KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Friday, April 18, 2014
විද්‍යාත්මක ජ්‍යෝතිෂය - එම්. එම්. රෝහණ වසන්ත
Labels:
Astrological Research Papers,
Kendara Sinhalen,
Sociological Astrology,
කේන්දර සිංහලෙන්,
සිංහල ලිපි
Friday, April 11, 2014
අවුරුදු නැකැත් හදන හැටි බලා ගන්න ... මුහුර්ථ චින්තාමනිය 3 පරිච්ඡේදය
ඉස්සර කාලේ අවුුරුදු නැකැත් සීට්ටුව ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් තමයි බලවගත්තෙ.
ගමට ගැළපෙන විදියටයි ඒ නැකැත් හැදුවෙ.
නමුත් දැන් කාලෙ වෙනස්.
මුළු ලංකාවම එකම වෙලාවකට තමයි වැඩ කරන්නෙ. ඒක බොහොම හොඳයි.
මෙවර ලිප ගිණි මොලවමු අපේම ක්‍රමයට...
මේක මම මගේ ගෙදර ලිප ගිණි මොලවන වෙලාවයි. (10.10ට) දිශාව නම් දකුණම තමයි.
ලංකාවෙ විවිධ තැන්වලට සූර්ය උදාවෙ තිබෙන වෙනස්කම් වත් සැළකිල්ලට ගත්තොත් මේ සුළු වෙනස්කම් ඇයි කියල තෙරෙනවනේ.
ඒ වෙලාවට ලග්නය කුබේරාම්ශ ගතවෙලා.
ඊළඟ අවුරුද්ද පුරාවට සල්ලි ටිකක් වැඩිපුර ලැබෙන විදියට ලිප ගිණි මොලවමු ද?
© M. M. Rohana Wasantha
ගමට ගැළපෙන විදියටයි ඒ නැකැත් හැදුවෙ.
නමුත් දැන් කාලෙ වෙනස්.
මුළු ලංකාවම එකම වෙලාවකට තමයි වැඩ කරන්නෙ. ඒක බොහොම හොඳයි.
මෙවර ලිප ගිණි මොලවමු අපේම ක්‍රමයට...
මේක මම මගේ ගෙදර ලිප ගිණි මොලවන වෙලාවයි. (10.10ට) දිශාව නම් දකුණම තමයි.
ලංකාවෙ විවිධ තැන්වලට සූර්ය උදාවෙ තිබෙන වෙනස්කම් වත් සැළකිල්ලට ගත්තොත් මේ සුළු වෙනස්කම් ඇයි කියල තෙරෙනවනේ.
ඒ වෙලාවට ලග්නය කුබේරාම්ශ ගතවෙලා.
ඊළඟ අවුරුද්ද පුරාවට සල්ලි ටිකක් වැඩිපුර ලැබෙන විදියට ලිප ගිණි මොලවමු ද?
© M. M. Rohana Wasantha
Labels:
2014 අලුත් අවුරුදු චාරිත්‍ර,
Astrological Research Papers,
Kendara Sinhalen,
කේන්දර සිංහලෙන්
Wednesday, March 12, 2014
මුහුර්ථ සාධනයේ දී සොයා බැලිය යුතු ග්‍රහ බලය
මුහුර්ථ සාධනයේ දී සොයා බැලිය යුතු ග්‍රහ බලය[1]
රාශි චක්‍රය සේම වර්ග චක්‍රයන්හි බලවත් භාවය ද මුහුර්ථ සාධනයේ දී විමසා
බැලිය යුතු කරුණක් වශයෙන් පෙන්වා දෙනු කැමැත්තෙමි. උදාහරණයක් වශයෙන් නව රැකියාවක්
සඳහා සම්බන්ධ වීමේ දී දසාම්ශයේ (D-10) ලග්නය, 6වැන්න සහ 10 වන භාවය බලවත්ව තිබිය යුතුය. යම් ළදරුවෙකුගේ අධ්‍යාපනාදී
කටයුතු ඇරඹීමේ දී රාශි චක්‍රෙයහි මෙන්ම සිද්ධාම්ශයේ (D-24) ද 1,2,4,5 යන ස්ථාන බලවත්ව තිබිය යුතුය. අළුත් වාහනයක් මිලදී ගැනීමේ දී රාශි
චක්‍රයෙහි මෙන්ම ෂෝඩෂාම්ශයෙහි (D-16) ද 1, 4
සහ ආරූඪ සිව්වන පාදය (A4) බලවත් විය යතුය.
අළුත් නිවසකට ප්‍රවේශ වීමේ දී
ලග්නයේ සිට සහ සිකුරුගේ සිට 1 සහ 4 වන භාවය රාශි චක්‍රයේ මෙන්ම චතුර්තාම්ශයේ (D-4) දී ද බලවත් විය යුතුය. දේපල මිලදී ගැනීමක දී ලග්නයේ සිට සහ කුජගේ සිට 1
සහ 4 වන භාවය රාශි චක්‍රයේ මෙන්ම චතුර්තාම්ශයේ (D-4) දී ද බලවත් විය යුතුය.
