© M. M. Rohana Wasantha
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Monday, March 3, 2014
වහා මැරෙන යෝගයක්
© M. M. Rohana Wasantha
Labels:
Kendara Sinhalen,
Muhurtha,
neketh,
Theory of Astrology,
Wisdom for All,
කේන්දර සිංහලෙන්,
නැකැත්,
මුහුර්ථ
Sunday, January 12, 2014
භාව ආරූඪ භාවිතය
ද්‍රව්‍යාත්මක ලෝකයේ මායාව ආරූඪ පාද මගින්
දැකගත හැතිය. යම් භාවයක ආරූඪ පාදය එම භාවය නියෝජනය කරන දැයෙහි මායාව දැකගත හැකිය.
උදාහරණයක් වශයෙන් යම් පුද්ගලයෙකුගේ ආත්මීය
තලය හා පුද්ගල පෞරුෂය පළමුවන භාවය නියෝජනය කරයි. එසේම ලග්නයෙන් (Lg) පළමු භාවය ඔහුගේ හෝ ඇයගේ සැබෑ ආත්මීය තලය
හා සැබෑ පුද්ගල පෞරුෂය විදහා පාන අතර එහි ආරූඩය (AL) ඔහුගේ හෝ ඇයගේ ආත්මීය තලයෙහි මායාව හා
පුද්ගල පෞරුෂයෙහි මායාව නියෝජනය කරයි. එය ද්‍රව්‍යාත්මක බාහිර සමාජය ඔහු හෝ ඇය
දකින්නේ කෙසේද යන්න හෙවත් ඔහුගේ හෝ ඇයගේ තත්වයෙහි (status) සමාජ දැක්ම පෙන්නුම් කරයි.
ෂෝඩශාම්ෂයෙහි (D-16) සිව්වන භාවය වාහන
හිමිකාරීත්වය මගින් යමෙකු ලබන සතුට දැකගත
හැකිය. යමෙකු Bajaj Pulser වර්ගයේ මෝටර් සයිකලයක
හිමිකාරීත්වය මගින් සතුටට පත්වනවා විය හැකිය. නැතිනම් Mercedes Benz වර්ගයේ කාර් තුන
හතරක හිමිකාරීත්වය ඇත්තෙකු ඒ පිළිබඳ අසතුටින් පසුවන අතර තවත් හොඳ වර්ගයේ වාහනයක්
ලබාගැනීමේ සිහිනයක පසුවිය හැකිය.
අයිතිය ඇති “වාහනයේ
වර්ගය” වාහනයක්
මගින් ලබන සත්‍ය සතුට හා වින්දනයෙන් වෙනස් වෙයි. මෙය ද්‍රව්‍යාත්මක ලෝකයෙහි
වාහනයක් මගින් ලබන සතුට හා වින්දනයෙහි මායාව වෙයි. එය සිව්වන ආරූඪ පාදයෙන් විස්තර වෙයි.
සෞම්‍ය ග්‍රහයෙකුගෙන් ෂෝඩශාම්ෂයෙහි දී
සිව්වැන්න පෙන්නුම් කරන්නේ ඔහුගේ වාහනයෙන් හෝ වාහනවලින් ඔහු ලබන සතුටයි. නමුත්
ෂෝඩශාම්ෂයෙහි ආරූඪ සිවුවන භාවය පෙන්නුම් කරන්නේ ලෝකයා විසින් ඔහු ලබන්නේ යැයි සිතන
ඔහුගේ වාහනයෙන් හෝ වාහනවලින් ඔහු ලබන සතුටයි. එසේම මායාව තුළ දැකිය හැකි ව්‍යුත්පන්න
යථාර්ථය ෂෝඩශාම්ෂයෙහි ආරූඪ සිවුවන භාවයට (A4 in D-16) ලැබෙන ග්‍රහ බලපෑම
මත දැකගත හැකිවන්නේය. යමෙකුගේ ජන්ම කේන්ද්‍ර සටහනේ ෂෝඩශාම්ෂයෙහි ආරූඪ සිවුවන
භාවයෙහි (A4 in D-16) තැන්පත්
සිකුරු ග්‍රහයා තමාගේම රාශියෙහි සිටිනා විට දී ෂෝඩශාම්ෂයෙහි සිව්වැන්නේ (4Hs in D-16) සෙනසුරු ග්‍රහයා
තැන්පත් වූ විට දී සුඛෝපභෝගී වාහනයක හිමිකාරීත්වය ලබයි. එවිට ඔහු සුඛෝපභෝගී
වාහනයක් නිසා ලැබෙන ගරුත්වයකින් යුතු පුද්ගලයෙකු ලෙස ලෝකයා විසින් සංවේදනය කරනු
