Sunday, February 17, 2013

චන්දුලාල් එස් පටෙල් විසින් රචිත නවාම්ස ඉන් ඇස්ට්‍රොලොජි

ජ්‍යෝතිෂයේ දී නවාම්ශ භාවිතය පිළිබඳව 72, JANPATH, YEO MANSION, NEW DELHI හි SAGAR PUBLICATION අයතනය විසින් පළ කරන ලද චන්දුලාල් එස් පටෙල් විසින් රචිත මෙම කෘතිය ජ්‍යෝතිෂයේ දී නවාම්ශය ඇසුරෙන් පලාඵල පැවසීම සඳහා ඉතා ප්‍රශස්ථ මට්ටමේ කෘතියක් බව පෙන්වා දෙනු කැමැත්තෙමි. මෙම පීඩීඑෆ් ගොණුව
ස්ක්‍රිබ්ඩ් වෙබ් අඩවියෙහි නොමිලයේ බාගත කරගත හැකි අයුරින් දක්වා ඇත.

© M. M. Rohana Wasantha

Thursday, January 31, 2013

ගණපති මූල මන්ත්‍ර



ඕම් ශ්‍රීම් හ්‍රීම් ක්ලීම් ග්ලෞම් ගම් ගණපතයේ වර වරද සර්ව ජනම් මේ වසමානායස්වාහා ෴ 108 වරක් වත් අඩු තරමේ ගායනා කළ යුතුය.


© M. M. Rohana Wasantha

Tuesday, January 29, 2013

ජගන්නාථ හෝරා මෘදුකාංගය මගින් සුභ මුහුර්ත සෑදීම 03


Image Source [http://festivals.iloveindia.com/ganesh-chaturti/pics/lord-ganesh.jpg]















Image Source [https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcQszSy7Z4gMyBKf0tdFERJoMR3diYkm8yKJ8gdvBBsQXFwxEdi69g]




ඇතැම් බ්‍රව්සරයන්ගේ පවතින ගැටළු සහගත තත්වයන් නිසා මෙම PDF ගොණුව ඩවුන්ලෝඩ් කරගැනීම අපහසු අවස්ථාවක දී පහත ඇමිණුම භාවිත කොට එය බාගත කරගත හැකිය.... බාගන්න මෙතනට එන්න...

© M. M. Rohana Wasantha

Monday, January 28, 2013

ජගන්නාථ හෝරා මෘදුකාංගය මගින් සුභ මුහුර්ත සෑදීම 02

Image Source [http://festivals.iloveindia.com/ganesh-chaturti/pics/lord-ganesh.jpg]















Image Source [https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcQszSy7Z4gMyBKf0tdFERJoMR3diYkm8yKJ8gdvBBsQXFwxEdi69g]


ඇතැම් බ්‍රව්සරයන්ගේ පවතින ගැටළු සහගත තත්වයන් නිසා මෙම PDF ගොණුව ඩවුන්ලෝඩ් කරගැනීම අපහසු අවස්ථාවක දී පහත ඇමිණුම භාවිත කොට එය බාගත කරගත හැකිය....බාගන්න මෙතනට එන්න...
© M. M. Rohana Wasantha

Friday, January 25, 2013

සුභ මුහුර්ථ සාධනය - ජගන්නාථ හෝරා - 01

සුභ මුහුර්ථයක් සෑදීමේ දී ප්‍රථමයෙන්ම ඒ කවර නම් වූ කරුණක් උදෙසා භාවිත කරන්නේ ද යන්න සළකා බැලිය යුතුය. මෙහි දී සලකා බැලෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සහ ආකාශ යන පංච මහා භූත තත්වයන්ගේ සමවාය ජන්මියාට කවර නම් වූ තත්වයක් යටතේ බලපාන්නේ ද යන්න සලකා ඔහුගේ උප්පත්තියේ දී බලපාන ලද ජන්ම කේන්ද්‍රෙය් දැකගත හැකි වූ පංච අංගයට සීහෙන නැකතක් වේලාවක් යම් කිසි අභිවෘද්ධිදායක කටයුත්තක් සඳහා භාවිත කළ යුත්තේ ද යන්න සොයාගැනීමයි.

අප උදාහරණයක් වශයෙන් අකුරු කියවීමේ නැකතක් සෙවීම අරගනිමු . 

මූලිකව ජන්මියා උපන් දිනයේ උපන් වේලාවේඋපන් ස්ථානයට බලපාන ලද පඞ්චාඤ්ගය නැවත උදාවන වේලාවක් ජන්මියාගේ ඕනෑම සුභ කටයුත්තක් සඳහා භාවිත කළ හැකිය.ඒ ජන්මියාට මෙලොව උපදීමට අවස්ථාව සැළසූ  පඞ්චාඤ්ගය ඔහුට හිත අර්ථ දායක වීම අනිවාර්යය බැවිනි.

මෙයට අමතරව සරස්වතී යෝගය උදාවන වේලාවක් අකුරු කියවීම සඳහා ඊළඟට ප්‍රශස්ථ බව සැළකිය යුතුය. 


මෙයට අමතරව චන්ද්‍ර ග්‍රහණ අවස්ථාවක අකුරු කියවීම සඳහා ඉතාමත් ප්‍රශස්ථ බව අපගේ අත්දැකීම් අනුව යහපත් බව සැළකිය යුතුය.

අකුරු කියවීමේ දී නැකතක් සඳහා  මේෂ, මිථුන, කටක, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු සහ මීන යන රාශි සුභ රාශි වශයෙන් ජ්‍යෝතිෂයේ දී අපට හමුවේ.  

අස්විද, රෙහෙණ, මුවසිරස, අද, පුනාවස, මා, පුෂ, හත, සිත, විසා, අනුර, සුවණ, දෙනට, සියාවස, රේවතී, උතුරුපල්, උතුරුසල්, උතුරුපුටුප යන නැකැත් සුභ නැකැත් වශයෙන් හමුවේ. 

පුර පක්ෂයේ 2, 3, 5, 10, 11, 13 යන තිථීන් අකුරු කියවීමේ දී සුභ තිථීන් වශයෙන් ලෙන්වාදිය හැකිය.

මූලිකව නැකැත සඳහා සොයාගන්නා වේලාවට සාදා ගනු ලබන තත්කාල කේන්ද්‍රෙය් 7 වැන්නේ සහ 8 වැන්නේ ග්‍රහයින් නොසිටිය යුතු අතර සෙනසුරු ග්‍රහයා 4 වැන්නේ ද අඟහරු ග්‍රහයා 2 වැන්නේ ද 6, 7, 12 යන භාවයන්හි ග්‍රහයින් තැන්පත්ව නොහිඳිය යුතුය.

විශේෂයෙන් සළකා බැලිය යුත්තක් ඇත. නැතක සඳහා භාවිත කරන වේලාවේ දී සූර්යයා  සිටි නැකතේ සිට චන්ද්‍රයා තැන්පත්ව සිටි නැකතට ඇති දුර 8, 9, 10, 11, 12, 13, 17, 18, 19, 20, 21 සහ 22 වන නැකතක් වී නම් වඩාත් සුභ දායක බව සැළකිය යුතුය.

මෙකී කරුණු හෝරාභරණය, ඵලදීපිකාව, හා වරාහමිහිර යන කෘතීන්ට අනුව කරුණු ගොණුකර ඇති බව සැළකිය යුතුය.

මෙම කරුණු ජගන්නාථ හෝරා මෘදුකාංගයෙන් සොයාගන්නා ආකාරය ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්