ආරම්භ කරනා වැඩෙහි සාධනීයත්වය කාලානුරූපීව වර්ධනීය තත්වය මැණ
බැලීම සඳහා භාවිත කරන මුහුර්ථයෙහි ආදාන කේන්ද්‍රයට අදාළ විම්ශෝත්තරී දශාව භාවිත කළ
හැකි වෙයි. යම් කාර්යයක් සඳහා භාවිත කරන ලද මුහුර්ථයක කාලය මැනීමේ දී අදාළ කාර්යයට
අනුරූප කාලය (එම වැඩය නිම කිරීම සඳහා ගත වන කාලය) නිශ්චිතවම දන්නේ නම් එම කාලයට
අනුව විම්ශෝත්තරී දශාව හකුළුවා ගණනය කළ හැකිය. විම්ශෝත්තරී දශාව හකුළුවා ගණනය
කිරීමේ ක්‍රමවේදය පිළිබඳව Narasimha Rao, P.V.R. (2000), Vedic Astrology:
An Integrated Approach, 35.4
Mundane Astrology, p.464 හි අර්ථ දක්වා ඇත.
යම් කාර්යයක් යම් මුහුර්ථයක දී ආරම්භ කළේ නම් ඊට අනුරූපී සාර්ථකත්වය හෝ
අසාර්ථකත්වය මැණ බැලීම සඳහා කාල රාමුව ගණනය කිරීම සම්බන්ධව නිශ්චිත කාල වකවානුවක්
දීම අපහසුය. අපට විම්ශෝත්තරී දශාව අවුරුදු 120කට මැණ බැලිය හැකිය. අමතරව, ග්‍රහ බලය
මත එම මුහුර්ථයේ විම්ශෝත්තරී දශාවට අනුව ගණනය කරමින් පළමු දශාවෙහි තත්වය ආදාන ග්‍රහ
චක්‍රයේ ඵලදායී ග්‍රහයාගේ තත්වය මත පිහිටා තහවුරු කර ගත යුතු වෙයි. මුහුර්ථයේ
බලපෑම මාස කිහිපයකට හෝ වර්ෂ කිහිපයකට බලපාන්නේ නම් දිගු ගමනක් යාම සඳහා අදාළ
මුර්ථයේ ආදාන ලග්න සටහනෙහි ග්‍රහ බලය වඩාත් බලපෑම් සහගත වනු ඇත. විම්ශෝත්තරී දශා
ක්‍රමයට අනුව පළමු දශාව ඉතා වැදගත් වනු ඇත. උදාහරණයක් වශයෙන් ගනු ලැබූ මුහුර්ථ ග්‍රහ
සටහනක රාශි චක්‍රය යහපත් රාශියකට අනුව සලකා බලනු ලෑබූ විටෙක දී එමු මුහුර්ථය නව
රැකියාවකට සම්බන්ධ වීම සඳහා භාවිත කළේ නම් එම රාශි සටහනේ දශාම්ශයේ (D-10) අටවැන්නාධිපතිට පළමු දශාව හිමිවූවහොත් ඔහුට හෝ ඇයට අසුභ ඵල එම රැකියාවේ
මුල් කාලය තුළ අත්විඳීමට සිදුවනු ඇත.
[1]
Narasimha Rao, P.V.R. (2000), Vedic Astrology: An
Integrated Approach,
36.4 Planetary Strength, p.475
Labels:
Kendara Sinhalen,
Muhurtha,
Theory of Astrology,
Wisdom for All,
කේන්දර සිංහලෙන්,
සිංහල ලිපි
Tuesday, March 4, 2014
වන්දනා මාන කිරීම සඳහා දෙවියන් පණ පිහිටුවන්නේ මේ තිථිවලිනුයි...
Labels:
Kendara Sinhalen,
Muhurtha,
කේන්දර සිංහලෙන්,
සිංහල ලිපි
Monday, March 3, 2014
වහා මැරෙන යෝගයක්
© M. M. Rohana Wasantha
Labels:
Kendara Sinhalen,
Muhurtha,
neketh,
Theory of Astrology,
Wisdom for All,
කේන්දර සිංහලෙන්,
නැකැත්,
මුහුර්ථ
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
https://drive.google.com/file/d/1YeXfgw3FN8pccph2EfLOOWH1gn7KFPnw/view?usp=drivesdk © M. M. Rohana Wasantha
-
පූජා කිරීමේ ප්‍රධාන පරමාර්ථය දේව ආකර්ෂණය සහ පවිත්‍රතාවය: වෛදික සම්ප්‍රදායට අනුව පූන නූල (Upavita / Yajnopavita) යනු උසස් ආත්මික පවිත්...
-
දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න කමෙන්ට් එකක්.
-
සම්පූර්ණ ඉදිරිපත් කිරීම නැරඹීමට පින්තූරය මත click කරන්න. © M. M. Rohana Wasantha
-
date Thu, Oct 15, 2009 at 7:48 PM 7:48 PM (14 hours ago) subject A question on horoscope Dear Sir, I highly value your http:/...
-
ජ්‍යෝතිර්විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා සියදිවි නසාගනු ලැබූ පුද්ගලයින් පිළිබඳ ඔබ දන්නවා නම් ඔබ කැමති නම් ඒ අය පිලිබඳ කෙටි විස්තරයක් ද සහිතව ඒ අ...
-
Wisdom for All said... සවුන්ඩ් හොරස්කෝප් පිළිබඳ තත්වානුරූපී විග්රහයකට ඉදිරිපත් වුන අප සහෘදයාට ස්තුති වන්ත වෙන අතර මෙහි පවතින විද්‍යා...
-
මෙම කෙටි වීඩියෝ ක්ලිපය සම්පූර්ණයෙන්ම සිදු කරන ලද බහිරව පූජාවක කොටසක් වන අතර මෙය වීඩියෝ ගත කරන ලද්දේ ඔස්ටේ්රලියාවේ ආදි වාසීන් පිළිබඳ අධ්...