ඇත. ඇත්තෙන්ම ඔහු ඉන් සතුටට පත්වන්නේ නොවෙයි. යමෙකුගේ ෂෝඩශාම්ෂයෙහි ආරූඪ සිවුවන භාවයෙහි (A4 in D-16) සෙනසුරු තැන්පත්ව
හිඳිනා විට දී සිකුරු සහ ගුරු ග්‍රහයා ෂෝඩශාම්ෂයෙහි
සිව්වැන්නේ තැන්පත්ව හිඳින්නේ නම් කුඩා වාහනයක හිමිකාරීත්වය ලබයි. එවිට සුඛෝපභෝගී වාහනයක් නිසා ලැබෙන ගරුත්වයකින් යුතු පුද්ගලයෙකු ලෙස ලෝකයා
විසින් සංවේදනය කරන්නේ නැති මුත් ඉන් ඔහු තෘප්තිමත්ව හිඳියි.
ඉහත පෙන්වා දුන් පරිදි වාහන මගින් ලබන
තෘප්තිමත්භාවය ෂෝඩශාම්ෂයෙහි සිව්වැන්න මගින් පෙන්නුම් කරයි. එයාකාරයට ම සිද්ධාම්ෂයෙහි
(D-24) සිව්වැන්න
ඉගෙනීම හා අධ්‍යාපනය පිළිබඳ තොරතුරු විමසිය හැකිය. මේ අතර සිද්ධාම්ෂයෙහි (D-24) ආරූඪ සිව්වැන්න (A4) ඉගෙනීම පිළිබඳ මායාව හෙවත් ලෝකයා යමෙකුගේ
අධ්‍යාපනය සංවේදනය කරනු ලබන අයුරු දැකගත හැකිය.
කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසලෙහි හෝ
මාළඹේ පරිගණක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුවෙකුගේ පරිගණක විද්‍යාව පිළිබඳ
දැනුම හා රුහුණු විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ පරිගණක විෂය හදාරන ලද සිසුවෙකුගේ
පරිගණක විද්‍යාව පිළිබඳ දැනුම පිළිබඳ බාහිර සමාජයේ සංවේදනයෙහි ඇතිවිය හැකි වෙනස
මෙහිදී උදාහරණයක් වශයෙන් පෙන්වා දිය හැකිය.
සිද්ධාම්ෂයෙහි (D-24) ආරූඪ සිව්වැන්න (A4) යමෙකුගේ පාසල, විශ්වවිද්‍යාලය
හෝ ඉගෙනුම් පරිසරය පැහැදිළි කරයි. සාමාන්‍යයෙන් එය යමෙකුගේ ඉගෙනීම පිළිබඳව ලෝකයාගේ
සංජානනය විදහා පානු ලබයි. මේ ආකාරයටම දශාම්ෂයෙහි (D-10) ආරූඪ දසවන පාදය (A10) යමෙකුගේ කර්මය හෙවත් වෘත්තීය ජීවිතයෙහි
මායාව දැකගත හැකි ස්ථානයක් ලෙස පෙන්වාදිය හැකිය. යමෙකුගේ වෘත්තීය ජීවිතයෙහි ඔහු හෝ
ඇය සේවය කරන සේවා ස්ථානය හා සේවා පරිසරය මත ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය තත්වය පිළිබඳ
ලෝකයා විසින් දකින චිත්‍රය තීරණය වෙයි. යමෙකුගේ සේවා ස්ථානය හා සේවා පරිසරය
දශාම්ෂයෙහි (D-10)
ආරූඪ දසවන පාදය (A10)
මගින් දැකගත හැකිය. යමෙකුගේ දශාම්ෂයෙහි (D-10) ආරූඪ දසවන පාදයෙහි (A10) අඟහරු හෙවත් කුජ තැන්පත්ව හිඳින්නේ නම්
විවිධ තැන්වල කටයුතු කරන ඉංජිනේරු සමාගමක සේවය කරන්නෙකු ලෙස කටයුතු කරන්නෙක් දැකගත හැකිය. එසේම යමෙකුගේ දශාම්ෂයෙහි (D-10) ආරූඪ දසවන පාදයෙහි (A10) ගුරු ග්‍රහයා තැන්පත්ව හිඳියි නම්
විශ්වවිද්‍යාලයක,
උසස් පාඨශාලාවක, පූජනීයස්ථානයක හෝ
උසාවියක හෝ හෙතෙම සේවය කරයි.
