ළමයින්ගේ අධ්‍යාපන කටයුතුවලට ඇතිවන මන්දගාමී සිතිවිලි කම්මැලිකම් මගහැරවීම සඳහා භාවිත කළ හැකි එකකි.


මෙය භාවිත කිරීම සම්බන්ධව තොරතුරු දැන ගැනීමට අවශ්‍ය කෙනෙක් වේ නම් අමතන්න.

© M. M. Rohana Wasantha 0714161082

Thursday, March 26, 2015

ග්‍රහ අපල සඳහා ප්‍රායෝගික යාතුකර්ම මිණුම් දඩු

ජගන්නාථ හෝරා 7.66 වෛදික ජ්‍යෝතිර්විද්‍යා පරිගණක මෘදුකාංගය පිළිබඳව 
අප විසින් ඔබ වෙත පිරිණමන ලද
 DESTINY පරිගණක මෘදුකාංගය සහ විධාන සැකසුම SOURCE CODE : ජගන්නාථ හෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය නමැති කෘතිය පළ කිරීමෙන් අනතුරුව අප වෙත තවත් ප්‍රශ්නයක් යොමු විය.


‘ඔබ ජගන්නාථ හෝරා මෘදුකාංගය හැසිරවීම කෙසේ කළ යුතු ද යන්න පිළිබඳව සිංහල කියවන පාඨකයින්ට සිංහලෙන් කෘතියක් පල කළා. නමුත් එය තේරුම් ගැනීමට ජ්‍යෝතිර්විද්‍යාව පිළිබඳ දැනීමක් යම් පමණකට අවශ්‍ය වෙනවා. කෙසේ හෝ වේවා යමෙකු මෙම මෘදුකාංගය පරිහරණය කළා වුවත්, ඒ මගින් දැන ගන්නා ග්‍රහ දුබලතාවන්ට පිළියම් යෙදීම පිළිබඳ ශාස්ත්‍රීය කතිකාවේ යථාර්තවාදී භාවිතය කෙසේ සිදු කළ යුතු ද යන පැණයට විසඳුමක් දෙන්නේ කෙසේද?‘


මෙම පැණයට දිය හැකි එකම විසඳුම නම් ඒ පිළිබඳ තවත් කෘතියක් වෙනමම පළ කළ යුතු වීමයි. 

මේ පිළිබඳ නව දිල්ලියේ ජන්පත්හි, සාගර් ප්‍රකාශකයින් විසින් පළ කරන ලද ආචාර්ය එල්. ආර්. චෞද්රි මහතා විසින් රචනා කරන ලද Practical Remedial Measures (based On Astrology) නැමති කෘතිය සහ පී. ටී. සන්ජේ රාත් මහතා විසින් රචිත සහ Vedic Remedies in Astrology නමැති කෘතිය යන කෘති දෙක ඉතාමක් ප්‍රායෝගික හා ප්‍රශස්ථ මට්ටමේ පවතින කෘතීන් බව ප්‍රත්‍යක්ෂ වී ඇත.


ඒ අනුව එම කෘති දෙක ගුරුතන්හි තබා නවතම කෘතියක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට මෙසේ අදහස් කර ඇති බවත් අදාළ ප්‍රකාශකයින්ගේ අවසරය නිසි පරිදි ලබාගෙන එම කෘතිය නොබෝ දිනකින් කේන්දර සිංහලෙන් පාඨක ඔබ සුරතට පත්කිරීමේ අභිලාෂයෙන් පසුවන බව සොම්නසින් දන්වා සිටිමි.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්