ජ්‍යෝතිර්විද්‍යාවේ දී වැදගත් ආරූඪ පාදයක්
ලෙස දොළොස්වන ආරූඪ පාදය හෙවත් උපපාද ලග්නය (UL) හැඳින්විය හැකිය. මෙය යමෙකුගේ විවාහය හා සහකරු හෝ සහකාරිය පෙන්නුම් කරයි. උපපාද ලග්නයෙහි (UL) තැන්පත් ග්‍රහයින්
කරණ කොට කවර ආකාරයේ විවාහයක් සිදුවන්නේ ද යන්න
සහ කවර ආකාරයේ සහකරුවෙකු හෝ සහකාරියක හෝ ලබන්නේ ද යන්න පැහැදිළි කරගත හැකිය.
උදාහරණයක් වශයෙන් උපපාද ලග්නයෙහි (UL) බුධ ග්‍රහයා තැන්පත්
වූ විට දී බුධගේ තත්වය හෙවත් බල දුබලතා අනුව යහපත් හෝ අයහපත් ප්‍රතිඵල නේවිය
හැකිය. එහි දී යහපත් තත්වයක් යටතේ බුද්ධිමත් සහකරුවෙකු හෝ සහකාරියක ලැබිය හැකි අතර
අයහපත් තත්වයක් යටතේ බුද්ධිමත් සහකරුවෙකු හෝ සහකාරියක ලැබිය හැකි තීරණයක්
ගත නොහැකි පෞරුෂ තත්වයකින් යුතු සහකරුවෙකු හෝ සහකාරියක ලැබිය හැකිය. උපපාද
ලග්නයෙහි (UL) කේතු ග්‍රහයා වූ විට
දී යහපත් තත්වයක් යටතේ ආධ්‍යාත්මික මට්ටමේ සහකරුවෙකු හෝ සහකාරියක ලැබිය හැකිය.
නමුත් උපපාද ලග්නයෙහි (UL) කේතු ග්‍රහයා අයහපත් තත්වයක් යටතේ සුළු දෙයින් පවා කිපෙන ගති ඇති
සහකරුවෙකු හෝ සහකාරියක ලැබිය හැකිය. උපපාද ලග්නයෙහි (UL) රවි ග්‍රහයා ඉතා ප්‍රසන්න
ගින්දර මෙන් චාම් ගති ඇති වැදගත් පවුලක අධිකාරී ආධිපත්‍යයක් තමන් වෙත පතුරුවන
සහකරුවෙකු හෝ සහකාරියක ලැබිය හැකිය. එහි කුජ ග්‍රහයා වූ විට දී දැඩි එඩි ඇති ප්‍රතාපවත්
සහකරුවෙකු හෝ සහකාරියක ලැබිය හැකිය. නමුත් නිතර කිපෙන ගති ඇති වන්නේ
කුජ අයහපත් තත්වයක් යටතේ තැන්පත් වූ විටය.
උපපාද ලග්නයෙන් (UL) 8වැන්න විවාහයේ
ආයුෂය පෙන්නුම් කරයි. එසේම උපපාද ලග්නයෙන් (UL) 2 සහ 7 වන භාවයන් විවාහයේ
අවසානය පෙන්නුම් කරයි. කුජ, ශනි, රාහු වැනි කෘෘර ග්‍රහයෙකු යටතේ මෙම තත්වය විවාහයේ ගැටුම් ඇති කිරීමට
මෙන්ම දික්කසාද වීමට පවා තත්වයන් ඇතිකරන බව දැකගත හැකිය.
විවාහ සහකරුගේ හෝ සහකාරියගේ ස්වභාවය හා
විවාහයේ ආයුෂය යනු පැහැදිළි වෙනස් කරුණු දෙකකි. කුජ හා ශනි උපපාද ලග්නයේ (UL)තැන්පත්ව හිඳිනා විට දී ගුරු ග්‍රහයා උපපාද
ලග්නයෙන් (UL) 8වැන්නේ තැන්පත් වූ
විට ගැටුම් හා කරදර මැදින් ගමන් කරනා දිගු විවාහ ජීවිතයකට හිමිකම් කියනු ලබයි.
නමුත් උපපාද ලග්නයේ (UL)තැන්පත්ව
සිටියේ ගුරු ග්‍රහයා වුවත් උපපාද ලග්නයෙන් (UL) 8වැන්නේ කුජ හා ශනි තැන්පත් වුවහොත් උසස් උත්තම බිරිඳක් ලැබුනේ වුවත්
දික්කසාදයෙන් විවාහය කෙළවර වීමට එය හේතුවක් වනු ඇත.
- මතු
සම්බන්ධයි -
Labels:
Jagannatha Hora,
Kendara Sinhalen,
Research Papers,
Theory of Astrology,
Wisdom for All,
කේන්දර සිංහලෙන්,
සිංහල ලිපි
ආරූඪ ලග්න භාවිතය
යම් ජන්මියෙකුගේ ලග්න (Lg) භාවය ප්‍රකෘතිය
නැතිනම් යථාර්ථය විදහාපාන අතර ආරූඪ ලග්නය (AL) ඔහුගේ ප්‍රතිරූපය නැතහොත් මායාව විදහා
පානු ලබයි. එය ද්‍රව්‍යාත්මක ලෝකයා විසින් එම ජන්මියා දකිනු ලබන ආකාරය දැකගත
හැකිය. එය ජන්මියෙකුගේ තත්වය (the status)පෙන්නුම් කරයි. උත්සාහය අඩු ආත්ම විශ්වාසයෙන් තොර වූ යම්
පුද්ගලයෙකු ඔහුගේ දුර්වල තත්වයන් වෙනුවට ශක්තිමත් පෞරුෂයකින් හෙබි නායකයෙකු ලෙස ඔහු ලෝකයා දකින්නේ මෙබැවිනි.
මායාව හා යථාර්ථය අතර වෙනස එය වන අතර ආරූඪ ලග්නය (AL) මගින් එම මායාව දැකගත හැකිය.
මෙයට හේතුව වන්නේ මායාව, ප්‍රතිබිම්බය, සංජානනය, ප්‍රතිරූපය
යන දෑ ද්‍රව්‍යාත්මක ලෝකය තුළ විනිශ්චය
කිරීමේ දී අපට ආරූඪ ලග්නය (AL) උපකාරවන
බැවිනි. උදාහරණයක් වශයෙන් මහාසෘෂි පරාශර හා ජෛමිණි විසින් පෙන්වා දෙන කරුණක් මේ
සඳහා ඉදිරිපත් කළ හැකිය. ඔවුන්ට අනුව ආරූඪ ලග්නයෙන් 11වන හා 12 වන භාවයන් යමෙකුගේ
ආර්ථික අය මාර්ග හා වියදම් පක්ෂය පෙන්නුම් කරයි (JUS-1.3.2). නිසර්ග කෘරයෙකු හෝ කිහිපදෙනෙකු යමෙකුගේ ආරූඪ
ලග්නයෙන් (AL) 3 වන හා 6
වන භාවයක තැන්පත්ව හිඳින්නේ නම් ඔහු ඉතා තදින් සතුරන් නැසීමේ ශක්තියෙන් යුතු
නිර්භීත අයෙකු බව ලෝකයා සංජානනය කරයි. ද්‍රව්‍යාත්මකව සමෘද්ධිමත් වන පුද්ගලයෙකුගේ ආරූඪ
ලග්නයෙන් (AL) 3 වන හා 6
වන භාවයේ නිසර්ග කෘෘරයින් තැන්පත්ව හිඳිනු දක්නට ලැබිය හැකිය. එසේම යම්
පුද්ගලයෙකුගේ කේන්ද්‍රයක ආරූඪ ලග්නයෙන් (AL) 3 වන හා 6 වන භාවයේ නිසර්ග සෞම්‍යෙයකු
තැන්පත්ව හිඳින්නේ නම් ඔහු හෝ ඇය මහත්මා ගති පෙන්නුම් කරන යම් බඳු කලබලකාරී
ස්වභාවයන්ගෙන් මිදුන සටන්කාරීත්වයෙන් තොර පුද්ගලයෙකු බව ලෝකයා සංජානනය කරනු ලබයි.
මධ්‍යස්ථ පුද්ගලයින්ගේ කේන්ද්‍ර සටහන්වල මෙම ග්‍රහ පිහිටීම් ලක්ෂණ දැකගත හැකිය.
තවද යමෙකුගේ වර්ගචක්‍රයන්ට අයත් දශාම්ශ ලග්න
(Lg of D-10) භාවයෙන් 10 වැන්න යම් පුද්ගලයෙකුගේ සමාජයීය ප්‍රකෘති
හැසිරීම පෙන්නුම් කරනු ලබයි. මේ ආකාරයටම යමෙකුගේ වර්ගචක්‍රයන්ට අයත් දශාම්ශයේ ආරූඪ
ලග්නයෙන් (AL) 10 වන භාවය (10
Bhava
from AL in D-10) ඔහුගේ හෝ ඇයගේ සමාජයීය හැසිරීම බාහිර ලොකයා
විසින් දකින්නේ කවර ආකාරයකට දැයි දැකගත හැකිය. එය ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය තත්වය
විදහාපානු ලබයි.
Labels:
Astrological Research Papers,
Jagannatha Hora,
Kendara Sinhalen,
Sociological Astrology,
Theory of Astrology,
කේන්දර සිංහලෙන්
Sunday, September 15, 2013
Navakundaraja for purification - කිළි පහකිරීමට නවකුණ්ඩරාජය
Labels:
Kendara Sinhalen,
Manthara,
Sound,
Sthothra and Manthra,
Wisdom for All,
කේන්දර සිංහලෙන්,
සිංහල ලිපි
Tuesday, August 20, 2013
වාර චක්‍ර දෝෂ
© M. M. Rohana Wasantha
Labels:
Kendara Sinhalen,
Research Papers,
Sociological Astrology,
Theory of Astrology,
කේන්දර සිංහලෙන්,
සිංහල ලිපි
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
රතනමාලා සහ රතන යන්ත්‍රය සමග රතන සූත්‍ර ආරක්ෂා බන්ධනය එතෙන සච්ච වජ්ජෙන දුක්ඛා වූපසමෙන්තු මෙ (තෙ) එතෙන සච්ච වජ්ජෙන භයා වූපසමෙන්තු මෙ (...
-
හය,අට සහ දොළහ යන භාවයන් සාමාන්‍යයෙන් අප සලකනුයේ සතුරු භාවයන් වශයෙනි. එසේ අප සලකනුයේ එම භාවයන් කේන්ද්‍රයක නියෝජනය කරන දැයෙහි ස්වභාවයන් අනුවය...
-
සංක්ෂේපය (Abstract) ජ්‍යොතිෂ පලාඵල කථනයේදී මතු වන ප්‍රධාන ගැටලුවක් වන්නේ මූලික කාල පරිච්ඡේද පද්ධතිය වන දශාව (Dasha) සහ ග්‍රහයන්ගේ තත්කාලීන ග...
-
වෛදික ජ්‍යෝතිෂයට අයත් සියළු වර්ග චක්‍ර, ගණනය කිරීම්, සියළු ග්රහයින්ගේ ස්ඵුට ගණනය, භාවස්ඵුට, සුදර්ශන චක්‍ර ගණනය විවිධ දශා වර්ග ගණනය, තත්ක...
-
යම් නැකතක් සෑදීමේ දී සත්දින මරු සහ යෝගිනිය සිටින දිශාව මගහැර ඒ අනුව බැලිය යුතු සුභ දිශාව තීරණය කිරීමේ දී චන්ද්‍රයා සිටින දිශාව සුභ දිශාව වශ...
-
දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න කමෙන්ට් එකක්.
-
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන DKAD - 22162 අංකය යටතේ ක්‍රියාත්මක වෛදික ජ...
-
© M. M. Rohana Wasantha
